Skip to main content

Posts

Showing posts from August, 2021

සුදු පාට D Tracker සහ මගේ ප්‍රථම ප්‍රේමය

 ආයුබෝවන්! 2021 ජනවාරි මාසෙන් පස්සෙ මං මේ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්නෙ මාස 7කට විතර පස්සේ... ලොග් වෙච්ච ගමන් මුලින්ම මම කලේ බ්ලොග් එකේ තීම් එකේ ඉඳන් ප්‍රොෆයිල් පික්චර් එකේ ඉඳන් අලුතෙන් අප්ඩේට් කරපු එක. 2020න් පටන් ගත්ත පාර අවුරුදු 1 හමාරක් වගේ ඇතුලත කොටි මලයා හෙවත් මගේ ජීවිතේ අංශක 180කින් අනිත් පැත්ත ගහපු එකේ... බ්ලොග් එක විතරක් අනිත් පැත්ත නොගහ ඉන්නෙ මොකද😀 කොහොම උනත්, අද මගේ අරමුණ මම දැනට ගෙවන ජීවිතේ වත්, රටේ තත්ත්වෙ වත්, කොරෝනා වසංගත තත්ත්වෙ ගැනවත් කියන්න නෙවෙයි... අතීත කතාවක්... අවුරුදු 3ක් 4ක් විතර ජීවිතේ පස්සට යන්න වෙන කතාවක්... ප්‍රේම කතාවක්... ඔව් මචෝ! කොටි මලයාගෙ ප්‍රථම ප්‍රේමේ ගැන කියන්න😀 මේ කතාවෙ මෙතන මම නොකියන කතා ගොඩක් තියනවා. ඒවා එකක් වත් ඇය ගැන නෙවෙයි. වැඩි හරියක් මම ගැන. මොකද මේ ප්‍රථම ප්‍රේම කතාවෙ ඇත්තටම වැඩිහරියක්ම මට හිතන්න, කතා කරන්න තියෙන්නෙ එදවස මගේ ජීවිතය, මගේ චින්තනය සහ අනෙකුතේ මගේ දේවල්. නමුත් මේ වෙලාවෙ ඒ එකක්වත් ලියන්න උවමනාවක්වත්, වෙලාවක්වත් නැති නිසා මම තීරණය කලා කතාවෙ ගොඩක් තැන් මගඇරලා ගොඩක් තැන් සංක්ශිප්ත කරලා මූලික කතාව විතරක් මෙතන ටයිප් කරලා යන්...