Skip to main content

අවුරුදු කුමාරයා...

හලෝ මිත්‍රවරුනි,
    අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න...
2016.10.12
------------------------------------------------------------------------------------------------------------

ඉතින් මිත්‍රවරුනි,

        මිත්‍රවරුනි මේක කොහෙන් පටන් ගන්නද කියල මට හිතාගන්න ආමාරුයි...මෙහෙම මං කෙටියෙන් ආරම්බය ගන්නං...

ඉතින් යාලුවනේ හැමෝටම වගේ මමත් පොඩි කාලෙ ඉදන්ම වාහන වලට ආසයි...මට මතකයි මට ඉස්සර ඔය ජේසීබී,ට්‍රක්,බස්,බැකෝ පිස්සුව තමා තිබුනෙ...ඒ වගේම පොඩි කාලෙ ඉදලම රේසින් කාර් පිස්සුවත් තිබුන...හැමෝටම වගේ මටත් තිබුනෙ ඔය අලුත් අලුත් වාහන පිස්සුව තමයි...ඔය ලැම්බෝගිනි,ෆෙරාරි කාර් වලට තමා ආසාව තිබුනෙ...මට මතකයි ඉස්සර කවුරු හරි ඇහුවම මොකක්ද පුතා ලොකු වෙලා ගන්න වාහනේ කියල මම කියන්නෙ ford mustang එකක් කියල...ඒ 2008 ගිය knight rider 2 tv serious එක බලලද කොහෙද...ඒ මිසක් වෙන වාහන පිස්සුවක් තිබුන් නෑ...මම හිතන් හිටියෙ අලුත් කාර් පිස්සුව තමා කාර් පිස්සුව කියන්නෙ කියල...ඒත් මට පස්සෙයි තේරුනේ කාර් පිස්සුව කියන්නෙ ඒ අලුත් වාහන වල තාක්ෂණය ගැන උනන්දුව නොව(සමහර විට ඒක කාර් පිස්සුවේ කොටසක් වෙන්නැති)ඊට එහා ගිය දෙයක් කියල...කාර් වලට ආදරය කරනවා කියල දෙයක් මගේ හිතේ තිබුනෙ නෑ...ඔහේ හිටියා තමා...ඒකාලෙ මම හීන මැවුවෙත් ඔය හැමෝම වගේ අලුත් හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න තමයි...toyota alion එකක් වගේ ගන්න තමා මම හිතන් හිටියෙ...ඒ වගේම මම හැමදාම ලහිපිට පත්තරේ බලනවා...මාර වාහන පිස්සුවක් තමයි ඒකත්...ඒ දවස් වල මං පොඩි නිසා කම්පියුටර්,ඉක්මන් වෙබ් සයිට් තිබුනෙ නෑ...ඒත් ලහිපිට පත්තර බලන පිස්සුව නිසා මට වාහන මිල ගණන් ගැන හොද අවබෝධයක් තිබුනා...

