Saturday, December 30, 2017

2017 වසර අමුතුම විදිහට ගෙවිලා ගියා....

හ්ම්....

බොහොම කම්මැලි අවසානයක් එක්ක ( මට අනුව ) 2017 අවුරුද්ද දැනුනෙවත් නැති විදිහට ගෙවිල ගියා...
මම කම්මැලි අවසානයක් කිවුවෙ කිසිම විදිහක මතකයක්, ඉගෙන ගන්න දෙයක් දීපු අවුරුද්දක් නෙවෙයි 2017 අවුරුද්ද.

2018 අවුරුද්දෙ මං හිතන්නෑ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙයි කියල මොකද කොටි මලයට අපොස සාපෙ තියෙන්නෙ 2018 නිසා.අම්මලාගෙ දොල දුක් සන්සිදවන්න මොකක් හරි කරගන්න එපැයි.

අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවෙ අවුරුද්දෙ අන්තිම වාක්‍ය ටිකක් හරි කොටල ගියෙ නැත්තං ඒක බ්ලොග් එකටත් අඩුවක් වෙයි කියල හිතපු නිසා.2017 මුල් හරියෙ උනන්දුවෙන් බ්ලොග් එක ලිවුවත් කම්මැලිකම,ලියන්න දෙයක් නැති කම වගේ මොකක් හරි දෙයක් නිසා ඒක මග ඇරිල ගියා... කෙසේ වෙතත් බ්ලොග් එක ලියන එක නවත්තන්න මගේ කිසිම අදහසක් නෑ.අවුරුද්දකට එක පෝස්ට් එකක් හරි දාන්න තමා බලාපොරොත්තුව.

2017 කොච්චර කම්මැලි විදිහට ගෙවිල ගියාද කියනව නං මට 2018 සාපෙ කියල මීටර් උනෙත් 2017 දෙසැම්බර් 31 අද මේ දැන් ටිකකට කලින්.අනේ මංදා...

කියන්න දෙයක් නෑ ඉතින් මට වැඩිපුර... බ්ලොග් එක ලියනව මං මට හිතෙන වෙලාවට... කමෙන්ට් ආවත් එකයි නැතත් එකයි... කවුරු කියෙවුවත් නොකියෙවුවත් මට එකයි... මට හිතුනා ලිවුවා ආයෙ මංම කියෙවුවා... දැන් වුනත් මේ බ්ලොග් එකේ පරණ ලිපි කියවද්දි මට මාර ආසාවක් එනවා...

ඉතින් බලමු... නොකිවුවට 2018 හීන ගොඩාක් තියනව... බලපු කොච්චර හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා... හැබෑ කරගත්තුවා ගැන අනිවා බ්ලොග් එකට වැටෙයි...

එහෙනං කම්මැලි විදිහට,හැමෝම දැන් ප්‍රාර්ථනා කරන නිසා,

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
කියල කොටි මලයා ප්‍රාර්ථනා කරනවා...!!!

ස්තූතියි...!!!
කොටි මල්ලි,
2017.12.31


Thursday, December 7, 2017

හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි...

හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැනීමේ උවමනාව නිසා අදත් උදේ 6.30ට වැඩ කරලා බාන්න තියන ඒවා දැන් බාන ටික බාන වෙලාවෙ කරන්න දේකුත් නැති නිසා සහ කාලෙකින් බ්ලොග් එකට මොකුත් ලිවුවෙත් නැති නිසා ලියන්න දෙයක් කල්පනා කරද්දි තමා මේ සීන් එක මතක් උනේ.මේ සීන් එක මතක් වෙච්ච හැම වෙලාවෙම බ්ලොග් එකේ කොටන්න උවමනාවක් තිබුනත් මොකක් හරි මගුලක් නිසා ඒක කල් ගියා...ඉතින් මෙන්න මේකයි ස්ටෝරිය...

ඉතින් මගේ පජාත මිත්‍රයෝ දෙන්නා විශ්වයා සහ පමෝද්...උන් දෙන්නගෙන් විශ්වයට හැදිල තිබුනු ලෙඩේ තමයි චැලි බයික් පිස්සුව.ඒකෙ උපත් කතා ඒව කියන්න වෙලාව නං මේ වෙලාවෙ නෑ.කොහොම හරි සීන් එක කිවුවොත් විශ්වයට නහුතෙටම මේ චැලි පිස්සුව ගහල තිබුනෙ.ගෙවල් වටේත් හිටිය චැලි සෙට් එක නිසා කොලුවගෙ පිස්සුව දිනෙන් දින වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.කොටි මලයාත් ඉස්සර චැලි වලට ආස නැතුව හිටියට පස්සෙ පස්සෙ මොඩිෆයි කරපු චැලි වලට පොඩි ආසාවක් ආවත් ඒක එච්චරම ක්ලැසික් කාර් වගේ පිස්සුවක් වුනෙ නෑ...

චැලි ගැන කතා කරද්දි විශ්වයා අපිට නිතරම මේ චැලි බයික් කාරයෙක් ගැන විස්තර කිවුවා.මම මේ ලිපියේ මට හිතෙනවා ඇත්තටම උගෙ නම නොකිය ඉන්න.කොහොම හරි මූ කියනවා ඌ අපේ වයසෙලු.තාත්ත දාල ගිහින් හරි මොකක් හරි තාත්ත නෑලු.අම්ම බලන්නෙ නෑලු.මූ චැලි බයික් හදලා විකුණලාලු සල්ලි හොයාගන්නෙ.මාර චැලි පිස්සෙක්ලු.ඒ ගමේ මිනිස්සු බයික් හදාගන්නෙ උට කියලලු.  ඒරියා එකේ සුපිරිම චැලිය කියන්නෙ උගෙ චැලියලු.ඌ ඒක ගත්තෙ 30000කටලු.විශ්වයා ඔහොම කියද්දි අපි අහන් හිටියෙ නිකන් සුරංගනා කතාවක් අහන විදිහට.කොහොමත් විශ්වයා දෙයක් කිවුවොත් ඒකෙන් 99%ක් පච නිසා ඕක විශ්වාස කරන්න බැරි තත්වයක්මයි තිබුනෙ.මම සහ පමෝදයා බස් එකේ සෙට් වෙන වෙලාවටත් කිවුවෙ ඕක පචයක් කියල ඉස්කෝලෙ යන එකෙක් චැලි හදනව අම්මල බලන්නෑ ඕව විශ්වයගෙ බේගල් කියල තමයි කතා උනේ.දැන් කාලෙ ඉතින් කොහොමත් ඔය කතා විශ්වාස කරන්න අමාරුනේ...

ඒ කෙසේ වෙතත්,
මට ඇස් දෙකෙන්ම දැකලා මේක විශ්වාස කරන්න උනා...

කොහොම හරි දැන් විශ්වයත් චැලියක් ගන්න ගානකුත් සෙට් කරගෙන දවසක් මට කෝල් කලා මචන් පොඩ්ඩක් අර ඩයල් එකලෑ ගෙවල් පැත්තට ගිහින් එමු චැලියක් බලන්න කියලා.මටත් ඉතින් ඕක සිරාද කියලා දැන ගන්න උවමනාවටම මාත් පැන්න ගමන් ගියා.මගෙ පුටාර් එකේ රෝද වල හුලං ටික මට බූට් එක තියල නිසා මම විශ්වයලෑ ගෙදෙට්ට පයින්ම ගියා.ඊට පස්සෙ විශ්වයා උගෙ පොඩි කාලෙ පුටාර් එක මට දුන්නා.විශ්වයෑ සයිස් එකත් එක්ක ඒ හිච්චං පුටාර් එක උට පදින්න බෑ.කොහොම හරි මට එච්චර අමාරුවක් නැතුව ඒක පදින්න පුලුවන්.විශ්වයා යන්න කලින් සිය පාරක් වත් කියපු දේ තමයි මචන් පට්ට දුරක් යන්න තියනව කිලෝමීටර් ගාණක් යන්න තියනව කියපු කතාව.මට ඉතින් ඕනි දුරක් එකයිනේ... ඔන්න ඔහොම දෙන්න සෙට් වෙලා තල්ගහවිල පාරෙ පුටාර් දෙක පැදගෙන යන්න පටන් ගත්තා.විශ්වය ඉතින් ලොකු පුටාර් එකේ අවුලක් නැතුව යනව මාත් ගැම්ම දාගෙන පොඩි පුටාර් එකෙන් ඌ පස්සෙ යනවා.සැරින් සැරේ පොඩ්ඩක් සීට් එකෙන් නැගිට නැගිට ගියා ෆුකට රෙස්ට් එකක් දෙන්න ඕනි නිසා.නැත්තං ඒ සීට් එකේ සනීපෙට මට ලැට් වලට නැගලා බොකක් දාන්න ෆුකක් ඉතුරු වෙන එකක් නෑ.

කොහොම හරි තල්ගහවිල පාරෙන් දුරක් ගිහින් අපිට අතුරු පාරකට හැරිලා යන්න වුනා.ඒකෙත් පට්ට දුර.හතර අතේ වලවල්.
ඔහොම ඔහොම පාර දිගේ ගිහින් විශ්වයා එකපාරට තවත් පොඩි අතුරු පාරකින් හැරිල යන්න පටන් ගත්තා.පාරෙ වංගුවකින් හැරෙන කොට තමයි හරියටම මම පොට් එක දැක්කේ.

හම්මෝ... පොඩි තනි තට්ටුවෙ නෝමල් ගෙයක්.තාම ටිකක් හදාගෙනත් යනවා.ගෙදර පේමන්ට් එකේ චැලි 4ක් විතර.තව මොනා හරි බයික් දෙකකුයි කෑලි කරපු සීටී100 එකකුයිත් තිබුනා.

විශ්වයා බයිසිකලේ නවත්තලා ඒ චැලියක් පිටි පස්සට ගිහින් ආ මචාන් කිවුවා...

අඩෝ මට ගහන්නද ආවේ...?  චැලිය පිටිපස්සෙන් කට හඩක් ආවා.ඒ වෙලාවෙ තමයි මම හරියටම පොරව දැන්නේ.මගෙ උරහිස ගාණට උස පොඩි බටු කොල්ලෙක්.ඌ අර චැලිය පිටිපස්සෙ බ්‍රේක් හද හද හිටියෙ.

ඉතින් සිරාම කතාව එතන වෙච්ච හැම දේම මෙතන කොටන්න මට වෙලාවක් නෑ.ඒත් මාර චරිතයක් තමයි ඒක.අර විශ්වයා කියපු කතා සීයට සීයක් ඇත්ත කියල චැලි බට්ට නොකිවුවත් මම ඇස් දෙකට දැක්කා.
සිරාවටම එතන තිබුනු චැලි වලට නං පිස්සු හැදෙනව.චැලි බට්ටගෙ චැලියත් අති සුපිරියක්.රත්තරං පාට පේන්ට් එක ගහල පොටි ස්ටිකර් ටිකකුත් ගහල පත බීට් කෑන් එකකුත් ගහපු සුපිරියක්.100cc එංජිමක් තියල පස්සෙ ඒක බෝර් කරල 135cc වෙනකන් වැඩි කලා කියල තමයි චැලි බට්ට කිවුවෙ.

බ්‍රේක් හදපු ගමන් බට්ටා නැගලා අර පොඩි පාරෙ ගහපු වීල් ටික නං ජීවිතේට අමතක වෙන්නෑ.මං දැකපු සුපිරිම ස්ටන්ට් කාරයෙක් තමයි.අර චැලියෙන් අංශක 90 වීල ගහනව කිසි ගේමක් නැතුව අර පොඩි කටු පාරෙ.ඌ කියනවා උට පුට් සයිකලේට වඩා චැලිය බැලන්ස්ලු.ඌ ඇවිල්ලා රෝද 2න් යන්න උවමනාවක් නැති එකෙන් විශ්වයගෙ පුටාර් එක අරනුත් ඌ කලේ වීල් ගහපු එක.

කොහොම හරි විශ්වයා ගන්න බලපු චැලියත් බලලා අපි හවස 6ට විතර එහෙන් පිටත් වුනා.ආයෙත් පන දාගෙන පුටේ පාගල පාගල විශ්වයලෑ ගෙදෙට්ට ඇවිත් ඊට පස්සෙ අපේ ගෙදෙට්ට ආවා.

එදා මං ඔය කතාව අපේ අම්මට කිවුවට අම්ම විශ්වාස කලේ නෑ.කොහෙද අනේ ඒ වගේ ලමයි ඉන්නෙ ඉස්කෝලෙ යන්නැද්ද අයෙත් ඔය දුර යන්න එපා කියන්න පටන් ගත්තා.ඒත් ඇත්ත නං අපි නොහිතන විදිහෙ අයත් මේ ලෝකෙ ඉන්නව.සිරාවටම ආයෙත් වෙලාවක චැලි බට්ටා බලන්න යන්න ඕනෙ.මාරම පොරක් තමයි.

එහෙනං මේ ලිපිය අවසන් කරනව ඇත්තටම මීට වඩා ගොඩක් ලියන්න හිටියත් කාල වෙලාව නැති නිසා ලියන්න හැටියක් නෑ... අදට නතර කරනවා... සුබ දවසක් වේවා හැමෝටමට...!!!

කොටිමල්ලි...
2017.12.08

නිහඩව සතියක් ගෙවෙන්න දෙමු...

හොදයි එහෙනං..

විභාගෙ ලකුණුත් ආවා කියමුකො...

ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ.

නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව ඕනි නෑ...

හොදම නිදහසට කරුණ නිහඩතාවය කියල මං කල්පනා කලා... බැන්නත් ගැහුවත් මැරුවත් හූම් සද්දයක් නැතුව තමා ඉන්න බලාපොරොත්තුව.... දැන් නට නටා මොනවා කලත් තව සතියකින් ඔය විභාග ආතත්ය,උණුසුම,ඔක්කොම ඉවරයි.

ඒ නිසා සතියක් ගේ මුල්ලට වෙලා හැංගිලා ඉදලා සතියකට පස්සෙ එලියට එන්නං බලාපොරොත්තුව.ඒ සතිය ඇතුලෙ පුලුවන් එලියට ආවම ගහන ගේම් ටික ප්ලෑන් කරගන්න...

දාහක් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනවා නිවාඩුවේ.ටික ටික හරි කරගන්න වෙයි.රෑට නින්ද යන්නෙ නැති නිසා ඒ වෙලාවට තමා කල්පනා කරන්නෙ මොනවද කරන්නෙ නොකරන්නෙ කියල... සීන් එක කියන්නෙ රෑට ප්ලෑන් කරගත්ත දේවල් උදේ නැගිට්ටට පස්සෙ මතක නැති වෙන සීන් එක.

බලමු නේද ඉතින්... එහෙනං නිහඩ සතිය පටන් ගත්තා...

Monday, October 16, 2017

අඩෝ.... මං ඉන්නවා ඈහ්...

හත් අවුරුද්දකින් තමා බං kotimalli12@gmail.com එකට ලොග් උනේ...
මාස 2කින් පෝස්ට් එකක් දාන්න බැරි උන නිසා බ්ලොග් එක ඉනැක්ටිව් තිබුනේ...
බලමු දැන් පොඩ්ඩක් බ්ලොග් එකේ දූවිලි පිහිදාල යන්න ආවේ...
බලමු නිවාඩුවක් සෙට් වෙච්ච ගමන් ලිපියක් කොටල යන්න...
දැන් ආවෙ මං ඉන්නව කියල තොපිට මතක් කරල යන්න...
බයි බායි...

Monday, August 28, 2017

නොඑන ගමන් ගිය... පුංචි ලැප් එක මාගේ...

හ්ම්,
මාස 2ක විතර ඉදන් ලියන්න හිතන් හිටියත්,මොකක් හරි දෙයක් නිසා කල්ගිය ලිපියක්...
කිසිම හැගීමක්,අදහසක් නැතුව ලියන ලිපියක්...

මට පරිගණකයේ හරය කියා දීපු, ඒ ලැප් එක සදහටම ඇස් පියාගෙන, මගේ කාමරේ රාක්කයක් උඩ, දූවිලි තට්ටු නාගෙන, දිරන්න පටන් අරන්...

Samsung Sens R55 මගේ පරිගණක ජීවිතයේ මගේම කියලා තිබුනු පලවෙනි ලැප් එක...මගේ ගේම් ගැහිල්ලෙන් විනාස වෙලා ඒත් ඒකෙන් මට පරිගණකයක හරය කියාදීමේ මුල් පියවර දීපු Samsung Sens R55 ලැප් එක ගැන නෙවෙයි අද මම කියන්නේ... මගේ පරිගණක ජීවිතය එලිය කරපු HP Compaq 6510b ලැප් එක ගැන...

