Saturday, December 30, 2017

2017 වසර අමුතුම විදිහට ගෙවිලා ගියා....

හ්ම්....

බොහොම කම්මැලි අවසානයක් එක්ක ( මට අනුව ) 2017 අවුරුද්ද දැනුනෙවත් නැති විදිහට ගෙවිල ගියා...
මම කම්මැලි අවසානයක් කිවුවෙ කිසිම විදිහක මතකයක්, ඉගෙන ගන්න දෙයක් දීපු අවුරුද්දක් නෙවෙයි 2017 අවුරුද්ද.

2018 අවුරුද්දෙ මං හිතන්නෑ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙයි කියල මොකද කොටි මලයට අපොස සාපෙ තියෙන්නෙ 2018 නිසා.අම්මලාගෙ දොල දුක් සන්සිදවන්න මොකක් හරි කරගන්න එපැයි.

අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවෙ අවුරුද්දෙ අන්තිම වාක්‍ය ටිකක් හරි කොටල ගියෙ නැත්තං ඒක බ්ලොග් එකටත් අඩුවක් වෙයි කියල හිතපු නිසා.2017 මුල් හරියෙ උනන්දුවෙන් බ්ලොග් එක ලිවුවත් කම්මැලිකම,ලියන්න දෙයක් නැති කම වගේ මොකක් හරි දෙයක් නිසා ඒක මග ඇරිල ගියා... කෙසේ වෙතත් බ්ලොග් එක ලියන එක නවත්තන්න මගේ කිසිම අදහසක් නෑ.අවුරුද්දකට එක පෝස්ට් එකක් හරි දාන්න තමා බලාපොරොත්තුව.

2017 කොච්චර කම්මැලි විදිහට ගෙවිල ගියාද කියනව නං මට 2018 සාපෙ කියල මීටර් උනෙත් 2017 දෙසැම්බර් 31 අද මේ දැන් ටිකකට කලින්.අනේ මංදා...

කියන්න දෙයක් නෑ ඉතින් මට වැඩිපුර... බ්ලොග් එක ලියනව මං මට හිතෙන වෙලාවට... කමෙන්ට් ආවත් එකයි නැතත් එකයි... කවුරු කියෙවුවත් නොකියෙවුවත් මට එකයි... මට හිතුනා ලිවුවා ආයෙ මංම කියෙවුවා... දැන් වුනත් මේ බ්ලොග් එකේ පරණ ලිපි කියවද්දි මට මාර ආසාවක් එනවා...

ඉතින් බලමු... නොකිවුවට 2018 හීන ගොඩාක් තියනව... බලපු කොච්චර හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා... හැබෑ කරගත්තුවා ගැන අනිවා බ්ලොග් එකට වැටෙයි...

එහෙනං කම්මැලි විදිහට,හැමෝම දැන් ප්‍රාර්ථනා කරන නිසා,

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
කියල කොටි මලයා ප්‍රාර්ථනා කරනවා...!!!

ස්තූතියි...!!!
කොටි මල්ලි,
2017.12.31


Thursday, December 7, 2017

හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි...

හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැනීමේ උවමනාව නිසා අදත් උදේ 6.30ට වැඩ කරලා බාන්න තියන ඒවා දැන් බාන ටික බාන වෙලාවෙ කරන්න දේකුත් නැති නිසා සහ කාලෙකින් බ්ලොග් එකට මොකුත් ලිවුවෙත් නැති නිසා ලියන්න දෙයක් කල්පනා කරද්දි තමා මේ සීන් එක මතක් උනේ.මේ සීන් එක මතක් වෙච්ච හැම වෙලාවෙම බ්ලොග් එකේ කොටන්න උවමනාවක් තිබුනත් මොකක් හරි මගුලක් නිසා ඒක කල් ගියා...ඉතින් මෙන්න මේකයි ස්ටෝරිය...

ඉතින් මගේ පජාත මිත්‍රයෝ දෙන්නා විශ්වයා සහ පමෝද්...උන් දෙන්නගෙන් විශ්වයට හැදිල තිබුනු ලෙඩේ තමයි චැලි බයික් පිස්සුව.ඒකෙ උපත් කතා ඒව කියන්න වෙලාව නං මේ වෙලාවෙ නෑ.කොහොම හරි සීන් එක කිවුවොත් විශ්වයට නහුතෙටම මේ චැලි පිස්සුව ගහල තිබුනෙ.ගෙවල් වටේත් හිටිය චැලි සෙට් එක නිසා කොලුවගෙ පිස්සුව දිනෙන් දින වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.කොටි මලයාත් ඉස්සර චැලි වලට ආස නැතුව හිටියට පස්සෙ පස්සෙ මොඩිෆයි කරපු චැලි වලට පොඩි ආසාවක් ආවත් ඒක එච්චරම ක්ලැසික් කාර් වගේ පිස්සුවක් වුනෙ නෑ...

