Tuesday, October 13, 2020

මැශින් එක නැවතත් අප්ග්‍රේඩඩ්...!

 හ්ම්...ගිය අප්‍රේල් වලින් පස්සෙ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනාමද කොහෙද...සෑහෙන්න වෙනස් වෙලා හැමදේම...ඉතින් ගිය අප්‍රේල් වලින් පස්සෙ ජීවිතේ සෑහෙන වෙනසක් උනා කිවුවොත් හරි...

දිග කතාවක් ඇත්තටම. දිග කතාව ටිකෙන් ටික පුලුවන් විදිහට ටයිප් කරන්න බලනවා ඉඩක් ලැබෙන වගේම හිතට නිදහසක් දැනෙන හැම වෙලේම. ඉතින් ඒ දිග කතාව ඇතුලෙ වෙච්ච ලොකුම සිදුවීමක් තමයි මැශින් එක ආයෙ අප්ග්‍රේඩ් උන එක. මං හිතන්නෙ මම අන්තිමට මැශින් එක ගැන කතා කලේ මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව  පෝස්ට් එකේ...ඒ මීට අවුරුද්දකට කලින්...

ඉතින්...2020 අවුරුද්දෙ මැශින් එක අප්ග්‍රේඩ් උනා දෙපාරකට. පළවෙනි එක පෙබරවාරි වල වෙන්න ඕනි මයෙ හිතේ. එතන නං වැඩි දෙයක් නෑ. ප්‍රොසෙසර් එකයි, මදර්බෝඩ් එකයි, රැම් කාඩ් ටිකයි විතරයි අප්ග්‍රේඩ් උනේ...

ECS G31 DDR2 Motherboard එක Asus G41 DDR3 උනා...
Core 2 Duo 2.13 Processor එක Core 2 Duo 3.0 උනා...
2GB DDR2 Ram card දෙක 4GB+2GB DDR3 Ram card දෙකකට ගියා...

ඒ බඩු ටික ගත්තෙ මාලබේ Rex PC Hut එකෙන්...6000කට ආසන්න ගාණක් ගියා මතක හැටියට...

කොරෝනා නිවාඩුව ඇතුලෙ ගේම ගැහුවෙ ඔය බඩු ටිකෙන් තමයි. හොදම අප්ග්‍රේඩ් එක කලේ 2020 ජුනි වල. ජුනි කිවුවට හරියට බැලුවොත් සැප්තැම්බර් වෙනකන් සැරින් සැරේ කොටසින් කොටස තමයි දැන් තත්ත්වෙට අප්ග්‍රේඩ් උනේ...ෆයිවරේ පරණ ක්ලය්න්ට් කෙනෙක්ගෙ ලොකු ප්‍රොජෙක්ට් එකකට පිං සිද්ධ වෙන්න හිතේ කාලෙක ඉදන් තිබ්බ අප්ග්‍රේඩ් එකකට යන්න පුලුවන් උනා...

Asus G41 DDR3 motherboard එක Foxconn H61 DDR3 උනා...
Core 2 Duo 3.0 Processor එක Core i5 3470 උනා...
4GB+2GB DDR3 Ram card දෙක 4GB+4GB DDR3 උනා...
600W Normal Power Supply එක 500W Gaming Power Supply උනා...
Sapphire Radeon 5570 1GB VGA එක MSI GTX 760 2GB උනා...
Normal Genius Mouse එක Jedel GM690 Gaming Mouse උනා...
Samsung SyncMaster Normal 20 inch LED Monitor එක Asus VZ229h IPS 21.5inch Monitor එකකට ගියා...
ඒ අස්සෙ ගහල තිබ්බ Toshiba 320GB Laptop HDD එකේ බෑඩ් සෙක්ටර්ස් ඇවිත් තිබ්බ නිසා Seagate 500GB Desktop HDD එකක් ගත්තා...
තව සවුන්ඩ් කොලිටිය වැඩි කිරීමේ පරම චේතනාව නිසා මදර්බෝඩ් එකට ගහන Sound card එකකුත් ගත්තා...

Motherboard, Ram cards, Processor ටික ගත්තෙ මිනුවන්ගොඩ Newline Computers එකෙන්.  HDD, VGA, Monitor, Mouse ගත්තෙ මිනුවන්ගොඩ Chama Computers එකෙන්. Power Supply එකයි Sound card එකයි හොරණ PC Palace එකෙන්...

හරියට බැලුවොත් අප්ග්‍රේඩ් නොවී ඉතුරු උනේ HP keyboard එකයි Colorsit Gaming Casing එකයි Fantech HG17 Headset එකයි විතරයි...

