වෙලාව පාන්දර 4.36යි... බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා කලේ තීම් එකේ වෙනස්කම් ටිකක් කරපු එක... දැන් හරි... මචෝ... ඒලෙවලුත් ඉවර උනා... ඉවර උනා කිවුවට ඉවරමත් නෑ තාම ET ප්‍රැක්ටිකල් ඉවර නැති නිසා... කොහොම උනත් ප්‍රධාන මිෂන් එක හෙවත් ලියන විභාගෙ ඉවර වෙලා දැන් මාස 2ක්... 2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි කොටි මලයා අපොස උසස්පෙල හෙවත් ඒලෙවල් ලියන්න නියමවෙලා තිබ්බෙ 2021 අවුරුද්දෙ අගෝස්තු මාසෙ උනාට කොරෝනා වසංගතේ නිසා විභාග කල්ගිහින් ඒලෙවල් ලියන්න උනේ 2022 පෙබරවාරි මාසෙ. මාසෙ පුරාවටම විභාගෙ තිබ්බා. ප්‍රායෝගික පරීක්ෂණ මේ එන ජුනි මාසෙ පැවැත්වෙන්න නියමිතයි(ලු). 2018 ඕලෙවල් ලියලා කොටිමලයා හෙවත් මම සමාජයට ආවෙ අමුතුම මනුස්සයෙක් වෙලා. විශ්වාස කරපු ගොඩක් අය මගෙ විශ්වාසෙ බින්ඳ නිසාත්, මට වටිනාකමක් තිබුනෙ නැති තැන් වල වටිනාකම් හොයන්න ගිහින් එක එකා සොමි දාන වෙලාවට උන්ගෙ බයිට් එක වීමේ ගොන්කම් තේරුම් යාම නිසාත් මං සමාජ ආශ්‍රයෙන් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙන්න හුරු උනා. ඒක එකපාරම කරගන්න බැරි උනත්, 2021 මැයි මාසෙන් පස්සෙ වගේ මං ඇත්තටම අතුරුදන් උන චරිතයක් වෙන්න පටන් ගත්තා (කියලා මට හිතෙනවා). සමාජෙන් කිවුව...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.