ඉතින් මිත්‍රවරුනි,
පොඩියට ලියන්න පටන් ගත්ත මෝටිවේසන් එකෙන් පස්සෙ, පොඩි පෝස්ට් 2,3කුත් වැටුනට පස්සෙ, දිග පෝස්ට් එකක් ලියවෙන්න ඔිනෑ කරන හිත, ගත, වටපිටාව හැමදේම සන්සුන් උන ඒ දුර්ලබ මංගල නැකතක් 2026 මාර්තු 7 වන අද දින, දවල් 1 වගේ වෙන මේ මොහොත වෙද්දි උදා වෙලා තියනවාය කියල කොටි මලයාගෙ හදවතට දැනෙන්න පටන් ගත්ත නිසා සෑහෙන කාලයක් තිස්සෙ බ්ලොග් එකේ ලියවෙන්න නියමිත වෙලා තිබ්බ කොටි මලයගෙ ජීවිතේ සිරා කතාවක්, ජීවිතයේ එක්තරා කොටසක් ගැන ලියන්නයි මේ සූදානම..
මීට කලින් පෝස්ට් වල කොටි මලයාගේ කාර් පිස්සුව ගැන ඇති වෙන්ඩ ලියලා තිබ්බ උනත් බයික් පිස්සුවක් ගැන සඳහන් කරල තිබුනෙ මිට වසර 9කට කලින් ලියවෙච්ච හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි පෝස්ට් එකේ. ඉතින් ඒ් පෝස්ට් එකේ දිගුවක් සහ ඊටත් කලින් කොටි මලයගෙ බයික් පිස්සුවේ අල ගිය මුල තැන් ඉඳන් සියල්ලම දිගාරින්න තමා කොටි මලයා ලැප් එක උකුලට අරන්, ඇඳට වෙලා සැපේ ඉඳගෙන, කිරි කෝපි එකකුත් පැත්තකින් තියාගෙන සෙට් වෙන්නෙ...
මගෙ බයික් පිස්සුව පටන් ගන්නෙ අවුරුදු 10කට විතර කලින් 2016 විතර... ඊට කලින් මට සිරාවටම බයික් පිස්සුවක් කියල දෙයක් තිබුනෙ නෑ මචංලා. මට තිබ්බෙ කාර් පිස්සුවක් විතරයි. ඊට කලින් බයික් පිස්සුවකට කියල තිබ්බෙ ITN එකේ ගිය "අමන්දා" කතාවෙදි (තව ,"පබලු" කියල කතාවකුත් තිබ්බා) දැක්ක හොනට් එකට තිබ්බ ආසාවයි, පාරෙදි ලොකු බයික් දැක්කම පොඩ්ඩක් හැරිලා බලනෙකයි, නවත්තලා තියන ලොකු බයික් වල මීටරේට එබිල මීටරේ ටොප් ස්පීඩ් කීයට තියනවද කියල බලපු එකයි විතරයි. හැබැයි 2016 වෙද්දි මම ගොඩක් ෆේස්බුක් පාවිච්චි කරන්න පටන් අරන් තිබුනෙ. ඒකත් එක්ක මචං මං ජොයින් උන ගෲප් එකක් තිබ්බා BIKE HOME කියල. ඔය ගෲප් එකේ පෝස්ට් මට අල්ලලා ගියා මචංලා. හොඳ බයික් පදින කමිනිටි එකක් තිබ්බා. සහ මට තියන එක්තරා මානසික ආබාදයක් තමා මට බං මොකෙක් හරි එකෙන් මොකක් හරි දේකින් මලොත් අන්න ඒ් දේ ගැන හෙන ඉන්ටරෙස්ට් එකක් එනව මචං. මට මතකයි පොඩි කාලෙ ලංකාවෙ ෆයිටර් පයිලට් කෙනෙක් මලා ඊට පස්සෙ මට පයිලට් කෙනෙක් වෙන්න සෑහෙන උනක් තිබ්බ. ඔය කාලෙත් උනේ ඔය ෆේස්බුක් ගෲප් එකේ සහ ෆේස්බුක් එකෙත් ගොඩක් වයිරල් උනා කොල්ලෙක් සෙත්තපෝච්චි වෙච්ච සීන් එකක් හයිකැපෑසිටි බයික් එකක ගිහින් ඇනගෙන. XJ6 එකක් බස් එකක වදින සීන් එකක් සමහර විට බයික් පිස්සුව තිබ්බ ඒ් කාලෙ කොල්ලන්ට මතකත් ඇති. කොහොමින් කොහොමින් හරි බයික් වලට මගේ හිතේ තිබ්බ ආසාව ඇවිස්සුනේ ගොඩක්ම ෆේස්බුක් එකෙන්ම ආපු influence එකෙන්.