මට මතකයි මගේ Samsung ලැප් එක අවසාන වතාවට දැකපු දවස.ඒ බණ්ඩාරගම ඇන්ඩ්රු අයියගෙ ෂොප් එකක... එදා මම තාත්තත් එක්ක ගියෙ ඒක බලන්න නෙවේ... ඒ හදන්න බෑ කියපු Samsung ලැප් එක වෙනුවට අලුතෙන් එන HP ලැප් එක ගේන්න...
මට මතකයි මම මුලින්ම ඒක දැකපු හැටි, වින්ඩෝස් xp වල ඉදල එපා වෙලා ඉදල ඒකෙ වින්ඩෝස් 8 තියන හැටි දැක්කම සතුටින් පිනා ගියපු හැටි, ෂොප් එකේ පුටුවෙ වාඩි වෙලා ලැප් එක උකුලෙ තියාගෙන බලපු හැටි ඔක්කොම මතකයි... එදා වගේම... ඒ 2014 අවුරුද්දෙ ජනවාරි 26 හෝ 27 වෙන්න ඕනේ...
මම ඒ දවස් වල කම්පියුටර් එකක රැම් එකවත් බලන්න දැනගෙන හිටියෙ නෑ... දැනන් හිටියෙ ප්‍රොසෙසරේ කෝර් 2 ඩූ කියල විතරයි.
ලිපිය ලියන්න පටන් ගත්තෙ අමාරු වෙලාවක...ඒ නිසා ඒකත් එක්ක ගෙවපු අවුරුදු 3ට තියන අනන්ත අත්දැකීම් ලියන්න මට වෙලාවක් නෑ...හැබැයි ඒ අත්දැකීම්,ඒ මතක දැන් වුනා වගේ මට තාමත් මතකයි.
මුලින්ම ගේම් එකක් විදිහට  Igi1  ඉන්ස්ටෝල් කරපු හැටි,රැම් වීජීඒ බලන්න ඉගෙන ගත්තු හැටි,පිස්සු හැදෙනකන් කන්ට්‍රෝල් පැනල් වල සෙටින්ස් වෙනස් කර කර අත්හදා බලපු හැටි,ආපු හැම os එකක්ම ඉන්ස්ටෝල් කරලා අත්හදා බලපු හැටි,හැකින් පිස්සුව තියන කාලෙ හැක් කරපු හැටි,ෆේස්බුක් ගිය හැටි,මුලින්ම බ්ලොග් එක විදිහට pckotiya.blogspot.com හදපු හැටි,ෆෝරම් වලට එකතු වෙච්ච හැටි,කොටි මල්ලියාගෙ බ්ලොග් පිටුව ආරම්භ කරපු හැටි,දැනට මේ බ්ලොග් එකේ තියන ලිපි වලින් 90%ක්ම ඒ ලැප් එකේ පුංචි කීබෝඩ් එකෙන් පැය ගණන් ටයිප් කරපු හැටි,ගේම් ගහපු හැටි,එක එක සොෆ්ට්වෙයා දාල වැඩ කරන හැටි ඉගෙන ගත්ත හැටි,සතියෙන් සතියට වින්ඩෝස් ගහපු හැටි, bluestacks වලින් clash of clans ගහලා කාලයක් ජීවිතේ නාස්ති කරපු හැටි, ඒත් ඒකෙන් මිදිලා ආයෙත් මේ ලැප් එකෙන්ම ආයෙත් වැඩ පටන් ගත්තු හැටි, තව අනන්ත අප්‍රමාණ දේ මේ ලැප් එකෙන් මම කලා... core 2 duo 1.8GHz processor, 3GB ram,378MB onboard shared vga , 320GB HDD තිබුනු මේ ලැප් එකේ පවර් එක මට මදි වෙච්ච නිසයි අද මගේ ජීවිතේ වෙලා ඉන්න බ්‍රෑන්ඩ් ගොඩක පාට්ස් වලින් හැදුනු මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ඉන්නෙ.ඩෙස්ක්ටොප් එක තිබුනත් ලැප් එකම මට කාලයක් පාවිච්චි කරන්න උනේ ඩෙස්ක්ටොප් එක මුල් කාලේ හරියට ලෙඩ දීපු නිසා...

කොහොම හරි එයාගෙ අවසාන කාලෙ, එයා පිලිවෙලින් පිලිවෙලට එයාගෙ ජීවිතේ දාල ගියා.මුලින්ම එයාගෙ battery එක ගියා,ඊට පස්සෙ dvd rom එක වැඩ නැතුව ගියා ඊට පස්සෙ එයා,

2017 ජනවාරි මාසේ එක ඉරිදාවක මම ගණන් පන්ති ඇවිත් ලැප් එක ඔන් කලාම එයා ඔන් වෙන්නැතුව ගියා... පවර් එනවා යනවා... පවර් එනවා තත්පරෙන් යනවා... ඩෙස්ක්ටොප් එකත් එතකොට නෝ රනින්, ඒ පාර ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි 2ම අරන් ගියා ඇන්ඩ්රු අයියා ලගට... මිනිහා ඩෙස්ක්ටොප් එක හදලා ලැප් එකේ මදර්බෝඩ් කේස් එකක් කියලා හදන්න කියලා තියා ගත්තා... අපි ඩෙස්ක්ටොප් එක අරන් ගෙදර ආවා...

එදායින් පස්සෙ මාස 6කට පස්සෙ තමයි මට ලැප් එක මතක් උනේ, මොකද මගෙ තනියට ඩෙස්ක්ටොප් එක හිටපු නිසා... මම ඇන්ඩ්රු අයියට කතා කලාම පොර කිවුවෙ,

අනේ මල්ලි ඒක හදන්න බෑ මදර්බෝඩ් එකේ අවුලක්

හ්ම්,
ඊට දවස් 2කට පස්සෙ තාත්තත් එක්ක 13ශ්‍රී6127 එක්ක ගිහින් ඒ මියගිය ලැප් එක මගේ උකුලෙ තියාගෙනම අරගෙන ආවා...මාස 6ක දූවිලි තට්ටුවක් එක්ක ලැප් එක විතරයි අරගෙන ආවේ... ඇවිල්ලා මල් ඉස්කුරුප්පු නියනෙන් හාඩ් ඩිස්ක් එකේ පියන ගලෝලා හාඩ් එක ගැලෙවුවා... ඊට පස්සෙ වෙන සාටා කේබල් එකක් නැති නිසා ඩෙස්ක්ටොප් එකේ dvd rom එකේ සාටා කේබල් එක ගලෝලා ඒකට ගැහුවා...
දැන් ලැප් එක මියගියත්, ඒ මතක තාමත් මම ඒ 320GB Toshiba HDD එකෙන් විදිනවා... මගේ හැම දේම තාමත් ඒ HDD එකේ තියනවා...
මේ තියෙන්නෙ ඒ HDD එකයි ඩෙස්ක්ටොප් එකේ HDD එකයි දැන් එකට සෙට් කරලා තියන විදිහ.

හ්ම්,
එයා යන්නම ගියා...
ඒ අස්සෙන් VLC media player එකේ අර ගංවතුර කාලෙ කේන්ති ගිය රහල් අල්විස් අයියගෙ බූට් සින්දුවක් ප්ලේ වෙනවා...මං හෙඩ්සෙට් එක කනේ ගහගෙන මේක ටයිප් කරනවා...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

නොලැබෙන ඔබ ගැනම සිතා අසරණ හිත බොලද වෙලා
නොලැබෙන ඔබ ගැනම සිතා අසරණ හිත බොලද වෙලා
කදුලු තියා මට කොහෙද ඔයා අද 
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

නොපෙනෙන ලෙස දුරට වෙලා සිටියත් මගෙ දෙසම බලා
නොපෙනෙන ලෙස දුරට වෙලා සිටියත් මගෙ දෙසම බලා
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...

ඔබ නැති දුක තුරුලු කරන්
මියදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ...


2017.08.29

Thursday, June 1, 2017

අධ්‍යාපනාධාර | ගංවතුරෙන් අවතැන් වූ සිසුන්ට උපකාර කිරීමේ වැඩසටහන | ඔබත් එකතු වන්න

ආයුබෝවන්...

මේ ලිපිය ලියන්නෙ අවතැන් වුනු අපේම සොයුරු සොයුරියො වෙනුවෙන්...

TechTrackShow,ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ,SL Geek වගේ යූටියුබ් නාලිකා මෙන්ම භාෂා ලංකා වැනි
ආයතන
රාශියක් එකතු වෙලා සංවිධානය කරන ගංවතුර නිසා සිසු සටහන් නැතිවූ සියලුම
දරුවන් වෙනුවෙන් කරන මේ අධ්‍යාපනාධාර
සමාජ සත්කාර
වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔයාලටත්
පුලුවන්.
2017 වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්වය,අපොස සාමාන්‍ය පෙළ,අපොස උසස් පෙල, විභාග වලට පෙනී
සිටින අපගේ සහෝදර සහෝදරියන්ට අවශ්‍යකරන පොත්පත්,පාසල් උපකරණ,පෑන් පැන්සල් වගේම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, වැනි දෑද එකතු කර ලබාදීම තමයි මේ අධ්‍යාපනාධාර වැඩසටහනේ අරමුණ.
ඉතින් මේ කර්තව්‍යට සහය දෙන්න ඔයාලටත් පුලුවන්.
පොත්පෑන් පැන්සල් වගේම ඔයාල ලග තියනව නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර,සටහන් වැනි දේවල් ඒවා ස්කෑන් කරලා අපිට
එවන්න ඔයාලට පුලුවන්.
ඒ වගේම මේ කටයුත්තට ඔයාලගෙ දායකත්වය ලබාගැනීමට අධ්‍යාපනාධාර වැඩසටහන
මගින් නිර්මාණය කර ඇති ගූගල් ෆෝම් එකේ තියන විස්තර පුරවලා අපිට එවන්න.
මේ ගූගල් ෆෝම් එකේ ලින්ක් එක අපි යූටියුබ් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා.
ඒ වගේම ඔයා මේක දකින්නෙ ෆේස්බුක් එක හෝ යුටියුබ් එකේ කොතනක වුනත් එතන කමෙන්ට්
බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න.අපි අවශ්‍ය කරන විස්තර එවිට ඔබට ඉක්මනින් ලබා දෙන්නම්.
ඒ වගේම ආධාර භාර දෙන්න පුලුවන් ස්ථානත් මේ වීඩියෝ එකේ අපි දක්වලා තියනවා.
ඒ වගේම ඔයාට මේකට ආධාර ලබා දෙන්න පුලුවන් වුනත් බැරි වුනත් ඔයාට පුලුවන් මේ වීඩියෝ ෂෙයාර් කරන්න...
ඒ මගින් ඔයාට බැරි වුනත් ඔයා ෂෙයාර් කරපු දේ දැකලා වෙන කෙනෙක් ඔයා වෙනුවෙන් අදාර ලබා දෙන්න
පුලුවන්.

වැඩි විස්තර පහත වීඩියෝ එකෙන්...

ඒ වගේම උදවු ලබා දෙන්න නම් - මෙතන CLICK කරන්න

ඒ වගේම උදවු අවශ්‍ය නම් - මෙතන CLICK කරන්න

අසරණ වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් තත්පරයක් හරි වැය කරමු

Saturday, May 6, 2017

පාසල් ලමුන් සිල් ගැනීම...මොකක්ද මේ...

හ්ම්...වෙසක් මාසෙ පලවෙනි ලිපිය මං හිතන්නේ...

හැබැයි ලියන්න වෙන්නෙ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන්න පුලුවන් ලිපියක් වෙන්නත් පුලුවන්...සමහර විට මට දැන් වෙනත් බෞද්ධයො හුගාක් බනියි.මාත් බෞද්ධයෙක්.ඒත් කොච්චර බැන්නත් මේක තිත්ත ඇත්ත වෙන්න පුලුවන්...අවධානමක් අරගෙන හරි ලියන්න හිතුවෙ ඒ නිසයි...

මගේ බ්ලොග් එක දැකලම ආසාවට බ්ලොග්කරණයට එකතු වුන ප්ලේන් මල්ලි ත් එදාම මේක ගැන හීනියට ඡේදෙට හරි කොටල තිබුනා...

ඉතින් යාලුවනේ මේ වෙසක් මාසෙ වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ පාසල් හැම එකක්ම මේ සීල ව්‍යාපාරය පවත්වනව.පන්ති මට්ටමින් දෙමාපියන්ගෙ දායකත්වයෙන් එහෙම තමා මේක කරන්නෙ.ඉතින් කොටි මලයාගෙ පාසලෙත් මේ සීල ව්‍යාපාරය පසුගිය දා පැවැත් වුනා...අලුත් බ්ලොග් සහෘදයා ප්ලේන් මල්ලි ත් එදා මාත් එක්කම මේකට සහභාගි උනා...

අපි කෙලින්ම කතා කරමු...මං කියන්නං...මේව මගෙ අත්දැකීම්...

මම දැන් 10 ශ්‍රේණියෙ...මම මුලින්ම මේ පාසල් සීල ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ 4 ශ්‍රේණියෙදි...ඒ මගෙ කලින් ශිෂ්‍යත්වයට පෙර ගිය පාසලේ ඉදන්.එදා ඉදන් අද දක්වා අවුරුදු 7ක් මේ විදිහට පාසල් සීල ව්‍යාපාරයට සහභාගි වුනා...

ඒත් වගකීමෙන් කියන්නෙ...මේ අවුරුදු හතේදිම එක ලමෙක් සිල් ගත්තෙ නෑ...

මොකක්ද මම මේ කියන්නේ...?

මගේ ලගම අත්දැකීම...

දැන් එදා...මේ අවුරුද්දෙ සිල් ව්‍යාපාරයෙ ඔන්න දැන් අපි ශාලාවට වෙලා වාඩි වෙලා ඉන්නව...ඉඩ කඩත් මදි...මං හිටියෙ මැද ඉදන් ටිකක් විතර පස්සට වෙන්න...දැන් හාමුදුරුවො බණ දේශනා කරනව...

ඒත් මට පිටිපස්සෙන් ඇහෙන්නෙ...

මොකද හු%*#
පලයන් කැ&*$%

සිංහල භාෂාවේ සුද්ද සිංහල වචන හෝඩියම වගේ මගෙ පිටිපස්සෙන් ඇහෙනව...

ඒ අතරෙ තව සමහර නිදි...
තව සමහරු කකුල් තියාගන්න ඉඩ මදි නිසා හරියට සැපට කකුල් තියාගන්න දගලනව.
තව සමහරු උතුරු සලු වල ගහල තියන අල්පෙනෙති ගලෝල වටේ ඉන්න උන්ට ඇන ඇන ආතල් ගන්නව.
ඊට පස්සෙ හාමුදුරුවො සාදු කියන්න කිවුව ගමන් මහා හයියෙන් සාදු!!! කියල බෙරිහන් දෙනව.

මේ අවුරුදු හතේම උනේ ඕක...7 ශ්‍රේණියට විතර එනකන් කුණුහරුප භාවිතය නොතිබ්බට මේ හා සමාන දේමයි වුනේ...

දානෙ බෙදද්දි අපේ උන් හිතන් ඉන්නෙ උන්ට කෑම දෙන්නෑ කියල...අනේ ඇන්ටී...අනේ අංකල් මෙහෙ මෙහේ...අතුරුපසට අයිස්ක්‍රීම් හරි මොනා හරි දෙනකන් මුංට ඉන්න බෑ...අත් උස්සල වන වන ඉල්ලනව...සංසාරේ භවේ දුකා කිවුවලු...

ඊට පස්සෙ දානෙ වලදලා ඉවර වෙලා ආයෙ බණ පටන් ගන්න කන් සමහර උපාසකයො දානෙ බෙදන්න ආපු අම්මලගෙ ෆෝන් අරන් සෙල්ෆි ගහනව...ගේම් ගහනව...

මේව දකින කොට ඇත්තටම අපිටවත් ඇත්තටම මොකුත් කරගන්න බෑ...මට බනියි හැමෝම...ඒත් ඒකයි ඇත්ත...මං බලාගෙන හිටියෙ කොයි වෙලේ මේ මගුල ඉවර වෙනවද කියල...අර මල ඉලවු සරං කොටයක් ගහගෙන ඇවිද ගන්නත් බෑ අපේ එවුන් හිටියෙ සරම උස්සගෙන අර ගමේ චණ්ඩියො වගේ...

ඉතුරුව කියන්න අවශ්‍යත් නෑ මං හිතන්නේ...

දැන් ඉතින් මේක කියෝන බෞද්ධයො ඇත්තටම මට බනියි...අපේ ඉස්කෝලවල ඔහොම නෑ කියයි...ඒත් මේ අත්දැකීම මම ඉස්කෝල 2ක වින්දා...ඇත්ත කිවුවොත් බහුතරයක් ඉස්කෝල වල මෙහෙමයි...හැබැයි සාමාන්‍යෙයන් පහසුකම් අඩු දුෂ්කර පලාත් වල ඉස්කෝල වල සාමාන්‍යෙයන් මීට වඩා හොද හැදියාවක් බෞද්ධකමක් තියනව මගේ දැනුමට අනුව...මෙච්චර පහසුකම්,මෙච්චර නාගරික ඉස්කෝල,ලොකූ ඉස්කෝල කියන ඉස්කෝල වල තත්ත්වය මෙහෙමයි කියන්න මම පසුබට වෙන්නෙ නෑ...මම ඉන්නෙ එහෙම ඉස්කෝලෙක වුනත් මම ඒක බය නැතුව කියනව...

හ්ම්...කියන්න දේවල් ගොඩාක් තිබුනත් කාල වෙලාව මදි නිසා මෙතනින් නවතින්න තීරණය කරනව...

කොටි මල්ලී,
2017.05.06

Friday, April 21, 2017

අලුත් අවුරුද්දත් ඉවරයි...ඊලග සතියෙ ඉස්කෝලේ...

හ්ම්...

අලුත් අවුරුද්දත් ඉවර උනා කියාංකො ඉතින්...

හැමදාම වගේ...

සති 2ක් වැනි අති කුජීත අවුරුදු නිවාඩුවෙත් සම්පූර්ණයෙන්ම නිවාඩු කියන්න පුලුවනුත් ඉතින් දවස් 5ක් 6ක් වගේ තමයි...

මොකද අනිත් දවස් ටික ටියුෂන් පාතාලයේ ටියුෂන් මැරයන් විසින් කාලා දාලනේ...

කරුමෙ තමා මිත්‍රවරුනි...කරුමේ...

ඔය දැන් ඔය මහාචාර්යවරු එහෙම දාගෙන පත්තර වලට ලියනවා,ටීවී වල කතා කරනවා අවුරුදු නිවාඩුව කියන්නෙ පාසල් දරුවන්ට තියන ප්‍රීතිමත්ම කාලෙ කියලා...

බයිලා...

අඩේ පාසල් දරුවොනෙ දන්නෙ අවුරුදු නිවාඩුවෙ හැටි...

කොටි මලයාගෙ අවුරුදු නිවාඩුව ගෙවුනෙත් හරිම අවිවේකීව...

ප්‍රධාන වශයෙන්ම කාර් එක නිසා කටු කෑමේ අධික ආශාවෙන් පෙලුන නිසා ලෙසටම නිවාඩුව කන්න දාපු ටියුෂන් පන්ති 2ක් කට් කරගන්න මලයා සමත් වුනා...

ඒ වගේම ඒ කාපු කටු ටිකත් ලෙසටම කෑවා...අවුවෙ පන දාගෙන ස්කූටරයකින් හොරණ ඉදල දෙහිවලට ට්‍රැෆික් එකේ හිල් වෙච්ච ටයරයක් රැගෙන යාම, සහ හිල් නොවුනු ටයරයක් රැගෙන ආපහු ගෙදර ඒම, ඊට කලින් ටයරයක් පිපිරීම ආදී ටයර් නිසාම සුපිරි කට්ට කාපු ටයර් කටු වකවානුවක් මේ...

අවුරුදු නිවාඩුව නිසා ඉතින් මගේ යාලු මාලුවො දෙන්නා සෙට් වෙන්න ලැබුනෙත් නෑ වැඩිය...

