හ්ම්...
මොනවද ලියන්නේ...මොනවද ලියන්නේ....
පිටු ගණන් ලිවීමට හිතේ හිර කරගෙන සිටින දහසක් කතා බ්ලොගර් ඩෑෂ්බෝඩයට ලොගින් වී නිව් පෝස්ට් බටනය ක්ලික් කළ වහාම නැති වී යන්නේ ඇයි දැයි කොටි මලයාට සිතාගත නොහැකිය.
ලියන්නට දේකුත් නැත...එහෙත් නොලියා සිටීමට හිතද නැත...
ඕලෙවල්...
එය ඉවර විය.ප්‍රතිපල කවදා එයිද නොදනී.කවදා ආවත් එන ප්‍රතිපලේට මුහුණ දිය යුතුයි.හිතට වද දුන් විෂයන් නැතුව නොවේ.වද නොදුන් විෂයන්ද මොකක් හරි කෙලියක් නිසා කෙලවේ දැයි සාධාරණ බයක් හිතේද ඇත.
කොහොම කිවුවත් දැන් ලියා අවසන්ය.එන ප්‍රතිපලය බාර ගත යුතුය.දෙපාරක් ඕලෙවල් ලිවීමට කොටි මලයා තුල සිතක් නොමැති බැවිනි.
කෙසේ වුවත් ෆේල් නැති බව ෂුවර්ය.එයට ආත්ම විශ්වාසය යැයි නම් තැබීමටද හැකිය.
දැන්
ඒලෙවල්...
ගිය 12 වෙනිදායින් ඕලෙවල් ඉවර විය.අදට දින 14ක් ගතවී ගොසිනි.දින 14ක් ලස්සනට කා දැමුවේය.
අද පෝස්ට් එක ලියන්නේ ඇයි? හේතුවක්ද නැත.
නමුත් කියන්නට දෙයක් තිබේ.
හෙට ඒලෙවල් වලට මුලින්ම ක්ලාස් යමි.
හොරණ ක්ලාස් නොවේ.නුගේගොඩ ක්ලාස්!
මොනව වේවිද මොන වගේ වෙයිද කිසි දෙයක් නොදනිමි.
මුල් ටික චොර උනා වගේ හිතට දැනෙනවා.ලිඛිත බසින් ලියන්න ඕනි නං හුදකලාව ඉදලා එක සිතින් බොක්කෙන් ලියන්න ඕනේ.ඒ ෆීලීන් එක හැම වෙලාවෙම එන්නෙ නෑ.දැන් මුල් ටික ලිඛිත භාසාවෙන් ලියල කෙල උනා වගේ ෆීලින් එකක් ආවත් දැන් ඉතින් ලියල ඉවර නිසා කරන්න දෙයක් නෑ.කතා කරන භාෂාවෙන්ම ඉතිරිය ලියමු දැන්වත්.
හොදයි ඉතින්...නැවැත්තුවෙ නුගේගොඩ ක්ලාස් යනවා කියල හෙට ඉදන්.
සෝලංගආරච්චිගෙ කම්බයින් මැත්ස්.අපේ ප්ලේන් මල්ලියා තමා සෙට් කලේ.පමෝදයත් ඇදගෙන හෙට යන්න ඕනි අම්මත් එක්ක.සියෝකෙම් එකේලු තියෙන්නේ.සියෝකෙම් එක තියන තැන හොයාගන්නත් ඕනේ.
කොහුවලින් 120 බස් එකෙන් බැහැලා එතන ඉදන් ත්‍රීවිල් එකකවත් යන්න තමා දැනට අදහස...
හොදයි බලමු.
අමුතු අත්දැකීමක් උනොත් බ්ලොග් එකේ ලියවෙයි.
කොහොම උනත්....ඕලෙවල් අමතක කරන්න තාම හිත නෑ වගේ...
ඕලෙවල් කාලෙ වෙච්ච දේවල් අතර වැඩි හරිය මට පෞද්ගලිකව ගොඩාක් හිත රිදුනු සිදුවීම් කොහොම කිවුවත්.ලියන්න හිතෙන්නෙ නැහැ.ලිවුවත් කියවන උන්ට හිතෙන්නෙ එකෙන්ම මට පිස්සු කියලා.
ඒ වලින් වැඩක් නෑ.
ඉස්සර වගේ බ්ලොග් එක ලියන්න ෆීලින් එකකුත් නෑ.කොහොමත් බ්ලොග් එක ලියන්න ෆීලින් එක එන්නෙ තනියෙන් ඉන්න වෙලාවට.අද කස්ටිය වැඩියි ගෙදර.හරියන්නෑ ඉතින්...
හිතට දැනෙන දේ අප්‍රමාණයි.ටයිප් කරපුවා අපරාදෙ නිසා වැඩකට නැති පෝස්ට් එකක් මෙතන අද පබ්ලිෂ් කරන්න වෙනවා.