චැලි ගැන කතා කරද්දි විශ්වයා අපිට නිතරම මේ චැලි බයික් කාරයෙක් ගැන විස්තර කිවුවා.මම මේ ලිපියේ මට හිතෙනවා ඇත්තටම උගෙ නම නොකිය ඉන්න.කොහොම හරි මූ කියනවා ඌ අපේ වයසෙලු.තාත්ත දාල ගිහින් හරි මොකක් හරි තාත්ත නෑලු.අම්ම බලන්නෙ නෑලු.මූ චැලි බයික් හදලා විකුණලාලු සල්ලි හොයාගන්නෙ.මාර චැලි පිස්සෙක්ලු.ඒ ගමේ මිනිස්සු බයික් හදාගන්නෙ උට කියලලු.  ඒරියා එකේ සුපිරිම චැලිය කියන්නෙ උගෙ චැලියලු.ඌ ඒක ගත්තෙ 30000කටලු.විශ්වයා ඔහොම කියද්දි අපි අහන් හිටියෙ නිකන් සුරංගනා කතාවක් අහන විදිහට.කොහොමත් විශ්වයා දෙයක් කිවුවොත් ඒකෙන් 99%ක් පච නිසා ඕක විශ්වාස කරන්න බැරි තත්වයක්මයි තිබුනෙ.මම සහ පමෝදයා බස් එකේ සෙට් වෙන වෙලාවටත් කිවුවෙ ඕක පචයක් කියල ඉස්කෝලෙ යන එකෙක් චැලි හදනව අම්මල බලන්නෑ ඕව විශ්වයගෙ බේගල් කියල තමයි කතා උනේ.දැන් කාලෙ ඉතින් කොහොමත් ඔය කතා විශ්වාස කරන්න අමාරුනේ...

ඒ කෙසේ වෙතත්,
මට ඇස් දෙකෙන්ම දැකලා මේක විශ්වාස කරන්න උනා...

කොහොම හරි දැන් විශ්වයත් චැලියක් ගන්න ගානකුත් සෙට් කරගෙන දවසක් මට කෝල් කලා මචන් පොඩ්ඩක් අර ඩයල් එකලෑ ගෙවල් පැත්තට ගිහින් එමු චැලියක් බලන්න කියලා.මටත් ඉතින් ඕක සිරාද කියලා දැන ගන්න උවමනාවටම මාත් පැන්න ගමන් ගියා.මගෙ පුටාර් එකේ රෝද වල හුලං ටික මට බූට් එක තියල නිසා මම විශ්වයලෑ ගෙදෙට්ට පයින්ම ගියා.ඊට පස්සෙ විශ්වයා උගෙ පොඩි කාලෙ පුටාර් එක මට දුන්නා.විශ්වයෑ සයිස් එකත් එක්ක ඒ හිච්චං පුටාර් එක උට පදින්න බෑ.කොහොම හරි මට එච්චර අමාරුවක් නැතුව ඒක පදින්න පුලුවන්.විශ්වයා යන්න කලින් සිය පාරක් වත් කියපු දේ තමයි මචන් පට්ට දුරක් යන්න තියනව කිලෝමීටර් ගාණක් යන්න තියනව කියපු කතාව.මට ඉතින් ඕනි දුරක් එකයිනේ... ඔන්න ඔහොම දෙන්න සෙට් වෙලා තල්ගහවිල පාරෙ පුටාර් දෙක පැදගෙන යන්න පටන් ගත්තා.විශ්වය ඉතින් ලොකු පුටාර් එකේ අවුලක් නැතුව යනව මාත් ගැම්ම දාගෙන පොඩි පුටාර් එකෙන් ඌ පස්සෙ යනවා.සැරින් සැරේ පොඩ්ඩක් සීට් එකෙන් නැගිට නැගිට ගියා ෆුකට රෙස්ට් එකක් දෙන්න ඕනි නිසා.නැත්තං ඒ සීට් එකේ සනීපෙට මට ලැට් වලට නැගලා බොකක් දාන්න ෆුකක් ඉතුරු වෙන එකක් නෑ.

කොහොම හරි තල්ගහවිල පාරෙන් දුරක් ගිහින් අපිට අතුරු පාරකට හැරිලා යන්න වුනා.ඒකෙත් පට්ට දුර.හතර අතේ වලවල්.
ඔහොම ඔහොම පාර දිගේ ගිහින් විශ්වයා එකපාරට තවත් පොඩි අතුරු පාරකින් හැරිල යන්න පටන් ගත්තා.පාරෙ වංගුවකින් හැරෙන කොට තමයි හරියටම මම පොට් එක දැක්කේ.

හම්මෝ... පොඩි තනි තට්ටුවෙ නෝමල් ගෙයක්.තාම ටිකක් හදාගෙනත් යනවා.ගෙදර පේමන්ට් එකේ චැලි 4ක් විතර.තව මොනා හරි බයික් දෙකකුයි කෑලි කරපු සීටී100 එකකුයිත් තිබුනා.

විශ්වයා බයිසිකලේ නවත්තලා ඒ චැලියක් පිටි පස්සට ගිහින් ආ මචාන් කිවුවා...

