Friday, June 14, 2019

මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව...

මේ මගේ මැෂින් දෙක තමා ඉතින්...පොඩි මොනිටරේ එක්ක වමේ පරණ මැෂින් එක...ලොකු මොනිටරේ එක්ක තොරණ වගේ ලයිට් ගහල දකුණෙ තියෙන්නෙ අලුත් එක


හැමදාම වගේ මට වෙන දේ තමයි...අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි ලියන එක පස්සට ගිහින් එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි ලියන එක සහ අර එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි පිටු ගණන් ටයිප් කරලා අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි පේලි 2න් 3න් ටයිප් කරලා දාන එක...අන්න ඒ හින්දා අද සෙනසුරාදා දවසෙ ගෙදර ඉන්න එකේ මේක ලියල දාන්න ඕනෙ...ඊලග අගහරුවාදා ඉදන් ආයෙ ඉස්කෝලෙ යන්නත් වෙන හින්දා ආයෙ ඉතින් නිදහසේ ලිපියක් ලියන්න වෙලාව සෙට් කරගන්න එක හෙනම ගේමක් දෙන්න ඕනි වැඩක්...බිකෝස් මේ බ්ලොග් එකේ ලිපියක් ලියන්න නිකන් ඔහේ යන්නං වාලෙ වෙලාවක් හරියන්නෙත් නෑ...

හොදයි...බයිලා ගැහුව ඇති දැන්...දැන් ලිපියට එමු....

අපි 2010 අවුරුද්දට විතර යමු...

එතකොට මං 3 වසරෙ...ඒ අවුරුද්දෙ තමයි අපේ ගෙදරට මුලින්ම කම්පියුටරයක් ආවෙ...ඩෙස්ක්ටොප් එකක්...අපේ චූටි අම්මට ms office වගේ සොෆ්ට්වෙයා වලින් වැඩකරන්න පුරුදු වෙන්න වගේ වැඩ වලට තමා ඕක ගෙනාවේ...පෙන්ටියම් 4 ප්‍රොසෙසරේ...512 එම්බී රැම් එක...වීජීඒ එක ඔන්බෝඩ් උනාට පරණ ඒවල කොහොමත් වීජීඒ කාඩ් එක ආවෙ සෙපරේට්නෙ...එම්බී 40ක් වගේ ඇති කැපෑසිටිය මං හිතන්නේ...මොනිටරේ CRT පතරංගයක් සුදුපාට...ස්ක්‍රීන් එකට අත තියන්න බෑ කරන්ට් වැදෙනවා බං...එහෙම කරන්ට් වැදෙන්නෙ ඇයි කියල නං ප්ලේන් මල්ලි ඇතුලු පිරිස කියන විදිහට කම්පියුටර් ඔස්තාද් කෙනෙක් වෙච්ච සහ 15,19 lcd මොනිටර් වලින් වැඩකරන මට තාමත් තේරෙන්නෑ...ඕඑස් එක වින්ඩෝස් xp...මේ රැම්,ප්‍රොසෙසර් වල විස්තර මෙලෝ මගුලක් මං අහල තිබුන්නෑ...මං ඒ දවස් වල අස්සෙ පාට්ස් ගැන මෙලෝ රෙද්දක් දන්නෙත් නෑ...දැන් ඒ විස්තර ටික කිවුවෙ මීට අවුරුදු 3කට 4කට කලින් ඕක මාමලෑ ගෙදර මුල්ලක ගහල තියනව දැකලා වැඩක් නෑ කැඩිලා හින්ද මං ඕක කුදලන් ඇවිත් කෑලි වලට ගලෝපු හින්දා...එදා තමා ජීවිතේ පලවෙනි පාරට කම්පියුටරයක් ගලෝපු දවස...සහ යන්තං පාට්ස් ටික තියන ආට් එක දැනගත්ත දවස...නමුත් කෙසේ වෙතත් මට ඒ වෙද්දි ඉතින් මේවා ගැන කොහොමත් දැනුමක් තිබ්බා ලැප් එක එහෙම අවුරුදු ගාණක් පාවිච්චි කරපු හින්දා...මං හිතන්නෙ මගෙ ඩෙස්ක්ටොප් එක ගෙනාපු අලුතම තමා ඒකත් ගැලෙවුවේ...