                      මට කවදාවත් පරණ වාහන ගැන අල්පමාත්‍රයක හැගීමක් තිබුනෙ නෑ...ඒත් මට පරණ වාහන ගැන ආසාව එන්න මූලිකම උනේ අපේ මාමා පරණ 9ශ්‍රී බටුසනි(Nissan Dutsun B110)කාර් එකක් ගෙනාවට පස්සේ...මට මාර ආසාවක් ආවෙ ඒකට...මට මතකයි මාමා ඕක එදා ගත්ත දවසෙ අපේ ගෙදර තමා ගෙනල්ලා රෑ නවත්තලා තිබ්බේ...ඒක තමා දෙයියනේ කියල අපේ වත්තෙ නවත්තපු අපේ පවුලෙ කෙනෙක්ගෙ වාහනේ...මට මතකයි එදා රෑ ඕක දිහා මම ආසාවෙන් බලන් හිටියා...ඊට පස්සෙ පහුවෙනිද මම උදේ අම්මට කියලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න හුගක් කලින් නැගිට්ටා...ඊට පස්සෙ ඕකට නැගල ස්ටියරිං වීල් එක කරකව කරකව හිටියෙ ලොකු ආසාවකින්...ඒ බටු සනිය තමා මගේ හිතේ පරණ වාහන ගැන මෙව්වා එකක් ඇති කරගන්න ඇතිවුනු ප්‍රධානම සාධකය...ඒ මෙව්වා එක මෙච්චර පිස්සුවක් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ...
මොනවා උනත් ඒ බටුසනිය තාමත් මාමා ගාව තියනවා...ඒත් තත්ත්වය ශෝචනීයයි පිංවතුනි...දැන් අවුරුදු 4ක් විතර තිස්සෙ එකතැන...මාමා නං කියනවා හදනවා මේ හදනවා කියලා...ඒත් හදන පාටක් පේන්න නැහැ...මං ගාව ඒකෙ ෆොටෝ වගයක් තිබුනා ලගදි ගත්තු...මට දැන් ඒවා කොහෙ දාලද මංද හොයා ගන්න බෑ හොයාගත්ත ගමන් ඉක්මනටම කාර් පිස්සුවට එවන්නම්...

                     කොහොමින් කොහොමින් හරි පරණ කාර් ගැන මෙව්වා එකක් හිතේ පත්තු උන නිසා මම පරණ කාර් එකකුත් ගන්න හීන මැවුවා...ඒත් වැඩි ආසාව අලුත් කාර් වලට තමා...කොහොමින් කොහොමින් හරි කාලය ගෙවිලා ගියා ඉක්මනට....විබාගයි අරවයි මේවයි එක්ක ඔහේ ජීවිතය ගෙවිලා ගිහින් මාමා බටු සනිය අරගෙනත් අවුරුදු 5ක් විතර ගෙවිලා ගියා...මට වාහන සිහියක් තිබුනෙත් නෑ...ඔන්න ඔහොම 2016 අවුරුද්දත් පාවෙලා ආවා...