අවුරුද්දට මගේ කම්පියුටරේ මෙච්චර වෙනස් උනා නං...අවුරුද්දට මගේ ජීවිතේ කොච්චර වෙනස් වෙන්නැතිද...

ඇත්තටම...

ලෝකෙ වෙනස් වෙන්නැති දෙයක් තියනවද...හැමදේම අනිත්‍යයි...වෙනස් වෙන සුලුයි කියලා බුදුරජාණන් වහන්සේ කිවුවෙ නිකන් නෙවේනෙ...

මගේ දැනට පාවිච්චි කරන ෆේස්බුක් එකවුන්ට් එකේ අලුතින් මගේ ෆීල්ඩ් එකට අදාල පිරිසක් එකතු වෙලා ඉන්න නිසා ෆේස්බුක් එකේ මම ටිකක් මගේ දේවල් බෙදා ගන්නවා. මේ මැශින් එක i5 වලට අප්ග්‍රේඩ් කරපු දවසේ මං ෆේස්බුක් එකට දාපු පෝස්ට් එක... ඉතින් ඒකත් එක්ක මේ පෝස්ට් එක නවත්තන්න හිතුවා...

------------------

PC upgrade එකෙන් පස්සෙ මගේ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තු 2ක් ඉෂ්ට උනා...

1.) පළවෙනි එක තමයි අවුරුදු 8ක් තිස්සෙ තිබ්බ i series එකේ ප්රොසෙසර් එකකට යන්න තිබුනු ආසාව.

2012 අවුරුද්දෙ මං ශිෂ්යත්වෙ පාස් උනාම මට තෑග්ගට හම්බුනේ සැම්සුන්ග් ලැප් එකක් core 2 duo එකක්. ඒ උනාට මගෙ යාලුවට හම්බුනේ i3 ලැප් එකක්. ඌ සල්ලි කාරයා. මං හිතන්නෙ එදා ඉදන් තමයි ඔය i series එකට යන්න ඇම්මක් ආවෙ. දන්නැද්ද ඉතින් පොඩි කාලෙනෙ😜 ඊට අවුරුදු 2කට විතර පස්සෙ ගේම් ගහල වැඩිවෙලා ඒක කඩාගත්තට පස්සෙ ආයෙ හම්බුනෙත් core 2 duo ම hp ලැප් එකක්. ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් තමයි. බ්රෑන්ඩ් නිව් බඩු අරන් දෙන්න තරං අපේ අම්මලට වත්කමක් තිබ්බෙ නෑ. ඒ ලැප් එක තමයි ජීවිතේ හැරවුම් ලක්ෂ්යයක් උනේ. අද මං ඉන්න තැනට මාව ගෙනාවෙ ඒ ලැප් එක. විජය පරිගණක, රූ පරිගණක සගරා වල තිබ්බ graphic design tutorial වලින් පටන් අරන් youtube tutorial බලලා ග්රැෆික් ඩිසයින් ඉගෙන ගත්තෙ ඒකෙන්. PTC වලින් emoney ජීවිතේ පටන් ගත්තෙ ඒකෙන්. සත පහක් හොයන්න බැරි උන එක ඇත්ත. ඒත් ඉගෙන ගත්ත දෙවල් බොහොමයි. කාලයක් තිබ්බා හැකින් පිස්සුවකුත්.😂 මොන ‍‍‍මොනවා හරි කලා ඊට පස්සෙ හරි ගියෙ නැති පාර ඒක අතෑරියා. අතාරින්නැතුව දෙයක් කලා නං ඒ graphic design වැඩ විතරයි ඒ දවස්වලත්...