හරි අපි ආයෙ කතාවට...

කොහොමහරි...ඒ කාලෙ කම්පියුටරයක් නැතත් කම්පියුටර් එක මගේ එකම හීනය උනා මිත්‍ර වරුනි...මං මේ කියන්නෙ කම්පියුටර් එක ගේන්නත් කලින් ඉදන්...ඒත් මට හිතාගන්න බෑ වැඩිය කම්පියුටර් දැකල නැතත් මට කොහොම කම්පියුටර් ගැන ආසාවක් ආවද කියලා...ඒක නිකන් සංසාරගත බැදීමක් වගේ දෙයක් මට හිතෙන්නේ...ඉතින් එකපාර රෑ අටට විතර මාමලා එහෙම ඇවිත් ඕක දැන් මගේ කාමරයේ (ඒ දවස් වල මාමා තමා මට මතක හැටියට ඒකෙ පදිංචි වෙලා හිටියෙ) මහා දෙයක් උනා...මහා දෙයක් කිවුවට ඒක එතනින් එහා නොනවතින දෙයක්...

කොහොම හරි...ඒක තමා මගේ පරිගණක ජීවිතේ ආරම්භය මං හිතන්නේ...කොහොම උනත් මැෂින් එකේ performance ගැන එහෙම අබ ඇටේක දෙයක් මං දැනන් හිටියෙ නෑ...මට මුලින්ම කම්පියුටරේ ගැන කියා දුන්නෙ එකෙන්ම අම්මා තමා ඉතින්...මට මතකයි එදා ඕක ගෙනාපු දවසෙ අම්මා තමයි මට පේන්ට් එකෙන් චිත්‍ර අදින හැටි කියා දුන්නේ...3 වසරේ පොඩි එකෙක් වෙච්ච මට ඉතින් ඇත්තටම පේන්ට් එකෙන් එකෙන් චිත්‍ර අදින එක මහා දෙයක් උනා...පුදුම ආසාවක්...අද මේක ලියන වෙලාවෙ මේ අතීතෙ බිංදුවෙන් බිංදුව මතක් වෙලා මේකෙ ටයිප් කරද්දි මට හිතෙනවා අද මම ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකට මෙච්චර ආස සහ මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකත් එක්ක මෙච්චර බැදීමක් තියෙන්නෙ මීට අවුරුදු 9කට කලින් ඒ රෑක පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එකකින් පතරංග CRT මොනිටරේකින් එදා පේන්ට් එකෙන් අදින්න පටන් ගත්ත නිසාද කියල...අද මද පමණින් illustrator,photoshop වලින් වැඩ කළාට දන්නෙ නැති උනාම සෙනිකව යූටියුබ් එකේ බලලා ඉගෙන ගත්තට එදා මට පේන්ට් එකෙන් අදින හැටි කියල දුන්නෙ අම්මා...

