හ්ම්... මොනවද ලියන්නේ...මොනවද ලියන්නේ.... පිටු ගණන් ලිවීමට හිතේ හිර කරගෙන සිටින දහසක් කතා බ්ලොගර් ඩෑෂ්බෝඩයට ලොගින් වී නිව් පෝස්ට් බටනය ක්ලික් කළ වහාම නැති වී යන්නේ ඇයි දැයි කොටි මලයාට සිතාගත නොහැකිය. ලියන්නට දේකුත් නැත...එහෙත් නොලියා සිටීමට හිතද නැත... ඕලෙවල්... එය ඉවර විය.ප්‍රතිපල කවදා එයිද නොදනී.කවදා ආවත් එන ප්‍රතිපලේට මුහුණ දිය යුතුයි.හිතට වද දුන් විෂයන් නැතුව නොවේ.වද නොදුන් විෂයන්ද මොකක් හරි කෙලියක් නිසා කෙලවේ දැයි සාධාරණ බයක් හිතේද ඇත. කොහොම කිවුවත් දැන් ලියා අවසන්ය.එන ප්‍රතිපලය බාර ගත යුතුය.දෙපාරක් ඕලෙවල් ලිවීමට කොටි මලයා තුල සිතක් නොමැති බැවිනි. කෙසේ වුවත් ෆේල් නැති බව ෂුවර්ය.එයට ආත්ම විශ්වාසය යැයි නම් තැබීමටද හැකිය. දැන් ඒලෙවල්... ගිය 12 වෙනිදායින් ඕලෙවල් ඉවර විය.අදට දින 14ක් ගතවී ගොසිනි.දින 14ක් ලස්සනට කා දැමුවේය. අද පෝස්ට් එක ලියන්නේ ඇයි? හේතුවක්ද නැත. නමුත් කියන්නට දෙයක් තිබේ. හෙට ඒලෙවල් වලට මුලින්ම ක්ලාස් යමි. හොරණ ක්ලාස් නොවේ.නුගේගොඩ ක්ලාස්! මොනව වේවිද මොන වගේ වෙයිද කිසි දෙයක් නොදනිමි. මුල් ටික චොර උනා වගේ හිතට දැනෙනවා.ලිඛිත බසින් ලියන්න ඕනි නං හුදකලාව ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.