Skip to main content

Posts

Showing posts from 2017

2017 වසර අමුතුම විදිහට ගෙවිලා ගියා....

හ්ම්.... බොහොම කම්මැලි අවසානයක් එක්ක ( මට අනුව ) 2017 අවුරුද්ද දැනුනෙවත් නැති විදිහට ගෙවිල ගියා... මම කම්මැලි අවසානයක් කිවුවෙ කිසිම විදිහක මතකයක්, ඉගෙන ගන්න දෙයක් දීපු අවුරුද්දක් නෙවෙයි 2017 අවුරුද්ද. 2018 අවුරුද්දෙ මං හිතන්නෑ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙයි කියල මොකද කොටි මලයට අපොස සාපෙ තියෙන්නෙ 2018 නිසා.අම්මලාගෙ දොල දුක් සන්සිදවන්න මොකක් හරි කරගන්න එපැයි. අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවෙ අවුරුද්දෙ අන්තිම වාක්‍ය ටිකක් හරි කොටල ගියෙ නැත්තං ඒක බ්ලොග් එකටත් අඩුවක් වෙයි කියල හිතපු නිසා.2017 මුල් හරියෙ උනන්දුවෙන් බ්ලොග් එක ලිවුවත් කම්මැලිකම,ලියන්න දෙයක් නැති කම වගේ මොකක් හරි දෙයක් නිසා ඒක මග ඇරිල ගියා... කෙසේ වෙතත් බ්ලොග් එක ලියන එක නවත්තන්න මගේ කිසිම අදහසක් නෑ.අවුරුද්දකට එක පෝස්ට් එකක් හරි දාන්න තමා බලාපොරොත්තුව. 2017 කොච්චර කම්මැලි විදිහට ගෙවිල ගියාද කියනව නං මට 2018 සාපෙ කියල මීටර් උනෙත් 2017 දෙසැම්බර් 31 අද මේ දැන් ටිකකට කලින්.අනේ මංදා... කියන්න දෙයක් නෑ ඉතින් මට වැඩිපුර... බ්ලොග් එක ලියනව මං මට හිතෙන වෙලාවට... කමෙන්ට් ආවත් එකයි නැතත් එකයි... කවුරු කියෙවුවත් නොකියෙවුවත් මට එකයි.....

හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි...

හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැනීමේ උවමනාව නිසා අදත් උදේ 6.30ට වැඩ කරලා බාන්න තියන ඒවා දැන් බාන ටික බාන වෙලාවෙ කරන්න දේකුත් නැති නිසා සහ කාලෙකින් බ්ලොග් එකට මොකුත් ලිවුවෙත් නැති නිසා ලියන්න දෙයක් කල්පනා කරද්දි තමා මේ සීන් එක මතක් උනේ.මේ සීන් එක මතක් වෙච්ච හැම වෙලාවෙම බ්ලොග් එකේ කොටන්න උවමනාවක් තිබුනත් මොකක් හරි මගුලක් නිසා ඒක කල් ගියා...ඉතින් මෙන්න මේකයි ස්ටෝරිය... ඉතින් මගේ පජාත මිත්‍රයෝ දෙන්නා විශ්වයා සහ පමෝද්...උන් දෙන්නගෙන් විශ්වයට හැදිල තිබුනු ලෙඩේ තමයි චැලි බයික් පිස්සුව.ඒකෙ උපත් කතා ඒව කියන්න වෙලාව නං මේ වෙලාවෙ නෑ.කොහොම හරි සීන් එක කිවුවොත් විශ්වයට නහුතෙටම මේ චැලි පිස්සුව ගහල තිබුනෙ.ගෙවල් වටේත් හිටිය චැලි සෙට් එක නිසා කොලුවගෙ පිස්සුව දිනෙන් දින වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.කොටි මලයාත් ඉස්සර චැලි වලට ආස නැතුව හිටියට පස්සෙ පස්සෙ මොඩිෆයි කරපු චැලි වලට පොඩි ආසාවක් ආවත් ඒක එච්චරම ක්ලැසික් කාර් වගේ පිස්සුවක් වුනෙ නෑ... චැලි ගැන කතා කරද්දි විශ්වයා අපිට නිතරම මේ චැලි බයික් කාර...

නිහඩව සතියක් ගෙවෙන්න දෙමු...

හොදයි එහෙනං.. විභාගෙ ලකුණුත් ආවා කියමුකො... ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ. නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව ඕනි නෑ... හොදම නිදහසට කරුණ නිහඩතාවය කියල මං කල්පනා කලා... බැන්නත් ගැහුවත් මැරුවත් හූම් සද්දයක් නැතුව තමා ඉන්න බලාපොරොත්තුව.... දැන් නට නටා මොනවා කලත් තව සතියකින් ඔය විභාග ආතත්ය,උණුසුම,ඔක්කොම ඉවරයි. ඒ නිසා සතියක් ගේ මුල්ලට වෙලා හැංගිලා ඉදලා සතියකට පස්සෙ එලියට එන්නං බලාපොරොත්තුව.ඒ සතිය ඇතුලෙ පුලුවන් එලියට ආවම ගහන ගේම් ටික ප්ලෑන් කරගන්න... දාහක් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනවා නිවාඩුවේ.ටික ටික හරි කරගන්න වෙයි.රෑට නින්ද යන්නෙ නැති නිසා ඒ වෙලාවට තමා කල්පනා කරන්නෙ මොනවද කරන්නෙ නොකරන්නෙ කියල... සීන් එක කියන්නෙ රෑට ප්ලෑන් කරගත්ත දේවල් උදේ නැගිට්ටට පස්සෙ මතක නැති වෙන සීන් එක. බලමු නේද ඉතින්... එහෙනං නිහඩ සතිය පටන් ගත්තා...

