Thursday, September 19, 2019

කාලය මවනා වෙනසක අරුමේ...

ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය...

ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට අනෙක් මිතුරනුත් එනතුරුය...ඉංග්‍රීසී මාධ්‍යයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් 17ක් පන්තියේ සිටියද තවමත් විද්‍යාගාරයට යාම සදහා පොත් පත් රැගෙන පන්තියෙන් එලියට පැමිණ සිටියේ ඔහුත් සනියාත් පමණි...

සනියා වෙනම සිතිවිල්ලකය...උදෑසන සිට ඇද හැලී මදකට නතර වී තිබූ වර්ෂාව නිසා ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලය උතුරා ගොස් තිබූ අතර තම දිග කලිසම් උඩට උස්සා මඩ වලවල් මග හරිමින් එන ක්‍රීඩා පිටිය හරහා එන සිසුන් දෙනෙනෙකු දුටු ඔහු තම කලිසම දෙසද බැලුවේ මඩපාරවල් වැදී ඇතිදැයි බැලීමටය...සැබැවින්ම තම සුදු කලිසම් කකුල් වලද සියුම් මඩපහර කිහිපයක් වැදී ඇත...ඒ සමගම ඔහු සනියාගේ කලිසම් කකුල් දෙස බැලුවේ එහිද මඩපහරවල් ඇතිදැයි දැනගැනීමේ අරමුණිනි...සනියාගේ කලිසමේද තැනින් තැන වැදී තිබූ මඩපහරවල් දුටු ඔහු එයින් සැනසී නැවතත් තම අවට වටපිටාවේ දර්ශනයට අවධානය යොමු කළේය...

පන්තිකාමරයේ සිට ක්‍රීඩා පිටියෙන් ඉවතට යන දොරටුව දක්වා කොන්ක්‍රීට් වලින් තැනූ පථයකි...ඔහුත් සනියාත් සිටියේ එය මතය...දෙපස ජලයෙන් පිරීගොසින්ය...එහි ඇති බොර ජලය දෙස බලාසිටි ඔහුගේ මතකය ඔහුටත් නොදැනී අවුරුදු 10ක් පමණ පසුපසට දිව යන්නට විය...

ඒ ඔහු හොරණ රාජකීයයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සමයයි...අද මෙන් එදා වැසි දිනවලට ඔහුගේ මූඩ් අප්සැට් යන්නැත...සුදු දිග කලිසමට මඩපාර වදීදැයි ඔහුට බය නැත...මන්ද එදා ඇද සිටියේ සුදු දිග කලියමක් නොව නිල් පැහැති කොට කලිසමකි...සපත්තු තුලට වතුර යාවි යැයි ඔහුට බය නැත...මන්ද යත් එදා සපත්තු තිබුනේ වතුර ඇතුලට යවා ගැනීමටමය...

ක්‍රීඩා පිටියේ මඩ වතුරේ බැහැගෙන සපත්තු තෙමා ගෙන එදා නිල් කොට කලිසම හැද පාසල් ගිය අතීතය ඔහුට මැවී පෙනේ...වැසි දිනවලට පන්තිභාර ගුරුවරයා පාසල් පැමිණද නැතිනම් එදා පන්තියට කානිවල් දිනයකි...අද මෙන් පන්තිභාර ගුරුවරයා නැති විට ඊළග කාලච්ඡේදයට අදාල ගුරුවරයා පැමිණ උගන්නන්නේ නැත...මන්ද ප්‍රාථමිකයේ සියලු විෂයන් ඉගැන්වූයේ පන්තිභාර ගුරුවරයා පමණක් බැවිනි...

ගුරුවරයාද එසේ නැති අවස්ථාවල ක්‍රීඩා පිටිය වටා ඇති මඩ වතුරෙන් පිරීගිය කානුවල මිතුරන් සමග ඇවිද්ද හැටි ඔහුට සිහි වේ...සපත්තු දෙකට වතුර ගියා තියා හෙන ගැසුවා වුනත් එහි ගණනක් එදා නැත...අද යන්තං සපත්තුවේ හීනි මඩපාරක් ගියත් එය තම පෙනුමට මහා කැලලකි...කෙල්ලන් දකින විට තවත් අවුල්ය...


ඔහුගේ මුවින් සුසුමක් නික්මුනේ කාලයාගේ ඇවෑමෙන් තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිව ඇති ඒ සුන්දර නිදහස් අහිංසක ළමා කාලය සිහිවීමෙන්ය...

ජීවිතය පිළිබද බරක් නැති නිදහසේ සතුටින් ගෙවූ ඒ කාලය ඔහුට මැවී පෙනේ...එදා ඔහුගේ වීරයා වූයේ Cars චිත්‍රපටයේ Lightning Macqueen ය... හීන මැවුවේ knight rider කාර් එක ගන්නය... අද ෆිල්ම් එකක් බලද්දී කොල්ලෙක් කෙල්ලෙක්ගේ කටකන සීන් රිපීට් කර කර බැලුවාට එදා මයිකල් නයිට් කාගේ හරි කට කන්න හදද්දීම එම කොටස ඉදිරියට forward කරපු අතීතයද ඔහුට මැවී පෙනෙන්නට විය...

