ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට අනෙක් මිතුරනුත් එනතුරුය...ඉංග්‍රීසී මාධ්‍යයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් 17ක් පන්තියේ සිටියද තවමත් විද්‍යාගාරයට යාම සදහා පොත් පත් රැගෙන පන්තියෙන් එලියට පැමිණ සිටියේ ඔහුත් සනියාත් පමණි... සනියා වෙනම සිතිවිල්ලකය...උදෑසන සිට ඇද හැලී මදකට නතර වී තිබූ වර්ෂාව නිසා ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලය උතුරා ගොස් තිබූ අතර තම දිග කලිසම් උඩට උස්සා මඩ වලවල් මග හරිමින් එන ක්‍රීඩා පිටිය හරහා එන සිසුන් දෙනෙනෙකු දුටු ඔහු තම කලිසම දෙසද බැලුවේ මඩපාරවල් වැදී ඇතිදැයි බැලීමටය...සැබැවින්ම තම සුදු කලිසම් කකුල් වලද සියුම් මඩපහර කිහිපයක් වැදී ඇත...ඒ සමගම ඔහු සනියාගේ කලිසම් කකුල් දෙස බැලුවේ එහිද මඩපහරවල් ඇතිදැයි දැනගැනීමේ අරමුණිනි...සනියාගේ කලිසමේද තැනින් තැන වැදී තිබූ මඩපහරවල් දුටු ඔහු එයින් සැනසී නැවතත් තම අවට වටපිටාවේ දර්ශනයට අවධානය යොමු කළේය... පන්තිකාමරයේ සිට ක්‍රීඩා පිටියෙන් ඉවතට යන දොරටුව දක්වා කොන්ක්‍රීට් වලින් තැනූ පථයකි...ඔහුත් සනියාත් සිටියේ එය මතය...දෙපස ජලයෙන්...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.