කොහොම හරි...චූටි අම්මගෙ ඒ කම්පියුටර් එක මගේ ජීවිතේම වෙනස් කලා...ඒක චූටි අම්මට ගෙනාවට වැඩිපුරම පාවිච්චි කලේ මං තමා ඉතින්...ඒකෙන් තමා මයික්‍රොසොෆ්ට් වර්ඩ්,පේන්ට් ඉගෙන ගත්තෙ...මට ටයිප් සෙටිං පුරුදු කලේ ඒ මැෂින් එක තමා...අද මෙහෙම කීබෝඩ් එක දිහා බලන්නැතුව අනිත් උන් වගේ කීබෝඩ් එකේ අකුරු හොය හොය ඉන්නෙ නැතුව යුනිකෝඩ් වලින් සට සට ගාලා සිංහල ටයිප් කරන්න මට හුරු කලේ ඒ මැෂින් එක තමා...
ඉතින් හැමදේකම වගේ...නරක පැත්තකුත් තියෙන්න එපෑ...ඒ කාලෙ ඉතින් ගේම් තමා...IGI තමා ඒ දවස් වල ලොකුම ගේම...තව මිනි ගේම්ස් බර ගාණක් ගිහාන් මාමා ඕකෙ දාල තිබ්බා...IGI දැම්මෙ මතක හැටියට මාමගෙ යාලුවෙක් ( මතක හැටියට සෙමා මාමා) ...ඉතින් IGI ගැහුවට අම්මපා කියන්නේ...2වෙනි මිෂන් එකෙන් උඩ මට ගහන්න බෑ බං...අවංකව කිවුවොත් 2000දි හදපු IGI ගේම් එක ගහද්දි එන මරණ බය වෙන කිසිම ගේම් එකකින් එන්නෙ නෑ කියන එක අද Call of Duty,Battlefield hard mode දාලා ගහන බරපතලම ගේමර්ස්ලා පවා පිලිගන්න දෙයක්...
ඉතින් ඔන්න ඔය මරණ බය වෙන කාටත් වඩා දැනිච්ච හින්දා මං ඕක වැඩිය ගැහුවෙ නෑ...මිනි ගේම්ස් එහෙම නං ප්ලේ කලා...ඉතින් ඉන්න වෙලාවට පේන්ට් එකයි වර්ඩ් එකෙයි පවර් පොයින්ට් එකෙයි පිස්සු කෙල කෙලත් හිටියා...ඉන්ටනෙට් නං නෑ ඉතින්...ඒ කාලෙ ඉන්ටනෙට් කියන වචනෙවත් මං තියා චූටි අම්මවත් අහල තිබුන්නෑ මං හිතන විදිහට....
කොහොම හරි කිවුවොත්...ගේම් එහෙම ගහන්න ගත්තට පස්සේ වෛරස් අරවා මේවා ඇවිත් මැෂින් එකට කෙල උනා...ඒවා ගැන මට මහලොකු මතකයකුත් නෑ තියන ඒවත් වැඩක් නැති නිසා ලියන්න හිතෙන්නෑ...නැත්තං මේක ඒ මැෂින් එක ගැනම අර ඉන්දියන් මෙගා නාට්‍ය වල බලන එකා මැරිලා ගසුත් පැලවෙලත් නාට්‍ය යනවා වගේ ලිපිය ලියන්න පුලුවන් කියවන එකා මැරිලා ගසුත් පැලවෙනකන්...

කොහොමහරි මගේ ශිෂ්‍යත්ව විභාගෙට අවුරුදු 1කට හමාරකට (සමහර විට 2ක්ම වෙන්නැති) කලින් මැෂින් එක කැඩිලා ගියා...මාමා ඊට පස්සෙ ඕක කිරි අම්මලෑ ගෙදර අරන් ගියා...2පාරක් විතර මදර්බෝඩ් මාරු කලා මං හිතන්නේ...කොහොමහරි ඊට පස්සෙ ශිෂ්‍යත්වෙට එහෙම වැඩ කලේ කම්පියුටරයක් තෑග්ගට හිතේ තියන් තමා...ඕනි රිසල්ට් එකත් ආවා...මට ඕනි දේත් ලැබුනා...හැබෑ ලැප් එකක්...කිරි අම්මා තමයි 25කට Core 2 duo ...windows xp... ඒකෙනුත් මහලොකු දෙයක් කලේ නෑ...ගේම් තමා...nfs mw එහෙම ගැහුවෙ ඒකෙන් තමා...ඒක නං මං හිතන්නෙ ගේම් වලටම කැඩිලා ගියා...අඩුම තරමෙ මං රැම් ,වීජීඒ බලන්න ඉගෙන ගන්න තරංවත් කාලයක් තිබුන්නෑ...මං හිතන්නෙ අවුරුදු 1ක් හමාරක් වගේ තිබුනේ...ග්‍රැෆික් චිප් එක සවුත්තු වෙලා ඩිස්ප්ලේ එන්නැතුව ගියා...නමුත් ඊට කාලෙකට කලින් ග්‍රැෆික් චිප් එක බාගෙට සවුත්තු වෙලා ගේම් ගහනවා නං කියලා වෝර්නින් එක හදන තැනින් දුන්නට පස්සෙ තමා ගේම් ගැහිල්ල නවත්තලා කන්ට්‍රෝල් පැනල් එකේ සෙටින්ස් වෙනස් කර කර පිස්සු නටන්න පටන් ගත්තේ...අදටත් ඕනි වෙලාවක මැෂින් එකේ ඕනි දෙයක් ඔබලා කරලා ඕනි විදිහට හදාගන්න මුල් පාත් එක දැම්මෙ ඒක කියලයි මට හිතන්නෙ
..පස්සෙ තමා HP ලැප් එක ගෙනාවේ...ඒ ලැප් එක තමා මං හිතන්නෙ මගෙ පරිගණක ජීවිතේ අලුත් ගමනක් ගෙනිච්චේ...නමුත් මේ ලිපිය ලියන්නෙ මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව ගැන කියන්න හින්ද ලැප් ගැන මෙතනින් එහාට කියන්නෑ...අනික HP ලැප් එක ගැන සම්පූර්ණයෙන් කියල තියනව නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ  ලිපියේ...