           මේ කාලෙ තමා අපිටත් වාහනයක අවශ්‍යතාව හුගක් දැනිච්ච අවධිය...මොකද දැන් මායි නංගියි ලොකු නිසා අපේ තාත්තගෙ මෝටර් බයිසිකලේ මටයි නංගිටයි අම්මටයි යන්න බෑනේ...ඒ හින්දා තාත්තගේ හිතේ ලාවට අදහසක් තිබුනා වාහනේ ගන්න...එහෙමයි කියලා හොද අලුත් වාහනයක් ගන්න අපිට සල්ලි නැහැ...තියන ණය ඒව මේව එක්ක ලීසිං දාල වාහනයක් ගන්නත් බැහැ...ඒත් ලක්ෂ 3කට විතර අඩුවෙන් වාහනයක් ගන්න තාත්තට හිතිල තිබුන...ඒ නිසා 2016 පෙබරවාරි අන්තිම වගේ වෙද්දි අපි ඉක්මන් එකේ වාහන බලන්න පටන් ගත්තා...තාත්තාට හිතගිය වාහනයක් වුනු B211 එකක් වගේ ගන්න තමා අපි බැලුවේ...පත්තරත් බැලුවා...ඉක්මන් එක පීර පීර අපි B211 හෙව්වා...මටත් තියන පිස්සුවට ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් කරන්නෙ කම්පියුටරේ දාගෙන ඉක්මන් එකේ වාහන විකුණන්න දාල තියන ඒව හොයනවා...තාත්තාවත් තව තව වාහන ගන්න වැඩේට උනන්දු කරගෙන අපි තිබ්බ ඇඩ්ස් වලට කෝල් දිදී එහෙම බැලුවා...ඊට පස්සෙ කොහොමහරි මාර්තු මාසෙ මැද වගේ වෙනකොට තමා වැඩේ නැගලා ගියේ...ඒ අතරෙ තාත්තා එයාලගෙ ඔෆිස් එකේ ඉන්න වාහන බිස්නස් කරන අයගෙන් උපදෙස් අරන් තිබුන...එයාල තමා කියල දීල තිබුනෙ වාහනයක් ගන්න කොට මූලිකම වශයෙන් බලන්න ඕනි මොනවදයි අනිත් විස්තරයි...
කොහොම කොහොම හරි අපි ඊට පස්සෙ අපි ඉන්නෙ හොරණ නිසා හොරණ අවට B211 කාර් බලන්න ගියා...ගෝනපල,බණ්ඩාරගම ඔය ලයින් එකේ වාහන කිහිපයක් බලන්න ගියා...අවුලක් නෑ...පස්සේ තව වාහන වගයක් තාත්තා වැඩ ඇරිලා එන ගමන් බලන්නත් ගිහින් තිබුනා...ඔය විදිහට වාහන බලන්න යනකොට මාත් පැනලා යනවා කොහොමහරි...තාත්තත් එන්න කියන නිසා අවුලක් නෑ...කොහොම හරි B211 එකට අමතරව තාත්තා Lancer wagon එකට ආස නිසා ඒවත් පොඩ්ඩක් බලන්න කියලා මට කිවුවට මම නං ලාන්සර් වැගන් එකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...හර්ස් එක වගේ කිය කිය හිටියා...ලාන්සර් වැගන් සර්ච් කරලා බලන්න කියනකොට මම හෙන අකමැත්තෙන් තමා ඉක්මන් එකේ සර්ච් කරලා බලන්නේ...මොකද මම ඉත සිතින් B211 එකට හිත දීල ඉන්නේ...කොහොම හරි දවසක් නෙට් එකේ ලාන්සර් වැගන් එකක් දාල තිබුන බණ්ඩාරගම පැත්තෙ අන්න ඒකට තමා පලවෙනි පාරට ලාන්සර් වැගන් එකට හිතගියේ...අලුපාට බොකු ඇලෝවීල් ගහපු ලස්සන වාහනයක්...අන්න ඒකට නං මට හිතගියා...එයා මිලක් දාල තිබුනෙ නෑ...ඒත් ඒකෙ පෙනුමෙන් ඕකට අනිවා ලක්ෂ 3 පන්නල කියයි කියල...ලක්ෂ 3 පන්නල කිවුවොත් නං වැඩේ අමාරුයි...මොකද අපිට ලක්ෂ 3ක් දක්වා වියදම් කරන්න හැකියාවක් තිබුනෙ නෑ ලක්ෂ 2.5කට වගේ තමා වාහනයක් උපරිම හෙවුවෙ...ඒත් මම තාත්තට කෝල් එකක් දීල අර වාහනේ නම්බර් එක දුන්න තාත්තා කිවුවා එනගමන් රෑ පුලුවන් උනොත් බලාගෙන එන්නං කියල...
කොහොම හරි තාත්ත එනගමන් රෑ වාහනේ බලන් ඇවිත් තිබුන...වාහනේ තාත්තට හොදටම හිත ගිහින්...a/c එහෙම වැඩ කරනවලු ටොප් එකටම...ඩෑෂ්බෝඩ් එහෙම සුපිරි කන්ඩිෂන් එකෙන් තිබුනලු...ඒත් මිල...ලක්ෂ 3.20ක් කියල 2.90කට දෙන්නං කිවුවලු...2.90ක් නං අමාරුයි... ඒත් අපි බලාපොරොත්තු අත් ඇරියෙ නෑ...ඒත් එක්කම මේ වෙනකන් ලාන්සර් වැගන් පෙන්නන්න බැරුව හිටපු මට ලාන්සර් වැගන් ගැන අමුතුම මෙව්වා එකක් හිතේ ඇතිවුනා...ඒ නිසා මම ලාන්සර් වැගනුත් පට පට ගාලා ඉක්මන් එකේ බලන්න පටන් ගත්තා...තාත්තත් ඒ නිසා ලාන්සර් වැගන් ගැන ඔෆිස් එකේ කාර් ඔස්තාර්ලගෙන අහල තිබ්බ...එයාලා කියල තිබ්බ ගන්නවා නං ලාන්සර් වැගන් එකක් ඔරියන්ට් එංජිම තියන වාහනයක්ම ගන්න කියල...අනිත් එංජිම තියන ඒව ගන්න තියා හිතන්නවත් එපා කියල...ඒ වගේම ගන්න කොට GL සහ EL කියල මොඩ්ල් 2ක් තියනව GL එකට තමා වැඩි මාකට් එක තියෙන්නෙ ඒ උනත් වාහනේ හොද නං EL එකත් අවුලක් නෑ කියල...මොකද අපි හෙව්වෙ අපි ගත්තොත් කවදහරි අපිට අමාරු කාලයක් ආවොත් ආපහු විකුණගන්න පුලුවන් මාකට් එකක් තියන වාහනයක්...මේ විදිහට අපිට වාහන ගැන හුගක් දේ දැන ගන්න පුලුවන් උනා...ඒ වගේම දෙවැනි පොත සහ ඔරිජිනල් පොත අතර මාකට් එකේ වෙනසත් අපි දැනගත්තා...

