ඔන්න ඉතින්...කම්මැලිකම යන්නත් එක්ක විබාග කාලෙ ඉස්කෝලෙ වුනු සන්තෑසි වලින් එකක් ඇදල ගන්නයි මේ ලෑස්ති වෙන්නෙ....ඒ 2015 නොවැම්බර් අන්තිම.... සුපුරුදු විදිහට විභාගෙ ඉවරයි...ලකුණුත් බාගයක් විතර දීලා....මේ කාලෙ ඉතින් අපි කවුරුත් බලන්නෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාව 1.30 උනත් 12.30 විතර ඉස්කෝලෙන් ගිහින් ස්කූල් වෑන් එකට ගිහින් ආතල් එකේ ඉන්න... ඔන්න ඉතින් සුපුරුදු ලෙස මමත් මගේ හොදම මිතුරා පමොදුත් 12.30ට විතර ප්‍රයිමරි ගේට් එක ලගට ආවා...සුපුරුදු ලෙස....එය වහලා....ඉතින් අපිත් පොඩ්ඩක් වෙලා එතන ඉදගෙන හිටියා පනින්න ක්‍රමයක් හොය හොය....ඉතුරු ටික කියවන්න කලින් පහත දල සිතියම වෙත අවධානය යොමු කරන්න...එතකොට කතාව ඉතා හොදින් තේරුම් ගන්න පුලුවන්.... ඉතින්...මේ වෙලාවෙ අපේ ස්විමින් පූල් එකේ තරගයක්...බාලිකා පාසලකින් ඇවිත්...අර නැරඹුම් පඩි වල ළමයි පිරිලා...කොහොම හරි අපි වාඩි වෙලා ඉන්නකොට තරගය ඉවර වෙලා එයාලා ගියා....අපි ගියා සිතියමේ 2 ගේට්ටුව ළගට....ඔතනින් ගිහින් ස්විම් පූල් එක අයිනෙන් ගිහින් එහා පැත්තේ නැරඹුම් පඩි වලින් නැගලා 3 ගේට්ටුවෙන් ගිහින් ආපන ශාලා හරහා ගිහින් 4 ගේට්ටුව හරහා පනින්න පුලුවන්...මෙතන බොහෝ ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.