Thursday, March 21, 2024

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි...

මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ. 

මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. 

කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ.

මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට තාම මතකයි ඒ්ක කියපු ගමන් ඔයා මං දිහා ගස්සලා බලපු විදිහ. අවංකවම හරි ලස්සනයි ඒ්ක.

මම එදයින් පස්සෙ ගොඩක් දේවල් කලා ඔයාගෙ හිත දිනාගන්න. ඒ්ත් ඔයා කැමති උනේම නෑ සුදු මැණිකේ. කොච්චර දේවල් කලාද නේද. මං මහ ඇණයක්ම උනානෙ අන්තිමට. ඔයාටත් වඩා ඔයාගෙ තාත්තටද මංද මං වද දුන්නෙ 😅‍

කොහොම උනත් ඔයාට හැමදාටම ගොඩක් ස්තූතියි සුදු මැණිකේ! මොකද කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ගෙ ජීවිතේ‌ට ලොකු ශක්තියක් එකතු කරන්න බලපෑමක් කරන්න විතරයි. ඒ් බලපෑම තමන්ගෙ ජීවිතේ ගොඩයෑමට යොදාගන්නවද කෙලවීමට යොදාගන්නවද කියල කොල්ලා තීරණය කරන්න ඔිනෙ. මම ඒ්ක මං කලා සුදු මැණිකේ. මම වැඩ කලා ඔයා නිසා ලැබුනු මෝටිවේෂන් එකට. මොකද මම දැනන් හිටියා මම පිරිමියෙක් විදිහට ඉන්න ඔිනෙ මගෙ ජීවිතේ මැච් එක මම ගහන්න ඔිනෙ කියල. 
ඉතින් ඒ්ලෙවල් කලා හොඳට. ඒ් අතරෙ මගෙ industry එකේ හොඳට වැඩ කලා. ආධ්‍යාත්මික දියුනුව පැත්තෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉ‌ගෙනගත්තු දේවල් තව අයට කියල දුන්නා. අවංකවම මං හොඳ ගේමක් ගැහුවා සිරාවටම.
ඉතින් සුදු මැණිකේ...ආයෙ පාරක් ඒ් කරපු බලපෑමට ගොඩක් ස්තූතියි! මං සෑහෙන්න ගරු කරනව ඒ්කට!

හැබැයි  සුදු මැණිකේ මම වැදගත් දෙයක් කියන්න ඔිනෙ. මගෙ ජීවිතේ මට කරපු ලොකුම අපහාසෙ කලේ ඔයාගෙ තාත්තා. මං අවුරුදු 2ක් තිස්සෙ ඔයාගෙන් යාලුවෙන්න අහ අහ පස්සෙන් ආවනෙ. ඒ් වගේම ඒ්ක නිකන්ම කලේ නෑ. මම මගේ අනාගතය හදන ෆවුන්ඩේෂන් එක දාගෙන මගෙ වයසට සෑහෙන්න හොඳ දෙයක් කරලයි කලේ. මම ජීවිතේ ලොකු වටිනාකමක් දුන්නා මගෙ මහන්සියට. මම ඉගෙන ගන්න උන මහන්සියට. මගෙ Industry එකේ තැනක් හදාගන්න මම දීපු උත්සාහයට. ඔයාගෙ තාත්තා ඒ්ක බල්ලටම දැම්මා ඒ්කත් මගෙ ලොකුම achievement එකක් වෙච්ච දවසක මම ලෝකයක් සතුටු කරල ඉන්න වෙලාවෙ. 

ඔයාලගෙ perspective එකෙන් ඒ්ක සාධාරණ ඇති. ඒ්ත් මට නං ඒ්කත් සැකයි අවංකවම. මාව reject කරපු එක කිසි අවුලක් නෑ ඒ්ක ඔයාලගෙ අයිතිය. ඒ්ත් ඔයාගෙ තාත්තට තිබුනා එදා ඊට වඩා හොඳ විදිහකට අඩුම මං එක්ක කතා කරන්න.
 
කොහොම උනත් ඔය මොකුත් තරහකට කිවුව නෙවේ සුදු මැණිකේ... ඒ්වටත් ගොඩක් ස්තූතියි... තරහ වෙන්න තිබ්බ මට මොනව හරි නැති උනා නං...😅‍ එහෙම උනේ නෑනේ... මම සෑහෙන්න දෙයක් ඉගෙන ගත්ත ඒ්වලින්...