එදා ඔහුගේ පන්තියේ සිටි සුජාත දියණී කතාවේ චංගුමී තම වීරවරිය කරගත් කෙල්ලන් අද කොහෙවත් යන හම්පඩ කොල්ලෙකුගේ පෙම්වතිය වී ප්‍රේමයෙන් අන්දවී ප්‍රේමාන්විත පෝස්ට් බුකියේ ෂ්‍යොර් කරන අයුරු ඔහුට සිහිවේ...කෙල්ලන් සෙට් වූ තම මිතුරන්ද සුදු තාත්තිලා වී සිටින බැවින් එදා පන්තියේදී Macqueen, Chick, King රේස් පැදපු හැටි, මයිකල් නයිට් turbo boost බට්න් එක ඔබා knigh rider කාර් එක තාප්ප උඩින්, කෝච්චි උඩින් පන්නන හැටි කතා කිරීමට උන්ට දැන් වෙලාවක් නැත...

පාසල් නිමවී පාසලට යාබදව ඇති කඩයෙන් සල්ලි අඩු දාට 2 අයිස් එකත් සල්ලි වැඩිදාට 5 අයිස් එකත් සල්ලි උතුරන දාට රුපියල් 20 අයිස් කෝන් එකක් කමින් පාසල් වෑන් රිය පැමිණෙනතුරු සිටි අයුරු ඔහුට සිටි වේ...එදා උදේට ගෙදරින් කෑම කා ඔහුට අම්මාට දවල්ට කෑමට බත් ඉවීමට නොහැකි වූ දවසට දවල්ට කෑමට ලැබෙන්නේ උපරිම 20 කොළ දෙකකි...එයින් රුපියල් 20ක 30ක පමණ කන ඔහුට රුපියල් 5ක් 10ක් අනිවා හවසට අයිස් පැකට් එකක් කෑමටද ඉතුරු වේ...
නමුත් අද ඔහුට උදේට හෝ දවල්ට කෑවා නැතා වියදම් කිරීමට රුපියල් 100ක්ද අම්මාට බත් ඉවීමට නොහැකි දවසක් වෙතොත් රුපියල් 200ක්ද ලැබේ...එයිනුත් යන්තං හැමදාම රුපියල් 50ක් අනිවා ඉතුරු කරගන්නේ එදා මෙන් අයිස් පැකට් එකක් කෑමට නොව අනේ යනගමන් රුපියල් 50 ඩේටා කාඩ් එකක් ගැනීමටය...

එදා පාසල ළග ඇති සෙල්ලම් බඩු කඩයේ අංකල්ගෙන් සෙල්ලම් කාර්, කාර් කෑලි සෙට්, ස්ටිකර් කාඩ්, ඇටබෝල තුවක්කු, කැප්රෝල්, අතේ ගැහුවාම රෝල් වෙන අඩිරූල්, රුපියල් 20 රබර් බෝල, ගෙදර ගෙනල්ලා වතුරේ පොගවලා තිබ්බම ලොකුවෙන ජෙලි බෝල අම්මට දස අතේ වැද රුපියල් 20ක් 30ක් ඉල්ලාගෙන ඇවිත් මිලදීගත් තම මිතුරන් අද සුුදු අම්මි කෙනෙකුගේ සුදු තාත්ති කෙනෙක්වී ගෙදරින් පන්ති ෆීස් ගෙවීමට දෙන රුපියල් 1000 යටි මඩි ගසා තම සුදු අම්මිට කැමති කැමති දේ අරන් දෙන්නට ලවර්ස් ගානේ රස්තියාදු වෙන හැටි ඔහුට සිහිවේ...

හවස 4 වෙද්දී සිරස ටීවී දාගෙන සොනික්ගෙන් ඇරඹෙන කාටූන් ටික 6 වෙනතෙක් අම්මාගෙන් පට්ට බැනුම් අහගෙන බැලූ ඔහුට 6ට ගිය කාටූන් එක මොකක්දැයි අමතක වන තරමටම කාලය ඈතට පියඹා ගොසිනි...අද කොල්ලන්ට ටීවී එකෙන් කාටූන් ලබා ඇති වැඩක් නැත...යන්නේද සුපර් ශිවා වැනි බැලීමට නොහිතෙන තරමට අතිවිශිෂ්ට කාටූන් නිසා එහිද අවශ්‍යතාවයක් ඇත්තේම නැත...මන්දයත් ඊට වඩා හොද කාටූන් ෆෝන් එකෙන් pornhub ගිය විට නැරඹිය හැකි බැවිනි...
එදා අම්මා " මං විනාඩි 5කට එහා ගෙදර ඇන්ටිලාගෙ ගෙදරට යනවා " කියා ගොස් එන ටිකට පට්ට බයෙන් ගෙදර තනියෙන් සිටි එවුන් අද අම්මා විනාඩි 5කට හෝ ගෙදරින් පිටවෙන්නේ කොයි වෙලේදැයි ඇගිලි ගණිමින් බලා සිටින්නේ ඒ විනාඩි 5 පවා pornhub, xhamster වැනි වෙබ් අඩවි සමග ගත කිරීමටය...ඒ එදා මයිකල් නයිට් කෙල්ලෙක්ගෙ කටකනවා බලන්නටත් ලැජ්ජාවෙන් සිටි ඔවුන්මය...