කොහොම හරි ඒක කැඩුනා 2016 විතර. ඊට පස්සෙ ගෙනාවෙ desktop එකක්. ඩෙස්ක්ටොප් අමාරුව හැදුනෙ pc gamers ගෲප් එකේ පෝස්ට් දැකලා pc upgrade කරන්නයි එහෙම පුලුවන් හින්දා. ඒකෙ තිබ්බෙ Dual core 3.0 processor එකක්.
කොහොම හරි 2017 විතර ඉදන් මැෂින් එක සම්පූර්ණයෙන්ම වගේ upgrade එකක් කලා නං parts දැම්ම නං කලේ මගේම සල්ලි වලින්. ඒ කාලයක් තිස්සෙ ඉගෙන ගත්ත graphic design වලට පිං සිද්ධ වෙන්න. මහලොකු upgrade කරන්න උනේ නෑ මොකද ඒ කාලෙ මං හදන ෆයිවර් එකවුන්ට් හරි අසුබයි. පළවෙනි ඕඩර් 2,3න් පස්සෙ බයර් රික්වෙස්ට් වත් පෙන්නන්නෙ නැති වෙලා යනවා.
අද කියලත් මහලොකු වෙනසක් නෑ. නමුත් එදාට වඩා අද ගොඩක් හොදයි😊
‍‍කෙහොමින් කොහොමින් හරි හිර වෙවී හිර වෙවී දිවුව මේ මැෂින් මට ගොඩාක් දේ ඉගැන්නුවා. අද මං කම්පියුටර් වලට බය නැහැ. මොන ලෙඩේ ආවත් මොන මගුල කරල හරි හදාගන්න පුලුවන්.
අද මගේ යාලුවො උන්ගෙ කම්පියුටර් වල ලැප් වල අවුලක් ආවොත් කොල් කරල අහන්නෙ මගෙන්. ලැප් එකක් ගන්න ගියත් ඩෙස්ක්ටොප් එකක් ගන්න කියත් මැසේජ් එකක් දාල අහන්නෙ මගෙන් මචන් මේක කොහොමද ගත්තට පාඩුද අඩුපාඩු තියේද කියලා 😃

2.) දෙවෙනි එක තමයි මෙච්චර කාලයක් Blender 2.79b වල හිර වෙලා ඉදපු මට Blender 2.83 වර්ෂන් එකටම යන්න පුලුවන් වෙච්ච එක. මොකද දැන් යූටියුබ් එකේ තියන tutorial වලින් 95%ක්ම වගේ තියෙන්නෙ 2.8 වර්ෂන් වලින් හදපු tutorial. ඉතින් 2.8 වලින් තියන tutorial 2.79b වලින් කරන එක සෑහෙන වේදනාවක් උනා.

 ------------------------- 

කොටි මල්ලි...
2020.10.14

Sunday, April 19, 2020

අනතුරු ඇගවීමක්...රැන්සම්වෙයා හැමතැනම... (උපුටාගත් ලිපියකි)