කොහොමින් කොහොමින් හරි විශ්වයාගෙ ආශ්‍රයත් එක්ක තමා ඔය යටි හිතේ ආසාව සෑහෙන දලු ලා වැඩෙන්න ගත්තෙ. ඒකට චැලි බට්ටගෙ කතාව සිරා ටර්නින් පොයින්ට් එකක් වගේ උනා ඒ් දවස් වල. ඒ් වගේම තව සීන් එකක් උනේ සුදු පාට D Tracker සහ මගේ ප්‍රථම ප්‍රේමය කතාවෙදි ප්‍රථම ප්‍රේමෙන් හිත චූට්ටක් විතර රිදිලා ඉන්න දවස් වල ඒ දුක් ගින්න නිවාලන වතුර පොද උනේ බයික් පිස්සුව වෙච්චෙක. ඒ් කාලෙ වගේම අදටත් මගේ හදවතේ තියෙන්නෙ කෙට්ටු උස බයික් වෙන්න ඒකත් එක හේතුවක් වෙන්නැති.
ඔය අතරවාර කාලෙ ඒ් කියන්නෙ 2017-2018 වකවානුවෙ තමා මම මුලින්ම මොටෝ බයිසිකලයක් පදින්න පුරුදු වෙන්නෙ. මුලින්ම පැද්දෙ චූටි අම්මට රජයෙන් රුපියල් 50000ට හම්බෙච්ච Hero Pleasure ස්කූටරේ. මගෙ දයාබර පියාණන් තමා පදින්න පුරුදු කලේ (අඩෝ ඒ කාලෙ රජයෙන් අඩුවට දීපු ඒ බයික් ටික නං සිරාවටම මාර වටිනවා. අදටත් පුංචිලගෙ Hero Pleasure එක තියනවා. චූටි අම්මලගෙ එක නං පසුකාලීනව විකුණුවා.) ස්කූටරේ පදිද්දි තමා මට මුලින්ම තේරුනේ බයික් වල ස්පීඩ් යන්න කොල්ලො සිරාවටම ආස ඇයි කියල. ඒ්ක ආතල්, නිදහස්, මරු... සිරාවටම... වෙනම හැඟීමක්...
කොහොම හරි ඊට පස්සෙ පියාණන් ගෙදර තිබ්බ පියාණන්ගෙ පියාණන්ගෙ Suzuki GP100 එක කුණු දූවිලි ගසා දමා, කාබ් එකට ටියුන් එකක් දීලා (අපේ පියාගෙ කාබ් ටියුනින් වලට ආයෙ ගහන්න වෙන ටියුන් එකක් නෑ ඒ් බයික් එකේ නං) මට මුලින්ම ක්ලච් බයික් එක පදින්න දුන්නෙ. මුලින්ම කාර් එක පැදලා ක්ලච් එක හුරු වෙලා තිබ්බ නිසා ගේමක්ම උනේ නෑ. ඒ් කාලෙ දික්හේනපුර අතුරුපාරවල් අස්සෙ රවුම් ගහන එකමයි වැඩේ ඉතින්. මට මතකයි ඔය අපි ඔිලෙවල් කරන අවුරුද්දෙ. ඔික ඒ දවස් වල අපේ පමෝදය එක්කයි පැද්දෙත්. මට මතකයි මම තමා ඔිකට මුලින්ම ක්ලච් එක හුරු කරල බයික් එක පදින්න ඉගැන්නුවෙ. ගස් බල්ලට මතකවත් නැතුවැති ඒව දැන් :D
ඊට පස්සෙ 2018 අග වගේ වේගෙන එද්දි GP එක ආයෙ ගෙදර මුල්ලට වැටෙනවා ඒකෙ ආපු පොඩි රෙපයාර් ටිකක් නිසා. සහ පියාණෝ සමග මගෙ තිබ්බ පොඩි අඩදබර ඒවත් එක්ක මට මගේම බයික් එකක් ගැනීමේ පුකේ අමාරුවත් ඇති වෙනවා. මේ කාලෙදි මගේ චැලි පිස්සුවත් උපරිමයි සහ හම්බෙන සොච්චම් වලින් චැලියක් ගැනීම තමා පුකේ අමාරුව. මට මතකයි මං ඉස්සර ඔය තල්ගහවිල පාරෙ චැලි සෙට් එකට ෆේස්බුක් එකෙන් මැසේජ් දදයි කෝල් කර කරයි වද දිදී රුපියල් දහදාහට චැලි හෙව්වා විශ්වයා වගේම. ඒ් දවස් වල චැලි පිස්සුව ලංකාවෙ බහුතරයක් කොල්ලොන්ගෙ හිත් වල පීක් එකේම තිබ්බ පිස්සුවක් නිසා දහදාහට කවදාවත් චැලියක් ගන්න අපිට සෙට් උනේ නෑ.