එදා කෙකෙකු අවමන් කිරීමට ඔවුන් සතුව තිබූ නරක වචන වූයේ හැල ගෙම්බා, ඇටිකිච්චා, හැලි වදුරා ආදී විවිධාකාර ලෝකෙ නැති සතුන්ගේ නම්ය...පුකා, පඩයා වැනි වදන් ප්‍රබලතම කුණුහරුප විය...අද පුකා වචනයේ ප යන්නේ පාපිල්ල හැලී ඇත...පඩයා හි ඩ යන්න ක යන්නට හැරී ඇත...
හැල ගෙම්බා, ඇටිකිච්චා හු**, කැ** බවට පරිවර්තනය වී ඇත...

අද තමන්ගේම බරපතල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් pubg ගැසුවාට එදා අම්මගේ nokia බට්න් ෆෝන් කට්ටෙන් නයි ගේම් එක ගැසූ අයුරු ඔහුට සිහිවේ...අද වර්ණවත් LED මොනිටර් වලින් දඩාර ප්‍රොසෙසර්, රැම් සහිත ගේමින් පීසී එකෙන් GTA V ගැසුවාට පතරංග CRT මොනිටරයක් තිබූ පුංචිගේ පෙන්ටියම් 4 කම්පියුටර් කට්ටෙන් IGI ගැසූ ඒ සුන්දර අතීතයද ඔහුට කෙමෙන් කෙමෙන් සිහිපත් වේ...

අද ක්ලාස් කට් කර කට්ටිය සෙට් වී දමන මුදලින් යන්තං කාලේ/බාගේ බෝතලේ ගෙන ටවුමේ හතර අතේ ඇති කානු පල්ලේ බහින්නේ වෙන කවුරුත් නොව එදා මත්රකුසා පරදවමු කියා චිත්‍ර ශිල්පීන් පරදවන ලෙස අතින් ඇදි පෝස්ටර් ගෙන පාසලේ පෙලපාලි ගිය එවුන්මය...


තමා වැඩිවියට පත්වත්ම තමාට අහිමිවී ගිය ඒ සුන්දර ළමා කාලය ඔහුට එලෙස මැවී පෙනේ...මිතුරන් බොහෝ සේ වෙනස් වී ඇත...උන්ට දැන් පොඩි කාලේ ගැන කතා කිරීමටත් උවමනාවක්වත් වෙලාවක්වත් දැන් නැත...ඊට වඩා සුදු අම්මී සමග කතා කිරීමට බොහෝ දේ ඇති බැවිනි...වැඩිවියට පත්වෙත්ම වැඩිවන වගකීම් ප්‍රමාණය,වැඩිවන ටියුෂන්,විභාග, ඇතිවෙන නැතිවෙන ආදර කතා ආදිය තමාගේ ළමා කල තිබූ නිදහස කෙමෙන් කෙමෙන් නැති කර දමන බව ඔහුට දැනේ...මේ වසර 10ට මෙච්චර පරිණාමයක් වුනා නම් තව වසර 10කින් කෙතරම් පරිණාමක් වේවිද...එදාට තමා කොහේ හෝ රැකියාවක සිරවී සිටීවී...විවාහයට පත්වූ මිතුරන්ද පවුල රැකගැනීමට උත්සාහ කරාවි...

එදා කොල්ලෝ සෙට් එක සමග එහා වත්තට බෝලෙ ගියොත් අවුට්, වහල ඔට්ටු නෑ කියමින් බෝලෙ නැති වූ විට බැට් එකෙන් කැලෑව පීරමින්, අවුට් වූ විට ඒක ඔට්ටු නෑ කියා අලුතෙන්ම මැච් එක පටන්ගෙන ක්‍රිකට් ගැසූ අතීතයට ආයෙ කවදාවත් යන්න බැරි වේවි...

ඒ උඹ එන්නැද්ද නෙත්මයි ජිතේන්ද්‍රයයිත් ගියා...වරෙන්...

සනියාගේ හඩින් දැහැන බිදී ගිය ඔහු සිහිනයෙන් මෙන් පරිගණක විද්‍යාගාරය දෙසට පය තැබුවේය...



-----------------------------
මගේ ජීවිතයේ සත්‍ය කතාවකි...හැගීම් දැනීම් ඇති කිරීම සදහා කොටිමලයාගේ චරිතය "ඔහු" ට සමාන කර වෙනස් ශෛලියකින් ලිවීමට තීරණය කළෙමි....


කොටිමල්ලි,
2019.09.19



Friday, June 14, 2019

මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව...