#Corona_මදිවට_mado (ransomware) හෙවත් #කප්පම්_computer_virus
#අනිවාරෙන්_කියවන්න #මීළග_ගොදුර_ඔබ_විය_හැකියි
500GB laptop Hard එකක් සම්පූර්ණෙන්ම encrypt (lock) උනා මගෙ, ඒක unlock කරන්න එකම විදිය කප්පම් කාරයින්ට $480 (ආසන්නව රු. ලක්ෂයක්) ගෙවීම.
මුලින්ම කියන්න ඕනා මම IT වැඩ්ඩෙක් වත් cyber crime කාපු එකෙක්වත් නෙවෙයි. සාමාන්ය IT දැනුමක් තියන සාමාන්ය internet user කෙනෙක්. මේක මට ඊයෙ (2020.04.03) උන පුද්ගලික සිදුවීමක්.
Whiteboard Video Animation software එකක් ගන්න මට ලොකු උවමනාවක් තිබ්බා. මේකට torrent කීපයක් ගත්තත් වැඩ කරේ නෑ. ඒ නිසා වෙනද නොකර වැඩක් කරා.. සාමන්යයෙන් යන්නැති, බොරු site කියල ගිය ගමන් තේරෙන, ads පිරුණු website වලටත් ගිහින් software එක හෙව්වා. හොයල ඒකෙ තියෙන බොරු files download ත් කරා.
අන්තිමේ install කරල බලන්න යද්දි windows defender එකෙන් සුපුරුදු notice එක ආවා suspecious files කියල. මතක හැටියට trojan කියලත් එක එක එව්වා detect උනා මතකයි.
Cracked softwares install කරනකොට virus guard/windows defender off කරන්න කියන එක සාමන්යයෙන් වෙන දෙයක්. Keygen එකක් උනත් open කරන්න කලින් මෙහෙම කරන්න කියනවා. අපි සාමාන්යයෙන් මේක කරන දෙයක් වෙනදත්. Keygen, KMS auto වගේ දේවල් වලදි virus guard off කරලා තමයි වැඩේ කරගන්නෙ. ඒත් කවදාවත් මොකුත් වෙලා නෑ. ඒත් මට ඊයෙ බඩු පැකට් උනා.
මගෙ lap එක 2012 HP Probook එකක්. පරණයි, ඒත් සාමාන්ය වැඩක් කරගන්න speed එක ඇති (i5, 8GB RAM). හිටි හැටියෙම ඉවරයක් නැතුව Google Chrome එකෙන් ads popup වෙන්න ගත්තා. ඒක නවත්තන්න බෑ මොනා කරත්. Internet connect කරල තියෙනකල් ads එනවා. මේක මීට කලින් වෙලා නැති නිසා මට wifi disconnect කරන්න බැරි උනා. ඒ එක්කම lap එක හොදටම slow වෙන්න ගත්තා. Task manager ගිහින් බලද්දි CPU, Memory, Disk Usage ඔක්කොම 100% ට කිට්ටු වෙන්න full වෙලා හොදටම slow වෙලා.
ඒ අස්සෙ control panel එකේ add or remove programmes බලද්දි නන්නාඳුනන ජාතියෙ softwares 10ක් විතර auto install වෙලා. සමහර ඒවා remove කරන්නත් බෑ.
හොදම වැඩේ කියන්නෙ මුලු hard disk එකේම (Disk C විතරක් නෙවෙයි හැම partition එකකම) personal files - (images, videos, audios, ppt, pdf, setups, premier pro/lightroom/photoshop projects) encrypt වෙලා!
ඒ කීවෙ කලින් තිබ්බෙ DSC_076.jpeg නම්, දැන් ඒක DSC_076.jpeg.mado කියලා වෙනස් වෙලා. ඒක open කරන්න බෑ.
ආයෙම rename කරලා .mado කෑල්ල අයින් කරත් file එක open වෙන් නෑ. Damaged/corrupted file කියලා වැටෙනවා.
mp3,mp4,ppt,pdf හැම එකටම ඕක තමයි කතාව. හැම එකම .mado කියල වෙනස් වෙනවා. හැම folder එකකම වගේ automatically readme notepad file එකක් හැදිලා.
ඒක මම පහල photos වල දාලා ඇති.
ඒකෙන් සරල භාෂාවෙන් කියවෙන්නෙ "කළබල වෙන්න එපා. ඔබේ හැම personal file එකක්ම අපි lock කරල තියෙන්නෙ. මේක unlock කරන්න පුලුවන් අපිට විතරයි. ඒක අපි කරන්නෙ අපේ කප්පම් මුදල ගෙව්වොත් විතරයි. මේක කරන්න ඔබ අපට $980ක් (ආසන්නව රු. ලක්ෂ 02ක්) ගෙවිය යුතුයි. නමුත් පැය 72ක් ඇතුලත අපිව සම්බන්ධ කරගත්තොත් 50%ක discount එකකට $480කට වැඩේ කරල දෙන්න පුලුවන්.
අපිට ගෙවන්නැතුව මේක මේක කරන්න බෑ."
මෙහෙම කියල email එකක් දාලා තියනවා උන්ව contact කරන්න.
ඉතිං ඕක තමයි කතාව. මේ වගේ ransomware වලට කලින් අහු උන කීපදෙනක් ගෙන් මම ඇහුවා. හැමෝම උපරිම උත්සාහ කරල බැරිම තැන full format කරල lap එක බේරගෙන තියෙනවා. මේකට කිසිම විසදුමක් නෑ, උන්ට ගෙවනවා ඇරෙන්න. ඒත් කිසිම හේතුවක් නිසාවත් ගෙවන්න යන්න එපා. මොකද උන් සල්ලි අරන් නිකන් හිටියොත් අනාථයි.
මම උන්ට email එකක් කෝකටත් දාලා කිව්වා ලංකාව වගේ දුප්පත් රටක අපිට ඔහොම ගෙවන්න විදියක් නෑ. මොකක්හරි උදව්වක් කරන්න කියලා. උන්ගෙ reply එක උනේ "you will not get anything decrypted unless you pay the money" කියලා.
මේක කරන්නෙ ලංකාවෙ අය නෙවෙයි. අන්තර්ජාලය අපරාධ ගණයට වැටෙන් දෙයක් (cyber crimes). මේක කරේ කවුද, සල්ලි යන්නෙ කොහෙටද, කප්පම් notepad file එකේ තියෙන email address එක කාගෙද කියලා trace කරන්න විදියක් නෑ. මුන් සාමාන්යයෙන් මේවා යවන්නෙ ලොකු ලොකු, සල්ලි තියෙන company servers වලට. එහෙමත් නැත්නම් මුන්ගෙ කප්පම ගෙවන්න පුලුවන් ආර්ථික තත්වයක් තියෙන දියුණු රටවල් වලට.
