2016.09.23
එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි...රැස්වීමේ වැඩ කටයුතු වලින් අනතුරුව ළමයින් පන්තිවලට විසුරුවීමට මොහොතකට පෙර ළමයි පෝලිමේ ඉන්දවනු ලබයි...මමද එසේ හිදගෙන සිටින අතර තුර මගේ නෙත අහම්බෙන් දිව ගියේ විද්‍යාලයේ රථගාල දෙසටයි...
ගුරුවරුන්ගේ වාහන විශාල සංඛ්‍යාවක් එහි නවතා තිබුනි.එයින් 90%ක්ම පාහේ නවතම hybrid මෝටර් රථය..ඒ අතර ඇල්ටෝ වැනි වාහනද බහුල විය...ඒවා සියල්ලම පාහේ නවීන පහසුකම් වලින් යුතු සුපිරි සුඛෝපබෝගී වාහනය...සාමාන්‍යෙයන් මගේ නෙත මෙම රථ ගාල වෙත නොයන්නේ එම නවීන රථවාහන වල වෙනසක් මට නොදැනෙන බැවිනි...නමුත් මෙදින රථගාල දෙස මට බැලුනේ ඇයි?
නවීන toyota aqua හා prius රථයක් මැදින් නවතා තිබුනේ volkswagen beetle වර්ගයේ පැරණි කාරයකි...එය 8 ශ්‍රී අංක තහඩු සහිත කාරයක් විය...තද නිල්පාට පේන්ට් කර තිබූ එය ඉතා චාම් මෝටර් රථයක් විය...පැරණි මෝටර් රථවලට අසීමිත ආදරයක් දක්වන මට මෙය ඉතා කන්කලු දර්ශනයක් විය...එම මෝටර් රථය මා දෙස බලා සිනා සෙන්නාක් මෙන් මට දැනින...
මා නැවත පන්තියට යද්දී මා අසලින් ගිය මගේ මිතුරා අර බලහං බං කොහොමද ඇක්ව එක?...2016 එකක් බං...පට්ට කියනු මට ඇසින...නමුත් මට ඒ ඇක්වා එක අදාලම නැත...දහසක් Hybrid රථ අතරින් මා සිත සොරාගෙන තිබුනේ ඒ ඉබ්බා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ඒ 8 ශ්‍රී ෆොක්ස්වැගන් බීට්ල් රථය පමණි...
පෙරදින රැස්වීමට ගොස් රථගාල දෙස එක ඇහැකින් නොබලන මා අද යන්නේ රථගාල බැලීමටමය...වෙනකක් නිසා නොව ඒ බීට්ල් රථය දැක ගැනීමටය...
------------------------------------------------------------------------------------------------------------
මේක කොටි මලයාගේ ජීවිතයේ ඇත්තම කතාවක්...
කොටි මලයා කියන්නෙ පරණ වාහන ලෝලියෙක්... ලෝලියෙක් කිවුවට ඒවට ආදරය කරනවා කිවුවොත් ඇත්තෙන්ම නිවැරදියි ...ඒ නිසා මට ඔය පොෂ් හයිබ්‍රිඩ් අදාලම නෑ...දවසක් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියා ගන්න එකා මට හෙන ටෝක් එකක් දැම්මා පරණ වාහන වැඩක් නෑ ඒ වල තියන ඔප්ෂන් මොනවාද කියල හෙන බයිලයක් ගහල...තව හයිබ්‍රිඩ් ගැන හෙන පම්පෝරියකුත් ගූ පඩේ වගේ ඇරියා...ඌ හෙන හයිබ්‍රිඩ්වාදියා...යාලුකමට එදා නොදුන්න රිප්ලයි එක මම ඉක්මනට මේකෙන් අරිනවා...ඔන්න බලාගෙන ඉන්නකෝ....
එහෙනං අපි ගියා...හැමෝටම ජයෙන් ජයම වේවා...!!!
2016.09.23
ප.ලි - 2016.10.12
අර බීට්ල් කාර් එක මට එදා විතරයි දකින්න ලැබුනේ...මගේ යාලුවා කිවුවා පස්සෙ දවසෙ ඒක ඉස්සරහ තියන කාර් පාක් එකේ නැවැත්තුවා කියල...කොහොමහරි මම දැක්කෙ එදා විතරයි...ඒක හරිම දුක හිතෙන කරුණක්...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Friday, September 23, 2016
Subscribe to:
Posts (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...