මේ මගේ මැෂින් දෙක තමා ඉතින්...පොඩි මොනිටරේ එක්ක වමේ පරණ මැෂින් එක...ලොකු මොනිටරේ එක්ක තොරණ වගේ ලයිට් ගහල දකුණෙ තියෙන්නෙ අලුත් එක


හැමදාම වගේ මට වෙන දේ තමයි...අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි ලියන එක පස්සට ගිහින් එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි ලියන එක සහ අර එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි පිටු ගණන් ටයිප් කරලා අනිවා ලිවිය යුතු සහ අනිවා ලියන්නම ඕනේ කියල හිතන් ඉන්න ලිපි පේලි 2න් 3න් ටයිප් කරලා දාන එක...අන්න ඒ හින්දා අද සෙනසුරාදා දවසෙ ගෙදර ඉන්න එකේ මේක ලියල දාන්න ඕනෙ...ඊලග අගහරුවාදා ඉදන් ආයෙ ඉස්කෝලෙ යන්නත් වෙන හින්දා ආයෙ ඉතින් නිදහසේ ලිපියක් ලියන්න වෙලාව සෙට් කරගන්න එක හෙනම ගේමක් දෙන්න ඕනි වැඩක්...බිකෝස් මේ බ්ලොග් එකේ ලිපියක් ලියන්න නිකන් ඔහේ යන්නං වාලෙ වෙලාවක් හරියන්නෙත් නෑ...

හොදයි...බයිලා ගැහුව ඇති දැන්...දැන් ලිපියට එමු....

අපි 2010 අවුරුද්දට විතර යමු...

එතකොට මං 3 වසරෙ...ඒ අවුරුද්දෙ තමයි අපේ ගෙදරට මුලින්ම කම්පියුටරයක් ආවෙ...ඩෙස්ක්ටොප් එකක්...අපේ චූටි අම්මට ms office වගේ සොෆ්ට්වෙයා වලින් වැඩකරන්න පුරුදු වෙන්න වගේ වැඩ වලට තමා ඕක ගෙනාවේ...පෙන්ටියම් 4 ප්‍රොසෙසරේ...512 එම්බී රැම් එක...වීජීඒ එක ඔන්බෝඩ් උනාට පරණ ඒවල කොහොමත් වීජීඒ කාඩ් එක ආවෙ සෙපරේට්නෙ...එම්බී 40ක් වගේ ඇති කැපෑසිටිය මං හිතන්නේ...මොනිටරේ CRT පතරංගයක් සුදුපාට...ස්ක්‍රීන් එකට අත තියන්න බෑ කරන්ට් වැදෙනවා බං...එහෙම කරන්ට් වැදෙන්නෙ ඇයි කියල නං ප්ලේන් මල්ලි ඇතුලු පිරිස කියන විදිහට කම්පියුටර් ඔස්තාද් කෙනෙක් වෙච්ච සහ 15,19 lcd මොනිටර් වලින් වැඩකරන මට තාමත් තේරෙන්නෑ...ඕඑස් එක වින්ඩෝස් xp...මේ රැම්,ප්‍රොසෙසර් වල විස්තර මෙලෝ මගුලක් මං අහල තිබුන්නෑ...මං ඒ දවස් වල අස්සෙ පාට්ස් ගැන මෙලෝ රෙද්දක් දන්නෙත් නෑ...දැන් ඒ විස්තර ටික කිවුවෙ මීට අවුරුදු 3කට 4කට කලින් ඕක මාමලෑ ගෙදර මුල්ලක ගහල තියනව දැකලා වැඩක් නෑ කැඩිලා හින්ද මං ඕක කුදලන් ඇවිත් කෑලි වලට ගලෝපු හින්දා...එදා තමා ජීවිතේ පලවෙනි පාරට කම්පියුටරයක් ගලෝපු දවස...සහ යන්තං පාට්ස් ටික තියන ආට් එක දැනගත්ත දවස...නමුත් කෙසේ වෙතත් මට ඒ වෙද්දි ඉතින් මේවා ගැන කොහොමත් දැනුමක් තිබ්බා ලැප් එක එහෙම අවුරුදු ගාණක් පාවිච්චි කරපු හින්දා...මං හිතන්නෙ මගෙ ඩෙස්ක්ටොප් එක ගෙනාපු අලුතම තමා ඒකත් ගැලෙවුවේ...

හරි අපි ආයෙ කතාවට...

කොහොමහරි...ඒ කාලෙ කම්පියුටරයක් නැතත් කම්පියුටර් එක මගේ එකම හීනය උනා මිත්‍ර වරුනි...මං මේ කියන්නෙ කම්පියුටර් එක ගේන්නත් කලින් ඉදන්...ඒත් මට හිතාගන්න බෑ වැඩිය කම්පියුටර් දැකල නැතත් මට කොහොම කම්පියුටර් ගැන ආසාවක් ආවද කියලා...ඒක නිකන් සංසාරගත බැදීමක් වගේ දෙයක් මට හිතෙන්නේ...ඉතින් එකපාර රෑ අටට විතර මාමලා එහෙම ඇවිත් ඕක දැන් මගේ කාමරයේ (ඒ දවස් වල මාමා තමා මට මතක හැටියට ඒකෙ පදිංචි වෙලා හිටියෙ) මහා දෙයක් උනා...මහා දෙයක් කිවුවට ඒක එතනින් එහා නොනවතින දෙයක්...

