කිටී....
කිටී ඉපදිනු කාලෙ ගැන නං මට පොඩි මතකයක්වත් නෑ.හැබැයි මං හිතන්නෙ මං 1,2,3 වසරවල හිටපු කාලෙ වෙන්නැති.නැත්තං ඊටත් කලින් වෙන්නැති.කොහොම උනත් මං හිතන්නෙ දැන් කිටීට අවුරුදු 10කට පොඩ්ඩක් අඩු හො වැඩි ඇති.මිනිසෙක්ගෙ ජීවිත කාලෙ මුල් අවුරුදු 10 ඉතින් පොඩි ළමයෙක්.ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකෙක්ගෙ වයස.ඒත් පූසෙක්ගෙ ජීවිතේ ඒක ජීවිතේ මහලු විය.හැත්තෑව පැන්න සීය කෙනෙක් වගේ.
දැන් කිටී වයසයි.
කිටී කියන්නෙ අපේ ගෙදර ඉස්සර ඉදන්ම හිටපු පූසා.කිටී පර්ෂියන් කෙනෙක් නෙවේ.නෝමල් පූසෙක්.අපේ විදිහට කිවුවොත් වල් පූසෙක්.
මට කිටීගෙ පොඩි කාලෙ ගැන නං කිසිම මතකයක් නෑ.ලාවට මතකයි කිටී මාස 6ක් 7ක් වගේ තරමකට හැදිච්ච කාලෙ.මාස 6,7ක් කියන්නෙ ඉතින් පූසෙක්ගෙ ජීවිත කාලෙ නාඹර තරුණ විය වගේනෙ.කිටී කට්ට කලු පූසෙක්.ලාවට යටින් සුදු පාටත් තියනව.ඒ කාලෙ මට මතකයි කිටීට දිලිසෙන කලු පාටක් තිබුනේ.
කිටීට පොඩි කාලෙම මවු සෙනෙහස අහිමි උනාලු.එයාගෙ අම්මා එයාව දාලා ගියාලු.කිටීව දැක්කම දුවන්න ගත්තලු.ඒත් කිටී අපේ පවුලේ කෙනෙක් වගේ පවුලේ පූසා විදිහට හැදුනා.
කිටීගෙ අවාසනාව ආවෙ 2013 අවුරුද්දෙ මගෙ හිතේ.ඒ අවුරුද්දෙ තමා අපි පර්ෂියන්ලා අපේ ගෙදරට ගෙනාවේ.අපේ සුදු පර්ෂියන් එකා කිටීව දුටු තැන පෙරළගෙන රණ්ඩු වෙන්න ගත්තට පස්සෙ කිටීට අපේ ගෙදර අපායක් උනා.කිටී ඊට පස්සෙ ගෙදරින් ගියා.දවස් 2,3 ට වගේ ගෙදරට ඇවිත් ගියා.ලෙඩක් දුකක් උනාම නං අනිවා අපේ ගෙදර.මොකද දන්නවා අපෙ අම්මා බෙහෙත් කරනවා තමා කියලා.
ඉතින් කොහොම හරි අපේ ආදරෙත් ඉතින් කිටීට අහිමිවෙලා ගියා කියන්න පුලුවන්.මොකද අපිට ලස්සන පර්ෂියන්ලා සෙට් උනානෙ.මයිල් දිග,හුරතල් කරන්න පුලුවන් උන් ටිකක් සෙට් උනානෙ.අරූව වල් පූසා උනා.මටත් ඌව පෙන්නන්න බැරුව ගියා.මාත් දැක්කම ඌව එලෙව්වා.ඇත්ත...මොකද මං මගේ කලු තැන් වහන්නේ?...මං කවදාවත් මේ බ්ලොග් එකේ මගේ කලු තැන් වහල නෑ මොකද කොහොම කිවුවත් අපේ හෘද සාක්ෂිය කියන එක දන්නවා ඇත්ත...
අපි ආදරේ පෙනුමෙන් ලස්සන උන්ට විතරයි...
ඒක තමා ලෝකෙ හැටි.අපි ආදරේ පෙනුමෙන් ලස්සන උන්ට.බල්ලෙක් හැදුවොත් අපිට පාරෙ වත්ත පිටියෙ ඉන්න වල් බල්ලොන්ව පෙන්නන්න බෑ.ඒත් ජර්මන් ෂෙපඩ් එකෙක්,රොට් වයලර්,ලැබ්‍රඩෝර් කොහෙදි දැක්කත් අනා ස්වීට්...
ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි...
ආයෙත් කිටී ගැන....
කිටී පසුකාලෙ මන් දන්නෑ මොනව උනාද කියල...කිටී අපේ ගෙදරට ආවම එහෙම හදිසියෙවත් අපි ළගින් වැරදිලා හරි ගියොත් පැනලා හූරල යනව.අපේ අම්මට නං නැති උනාට මම,තාත්තා,නංගිව එහෙම හුගක් කිටී හූරල තුවාල කරල තියේ.මහලොකු තුවාල නෙවෙ.නමුත් ජලභීතිකාවට සෑහෙන තුවාල.කිටීට බෙහෙත් විදලත් නැති නිසා ඒ වෙලාවට ඉතින් බය හිතෙනව තුවාලෙ හෝදල සති 2ක් යනකන් අරූ ඉන්නවද කියල බලන් ඉන්නව.දෙතුන් පාරක් අපිටත් බෙහෙත් විදින්නත් උනා...
