Skip to main content

ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද???මගේ අදහසට අනුව


මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ගැනත් සලකලා මට හිතුනා මේක ගැන මගේ පෞද්ගලික අදහස ගැන බ්ලොග් එකට ලිපියකුත් දැම්මොත් හොදයි කියල...

පහත ලින්ක් එකෙන් ඔයාලට ඒ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්.
https://kuppiya.lk/threads/%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF.9780/

ගොඩක් අය කියල තිබුනා අවශ්‍යතාවය වෙනස් වෙනව කියල...ඒක සම්පූර්ණ ඇත්ත...මං මේක දිහා බැලුවෙ මිලත් එක්ක සංසන්දනය කරල.මොකද එයා මේකට යොදවන්න බලාපොරොත්තු වෙන මුදල ගැන අදහසක් දාල තිබුනෙ නෑ.මේ වගේ දෙයක් බලද්දි සාමාන්‍යෙයන් අපිට මිල ගැන දල අදහසක් හරි තිබුනොත් හුගක් වටිනව.මොකද දැන් කාලෙ හැමෝටම ආර්ථික ප්‍රශ්න තියනවනෙ.ඉතින් මම මේකට මිලත් අවශ්‍යතාවයත් සලකලා පොඩි ලිපියක් ලියන්න හිතුවා.මෙතන මං වැඩිපුරම කතා කරන්නෙ අඩු මිලට හොද උපාංගයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්...

මෙහෙමනෙ ඉතින්...කලින් කිවුවා වගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනව...
අපි මුලින් ඩෙස්ක්ටොප් වලට බහිමු.

ඔයා ගේමින්, වෘත්තීය විදිහට ග්රැෆික්,වීඩියෝ එඩිටින් කරනවා නං ඉතින් ඩෙස්ක්ටොප් එකකට යනවා නං හොදයි ඉතින්...විශේෂයෙන්ම ගේමින් වලට.ඩෙසක්ටොප් එකක ඔයාට ඒවාට ගැලපෙන විදිහට වෙනස්කම් කරගන්න පුලුවන් ලේසියෙන්.අර සමහරු කියනවානේ ගේමින් නං කම්පියුටරයක් තනියම assemble කරනකොට ගතියක් තියනව කියල.ඒ වගේ තමා.ඒවා නං ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනව.හැමෝටම එක විදිහෙ සිතුම් පැතුම් නෙවේනෙ තියෙන්නෙ...

හැබැයි ඉතින් ඔයා ඉගෙන ගන්න ග්රැෆික් වගේ ඒව කරනව මගේ අදහසට අනුව නං රු.7500 ඩුවෙල් කෝර් මැෂින් එකක් ගත්තත් අවුලක් නෑ.සාමාන්‍යෙයන් එන්නෙ dual core 2.4 processor,1GB ram,160HDD එකයිනෙ.ෆුල් සෙට් නං ඔක්කොම අඩුම ‍13500ක් විතර යනව 15 lcd මොනිටරේ දාල.හැබැයි රැම් එක වැඩි කරගත්තොත් වඩා හොදයි.රුපියල් 1000ක් යයිනෙ 1GB ram එකකට..අරන් සෙට් කරගන්නනෙ තියෙන්නෙ.ඕවල කිසි අවුලක් නෑ.මං 3ds max 2011,adobe illustrator cs6,photoshop cs6,adobe after effects cs6(මේක විතරයි පොඩ්ඩක් වාත උනේ.හදන වීඩියෝ රෙන්ඩර් වෙන්න යන වෙලාව සාමාන්‍යෙයන් වැඩියි)ඔය ඔක්කොම රන් කලා...මැෂින් එක පොඩ්ඩක්වත් ස්ලෝ නෑ.පස්සෙ ඉතින් පොඩි ගේමක් ගහන්න අඩුවට ගහන්න ආසාවක් වගේ අවොත් 512mb 9500GT වගේ vga එකක් රු.2000-2500කට ගැහුවත් ඇති.gta iv,nfs mw2,cod ඔය වගේ ටිකක් ගැහුවත් මදෑ සාමාන්‍ය අඩු මුදලට හොයනවා නං...

ගෙදර දොරේ වැඩ වලට නං ඉතින් ඔය අබාන්ස්,සිංගර් වල රු.50000ට 40000ට තියන ඩුවෙල් කෝර්,i3 ඩෙස්ක්ටොප් අරගන්න එක මගේ අදහසට අනුව ඇත්තටම වැඩක් නෑ...මොකද ඒ ගනන් වලට assemble කරපු හොද i5 ගේමින් ඩෙස්ක්ටොප් එකක් ගන්න පුලුවන් අවුලක් නැතුව...අනික අරව බ්‍රෑන්ඩඩ් ඒව නිසා ඒවල කේසින් වලට එහෙම ගැලපෙන විදිහට තමා පාර්ට්ස් එහෙම හදල තියෙන්නෙ.ඉතින් ඩෙස්ක්ටොප් වල අපිට උවමනා විදිහට රැම්,වීජීඒ වැඩි කරන්න පුලුවන් හැකියාව වැඩියෙන් තියෙන්න ඕනි.ඉතින් අර විදිහට තියන ඒවල අප්ග්‍රේඩ් කරන්න ගියාම වාත වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි.හුගක් වෙලාවට ඕව නං ගන්නෙ මං දන්න තරමින් කම්පැනි වලට,ඉස්කෝල වල ලැබ් වලට වගේ ආයතනික දේවල් වලට තමා...මොකද ඒවට වගකීමක් දෙනවනෙ.අනික එයාල ලොකු මුදලකුත් ඒවට වැය කරන නිසා ඒකෙ ගැටලුවක් නෑ.මං කිවුවෙ ගෙදර පාවිච්චියට ඇසෙම්බල් කරපු මැෂින් එකක් හොදයි කියල.මොකද ඇසෙම්බල් කරපු ඒවට වොරන්ටි දෙන්නෙ නැතුව යැ...අනික මිලත් අඩුයි බලයත් වැඩියි ඉතින් හොදයි...