කොහොම හරි...ඒක තමා මගේ පරිගණක ජීවිතේ ආරම්භය මං හිතන්නේ...කොහොම උනත් මැෂින් එකේ performance ගැන එහෙම අබ ඇටේක දෙයක් මං දැනන් හිටියෙ නෑ...මට මුලින්ම කම්පියුටරේ ගැන කියා දුන්නෙ එකෙන්ම අම්මා තමා ඉතින්...මට මතකයි එදා ඕක ගෙනාපු දවසෙ අම්මා තමයි මට පේන්ට් එකෙන් චිත්‍ර අදින හැටි කියා දුන්නේ...3 වසරේ පොඩි එකෙක් වෙච්ච මට ඉතින් ඇත්තටම පේන්ට් එකෙන් එකෙන් චිත්‍ර අදින එක මහා දෙයක් උනා...පුදුම ආසාවක්...අද මේක ලියන වෙලාවෙ මේ අතීතෙ බිංදුවෙන් බිංදුව මතක් වෙලා මේකෙ ටයිප් කරද්දි මට හිතෙනවා අද මම ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකට මෙච්චර ආස සහ මේ ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එකත් එක්ක මෙච්චර බැදීමක් තියෙන්නෙ මීට අවුරුදු 9කට කලින් ඒ රෑක පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එකකින් පතරංග CRT මොනිටරේකින් එදා පේන්ට් එකෙන් අදින්න පටන් ගත්ත නිසාද කියල...අද මද පමණින් illustrator,photoshop වලින් වැඩ කළාට දන්නෙ නැති උනාම සෙනිකව යූටියුබ් එකේ බලලා ඉගෙන ගත්තට එදා මට පේන්ට් එකෙන් අදින හැටි කියල දුන්නෙ අම්මා...

කොහොම හරි...චූටි අම්මගෙ ඒ කම්පියුටර් එක මගේ ජීවිතේම වෙනස් කලා...ඒක චූටි අම්මට ගෙනාවට වැඩිපුරම පාවිච්චි කලේ මං තමා ඉතින්...ඒකෙන් තමා මයික්‍රොසොෆ්ට් වර්ඩ්,පේන්ට් ඉගෙන ගත්තෙ...මට ටයිප් සෙටිං පුරුදු කලේ ඒ මැෂින් එක තමා...අද මෙහෙම කීබෝඩ් එක දිහා බලන්නැතුව අනිත් උන් වගේ කීබෝඩ් එකේ අකුරු හොය හොය ඉන්නෙ නැතුව යුනිකෝඩ් වලින් සට සට ගාලා සිංහල ටයිප් කරන්න මට හුරු කලේ ඒ මැෂින් එක තමා...
ඉතින් හැමදේකම වගේ...නරක පැත්තකුත් තියෙන්න එපෑ...ඒ කාලෙ ඉතින් ගේම් තමා...IGI තමා ඒ දවස් වල ලොකුම ගේම...තව මිනි ගේම්ස් බර ගාණක් ගිහාන් මාමා ඕකෙ දාල තිබ්බා...IGI දැම්මෙ මතක හැටියට මාමගෙ යාලුවෙක් ( මතක හැටියට සෙමා මාමා) ...ඉතින් IGI ගැහුවට අම්මපා කියන්නේ...2වෙනි මිෂන් එකෙන් උඩ මට ගහන්න බෑ බං...අවංකව කිවුවොත් 2000දි හදපු IGI ගේම් එක ගහද්දි එන මරණ බය වෙන කිසිම ගේම් එකකින් එන්නෙ නෑ කියන එක අද Call of Duty,Battlefield hard mode දාලා ගහන බරපතලම ගේමර්ස්ලා පවා පිලිගන්න දෙයක්...
ඉතින් ඔන්න ඔය මරණ බය වෙන කාටත් වඩා දැනිච්ච හින්දා මං ඕක වැඩිය ගැහුවෙ නෑ...මිනි ගේම්ස් එහෙම නං ප්ලේ කලා...ඉතින් ඉන්න වෙලාවට පේන්ට් එකයි වර්ඩ් එකෙයි පවර් පොයින්ට් එකෙයි පිස්සු කෙල කෙලත් හිටියා...ඉන්ටනෙට් නං නෑ ඉතින්...ඒ කාලෙ ඉන්ටනෙට් කියන වචනෙවත් මං තියා චූටි අම්මවත් අහල තිබුන්නෑ මං හිතන විදිහට....
කොහොම හරි කිවුවොත්...ගේම් එහෙම ගහන්න ගත්තට පස්සේ වෛරස් අරවා මේවා ඇවිත් මැෂින් එකට කෙල උනා...ඒවා ගැන මට මහලොකු මතකයකුත් නෑ තියන ඒවත් වැඩක් නැති නිසා ලියන්න හිතෙන්නෑ...නැත්තං මේක ඒ මැෂින් එක ගැනම අර ඉන්දියන් මෙගා නාට්‍ය වල බලන එකා මැරිලා ගසුත් පැලවෙලත් නාට්‍ය යනවා වගේ ලිපිය ලියන්න පුලුවන් කියවන එකා මැරිලා ගසුත් පැලවෙනකන්...