ඒත් එදා 12 වැනිද විශ්වයාගෙ ගෙදර උදේ ගණන් පන්තියක් ලෑස්ති කරල තිබුනා...ඉතින් සෑර් එනවා කිවුවෙ 10ට නිසා  මාත් 9.50ට වගේ විශ්වයාගෙ ගෙදෙට්ට ගියා...යද්දි පමෝද් කාරයක් ඇවිල්ලා...කොහොමින් කොහොමින් හරි සෑර් එන්නෑ වගේ ලයින් එකක් තිබුන නිසා අපි තුන් දෙනාත් අද පන්ති නැති වෙයි යන සුන්දර බලාපොරොත්තුව ඇතිව වත්තට වෙලා හිටියා...

මගෙ සාක්කුවෙ රුපියල් 100ක් තිබුනා...ඒක මගෙ සාක්කුවෙන්ම නොදන්නා තැනකින් මතුවෙච්ච එකක්.මං ඒක තියන් හිටියෙ අහස්කූරු ටිකක් ගන්න.මොකද මං රතිඤ්ඤා සහ අනිත් ඒව පත්තු කලාට කවදාවත් අහස්කූරු පත්තු කරල නෑ.අර එස්ලෝන් බටේකට අහස්කූර සෙට් කරලා යනව ටෙක්නික් එක තමා මාත් අත්හදා බලන්න ආසාවෙන් හිටියේ.

ඒත් අරුන් දෙන්නත් එක්ක ඉන්න කොට මට පොඩි ආතල් එකක් ආවා.විශ්වලෑ ගෙදෙට්ට අල්ලපු කඩේ.ඔක්කොම අහස්කූරු ඒව තියනව.

අපි 3දෙනාත් ඉතින් ඕකට ගියා.මං බැලුවෙ මොනවද ගන්නෙ කියල.ඒ පාර මං තීරණය කලා ගිණිකෙලි භාණ්ඩ ටිකක් ගන්න.මං රුපියල් දහසෙ අහස්කූරු 5කුයි රුපියල් පහේ බඹර චක්කර 10කුයි ගත්තා.ඒ අස්සෙ අරුන් දෙන්නත් කොහෙන් කොහෙන් හරි රුපියල් 10ක්ද විස්සක්ද සෙට් කරගෙන පොඩි බයිට් පැකට් 1ක් හරි 2ක් හරි ගත්තා...

මුලින් මං හිතන් හිටියත් අහස්කූරු අපේ ගෙදර ගිහින් මං තනියෙන් පත්තු කරනව කියල අරුන් දෙන්න ඉන්නකොට මගෙ අදහස වෙනස් උනා...
මං තීරණය කලා මෙහෙදිම මුං දෙන්නත් එක්ක ඕව පත්තු කරල ආතල් එකක් ගන්න...

ඉතින් කොහොම හරි අපි අහස්කූරු පත්තු කරන සීන් එකට බැස්සා...

විශ්වයා ගත්ත එස්ලෝන් බටයක්...හයිකලා මිදුලේ...අහස්කූර සෙට් කලා...මායි පමෝදයි ගෙයි දොරකඩ...

පමෝදයා මචාන් අපි පොඩ්ඩක් ඇතුලට වෙලා ඉමු ඕක ෂුවර් නෑ පස්සෙන් ආවොත් කියල අපි දෙන්නත් පොඩ්ඩක් ඇතුලට ගියා...විශ්වයත් ටක් ගාලා අරක පත්තු කලා...

ෂූ සද්දයක් ආවා...අහස්කූර උඩ ගියා...

ම්..ඒ මොකුත් සද්දයක් නෑනෙ බං...කෝ...

එහෙම කියපු අපි පොඩ්ඩක් එලියට ගිහින් බැලුවා...

ඒ සෙනිකව අහස්කූර අල්ලපු ගෙදර වහලට වැදිල ඩෝන් ගෑවා...

අපි යකෝ ගේ ඇතුලට ගිහින් හිනා වුනු තරම තමයි...

ඊට පස්සෙ අපි එක එක පත්තු කලා...මාත් එකක් පත්තු කලා...එකක් විශ්වලෑ ගෙදරම උඩ තට්ටුවට වැදිලා ඩෝන් ගෑවා...තව එකක් තව ගෙදරක බිත්තියකට වැදිලා ඩෝන් ගෑවා...තව එකක් කොහේ ගියාද දන්නෑ ඇහුනෙ ඩෝන් ගානව විතරයි.

බඹර චක්කර සීන් එක නං ඉතින් අවුලක් නෑ සාමාන්‍ය විදිහට පත්තු වුනා...

මලයාගෙ අවුරුදු කාලෙ ඉතින් අවිවේකී වුනත් අවුලක් නෑ...මලයාගෙ අම්මා රෑ වෙනකන් මහන නිසා මලයා මේ දවස් ටිකේ නිදාගත්තෙ පාන්දර 2.30ත් පහුවෙලා...එදා 14 වෙනිද පාන්දරත් 3 වෙනකන් ඇහැරලා හිටියා...ආයෙත් ලිප ගිනි මොලවන නැකතට විනාඩි 5ක් විතර තියලා නැගිටලා රතිඤ්ඤා පත්තු කිරීමේ මෙහෙය ඉටු කලා...

ඊට පස්සෙ ඉතින් නැකැත් ඉවර උනාට පස්සෙ හවස කිරිඅම්මලෑ ගමේ ගියා...ඊට පස්සෙ හිස තෙල් ගෑමේ නැකතෙන් පස්සේ තෑගි බෝග බෙදා ගෙන එදාත් එහෙ ඉදලා පහු වෙනිද තමයි ගෙදර ආවෙ...

ඉතින් 15න් පස්සෙ ඉතින් අවුරුද්ද ඉවරයි...

කරන්න දේකුත් නෑ...මේ සතියෙ ඉතින් ගෙදර ඉදපු නිසා දවසම කම්පියුටරේ දාගෙන ඉන්න එකත් මගෙ හිතට මදි නිසා ගෙදර වැඩකුත් කරන්න ඕනි නිසා මේ පාර මම තනියම ගේ බිම පොලිෂ් කලා...දවස් 3ක් යන්න කලින් වැඩත් ඉවරයි.
ඊට පස්සෙ පෙරේදා පමෝද් කාරයත් ඇවිත් ඉදලා කරලා ගියා...පොරවත් ආවෙ නැත්තං තනිකමේම ඉදලා නිවාඩුව තවත් මූසල වෙන්න තිබුනා...

ඉතින් බහුතරයක් ලමයින්ගෙ අප්‍රේල් නිවාඩුව මෙන්න මේ වගේ තමයි...සමහර අයට මෙහෙමවත් නෑ...අපේ පමෝද්කාරයාටත් අවුරුදු සතියෙ 12 වැනිද වෙනක්ම පන්ති...හිතවත් බ්ලොග් සහෘදයා රන්වන් මකරාත් අප්‍රේල් නිවාඩුවෙ කුජීත බව,ටියුෂන් මැරයන් ගැන පෝස්ට් එකක් අවුරුද්දට කලින්ම දාල තිබුන...ඔව් අපි ඔක්කොටම එකවගෙ තමයි මේ නිවාඩුව...

අගෝස්තු නිවාඩුව ගැන මං මොකූත් කියන්නෑ ඉස්කෝලෙන් දෙන අවුරුදු 2ක පැවරුම් කලාම ඒකත් හරි...

දැන් ඉතින් නිවාඩුව ඉවරයි ඊලග බදාදා ඉස්කෝලෙ යන්න ඕනේ...

අනේ මංදා ඉතින්... ඉතින් ළමයි පොතින් අධ්‍යාපනය ලබයි...ඒත් නිදහසේ ඉදලා දුවලා පැනලා ගන්න අධ්‍යාපනය ළමයි ලබයිද?...අත්දැකීමෙන් දෙයක් ළමයි ඉගෙන ගනියිද?...දැවෙන ප්‍රශ්න බං මෙව්වා...

Thursday, April 13, 2017

ඔබ සැමට සාමය සතුට පිරි සිතූ පැතූ සෑමදෙයම ඉටුවන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!


ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

ඉතින් හැමදාම වගේ...
කොටි මලයා ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා...
මේ අවුරුද්දෙ කොටි මලයා අවුරුදු සමරන්නෙ අපේ අවුරුදු කුමාරයා 13ශ්‍රී6127 එක්ක...
ඉතින් මේ අලුත් අවුරුද්දෙ අලුත් ගමනකින් අපි ඉදිරියට යමු...
හැමදාම අලුත් දෙයක් කරමු...
නෑ බෑ නොකියා හැම අභියෝගයම ඔව් පුලුවන් කියලා භාරගමු...
ඔබට ජය නියතයි...

ඔබ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

මේ අවුරුදු සුබ පැතුම,
ඔබේ හිතාදර,
කොටි මල්ලියා විසින්...


Wednesday, April 12, 2017

අද අප්‍රේල් 12 වැනිදා


හ්ම්...

අද අප්‍රේල් 12 වැනිදා...

අවුරුද්දට කලින් දවස...ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2016 අවුරුද්දෙ අද වගේ දවසක තමයි අපේ අවුරුදු කුමාරයා අපේ ගෙදරට ආවෙ...ඔය තියෙන්න ගෙනාපු දවසට පස්සෙ දවසෙ ගත්ත ෆොටෝ එකක්...

අද ගොඩාක් දේ වෙනස් වෙලා...මේ තියෙන්නෙ දැන් තියන විදිහ...


ඉතින් මේ අවුරුද්දට අපි කාර් එකට අඩුවක් කලේ කලේ නෑ...තියන අඩුපාඩු කොහොම කොහොම හරි හැදුවා...හුගක් දේවල් අලුතෙන් කලා...

ඒ වගේම මම අලුත් කාර් වලින් සම්පූර්ණයෙන් මිදිලා පරණ කාර් වලට ආදරේ කරන කාර් පිස්සෙක් වුනේ මේ අවුරුද්දේ තමයි...

Sunday, April 9, 2017

අවුරුදු කුමාරයාගේ අවුරුදු තෑග්ග

ඕයේ ඕයේ...

ඔන්න අවුරුදු කුමාරයාට අවුරුදු තෑගි අරන් දුන්නා...හොදයි නේද...ඇලෝ වීල් සෙට් එකක්...මගේ වදේ හින්දම තාත්තා අරන් දුන්නා...











ලස්සනයි නේහ්...මං අවුරුද්දක් තිස්සෙ දැකපු ඇලෝවීල් හීනෙ තමා...

අවුරුදු කුමාරයා එක්ක හැමදාම මට අත්දැකීම් ගොඩායි...ඇලෝවීල් හංටින් එකේ ගිය කතාව වෙනම මේ බ්ලොග් එකේ ඉක්මනටම ලියන්න ඕනෙ...පොඩ්ඩක් ඉන්න...හෙට සදුද නේද...ඕයෑස් බේබි...අප්‍රේල් නිවාඩුවෙ පන්ති කරදරවලින් තොර පලවෙනි නිදහස් නිවාඩු දවස...හෙට වැහි දෙයියා අහස ගොරෝලා අකුණු ගහලා වාත කලේ නැත්තං හෙට පෝස්ට් එක වැටෙයි හුගක් වෙලාවට...

ආහ්...කියන්න ඕනේ...අලුත් කාර් පරණ කාර් ගැන හයිබ්‍රිඩ් කාරයන්ට ඇඩෙන්න ලියන පෝස්ට් එක තාම මට ලියන්න බැරි උනා...මං ඕක ඉක්මනට ලියන්න ඉන්නේ...එදා මේ ලගදි අපේ හයිබ්‍රිඩ්වාදියා පමෝද් කාරයට කිවුවා ඕක ලියනව කියල ඌත් ගැම්මට ආ ලියපන් ලියපන් කියල කිවුව ආ හිටපන්කො මං ඕක ලිවුවට පස්සෙ මොකාක් හරි කරල හයිබ්‍රිඩ් පොරත්වය පෙන්නන්න හදයි ඕකා පරදින්න කැමති නැති පොරනේ...හේ හේ...හිටපන්කො තොට රිදෙන්න දෙන්න...ඕයේ ඕයේ...

එහෙනං මං ගියෝ ගියෝ...

2017.04.08

2017.04.09

Tuesday, April 4, 2017

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි...

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි

මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින් දනිමි.නමුත් මේ දිනවල මාගේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බැවින් ඔබලාගේ ප්‍රශ්න සදහා යම් මුදලක් අය කරගැනීමට මා තීරණය කලොත් එය අසාධාරණ ඉල්ලීමක් නොවන බව ඔබ මුලින්ම වටහාගත යුතුය...

එබැවින් පහත ප්‍රශ්න සදහා පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ.

දැන්විය යුතුය...අය කරන ගාස්තු පහත දැක්වේ...
පුතා මේ පාර කී වෙනියදැයි ඇසීමට - රුපියල් 300ක්
එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක්
සියලු විෂයන් එකපාර අසනවා නම් රු.400ක්
"පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින්
සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින්
අය කරනු ලැබේ...

මේවා සියල්ල දැවෙන ප්‍රශ්න බැවින් මෙම ප්‍රශ්නවල වටිනාකම අවමය රු.1000 පසුකලත් ඔබලාගේ යහපත,ඔබලාට සහනයක් ලබා දීම උදෙසා ඉතා සුලු මුදල් ප්‍රමාණ අය කරන බවත් දැන්විය යුතුය.

එමෙන්ම ඔබ සිතෙනවා නම් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීමට මුදල් වියදම් කිරීම අනවශ්‍ය යැයි කියා , මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීම හොදම විසදුමයි.ඕපාදූප ඇසීමට ඔබගේ ඇති අධික ආශාව සන්සිදවා ගැනීම මොහොතකට පසෙක තබා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීමෙන් ඔබගේ සාක්කුවේ ඇති මුදල් ස්වල්පයක් බස් එකේ යන්න හෝ ඉතිරි කරගැනීම ඔබ මෙම අවුරුද්දේ සිදුකරන විශාල ඉතිරිකිරීමක් බව පැවසිය යුතුය.

එමෙන්ම ඔබ මට උපකාරයක් කිරීමට සිතා ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වනවා නම් එයද අනවශ්‍ය බව පැවසිය යුතුය.මට මුදලින් උපකාරයක් කරනවාට වඩා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකී ඔබ මුදලක් ඉතිරි කරගනු දැකීම මාගේ සතුටට හේතුවකි.

එසේම ඕපාදූප ඇසීමට හා කට ඇදකර කුණු කතා කීමට ඔබලාට ඇති අධික ආශාව සන්සිදවා ගැනීමට අවශ්‍යම නම් පමණක් ඉහත ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න අසා අවශ්‍ය පිලිතුරු ලබා ගත හැකිය.

ස්තූතියි...!!!

Friday, March 31, 2017

ගිලිහී යන ඒ විදුහලේ මතකයන් ගිලිහී නොයන්නට....

හ්ම්.....

පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ඉගෙන ගන්නා මට සෙවන දෙන කොලඹ ආනන්ද විද්‍යාලයයි...අනෙක...මට පස් වසරක් පුරා සෙවන දී මා ආනන්ද විද්‍යාලයට එවීමට උපරිම ශක්තිය ධෛර්යය ලබා දී මග විවර කල ඒ විද්‍යාලය...හොරණ රාජකීය විද්‍යාලයයි...

පස්වසරකට පෙර මා හැර ගිය එම විදුහල ගැන ටයිප් කර ලියන්නට මගේ දෑතේ ඇගිලි යතුරුපුවරුව පුරා දිව යන්නේ ඇයි දැයි මාහට නොවැටහේ.එහෙත් කුමන හෝ හේතුවක් නිසා යතුරුපුවරුව මත දිව යන ඒ ඇගිලි වලකන්නට මා සිත නොදේ...

එම අතීතය තැනින් තැනින් විටෙක පැහැදිලි චිත්‍රපටියක් සේද විටෙක අපැහැදිලි ඡායාවක් ලෙසද මගේ සිහියට නැගේ.මගේ මිතුරුමිතුරියෝ,ගුරුවරගුරුවරියෝ,පන්තිකාමර,ගොඩනැගිලි,එහි තිබූ වාහන,ක්‍රීඩාපිට්ටනි,ශිෂ්‍යනායකයන්ගෙන් බේරී පැනීමට තිබූ හොර පාරවල් සියල්ලම විටෙක චිත්‍රපටියක් ලෙසද විටෙක ඡායාවක් ලෙසද මගේ සිහියට නගා ගත හැකිය...එහි ගොඩනැගිලිවල බිත්තිවල පාට වල ඉදන් දැන් වෙනස් වී ඇති අයුරු මගේ අම්මා විටින් විට විස්තර කරයි.එමෙන්ම එම පාරේ යන විට පාසලේ තාප්පයට උඩින් පෙනෙන ඒ ගොඩනැගිලි එම විස්තර සත්‍ය බව මට අවබෝධ කරවයි...තවමත් මගේ නංගී මගේ පරණ පාසලට යන නිසා ඇයට එහි වෙනසක් නොදැනෙනවා ඇතිය යන්න මගේ හැගීමයි.මන්දයත් ඇය එම පාසලට 1 ශ්‍රේණියේ සිසුවියක් ලෙස පියනැංගේ මා 7 ශ්‍රේණියේ සිසුවකු ලෙස ආනන්ද විද්‍යාලයේ 2වැනි අවුරුද්ද ගතකරන කාලයේය.

ශිෂ්‍යත්වයෙන් සමත්වී ආනන්ද විද්‍යාලයට යෑමට එම විදුහලින් අස්වීමේ ලිපිය ලබා ගැනීමට අම්මාත් සමග ඒ විදුහලට අවසන් වරට පැමිණි දිනය අපැහැදිලි ඡායාවක් ලෙස මගේ මතකයේ තැන්පත් වී ඇත.ඒ මා එම පාසලේ පය ගැසූ අවසන් අවස්ථාවම විය.එදායින් පසු තවමත් මට ඒ විදුහල් බිම ස්පර්ශ කිරීමට හැකියාවක් ලැබුනේ නැත...වසර 5ක් ගතවී ඇතත් එදායින් පසු මට ඒ විදුහල් බිම නැවතත් දැක ගැනීමට හැකි වූයේ නැත...

ඒ කාලයේ එම විදුහලේ පාසල් ගීතය පාඩම් නැති එකම එකා සමහරවිට හෝ බොහෝවිට මා වීමට ඉඩ ඇත...එයට හේතු වශයෙන් අද මට හේතු 3ක් මගේ මනසට නගා ගත හැකිය...
1.උදේ පාසල් ගීය ගයන විට එහි ලවුඩ්ස්පීකර් වල ඇති අවුල් නිසා ගීතය පැහැදිලිව නොඇසීම.
2.එම ගීතය පාසලේ කොතැනකවත් බෝඩ් එකක හෝ ලියා නොමැති වීම.
3.එය පාඩම් කරගැනීමට තියා එය එක පාරක් කියවීමටවත් මට උනන්දුවක් හෝ උවමනාවක් නොතිබීම.