මං ඉහත කිවුවෙ අඩු මුදලට ගෙදර දොරේ ඉගෙන ගන්න ගමන් ගේමක් ගහලා අවුලක් නැතුව ඉන්න පුලුවන් ඩෙස්ක්ටොප් එකක් ගැන.
වෘත්තීය විදිහට ලොකුවට ග්රැෆික්,වීඩියෝ කරනවා නං තමා දඩ ප්රොසෙසර්,රැම්,vga,පත led monitor දාලා කරන්න ඕනි..ඒකත් ඉතින් අත්‍යාවශ්‍ය නෑ.උවමනා නං විතරයි.

ඩෙස්ක්ටොප් ගැන ඔය ටික කිවුවෙ දැනට මං ඩෙස්ක්ටොප් එක්ක වැඩ කරලා තියන අත්දැකීම් අනුව...දැන් ලැප්ටොප් වලට බහිමු.
ලැප්ටොප් ගැන කියනව නං ඉතින් ඔය මහාලොකුවට පත්තරේ ඇඩ් දාල තියෙන්නෙ ඔය i3 එහෙම ලැප් විකුණන්න...මගේ පෞද්ගලික අදහස අනුව කියනව නං...ඔයා ඕක වෙන කොහෙවත් වැඩිය ගෙනියන්නෙ නැත්තං,ගේම් ගහන්නෙ නැත්තං,කරන්නෙ ඉන්ටනෙට්,යූටියුබ් ෆේස්බුක් යනඑකයි ෆිල්ම් බලන එකයි,සිංදු අහන එකයි වගේ විතරක් නං ඔයාට රු.60000ක් 70000ක් දීල එක්කො මාසෙකට රු.4000ක් 5000ක් ගෙවන්න ගන්නවනං එහෙම ගන්නවට වඩා ලාබයි රු.25000කට විතර සෙකන්ඩ් හෑන්ඩ් core 2 duo ලැප් එකක් ගන්න එක.ඒකාලෙ මං HP සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගත්තා 25000කට 2014 අවුරුද්දෙ ජනවාරි වල.තාමත් අවුලක් නැතුව ඒක වැඩනෙ.මං ඒක අවුරුදු 2ක් තිස්සෙ අවුලක් නැතුව පාවිච්චි කරනවනෙ.බොරු කියන්න ඕනි නෑ දැන් බ්රෑන්ඩ් නිව් එක ලැප්ටොප් ඇත්තටම මල ජරාවල්.අවුරුදු 1 හමාර 2පනිද්දි බඩු ඉවරයි.කීබෝඩ් වැඩ නෑ ඔය වගේ කේස් වලින් පටන් ගන්නව.දැන් අවුල තියෙන්නෙ ඒ නිසාම සෙකන්ඩ් හෑන්ඩ් ලැප් මාකට් එකත් ඉවරයි.ඇයි දැන් ඔය 30000ට විතර තියෙන්නෙ ඔය කේස් ඇවිත් විකුණපු ඒවනෙ.දැන් core 2 duo හොද තත්වයෙ ලැප් හොයන්නත් නෑ.මං පොඩ්ඩක් මේ දිනවල හොයල බැලුව වෙලදපොලේ.30000ට තියන i3 එහෙම පිටින්ම මල ජරාවල්.කියල වැඩක් නෑ.ඉතින් දැන් බලනකොට මගේ පෞද්ගලික අදහසට අනුව සාමාන්‍ය පාවිච්චියට ලැප් වලට වඩා අඩුවට ඩෙස්ක්ටොප් එකක් ඇත්තටම ලාබයි.

ඔය මං කිවුවෙ ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද කියන එක ගැන මගේ පෞද්ගලික අදහසට අනුව...ඒ නිසා ලිපිය උඩින් පල්ලෙන් කියවලා විකාර කියවන්න එන්න එපා...ලිපිය මුල සිට අගට කියවලා ඔයාලගෙ යෝජනා,චෝදනා,අදහස් උදහස් පහල කමෙන්ට් කරන්න...ඒ වගේම දිරිමත් කරලා කමෙන්ට් දාන අයටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මම ගියා...ආයෙත් හම්බ වෙමු ඉක්මනටම...
ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා...!!!

Comments

  1. අඩේ.... ආයෙත් කියනවා.... ඔය කුප්පිය මතක් කරන්න එපා බං.... මම නම් ඔය මගුලත් එක්ක හැමදා තරහයි.......

    ReplyDelete
    Replies
    1. ඉයෝව් ඉයෝව්...එල එල...මොකක උනත් ඉතින් ගැටලුවට පිලිතුරක් දෙන එක මනුස්සකමනෙ බං...

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...