හුදකලාව තනියම ඉන්න වෙලාවක...
එක සිතින් බොක්කෙන් ලියන්නං...
ඕලෙවල් කාලෙ ගැන...
එතෙක් සමුගනිමි!!!
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Wednesday, December 26, 2018
Thursday, December 13, 2018
කොටි මලයා....ඊස් බැක්....
ඉතින් මිත්‍රවරුනි....
ආරම්භය කොහොම ගන්නද කියල මටවත් හිතාගන්න බැරි අවස්ථාවක්...
2018 දෙසැම්බර් මාසෙ 14 වෙනිද අද.
2002 අවුරුද්දෙ ලංකාවෙ ඉපදිච්ච එකෙක්ට 2018 ආදරේ හිතෙන කුජීත පජාත අවුරුද්දක් වෙන්නෙ අපොස සාපෙ කියල අලංකෘත සුකොමල අසිරිමත් විභාගය හින්දා...
ඉතින් 2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි මටත් 2018 අවුරුද්දෙ බලු හිනාව දාගෙන මුහුණ දෙන්න සිද්ධ උනා...
2018 කියන්නෙ කොටි මල්ලියාගෙ බ්ලොග් පිටුවට එක පෝස්ට් එකක්වත් වැටුන්නැති අවුරුද්දක්...අහස උසට කියාගන්න බැරි දේවල් නවකතා කෙටි කතා පිටු ගණන් ලියන්න තරං දේවල් වෙච්ච අවුරුද්දක්...
අමුතුම ආසාවල් අමුතුම පිස්සු ගහපු අවුරුද්දක්...අමුතුම සිතුවිලි අමුතුම දේවල් හිතුනු මහ අමුතුම අවුරුද්දක්...
ඒ වගේම වැදගත්ම දේ...
2018 තමයි ඇත්තටම යාලුවො කවුද ඇත්තටම ඕනි දේකට අපිට ලගින් ඉන්නෙ අපිට ශක්තිය වෙන්නෙ කවුද කියල හරියටම අදුරගත්ත අවුරුද්ද...
ඕලෙවල් පටන් ගත්තෙ 2018 දෙසැම්බර් 3 වෙනිදා...දවස් 9ක් විභාගෙ.එක දවසක් යන්තං නිවාඩුවක් සෙට් උනා ගණන් පේපරේට කලින් දවසෙ.ඔක්කොම දවස් දහයයි.ගිය 12 වෙනිදා උදේ 11.45 වෙද්දි ඔක්කොම කුරුල්ලො වෙලා....
12 වෙනිදා තිබුනෙ 1 වෙනි බාස්කට් සබ්ජෙක්ට් එක...කොමස් කරන උන් හැර අනිත් විෂයන් කරන උන් ඔක්කොම විභාගෙ පටන් ගන්නත් කලින් කුරුල්ලො වෙලා හිටියේ.පුරවැසි අධ්‍යාපනය එහෙම කරන උන් හදේ ඉන්න තරමට සැපේ හිටියේ...
කොහොමින් කොහොම හරි මලයාගෙ හිත විභාගෙ ඉවරවෙලත් කුරුලු ෆීලින් එක නැතුව අමුතුම ෆීලින් එකක් අරක්ගෙන තිබුනෙ මේ තවත් ආරම්භයක් මිස අවසානයක් නොවෙන නිසා වෙන්නැති.ඒ වගේම දවසක් හීන හැබෑ කරන්න තියන අනාගතේ ගැන හිතන්න තියන නිසා වෙන්නැති...
ගොඩාක් දේ කරන්න තියනවා ඉදිරි කාලෙ...මේ ලිපිය මට මෙතනින් නවත්තන්න හිතෙන්නෙ තව ලියන්න පුලුවන් වුනත් ලියලා ඉවරකරගන්න බැරි නිසා...
හීන ගොඩක් තියනවා හැබෑ කරගන්න...කොටි මලයාගෙ ජීවිත කතාව ඉදිරියටම ලියවේවි කොහොමහරි...
එතෙක් රැදෙන්න මා එක්ක...
ඉතින් සාපෙ නිසා නැවතිච්ච වැඩ ගොඩායි...ඒව පටන් ගන්න ඕනි...සාපෙ නිසා ලැබුනු අත්දැකීම් ඉදිරිකාලෙ අනිවාර්යයෙන්ම ලියවේවි...
කොටි මලයා එහෙනං මෙතනින් දැනට කැපුනා...බුදු සරණයි! දෙවි පිහිටයි! සැමට ජයම වේවා!
Subscribe to:
Posts (Atom)
මගේ ලෝකෙ ජාතික වීරයා
"මගේ එදා දේශනයෙදි මම පොඩි වැඩක් කලා. මම හැමෝගෙන්ම ඇහුවා කවුද ඔයා කැමතිම වීරයා කියලා. එක එක උත්තර හම්බුනා. අනගාරික ධර්මපාල, පුරන් අප්පු ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...