කොහොමහරි අපි දැන් B211 එක පැත්තකට දාල ලාන්සර් වැගන් එක පස්සෙ පන්නන්න ගත්ත...ඒ වගේම අපේ අම්ම එහෙමත් ගොඩක් කැමති උනා වැගන් එකට මොකද B211 එකට වැඩි වැගන් එකේ ප්‍රෙයා්ජන වැඩියි හුගක් බඩු එහෙම දාගෙන යන්න පුලුවන් නිසා...ඉතින් අපි වැගන් හොයන්න පටන් ගත්තා...ඔහොම ඔහොම දවසක් ඉරිදා මායි තාත්තයි පරණ වාහන හුගක් විකුණන්න තියන නිසා වාහන හොයාගෙන ගම්පහ පැත්තට යන්න පිටත් උනා...පිස්සුව වැඩි නිසා මම එදා ගණන් පන්තිත් යන්නැතුවයි වාහන හොයන්න ගියේ...අපි හොරණින් උදේ 7ට විතර ගෙදරින් පිටත් උනා...යන ගමන් තාත්තා එකපාරටම බයිසිකලේ පාර අයිනෙ තිබ්බ ගෙයක් ලගින් නවත්තල කිවුව අපි පොඩ්ඩක් මේ ගෙදර මහත්තයගෙන් අහගෙන යමු වැගන් එකේ මොනවද බලන්න ඕන එහෙම කියල එයාගෙ වැගන් එක නං විකුණන්නෙ නෑ ඒත් පොඩ්ඩක් බලා ගෙන යමු කියල ගියා...අප්පට බොල....
            ඒ ගෙදර ඉස්සරහ නවත්තල තිබ්බ ලාන්සර් වැගන් එකක් ගේට්ටුව පැත්තට ඉස්සරහ මූණ දාල දඩ වීල් සෙට් එකක් දාල පට්ට උසයි...නිකන් ජීප් එකක් වගේ...මං වශී වෙලා වගේ ඒක දිහා බලන් හිටිය ඒත් ඒක විකුණන්නැති නිසා ඉතින් කරන්න දෙයක් නෑ...ඒ නිසා අපි ඒක අයිතිකාර මහත්මයගෙන් අවශ්‍ය උපදෙස් අරගෙන පිටත් උනා...ඒ ගමන් තාත්තා කිවුවා බණ්ඩාරගමට ගිහින් අර වාහනෙත් පොඩ්ඩක් ආපහු බලාගෙන යමු එදා රෑ හින්ද එච්චර හොදට බලාගන්න බැරි උනා කියල...ඉතින් අපි බණ්ඩාරගමටත් ගියා...

