මේ මගේ මැෂින් දෙක තමා ඉතින්...පොඩි මොනිටරේ එක්ක වමේ පරණ මැෂින් එක...ලොකු මොනිටරේ එක්ක තොරණ වගේ ලයිට් ගහල දකුණෙ තියෙන්නෙ අලුත් එක හැමදාම වගේ මට වෙන දේ තමයි...අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි ලියන එක පස්සට ගිහින් එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි ලියන එක සහ අර එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි පිටු ගණන් ටයිප් කරලා අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි පේලි 2න් 3න් ටයිප් කරලා දාන එක...අන්න ඒ හින්දා අද සෙනසුරාදා දවසෙ ගෙදර ඉන්න එකේ මේක ලියල දාන්න ඕනෙ...ඊලග අගහරුවාදා ඉදන් ආයෙ ඉස්කෝලෙ යන්නත් වෙන හින්දා ආයෙ ඉතින් නිදහසේ ලිපියක් ලියන්න වෙලාව සෙට් කරගන්න එක හෙනම ගේමක් දෙන්න ඕනි වැඩක්...බිකෝස් මේ බ්ලොග් එකේ ලිපියක් ලියන්න නිකන් ඔහේ යන්නං වාලෙ වෙලාවක් හරියන්නෙත් නෑ... හොදයි...බයිලා ගැහුව ඇති දැන්...දැන් ලිපියට එමු.... අපි 2010 අවුරුද්දට විතර යමු... එතකොට මං 3 වසරෙ...ඒ අවුරුද්දෙ තමයි අපේ ගෙදරට මුලින්ම කම්පියුටරයක් ආවෙ...ඩෙස්ක්ටොප් එකක්...අපේ චූටි අම්මට ms office වගේ සොෆ්ට්වෙයා වලින් වැඩකරන්න පුරුදු වෙන්න වගේ වැඩ වලට තමා ඕක ගෙනාවේ...පෙන්ටියම් 4 ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.