දැනට වසර 2කට පමණ පෙර මා 8 ශ්‍රේණියේ පමණ සිටියදී මම එම පාසලට යාබදව ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනක දෙමළ පන්ති ගියෙමි.එම ආයතනයේ ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ පන්තිය පිහිටියෙන් එම පන්තියේ කවුලුවේ සිට බැලූ විට පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය,බුදු මැදුර,හා මා එහි සිටි 5වසරටම සෙවන ලබා දුන් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉදිරිපස ගොඩනැගිලි දර්ශනය කල හැකිය.විටෙක මම ඒවා දෙස බලා අතීතය සිහිකරවීමට උත්සාහ ගත්තත් ඒ මොහොතකට පමණි.අද තරම් අතීතය සිහිකොට එක්කෝ සන්තෝෂ වීම,එක්කෝ දුක්වීම,එක්කෝ සතුටු හෝ දුක් නොවීම ඒ සැමදේම සිතන්නට තරම් සිතක් මට තිබුනේ නැත...නමුත් අද මෙම බ්ලොග් අඩවිය හරහා මට ඒ අතීතය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ලෙස සුරක්ෂිතව තබා ගත හැකිය...

මගේ මිතුරු මිතුරියන් ගැන මට මතක ගොන්නක් ඇතත් මේ ඔවුන් ගැන අකුරෙන් අකුර පිටුගනන් ලියවෙන කතා ලියන්නට අවස්ථාව නොවේ...මිශ්‍රපාසලක් වූ එහි අද මෙන් නොව ගැහැනු පිරිමි දෙපක්ෂයම ඉගෙනුම ලබන පාසලක් විය.අදටත් මගේ අතිජාත මිත්‍රයන් එසේ නැති නම් මගේ හොදම යාලු මාලුවන් දෙදෙනා වන පමෝද් ෂෙහාන් සහ විශ්ව දිවන්ත එදා හොරණ රාජකීය විදුහලෙන් සිප්සතර හදාරා ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ආනන්ද විද්‍යාලයට සහ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගොස් එහි සිප් සතර හදාරන්නෝ වෙති.එහෙත් පාසල් වලට සීමා නොවී ඒ මිතුදම තාමත් නොඅඩුව තිබීම මගේ සැනසීමට හේතුවකි.අපගේ පරණ පාසල ගැන ඔවුන් සමග සාකච්ඡා කර ඒ අතීතයන් නැවත සිහිපත් කරන්නට මට විටින් විට සිතුනත් මා එසේ නොකලේ අතීතය යලි මෙනෙහි කිරීම ඔවුන්ගෙන් මා දැක නොතිබූ හෙයිනි.
පමෝද් ෂෙහාන් සමග වැඩි ඇසුරක් මා හට එම විදුහලේ සිටියදී නොලැබුනේ 1 හා 2 ශ්‍රේණිවල එක පන්තිවල සිටියාට 3,4,5 යන ශ්‍රේණිවල මා ඔහුගේ පන්තිවලට ඇතුලත් නොවූ බැවිනි.එහෙත් එකල 1 හා 2 ශ්‍රේණිවලදීද ඔහුගේ ක්‍රියාකාරකම් මට තාමත් චිත්‍රපටියක් සේ මතකය.පන්තියේ මැරයන්ගේ පොරක් වූ ඔහු එකල මැරයෙක් වුවත් ඉගෙනීමට දක්ෂ පොරකි.පන්තියේ සාමාන්‍ය දඩිබිඩිස් වැඩ වලදී ඔහු ඒවාට බොහෝ විට සම්බන්ධ වූ අතර ඒවායේදී ඔහුට උපකාරී වූයේ හෂාන් ඇතුලු ඔහුගේ ගැන්සියයි.කොට ඩයල් එකක් වූ හෂාන් එකල පමෝද්ගේ දකුණු අත වූ අතර අනෙක් පන්ති හා වලි,සටන් දාගෙන වලි වලට නොබියව පෙරට ගියේ හෂාන් ඇතුලු පමෝද්ගේ ගැන්සියයි.කෙසේ වෙතත් හෂාන් ගැන මතකයක්වත් දැන් ඔහුට ඇත්දැයි මම නොදනිමි.එමෙන්ම පන්තියේ වේගය අතින්ම ඉහලින්ම සිටියේද පමෝද් ෂෙහාන්ය.ස්පෝර්ට්මීට් කාලයට ප්‍රාථමික අංශයේ මීටර් 50 දිවීමේ ශූරයා වූයේද පමෝද් ෂෙහාන්ය.එකල අපගේ පන්තිය වූ 1 අරලිය පන්තියේ පන්තිභාර ගුරුතුමිය වූ අභාවප්‍රාත කල්‍යාණි ඇඹුල්දෙණිය ගුරුමෑණියන් ඔහු දිවීමේ තරග වලට පුහුණු කරන ආකාරය අදටත් මගේ මතකයේ හොදින් තැන්පත් වී ඇත...කෙසේ වෙතත් ඔහුත් සමග ඇරගත් අවස්ථාවක්ද මගේ මතකයේ අපැහැදිලි ඡායාවක් ලෙස ඇදී ඇත...මා හා විශ්ව දිවන්ත සමග ඇතිකරගත් වලියක් හෝ ඒ වගේ මොකක් හරි එකක ප්‍රතිඵලයක් හා ඔහු ඒවා ගෙදරට පැමිණි කරද කොහේද ඔහුගේ පියා පැමිණ මාගෙන් ප්‍රශ්න කල ආකාරයක් මගේ මතකයේ අපැහැදිලිව රැදී ඇත.
විශ්ව දිවන්ත මාගේ මිතුරෙකු වූයේ කෙසේ දැයි මම නොදනිමි.නමුත් මා ඔහු හදුනා ගත්තේ ඔහුගේ කෛරාටික වැඩකට ගුරුතුමිය ඔහුට පහර දෙන වගේ අවස්ථාවක යැයි අපැහැදිලි මතකයක් ඇත.කෙසේ වෙතත් ඉන්පසු ඔහුගේ දකුණු අත වූයේ මාය...පමෝද් ඇතුලු පිරිස මෙන් මැරයන් නොවූ අප දෙදෙනා වලියකට සෙට් උනා නං ඒ කලාතුරකිනි.ඒත් කටින් පමණි.ඒ නමුත් පමෝද් ෂෙහාන්ලට වඩා බිහිසුනු අපරාද වලට අප දෙදෙනා සෙට් උනු බව නං පැවසිය යුතුමය.හොල්මන් බැලීමට යාම,වතුර බෝතල් වලට වස දැමීම ආදී බිහිසුනු ක්‍රියා අප දෙදෙනා සිදු කල අතර ඒවාට සුපිරි ෂොට්ද අප දෙදෙනාට ගුරුවරුන්ගෙන් ලැබිණ.
විශ්වයා මා කෙරෙන් යම් පමණකට ඈත් වුනා නම් ඒ 3 වසරේදී පමණි.පෙර පන්තිවල මිතුරන් නැති වුනත් මා සතුටින් පන්තිභාර ගුරුතුමිය වූ අශෝකා ගුරුමෑණියන් යටතේ අධ්‍යාපනය ලැබූ වකවානුවයි ඒ.එම පන්තිය ගැන මට මතකයක් ඇත්තේ පොත් කියවීමට මා තදින්ම ඇබ්බැහි වූ කාලය ලෙසයි.එම නිසා හොද රචනා ලියනවා කියා ගුරුතුමියගෙන් නිතර ප්‍රශංසා ලැබූ බවත් මගේ මතකයේ ඇත.එයින් එපිටට ගියා නං ඒ පන්තියේ එහා පැත්තේ වූ මිදුල අතුගෑම පමණකි.එම මිදුල අතුගෑම අපේ පන්තියේ ළමුන්ට භාරව තිබූ රාජකාරියක් වුවත් එය සිදු කලා නං ඒ මා පමණි.මා එය පටන් ගත්තේත් ජොලියට උනත් පසු කාලීනව එයට මා ඇබ්බැහි වූ බවක් මට සිහිකල හැකිය.
මා 4 ශ්‍රේණියට පැමිණෙන්නේ 4 (පන්තියේ නම නං මට මතක නැත.)කීර්තිරත්න ගුරුතුමාගේ පන්තියේ සිසුවකු ලෙසය.මට නැවතත් විශ්ව දිවන්ත සෙට් වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.1හා 2 ශ්‍රේණිවලට වඩා බැදීමක් ඇති වන්නේ එම පන්තියේදීය.කීර්තිරත්න ගුරුතුමාගේ සැරපරුෂ භාවය,ළමුන් ඔහු ගැසීමට පෙරම හඩන ආකාරය,විශ්වයා ගුටි කන විට ඔහු කෑගැසූ ආකාරය ඒ හඩ එහෙන් පිටින්ම පන්තියේ කෙලවරකට වී භයින් තැතිගෙන ඉතිපිසෝ ගාථාව මතුරමින් සිටි මා හට තාමත් මතකය...කීර්ති සර් ගෙන් ගුටිකෑ අවස්ථාද මට හොදින් චිත්‍රපටියක් සේ මතකය.එහි පන්ති නායකයා ලෙස කටයුතු කල ආකාරයත් ලාවට මතකය.
අවසානයේ 5වසරටත් අපේ පන්තිය එහෙම් පිටින්ම ළමයින් මාරු නොවී ගිය අතර වෙනස් වූයේ පන්තිභාර ගුරුතුමිය පමණි.5 ශ්‍රේණියේ අපට ශිල්ප ලබා දුන්නේ දැන් විශ්‍රාමලත් ගුණතිලක ගුරු මෑණියන් විසිනි.කිසි දිනෙක අපට තරවටු නොකල එතුමිය දවසක් මා හා විශ්වයා කල කුප්ප වැඩක් මාට්ටු වී "මුංට උගන්වන්න මං එන්නෑ"කියා පන්තියෙන් පිටව ගිය අතර වටේ සිටි ඉගෙන ගන්න හරිම ආසා කෙල්ලෙක් අපිට ඉගෙන ගන්න වෙන්නෑ කියා කදුලු වක්කරමින් හඩන්නට වූ අතර එයට උල්පන්දම් දුන් අනෙක් කෙල්ලෝ සෙට් එකද අප දෙදෙනාට බැනීමට පටන් ගත් නමුත් කොල්ලන්ගෙන් එකෙක්වත් අපිට බැන්නේ නැතිව අපිට සප් එක දීගෙන සිටි බැවින් එයින් ධෛර්යමත් වූ අප දෙදෙනා කෙල්ලන්ගේ අවලාද ගණන් නොගෙන සිටියෙමු.කෙසේ වෙතත් පැය බාගයක් යෑමටද මත්තෙන් නැවත පන්තියට ආ ගුරුතුමිය පෙර පරිදි ඉගැන්වීමේ කටයුතු කරගෙන ගියාය.
මගේ රාජකීය විදුහලේ ගෙවුනු වසරෙ 5දීම මට අමතක නොවෙන වසර 5 ශ්‍රේණියේ සිටි කාලයයි.ඒ 2012 වර්ෂයයි.මගේ ඒ පන්තියේ මිතුරන්ගෙන් මට අද බොහෝ දෙනෙකුගේ නම් මතක් කල හැකි නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු මට මේ දක්වා මුණ ගැසී නැත.නවිදු රසාංජන,එෂාර උද්දීපන,ඉසුරු පසන්,මෙනුර,ඉෂාර,තුරුණු,කවිදු,කමිදු,කලන,අකිල ඔය සෙට් එකේම නම් මට මතකය.නවිදු,ඉසුරු නං දෙපාරක් විතර දැක අත වනාගෙන ගිය අතර අනෙක් අයට නම් මගේ ඡායාවක් වත් මතකදැයි මම නොදනිමි.සමහර විට ඔවුන්ගෙන් කෙනෙකු මේ බ්ලොග් අඩවිය කියවනවා නං ඒ කාලයේ මැක්කුයීන් පිස්සා,කාර් පිස්සා,හැමවෙලේම ඩ්‍රෝවින් පොතක් අරගෙන කාර් අදින කාර් පිස්සා ගැන යන්තම් හරි මතක් වෙන්නට පුලුවන.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි දින සිට ඒ පාසලේ සිදුවූ සෑම දිනයක්ම මගේ මනසේ HD චිත්‍රපටයක් සේ වෙනසක් නැතුව මතකයේ තිබුනත් ඒ සියල්ල ලියන්නට මට මේ මොහොතේ වෙලාවක් නැත.නුදුරු අනාගතයේ එම කතාවත් මගේ දෑතේ ඇගිලි වලින් මෙම බ්ලොග් අඩවියේ ටයිප් වී පබ්ලිෂ් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ඉතින්...එක්වරම වුවත් කාල වේලාව අවසන් නිසා මෙම ලිපියට තිත තියන්නට වෙලාවයි මේ...එබැවින්...සම්පූර්ණයෙන් පාඩම් නැති පාසල් ගීයේ පාඩම් ඇති එකම පද පේළියෙන් මෙම ලිපිය අවසන් කරමි...සමහර විට මෙම කොටසත් වැරදි විය හැකියි...එය නිවැරදි කිරීම ඔබට භාර කරමි...

රාජකීය විදුහල් මවුනී...සැරදේවා පතමූ බැතිනී...සැරදේවා පතමූ...!!!

කොටි මල්ලියා,
2017.03.31




2019.02.05 UPDATE
මෙහි නම් සදහන් කර ඇති මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙක් 2018 වසරේ මා සාමාන්‍ය පෙළ අමතර පන්ති යන විටදී නැවත මට හමුවිය.සමීප ඇසුරක් පවත්වන්නට නම් නොහැකි වූ අතර යම් තරමට එසේ ඇසුරක් පැවැත්වූයේ ඉසුරු පසන් සමග පමණි.අනෙකුත් අය නම් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ වලදී,මගතොටේදී,බස් එකේදී මුණගැසී වචන කිහිපයක් කතා කළා පමණි.නමුත් ඔවුන්ට මා මතක තිබීමත් ඇත්තටම මා හට විශාල සතුටකි.

Monday, March 27, 2017

පේජ් එකක් විදිහට සේව් කරල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය දැක්කද?

හම්මේ ඉතින්...දැන් බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ ඉන්නකොට තමයි මේක දැක්කෙ.මීට අවුරුදු 2කට විතර කලින් දාපු කොටි මල්ලි බ්ලොග් එක ඇරඹුවෙ වින්ඩිගේ අඩවිය නමින්...ඒ දාල දාපු පිලිගැනීමේ ලිපියත් මේකෙ තාම තියනව.ඕනි නං blog archive එකේ බලන්න 2015 අගෝස්තු මාසෙ තමා දාල තියෙන්නෙ.ඒකාලෙ ටෙච් බ්ලොග් පිස්සුවනේ...ඒක නං දැන් මට හිතෙනව මගෙ ටෙච් බ්ලොග් එක මමත් රැල්ලට කලේ කියල.ඒකාලෙ බලන බලන තැන ටෙච් බ්ලොග්.ඒකම ලිපි තියෙන්නෙ.දැන් මගෙ ටෙච් බ්ලොග් එකේ ඩොමේන් එක්ස්පයර් වෙලා දැන් කරල වැඩකුත් නෑ කරන්නත් කම්මැලියි.මේ තියෙන්නෙ පේජ් එකක් විදිහට මම හදලා දාල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය.පෝස්ට් එකක් විදිහට දැම්මොත් පහලට යන නිසා පේජ් එකක් විදිහට දැම්මත් ඒකෙන් එච්චර වැඩක් උනේ නෑ.බ්ලොග් එකේ ආරම්භය මතක් කිරීමක් විදිහට මෙතන ආපහු දාන්න හිතුවා.

ලින්ක් එක - http://kotimalli.blogspot.com/p/kotiyaworld.html

මේ තියෙන්නෙ ලිපිය...

මම KOTIYAWORLD....


හැම දේටම ඉස්සර වෙලා මගේ පර්සනල් බ්ලොග් එකේ මම ගැන විස්තරයක් දාන්න ඕනි...නැත්තං ඒක පර්සනල් බ්ලොග් එකක් නෙවේ.....

මාව ඉන්ටනෙට් එකේ කවුරුත් දන්නෙ KOTIYAWORLD කියලා...නැත්තං PCKOTIYA කියලා....මම කොච්චර උනත් ඉන්ටනෙට් එකේදි කවදාවත් මගේ ඇත්ත නම හෙලි කරන්නෙ නෑ.හොරකමට නෙවේ.ඒක මගේම සිතුවිල්ලක් නිසා.මට වයස අවුරුදු 13යි.හී හී...තාම මම පොඩි ළමයෙක්....

මම PCKOTIYA පරිගණක ලෝකය බ්ලොග් එක පටන් ගන්නකොට වයස අවුරුදු 12යි.ඒ 2014 අවුරුද්දෙ.මම ඒ කාලෙ හිතුවෙ මම හැදුවෙ වෙබ් සයිට් එකක් කියලා...මොකද මම එතකොට බ්ලොග්කරණය තියා බ්ලොග් කියන එක අහලවත් තිබුනෙ නෑ.බලද්දි මම හදල තියෙන්නෙ බ්ලොග් එකක්.

මගේ බ්ලොග් කරණයට අඩිතාලම දැම්මෙ පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඒ කාලෙ ගොඩාක් දේ ඉගෙන ගත්තා.නමුත් අනිතිමට ඒ ෆෝරම් එක ඩවුන් උනා.මේ ලිපිය කියවන ඔයාත් ඒකෙ හිටියා නම් chester1 කියලා පරිගණකලෝකයෙ හිටියේ මම කියලා තේරෙයි.

මම කොටියා කෑල්ල අල්ල ගත්ත එකත් පිස්සුවක්.කොටියා කෑල්ල ආවෙ 2013 වසරෙ.ඉන්ටනෙට් හරහා සම්බන්ධ උනේ 2014 අවුරුද්දෙ.කොටියා කෑල්ල ආවෙ කොහොමද කියලා මම කියන්නම්...

මෙහෙමයි.අපේ පුංචිගෙ නෑයෙක්ගෙ ගෙදර පර්ෂියන් පූසො ගොඩක් හිටියා.දන්නවනෙ.අර මයිල් පිරුනු පූසො.ඔයින් එකෙක් අපිට නොමිලේ දුන්නා කැමති නං ගන්න කියලා...එකෙක් අපිට අනික් එකා පුංචිට.ඊට පස්සෙ අර පූසා අපේ ගෙදර ආවා.