මට ඩෙස්ක්ටොප් එකක් ගැන හිතන්න අදහස් ආවෙ HP ලැප් එක අන්තිම කාලෙ ලෙඩ දුන්න හින්දා සහ දිමුතු සදරුවන් කලන්සූරිය ( DSK කිවුවම ෆේස්බුක් එකේ හුගක් උන් දන්නවා) අයියගෙ pc gamers ගෘෘප් එකේ ඉන්නකොට...ඕකෙ පෝස්ට් දැකලා පොඩි ගේම් පිස්සුවක් ආවා ලොකු ලොකු ඒවා ටිකක් ප්ලේ කරන්න...ඉතින් ඩෙස්ක්ටොප් එකක් ගත්තම ඕනි හැටියෙ අප්ග්‍රේඩ් කරන්න පුලුවන් හින්දා ඩෙස්ක්ටොප් එකක් ගෙන්න උවමනාවක් ආවා...ඉතින් කොහොම හරි ඒ විදිහට තමා මගේ පලවෙනි ඩෙස්ක්ටොප් එක ආවෙ...ඒක ඇවිල්ලා ටික දවසකට පස්සෙ මට උවමනා අප්ග්‍රේඩ් ටික එහෙම කලාට පස්සෙ මං බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකකුත් දැම්මා...මගේ අලුත් ඩෙස්ක්ටොප් කම්පියුටරේ කියල ඇති පෝස්ට් එක...
15 lcd monitor,3GB ram,9500 gt 512MB vga, dual core 2.4 processor,945 motherboard,160 GB hdd තමා ඉතින් අප්ග්‍රේඩ් කලාට පස්සෙ මැෂින් එක...මේ 2016 අවුරුද්දෙ මැද හරියෙ මං හිතන්නෙ...අප්ග්‍රේඩ් කලා කියල කිවුවෙ තිබ්බෙ 1GB ram එකට මං තව 2GB රැම් එකක් ගැහුවා...ඒ දවස් වල 2GB ddr2 රැම් එකක් 2000යි කියාංකො..අද 2GB ddr2 එක රුපියල් 800ට ගතෑකි...2GB ddr3 එකත් 1200ට වැඩි නෑ...ග්‍රැෆික් කාඩ් එක 2500යි...නමුත් අදටත් 9500 gt ග්‍රැෆික් කාඩ් එකේ මාකට් එක නං මහලොකු වෙනසක් වෙලා නෑ තාම 2000ක් 2500ක් වගේ කියනව විකුණන උන්...15 lcd monitor එක මං 3400ට ගෙනාවෙ...දැන් 15 lcd monitor නෑ...තියෙන්නෙ 17...17 දැන් 3500ටත් අඩුවෙන් ගතෑකි...ඒ දවස් වල 17 මොනිටර් එක 4500න් මෙහා ගන්න බෑ...ඒ අතින් බලද්දි මට හිතෙනවා මේ බඩුවල මාකට් බහින්න සහ ඒවා පරණ වෙන්න යන්නෙ එස්එල්ටී 4ජී කනෙක්ෂන් එකේ එම්බී 20ක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න තරමේ කාලයක් කියල...මොකෝ මහලොකු කාලයක්යැ...මේ 2019...ඒ 2016...