කොහොම හරි ඔික උනේ 2022 දෙසැම්බර් 8 නෙ. මම එදා හිතාගත්තා ආයෙ ඇට දෙක ගැලෙව්වත් ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියල. මොකද සුදු මැණිකේ මම තේරුම්ගත්ත දේ තමා මගෙ ජීවිතේ මට වටිනම මනුස්සයා මමම තමා. ඉතින්... මට ඔිනෙ නෑ මගෙ වටිනාකම බල්ලට දාල කාගෙවත් පස්සෙන් යන්න...

මම අවංකවම හිතන්නෙ නෑ මම ඔයාට වද දුන්නා කියලවත් වැරැද්දක් කලා කියලවත්. මං කලේ සැරින් සැරේ පන්ති තියන තැන් වලට ඇවිත්, කෝල් අරන්, වට්සැප් මැසේජ් දදා ඔයාට ආදරෙයි කියපු එක විතරයි. සමහර විට මම ඒ්ව කරපු කාලෙ එක්ක වැරැද්දක් තියෙනවා ඇති. ඒ්ක මට තේරුනේ මගෙ නංගි 10 වසරට (ඒ් කාලෙ ඔයාගෙ වයස) ට ආවට පස්සෙ. 
ඒ් කොහොම උනත් මං ආයෙ කියනව මං වැරැද්දක් කලේ නෑ...
ඒ් වගේම මොන තත්වයක කෙනෙක් වුනත් ඔයාගෙ තාත්තා මට සලකපු විදිහට මම මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට සලකන්නෙත් නෑ.

ඉතින් මේ හැමදේම වෙලත් දැන් අවුරුද්දකට වඩා ගිහින්. ඔයාව අන්තිමට ඇස් 2ට දැක්කෙත් 2021 දි විතර. 
ඉතින් එහෙම වෙලාවක... මට තව දෙයක් කියන්න තියනවා...
මට දැන් තේරෙනව සුදු මැණිකේ... මම ඔයාගෙ පස්සෙන් එද්දි ඔයාට ආදරේ කරල නෑ කවදාවත්ම...

ජීවිතේ අත්දැකීම් එක්ක පරිණත වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙනව සුදු මැණිකේ. මගෙ අදහසට අනුව ආදරේ කියන්නෙ සමීකරණයක්. ඒ්ක හරියට මේ වගේ.
 
ආදරය කියන්නෙ දෙන කෙනාට දානයක්. ලබන කෙනාට ලෞකික නිවනක්!

මං විතරනෙ සුදු මැණිකෙ ඔයාට ආදරේ කලේ. හැබැයි ඔයාට ඒ්ක වධයක් උනා නේද. එහෙනං සුදු මැණිකෙ ඔයාට කොහෙන්ද නිවනක් මගෙ ආදරේ නිසා... නේද?
 
මං ආයෙ කවදාවත් ඔයාට හිතින්වත් කටින්වත් වෙන මොකකින්වත් ආදරේ කරන්නෙ නෑ සුදු මැණිකේ...ඒ් වගේම... මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියලා කතා කරන්න...!

ඔයාගෙ ජීවිතේ බලාපොරොත්තු හැම එකක්ම ඒ් විදිහටම ඉෂ්ඨ වේවා කියලා මං ප්‍රාර්ථනා කරනව සචිනි නංගි! ඒ් වගේම මං අමතක කරල ඉවරයි ඔයා කියල කෙනෙක් මගෙ ජීවිතේ හිටියා කියලත්!

--------------------------------------------------------------------------------------------------------------------
ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ මතකයක් ගැන ලියන්නට මේ මොහොතේ මා පෙළඹවූ හැඟීම කුමක්දැයි මට වටහාගත නොහැකිය. එනමුදු තරමක ශාන්ත බවක් වටපිටාවේ ඇති මොහොතක වසර 4ක් මුළුල්ලේ සිතේ තිබූ මතකයන් ආදාහනය කොට ඒ් භෂ්මාවශේෂ මිහිදන් කරනු පිණිස 2024 මුල්ම පෝස්ටුව ලෙස මෙය ලියන්නට මම බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වී නිව් පෝස්ට් බට්නය එබුවෙමි.
 
