හිතට ආපු දෙයක් කෙටියෙන් ලියල දාන්න හිතුනා. මම දකින විදිහට ලංකාවෙ උන්ට ගොඩ යන්න බැරි වෙන්න ප්‍රධාන හේතු 2ක් තමා, 1.) කොපි කරන එක 2.) හැමදේම තරගකාරීව කරන්න හදන එක වැදගත්ම දේ තමයි මේ දෙක වෙන වෙනම භාවිත කරද්දි ඒ දෙකම දියුණුව සදහා යොදාගන්න පුලුවන්. දියුණු වෙන්න බැරි මේ දෙක එකතු වෙලා වැඩ කරන්න ගියාම. ( කොපි කිරීම + තරගකාරීත්වය ) මෙන්න මේ තත්ත්වයට ආවම. මේ කොපි කරන එක සහ තරගකාරීත්වය අතර ඉතාම අනයෝන්‍ය සබඳතාවයක් තියනවා. වැදගත්ම දේ, මේ දෙකම සිරි ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ සහ සමාජ ක්‍රමයේ සොඳුරු දායාදයන්. මං කෙටියෙන් මේ ටික මෙහෙම පැහැදිලි කරන්නං. දැන් කොපි කරනව කියල මොකක්ද අපේ උන් කරන්නෙ? අනිත් එකා ගොඩයන්න කරන්නෙ මොකක්ද ඌත් ඒකම කරනවා. කවුරු හරි ඩ්‍රොප්ෂිපින් කරලා ගොඩ යනවා දැක්කොත් අනිකාත් ඩ්‍රොප්ෂිපින් කරන්න හදනවා. තව එකෙක් ෆයිවර් කරනවා දැක්කොත් ෆයිවර් කරන්න හදනවා. එහෙමනෙ... මොනා උනත් මේ ඔක්කොම කරන්නෙ දියුණු වෙන්නනෙ. සල්ලි හොයන්නනෙ. සතුටින් ඉන්නනෙ. ඒක හරි. කොහොම උනත් ලංකාවෙ උන්ගෙ මේ කොපි කිරීම කියන දේ සලකලා බලද්දි මුලින්ම අපි හොයලා බලන්න ඕනි මුං කොහෙන්ද මේ කොපි කිරීම ඉගෙන ගත්තෙ කියලා? මේකෙ මූල බීජය ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.