අඩෝ.... මං ඉන්නවා ඈහ්...

හත් අවුරුද්දකින් තමා බං kotimalli12@gmail.com එකට ලොග් උනේ... මාස 2කින් පෝස්ට් එකක් දාන්න බැරි උන නිසා බ්ලොග් එක ඉනැක්ටිව් තිබුනේ... බලමු දැන් පොඩ්ඩක් බ්ලොග් එකේ දූවිලි පිහිදාල යන්න ආවේ... බලමු නිවාඩුවක් සෙට් වෙච්ච ගමන් ලිපියක් කොටල යන්න... දැන් ආවෙ මං ඉන්නව කියල තොපිට මතක් කරල යන්න... බයි බායි...

නොඑන ගමන් ගිය... පුංචි ලැප් එක මාගේ...

හ්ම්, මාස 2ක විතර ඉදන් ලියන්න හිතන් හිටියත්,මොකක් හරි දෙයක් නිසා කල්ගිය ලිපියක්... කිසිම හැගීමක්,අදහසක් නැතුව ලියන ලිපියක්... මට පරිගණකයේ හරය කියා දීපු, ඒ ලැප් එක සදහටම ඇස් පියාගෙන, මගේ කාමරේ රාක්කයක් උඩ, දූවිලි තට්ටු නාගෙන, දිරන්න පටන් අරන්... Samsung Sens R55 මගේ පරිගණක ජීවිතයේ මගේම කියලා තිබුනු පලවෙනි ලැප් එක...මගේ ගේම් ගැහිල්ලෙන් විනාස වෙලා ඒත් ඒකෙන් මට පරිගණකයක හරය කියාදීමේ මුල් පියවර දීපු Samsung Sens R55 ලැප් එක ගැන නෙවෙයි අද මම කියන්නේ... මගේ පරිගණක ජීවිතය එලිය කරපු HP Compaq 6510b ලැප් එක ගැන... මට මතකයි මගේ Samsung ලැප් එක අවසාන වතාවට දැකපු දවස.ඒ බණ්ඩාරගම ඇන්ඩ්රු අයියගෙ ෂොප් එකක... එදා මම තාත්තත් එක්ක ගියෙ ඒක බලන්න නෙවේ... ඒ හදන්න බෑ කියපු Samsung ලැප් එක වෙනුවට අලුතෙන් එන HP ලැප් එක ගේන්න... මට මතකයි මම මුලින්ම ඒක දැකපු හැටි, වින්ඩෝස් xp වල ඉදල එපා වෙලා ඉදල ඒකෙ වින්ඩෝස් 8 තියන හැටි දැක්කම සතුටින් පිනා ගියපු හැටි, ෂොප් එකේ පුටුවෙ වාඩි වෙලා ලැප් එක උකුලෙ තියාගෙන බලපු හැටි ඔක්කොම මතකයි... එදා වගේම... ඒ 2014 අවුරුද්දෙ ජනවාරි 26 හෝ 27 වෙන්න ඕනේ... මම ඒ දවස් වල කම්පියුටර...

අධ්‍යාපනාධාර | ගංවතුරෙන් අවතැන් වූ සිසුන්ට උපකාර කිරීමේ වැඩසටහන | ඔබත් එකතු වන්න

ආයුබෝවන්... මේ ලිපිය ලියන්නෙ අවතැන් වුනු අපේම සොයුරු සොයුරියො වෙනුවෙන්... TechTrackShow,ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ,SL Geek වගේ යූටියුබ් නාලිකා මෙන්ම භාෂා ලංකා වැනි ආයතන රාශියක් එකතු වෙලා සංවිධානය කරන ගංවතුර නිසා සිසු සටහන් නැතිවූ සියලුම දරුවන් වෙනුවෙන් කරන මේ අධ්‍යාපනාධාර සමාජ සත්කාර වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔයාලටත් පුලුවන්. 2017 වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්වය,අපොස සාමාන්‍ය පෙළ,අපොස උසස් පෙල, විභාග වලට පෙනී සිටින අපගේ සහෝදර සහෝදරියන්ට අවශ්‍යකරන පොත්පත්,පාසල් උපකරණ,පෑන් පැන්සල් වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, වැනි දෑද එකතු කර ලබාදීම තමයි මේ අධ්‍යාපනාධාර වැඩසටහනේ අරමුණ. ඉතින් මේ කර්තව්‍යට සහය දෙන්න ඔයාලටත් පුලුවන්. පොත්පෑන් පැන්සල් වගේම ඔයාල ලග තියනව නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,සටහන් වැනි දේවල් ඒවා ස්කෑන් කරලා අපිට එවන්න ඔයාලට පුලුවන්. ඒ වගේම මේ කටයුත්තට ඔයාලගෙ දායකත්වය ලබාගැනීමට අධ්‍යාපනාධාර වැඩසටහන මගින් නිර්මාණය කර ඇති ගූගල් ෆෝම් එකේ තියන විස්තර පුරවලා අපිට එවන්න. මේ ගූගල් ෆෝම් එකේ ලින්ක් එක අපි යූටියුබ් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඒ වගේම ඔයා මේක දකින්නෙ ෆේස්බුක් එක හෝ යුටියුබ් එ...