ගත වුනේ මාසයයි.ඒ ගෙදර අනිත් පූසො දෙන්නත් තියාගන්න බෑ කියලා නිකන්ම දෙනවා කිවුවා.මුං පැටවු හදාගත්තොත් විකුණන්න පුලුවන් කියලා අනිත් පූසො දෙන්නත් ගෙනාවා.

අපි ළග හිටියෙ අලුපාට පූසෙක්.පුංචිල ගාව හිටියෙ අලු පාට පූසියක්.අපි අලුතෙන් ගෙනාවෙ සුදු පාට පූසෙකුයි අලුපාට පූසියෙකුයි.ඒ මෙයාලගෙ අම්මයි තාත්තයි.

ඔන්න බොලේ දැන් මුං අපේ ගෙදර ඉන්නව.මුංගෙ මූණු නිකන් කොටියන්ගෙ වගේ.ඉතින් මුංට නමක් දැම්මා මම කොටි පූසෝ කියල...ටික කාලයක් යද්දි පුංචිලාගෙ පූසිත් අපේ ගෙදර පදිංචියට ආවා.දැන් පූසො 4යි.ඉතින්...දන්නැද්ද...ළමා මනස ක්‍රියාත්මක වෙනවා...පූසො 4 දෙනා සංගමයක් වගේ...කොටිපූසා වර්ල්ඩ් කියල මම හදපු සංගමේ නායකයා සුදු පූසා..කොටිපූසා කියන එක හරි නැති නිසා ඒක කොටියා වෙලා කොටියාවර්ල්ඩ් උනේ නිකන්ම.බලද්දි ඒකත් පිස්සුවක් නේද?ඔහොම තමා ළමා මනස.එක එක දේ හිතෙනව.මේ වෙද්දි වයස 11යි.

ලැප් එක කොහොම හරි මම ගේම් ගහල කඩා ගත්තා.ඉතින්...ගේම් ගහද්දි ලැප් එකේ මදර්බෝඩ් එක අධිකව රත් වෙනවා.ඉතින්...මදර්බෝඩ් එකේ චිප් එකක් ගියා...අමාරුවෙන් ඒක රු.5000ගාණක් දීල හදාගත්තා..ඒත් ගේම් ගහන්න සම්පූර්ණයෙන්ම තහනම්.ඉතින්.....කාලයක් ගේම් ගහල ටිකක් නොමගට වගේ ගිය මම පරිගණකයේ අධ්‍යාපනික පැත්ත ගැන හිතන්න පටන් ගත්තා.වින්ඩෝස් කන්ට්‍රෝල් පැනල් එකේ ඔබපු නැති දෙයක් තරම්.සමහර වෙලාවට අවුල් ගියාම ටිකක් බයත් හිතුනා.ඊට පස්සෙ ආපහු ඔබල ඔබල ඒක හදා ගත්තා...වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කළා.සොෆ්ට්වෙයා අත්හදා බැලුවා.දැන් තරමක සොෆ්ට්වෙයා දැනුමකුත් තියනවා.මේ වෙද්දි ඉන්ටනෙට් තියනව.මොකද කළේ?සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරපු එකයි ෆොටෝස් ඩවුන්ලෝඩ් කරපු එකයි විතරයි කලේ.ඊමේල් එකක්වත් නෑ.

දැන් 2014 වසර.දැන් මම 7 ශ්‍රේණියෙ.ටිකක් ටිකක් සොෆ්ට්වෙයා දැනුම වැඩි වෙද්දි ඉන්ටනෙට් භාවිතය ඉහල ගියා..ඔය අතරෙ විශේෂ දෙයක් උනා.මම අලුත් ලැප් එකක් මිලදී ගත්තා.අලුත් කිවුවට පාවිච්චි කරපු core 2 due එකක්.තිබුනෙත් core 2 due එකක්.මම තවත් processor,ram,vga ගැන දැනගෙන හිටියෙ නෑ.මම බැලුවෙ ලැප් එකේ වර්ගය,ලස්සන සහ මෙහෙයුම් පද්ධතිය විතරයි.කලින් ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතිය.අලුත් එකේ තිබුනෙ වින්ඩෝස් 8.පරණ මෙහෙයුම් පද්ධතිය එපා වෙලා හිටපු මට මේක ලොකු සතුටක් උනා.

ඊට පස්සෙ....ඒකෙත් සොෆ්ට්වෙයා රන් කළා....ඒකෙදි vga,ram,processor බලන්න ඉගෙන ගත්තා.ඊට පස්සෙ අලුත් එකෙත් ශේප් එකේ ගේමක් 2ක් ගැහුවා.අවුලක් නෑ.

කොහොම හරි මටත් කොටියාවර්ල්ඩ් එකට වෙබ් සයිට් එකක් හදන්න ඕනි උනා.අන්න ඒක තමා මගේ බ්ලොග් ගමන් මගේ ආරම්භය.මම wix.com වගේ සයිට් වල පැය ගණන් වෙබ් සයිට් හැදුවා.පස්සෙ ඒක පබ්ලිෂ් කලාමයි දැක්කෙ ඒ හැම එකකටම මුදල් ගෙවන්න ඕනි කියලා...ඒ නිසා ඒක අත් ඇරියා...

මට පරිගණක ගැන දන්න දෙයින් ලිපි ලියන්න ඕනි කියල හිතුනෙ ඔය කාලෙ.ඒකට හේතුව පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඉතින්....ඔය කාලෙ තාමත් අර වෙබ් සයිට් හදන්න පුලුවන් සයිට් ගැන හොයනකොට එකපාරට blogger.com හම්බ උනේ අහම්බෙන්.මම ඒකෙන් එකක් හැදුවා.ඒකෙන් කිසිම අවුලක් නැතුව මුදල් ඉල්ලන්නෙ නැතුව බ්ලොග් එක පබ්ලිෂ් වුනා.(මේ කියන කාලෙ මම හිතන් හිටියෙ ඒක වෙබ් සයිට් එකක් කියලා)පස්සෙයි මම දැක්කෙ ඒකෙත් .blogspot.com කියල දැක්කා.මම ගොඩාක් පරිගණක ගැන සිංහලෙන් තියන බ්ලොග් වල ඕක දැකල තිබුනා.ඉතින් මට මාර සතුටුයි.මම වැටිල ඉන්නෙ හරි පාරට කියල මම තේරුම් ගත්තා...

ඊට පස්සෙ ගොඩාක් වෙනස්කම් උනා.පරිගණකලෝකය.com ඩවුන් උනා.ඊට පස්සෙ ජීවිතයේ වෙනස්කමක් ඇති කරපු ෆෝරම් එක කුප්පිය.lk මේක තවත් සාර්ථකව කරගෙන යන ෆෝරම් එකක්.මේකෙදි තමා ජීවිතයේ ප්‍රථම වරට emoney ගැනත් ඉගෙන ගත්තෙ.ඊට පස්සෙ එකතුව,තක්සලාව වගේ ෆෝරම් වලටත් එකතු වුනා.දැන් මම 8 ශ්‍රේණියෙ.දැන් ෆේස්බුක් යන්න අවසරය තියනවා.ටිකක් දැන ඉගෙන ගත්තට පස්සෙ ෆේස්බුක් ඔටෝ පෝස්ටර් එකෙන් පෝස්ට් ෂ්‍යො කරන්නත් පටන් ගත්තා....දැන් මගේ පීසීකොටියා පරිගණක ලෝකය බ්ලොග් එකට අවුරුද්දයි.ඉතින්...මම දැන් වෙබ් සයිට් මොකක්ද බ්ලොග් සයිට් මොකක්ද කියන එක තේරුම් අරගෙන හිටියෙ.ඉතින් මම සතුටු වෙනව අවුරුද්දක් හරි සාර්ථක සිංහල බ්ලොග් කරුවෙක් විදිහට ඉන්න ලැබීම ගැන....

ඉතින්....මගේ බ්ලොග්කරණයේ ඉතිහාසය මෙන්න....මට කියන්න අමතක උන මගේ පෞද්ගලික විස්තර ටිකක් දැන් කියන්නම්....

මම දැන් 8 ශ්‍රේණියේ.මගේ ගම හොරණ.පවුලේ අම්මයි මමයි තාත්තයි නංගියි.මමයි වැඩිමලා.මම ඉගෙන ගත්තෙ හොරණ රාජකීය විද්‍යාලය.අවසානයේ 2012 වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් අරගෙන මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා...මගේ පරිගණක වැඩ වලට උදවු කරන මගේ හොදම යාලුව පමෝද් ෂෙහාන් ගැන කියලම ඉන්න ඕනි.ඒ වගේම විශ්ව වගේ යාලුවොත් අමතක කරල බෑ.

මේක තමා මගේ විස්තරය.දැන් මම ගැන ඔයාලා දන්නවා.

-------------------------------------------------------------------------------------------------

ඒත් එක්කම ගොඩාක් දේ වෙනස් වෙලා...කොටියා වර්ල්ඩ් දැන් නැහැ...පූසො 4 දෙනා ඊට පස්සෙ 13ක් දක්වා වැඩි වෙලා දැන් ආයෙත් අඩුවෙලා දැන් ඉන්නෙ 3යි...ඒ 3ත් කොයි මොහොතෙ යයිද දන්නෙ නෑ...සත්තු ගැන නං මගෙ උනන්දුව දැන් ඇත්තටම හුගක් අඩුයි.ඒ වෙනුවට තමයි ජීවිතේට අලුත් දෙයක් එක්ක 13ශ්‍රී6127 මට කාර් පිස්සුව හැදුවෙ.කොටියා වර්ල්ඩ් එකෙන් මට ඉතිරි වෙච්ච එකම දේ කොටි මල්ලි කියන නම මම දිගටම පාවිච්චි කරනව.
ඇත්තටම දැන් මට 15යි.අවුරුදු 2කට ජීවිතේ කොච්චර වෙනස් වෙලාද?මගේ සිතුම්පැතුම් එහෙමත් එහෙම පිටින්ම වෙනස් වෙලා.මීට අවුරුදු 2කට කලින් හිතපු විදිහට නෙවේ අද මම හිතන්නෙ....බලන්න ඒකෙත් හැටි...

ජීවිතේ ඒකාකාර නෑ...තත්පරයක් තත්පරයක් ගානෙ වෙනස් වෙන්න පුලුවන්...

හිත වාවන්නෑ හත්තිලවුවේ...

ඊයෙ රෑ,
ඒ කියන්නෙ 2017.03.26 රෑ 8.45ට විතර ඇති...අපි ටවුමට ගියේ බඩු වගයක් ගන්න...අපේ අම්මයි තාත්තයි නංගියි මමයි අපේ වැගන් බේබි 13ශ්‍රී6127 එක්ක තමයි ගියේ...අපි බඩු අරගන්නෙ ආනන්ද ෆුඩ් සිටියෙන්...අරගෙන ඉවරවෙලා අපි ගෙදර එන්නෙ හොරණ කලුතර පාරෙ බැල්ලපිටියෙන් දික්හේන පාරට දාලා...
ඉතින් අපි බඩු අරගෙන කලුතර පාරෙ එන ටිකේ එනකොට කෝල් එකක් ආවා...තාත්තා ඒ කෝල් එකට උත්තර දෙන්න කාර් එක පාරෙ අයිනකට කරල නැවැත්තුවා...විනාඩි 2ක් විතර කෝල් එකේ හිටියේ...

එකපාරටම දඩාස් ගෑවා මං දැක්කා සයිඩ් කන්නාඩිය කැරකි කැරකි ගුවනේ පියාසර කරලා ගිහින් තණකොල ගොඩක් උඩට වැටෙනව.ඒත් එක්කම හප්පපු බස් කාරයා කිසිම තැකීමක් නැතුව නවත්තන්නෙ තියා ස්ලෝ කරන්නෙවත් නැතුව ආපු වේගෙන්ම කඩාගෙන ගියා...

තත්පර කිහිපයක් ඇතුලත වෙච්ච දේ නිසා හිතාගන්නවත් බැරුව අපි එහෙමම හිටියා...ඊට පස්සෙ හැමතිස්සෙම කාර් එකට මොකක් හරි වෙච්ච වෙලාවක බැහැලම වැඩ කරන්නෙ මම තමයි...මම ටෝච් එක අරගෙන තමා කාර් එකට වෙලා තියන ආබාධ මොනවද කියල බැලුවේ...

සයිඩ් කන්නාඩිය නං බැලුවෙත් නෑ ඒකට අත්වුනු ඉරණම මං දැනගෙන හිටපු නිසා...
මම මුලින්ම වාහනේ බද බැලුවා...කලුපාට හීරීමක් තිබුනා...ඊට පස්සෙ එහෙමට අවුලක් තිබුනෙ නෑ...ඒත් එක්කම තමා මට මතක් උනේ කාර් එකේ මඩ්ගාඩ් ටිකක් එලියට නෙරලා තියන නිසා ඒවට මොනව හරි වෙලාද කියල බලන්න ඕනි කියලා...

හිතුවා හරි...මඩ් ගාඩ් එක තැලිලා...මට වාවන්න බැරි තරම් දුකයි...පිටිපස්ස මඩ් ගාඩ් එකට නං කලු පාට හීරීම විතරයි ඇතුලට තැලිල නෑ...ඒත් ඉස්සරහ මඩ් ගාඩ් එක තැලිලා...කලු වෙලා හීරිලා...මගෙ ඇග උණු වෙලා ගියා...වාත්තු කලා වගේ තිබුනු කාර් එක කොහේද යන බල්ලෙක් කෑවා...දුකේ බෑ...ඔයාලා දැක්ක නං කියයි අයියෝ පොඩි තැල්මක් කියලා...ඒත් ජීවිතේට එකපාරක් හරි සීරියස් විදිහට වාහනේකට ආදරේ කරන/කරලා තියන එකෙක්ට තේරෙනවා මට ඇති වෙච්ච වේදනාව...නිකන් මාව බස් එකක් හප්පන් ගිහින් ඇටකටු තැලුනා වගේ වේදනාවක් ආවේ...මට පුලුවන් කමක් තිබුන නං අර බස් කාරයා එලවන් ගිහින් 2ක් නෙලන්න අනිවා 2කට 100ක් නෙලනව ඇටකටු කුඩු වෙන්න...

ඕකට හෙන ගහන්න ඕනි වල් බල්ල කොහේද යන බල්ලන්ට ජාතක වෙලා පාරෙ වාහන එලවන්න එන බල්ලන්ගෙ පුතාල චාරයක් නැතුව වාහන එලෝනව උගෙ ඇම්මට උගෙ රේස් එකට ඌ කෙලගෙන වෙට්ටු දාගෙන ගියා තොට හෙනම ගහපිය හෙනම ගහපිය ආත්මයක් ගානෙ තොට වාහන එලවන්නවත් ලැබෙන්න එපා කාලකන්නි බලු පුතා ඔව් ඉතින් බල්ලන්ට ජාතක උන එවුන් එහෙම තමයි බල්ලන්ට කවදද හොද අදහස් ආවෙ මනුස්සකම තියේද පොඩ්ඩක් නවත්තල බලන්නවත් බල්ලන්ට දාව ඉපදිච්ච එවුන්ට.කාලකන්නි හැත්ත...හෙනම ගහපිය වල් බල්ලා...

*****
කොහොම හරි එවෙලේම ගියා අපේ ටින්කර් වැඩ කරන මහත්මයා ලගට...එයා සල්ලිවත් ගන්නෙ නැතුව ටක් ගාලා අතින් ඇදලා පොඩ්ඩක් විතර ඇදේ ඇරලා අර කලුපාට හීරිම් ටික පොලිෂ් එකක් ගහලා මකලා කරලා දුන්නා...එයා නං කියනවා අපි කාර් එක ගැන හිතනවා වැඩියි කියලා...හිතන්නැතුව ඉන්නෙ කොහොමද හත්තිලව්වේ?...අර තැල්ම දකිද්දි එන දුක වචනයෙන් විස්තර කරන්න බෑ...හිත වාවන්නෑ හත්තිලවුවේ...වාවන්නෑ...



Saturday, March 18, 2017

VGA හංටින් ග්‍රැෆික් කාඩ් හංටින්...


මම පයින් ඇවිද ගෙන ටවුන් එක පැත්තට යන ගමන් කල්පනා කලේ මේක අනිවා බ්ලොග් එකට ලියනව කියල...

මම ඒ වෙලාවෙ හිටියෙ හොරණ සිංගර් එක කිට්ටුව මතක හැටියට...

මම එදා විද්‍යා පන්ති ආවෙ අමාරුවෙන් උපන්දිනේට නෑදෑයන්ගෙන් ලැබුනු රුපියල් 2700ක විතර සල්ලි ටික සාක්කුවෙ දාගෙන...
පන්ති 10.30ට ඉවර වෙලා හොරණ කොලඹ බස්එකේ නැග්ගා...ඊට පස්සෙ අද අයිටී පන්ති යන්න කලින් දවසෙ තිබුනු අසනීප ගතිය පොඩ්ඩක් පෙන්නලා කරලා ගෙදරින් අයිටී පන්ති යන්නැතුව ගෙදර එන්න අවසර ගත්තා...

කොහොමහරි අයිටී පන්ති යන්න බහින තැනින් විශ්වයත් එක්කම බස් එකෙන් බැහැලා බඩගින්නක් ආපු නිසා සෝස් එක්ක පේස්ට්‍රියක් කාලා මම මගේ මිෂන් එකට බැස්සා...

මිෂන් එක තමයි හොරණ පීරලා හරි මගේ ගාණට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක...

මම මුලින්ම ගියේ හැමදාම මං ගණන් විතරක් අහලා ආපහු එන පොට් එකට...එතන පොඩි අයියලා දෙන්නෙක් ඉන්නෙ.එයාලා එතන වැඩ කරන අය...

මං ගිහින් උංගෙන් ඇහුවා 2500කට විතර 512 ග්‍රැෆික් කාඩ් තියනවද කියල...