වාහනේ නං පට්ට ලස්සනයි...ඒත් අයිතිකාරය හිටියෙ නෑ එයාගෙ මල්ලි හිටියෙ එයා කිවුව වාහනේ ස්ටාට් කරල බලන්න කියල...වාහනේ ලස්සනයි...ඒත් වාහනේ තව ටිකක් හොදට බලපු තාත්තාගෙ මූණ නරක් උනා...ඒක හරියන්නෙ නෑ පුතේ ඒකෙ දිරුම් තියනව ඔක්කොම පේන්ට් එකෙන් වහලා තියෙන්නේ අපි වෙන එකක් බලමු කියලා...ඊට පස්සෙ අපි ගම්පහ පැත්තට ගමන් කළා...

ඒ ගමන නං ඇත්තටම ලස්සන උනාට දුෂ්කරයි ගිනි කාෂ්ට අව්ව අපි දවල්ට කන්නෙත් නැතුව වාහන හෙවුවා...ඉක්මන් එකෙන් ඔක්කොම ෆෝන් නම්බර්ස් ලියපු කොලයක් අරගෙන අපි වාහන හෙවුවා...ඒ ගමනෙදි අපිට එක එක ජාතියෙ වාහන හම්බුනා...අපි මුලින්ම අතුරුගිරියෙන් වාහන දෙකක් බැලුවා...මුලින්ම වයසක අංකල් කෙනෙක්ගේ එකක් බැලුවා...අංකල් හොද උනාට වාහනේ හරි නෑ...අනිත් එක...වරදක් නෑ මට අවුලක් නැති උනාට තාත්තට හරි නෑ...ඔක්කොටම වඩා ඔරියන්ට් එංජිම...ඔරියන්ට් එංජිම නැතුව අනිත් එංජිම තියන වාහනයක් ගන්න හිතන්නවත් එපා කියල තාත්තට කියල තිබුනු නිසා අපි ඒව තමා හෙවුවෙ...ඊට පස්සෙ ජාඇල ඒකල වාහන බැලුවා...අවුලක් නෑ...හුගක් වාහනවලට දිරුම් පේන්ට් එකෙන් වහලා...කොහොම හරි ඒ ගමනෙදි නං හොද වාහනයක් අපිට හම්බ උනේ නෑ...ඉතින් අපි හිස් අතින් දුකින් තමා එදා රෑ ගෙදර ආවෙ...