අඩෝ මට ගහන්නද ආවේ...?  චැලිය පිටිපස්සෙන් කට හඩක් ආවා.ඒ වෙලාවෙ තමයි මම හරියටම පොරව දැන්නේ.මගෙ උරහිස ගාණට උස පොඩි බටු කොල්ලෙක්.ඌ අර චැලිය පිටිපස්සෙ බ්‍රේක් හද හද හිටියෙ.

ඉතින් සිරාම කතාව එතන වෙච්ච හැම දේම මෙතන කොටන්න මට වෙලාවක් නෑ.ඒත් මාර චරිතයක් තමයි ඒක.අර විශ්වයා කියපු කතා සීයට සීයක් ඇත්ත කියල චැලි බට්ට නොකිවුවත් මම ඇස් දෙකට දැක්කා.
සිරාවටම එතන තිබුනු චැලි වලට නං පිස්සු හැදෙනව.චැලි බට්ටගෙ චැලියත් අති සුපිරියක්.රත්තරං පාට පේන්ට් එක ගහල පොටි ස්ටිකර් ටිකකුත් ගහල පත බීට් කෑන් එකකුත් ගහපු සුපිරියක්.100cc එංජිමක් තියල පස්සෙ ඒක බෝර් කරල 135cc වෙනකන් වැඩි කලා කියල තමයි චැලි බට්ට කිවුවෙ.

බ්‍රේක් හදපු ගමන් බට්ටා නැගලා අර පොඩි පාරෙ ගහපු වීල් ටික නං ජීවිතේට අමතක වෙන්නෑ.මං දැකපු සුපිරිම ස්ටන්ට් කාරයෙක් තමයි.අර චැලියෙන් අංශක 90 වීල ගහනව කිසි ගේමක් නැතුව අර පොඩි කටු පාරෙ.ඌ කියනවා උට පුට් සයිකලේට වඩා චැලිය බැලන්ස්ලු.ඌ ඇවිල්ලා රෝද 2න් යන්න උවමනාවක් නැති එකෙන් විශ්වයගෙ පුටාර් එක අරනුත් ඌ කලේ වීල් ගහපු එක.

කොහොම හරි විශ්වයා ගන්න බලපු චැලියත් බලලා අපි හවස 6ට විතර එහෙන් පිටත් වුනා.ආයෙත් පන දාගෙන පුටේ පාගල පාගල විශ්වයලෑ ගෙදෙට්ට ඇවිත් ඊට පස්සෙ අපේ ගෙදෙට්ට ආවා.

එදා මං ඔය කතාව අපේ අම්මට කිවුවට අම්ම විශ්වාස කලේ නෑ.කොහෙද අනේ ඒ වගේ ලමයි ඉන්නෙ ඉස්කෝලෙ යන්නැද්ද අයෙත් ඔය දුර යන්න එපා කියන්න පටන් ගත්තා.ඒත් ඇත්ත නං අපි නොහිතන විදිහෙ අයත් මේ ලෝකෙ ඉන්නව.සිරාවටම ආයෙත් වෙලාවක චැලි බට්ටා බලන්න යන්න ඕනෙ.මාරම පොරක් තමයි.

එහෙනං මේ ලිපිය අවසන් කරනව ඇත්තටම මීට වඩා ගොඩක් ලියන්න හිටියත් කාල වෙලාව නැති නිසා ලියන්න හැටියක් නෑ... අදට නතර කරනවා... සුබ දවසක් වේවා හැමෝටමට...!!!

කොටිමල්ලි...
2017.12.08

නිහඩව සතියක් ගෙවෙන්න දෙමු...

හොදයි එහෙනං..

විභාගෙ ලකුණුත් ආවා කියමුකො...

ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ.

නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව ඕනි නෑ...

හොදම නිදහසට කරුණ නිහඩතාවය කියල මං කල්පනා කලා... බැන්නත් ගැහුවත් මැරුවත් හූම් සද්දයක් නැතුව තමා ඉන්න බලාපොරොත්තුව.... දැන් නට නටා මොනවා කලත් තව සතියකින් ඔය විභාග ආතත්ය,උණුසුම,ඔක්කොම ඉවරයි.

ඒ නිසා සතියක් ගේ මුල්ලට වෙලා හැංගිලා ඉදලා සතියකට පස්සෙ එලියට එන්නං බලාපොරොත්තුව.ඒ සතිය ඇතුලෙ පුලුවන් එලියට ආවම ගහන ගේම් ටික ප්ලෑන් කරගන්න...

දාහක් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනවා නිවාඩුවේ.ටික ටික හරි කරගන්න වෙයි.රෑට නින්ද යන්නෙ නැති නිසා ඒ වෙලාවට තමා කල්පනා කරන්නෙ මොනවද කරන්නෙ නොකරන්නෙ කියල... සීන් එක කියන්නෙ රෑට ප්ලෑන් කරගත්ත දේවල් උදේ නැගිට්ටට පස්සෙ මතක නැති වෙන සීන් එක.

බලමු නේද ඉතින්... එහෙනං නිහඩ සතිය පටන් ගත්තා...

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...