පාසල් ලමුන් සිල් ගැනීම...මොකක්ද මේ...

හ්ම්...වෙසක් මාසෙ පලවෙනි ලිපිය මං හිතන්නේ... හැබැයි ලියන්න වෙන්නෙ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන්න පුලුවන් ලිපියක් වෙන්නත් පුලුවන්...සමහර විට මට දැන් වෙනත් බෞද්ධයො හුගාක් බනියි.මාත් බෞද්ධයෙක්.ඒත් කොච්චර බැන්නත් මේක තිත්ත ඇත්ත වෙන්න පුලුවන්...අවධානමක් අරගෙන හරි ලියන්න හිතුවෙ ඒ නිසයි... මගේ බ්ලොග් එක දැකලම ආසාවට බ්ලොග්කරණයට එකතු වුන  ප්ලේන් මල්ලි  ත් එදාම මේක ගැන හීනියට ඡේදෙට හරි කොටල තිබුනා... ඉතින් යාලුවනේ මේ වෙසක් මාසෙ වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ පාසල් හැම එකක්ම මේ සීල ව්‍යාපාරය පවත්වනව.පන්ති මට්ටමින් දෙමාපියන්ගෙ දායකත්වයෙන් එහෙම තමා මේක කරන්නෙ.ඉතින් කොටි මලයාගෙ පාසලෙත් මේ සීල ව්‍යාපාරය පසුගිය දා පැවැත් වුනා...අලුත් බ්ලොග් සහෘදයා  ප්ලේන් මල්ලි  ත් එදා මාත් එක්කම මේකට සහභාගි උනා... අපි කෙලින්ම කතා කරමු...මං කියන්නං...මේව මගෙ අත්දැකීම්... මම දැන් 10 ශ්‍රේණියෙ...මම මුලින්ම මේ පාසල් සීල ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ 4 ශ්‍රේණියෙදි...ඒ මගෙ කලින් ශිෂ්‍යත්වයට පෙර ගිය පාසලේ ඉදන්.එදා ඉදන් අද දක්වා අවුරුදු 7ක් මේ විදිහට පාසල් සීල ව්‍යාපාරයට සහභාගි වුනා... ඒත් වගකීමෙන් කි...

අලුත් අවුරුද්දත් ඉවරයි...ඊලග සතියෙ ඉස්කෝලේ...

හ්ම්... අලුත් අවුරුද්දත් ඉවර උනා කියාංකො ඉතින්... හැමදාම වගේ... සති 2ක් වැනි අති කුජීත අවුරුදු නිවාඩුවෙත් සම්පූර්ණයෙන්ම නිවාඩු කියන්න පුලුවනුත් ඉතින් දවස් 5ක් 6ක් වගේ තමයි... මොකද අනිත් දවස් ටික ටියුෂන් පාතාලයේ ටියුෂන් මැරයන් විසින් කාලා දාලනේ... කරුමෙ තමා මිත්‍රවරුනි...කරුමේ... ඔය දැන් ඔය මහාචාර්යවරු එහෙම දාගෙන පත්තර වලට ලියනවා,ටීවී වල කතා කරනවා අවුරුදු නිවාඩුව කියන්නෙ පාසල් දරුවන්ට තියන ප්‍රීතිමත්ම කාලෙ කියලා... බයිලා... අඩේ පාසල් දරුවොනෙ දන්නෙ අවුරුදු නිවාඩුවෙ හැටි... කොටි මලයාගෙ අවුරුදු නිවාඩුව ගෙවුනෙත් හරිම අවිවේකීව... ප්‍රධාන වශයෙන්ම කාර් එක නිසා කටු කෑමේ අධික ආශාවෙන් පෙලුන නිසා ලෙසටම නිවාඩුව කන්න දාපු ටියුෂන් පන්ති 2ක් කට් කරගන්න මලයා සමත් වුනා... ඒ වගේම ඒ කාපු කටු ටිකත් ලෙසටම කෑවා...අවුවෙ පන දාගෙන ස්කූටරයකින් හොරණ ඉදල දෙහිවලට ට්‍රැෆික් එකේ හිල් වෙච්ච ටයරයක් රැගෙන යාම, සහ හිල් නොවුනු ටයරයක් රැගෙන ආපහු ගෙදර ඒම, ඊට කලින් ටයරයක් පිපිරීම ආදී ටයර් නිසාම සුපිරි කට්ට කාපු ටයර් කටු වකවානුවක් මේ... අවුරුදු නිවාඩුව නිසා ඉතින් මගේ යාලු මාලුවො දෙන්නා සෙට් වෙන්න ලැබුන...