පස්සෙ කාලෙ යූටියුබ් එහෙම භාවිතයට හුරු උනාට පස්සෙ මං මැෂින් ගැන ගොඩක් ඉගෙන ගත්තා...හාඩ්වෙයා ගැන එහෙම නං වැඩිපුරම ඉගෙන ගත්තෙ ඩිල්ෂාන් අබේගුණවර්ධන අයියගෙ myhub lk චැනල් එකේ වීඩියෝ වලින්...මදර්බෝඩ් වර්ග,රැම් වීජීඒ ගැන ඉගෙන ගත්තෙ ඒකෙන්...ඒ වගේම pc gamers ෆේස්බුක් ගෘෘප් එකෙනුත් ගොඩක් දේ ඉගෙන ගත්තා...ඒ වගේම මං ආසම කරන ෆීල්ඩ් එක ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එක ගැනත් ආසාවෙන් ඉගෙන ගත්තා...ඉලස්ට්‍රේටර්,ෆොටොෂොප් ගැන ගිගාබයිට් ගණන් ටියුටෝරියල් වීඩියෝ ඩවුන්ලෝඩ් කලා...හරිම සුන්දර දේවල්...

කොහොම හරි 2018 මැද වෙද්දි ඕලෙවල් නිසා මැෂින් එකේ වැඩ නතර උනානෙ...ආයෙ පටන් ගත්තෙ ඕලෙවල් ඉවර වෙච්ච ගමන්මයි...ඉතින් අන්තිම කාලෙ ඩෙස්ක්ටොප් එක එහෙමත් පොඩ්ඩක් අබලන් පිට තිබ්බෙ හාඩ්වෙයාර් පැත්තෙන්...ඉතින් මේකටත් අප්ග්‍රේඩ් එකක් දාන්න එහෙම තමා හිත හිතා හිටියේ...ඒ අතරෙ ඕලෙවල් තෑගි වලට මට 15000ක් සෙට් උනා අපේ රත්තරං (ඇත්තටම රත්තරං මචන්) නෑදෑයන්ගෙන්...ඒකෙන් චැලියක් ගන්න උවමනාවක් තිබ්බට පලවෙනි චැලි හංටින් සැසියෙන්ම ඒක එපා උනා..ඒ කතාව වෙන දවසක ලියන්නං... ඉතින් අර 15000න් කරන්නෙ මොකක්ද කියල හිත හිතා ඉද්දි තමා ඉක්මන් එකේ දාල තිබ්බෙ core 2 duo 2.13 එකක් විකුණන්න දාල තිබ්බ 15000කට ෆුල්සෙට් 19 lcd monitor,keyboard,mouse එක්ක....කතා කරල බැලුවම මගෙ මොන්ටිසෝරි කාලෙ හොදම යාලුවා...තාමත් මට හම්බෙනව ක්ලාස් වලදි...පොර චැලියක් අරන් ඒක හදන්න ඕනි නිසා මේක විකුණනවා කියාංකො...ඒ පාර ඉතින් පොරවත් ෂුවර් හින්ද මාමාත් එක්ක ගිහින් අරන් ආවා...