කොහොම හරි ඔය වගේ සීන් නිසා මට කිටීව පෙන්නන්නම බැරුව ගියා.දුටු තැන එලෙව්වා.
ඒත් කිටී අපේ අම්මට තිබ්බ ගෞරවය හින්දද කොහෙද කන්න ඕනි උනාම ලෙඩ උනාම අපේ ගෙදර ආවා...
ඒ කතා ගියාවේ...
අදත් කිටී අපේ ගෙදරට ඇවිත් හිටියා.කාලයත් එක්ක කොහොමහරි කිටීව එලවන ගතිය මගේ ටිකක් අඩුවෙලා තිබුනේ.කිටී ගේ පිටිපස්සෙ මිදුලෙ ඉදිද්දි මං කිටී දිහා ටිකක් බලන් හිටියා....
කිටීගෙ කලු පාට දැන් මෙරූන් වගේ පාටකට හැරිලා.කිටී මයිල්වලට ටින්ට් පාරක් ගහලා වගේ.කෙට්ටු වෙලා...ඇග දුර්වලයි...කිටීගෙ සද්දෙ එහෙම නං ඉස්සර වගේම කොහොමත් තාම සැරට තියනවා...ඒත් ටිකක් කැඩි කැඩී වගේ සද්දෙත් පිට වෙන්නේ...
කිටී වයසට ගිහින්...
මං හිමීට හිමීට ගිහින් මූ ඉස්සර වගේ පැනලා හූරලා යයිද කියලා බයෙන් බයෙන් ගිහින් හිමීට ඔලුව අත ගෑවා...කිටී මුකූත් කලේ නෑ...
ටිකක් වෙලා ඔලුවයි පිටයි අතගෑවා...ෂුවර් කියලා තේරුනාට පස්සෙ වඩාත් ගත්තා...
කිටීගෙ මයිල් එහෙම දිරලා ගිහින්...
ආයෙ කිටීව බිමින් තියලා බෙල්ලයි ඔලුවයි පිටයි අතගෑවා...කිටීට හරී සතුටුයි...
පූසො ආදරේ දක්වනකොට දාන පුරු පුරු සද්දෙ අපේ ගෙදර ව්‍යවහාර කරන්නෙ මෝටරේ දානවා කියන නමින්...
කිටී හෙන සද්දෙට මෝටරේ දාලා...බිම පෙරලෙනවා...ඤාව් ගානවා...
මට මං කරපු ඒව ගැන අවංකව පසු තැවීමක් ඇති වුනා....
මට ඇත්ත තේරුම් ගියා...
උනුත් ආසයි ආදරේ විදින්න...කලු සුදු වල් පූසො පර්ෂියන්ලා වල් බල්ලො ජර්මන් ෂෙපඩ්ලා කියල වෙනසක් නෑ...බල්ලො පූසො හරක් එලුවො ඒ වගේම මිනිස්සු කියලත් වෙනසක් නෑ...
හැමෝම ආසයි ආදරය කරුණාව දයාව විදින්න....
ඒත් මිනිස්සු විදිහට අපි ආදරේ ලස්සන කෙනාට විතරයි...
සත්තුන්ට බල්ලො පූසො කියල වෙනසක් නැතුව ලස්සනද කැතද කියල වෙනසක් නැතුව ඕනිම සතෙක්ට ආදරේ කරන මනුස්සෙයක්ට මම ඇස් දෙකට දැකල තියන චරිතෙ අපේ අම්මා විතරයි...මං කියපු දේ හරියටම වැටහෙන්න දවසක් අපේ ගෙදර නැවතිලා ඉදල යන්න ඕනි...
ඒත් කොහොම උනත්...අපි මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමයි...
කොටි මල්ලි.
2019.03.03
ප.ලි - අද මේ සිදුවීම ගැන හිතපු ගමන් මට ලොකු උවමනාවක් ආවා මේක බ්ලොග් එකේ ලියන්න ඕනි කියලා..ඒ වගේම සාමාන්‍යෙයන් නිදහසේ ලිපියක් ලියන්න මට ඕනි කරන වටපිටාව සාමාන්‍යෙයන් ගෙදර හැදෙන්නෙ හුගක් කලාතුරකින්...වාසනවකට අද ඒ වටපිටාව හැදිලා තිබුන නිසා මේක මේ විදිහට ටයිප් කළා...ඒත් එක්කම...මේක ගැන ලියන හින්දම...කිටීගෙ දැන් ටිකකට කලින් ගත්ත ෆොටෝ එකකුත් මේකට මම මෙහෙම අප්ලෝඩ් කරනවා...
2019.11.27 UPDATE
මීට මාසයකට පමණ පෙර (දිනය හරියටම මතක නැත) කිටී වාහනයකට හැපී පාරේ මිය ගිය ලදී. කෙතරම් වයස වුවත් ලෙඩක් දුකක් නොතිබූ බැවින් තවත් කාලයක් ජීවත් වීමට තිබූ කිටී මෙලෙස හදිසියේ රිය අනතුරිකින් අකල් මරණයකට ගොදුරු වීම මගේ සහ අප පවුලේ සියලු දෙනාගේ සිත්වල ඇති කළේ මහත් වූ වේදනාවකි. නමුදු ලෝක ස්වාභාවය මෙයයි. එම යථාර්ථයට අප මුහුණ දිය යුතුය.
කිටී...
ඔබට නිවන් සුව...!!!
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
මගේ ලෝකෙ ජාතික වීරයා
"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...

No comments:
Post a Comment