නමුත් කොරෝනා වසංගතය නිසා ගෙවල්වලට හිර වෙලා ඉන්න මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති කමට internet surfing සහ රටේ නැති games, softwares download කරන ප්රමාණය ලෝකෙ පුරා විශාල ප්රමාණයක් වැඩිවීම නිසා වෙන්නැති මුන් අපි වගේ රටවල් වල personal computers වලටත් ගහන්න පටන් අරන්. තමන්ගෙ සුපිරි තාක්ෂණ දැනුම, කොහෙවත් ඉන්න දැකලවත් නැති දුප්පත් මිනිස්සුන්ව හූරං කන්න පාවිච්චි කරන මේ මිනිස්සුන්ට තමයි සිරාවටම Covid-19 හැදෙන්න ඕනා 😒😤
අනික් වැදගත්ම කාරණය files lock කරනවට අමතරව උන් අපේ web browser වල passwords, account details, credit card details වගේ දේවල් හොරකම් කරන්න, ඒවා ආශ්රයෙන් අපිව blackmail කරන්න යොදාගන්නත් පුලුවන්. ඒ නිසා බැරිවෙලාවත් මේක infect උනොත් හැකි ඉක්මනින් internet disconnect කරන්න. වෙන device එකකින්(ෆෝන් එකෙන් වගේ) ඉක්මනින්ම social media, Online bank account වගේ ඒවගෙ password වෙනස් කරලා අනික් device වලින් logout වෙන්න. Credit card වගේ ඒවා අයින් කරගන්න.
#මේකට_මොකද_කරන්නෙ
කරන්න කිසිම දෙයක් නෑ. මේක දැන් දවස් 04-05කට කලින් අන්තර්ජාලයේ සංසරණය වෙන්න ගත්ත virus එකක්. Virus එක අමාරුවෙන් අයින් කරගත්තත්, encrypt වෙච්ච files ගොඩදාගන්න කිසිම ක්‍රමයක් මේ වනකල් ලෝකෙ හොයාගෙන නෑ. Youtube tutorial, internet articles අනන් මනන් දාහක් ජාති මම බැලුවා. ඒ කියන කිසිම option එකක් හරියන් නෑ (2020.04.04වෙනි දින වන විට). අත්දැකීමෙන් කියන්නෙ, tutorial වල අරහෙම පුලුවන් මෙහෙම පුලුවන් කියල ඇති. ඒ හැම එකේම යටින් තියන comments කියවල බලන්න. එතකොට තේරෙයි ඇත්ත නැත්ත.
#කොහොමද_මේකෙන්_බේරෙන්නෙ
*දන්නැති මගුල් download කරන්න එපා
*දන්නැති කෙහෙම්මල් website වලට යන්න එපා
*මොනම හේතුවක් නිසාවත් keygen එකකටවත් virus guard/windows defender off කරන්න නම් එපා
*pay කරලා හරි කමක් නෑ හොද internet security තියෙන anti virus software එකක් අරගෙන, ඒක නිතරම update කරල තියාගන්න. මොකද කාලෙන් කාලෙට එක එක extension වලට මුන් ransomware release කරනවා.
*කොල්ලො විශේෂයෙන්ම, මේ කාලෙ රටේ නැති software, games වල crack බාන්න යන්න එපා. තමන් කාලයක් තිස්සෙ එකතු කරගත්ත පුද්ගලික data සේරටම ටටා බායි කියන්න බලාගෙන ඔව්ව කරන්න.
*පුලුවන් හැම වෙලේම files backup කරගන්න. Photos, videos, projects වගේ වැදගත් දේවල් නිතරම google drive දාලා තියන්න කියන එකයි මගේ අදහස. External hard එකක් use කරත් කමක් නෑ ඒත් ඒකට මොනාහරි උනොත් අනාතයි.
Google Drive එකේ free storage 15GB දෙන්නෙ, ඒ නිසා google account කීපෙකට හරි, නැත්නම් google photos(දන්න තරමින් unlimited storage) දාන්න.
මොනාහරි කරලා පරිස්සම් තැනක වටින කියන දේවල් දාලා තියන්න.
*computer එකේ restore points පුරුද්දක් විදියට හදන්න බලන්න
ඔන්න ඕකයි මගේ කතාව. ආයෙමත් කියනව මම කිසිම විදියක IT ඔස්තාර් කෙනෙක් නෙවෙයි. මේ කතාව මම whatsapp status දැම්මම ගොඩ දෙනෙක් මගෙන් මේ ගැන ඇහුවා. මට උන දේ තවත් කෙනෙක්ට නොවෙන්නයි මේක ලිව්වෙ. සාමාන්ය පරිගණක හා අන්තර්ජාල පරිශීලකයෙක් විදියට මේක ලියන්නෙ. ඒ නිසා අන්තිම සාමාන්ය IT දැනුමක් තියෙන කෙනෙක්ට උනත් මේක තෙරෙයි කියල හිතනවා.
මට නම් නැති උනේ අවුරුදු ගාණක් ආසාවෙන් පිලිවෙලට එකතු කරගත්ත photos/videos එකතුව. ඒක ගැන ගොඩක් දුකයි, ඒත් කොහෙන් කොහෙන්හරි ඔව්ව ආයෙම එකතු කරගන්න බැරිවෙන එකක් නෑ.
නමුත් මේ දේ professional wedding photographer කෙනෙක්ට, IT field එකේ degree එකක් කරන සාමාන්ය පවුලක් ළමයෙක්ට වගේ උනා නම්, තමන්ගෙ ජීවිතය සහ අනාගතය තීරණය වෙන වටිනා files මෙහෙම උනානම්, මම හිතන්නෙ වහ ටිකක් බීල නිකන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 😑 ලක්ෂ ගණන් කප්පම් ගෙවන්න සල්ලිත් නෑ. ගෙවලා ඕක හම්බෙයි කියලා කිසි විශ්වාසෙකුත් නෑ.
මේ ගැන ලංකාවෙ cyber crime division වලට complain කරන්න පුලුවන්. ඒක complain එකක් විදියට එයාලගෙ registry වලට යයි, ඒත් ව්සදුමක් නම් ලැබෙන් නෑ කියන එකයි මේ ගැන දන්න අයගෙ මතය.
ඉතිං ආයෙමත් කියන්නෙ, ලොකු ලොකු වැඩ දාන්න ගිහින් වෙච්ච දෙයක් නෙවෙයි මේක. සරලව internet use කරන සාමාන්ය කොල්ලෙක් උන මට වෙච්ච දෙයක්. මෙහෙම එකක් තව කෙනෙක්ට නොවෙන්න මේක පුලුවන් තරම් Share කරන්න. එහෙම කරා කියල මට හම්බෙන දෙයක් නෑ, ඒත් අහිංසකයෙක්ගෙ සාමාන්ය නොසැලකිලිමත් කම නිසා තමන්ගෙ වටිනාම data files ටික කප්පම් කාරයෙක් අතට යන එක වළකියි.