මැෂින් එක මරු...අරූ ගේම් ගහන්න පාවිච්චි කරල තිබ්බෙ ඒකත් මාස ගාණකින් පාවිච්චි කරල නෑ චැලිය අරන් හින්ද...Core 2 duo 2.13, 4GB DDR2 Ram, G31 motherboard,250GB HDD,Gaming Casing ,19 LCD monitor ඔන්න ඔහොමයි විස්තරේ...මේකෙ හොද ග්‍රැෆික් කාඩ් එකක් තිබිල අර යකා රුපියල් 2000කටද කොහෙද ඒක විකුණල දාල...ඒක තිබ්බ නං 18කට ගත්තත් පාඩු නෑ...අවුලක් නෑ...මට පස්සෙ අප්ග්‍රේඩ් කරගන්නනෙ තියෙන්නෙ...Core 2 duo 3.0 processor එකක් මං ඊබේ එකෙන් ගෙන්නලා දාගත්තා...ඩොලර් 5කටද කොහෙද ගත්තෙ...ලංකාවෙ ගාණෙන් 900ක් වගේ...දැන් ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවා නං වැඩේ සම්පූර්ණයි...

ඉතින් මෙහෙම මේක අරන් වැඩි දවසක් යන්න කලින් පරණ ඩෙස්ක්ටොප් එකට කෙලියා කියාංකො...ඒකෙ ග්‍රැෆික් කාඩ් එක සහ මදර්බෝඩ් එක කොහොමත් ලෙඩ පිටින් තිබ්බෙ...ඉතින් දවසක් ඕක දාං ඉද්දි සැරින් සැරේ ග්‍රැෆික් කාඩ් එක හීට් වෙච්ච ගමන් ස්ක්‍රීන් එකේ පාට පාට ඩොට් ගිහින් රීස්ටාට් වෙනවා...බලන් ඉන්න බැරි තැන ගැලෙවුවා මැෂින් එක...අම්ම ගහයි බැට් එකෙන් අස්සෙ පැල වවන්න තරං දූවිලි...ඉතින් හීට් වෙන එක අහන්නත් දෙයක් යැ...ඒ පාර බ්‍රෂ් එකක් අරන් එහෙන් මෙහෙන් සුද්ද පාරක් දාලා ආයෙ ගහලා ඔන් කලා...

පවර් සප්ලයි එකෙන් ලා කොල පාට සහ ලා නිල් පාට හුරු පාටකින් එලියක් විදලා හිට්ට හිට්ටමයි...
පවර් සප්ලයි එකට හරි...

ඒ පාර සතියකට විතර පස්සෙ යන්තං සල්ලි ටිකක් සෙට් කරගෙන අලුත් මැෂින් එකේ තියෙන්නත් වොට් 600 සප්ලයි එකකි හින්දම දෙකටම සමානව සලකනවා යන පරම චේතනාවෙන් 1200ක් දීල වොට් 600 සප්ලයි එකක් ගෙනාවා... ගෙනල්ලා ගහල බැලුවට පස්සෙ ආයෙ මගේ හදවත බිදිල ගියා ඒයි... මදර්බෝඩ් එකටත් කෙලලා කලින් පාරෙන්ම...

මොනවා කරන්නද ඉතින් ආයෙ හිගාකාල හිගාකාල සල්ලි ටිකක් සෙට් කරගත්තා අලුත් මැෂින් එකට ග්‍රැෆික් කාඩ් එකක් ගන්නත් එක්කම...මේ පාර බැලුවෙ මදර්බෝඩ් එක එහෙම ගනිද්දි පරණ එකටත් පිච්චිච්ච 945 බොඩ් එක වෙනුවට අලුත් එකේ වගේ ජී31 බෝඩ් එකක් දාන්න...ඒ පාර ගිහින් මං 2200කට ගත්තා ජී31 බෝඩ් එකක් හොරණ බෝගහ ලග අලුතෙන් දාපු ෂොප් එකකින්(නම නං මතක නෑ)...ග්‍රැෆික් කාඩ් එකකුත් ගත්තා 3500කට හොරණ මතීෂා එකෙන්...1ජීබී ati readon එකක්...කලින් පාවිච්චි කරල තිබ්බෙ එන්වීඩියා 512 ඒව හින්දා මේ පාර වෙනසක් කරන්න හිතුවා...වෙනස නං මරු...කලින් එන්වීඩියා වගේ වද දුන්නෑ readon කාඩ් එක...කවුරු කොහොම කිවුවත් amd එන්වීඩියා වලට පහලයි කියලා amd පාවිච්චි කරපු කවුරුත් amd එකට දොසක් කියනව මං අහල නෑ...performance එහෙම නං සිරාවටම පට්ට ග්‍රැෆික් කාඩ් එකේ...