කොහොමහරි මගේ ශිෂ්‍යත්ව විභාගෙට අවුරුදු 1කට හමාරකට (සමහර විට 2ක්ම වෙන්නැති) කලින් මැෂින් එක කැඩිලා ගියා...මාමා ඊට පස්සෙ ඕක කිරි අම්මලෑ ගෙදර අරන් ගියා...2පාරක් විතර මදර්බෝඩ් මාරු කලා මං හිතන්නේ...කොහොමහරි ඊට පස්සෙ ශිෂ්‍යත්වෙට එහෙම වැඩ කලේ කම්පියුටරයක් තෑග්ගට හිතේ තියන් තමා...ඕනි රිසල්ට් එකත් ආවා...මට ඕනි දේත් ලැබුනා...හැබෑ ලැප් එකක්...කිරි අම්මා තමයි 25කට Core 2 duo ...windows xp... ඒකෙනුත් මහලොකු දෙයක් කලේ නෑ...ගේම් තමා...nfs mw එහෙම ගැහුවෙ ඒකෙන් තමා...ඒක නං මං හිතන්නෙ ගේම් වලටම කැඩිලා ගියා...අඩුම තරමෙ මං රැම් ,වීජීඒ බලන්න ඉගෙන ගන්න තරංවත් කාලයක් තිබුන්නෑ...මං හිතන්නෙ අවුරුදු 1ක් හමාරක් වගේ තිබුනේ...ග්‍රැෆික් චිප් එක සවුත්තු වෙලා ඩිස්ප්ලේ එන්නැතුව ගියා...නමුත් ඊට කාලෙකට කලින් ග්‍රැෆික් චිප් එක බාගෙට සවුත්තු වෙලා ගේම් ගහනවා නං කියලා වෝර්නින් එක හදන තැනින් දුන්නට පස්සෙ තමා ගේම් ගැහිල්ල නවත්තලා කන්ට්‍රෝල් පැනල් එකේ සෙටින්ස් වෙනස් කර කර පිස්සු නටන්න පටන් ගත්තේ...අදටත් ඕනි වෙලාවක මැෂින් එකේ ඕනි දෙයක් ඔබලා කරලා ඕනි විදිහට හදාගන්න මුල් පාත් එක දැම්මෙ ඒක කියලයි මට හිතන්නෙ
..පස්සෙ තමා HP ලැප් එක ගෙනාවේ...ඒ ලැප් එක තමා මං හිතන්නෙ මගෙ පරිගණක ජීවිතේ අලුත් ගමනක් ගෙනිච්චේ...නමුත් මේ ලිපිය ලියන්නෙ මගේ ඩෙස්ක්ටොප් කෙරුවාව ගැන කියන්න හින්ද ලැප් ගැන මෙතනින් එහාට කියන්නෑ...අනික HP ලැප් එක ගැන සම්පූර්ණයෙන් කියල තියනව නොඑන ගමන් ගිය පුංචි ලැප් එක මාගේ  ලිපියේ...

මට ඩෙස්ක්ටොප් එකක් ගැන හිතන්න අදහස් ආවෙ HP ලැප් එක අන්තිම කාලෙ ලෙඩ දුන්න හින්දා සහ දිමුතු සදරුවන් කලන්සූරිය ( DSK කිවුවම ෆේස්බුක් එකේ හුගක් උන් දන්නවා) අයියගෙ pc gamers ගෘෘප් එකේ ඉන්නකොට...ඕකෙ පෝස්ට් දැකලා පොඩි ගේම් පිස්සුවක් ආවා ලොකු ලොකු ඒවා ටිකක් ප්ලේ කරන්න...ඉතින් ඩෙස්ක්ටොප් එකක් ගත්තම ඕනි හැටියෙ අප්ග්‍රේඩ් කරන්න පුලුවන් හින්දා ඩෙස්ක්ටොප් එකක් ගෙන්න උවමනාවක් ආවා...ඉතින් කොහොම හරි ඒ විදිහට තමා මගේ පලවෙනි ඩෙස්ක්ටොප් එක ආවෙ...ඒක ඇවිල්ලා ටික දවසකට පස්සෙ මට උවමනා අප්ග්‍රේඩ් ටික එහෙම කලාට පස්සෙ මං බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකකුත් දැම්මා...මගේ අලුත් ඩෙස්ක්ටොප් කම්පියුටරේ කියල ඇති පෝස්ට් එක...
15 lcd monitor,3GB ram,9500 gt 512MB vga, dual core 2.4 processor,945 motherboard,160 GB hdd තමා ඉතින් අප්ග්‍රේඩ් කලාට පස්සෙ මැෂින් එක...මේ 2016 අවුරුද්දෙ මැද හරියෙ මං හිතන්නෙ...අප්ග්‍රේඩ් කලා කියල කිවුවෙ තිබ්බෙ 1GB ram එකට මං තව 2GB රැම් එකක් ගැහුවා...ඒ දවස් වල 2GB ddr2 රැම් එකක් 2000යි කියාංකො..අද 2GB ddr2 එක රුපියල් 800ට ගතෑකි...2GB ddr3 එකත් 1200ට වැඩි නෑ...ග්‍රැෆික් කාඩ් එක 2500යි...නමුත් අදටත් 9500 gt ග්‍රැෆික් කාඩ් එකේ මාකට් එක නං මහලොකු වෙනසක් වෙලා නෑ තාම 2000ක් 2500ක් වගේ කියනව විකුණන උන්...15 lcd monitor එක මං 3400ට ගෙනාවෙ...දැන් 15 lcd monitor නෑ...තියෙන්නෙ 17...17 දැන් 3500ටත් අඩුවෙන් ගතෑකි...ඒ දවස් වල 17 මොනිටර් එක 4500න් මෙහා ගන්න බෑ...ඒ අතින් බලද්දි මට හිතෙනවා මේ බඩුවල මාකට් බහින්න සහ ඒවා පරණ වෙන්න යන්නෙ එස්එල්ටී 4ජී කනෙක්ෂන් එකේ එම්බී 20ක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න තරමේ කාලයක් කියල...මොකෝ මහලොකු කාලයක්යැ...මේ 2019...ඒ 2016...

