Skip to main content

Posts

Showing posts from December, 2023

2023 න් සමුගමි

 2023 යනු කොටි මල්ලියාගේ බ්ලොග් පිටුවේ අවාසනාවන්තම වසර බව Blog Archive එක දෙස බැලූ විට පෙනී යයි. 2023ටම එක පෝස්ට් එකකි. මේ එයයි. එයද ලියන්නෙ 2023 දෙසැම්බර් 30 වැනිදායි.  කෙසේ වෙතත් 2023 යනු කොටි මල්ලියා/Snow Kotiya වන මගේ දිවියේ කිරුළු නොපලන් හැරවුම් ලක්ෂ්‍යයක් බඳු වසරක් යැයි මම විශ්වාස කරමි. මේ අවුරුද්ද පට්ටම හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න තරම් පට්ට‌ දේවල් උනේ නැත. කිසිම ගැම්මක් නැත. ඇති වූ දේට වඩා නැතිවූ දේ/නැති කරගත් දේ බොහෝය. එහෙත් ශරීරයේ පණ කෙන්ද නොයතාක් හැරවිය නොහැකි, ආයෙ වෙන කිසිම දේකින් replace කරන්න බැරි තීරණ ගැනීමට සිදුවූ වසර 2023ය. ඉදිරියට යාමට පෙර මෙම බ්ලොග් අඩවිය කියන අයෙක් වේ නම් මේ මතක් කිරීම සිදුකරමි. මේ මගේ ස්වයංචරිතාපදානයයි. ඕනෑම අයෙකුට කියවිය හැකි ලෙස විවෘතව තැබුවද මෙහි සියලු දේ පලකරන්නේ මා හට පමණක්මය. මගේ ජීවිතය නැවත මටම මතක් කරන්නටය.  දැන් නැවතත් පෝස්ට් එකට... ටයිප් කරන්නට දෙයක් සිහියට නොඒ... දැනෙන හැඟීම නිදහස්ය... එය අනාගතය ගැන බලාපොරොත්තුවෙන් තොරය... අතීතයේ මතක වලින් තොරය... මම මේ මොහොතේ ජීවත් වෙමින් සිටිමි... 2022 සිදුවූ දේවල් 2023 සිදුවූ දෙ...