ඔිලෙවල් ඉවර වෙච්ච ගමන් ඒ් දවස් වල අතේ ඉතුරු වෙලා තිබ්බ රුපියල් 3500ක පොකට් මනී ටික වියදම් කරලා මං කලේ ෆුල්ෆේස් හෙල්මට් එකක් ගත්තෙක. බයික් එකක් නැති උනත් ඒ් ෆුල්ෆේස් හෙල්මට් එක පවා මගෙ බයික් පිස්සුවට දිව්‍ය අමෘතයක් වුනා ඒ කාලෙ. තල්ගහවිල පාරෙ ප්‍රසිද්ද චැලි අන්ඩයෙක්ගෙන් තමා මං ඒ්ක ගත්තෙ. ඒක දෙන්න ඌ ආවෙත් සුපිරියට හදපු චැලියකින්. මට මතක හැටියට 2018 දෙසැම්බර් 25 වගේ තමා මං ඒ හෙල්මට් එක ගත්තෙ. එදා ඉඳන් අද වෙනකන්ම ඒ් ආදරණීය බියොන් ෆුල්ෆේස් හෙල්මට් එක තමා බයික් එකේ යද්දි මගේ ඔලුවේ නිත්‍ය ආරක්ෂකයා වෙලා ඉන්නෙ.
![]() |
| මගේ beon ෆුල්ෆේස් හෙල්මට් එක සහ මම |
කොහොමහරි ඔිලෙවල් ඉවර වෙලා, හොඳ රිසල්ට් එකකුත් දාලා ගැම්මෙන් ඉද්දි මට තෑගිබෝග විදිහට ලැබෙන සල්ලි ටිකක් සහ ෆයිවරේ වැඩ කරලා හම්බෙච්ච සල්ලි ටිකකුත් දාලා බජට් එකත් ටිකක් වැඩිකරගෙන මම ආයෙත් චැලියක් ගන්න සීන් එකට එන්ටර් වෙනවා. මේ පාර නං වැඩේ නැගලම යන සීන් එකක් තිබ්බෙ අපේ මාමාකාරයයි පියාණන්වයිත් සීන් එකට ඈඳගෙන මම චැලියක් හොයන්න ගන්නවා 2019 අප්‍රේල් මාසෙදි. ඉතින් ඔය අතරවාරෙ ෆේස්බුක් එකේ මම ඇඩ් එකක් දකිනවා 100 එංජිමක් තියපු පොත්පත් තියන, ලයිසන් පරණ චැලියක් (මට මතක හැටියට 15000කට) විකුණන්න දාලා තියනවා මීගොඩ පැත්තෙ. ඒ් පාර හවස (හවස කිවුවට මහ රෑ යන්න උනේ) මාමයි පියාණොයි වැඩ ඇරිලා ආවට පස්සෙ 13ශ්‍රී6127 එක්ක අපි ගියා මීගොඩට. මේ ගිය දවස හරි විශේෂ දවසක් හේතුව පස්සෙ කියන්නං. මට මතකයි යද්දි පාදුක්ක හරියෙ වගේ පොලීසියෙනුත් අපිව නවත්තලා චෙක් කලා. කොහොමහරි මට ගිය පැත්ත හරියට මතක නෑ කොහොමහරි එක්තරා අතුරුපාරකින් හැරිලා පාර හොයාගන්න බැරුව ඩෑල් එකට කෝල් කලාම මොඩිෆයිඩ් සීටී100 එකක නැගපු සුදාත්ති ටයිප් එකේ එකෙක් මගට ආවා. ඊට පස්සෙ උගෙ පිටිපස්සෙන් උගෙ ගෙදරට ගිහින් අපි බැලුවා බයික් එක.