පස්සෙ කාලෙ යූටියුබ් එහෙම භාවිතයට හුරු උනාට පස්සෙ මං මැෂින් ගැන ගොඩක් ඉගෙන ගත්තා...හාඩ්වෙයා ගැන එහෙම නං වැඩිපුරම ඉගෙන ගත්තෙ ඩිල්ෂාන් අබේගුණවර්ධන අයියගෙ myhub lk චැනල් එකේ වීඩියෝ වලින්...මදර්බෝඩ් වර්ග,රැම් වීජීඒ ගැන ඉගෙන ගත්තෙ ඒකෙන්...ඒ වගේම pc gamers ෆේස්බුක් ගෘෘප් එකෙනුත් ගොඩක් දේ ඉගෙන ගත්තා...ඒ වගේම මං ආසම කරන ෆීල්ඩ් එක ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එක ගැනත් ආසාවෙන් ඉගෙන ගත්තා...ඉලස්ට්‍රේටර්,ෆොටොෂොප් ගැන ගිගාබයිට් ගණන් ටියුටෝරියල් වීඩියෝ ඩවුන්ලෝඩ් කලා...හරිම සුන්දර දේවල්...

කොහොම හරි 2018 මැද වෙද්දි ඕලෙවල් නිසා මැෂින් එකේ වැඩ නතර උනානෙ...ආයෙ පටන් ගත්තෙ ඕලෙවල් ඉවර වෙච්ච ගමන්මයි...ඉතින් අන්තිම කාලෙ ඩෙස්ක්ටොප් එක එහෙමත් පොඩ්ඩක් අබලන් පිට තිබ්බෙ හාඩ්වෙයාර් පැත්තෙන්...ඉතින් මේකටත් අප්ග්‍රේඩ් එකක් දාන්න එහෙම තමා හිත හිතා හිටියේ...ඒ අතරෙ ඕලෙවල් තෑගි වලට මට 15000ක් සෙට් උනා අපේ රත්තරං (ඇත්තටම රත්තරං මචන්) නෑදෑයන්ගෙන්...ඒකෙන් චැලියක් ගන්න උවමනාවක් තිබ්බට පලවෙනි චැලි හංටින් සැසියෙන්ම ඒක එපා උනා..ඒ කතාව වෙන දවසක ලියන්නං... ඉතින් අර 15000න් කරන්නෙ මොකක්ද කියල හිත හිතා ඉද්දි තමා ඉක්මන් එකේ දාල තිබ්බෙ core 2 duo 2.13 එකක් විකුණන්න දාල තිබ්බ 15000කට ෆුල්සෙට් 19 lcd monitor,keyboard,mouse එක්ක....කතා කරල බැලුවම මගෙ මොන්ටිසෝරි කාලෙ හොදම යාලුවා...තාමත් මට හම්බෙනව ක්ලාස් වලදි...පොර චැලියක් අරන් ඒක හදන්න ඕනි නිසා මේක විකුණනවා කියාංකො...ඒ පාර ඉතින් පොරවත් ෂුවර් හින්ද මාමාත් එක්ක ගිහින් අරන් ආවා...

මැෂින් එක මරු...අරූ ගේම් ගහන්න පාවිච්චි කරල තිබ්බෙ ඒකත් මාස ගාණකින් පාවිච්චි කරල නෑ චැලිය අරන් හින්ද...Core 2 duo 2.13, 4GB DDR2 Ram, G31 motherboard,250GB HDD,Gaming Casing ,19 LCD monitor ඔන්න ඔහොමයි විස්තරේ...මේකෙ හොද ග්‍රැෆික් කාඩ් එකක් තිබිල අර යකා රුපියල් 2000කටද කොහෙද ඒක විකුණල දාල...ඒක තිබ්බ නං 18කට ගත්තත් පාඩු නෑ...අවුලක් නෑ...මට පස්සෙ අප්ග්‍රේඩ් කරගන්නනෙ තියෙන්නෙ...Core 2 duo 3.0 processor එකක් මං ඊබේ එකෙන් ගෙන්නලා දාගත්තා...ඩොලර් 5කටද කොහෙද ගත්තෙ...ලංකාවෙ ගාණෙන් 900ක් වගේ...දැන් ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවා නං වැඩේ සම්පූර්ණයි...