© Imesh N. Ekanayake
 

Monday, March 30, 2020

ජීවිතේ වෙනස් වෙලා අවුරුද්දක්....

දිනය 2019 වසරේ පෙබරවාරි මස තුන් වැනි සතියේ බ්‍රහස්පතින්දා විය හැකිය. වෙලාව පස්වරු 4.10 ට පමණ ඇත. නුගේගොඩ දුම්රිය පොළ අසල සුවිශල් අධ්‍යාපන ආයතනයක 2021 වසරේ උසස් පෙළ සිසුන් සදහා රටේ ප්‍රසිද්ධ රසායන විද්‍යා දේශකයෙකු විසින් පවත්වන අමතර පන්තිය නිම වී සිසුන් නිවෙස් බලා යමින් සිටියහ.
“ මචන් උඹ එහෙනං අරුන් එකක් වරෙන් මං හිමීට යන්නං ඈ“ යි විශ්වයාට පැවසූ ඔහු හිමින් යනවා යැයි පැවසුවද වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදගෙන යන්නට විය. ඔහු එසේ කලේ විශ්වයා සහ ඔහුගේ නඩය සමග යෑමට සිටියොත් කොහුවල හංදියට යෑමට මහත් වෙලාවක් ගත වන බැවිනි. මංදයත් මෙය කාර්යාල වේලාව බැවින් මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථවල අධික සෙනගක් ගමන් ගනිති. එබැවින් පන්තිය ඇරුනු පසු සෑමදිනම ඔහුගේ මුල්ම අරමුණ වූයේ හැකි ඉක්මනින් කලින් ගොස් බස් රථයකට ගොඩ වීමයි. ප්‍රමාද වී යන විට සෑම විටම හසුවෙන්නේ සැමන් ටින් වෙන්න සෙනග පැටවූ බස් රථ වේ.

එම අරමුණද සහිතව වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදයන ඔහුගේ හිත අවුල් ජාලාවකට මැදිවී සිටියේය. තව දුරටත් මෙම පීඩනය දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණී ඇති බව ඔහුට වැටහේ. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තමා ගත් තීරණය නිවැරදි නැතැයි ඔහුට සිතේ. ටියුෂන් මාරු කර බලන්නට සිතේ. එහෙත් ඒ ඔක්කොම පරයා තමා ඇයි මේ මැත්ස් කරන්න හිතුවේ යැයි ඔහුට සිතේ.