මචං මට ඒවෙලාවෙ දැනුන ෆීලිං එක වචන වලට හරවන්න හරි අමාරුයි මචංලා. අපි බයික් එක බලන්න යද්දි රෑ 9ට විතර කිට්ටු කරල ඇති. බයික් එක ඒ් ගෙදර මිදුලෙ තිබ්බෙ. මුල ඉඳන්ම මට මහ මුස්පේන්තු ගතියක් දැනෙන්න ගත්තා වටේ හැමුවෙන් හොල්මන් ටයිප් එකේ සීතලක් තියන හුළඟක්. බයික් එකේ පෙනුමත් මාර මරුමුස් පත 100 එංජිමක් තියල තිබ්බෙ. බයික් එකේ තත්ත්ව පරීක්ෂාකලේ මාමණ්ඩියා. මාමණ්ඩියයි බයික් එක විකුණන සුදාත්තියගෙයි කතාබහ තමා මේ...
මාමා - මේක ස්ටාට් කරන්න බැරිද?
සුදාත්ති - ස්ටාට් කරන්න බෑ මං එංජින් ඔයිල් අයින් කරල තිබ්බෙ.
මාමා - පොත්පත් බලන්න පුලුවන්ද?
සුදාත්තියා ඒ පාර ෆෝන් එක අරන් පොතෙයි ලයිසන් කොලවලයි ෆොටෝ පෙන්නුවා.
මාමා - ෆොටෝ නෙවේ මල්ලි ඔරිජිනල් පොතයි ඒ ටික නැද්ද? ෆොටෝ බලල ගෙනියන්න බෑනෙ
සුදාත්ති - ඒව නං දැනට මං ගාව නෑ. මේ ළඟ ගෙදරක මල්ලි කෙනෙක්ගෙ බයික් එකක් එයාගෙ ගෙදර අය මට කිවුවා මේක විකුණලා දෙන්න කියලා.
මාමා - ඒ් මල්ලි කෝ දැන්?
සුදාත්ති - මල්ලි නං නැතිවුනා.
අපේ පියා - කොහොමද එයා නැති වුනේ?
සුදාත්ති - හැප්පිලා තමා නැති වුනේ
මේ අවස්ථාවේ මගෙ බොක්ක කූල් වෙලා, කකුල් හිරි වැටිලා, පලු යන්න බය වෙලා හිටියේ. මට හොඳටම විශ්වාසයි මචං ඒ වෙලාවෙ ඒ බයික් එකේ අයිතිකාරයගෙ ආත්මය ඒ අවට සැරිසැරුවා.
එතනින් ඒ් සංවාදය අවසන් වුනා මචං. මාමගෙයි, අපේ තාත්තගෙයි, සුදාත්තිගෙයි සංවාදය අවසානය මගේ චැලි පිස්සුවේ අවසානයත් සනිටුහන් කලා වගේ හැඟීමක් ඒ් වෙලාවේ කොටි මලයාගේ චින්ත සන්තානයට දැනුනා.
ඊට පස්සෙ අපි එතනින් කැපිලා ආවා. ඒ ගමන් ඒ් අවට විකුණන්න තිබ්බ චැලි දෙක තුනක ඇඩ් ෆේස්බුක් එකෙන් හොයලා අංක වලට කතා කලත් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා ප්‍රතිචාරයක් ලැබුනෙ නැති නිසා අපි ආයෙ ගෙදර ආවා.
