හ්ම්...ගිය අප්‍රේල් වලින් පස්සෙ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනාමද කොහෙද...සෑහෙන්න වෙනස් වෙලා හැමදේම...ඉතින් ගිය අප්‍රේල් වලින් පස්සෙ ජීවිතේ සෑහෙන වෙනසක් උනා කිවුවොත් හරි... දිග කතාවක් ඇත්තටම. දිග කතාව ටිකෙන් ටික පුලුවන් විදිහට ටයිප් කරන්න බලනවා ඉඩක් ලැබෙන වගේම හිතට නිදහසක් දැනෙන හැම වෙලේම. ඉතින් ඒ දිග කතාව ඇතුලෙ වෙච්ච ලොකුම සිදුවීමක් තමයි මැශින් එක ආයෙ අප්ග්‍රේඩ් උන එක. මං හිතන්නෙ මම අන්තිමට මැශින් එක ගැන කතා කලේ මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව පෝස්ට් එකේ...ඒ මීට අවුරුද්දකට කලින්... ඉතින්...2020 අවුරුද්දෙ මැශින් එක අප්ග්‍රේඩ් උනා දෙපාරකට. පළවෙනි එක පෙබරවාරි වල වෙන්න ඕනි මයෙ හිතේ. එතන නං වැඩි දෙයක් නෑ. ප්‍රොසෙසර් එකයි, මදර්බෝඩ් එකයි, රැම් කාඩ් ටිකයි විතරයි අප්ග්‍රේඩ් උනේ... ECS G31 DDR2 Motherboard එක Asus G41 DDR3 උනා... Core 2 Duo 2.13 Processor එක Core 2 Duo 3.0 උනා... 2GB DDR2 Ram card දෙක 4GB+2GB DDR3 Ram card දෙකකට ගියා... ඒ බඩු ටික ගත්තෙ මාලබේ Rex PC Hut එකෙන්...6000කට ආසන්න ගාණක් ගියා මතක හැටියට... කොරෝනා නිවාඩුව ඇතුලෙ ගේම ගැහුවෙ ඔය බඩු ටිකෙන් තමයි. හොදම අප්ග්‍රේඩ් එක කලේ 2020 ජ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.