ඔබ සැමට සාමය සතුට පිරි සිතූ පැතූ සෑමදෙයම ඉටුවන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! ඉතින් හැමදාම වගේ... කොටි මලයා ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා... මේ අවුරුද්දෙ කොටි මලයා අවුරුදු සමරන්නෙ අපේ අවුරුදු කුමාරයා 13ශ්‍රී6127 එක්ක... ඉතින් මේ අලුත් අවුරුද්දෙ අලුත් ගමනකින් අපි ඉදිරියට යමු... හැමදාම අලුත් දෙයක් කරමු... නෑ බෑ නොකියා හැම අභියෝගයම ඔව් පුලුවන් කියලා භාරගමු... ඔබට ජය නියතයි... ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! මේ අවුරුදු සුබ පැතුම, ඔබේ හිතාදර, කොටි මල්ලියා විසින්...

අද අප්‍රේල් 12 වැනිදා

හ්ම්... අද අප්‍රේල් 12 වැනිදා... අවුරුද්දට කලින් දවස...ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2016 අවුරුද්දෙ අද වගේ දවසක තමයි අපේ අවුරුදු කුමාරයා අපේ ගෙදරට ආවෙ...ඔය තියෙන්න ගෙනාපු දවසට පස්සෙ දවසෙ ගත්ත ෆොටෝ එකක්... අද ගොඩාක් දේ වෙනස් වෙලා...මේ තියෙන්නෙ දැන් තියන විදිහ... ඉතින් මේ අවුරුද්දට අපි කාර් එකට අඩුවක් කලේ කලේ නෑ...තියන අඩුපාඩු කොහොම කොහොම හරි හැදුවා...හුගක් දේවල් අලුතෙන් කලා... ඒ වගේම මම අලුත් කාර් වලින් සම්පූර්ණයෙන් මිදිලා පරණ කාර් වලට ආදරේ කරන කාර් පිස්සෙක් වුනේ මේ අවුරුද්දේ තමයි...

අවුරුදු කුමාරයාගේ අවුරුදු තෑග්ග

ඕයේ ඕයේ... ඔන්න අවුරුදු කුමාරයාට අවුරුදු තෑගි අරන් දුන්නා...හොදයි නේද...ඇලෝ වීල් සෙට් එකක්...මගේ වදේ හින්දම තාත්තා අරන් දුන්නා... ලස්සනයි නේහ්...මං අවුරුද්දක් තිස්සෙ දැකපු ඇලෝවීල් හීනෙ තමා... අවුරුදු කුමාරයා එක්ක හැමදාම මට අත්දැකීම් ගොඩායි...ඇලෝවීල් හංටින් එකේ ගිය කතාව වෙනම මේ බ්ලොග් එකේ ඉක්මනටම ලියන්න ඕනෙ...පොඩ්ඩක් ඉන්න...හෙට සදුද නේද...ඕයෑස් බේබි...අප්‍රේල් නිවාඩුවෙ පන්ති කරදරවලින් තොර පලවෙනි නිදහස් නිවාඩු දවස...හෙට වැහි දෙයියා අහස ගොරෝලා අකුණු ගහලා වාත කලේ නැත්තං හෙට පෝස්ට් එක වැටෙයි හුගක් වෙලාවට... ආහ්...කියන්න ඕනේ...අලුත් කාර් පරණ කාර් ගැන හයිබ්‍රිඩ් කාරයන්ට ඇඩෙන්න ලියන පෝස්ට් එක තාම මට ලියන්න බැරි උනා...මං ඕක ඉක්මනට ලියන්න ඉන්නේ...එදා මේ ලගදි අපේ හයිබ්‍රිඩ්වාදියා පමෝද් කාරයට කිවුවා ඕක ලියනව කියල ඌත් ගැම්මට ආ ලියපන් ලියපන් කියල කිවුව ආ හිටපන්කො මං ඕක ලිවුවට පස්සෙ මොකාක් හරි කරල හයිබ්‍රිඩ් පොරත්වය පෙන්නන්න හදයි ඕකා පරදින්න කැමති නැති පොරනේ...හේ හේ...හිටපන්කො තොට රිදෙන්න දෙන්න...ඕයේ ඕයේ... එහෙනං මං ගියෝ ගියෝ... 2017.04.08 2017.04.09

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි...