ඊට පස්සෙ පහුවෙනිදා ඉරිදාවක්, මායි පියාණොයි උදේ පාන්දරම ඈගල්ඔය පැත්තට චැලි හංටින් විසිට් එකක් දැම්මා. හැබැයි ඒ වෙද්දි මගේ හිතට හෙන අවුලක් දැනෙමින් තිබ්බා චැලි ගැන එදා රාත්‍රියෙ සිදුවීමෙන් පස්සෙ. හරි හමන් බයික් එකක් හම්බුනේ නැති හින්දා අපි දවල් වෙද්දි ගෙදර ආවා. එතකොට තමා නිවුස් වල ගියෙ පල්ලි වලට බෝම්බ ගහපු සීන් එක. ඔව්...ඒ අප්‍රේල් 21 වෙනිදා 2019. අපි මීගොඩ චැලිය බලන්න ගියෙ 20 වෙනිදා.
ඉතින් ඊට පස්සෙ රටේ ඇවිලුනු භීතිය පිරුණු වාතාවරණය එක්ක චැලි හංටින් සැසි එතනින් නිමා වුනා සහ මගේ චැලි පිස්සුව එතනින් සහමුලින්ම නිමාවුනා. ඒ වගේම මගේ බයික් පිස්සුව පරිණත බයික් පිස්සුවක් වීමේ මූලාරම්භය විදිහටත් ඒ මීගොඩ චැලි හංටින් එකේ ගිය දවස මට හඳුන්වන්න පුලුවන්. කොහොමහරි ඊටත් දින කිහිපයකට පස්සෙ තමා චැලියක් ගන්න ඉතුරු කරන් හිටපු සල්ලි ටිකෙන් මම ආයෙත් ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගෙනාවෙ. ඒ කතාව මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව පෝස්ට් එකේ ලියල තියනව. හොඳම ආතල් එක තමා මට කම්පියුටරේ විකුණපු එකා ඒක විකිණුවෙන් චැලියක් හදන්න සල්ලි ඔිනෙ නිසා වෙච්චෙක.
ඔය සිදුවීම් සියල්ලෙන් පස්සෙ 2020 ඉඳන් වෙච්ච සිදුවීම්, කොරෝනා සහ ගොඩාක් දේවල් එක්ක මගේ බයික් පිස්සුව සැලකිය යුතු ලෙස පහල ගියා මචං. යටි හිතේ ආසාවල් එහෙම්මම තිබ්බත් බයික් දිහා ගොඩක් පරිණත ඇහැකින් බලන්න මම පුරුදු වුනේ එතකොට. 2023 ලයිසන් ගත්තට පස්සෙ 86ශ්‍රී3748 GP100 එක මගේ නිත්‍ය ගමන් සගයා බවට පත්වෙනවා සහ ඒක මගේ පරම්පරා උරුමය වෙමින් අපේ පියාණෝ ඒක මගේ නමටම පවරා දෙනවා.
![]() |
| මයෙ වස්තුව |
![]() |
| Platina එක... මේක තාම තියනව අපි ගාව |
86ශ්‍රී3748 එක්ක මගේ ජීවිතයේ රසවත් තැන් ගොඩක් තියන නිසා ඒකට වෙනම පෝස්ට් එකක් ලියන්න ඔිනෙ. ඒ නිසා ඒ කතාව මෙතන මම ලියන්නෙ නැහැ. නමුත් ඒ අතරම ලොකු shout out එකක් යන්න ඔිනෙ අපේ පියාණෝගෙ Suzuki GS125 බයික් දෙකට සහ Bajaj Platina 100 බයික් එකට. මගේ මොටෝ බයිසිකල් කෙරුවාවෙ වැදගත් සන්ධිස්ථානයත් ගොඩක් ඒ් බයික් 3ත් ලකුණු කරලා තියන නිසා ඒවට නිසි ගෞරවේ දෙන්න ඒ්වට වෙනම පෝස්ට් එකක් ලියන්නම ඔිනෙ.



.jpeg)
Comments
Post a Comment