මීට පෙර මගේ ලිපි වල "දුෂ්ඨ පොඩි කෙල්ල" ලෙස හඳුන්වා තිබූ ඇය ගැන ලිවීමට බොහෝ කල් සිට මා හට අවශ්‍යව තිබුනත්, ඇය හා සම්බන්ධ සිදුවීම් වල මතකයන් සමග වූ නොසැල්ටජියාත්මක හැඟීම් ඇයව සිතින් ඉවත්කිරීමට හා එය කිරීම සංකේතාත්මකව සහතික කරන මෙම පෝස්ටුව ලිවීමට එරෙහි වූ මාර්ග බාධක විය.

2020 සිට මා ජීවිතය තුල අත්කරගත් යම් දියුණුවක් වේ නම් එය පිටුපස ඇය දැකුමෙන් හටගත් ඒ් හැඟීම බලවත් අභිප්‍රේරකයක් ලෙස මා මත ක්‍රියාකරන ලදී. එබැවින් ඒ පිලිබඳ විශේෂ ස්තූතියක් ගෞරවයක් ඇය කෙරේ මා සිත තුල හැමදාටම තිබෙනු ඇත.
 
ඉහත භාෂාව සහ ලියා ඇති වාක්‍ය කියවන විට මා ඇය සමග තරහක් සිතේ තබාගෙන මෙය ලියුවා යැයි සමහර විට ඔබට සිතට දැනෙනු ඇත. නමුත් අවංකවම එය සත්‍යයක් නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. විවිධ ක්‍රම ඔස්සේ ඇයට කතා කිරීමට උත්සාහ කල විටදී ඇයගේ ප්‍රතිචාරයන් සහ විශේෂයෙන් ඇයගේ පියාට ඇමතුමක් ලබාගත් අවසාන මොහොතේ ඔහු මට පැවසූ දේ ගැන කලකිරීමක වේදනාව නම් සමහර විට මගේ වචන වලින් පිටවන්නට ඇත. කෙසේ නමුත් ඔවුන් කල කී දෑ ඔවුන්ගේ කෝණයෙන් බැලූ විට ඉඳුරාම සත්‍යයන් වන බැවින් ඒ් පිළිබඳව ඔවුන්ගේ කිසිම වරදක් නොමැතිබව මම අවධාරණය කරමි.

ඇය කෙරෙහි මා තුල යම් හැඟීමක් වූවා නම් එයද අවසන් වී දැන් වසරකට වැඩි කාලයක් ගත‌වී ගොස් ඇත. නමුත් පෙරද පැවසූ පරිදි මා සිතේ සැඟවී තිබූ ඒ් මතක සහ නොසැල්ටජියාත්මක හැඟීම් ඇය මගේ සිත් අහසින් බැස ගොස් අවසන් බව සහතික කිරීම ප්‍රමාද කලේය. ඉතින්... ඒ් බලාහිඳි කාලය අවසාන දැන් වී ඇත...
ජීවිතය වෙනස් වී ඇත... අතීතයේ මතකයන් නම් අප එක තැන බැඳ දමා සිටින යදම් වලින් අප නිදහස් විය යුතුය... ඒ නිදහස කරා පියඹෑ යෑමට දැන් තටු ලැබී ඇත...

 
2024 - 03 - 21
කොටි මල්ලි (Snow Kotiya)

1 comment:

  1. මචං , බොක්කෙන්ම ලියපු සුපිරිම වචන ටිකක් කියලා පේනවා.
    අතීතය කෙසේ වුවද වර්තමානය මෙසේ වුවද අනාගතය වනාහී මතක අමතක නොවන සොඳුරු තෝතැන්නක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    කොහොමත් පයින් ගැහුවෙ මැණික් ගලකට කියලා දැනගද්දි වෙන කෙනෙක් ඒ මැණික ඔප දාලා ඉවර වෙලා මැණික ප්‍රසිද්ධ වෙන කාලෙ වෙන්න මහ දුරක් නෑ කියලා මට හිතෙනවා.

    ජය වේවා !!!
    මිතුරු.

    ReplyDelete

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...