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින් දනිමි.නමුත් මේ දිනවල මාගේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බැවින් ඔබලාගේ ප්‍රශ්න සදහා යම් මුදලක් අය කරගැනීමට මා තීරණය කලොත් එය අසාධාරණ ඉල්ලීමක් නොවන බව ඔබ මුලින්ම වටහාගත යුතුය... එබැවින් පහත ප්‍රශ්න සදහා පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ. දැන්විය යුතුය...අය කරන ගාස්තු පහත දැක්වේ... පුතා මේ පාර කී වෙනියදැයි ඇසීමට - රුපියල් 300ක් එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක් සියලු විෂයන් එකපාර අසනවා නම් රු.400ක් "පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින් සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින් අය කරනු ලැබේ... මේවා සියල්ල දැවෙන ප්‍රශ්න බැවින් මෙම ප්‍රශ්නවල වටිනාකම අවමය රු.1000 පසුකලත් ඔබලාගේ යහපත,ඔබලාට සහනයක් ලබා දීම උදෙසා ඉතා සුලු මුදල් ප්‍රමාණ අය කරන බවත් දැන්විය යුතුය. එමෙන්ම ඔබ සිතෙනවා නම් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීමට මුදල් වියදම් කිරීම අනවශ්‍ය යැයි කියා , මෙම ප්...

ගිලිහී යන ඒ විදුහලේ මතකයන් ගිලිහී නොයන්නට....

හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ඉගෙන ගන්නා මට සෙවන දෙන කොලඹ ආනන්ද විද්‍යාලයයි...අනෙක...මට පස් වසරක් පුරා සෙවන දී මා ආනන්ද විද්‍යාලයට එවීමට උපරිම ශක්තිය ධෛර්යය ලබා දී මග විවර කල ඒ විද්‍යාලය...හොරණ රාජකීය විද්‍යාලයයි... පස්වසරකට පෙර මා හැර ගිය එම විදුහල ගැන ටයිප් කර ලියන්නට මගේ දෑතේ ඇගිලි යතුරුපුවරුව පුරා දිව යන්නේ ඇයි දැයි මාහට නොවැටහේ.එහෙත් කුමන හෝ හේතුවක් නිසා යතුරුපුවරුව මත දිව යන ඒ ඇගිලි වලකන්නට මා සිත නොදේ... එම අතීතය තැනින් තැනින් විටෙක පැහැදිලි චිත්‍රපටියක් සේද විටෙක අපැහැදිලි ඡායාවක් ලෙසද මගේ සිහියට නැගේ.මගේ මිතුරුමිතුරියෝ,ගුරුවරගුරුවරියෝ,පන්තිකාමර,ගොඩනැගිලි,එහි තිබූ වාහන,ක්‍රීඩාපිට්ටනි,ශිෂ්‍යනායකයන්ගෙන් බේරී පැනීමට තිබූ හොර පාරවල් සියල්ලම විටෙක චිත්‍රපටියක් ලෙසද විටෙක ඡායාවක් ලෙසද මගේ සිහියට නගා ගත හැකිය...එහි ගොඩනැගිලිවල බිත්තිවල පාට වල ඉදන් දැන් වෙනස් වී ඇති අයුරු මගේ අම්මා විටින් විට විස්තර කරයි.එමෙන්ම එම පාරේ යන විට පාසලේ තාප්පයට උඩින් පෙනෙන ඒ ගොඩනැගිලි එම විස්තර ...

පේජ් එකක් විදිහට සේව් කරල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය දැක්කද?

හම්මේ ඉතින්...දැන් බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ ඉන්නකොට තමයි මේක දැක්කෙ.මීට අවුරුදු 2කට විතර කලින් දාපු කොටි මල්ලි බ්ලොග් එක ඇරඹුවෙ වින්ඩිගේ අඩවිය නමින්...ඒ දාල දාපු පිලිගැනීමේ ලිපියත් මේකෙ තාම තියනව.ඕනි නං blog archive එකේ බලන්න 2015 අගෝස්තු මාසෙ තමා දාල තියෙන්නෙ.ඒකාලෙ ටෙච් බ්ලොග් පිස්සුවනේ...ඒක නං දැන් මට හිතෙනව මගෙ ටෙච් බ්ලොග් එක මමත් රැල්ලට කලේ කියල.ඒකාලෙ බලන බලන තැන ටෙච් බ්ලොග්.ඒකම ලිපි තියෙන්නෙ.දැන් මගෙ ටෙච් බ්ලොග් එකේ ඩොමේන් එක්ස්පයර් වෙලා දැන් කරල වැඩකුත් නෑ කරන්නත් කම්මැලියි.මේ තියෙන්නෙ පේජ් එකක් විදිහට මම හදලා දාල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය.පෝස්ට් එකක් විදිහට දැම්මොත් පහලට යන නිසා පේජ් එකක් විදිහට දැම්මත් ඒකෙන් එච්චර වැඩක් උනේ නෑ.බ්ලොග් එකේ ආරම්භය මතක් කිරීමක් විදිහට මෙතන ආපහු දාන්න හිතුවා. ලින්ක් එක -  http://kotimalli.blogspot.com/p/kotiyaworld.html මේ තියෙන්නෙ ලිපිය... මම KOTIYAWORLD.... හැම දේටම ඉස්සර වෙලා මගේ පර්සනල් බ්ලොග් එකේ මම ගැන විස්තරයක් දාන්න ඕනි...නැත්තං ඒක පර්සනල් බ්ලොග් එකක් නෙවේ..... මාව ඉන්ටනෙට් එකේ කවුරුත් දන්නෙ KOTIYAWORLD කියලා...නැත...