බස් රථයේ නැගී හොරණට පැමිණෙන තුරුම ඔහු සිටියේ කල්පනා ලොවකය. ප්‍රශ්නය තුල දසඅතේ එරී ඇතැයි ඔහුට සිතේ. හොරණට පැමිණි ඔහු සිරිතක් ලෙස කරන ඔහුගේ ප්‍රියතම අවන්හල වූ දිනුසර එකෙන් 200 බත් එක කෑ පසු යන්තං ගෙදර යාමට හැකි තරමට තත්ත්වය සමනය විය.

නිවසට ගිය ඔහු ඇදේ වැතිරී ගැටලු එකින් එක ගෙන සිතන්නට විය.

සැබැවින්ම ඔහු මැත්ස් කිරීමට සිතුවේ ඇයි? ඊට පෙර අවුරුද්දේ එනම් 2018 වසරේ දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ ලිවූ ඔහු විභාගය අවසන් වී සති 2කට පමණ පසු නුගේගොඩ අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය අමතර පන්ති සදහා සහභාගී වීමට විශ්ව සමග ගියේ තම පාසලේ හොදම මිතුරා වූ ප්ලේන් මල්ලිගේ ඇරයුමකට අනුවය. ඔහුට ඒ දිනවල දක්නට ලැබුනු ෆේස්බුක් සහ එලකිරි ෆෝරමයේ තිබූ පෝස්ට් කිහිපයක්ද කැම්පස් අත්පොත නම් pdf ගොනුවේ කරුනුද ඔහු මැත්ස් කිරීමට පෙළඹීය. නමුත් ඇත්තෙන්ම එදා ඔහු මැත්ස් කිරීමට තීරණය කළද එම තීරණය ඉතා බැරෑරුම් ලෙස ඔහුගේ මනසට දැනුනි.

එසේම මැත්ස් ක්ලාස් ගැනද ඔහු සිතුවේය. පලමු දෙසතිය ඉතා ලිහිල්ව ගත වුනද තෙවන සතියේ සිට ඔහුට මැත්ස් වල බරපතල කම තේරුනි. මෙලෝ මලදානයක් තේරෙන්නැතිය. කම්බයින් ක්ලාස් එකේදී සිදුවන්නේ තනිකරම උගන්නන පොරගේ පම්පෝරි අසා සිටීම සහ පොර බෝඩ් එකේ ලියන දේවල් දෙස බලා සිටීමය. ඔහු ගණන් දෙයි. ඒවා ගණන්ද නැතිනම් මොන කුණුහරුපද කියා ඔහුට සිතේ. උගන්වන පොර දහසක් පොර ටෝක් දමයි. මොළ දියුණු කරගන්න කියයි. කතා කරන උන්ට කන පැලෙන්න දෙනවා කියයි.
කෙමිස්ට්‍රි පන්තිය ඇත්තේ කම්බයින් ක්ලාස් එකෙන් පසුවය. හෝල් එකේ ඒසී එක පන්තියේ ඉන්න උන් චිකන් පාට්ස් වගේ ගල් වෙන්න තරම් සීතලට දමා නිසා ඇග හිරි ගඩු පිපී හෝ ගානට වෙව්ලයි. එසේම පට්ට නිදිමතය. උගන්වන පොර එක එක නෝට්ස් දෙයි. මේ පාටින් මේක ලියාගන්න කියයි. මේක මෙහෙම වෙනවා කියයි. මොනවා වෙනදා කියාද දන්නේ නැත. හිටිගමන් එකවර හයියෙන් අඩි හප්පා ඒයි ඒයි කියා කෑගසයි. නිදිමතේ ඉන්න උන් ගැස්සී ඇහැරේ.
පන්තියට ගිය පළමු දින කිහිපයේ පට්ට හෝල් එක කියා ගැම්මට වර්ණනා කළ හෝල් එක දැන් පෙනෙන්නේ හිර කූඩුවක් ලෙසිනි. කුෂන් කළ බංකු වල එදා දැනුන සැපපහසුව දැන් නොදැනේ. ජනේලයක් පේනතෙක් මානෙක නැති ඒසී කළ හෝල් එක ඇතුලේ දැනුන සැපපහසුව වෙනුවට එය දකින කොටත් සිතට දැඩි මානසික පීඩනයක් දැනේ.
එසේම පන්ති යන්න එන්න යන වියදම් සිහියට නැගේ. පන්ති ෆීස් සැරය. බස් ගාස්තු සැරය. දවසට 300,400ක් අනිවා කෑමටත් එක්ක වියදම් වෙනවාමය. එසේම ගෙදර සිට පන්තියට යන්නද පැයක් හමාරක් ගත වේ. මෙලෝ මලදානයක් තේරෙන්නැතුව මේක මල වධයක් ෆීලින් එකෙන් මලමිනියක් වගේ පන්ති යමින් කරන්නෙ අම්මලා අමාරුවෙන් හොයන සල්ලි නාස්ති කරන එක නේද?
 