මේ වෙද්දි අලුත් අවුරුද්දට දවස් කීපයයි...අපි බැලුවෙ කොහොම හරි අවුරුද්දට කලින් වාහනයක් අලුත් අවුරුද්දට ආඩම්බරේට අපේ කිරිඅම්මලෑ ගමේ යන්න...ඒත් වාහන නෑ...ඒ වගේම අවුරුද්දට වාහන වල ගනන් වැඩි කරලා විකුණන්න හදන නිසා වාහන අඩුවට හොයන්න අමාරුයි...ඉතින් අපි බුදු පහන් තියල ගණදෙවියන්ට කියල ප්‍රාර්ථනා කළා අපිට අවුරුද්දට කලින් වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියල...ඔහොම ඔහොම කොහොම හරි අප්‍රේල් 12...අවුරුද්දට කලින් ගන්නවා නං අද දවස ඇතුලත වාහනයක් ගන්න ඕනෙ...ඒත් දෙයියනේ කොහෙන්ද වාහන?...උදේම තාත්තා තාත්තගෙ යාලු මාමා එක්ක ගිහින් ඉංගිරියේ වාහනයක් බලලා ඒක හරිනෑ කියලා ඇවිත් හිටියා...ඉතින් මොනවා කරන්නද...තාත්තා කියනවා අවුරුද්ද නිසා මිනිස්සු වාහන ගනන් වැඩි කරලා විකුණනන්නේ අවුරුද්දට පස්සෙ බලමු කියලා...මට හීනියට කදුලු පාරකුත් ගියා කොහොම හරි...කොහොම හරි තාත්තගෙ යාලු මාමා කිවුවා නුවර වාහනයක් තියනවා ගිහින් බලමු ඒක නං සුපිරිලු කියලා...තාත්තා අදිමදි කලා මේ හදිසියෙ නුවර යන්න?කොහොම හරි මගෙයි අම්මගෙයි කංකෙදිරිය නිසා තාත්ත අපිට බැන බැන කොහොම හරි ගියා...ගියාට පස්සෙ අපිටත් බයයි යන කොට මොකක් හරි උනොත් බයිසිකලේ කිලෝ මීටර් 120ක් විතර යන්න ඕනෙදැන් ඊට පස්සෙ කෝල් කරන්නත් හිතුන ආපහු එන්න කියල පස්සෙ ඒකටත් බනියි කියල හිතල කෝල් කලේ නෑ...ඔය වාහනෙත් හරි ගියෙ නැත්තං ඒත් ඉවරයි බලෙන්මනෙ යැවුවෙ...ඊට පස්සෙ දෙවියන්ට කිය කිය හිටිය...මම ඊට පස්සෙ කාලෙ යවා ගන්න කියල පොඩ්ඩක් නිදා ගත්තා...ඊට පස්සෙ හවස නැගිටල ටීවී බල බල ඉදිද්දි හවස 6.45ට විතර කෝල් එකක් ආවා...කෝල් එක ගත්ත අම්මා ආවේ ලොකු සතුටකින්...අරගෙනලු අරගෙනලු කිය කිය ආවෙ...මටයි නංගිටයි දැනිච්ච හැපි එක කොච්චරද කියනව නං එවෙලෙ අපි මිදුලෙ රතිඥ්ඥත් පත්තු කළා...

කොහොම හරි තව පැය කිහිපයක් ගෙවිලා ගියා...එතකොට රෑ 11.30ට විතර ඇති...තාත්තගෙ යාලු මාමගෙ මෝටර් බයිසිකලේ සද්දෙ ඇහුනා...අපි ෆුල් හැපි එකේ දොර ඇරලා බලාගෙන හිටියා...තාත්තා බයිසිකලෙත් ඇවිත් කලබලකාරී මුහුණක් සහිතව බැස්සා...තාත්තට දුර ඩ්‍රයිව් කරන්න තාම අමාරු නිසා අර මාමා තමා වාහනේ අරන් එන්නේ...ඔන්න ඔන්න මෝටර් රියක් එන හඩක් ඇහෙනවා...ඔන්න ඒකේ ලයිට් එලිය අපිට පේනවා...ඔන්න වාහනයක් එනවා...ඔන්න...අපේ පවුලේ පළමු කාර් එකේ රෝද අපේ මිදුලේ පොළොව ස්පර්ෂ කළ වගයි...ඒ වාහනේ හිමින් හිමින් වත්තට ඇතුලු උනා...අප්පට මේකෙ දිග...මාර ඩීසල් පෙනුමක් ඒ ලාන්සර් වැගන් එකට තිබුනා...මායි නංගියි හිමීට හිමීට ළගට ගියා...ඊට පස්සෙ වාහනේ අතගාල බලල පිටිපස්සේ දොරෙන් නැග්ගා...අප්පා...මේකෙ පට්ට ඉඩක්නෙ තියෙන්නෙ...ඩිකියෙ ඕන්නං පොඩි එවුන් තුන් හතර දෙනෙක් දාගෙන යන්න පුලුවන්...අපේ නංගි පිටිපස්සෙ සීට් එකට උඩින් ඩිකියට පැනල එහෙම බැලුවා...අපි දෙන්නට මාර හැපී...අර මාමා අපේ තාත්තට මේකෙ කෑලි බෑලි එව කියල දීල පොත් ටික දීල යන්න ගියා...අපි ඒ මාමට ගොඩාක් ස්තූති කළා...මොකද කවුරුත් එන ගමනක් නෙවේ ඒ මාමා ආවේ...ඒ මාමාට අපි හුගාක් ස්තූති කලා...ඊට පස්සෙ එයා ගියාට පස්සෙත් අපි වාහනේ මහරෑ ඉදගෙන හිටියා...
ඒක නිදි නැති රැයක්...ජීවිතේ කවදාවත් නැති රැයක්...

