Skip to main content

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...

 ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ...

මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්...

මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙක මට සෑහෙන අලුත් අත්දැකීමක් වුනා... සාමාණ්‍ය ස්ටූඩියෝ එකකට වඩා එහාට ගිහින් ආයතන පරිසරයක් ඇතුලෙ වැඩකටයුතු වෙන ටස්කර් ස්ටූඩියෝ එක සෑහෙන ඩවුන්පල්ලන් වෙලා හිටපු මගේ ජීවිතේට ආර්ථිකමය අතින්, හැකියාව සහ දැනුම අතින්, පෞරුෂය අතින් ඇතුලු ගොඩාක් පැති වලින් නැගීසිටින්න සෑහෙන ශක්තියක් උනා... ඒ් වගේම අනිත් වැදගත්ම දේ තමා creative industry එක ඇතුලෙ වෙන දඩාර ප්‍රොජෙක්ට් වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුන එක... 

මචංලා පොඩි අවස්ථාවක් දෙන්න පොඩි බ්‍රේක් එකක් ගහන්න... කලින් පෝස්ට් එකෙත් කිවුවා මගේ ඉස්සර වගේ පිටු ගනන් ලියන්න මට දැන් වචන එන්නෙ නෑ... මගෙ හැකියාව ඒ් තරං බල්ලට ගිහින් කියල දැනුයි තේරෙන්නෙ... හව් සෑඩ්...

ජොබ් එකට යන්න පටන් ගත්තට පස්සෙ ජීවිතේ ගලාගෙන ගිය රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා...  ඔන්ලයින් ජොබ් එකකට වඩා භෞතිකව ඔෆිස් එකකට ගිහින් වැඩ කරන එකේ බර මට දැනෙන්න පටන් ගත්තා.. තරුණ හීන මැරුනු රටක ඉස්කෝලෙන් අවුට් වෙලා, උසස් අධ්‍යාපනයටත් යොමු වෙලා, ඒ්කත් බැලන්ස් එකේ තියාගෙන ජොබ් එකක් කරන 20 ගනන් වල එකෙක්ගෙ ජීවිතේ බර මට දැනෙන්න ගත්තෙ මේ කාලෙදි... ටස්කර් එක ඇතුලෙ මගෙ ඩ්‍රීම් ජොබ් එක කරපු නිසා තරමක සහනයක් තිබුනත් එතන තිබුනා මට වචනයෙන් කියාගන්න බැරි අමුතුම වගකීමක බරක්...ඒ් වගේම අපේ අම්මල තාත්තලා උදේ හවස අවුරුදු ගානක් තිස්සෙ වැඩට ගිහින් ඒ් වෙච්ච මහන්සියෙ තරමත් මට දැනෙන්න ගත්තෙ එතකොට...

ජොබ් එකත් මට ලැබුනු දේවල් වගේම මිස් උන දේවල් ගොඩක් තියනවා... මිස් උන ලොකුම දේ තමා ආටිස්ට් කෙනෙක් විදිහට මට පර්සනල් ආට්වර්ක් කරන්න තිබ්බ නිදහස සහ විවේකය අහිමි උන එක.. පවුලෙ බර එක්ක ජොබ් එකෙන් පස්සෙත් ගෙදර ඇවිත් ෆ්‍රීලාන්ස් කිරීම නිසා අඩු ගානෙ ත්‍රීඩී චැලේන්ජ් එකකටවත් රෙන්ඩරින් එකක් ගහගන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නෙ...

විවේක පාඩුවෙ හිතන වෙලාවට මේ හැමදේම ගැන නොසැල්ටජියාත්මක ෆීලිං එකක් ආවත්, ජීවිතේ මේ රැට් රේස් එක කොහෙන් කෙලවර වෙයිද කියන්න මම දන්නෙ නෑ...  ලැබෙන දේවල් වලට හදවතින්ම ස්තූතිවන්ත වෙන එකත්, අහිමිවෙලා යන දේවල් හිතින් අත්ඇරලා හිත හදාගෙන ජීවත් වෙන එකට හුරු වෙන එකත් ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තාම පේන්නෙත් නෑ... හැබැයි මං එක දෙයක් දන්නවා...

 හැමදාම මේ දේවල් මේ විදිහටම වෙන්නෙත් නෑ... 

2025 - 04 - 12
කොටි මල්ලි (Snow Kotiya)

Comments

Popular posts from this blog

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...