“මැත්ස් හරියන්නෙ නැත්තං මට හරියන්නෙ මොකක්ද? මම ආස මොකටද? මම අනාගතේ කරන්න ආස දේ මොකක්ද?“
ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන ඇසුවේ ඔහු 9 වසරේ පමණ සිටියදීය. ඒ ඔහුගේ අසල්වාසී මිතුරෙකු වූ ඔහුට වඩා වසරකින් වැඩිමල් දසුන් අයියාගේ වැඩිමහල් සොහොයුරා තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ කර විශ්වවිද්‍යාලයට තේරුන බැවිනි. දසුන් අයියාද හැදෑරූයේ තාක්ෂණ විෂය ධාරාවමය. ඔහු ඇත්තෙන්ම තාක්ෂණ විෂය ධාරාවට එදා සිට බෙහෙවින් ඇලුම් කිරීමට පටන් ගත්තේ එහි විස්තර කිසිවක් නොදැනමය.
නමුත් ඒ ආසාව නැති වී ගියේ ඇයි? මිතුරන් ඔහුට කී අපෝ ටෙක් කරන්න එපා බං ජොබ් නෑ කැම්පස් යන්න බෑ යන්න කැම්පස් තාම හදලත් නෑ වැඩක් නෑ මැත්ස් කරපන් එස් 3ටත් හොද ජොබ් තියනවා යන කතා නිසා නේද?
වහා අන්තර්ජාලයට පිවිසුන ඔහු තාක්ෂණ විෂය ධාරාව ගැන නැවත සෙවීමට පටන් ගත්තේය. දසුන් අයියාටද මැසේජ් පාරක් දැමූ ඔහු ඇතිවූ ප්‍රශ්න බොහොමකට පිළිතුරු සොයාගත්තේය.

අවසන් වශයෙන් ඔහු නිවසේ තත්ත්වය ගැන සිතුවේය. නමුත් නිවසේ තත්ත්වය කිසිලෙසකත් තමාට හරස් නොවන බව ඔහු මැනවින් දැන සිටියේය. ඔහුගේ සිතැගි පරිදි විෂය ධාරාව තෝරාගැනීමට ඔහුට නිදහස ඇත. ඔහු මීට පෙර වරක් මැත්ස් අමාරුයි කරන්න ආසාවක් නැ යැයි කනින් කොනින් පැවසු අවස්තාවක එහෙනං ඔයා කැමති වෙන එකකට මාරු වෙන්න යැයි පැවසුවේ අම්මාමය.

මේ සියල්ලත් සමග තම සිතේ වැලලී තිබූ තාක්ෂණ විෂයට තිබූ ආසාව නැවත හිස ඔසවා තමා ඒ දෙසට අදින බව ඔහුට හොදින් දැනුනේය.

මම ටෙක් කරනවා... ඔහු අවසන් තීරණය ගත්තේය...
----------------------------------------------------------------------------------------------------------------------------

ඉතින් මිත්‍රවරුණි,
කොටි මලයාගේ ජීවිතේ වැදගත් තීරණයක් අරන් මේ මාර්තු මාසෙට අවුරුද්දක් වෙනවා. ඉතින් එදා ගත්ත තීරණේ ගැන දශමයක්වත් අද දුකක් නෑ. මාස 2ක් පරක්කු වෙලා හරි මේ තීරණේ ගත්ත එක ගැන අද මාර සැනසීමක් තියෙන්නෙ. හිතේ ආසාවෙන් කරන් යන මේ වැඩේට මම පට්ට ආදරෙයි. අනාගතේ ගැන තිබ්බ බය නෑ.
මේ තීරණේට පිං සිද්ධ වෙන්න මට ලැබුනු දේවල් බොහොමයි. ඒවා හිමීට ලියන්නම්.

කොටිමල්ලි.
2020.03.31

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...