ඊට පස්සේ කොහොම හරි අම්මා කියල මායි නංගියි ගෙට ආවට පස්සෙ තමා තාත්තා විස්තරේ කිවුවෙ...ඒක අවුරුදු 83ක් වයස අංකල් කෙනෙක් අවුරුදු 17ක් පැදපු වාහනයක්...කවදාවත් එයාලට කරදරයක් කරපු නැති වාහනයක්ලු...හුගක් ආදරෙන් බලාගෙන තියෙන්නේ...වයස වැඩි නිසා සහ එයාලා අලුත් වාහනයක් අරන් නිසා මේක විකුණලා තියෙන්නේ...ලක්ෂ 2.85ට තාත්තා වාහනේ අරන් තියෙන්නේ...

දැන් ඉතින් මේක තමයි අපේ වාහනේ...මේකට අපි හුගාක් ආදරෙයි...ඒ වගේම ක්ලැසික් කාර් වලට මම පණ ඇරල ආදරේ කරන්න පටන් ගත්තෙ මෙයා නිසා තමයි...ඒ වගේම අපේ කාර් පිස්සුව බ්ලොග් එක වගේම කාර් පිස්සුව පේජ් එක මට හම්බුනේ මගේ වාසනාවට කියලයි මම හිතන්නේ...මම ඉස්සර ආස නැති බීට්ල් වගේ කාර් වලටත් මම ආදරේ කරන්න පටන් ගත්තේ කාර් පිස්සුව නිසයි...කාර් පිස්සුව නිසා මගේ ක්ලැසික් කාර් පිස්සුව යහමින් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ....ඉස්සර අලුත් කාර් වාදියෙක් වෙච්ච මට දැන් අලුත් කාර් අදාලම නෑ...ඉස්සර අලුත් ෆෝඩ් මස්ටෑන්ග් එකක් ගන්නවා කියපු මම දැන් ක්ලැසික් 1969 ෆෝඩ් මස්ටෑන්ග් එකට ආසයි...දැන් ඔය හයිබ්‍රිඩ් කාර් පෙන්නන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ...

මේක තමා මගේ කාර් කතන්දරේ...මේ කතාවට එන විවේචන චෝදනා එහෙමත් බාරගන්න මම ලැහැස්තියි...
------------------------------------------------------------------------------------------------------------
කොටි මලයාගේ දිවියේ සත්‍ය කතාවකි...කාර් පිස්සුව පේජ් එක සහ ඒ බ්ලොග් වල ලින්ක් යටින් තියනවා...
www.facebook.com/CarPissuwa/
carpissuwa.blogspot.com/

2017.10.16 ක්ෂණික යාවත්කාලීන කිරීම...

මට පරණ කාර් පිස්සුව සෑදූ බටු සනිය පසු කාලීනව මාමා විසින් විකුණන ලදින් එය ගත් තැනැත්තා එය අලුත්වැඩියා කර අද දින රියසෙවන ඩොට් කොම් වෙබ් අඩවියේ විකිණීමට දමා තිබෙනු දුටුවෙමි... නැවතත් පණ ගසා නැගී සිටින බටු සනිය... ජය වේවා බටු සනී පැටියෝ... ඔබ නොසිටින්නට කිසිදා මා සිත් තුල පරණ කාර් කෙරෙහි ඇල්මක් ඇති නොවනු ඇත...

කොටි මල්ලියා...

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...