කිටී.... කිටී ඉපදිනු කාලෙ ගැන නං මට පොඩි මතකයක්වත් නෑ.හැබැයි මං හිතන්නෙ මං 1,2,3 වසරවල හිටපු කාලෙ වෙන්නැති.නැත්තං ඊටත් කලින් වෙන්නැති.කොහොම උනත් මං හිතන්නෙ දැන් කිටීට අවුරුදු 10කට පොඩ්ඩක් අඩු හො වැඩි ඇති.මිනිසෙක්ගෙ ජීවිත කාලෙ මුල් අවුරුදු 10 ඉතින් පොඩි ළමයෙක්.ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකෙක්ගෙ වයස.ඒත් පූසෙක්ගෙ ජීවිතේ ඒක ජීවිතේ මහලු විය.හැත්තෑව පැන්න සීය කෙනෙක් වගේ. දැන් කිටී වයසයි. කිටී කියන්නෙ අපේ ගෙදර ඉස්සර ඉදන්ම හිටපු පූසා.කිටී පර්ෂියන් කෙනෙක් නෙවේ.නෝමල් පූසෙක්.අපේ විදිහට කිවුවොත් වල් පූසෙක්. මට කිටීගෙ පොඩි කාලෙ ගැන නං කිසිම මතකයක් නෑ.ලාවට මතකයි කිටී මාස 6ක් 7ක් වගේ තරමකට හැදිච්ච කාලෙ.මාස 6,7ක් කියන්නෙ ඉතින් පූසෙක්ගෙ ජීවිත කාලෙ නාඹර තරුණ විය වගේනෙ.කිටී කට්ට කලු පූසෙක්.ලාවට යටින් සුදු පාටත් තියනව.ඒ කාලෙ මට මතකයි කිටීට දිලිසෙන කලු පාටක් තිබුනේ. කිටීට පොඩි කාලෙම මවු සෙනෙහස අහිමි උනාලු.එයාගෙ අම්මා එයාව දාලා ගියාලු.කිටීව දැක්කම දුවන්න ගත්තලු.ඒත් කිටී අපේ පවුලේ කෙනෙක් වගේ පවුලේ පූසා විදිහට හැදුනා. කිටීගෙ අවාසනාව ආවෙ 2013 අවුරුද්දෙ මගෙ හිතේ.ඒ අවුරුද්දෙ තමා අපි පර්ෂියන්ලා අපේ ගෙදරට ගෙන...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.