හිත වාවන්නෑ හත්තිලවුවේ...

ඊයෙ රෑ, ඒ කියන්නෙ 2017.03.26 රෑ 8.45ට විතර ඇති...අපි ටවුමට ගියේ බඩු වගයක් ගන්න...අපේ අම්මයි තාත්තයි නංගියි මමයි අපේ වැගන් බේබි 13ශ්‍රී6127 එක්ක තමයි ගියේ...අපි බඩු අරගන්නෙ ආනන්ද ෆුඩ් සිටියෙන්...අරගෙන ඉවරවෙලා අපි ගෙදර එන්නෙ හොරණ කලුතර පාරෙ බැල්ලපිටියෙන් දික්හේන පාරට දාලා... ඉතින් අපි බඩු අරගෙන කලුතර පාරෙ එන ටිකේ එනකොට කෝල් එකක් ආවා...තාත්තා ඒ කෝල් එකට උත්තර දෙන්න කාර් එක පාරෙ අයිනකට කරල නැවැත්තුවා...විනාඩි 2ක් විතර කෝල් එකේ හිටියේ... එකපාරටම දඩාස් ගෑවා මං දැක්කා සයිඩ් කන්නාඩිය කැරකි කැරකි ගුවනේ පියාසර කරලා ගිහින් තණකොල ගොඩක් උඩට වැටෙනව.ඒත් එක්කම හප්පපු බස් කාරයා කිසිම තැකීමක් නැතුව නවත්තන්නෙ තියා ස්ලෝ කරන්නෙවත් නැතුව ආපු වේගෙන්ම කඩාගෙන ගියා... තත්පර කිහිපයක් ඇතුලත වෙච්ච දේ නිසා හිතාගන්නවත් බැරුව අපි එහෙමම හිටියා...ඊට පස්සෙ හැමතිස්සෙම කාර් එකට මොකක් හරි වෙච්ච වෙලාවක බැහැලම වැඩ කරන්නෙ මම තමයි...මම ටෝච් එක අරගෙන තමා කාර් එකට වෙලා තියන ආබාධ මොනවද කියල බැලුවේ... සයිඩ් කන්නාඩිය නං බැලුවෙත් නෑ ඒකට අත්වුනු ඉරණම මං දැනගෙන හිටපු නිසා... මම මුලින්ම වාහනේ බද බැලුවා...කලුපාට හීරීමක් තිබුනා....

VGA හංටින් ග්‍රැෆික් කාඩ් හංටින්...

මම පයින් ඇවිද ගෙන ටවුන් එක පැත්තට යන ගමන් කල්පනා කලේ මේක අනිවා බ්ලොග් එකට ලියනව කියල... මම ඒ වෙලාවෙ හිටියෙ හොරණ සිංගර් එක කිට්ටුව මතක හැටියට... මම එදා විද්‍යා පන්ති ආවෙ අමාරුවෙන් උපන්දිනේට නෑදෑයන්ගෙන් ලැබුනු රුපියල් 2700ක විතර සල්ලි ටික සාක්කුවෙ දාගෙන... පන්ති 10.30ට ඉවර වෙලා හොරණ කොලඹ බස්එකේ නැග්ගා...ඊට පස්සෙ අද අයිටී පන්ති යන්න කලින් දවසෙ තිබුනු අසනීප ගතිය පොඩ්ඩක් පෙන්නලා කරලා ගෙදරින් අයිටී පන්ති යන්නැතුව ගෙදර එන්න අවසර ගත්තා... කොහොමහරි අයිටී පන්ති යන්න බහින තැනින් විශ්වයත් එක්කම බස් එකෙන් බැහැලා බඩගින්නක් ආපු නිසා සෝස් එක්ක පේස්ට්‍රියක් කාලා මම මගේ මිෂන් එකට බැස්සා... මිෂන් එක තමයි හොරණ පීරලා හරි මගේ ගාණට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක... මම මුලින්ම ගියේ හැමදාම මං ගණන් විතරක් අහලා ආපහු එන පොට් එකට...එතන පොඩි අයියලා දෙන්නෙක් ඉන්නෙ.එයාලා එතන වැඩ කරන අය... මං ගිහින් උංගෙන් ඇහුවා 2500කට විතර 512 ග්‍රැෆික් කාඩ් තියනවද කියල... උන් කිවුවා 3500ට තියෙන්නෙ කියලා...කිසිම හැගීමක් දැනීමක් නැති එකෙකු සේ මං එතනින් පාවෙලා අයිටී පන්තිය පහුකරගෙන යන (උඩවත්ත පාරෙ)කොට හම්බෙන ෂොප් 2ක් තිය...

ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද???මගේ අදහසට අනුව

මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ගැනත් සලකලා මට හිතුනා මේක ගැන මගේ පෞද්ගලික අදහස ගැන බ්ලොග් එකට ලිපියකුත් දැම්මොත් හොදයි කියල... පහත ලින්ක් එකෙන් ඔයාලට ඒ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්. https://kuppiya.lk/threads/%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF.9780/ ගොඩක් අය කියල තිබුනා අවශ්‍යතාවය වෙනස් වෙනව කියල...ඒක සම්පූර්ණ ඇත්ත...මං මේක දිහා බැලුවෙ මිලත් එක්ක සංසන්දනය කරල.මොකද එයා මේකට යොදවන්න බලාපොරොත්තු වෙන මුදල ගැන අදහසක් දාල තිබුනෙ නෑ.මේ වගේ දෙයක් බලද්දි සාමාන්‍යෙයන් අපිට මිල ගැන දල අදහසක් හරි තිබුනොත් හුගක් වටිනව.මොකද දැන් කාලෙ හැමෝටම ආර්ථික ප්‍රශ්න තියනවනෙ.ඉතින් මම මේකට මිලත් අවශ්‍යතාවයත් සලකලා පොඩි ලිපියක් ලියන්න හිතුවා.මෙතන මං වැඩිපුරම කතා කරන්නෙ අඩු මිලට හොද උපාංගයක් ලබා ගන්...

කොත්තු කතාවක්...

හලෝ....හැමෝටම ඉතින් සුබ දවසක් වේවා...!!! කාලෙකට පස්සෙ තමා මේ වගේ ආතල් එකක් ගන්න වැඩක් සෙට් උනේ... ඊයෙ 2017.02.12 නේ...උඹලා දන්නව ඇතිනෙ මම ගණන් පන්ති යන්නෙ අපේ මිත්‍රයා විශ්වයාගෙ ගෙදර කියලා...පොරගෙ ගෙදෙට්ට සර් කෙනෙක් ඇවිත් උගන්නනව...මායි විශ්වයයි පමෝද් කාරයයි තමා ඕකට යන්නේ...ඉතින් ඊයෙත් අපි 2න්නා අරූගෙ ගෙදට්ට ගියා...කොහොම හරි පන්ති 6.30ට විතර පටන් ගන්නව ඒත් 7 වෙනකනුත් සර් ආවෙ නෑ...අපි 3න් දෙනා ගෙට්ටුව ලගට වෙලා කයියක් දාගෙන උන්නේ...ඊට පස්සෙ කෝල් කරලා බැලුවම සර් කාරයට උණ හැදිලා අද පන්ති නෑ...අපිත් ඉතින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...විශ්වයා හැපි එකටමද කොහෙද පාරෙ කන්ද පැත්තට යන්න පටන් ගත්තා...උගෙ ගේ තිබුනෙ පාර අයිනෙනේ...මායි පමෝදුයිත් අරූ පස්සෙන් ගියා... අපි ඉතින් හෙන හැපී එකේ කයියක් දාගෙන කන්දෙ කඩ පැත්තට ගියා...ටික දුරක් යනකොට මට මතක් උනා මගෙ සාක්කුවෙ රැපියක් 120ක් තියනව...ඒක එදා දවල් ගෙදර කවුරුත් හිටියෙ නෑ...මං විතරයි උන්නේ...අර මොකක්ද කොල ජාතියක් තියනව ඒක සැරසිලි වලට ගන්නව මිනිස්සු වගයක් ඇවිත් ඔය කොල ටිකක් කපාගෙන තමා මට ඔය රුපියල් 120 දුන්නේ...මම ඒක ගෙනාවෙ කන්න නෙවේ...මට අර...

කට් කට් කොණ්ඩ කට් මොකටද?

දැන් සති දෙක තුනකට කලින්,                      මම සැලුන් එකට ගියා කොණ්ඩෙ කපා ගන්න...එච්චර කොණ්ඩෙ වැඩි වෙලා තිබ්බෙ නෑ...ඉස්කොලෙ නායකයො ටික කිවුවෙත් නෑ දැන්ම කපන්න කියල...කෝකටත් කියල මම ගියා කොණ්ඩෙ කපන්න... හම්මේ...අද නං 2යි ඉන්නෙ කොණ්ඩෙ කපන්න...එකෙක් කපලා ඉවර වෙන්න ළගයි...තව 7 වසරෙ විතර පොඩි එකෙක් හිටිය ඌත් කොණ්ඩෙ කපන්න ඇවිත්...මම ඉතින් එතන පුටුවක වාඩි වෙලා මම තිබුනු පත්තරයක් කියවන්න පටන් ගත්තා...ඒ වගේම මට අද ටිකක් හැපී...මොකද මගේ කරුමයක් තියනව හැම‍දාම කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියාම මොකෙක් හරි එකෙක් පැය ගාණක් කට් ගහනව...මං හිතුව අද නං අවුලක් නෑ කවුරුත් නෑ පොඩි එකත් ඉක්මනට කපා ගෙන යයි කියල...මොකද මට සැලුන් එකට යන්න හංදියට යන එක මල වධයක්...ඒ වගේම මගේ වාරෙ එනකන් පැය ගානක් එතන බකන්නිලා ගෙන ඉන්න එක ඊටත් වඩා වදයක්...ඉතින් මොකෙක් හරි එකෙක් ඇවිත් පැය ගානක් බාබරයට එක එක ඒව කිය කිය කට් ගහනකොට මට එපාම වෙලා යනව.... කොහොමින් කොහොමින් හරි ටිකකින් ඇන්ටි කෙනෙකුත් ඇවිත් වාඩි උනා...බලද්දි එයා අර පොඩි එකාගෙ අම්මා...කොහොම හරි කොණ්ඩෙ කප කපා හිටපු එක්...