කොහොමහරි මදර්බෝඩ් එකත් අලුතෙන් දැම්මා පරණ ඩෙස්ක්ටොප් එකට...ඒකෙ ග්‍රැෆික් කාඩ් එක අයින් කලා...තේරුමක් නෑ හොදටම සවුත්තුයි...සල්ලි ටිකක් සෙට් වෙච්ච ගමන් ඒකටත් ග්‍රැෆික් කාඩ් එකක් දාලා තව 2ජීබී රැම් එකක් ගහන්න ඕනෙ...දැන් මම ඒකෙ තිබ්බ 160,320 හාඩ් දෙක ගලවලා අලුත් මැෂින් එකට ගහලා අලුත් එකේ තිබ්බ 250 හාඩ් එක ඒකට ගහලා ඒක ස්ටෑන්ඩ්බයි මැෂින් එකක් විදිහටයි පාවිච්චි කරන්නේ...මොකද දැන් කරන් යන වැඩ වල හැටියට අමතරව මැෂින් එකක් තියන එක ගොඩාක් වටිනවා මට...දැන් අලුත් මැෂින් එක ප්‍රධාන මැෂින් එක විදිහට පාවිච්චි කරනවා...19 මොනිටර් එක එහෙම ගොඩාක් වටිනවා ලොකු ලොකු වැඩ දාද්දි ඉතින්...

ඉතින් ඇත්තටම...ඕලෙවල් වලින් පස්සෙ මගේ ජීවිතේ පරණ තිබ්බ තත්ත්වෙට ආවා මං හිතන්නේ...ඉතින් ආයෙ ඉතින් අතට සල්ලි එන වෙලාවට මැෂින් එක පුලු පුලුවන් විදිහට තව අප්ග්‍රේ්ඩ් කරන්න ඕනි...

මං ලිපිය ලියන්න ගත්තෙ උදේ 8.30ට විතර...දැන් 10.15යි...දැන් පැය 1යි විනාඩි 45ක් ටයිප් කරලා...මහන්සිත් නිසා සහ ලියන්න තිබ්බ ටික ලිව්ව හින්දා මෙතනින් නවතින්නයි සූදානම...එහෙනං...අප්ග්‍රේඩ් වෙන සුබ අනාගතයක් වේවා...!!!

කොටිමල්ලි...
2019.06.15

ප.ලි - උඩ ෆොටෝ එකේ තියෙන්නෙ මගේ මැෂින් දෙක තමා ඉතින්...පොඩි මොනිටරේ එක්ක වමේ පරණ මැෂින් එක...ලොකු මොනිටරේ එක්ක තොරණ වගේ ලයිට් ගහල දකුණෙ තියෙන්නෙ අලුත් එක...ඔය නං ගෙනාපු දවසෙම ගහපු ෆොටෝ එකක්...දැන් ආයෙ ෆෝන් එක අල්ල අල්ල ෆොටෝ ගන්න කම්මැලි හිතුන නිසා ඕක දැම්මා...කොහොමත් ඇතුලෙන් වෙනස් උනාට බාහිර පෙනුම ඔහොමම තමයි...

2019.11.27 UPDATE
2019 සැප්තැම්බර් අග භාගයේ ( දිනය මතක නැත ) අලුත් කම්පියුටර් එකේ මොනිටර් එකේ කලර්ස් අවුට් ගිහින් වැඩ කළ නොහැකි තත්ත්වයට පත්වූ බැවින් 20 Wide Screen LED monitor එකක් රුපියල් 6900කට හොරණ පීසී පැලස් වෙතින් මිලදී ගෙන භාවිතයට ගන්නා ලදී.

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...