උන් කිවුවා 3500ට තියෙන්නෙ කියලා...කිසිම හැගීමක් දැනීමක් නැති එකෙකු සේ මං එතනින් පාවෙලා අයිටී පන්තිය පහුකරගෙන යන (උඩවත්ත පාරෙ)කොට හම්බෙන ෂොප් 2ක් තියනව.ඒ පලවෙනි ෂොප් එකෙන් තමයි මං හෙඩ් සෙට් එකක් ගත්තෙ.අනික මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මට 2වෙනියට අඩුම ඩීල් එක දුන්නෙත් එයාලා...මං එතනට ගිහින් හිටපු තඩියාගෙන් ඇහුවා 512,1 ජීබී ග්‍රැෆික් කාඩ් තියේද කියලා...
ඌ නිකන් ඌරු මස් ටිකක් කාලා ගුඩුස් අරින ඩයල් එකක් වගේ මූසල හිනාවක් දාල 1ජීබී එකක් නං ඔයාට 6000කට මෙහා හොයන්න බැහ්...512 දෙන්නං 3500කට...
ඒ අයියටත් 512 ග්‍රැෆික් කාඩ් 3500ටම ගන්න ලැබේවා කියල මං උඩවත්ත පාරෙ 2වෙනි ෂොප් එකට ගියා...

මං ඒකට ගියේ මේ පලවෙනි වතාවට...ඒක ඒසී කරපු ෂොප් එකක්.මං යනකොට පෙම් යුවලක් වගේ දෙන්නෙක්(කොල්ලෙකුයි කෙල්ලෙකුයි බං) සෝෆාවෙ වාඩි වෙලා හිටියා...උන් මං දිහාට දැම්මෙ පලවෙනි වතාවට කම්පියුටර් ෂොප් එකකට එන හුරතල් පොඩි එකෙක්ව දැකලා ඌව හුරතල් කරන්න දාන හිනාවක්...මට ඉතින් කින්ඩිය...මං හිතන්නෙ උන් කම්පියුටර් එකක් රෙපයාර් කරගන්න ආපු අය...එහෙම හිතලා මං ඉස්සරහ කම්පියුටර් 2 ඉස්සරහ ඉන්න උන් දෙන්න ලගට ගියා...

අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?2500කට විතර...

අරුන් දෙන්නා මං පොඩි එකාය කියලා හිතාගෙනද කොහෙද කින්ඩි හිනාවක් දාලා පොඩි එකා පවු නිසා අනේ අර මැෂින් එකේ එක්සෙල් ෂීට් එකක් හරි මොකක් හරි ඕපන් කරගෙන හොයනවා හොයනවා 2500ට ග්‍රැෆික් කාඩ් තියේද කියල...ඒ අස්සෙ එකෙක් බොස්ට කෝල් එක දෙනවා තියනවද තියෙනවද අහන්න...කෝල් 4ක් 5ක් ගත්තට පස්සෙ තමයි ලොක්කා ආන්සර් කලේ...ඌ 2500යි හරි ඔහොම ගාණක්ද කොහෙද කිවුවෙ.
කොහොම හරි දැන් අරුන් දෙන්නා දාගෙන උන්ගාව තියන ග්‍රැෆික් කාඩ් ටික තෝරනවා තෝරනවා සැරින් සැරේට මං දිහා අහිංසක හිනාවල් දදා...
මල්ලි දැන් ඔයාට මේක ඕනිද?...උන්ට හරි කාඩ් එක හොයාගන්න බෑ...
ඔව් අයියෙ අද මට ඕනෙ...
බැරිම තැන අරුන්,
මල්ලි 3000ට තමා තියෙන්නෙ...
මං බුවා-2700කට වගේ දෙන්න බැයිද?
අර අයියලා-මල්ලි මේක 3300යි ඉතින් 300කුත් අඩු කරලා තමයි දෙන්නෙ...
හා කමක් නෑ අයියෙ...
මං අරුන් දෙන්න පැය ගාණක් ග්‍රැෆික් කාඩ් තෝර තෝර මාව බොරුවට චාටර් කරපු එකට ඒ අහිංසකයන්ගෙ පරම්පරාවටම පින් දෙමින් ආයෙත් පැය බාගයක් විතර උඩවත්ත පාරෙ කකුල් ගාල ආපහු මං කලින් මගේ පිච්චුනු ග්‍රැෆික් කාඩ් එක ගත්ත පොට් එක එහෙමත් නැත්තං මොනර පැලස් එකට ගියා...
මොනර පැලස් කිවුවට කම්පියුටර් නමක් දාල අගට පැලස් කියල තියෙන්නෙ ඒත් අයිතිකාරය මොනර වගේ ආඩම්බර ඩෑල් එකක් නිසා මං මොනර පැලස් කියල කියන්නෙ.
මං ඔන්න ඔහේ කියල මේකෙන් වල් එකක් දෙයි කියල දැන දැනම ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියේද?...
ගේමින් එක තියෙන්නෙ මල්ලි නෝමල් එක නෑ...ගේමින් එක දෙන්නං 4500කට කොහෙද කිවුවෙ...ඌට ගේමින් වීජීඒ එක එයාගෙ පස්ස පැත්තට සෙට් කරගෙන මේ දක්වා ආපු සුපිරිම ගේම් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මං එතනින් ගියා...
ඊට පස්සෙ ආපහු කකුල් ගාලා ගාලා ඒ ගාන ගමන් තමයි හිතුවෙ මේක බ්ලොග් එකේ ලියනව කියල...
ඊට පස්සෙ මං ගේම් ඩීවීඩී ගන්න හොරණ බස් ස්ටෑන්ඩ් එක උඩ පොට් එකට ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
දන්නෑ මල්ලි ඒව අහන්න නං අපේ මල්ලි එනකන් ඉන්න වෙනව.
එයාටත් කම්පියුටර් විකුණන්න එයාගෙ හත්මුතුපරම්පරාවම එකට ඉන්න නැකතක් සෙට් වේවා කියල ප්‍රාර්ථනා කරලා බස්ස්ටෑන්ඩ් එක ඉස්සර තට්ටු 2කේ බිල්ඩින් එකේ 2වෙන තට්ටුවෙ ෂොප් එකට ගියා...
අක්කෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
අක්කා අර අයියලා වගේම පැය ගාණක් තෝරලා තෝරලා මල්ලි සන් එක තමයි තියෙන්නෙ.
සන් කිවුවෙ අක්කේ?
ati vga එක.
මං දැනගත්තා අමු ජරා බ්‍රෑන්ඩ් එකක් කියල.AMD එකෙන් ඔය චයින වල ගහන බ්‍රෑන්ඩ් එකක් වෙන්නැති සන් කියන්නෙ.ඒ වගේම දැඩි එන්වීඩියාවාදියෙක් වෙච්ච නිසා මම එතනිනුත් ගියා...
දැන් නං එපා වෙලා...ගෙදර මිනිස්සු අම්බානෙකට බය වෙලත් ඇති මං පරක්කුයිනේ...ඕනි එකක් කියල මං ආර්ය විලාස මාවතට හැරෙන තැන ලග අලුතෙන් දාපු ලොකු ෂොප් එකට ගියා...
එතන මං හිතන්නෙ තොග දෙන තැනක්...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
ඔව් එන්වීඩියා 512 එක තියනව 2500ට දෙන්නද?
පැය ගාණක් අවුවෙ කකුල් ගාල හෙම්බත් වෙලා හිටපු මම මොකූත් බලන්නැතුව බූරුවෙක් වගේ හා කිවුවා...
අයියා කෙනෙක් ටක් ගාලා උඩ තට්ටුවට ගිහින් දඩ ග්‍රැෆික් කාඩ් එකක් උස්සන් ඇවිත් ඒකෙ දූවිලි ටික පිහිදාලා මෙන්න මල්ලි කියලා මට බලන්න දුන්නා...

අහ්...මේ පාරත් 9500GT එකක්.මගේ පිච්චුනෙත් ඔය ජාතියෙ එකක්.ගත්තෙත් මේක වගේම 2500කට මොනර පැලස් එකෙන්...
ඒත් මේක කලින් එකට වඩා වෙනස්...ලොකු ෆෑන් එකක් තියනවා...ෆෑන් එක වටේටත් ලොකු ප්ලාස්ටික් ගාඩ් එකක් තියනවා.ෆෑන් එකේ මැද එන්වීඩියා ලෝගෝ එක.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකේ තිබුනෙ පොඩි ෆෑන් එකක්.ඒකෙ ෆෑන් එකේ මැද එන්වීඩියා ලොගෝ එක නැතුව තිබුනෙ වෙන ලොගෝවක්.ප්ලාස්ටික් ගාඩ් එකක් නෑ.ඒක නිල් පාට කාඩ් එකක්.මේක කොල පාටයි.කලින් එකේ වගේ බාගෙට ලොම් හැලිච්ච පෙනුමක් තිබුනෙ නෑ.හොද පෙනුමක් තිබුනා.
ඉතින් මං සල්ලි දීලා එක මිලදී ගන්න තීරණය කලා...
මාස 3ක් වොරන්ටි එයාලා දෙනවා...එයාලා බිල ලියනකොට තමයි මම එයාලගෙ බිල් පොත දැක්කෙ...මාව දැක්කම උඩ ගියා...ලංකාවෙ ප්‍රසිද්ධ කම්පියුටර් තොග දෙන තැනක්...මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මිල ගණන් හොයන්න ඒකෙ ටෙලිෆෝන් නම්බර් එකට කතා කරලත් තිබුනා.එයාලා දුන්න ඩීල් එකට එයාලගෙ කම්පියුටර් එක ලාබ උනත් මං ගාව ඒකට සල්ලි තිබුනෙ නෑ.ඒත් මං එයාලා ගැන දැනගෙන හිටියා...එයාලගෙ කොලඹත් බ්‍රාන්ච් තියනව.හොරණම ඉලිඹෙත් මං හිතන්නෙ එයාලගෙම බ්‍රාන්ච් එකක් තියෙන්නෙ.එතකොට මේ ටවුමෙ එකත් එක්ක හොරණ බ්‍රාන්ච් 2යි.
අනික මේ දක්වා මට කම්පියුටර් පාට්ස් වලට ලැබුනු දිගටම වොරන්ටිය මාස 3යි.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකට මාසයයි.ඔයාල හිතයි මාස 3 මොකක්ද කියල.ඒත් ඇත්තම කිවුවොත් මගෙ මුලු ඩෙස්ක්ටොප් කම්පියුටර් එකටම ලැබුනු වොරන්ටියත් මාස 3යි.ඉතින් මාස 3 මට ලොකු වොරන්ටියක්....

දැන් මගේ කම්පියුටර් එක වැඩ කරද්දි මගෙ ග්‍රැෆික් කාඩ් එක 512MB NVIDIA Geforce 9500GT එකක්...

-----------------------------------------------------------------------------------------------------------
කොටි මල්ලි...
2017.03.18

Wednesday, March 1, 2017

ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද???මගේ අදහසට අනුව


මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ගැනත් සලකලා මට හිතුනා මේක ගැන මගේ පෞද්ගලික අදහස ගැන බ්ලොග් එකට ලිපියකුත් දැම්මොත් හොදයි කියල...

පහත ලින්ක් එකෙන් ඔයාලට ඒ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්.
https://kuppiya.lk/threads/%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF.9780/

ගොඩක් අය කියල තිබුනා අවශ්‍යතාවය වෙනස් වෙනව කියල...ඒක සම්පූර්ණ ඇත්ත...මං මේක දිහා බැලුවෙ මිලත් එක්ක සංසන්දනය කරල.මොකද එයා මේකට යොදවන්න බලාපොරොත්තු වෙන මුදල ගැන අදහසක් දාල තිබුනෙ නෑ.මේ වගේ දෙයක් බලද්දි සාමාන්‍යෙයන් අපිට මිල ගැන දල අදහසක් හරි තිබුනොත් හුගක් වටිනව.මොකද දැන් කාලෙ හැමෝටම ආර්ථික ප්‍රශ්න තියනවනෙ.ඉතින් මම මේකට මිලත් අවශ්‍යතාවයත් සලකලා පොඩි ලිපියක් ලියන්න හිතුවා.මෙතන මං වැඩිපුරම කතා කරන්නෙ අඩු මිලට හොද උපාංගයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්...

මෙහෙමනෙ ඉතින්...කලින් කිවුවා වගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනව...
අපි මුලින් ඩෙස්ක්ටොප් වලට බහිමු.

ඔයා ගේමින්, වෘත්තීය විදිහට ග්රැෆික්,වීඩියෝ එඩිටින් කරනවා නං ඉතින් ඩෙස්ක්ටොප් එකකට යනවා නං හොදයි ඉතින්...විශේෂයෙන්ම ගේමින් වලට.ඩෙසක්ටොප් එකක ඔයාට ඒවාට ගැලපෙන විදිහට වෙනස්කම් කරගන්න පුලුවන් ලේසියෙන්.අර සමහරු කියනවානේ ගේමින් නං කම්පියුටරයක් තනියම assemble කරනකොට ගතියක් තියනව කියල.ඒ වගේ තමා.ඒවා නං ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනව.හැමෝටම එක විදිහෙ සිතුම් පැතුම් නෙවේනෙ තියෙන්නෙ...

හැබැයි ඉතින් ඔයා ඉගෙන ගන්න ග්රැෆික් වගේ ඒව කරනව මගේ අදහසට අනුව නං රු.7500 ඩුවෙල් කෝර් මැෂින් එකක් ගත්තත් අවුලක් නෑ.සාමාන්‍යෙයන් එන්නෙ dual core 2.4 processor,1GB ram,160HDD එකයිනෙ.ෆුල් සෙට් නං ඔක්කොම අඩුම ‍13500ක් විතර යනව 15 lcd මොනිටරේ දාල.හැබැයි රැම් එක වැඩි කරගත්තොත් වඩා හොදයි.රුපියල් 1000ක් යයිනෙ 1GB ram එකකට..අරන් සෙට් කරගන්නනෙ තියෙන්නෙ.ඕවල කිසි අවුලක් නෑ.මං 3ds max 2011,adobe illustrator cs6,photoshop cs6,adobe after effects cs6(මේක විතරයි පොඩ්ඩක් වාත උනේ.හදන වීඩියෝ රෙන්ඩර් වෙන්න යන වෙලාව සාමාන්‍යෙයන් වැඩියි)ඔය ඔක්කොම රන් කලා...මැෂින් එක පොඩ්ඩක්වත් ස්ලෝ නෑ.පස්සෙ ඉතින් පොඩි ගේමක් ගහන්න අඩුවට ගහන්න ආසාවක් වගේ අවොත් 512mb 9500GT වගේ vga එකක් රු.2000-2500කට ගැහුවත් ඇති.gta iv,nfs mw2,cod ඔය වගේ ටිකක් ගැහුවත් මදෑ සාමාන්‍ය අඩු මුදලට හොයනවා නං...

ගෙදර දොරේ වැඩ වලට නං ඉතින් ඔය අබාන්ස්,සිංගර් වල රු.50000ට 40000ට තියන ඩුවෙල් කෝර්,i3 ඩෙස්ක්ටොප් අරගන්න එක මගේ අදහසට අනුව ඇත්තටම වැඩක් නෑ...මොකද ඒ ගනන් වලට assemble කරපු හොද i5 ගේමින් ඩෙස්ක්ටොප් එකක් ගන්න පුලුවන් අවුලක් නැතුව...අනික අරව බ්‍රෑන්ඩඩ් ඒව නිසා ඒවල කේසින් වලට එහෙම ගැලපෙන විදිහට තමා පාර්ට්ස් එහෙම හදල තියෙන්නෙ.ඉතින් ඩෙස්ක්ටොප් වල අපිට උවමනා විදිහට රැම්,වීජීඒ වැඩි කරන්න පුලුවන් හැකියාව වැඩියෙන් තියෙන්න ඕනි.ඉතින් අර විදිහට තියන ඒවල අප්ග්‍රේඩ් කරන්න ගියාම වාත වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි.හුගක් වෙලාවට ඕව නං ගන්නෙ මං දන්න තරමින් කම්පැනි වලට,ඉස්කෝල වල ලැබ් වලට වගේ ආයතනික දේවල් වලට තමා...මොකද ඒවට වගකීමක් දෙනවනෙ.අනික එයාල ලොකු මුදලකුත් ඒවට වැය කරන නිසා ඒකෙ ගැටලුවක් නෑ.මං කිවුවෙ ගෙදර පාවිච්චියට ඇසෙම්බල් කරපු මැෂින් එකක් හොදයි කියල.මොකද ඇසෙම්බල් කරපු ඒවට වොරන්ටි දෙන්නෙ නැතුව යැ...අනික මිලත් අඩුයි බලයත් වැඩියි ඉතින් හොදයි...

මං ඉහත කිවුවෙ අඩු මුදලට ගෙදර දොරේ ඉගෙන ගන්න ගමන් ගේමක් ගහලා අවුලක් නැතුව ඉන්න පුලුවන් ඩෙස්ක්ටොප් එකක් ගැන.
වෘත්තීය විදිහට ලොකුවට ග්රැෆික්,වීඩියෝ කරනවා නං තමා දඩ ප්රොසෙසර්,රැම්,vga,පත led monitor දාලා කරන්න ඕනි..ඒකත් ඉතින් අත්‍යාවශ්‍ය නෑ.උවමනා නං විතරයි.

ඩෙස්ක්ටොප් ගැන ඔය ටික කිවුවෙ දැනට මං ඩෙස්ක්ටොප් එක්ක වැඩ කරලා තියන අත්දැකීම් අනුව...දැන් ලැප්ටොප් වලට බහිමු.
ලැප්ටොප් ගැන කියනව නං ඉතින් ඔය මහාලොකුවට පත්තරේ ඇඩ් දාල තියෙන්නෙ ඔය i3 එහෙම ලැප් විකුණන්න...මගේ පෞද්ගලික අදහස අනුව කියනව නං...ඔයා ඕක වෙන කොහෙවත් වැඩිය ගෙනියන්නෙ නැත්තං,ගේම් ගහන්නෙ නැත්තං,කරන්නෙ ඉන්ටනෙට්,යූටියුබ් ෆේස්බුක් යනඑකයි ෆිල්ම් බලන එකයි,සිංදු අහන එකයි වගේ විතරක් නං ඔයාට රු.60000ක් 70000ක් දීල එක්කො මාසෙකට රු.4000ක් 5000ක් ගෙවන්න ගන්නවනං එහෙම ගන්නවට වඩා ලාබයි රු.25000කට විතර සෙකන්ඩ් හෑන්ඩ් core 2 duo ලැප් එකක් ගන්න එක.ඒකාලෙ මං HP සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගත්තා 25000කට 2014 අවුරුද්දෙ ජනවාරි වල.තාමත් අවුලක් නැතුව ඒක වැඩනෙ.මං ඒක අවුරුදු 2ක් තිස්සෙ අවුලක් නැතුව පාවිච්චි කරනවනෙ.බොරු කියන්න ඕනි නෑ දැන් බ්රෑන්ඩ් නිව් එක ලැප්ටොප් ඇත්තටම මල ජරාවල්.අවුරුදු 1 හමාර 2පනිද්දි බඩු ඉවරයි.කීබෝඩ් වැඩ නෑ ඔය වගේ කේස් වලින් පටන් ගන්නව.දැන් අවුල තියෙන්නෙ ඒ නිසාම සෙකන්ඩ් හෑන්ඩ් ලැප් මාකට් එකත් ඉවරයි.ඇයි දැන් ඔය 30000ට විතර තියෙන්නෙ ඔය කේස් ඇවිත් විකුණපු ඒවනෙ.දැන් core 2 duo හොද තත්වයෙ ලැප් හොයන්නත් නෑ.මං පොඩ්ඩක් මේ දිනවල හොයල බැලුව වෙලදපොලේ.30000ට තියන i3 එහෙම පිටින්ම මල ජරාවල්.කියල වැඩක් නෑ.ඉතින් දැන් බලනකොට මගේ පෞද්ගලික අදහසට අනුව සාමාන්‍ය පාවිච්චියට ලැප් වලට වඩා අඩුවට ඩෙස්ක්ටොප් එකක් ඇත්තටම ලාබයි.