බ්ලොග්..?බ්ලොග් එකක් ඔයාලට ප්‍රශ්නයක්ද...?රසවිදින්න බැරිද...?

මේ ලිපිය ලියන්න මට එච්චර විශේෂයක් තිබුනෙ නෑ... නමුත් මම තීරණය කළා මේ අවුරුද්දෙ ඉදන් ටිකක් බ්ලොග් එක දිහා වැඩියෙන් හොයල බලන්න...ඒකට හේතුව පස්සෙ කියන්නම්... මේ ලිපිය ලියන්න පාදක වුනේ වෙනම සිද්ධියක්... මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ උවමනාවට...මගේ අත්දැකීම්,මට හිතෙන දේවල් සිංහලෙන් ලියන්න...මොකද අපි මේ අන්තර්ජාලයේ ගුණාත්මක ලෙස සිංහල භාෂාව පතුරවන්න ඕනෙ...මං දැක්කා හුගක් නැගලා යන සිංහල බ්ලොග්කරුවන් මේ සංකල්පය මත තමා බ්ලොග් කරන්නෙ...ඇත්තටම මාත් ඒ සංකල්පයට ලොකු සපෝට් එකක් දෙන්න තමයි මේ විදිහට බ්ලොග් එකක් ලියන්නෙ...ඒ වගේම මගේ දේවල් මගේ ආසාවට ලියන්නත් මං මේක පාවිච්චි කරනව...ඉතින් ඇත්තටම මගේ අදහසට අනුව අපි බ්ලොග් ලියලා විතරක් මදි...බ්ලොග් කියවන්නත් කට්ටිය ඉන්න ඕනි...දැන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන අය විශේෂයෙන් බුද්ධිමත් අය බ්ලොග් කියවීමට යොමු වෙලා තියනව...ඒ වගේම ලියන්නත් යොමුවෙලා තියනව...බුද්ධිමත් නැති මෝඩයො නං කරන්නෙ දවසම ෆේස්බුක් යනඑකයි යූටියුබ් වීඩියෝ බලන එකයි බව ඇත්ත...ඒ වුනාට සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බ්ලොග්කරණයට යොමු වෙලා තියනව...අපිට බ්ලොග් සින්ඩිකේටර් ටිකක් බැලුවොත් අපිට දකින්න පුලුවන් ...

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කරලද...?මගේ අදහසට අනුව

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය...වෙනස් කරලාද...?...මගේ අදහසට අනුව... හ්ම්...හුග දවසක ඉදලා ලියන්න ඉදපු ලිපියක්...මම මගේ කලින් ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව කියන ලිපියෙ මේක ගැන යමක් සදහන් කළා...ඒත් ඒකෙන් මට සෑහීමකට පත්වෙන්න තරම් දෙයක් ලියන්න මට ඉඩක් ලැබුනෙ නෑ... මම මේකට ප්‍රවේශය ගන්නව මගේ පරිගණක ඉතිහාසය පරිගණකය සහ මගේ බැදීම මම පරිගණකය ඉගෙන ගත් හැටියෙන්...මම ඒක මෙතන ලියන්නෙ නෑ මොකද මගේ කලින් ලිපියෙ ඒ කියන්නෙ  ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව   ලිපියේ මම ඒ ගැන සදහන් කරල තියනව... දැන් කාලෙ ගොඩක් අයට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්... දැන් කාලෙ හැමොටම පාවිච්චි කරන්න කම්පියුටර්,ටැබ්,ෆෝන් වගේ දේවල් තියනව...හැම ගෙදරකම පරිගණකයක් තියනව...බොහොම පිටිසර දුප්පත් පළාත් වලට අයට නැති වුනාට බහුතරයක් අය දැන් පරිගණක පාවිච්චියට හුරුවෙලා තියනව... මට මතකයි අපේ ගෙදරට මං කලින් ලිපියේ කියලා තිබුනු පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එක ගෙනාපු දවස...ඒ 2009 හෝ 2010 වෙන්න ඇති...ඒ දවස් වල ගෙවල් වල එච්චර කම්පියුටර් පාවිච්චියක් තිබුනෙ නෑ දැන් වගේ...තිබුනා නං ඒක ටිකක් සල්ලි බාගෙ ටිකක් මධ්‍යම පාන්තික වගේ ගෙයක් වෙන්න...