ඔය මං කිවුවෙ ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද කියන එක ගැන මගේ පෞද්ගලික අදහසට අනුව...ඒ නිසා ලිපිය උඩින් පල්ලෙන් කියවලා විකාර කියවන්න එන්න එපා...ලිපිය මුල සිට අගට කියවලා ඔයාලගෙ යෝජනා,චෝදනා,අදහස් උදහස් පහල කමෙන්ට් කරන්න...ඒ වගේම දිරිමත් කරලා කමෙන්ට් දාන අයටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මම ගියා...ආයෙත් හම්බ වෙමු ඉක්මනටම...
ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා...!!!

Monday, February 13, 2017

කොත්තු කතාවක්...


හලෝ....හැමෝටම ඉතින් සුබ දවසක් වේවා...!!!

කාලෙකට පස්සෙ තමා මේ වගේ ආතල් එකක් ගන්න වැඩක් සෙට් උනේ...

ඊයෙ 2017.02.12 නේ...උඹලා දන්නව ඇතිනෙ මම ගණන් පන්ති යන්නෙ අපේ මිත්‍රයා විශ්වයාගෙ ගෙදර කියලා...පොරගෙ ගෙදෙට්ට සර් කෙනෙක් ඇවිත් උගන්නනව...මායි විශ්වයයි පමෝද් කාරයයි තමා ඕකට යන්නේ...ඉතින් ඊයෙත් අපි 2න්නා අරූගෙ ගෙදට්ට ගියා...කොහොම හරි පන්ති 6.30ට විතර පටන් ගන්නව ඒත් 7 වෙනකනුත් සර් ආවෙ නෑ...අපි 3න් දෙනා ගෙට්ටුව ලගට වෙලා කයියක් දාගෙන උන්නේ...ඊට පස්සෙ කෝල් කරලා බැලුවම සර් කාරයට උණ හැදිලා අද පන්ති නෑ...අපිත් ඉතින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...විශ්වයා හැපි එකටමද කොහෙද පාරෙ කන්ද පැත්තට යන්න පටන් ගත්තා...උගෙ ගේ තිබුනෙ පාර අයිනෙනේ...මායි පමෝදුයිත් අරූ පස්සෙන් ගියා...

අපි ඉතින් හෙන හැපී එකේ කයියක් දාගෙන කන්දෙ කඩ පැත්තට ගියා...ටික දුරක් යනකොට මට මතක් උනා මගෙ සාක්කුවෙ රැපියක් 120ක් තියනව...ඒක එදා දවල් ගෙදර කවුරුත් හිටියෙ නෑ...මං විතරයි උන්නේ...අර මොකක්ද කොල ජාතියක් තියනව ඒක සැරසිලි වලට ගන්නව මිනිස්සු වගයක් ඇවිත් ඔය කොල ටිකක් කපාගෙන තමා මට ඔය රුපියල් 120 දුන්නේ...මම ඒක ගෙනාවෙ කන්න නෙවේ...මට අරුන් දෙන්න ලග  පවර් සප්ලයි යුනිට් එකක් තිබ්බොත් ඒක ගන්න ඇඩ්වාන්ස් එකක් දෙන්න ගෙනාවෙ...ඊට පස්සෙ ඉතින් මටත් විකාර සිතුවිල්ලක් ආව නිකන් හම්බෙච්ච 120 නේ...මම නිකමට ඇහුව මචන් අපි මොනා හරි කමුද කියල...

උඹ ගාව සල්ලි තියනවැයි?...ඔව් බං 120ක් තියනව...එහෙනං ඉතින් මොකක් හරි කමු ඉතින් උඹ කැමති නං...

අරුන් දෙන්න එච්චර සීරියස් විදිහට හිතුවෙ නෑ ඒ වෙලාවෙ කොහොමහරි මං කෑම ගනියි කියල...කොහොමහරි මං කිවුවා ඔන්න ඔහේ ගමු කියල...ඊට පස්සෙ අපි තුන් දෙනා එතන තිබ්බ කොත්තු කඩේට ගොඩ වැදුනා...

මම - මොනවද බං ගන්නේ?කොත්තුවක් කීයක් වෙයිද බං?
විශ්ව-කොත්තුවක් වෙයි ඉතින් 150ක් විතර.
මම-පොඩ්ඩක් අහල බලපන්කො
අරූ ඊට පස්සෙ ගාණ අහල වෙජිටබල් කොත්තුවක් නෝමල් එක 120යි...මොකද කරන්නෙ ගමුද?...
මම ඉතින් ටිකක් විතර කුණානේ...මම බැලුවෙ ටිකක් අඩුවට...ඊට පස්සෙ මම අර ෂෝ කේස් එකක ‍තිබ්බ රොටි ටිකක් දැකල ඒව ගමුද කියල ඇහුව..

විශ්ව-ඒව නිකන් පුස් කාල වගේ නේද බං?
මම-එද්දකින් විතරක්...මොකද බං කරන්නෙ කොත්තුවක් ගමුද?අපි 3දෙනාට ඇති වෙයිද?
විශ්ව-ඇති වෙයි බං මං හිතන්නේ...

මං හැතැප්ම තිස්දෙකයි දශම නවයක විතර හුස්මක් රුපියල් 120ට තිබුනු තණ්හාව එක්ක පිට කරලා ඔන්න ඔහේ ගමු බං කියල සල්ලි දුන්නා...

කොහොම හරි ඒ කඩේ එක්කෙනා විශ්වයගෙ යාලුවෙක්...එයා අපි ගැන අනුකම්පා කරල ෆුල් එකක්ම දුන්නා පස්සෙ රුපියල් 20ක් ගෙනත් දෙන්න කියල...

අපි ඉතින් ෆුල් හැපි එකේ විශ්වයාගෙ ගෙදෙට්ට ඇවිත් කොත්තුව කාලා පට්ට ආතල් එකක් ගත්තා...ඇත්ත වශයෙන්ම කිවුවොත් අපි ඒ වගේ ආතල් එකක් කවදාවත් අරන්ම නෑ...ඉස්කෝලෙ එවුන් එක්ක ඒ වගේ නිදහස් ආතල් එකක් ගන්නත් බෑ...ඇත්තටම...ඉදලා හිටලා හරි යාලුවො තුන් හතර දෙනෙක් එක්ක මේ වගේ ආතල් එකක් ගන්න ඕනි බං මම නං කියන්නෙ...වැඩිය ඕන්නෑ 3ක් හොදටම ඇති...වැඩි උනාමත් කරදරයි නෙ...කොහොමත් අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන්ම යාලු මාලුවෝ වෙලා හිටපු පොරවල්නේ...ඒ ආතල් එක නං කවදාවත් අමතක වෙන්නෙ නෑ...කොත්තුව කෑවට පස්සේ විශ්වලෑ අම්මා අපිට තේ හදලා දුන්නා...ඒක බීලා අපි මිදුලට වෙලා පොඩි පොඩි දුවන සෙල්ලං පැනිලි සෙල්ලං කර කර ආතල් එකක් ගත්තා...ඊට පස්සෙ ගේට්ටුව ලග වාඩි වෙලා පොඩි කයියකුත් දාගත්තා...

මම දැනට යාලුවොත් එක්ක එකට විනෝද වෙලා තියනව නං මේකෙන් තමා මං ලොකුම සතුටක් ලැබුවෙ...අරුන් දෙන්නටත් හොදට විනෝද උනා...උනුත් පලවෙනි පාරනෙ...උන් කොහොමත් අද බලන් ඉන්නෙ මම මේක බ්ලොග් එකේ ලියනකන් උන් දන්නව මේක මම ලියනව කියල...අඩෝ උඹල දෙන්න මේක කියෙවුව නං කමෙන්ට් එකක් දාල පලයල්ල ඈ ලෝබ නොවී...උඹල දෙන්න නිසාමයි මේක මෙච්චර ඉක්මනට ලිවුවෙත් නැත්තං මාස හය හතක් පහුවෙලා තමා ලියන්නෙ...ඒ වගේම මේක කියවන ඔයාලටත් මම කියනව ඔයාලත් මේ වගේ යාලුවො තුන් හතර දෙනෙක් එක්ක ගත්ත අහිංසක ආතල් තියේ නං කමෙන්ට් එකක් විදිහට දාන්න කියල...ඒ වගේම බ්ලොග් එකට කමෙන්ට් කරලා දිරිමත් කිරීමටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මං ගියෝ...
ඔබ සැමට සුබ දවසක් වේවා...

2017.02.13

Friday, February 10, 2017

කට් කට් කොණ්ඩ කට් මොකටද?

දැන් සති දෙක තුනකට කලින්,
                     මම සැලුන් එකට ගියා කොණ්ඩෙ කපා ගන්න...එච්චර කොණ්ඩෙ වැඩි වෙලා තිබ්බෙ නෑ...ඉස්කොලෙ නායකයො ටික කිවුවෙත් නෑ දැන්ම කපන්න කියල...කෝකටත් කියල මම ගියා කොණ්ඩෙ කපන්න...

හම්මේ...අද නං 2යි ඉන්නෙ කොණ්ඩෙ කපන්න...එකෙක් කපලා ඉවර වෙන්න ළගයි...තව 7 වසරෙ විතර පොඩි එකෙක් හිටිය ඌත් කොණ්ඩෙ කපන්න ඇවිත්...මම ඉතින් එතන පුටුවක වාඩි වෙලා මම තිබුනු පත්තරයක් කියවන්න පටන් ගත්තා...ඒ වගේම මට අද ටිකක් හැපී...මොකද මගේ කරුමයක් තියනව හැම‍දාම කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියාම මොකෙක් හරි එකෙක් පැය ගාණක් කට් ගහනව...මං හිතුව අද නං අවුලක් නෑ කවුරුත් නෑ පොඩි එකත් ඉක්මනට කපා ගෙන යයි කියල...මොකද මට සැලුන් එකට යන්න හංදියට යන එක මල වධයක්...ඒ වගේම මගේ වාරෙ එනකන් පැය ගානක් එතන බකන්නිලා ගෙන ඉන්න එක ඊටත් වඩා වදයක්...ඉතින් මොකෙක් හරි එකෙක් ඇවිත් පැය ගානක් බාබරයට එක එක ඒව කිය කිය කට් ගහනකොට මට එපාම වෙලා යනව....

කොහොමින් කොහොමින් හරි ටිකකින් ඇන්ටි කෙනෙකුත් ඇවිත් වාඩි උනා...බලද්දි එයා අර පොඩි එකාගෙ අම්මා...කොහොම හරි කොණ්ඩෙ කප කපා හිටපු එක්කෙනා ගියා...ඊට පස්සෙ පොඩි එකා...ඊට පස්සෙ මම...මමත් ඉතින් දැන් අරූත් ඉක්මනින් කපා ගෙන යයි කියලා හැපි එකේ හිටියා...

අර පොඩි එකා පුටුවෙ වාඩි වෙලා බාබරයට කිවුවා මොකක්ද එකක්...

බාබරයා-එහෙම ඕන්නෑ ඉස්කූල් කට් එක ගහමු
අරූ-බෑ බෑ අරම කපන්න
අරූගෙ අම්මා-යසයි මං නං දන්නෑ ඉස්කෝලෙන් බැන්නොත්...ඉස්කෝලෙ විදියට කපමු
අරූ-අනේ අම්මා...(ඌ මූණ බෙරි කරලා කට ඇදලා කිවුව විදිහට මට මේ ජීවිතේ මොකටද කියල හිතුන ඒපාර)
අරූගෙ අම්මා-ඕනි විදිහකට කපා ගන්න ඔන්න ඉස්කෝලෙන් බැන්නොත් මම නං පැත්ත පලාගෙ එන්නෑ

කොහොම හරි දැන් අරූ කට් එක කපනව...මටත් යකා නැග්ග හිතාගන්න පුලුවන්නෙ මට ආපු ෆීලින් එක...මුංට බයක් නැති හැටි...එහෙම නැත්තං ගොන්කම...එහෙම නැත්තං ඒ ඉස්කෝල නීති ක්‍රියාත්මක වෙන්නැති කම...අනික අම්මල ළමයින්ට ඕනවට වඩා පිස්සු වැඩ කරන්න ඉඩදීම...

මට හිතාගන්න බෑ මුං කොහොම එහෙම ඉන්නවද කියල...සාමාන්‍යෙයන් අපේ ඉස්කෝලෙ වගේ එහෙම නං අරූට ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එන්න වෙන්නෑ...සැර සර් කෙනෙක්ට මාට්ටු උනොත් අරූගෙ පස්ස පැත්ත ගැන හිතාගන්න බැරි වෙන්න තිබ්බා...අනික මං නං කියන්නෙ ඒ අම්මලත් වැරදි...ළමයි ඉන්න ඕනෙ ළමයි විදිහටනෙ...මම එහෙම කොණ්ඩෙ කැපුව නං මට ගෙයින් එලියෙ තමා ඉන්න වෙන්නෙ...අනික සාමාන්‍ය විදිහට ළමයෙක් විදිහට ඉස්කෝලෙ යන්න ඕනි එකා නිකන් අවුරුදු විසි පහේ එකෙක් වගේ මහාලොකුවට අනිත් එවුන්ට වැඩේ දාන්න ඉස්කෝලෙ ගියාම කොහොමද?...උගෙ වයසෙ අනිත් එවුන් නං කමක් නෑ කියමු...ඒත් දකින වෙන අය හිතන්නෙ කොහොමද?...ඒ ඉස්කෝලෙ ඉන්නෙ මහ ගොඩේ එවුන් කියල...ඒක මහ ගොඩේ ඉස්කෝලයක් කියල...ඉස්කෝලෙම ඉවරයිනෙ ඉතින්...

මම නං කවදාවත් ඉස්කෝලෙ නිවාඩුවකටවත් කට් ගහපු එකෙක් නෙවේ...මම නිවාඩුව පටන් ගන්න කලින්ම ගිහින් ඉස්කෝලෙ ගානට කොණ්ඩෙ කපන එකෙක්...ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් අර විදිහට කට් ගහන්නෑ කියන මතයේ ඉන්න එකෙක්...අපි වැදගත් විදිහට ඉන්නනේ ඉගෙන ගන්න ඕනේ...

මම නං කියන්නෙ ළමයි ප්‍රධාන වශයෙන් ළමයි වගේ ඉන්න ඕනෙ...ඔය නිවාඩු කාලෙට ඉස්කෝලෙන් ගියාට පස්සෙ නං ඉතින් ගැහුවට කමක් නෑ...එහෙම ගහන එක නතර කරන්නත් බෑ...දැන් ළමයින්ගේ මානසිකත්වය වෙනස්...ඉස්සර ටැබ් ෆෝන් නැති කාලෙ ඔය මොනවත් තිබුන්නෑ...දැන් මුංට ඕනි කට් එකක් ගහලා සෙල්ෆියක් ගහලා බුකියට අප්ලෝඩ් කරලා තමා පොරක් කියල පෙන්නගන්න...ඕකනෙ මුංගෙ දේශපාලනේ...ඒත් ඉතින් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් මට නං පේන්නෙ ඒක උන්ගේ පොරත්වය නොව ඒක උන්ගේ මෝඩ නූගත් බවයි...

ඉතින් මම නං කියන්නෙ ඔය කට් ගහන එවුවො තව ටිකක් ඒ ගැන හිතල බලන්න කියල...උඹලා අතරෙත් එහෙම මේක කියවන එවුන් ඉන්නවා නං කමෙන්ට් එකක් දාලා පලයල්ලා ලෝබ නොවී...මොකද මට ආසයි එහෙම එකෙක් එක්ක පොඩි ටෝකක් දාල බලන්න මගෙ බ්ලොග් එක හරහා...ඒ වගේම මේක කියවන හැමෝම පුලුවන් නං වෙලාවක් තියේ නං කමෙන්ට් එකක් දාන්න...ඒක මට ලොකු හයියක්...

එහෙනං මම ගියෝ...
ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!





Tuesday, January 24, 2017

බ්ලොග්..?බ්ලොග් එකක් ඔයාලට ප්‍රශ්නයක්ද...?රසවිදින්න බැරිද...?

මේ ලිපිය ලියන්න මට එච්චර විශේෂයක් තිබුනෙ නෑ...

නමුත් මම තීරණය කළා මේ අවුරුද්දෙ ඉදන් ටිකක් බ්ලොග් එක දිහා වැඩියෙන් හොයල බලන්න...ඒකට හේතුව පස්සෙ කියන්නම්...

මේ ලිපිය ලියන්න පාදක වුනේ වෙනම සිද්ධියක්...

මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ උවමනාවට...මගේ අත්දැකීම්,මට හිතෙන දේවල් සිංහලෙන් ලියන්න...මොකද අපි මේ අන්තර්ජාලයේ ගුණාත්මක ලෙස සිංහල භාෂාව පතුරවන්න ඕනෙ...මං දැක්කා හුගක් නැගලා යන සිංහල බ්ලොග්කරුවන් මේ සංකල්පය මත තමා බ්ලොග් කරන්නෙ...ඇත්තටම මාත් ඒ සංකල්පයට ලොකු සපෝට් එකක් දෙන්න තමයි මේ විදිහට බ්ලොග් එකක් ලියන්නෙ...ඒ වගේම මගේ දේවල් මගේ ආසාවට ලියන්නත් මං මේක පාවිච්චි කරනව...ඉතින් ඇත්තටම මගේ අදහසට අනුව අපි බ්ලොග් ලියලා විතරක් මදි...බ්ලොග් කියවන්නත් කට්ටිය ඉන්න ඕනි...දැන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන අය විශේෂයෙන් බුද්ධිමත් අය බ්ලොග් කියවීමට යොමු වෙලා තියනව...ඒ වගේම ලියන්නත් යොමුවෙලා තියනව...බුද්ධිමත් නැති මෝඩයො නං කරන්නෙ දවසම ෆේස්බුක් යනඑකයි යූටියුබ් වීඩියෝ බලන එකයි බව ඇත්ත...ඒ වුනාට සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බ්ලොග්කරණයට යොමු වෙලා තියනව...අපිට බ්ලොග් සින්ඩිකේටර් ටිකක් බැලුවොත් අපිට දකින්න පුලුවන් විශාල ප්‍රමාණයක් බ්ලොග් දකින්න ලැබෙනව...හැබැයි විශේෂයෙන්ම ඔය සල්ලි හොයන්න ලියන ටෙච් බ්ලොග්,ඊමනි බ්ලොග් මම බ්ලොග් එකක් හැටියට සලකන්නත් කැමති නෑ...මොකද ඒවල මොකක් හරි බොරුවක් කොටල ඇඩ් ටිකක් දාල රෙෆ්ල හොයාගෙන සල්ලි හොයන්නයි උන්ට ඕනෙ...වැදගත් හොද අන්තර්ගතයන් තියන බ්ලොග් අපිට දකින්න පුලුවන්...

මම මේ බ්ලොග් එක කිසිම ආකාරයකින් සල්ලි හොයන්න පාවිච්චි කරන්නෙ නෑ...ඒ වගේම මේකට ලොකු ප්‍රසිද්ධියක්වත් ඕනෙත් නෑ...ප්‍රසිද්ධියක් තිබුනත් නැතත් මං මේක ලියනව...මේක කියවන්න කවුරුත් නැති වුනත් මං මේක ලියනව...මොකද මං මේක ලියලා ලොකු මානසික සතුටක් ලබනව...මං සමහර වෙලාවට පැය එකහමාර දෙක මේක ටයිප් කරල ලියල තියනව...මට කිසි මහන්සියක් දැනෙන්නෙත් නෑ...ඒ වගේම මේක මම මහාලොකුවට මේක සින්ඩිකේටර් වලට ඇඩ් කරලත් නෑ...ඔය සින්ඩි 2කට 3කට තමා ඇඩ් කරල තියෙන්නෙ...නැතුව මේක මම නැගලා යන්න බලාගෙන මාව ප්‍රසිද්ධ වෙන්න බලාගෙන ලියන්නෙත් නෑ...

මම මේ බ්ලොග් එක මගේ යාලුවන්ට,නෑයන්ට කාටවත් කියන්නෙ නෑ...කියන්න උවමනාවකුත් නෑ...දවසක් ඔය ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් යාලුවෙක්ට පෙන්නුවා මේක...උට නිකන් කලන්තෙ වගේ ඌ අහනව කොහොමද යකෝ ඔච්චර ටයිප් කරන්නෙ කියල...ඔය ඒ වගේ එවුන් තමා දවසම ගේම් ගහල,දවසම ෆේස්බුක්,යූටියුබ් ගිහින් ඩේට කාල ඉන්නෙ...ඔය වගේ එවුන්ට බ්ලොග් එකක් කියවලා එහෙම නැත්තං ලියලා එහෙම නැත්තං ඒ දෙකම කරලා ඒවා රසවිදලා දෙයක් ඉගෙන ගන්න පිනක් නෑ...ඉන්ටනෙට් ලෝකයේ කාලකණ්ණි කියන්නෙ ඔය වගේ එවුන්ට තමා ඉතින්...

අපි ඉන්ටනෙට් පාවිච්චි කරන්න ඕනි වැදගත් විදිහට...එහෙම නැතුව කාලකණ්නි වෙන්න නෙමේ...ෆේස්බුක් ගියා යූටියුබ් ගියා කියල කාලකන්නි වෙන්නෙ නෑ...කාලකන්නි වෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ අනුව...බ්ලොග් වගේ දේවල් වලින් අන්තර්ජාලය අර්ථවත් කරන්න ලොකු මෙහෙයක් කරනව...ඒ වගේම අන්තර්ජාලය තුළ ගුණාත්මක ලෙස සිංහල භාෂාව ඉදිරියට ගෙනයාමටත් අපේ සිංහල බ්ලොග් කරුවන් ලොකු මෙහෙයක් ඉටු කරනව...ඉතින් අන්න ඒ සංකල්පය වගේම අපේ මානසික තෘප්තියත් ලබා ගන්න තමා අපි මෙහෙම බ්ලොග් ලියන්නෙ...

එහෙනම් මේක මෙතනින් නිමා කරන්න මම අදහස් කරනව...ඔයාලට මම ආයෙත් කියනව බ්ලොග් ලිවුවෙ නැති වුනාට කමක් නෑ ඒත් රසවිදින්න ඉගෙන ගන්න...ඊට පස්සෙ ආසාවක් ආවොත් ලියන්නත් පටන් ගන්න...

එහෙනං මම ගියා...ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!

Monday, January 23, 2017

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කරලද...?මගේ අදහසට අනුව


නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය...වෙනස් කරලාද...?...මගේ අදහසට අනුව...

හ්ම්...හුග දවසක ඉදලා ලියන්න ඉදපු ලිපියක්...මම මගේ කලින් ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව කියන ලිපියෙ මේක ගැන යමක් සදහන් කළා...ඒත් ඒකෙන් මට සෑහීමකට පත්වෙන්න තරම් දෙයක් ලියන්න මට ඉඩක් ලැබුනෙ නෑ...

මම මේකට ප්‍රවේශය ගන්නව මගේ පරිගණක ඉතිහාසය පරිගණකය සහ මගේ බැදීම මම පරිගණකය ඉගෙන ගත් හැටියෙන්...මම ඒක මෙතන ලියන්නෙ නෑ මොකද මගේ කලින් ලිපියෙ ඒ කියන්නෙ ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව ලිපියේ මම ඒ ගැන සදහන් කරල තියනව...

දැන් කාලෙ ගොඩක් අයට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්...

දැන් කාලෙ හැමොටම පාවිච්චි කරන්න කම්පියුටර්,ටැබ්,ෆෝන් වගේ දේවල් තියනව...හැම ගෙදරකම පරිගණකයක් තියනව...බොහොම පිටිසර දුප්පත් පළාත් වලට අයට නැති වුනාට බහුතරයක් අය දැන් පරිගණක පාවිච්චියට හුරුවෙලා තියනව...

මට මතකයි අපේ ගෙදරට මං කලින් ලිපියේ කියලා තිබුනු පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එක ගෙනාපු දවස...ඒ 2009 හෝ 2010 වෙන්න ඇති...ඒ දවස් වල ගෙවල් වල එච්චර කම්පියුටර් පාවිච්චියක් තිබුනෙ නෑ දැන් වගේ...තිබුනා නං ඒක ටිකක් සල්ලි බාගෙ ටිකක් මධ්‍යම පාන්තික වගේ ගෙයක් වෙන්න ඕනේ...මම කිවුවෙ ඔයාලා ඉන්න පැති වල නං කොහොමද දන්නෑ අපි ඉන්න පැත්තෙ මට තේරිච්ච විදිහට ඒ වගේ වාතාවරණයක් තමා තිබුනෙ...අර තිබුනෙත් pentium 4 crt monitor එකක් තියන කම්පියුටර්...ඒ කාලෙ දැන් වගේ dvd භාවිතයක් තිබුනෙ නෑ...තිබුනෙ vcd,cd තමා වැඩි හරියක්ම...ඒ දවස්වල dvd රොම් එකක් තියන මැෂින් එකක් මට නං නිකන් සුපිරිම එකක් තමා...මම lcd monitor එකක් පළවෙනි පාරට දැක්කෙත් 2012 විතර...ඒ වගේම ඉස්සර හුගක් අය dvd වලින් ෆිල්ම් බැලුවෙ dvd ප්ලේයර් එකක් පාවිච්චි කරල...දැන් dvd ප්ලේයර් පාවිච්චි වෙන්නෙම නැති තරමයි...

ඒ වගේම ඒ දවස් වල ස්මාට් ෆෝන් එච්චර තිබුනෙත් නෑ...නොකියා බට්න් ෆෝන් එකක් ගන්නවා කියන්නෙත් හෙන ලොකු දෙයක්...ඒ වගේම අද අයිෆෝන් 6 වලට තියනවා වගේ තැනක් තමා ඒ දවස් වල නොකියා කැමරා බට්න් ෆෝන් වලට තිබුනෙ...ඒවල මිල ගණන් නං මට ඒ කාලෙ මතක නෑ...කොහොම හරි අද වගේ හැමෝම ලග ෆෝන් තිබුනෙත් නෑ...අද හැමෝම ළග ස්මාට් ෆෝන් තියනව...බට්න් ෆෝන් දැන් දකින්නත් අමාරුයි...ෆේස්බුක් ගැන නං මං ඇහුවෙ 2012 විතර...ජොයින් උනේ 2014 විතර...ඒ ජොයින් උනාට ගියෙ නෑ...ආයිත් ෆේස්බුක් පටන් ගත්තෙ 2014 තමා...ඊට පස්සෙ අද වෙනකන් ඉන්නවා ඉතින්...

අද තියන ස්මාට් ෆෝන් එක මම දකින්නෙ පොෂ් බව පෙන්වන දෙයක් විදිහට...මේක හුගක් ළමයින්ට වඩා වැඩිහිටි අය ගාව මම දැකල තියනව...ඉස්සර මිනිස්සු ෆෝන් පාවිච්චි කළාට ඒක මහාලොකුවට ඔලුවට අරන් හිටියෙ නෑ...ෆෝන් එකට කෝල් එකක් ආවා හෝ ගත්තා...වැඩේ ඉවරයි...ඊට පස්සෙ ෆෝන් එක බෑග් එකට හෝ සාක්කුවට දැම්මා එච්චරයි...දැන් වගේ ඒ කාලෙ කැමරා ෆෝන් භාවිතය ජනප්‍රිය නෑ...කැමරා එක තියන ෆෝන් ටිකක් ලොකු උනත් ඒක එච්චර පාවිච්චි උනේ නෑ...ඒ කාලෙ පාවිච්චි උනේ කැමරා...ඒවත් දැන් වගේ මෙමරි චිප් තියන අඩුයි...කැමරා රීල් එහෙම තමා පාවිච්චි උනේ...ඕවා නං දැන් කාලෙ ඉන්න උන් දන්නෙවත් නැතුව ඇති...

ඉස්සර ෆේස්බුක් ජනප්‍රිය නෑ...ඒකට ඕනි තැනක ඉදන් ජොයින් වෙන්න උපාංග,වයිෆයි තිබුනෙ නෑ...ඉතින් අද වගේ මිනිස්සු මොකාද එවුන් වගේ ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එක ටච් කර කර වගේ පිටේ වෙන දේවල් ගැන මෙලෝ සිහියක් නැතුව ෆේස්බුක් ගියේ නෑ...අද වගේ ෆේස්බුක් නැති එක ලොකු අඩුවක් කියලා හිතපු එවුන් හිටියෙ නෑ...අද වගේ දවසම ෆේස්බුක් එකේ කාලෙ කන අය හිටියෙ නෑ...ඒ කාලෙ මිනිස්සු ෆේස්බුක් ගියේ සතියකට පාරක්,දවස් 2කට වරක් වගේ...ඒකට ටිකක් වැඩියෙන් ගියපු අයත් දවසට විනාඩි 10ක් 15ක් තමා ගියේ...ඒකට දැන් පැය 24ම මිනිස්සු ඕකෙනෙ...

ඒ වගේම අද වගේ සෙල්ෆි මේනියාවක් ඉස්සර තිබුනෙ නෑ...ඉන්ස්ටග්‍රෑම් ෆොටෝ ෂෙයා කරන පිස්සුවක් ඒ කාලෙ තිබුනෙ නෑ...අද වගේ ෆෝන් එකක් අතේ තියාගෙන කාලෙ කන අයට වැඩිය අත පය වෙහෙසල වැඩ කරල දියුණු වෙන මිනිස්සු ඒ දවස් වල හිටියා...ඒ වගේම මුලු දවසෙම ෆෝන් එකෙන් ටැබ් එකෙන් ගේම් ගහන ළමයින්ට වැඩිය ක්‍රිකට් පාරක් ගහලා බයිසිකලයක් පැදලා ගමේ කොල්ලො ටිකත් එක්ක රැල්ලටත් පොඩ්ඩක් වැටිලා පොඩි වලියක් ඇදලා හිටපු ළමයි හිටියා...

මම දැන් ඒ අතීතය ටිකක් හැගීම්බරව සිහි කළානම් මට ලාවට ඇඩෙන්නත් තිබුනා...

දැන් කාලෙ අයට මහ අමුතු හැගීම් තියෙන්නෙ...තමන්ගෙ කෙනෙක් කරන දෙයක් අගය කරන්න ඒ අයට හැකියාවක් නෑ පුලුවන් තරං අනිත් අයට වල කපන්න තමා හදන්නෙ...මම දැක්කා මේ ළගදි අපේ ලංකාවෙ ආයතනයක් මේ දක්වා ලංකාවෙන් බිහිකරල නැති ජාත්‍යන්තරේට වුනත් බය නැතුව දෙන්න පුලුවන් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළා...ඔයාලා දන්නවා ඇති ඒ ගැන...එයාලා අවුරුදු 5ක් විතර ඩිසයින් කරල අන්තිමට ගේම් එක නොමිලේමත් දුන්න...මං දැක්ක ෆේස්බුක් එකේ ගේමින් ගෘෘප් වල ඕක නොමිලෙ දෙනවද නැද්ද කියල දන්නෙ නැති දවස්වල ගේම් එක එන්නත් කලින් ගේම් එකට ක්‍රැක් හදන්න කතාවෙනව...ඇයි මෙහෙම කරන්නෙ...?මං අහන්නෙ ලැජ්ජ නැද්ද...?ඔන්න පිටරට උබිසොෆ්ට් එකෙන් වගේ හැදුව නං දාගෙන ගිහින් හදපු එවුන්ගෙ පස්ස පැත්තත් ලෙවකයි...නෙද්දකින් විතරක්...මේ ලංකාවෙ එකට ඔක්කොම වල කැපිලි...මට ඇහුන දවසක් මං බස් එකේ යද්දි එකෙක් කියෝනව ගේම් එක ගැන...මෙලෝ වැඩක් නෑ බං ඒ රෙද්ද ග්‍රැෆික් ටිකක් හොදට තියනව එච්චරයි මෙලෝ රහක් නෑ ලංකාවෙ හැටියට හොදයි...ඔන්න ඔහොම කියනවා මට ඇහුන...මට ඇත්තට හුගක් දුක හිතුන මෙච්චර අමාරුවෙන් අවුරුදු 5ක් ගේම් එකක් ඩිසයින් කරන ඒක ලේසි පාසු වැඩක් නෙවේ...පරිගණක ලෝකෙ ඔය ගේම් ඩිවලොපින් ඒරියා එක ගැනත් පොඩ්ඩක් පොඩ්ඩක් දන්න නිසා මම අත්දැකීමෙන් දන්නව ඕක කොච්චර අමාරු වැඩක්ද කියල...ඒ වගේම ත්‍රීඩි මොඩලින් වලින් ඔය ගේම් එකට අවශ්‍ය මොඩල්ස් වගේ ඒව නිර්මාණය කරන කොච්චර අමාරු දෙයක්ද කියලත් මම අත්දැකීමෙන් දන්නව...එච්චර කැපකිරීමක් කරල ඒ හදන දේත් නොමිලේ දුන්නම කියන කතා මොනවද?අනික මීට කලින් කවුරුත් ඒ ආසන්නයට කළා මිසක් ඔය ගාණට ගිහින් ඒ වගේ නිර්මාණයක් අපිට රසවිදින්න අවස්තාවක් ලැබුනෙ නෑ...අපේ ලංකාවෙ දෙයක් අපි අනිත් ඒවට වඩා කොච්චර පහළින් තිබුනත් අපි ඒක අගය කරන්න ඕනි නේද?...අපි ඒකට අකමැති වුනත් අපේ ලංකාවෙ අපේ දේ අපිට වටින නිසා අපි ඒක අගය කරල ඉදිරියට දියුණු වෙන්න ආශීර්වාද කරන්න ඕනි නේද?...එතකොට නේද එයාලටත් හයියක් ලැබෙන්නෙ ඕනි දේකට බය නැතුව අතගහන්න...?
ලංකාවෙ සිංහලයා අතර එකමුතුකම නෑ කියන දේ සම්පූර්ණ ඇත්ත...මහලොකුවට දේශපාලුවො නං ඉන්නව අපි සහජීවනයෙන් ඉමු කියල කෑගහන්න...නමුත් ඒක ඒ කෑගැහිල්ල ඉවර උනු ගමන් ඉවරයි නේද...?

මම අර ගේම් එක මෙතනට ඇදල ගත්තෙ මේකට උදාහරණයක් වශයෙන්...දැන් හිතෙනව මං මාතෘකාවෙන් පිට පැන්නද කියලත්...කමක් නෑ...මම ප්‍රධාන වශයෙන් කියන්න හිටියෙ ඉහත සදහන් දේවල් තමයි...මම මේක පොදුවේ විශේෂයෙන් වැඩිහිටි අය සදහා ලිවුවා කියල කියන්න පුලුවන්...ඊලගට මම ලියන්න හිතන් ඉන්නෙ ලමයි සහ නව තාක්ෂණය ගැන...ඒක මේකට වඩා වෙනස් වෙන්න ඉඩ තියනව...මොකද ළමයින් තාක්ෂණය නිසා නොමග යන්නෙ ළමයින්ගෙ වැරැද්දෙන් නෙවේ...වැඩිහිටියන්ගෙ වැරැද්දෙන්...මම ඒක වගකීමෙන් කියනව...කොහොම හරි මේ ලිපියේ අවසානයට අපි ඇවිත් ඉන්නෙ...

මම දැන් මේ ලිපිය නිමා කරනව...ඊළග ලිපියෙන් ආයෙත් හමුවෙන්න...වැදගත් දෙයක් ලිපියෙ තිබුනා නං ගුණවයලා හරි බැනලා හරි කමෙන්ට් කරලා යන්න...මොනවා කමෙන්ට් කළත් අහිතක් නෑ හිතේ...මොකද මට ඔයාලගෙ අදහස් අවශ්‍ය නිසා...

එහෙනං හැමෝටම සුබම වේවා...ජයම වේවා...!!!


මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...