ඉතින් මෙහෙම මේක අරන් වැඩි දවසක් යන්න කලින් පරණ ඩෙස්ක්ටොප් එකට කෙලියා කියාංකො...ඒකෙ ග්‍රැෆික් කාඩ් එක සහ මදර්බෝඩ් එක කොහොමත් ලෙඩ පිටින් තිබ්බෙ...ඉතින් දවසක් ඕක දාං ඉද්දි සැරින් සැරේ ග්‍රැෆික් කාඩ් එක හීට් වෙච්ච ගමන් ස්ක්‍රීන් එකේ පාට පාට ඩොට් ගිහින් රීස්ටාට් වෙනවා...බලන් ඉන්න බැරි තැන ගැලෙවුවා මැෂින් එක...අම්ම ගහයි බැට් එකෙන් අස්සෙ පැල වවන්න තරං දූවිලි...ඉතින් හීට් වෙන එක අහන්නත් දෙයක් යැ...ඒ පාර බ්‍රෂ් එකක් අරන් එහෙන් මෙහෙන් සුද්ද පාරක් දාලා ආයෙ ගහලා ඔන් කලා...

පවර් සප්ලයි එකෙන් ලා කොල පාට සහ ලා නිල් පාට හුරු පාටකින් එලියක් විදලා හිට්ට හිට්ටමයි...
පවර් සප්ලයි එකට හරි...

ඒ පාර සතියකට විතර පස්සෙ යන්තං සල්ලි ටිකක් සෙට් කරගෙන අලුත් මැෂින් එකේ තියෙන්නත් වොට් 600 සප්ලයි එකකි හින්දම දෙකටම සමානව සලකනවා යන පරම චේතනාවෙන් 1200ක් දීල වොට් 600 සප්ලයි එකක් ගෙනාවා... ගෙනල්ලා ගහල බැලුවට පස්සෙ ආයෙ මගේ හදවත බිදිල ගියා ඒයි... මදර්බෝඩ් එකටත් කෙලලා කලින් පාරෙන්ම...

මොනවා කරන්නද ඉතින් ආයෙ හිගාකාල හිගාකාල සල්ලි ටිකක් සෙට් කරගත්තා අලුත් මැෂින් එකට ග්‍රැෆික් කාඩ් එකක් ගන්නත් එක්කම...මේ පාර බැලුවෙ මදර්බෝඩ් එක එහෙම ගනිද්දි පරණ එකටත් පිච්චිච්ච 945 බොඩ් එක වෙනුවට අලුත් එකේ වගේ ජී31 බෝඩ් එකක් දාන්න...ඒ පාර ගිහින් මං 2200කට ගත්තා ජී31 බෝඩ් එකක් හොරණ බෝගහ ලග අලුතෙන් දාපු ෂොප් එකකින්(නම නං මතක නෑ)...ග්‍රැෆික් කාඩ් එකකුත් ගත්තා 3500කට හොරණ මතීෂා එකෙන්...1ජීබී ati readon එකක්...කලින් පාවිච්චි කරල තිබ්බෙ එන්වීඩියා 512 ඒව හින්දා මේ පාර වෙනසක් කරන්න හිතුවා...වෙනස නං මරු...කලින් එන්වීඩියා වගේ වද දුන්නෑ readon කාඩ් එක...කවුරු කොහොම කිවුවත් amd එන්වීඩියා වලට පහලයි කියලා amd පාවිච්චි කරපු කවුරුත් amd එකට දොසක් කියනව මං අහල නෑ...performance එහෙම නං සිරාවටම පට්ට ග්‍රැෆික් කාඩ් එකේ...

කොහොමහරි මදර්බෝඩ් එකත් අලුතෙන් දැම්මා පරණ ඩෙස්ක්ටොප් එකට...ඒකෙ ග්‍රැෆික් කාඩ් එක අයින් කලා...තේරුමක් නෑ හොදටම සවුත්තුයි...සල්ලි ටිකක් සෙට් වෙච්ච ගමන් ඒකටත් ග්‍රැෆික් කාඩ් එකක් දාලා තව 2ජීබී රැම් එකක් ගහන්න ඕනෙ...දැන් මම ඒකෙ තිබ්බ 160,320 හාඩ් දෙක ගලවලා අලුත් මැෂින් එකට ගහලා අලුත් එකේ තිබ්බ 250 හාඩ් එක ඒකට ගහලා ඒක ස්ටෑන්ඩ්බයි මැෂින් එකක් විදිහටයි පාවිච්චි කරන්නේ...මොකද දැන් කරන් යන වැඩ වල හැටියට අමතරව මැෂින් එකක් තියන එක ගොඩාක් වටිනවා මට...දැන් අලුත් මැෂින් එක ප්‍රධාන මැෂින් එක විදිහට පාවිච්චි කරනවා...19 මොනිටර් එක එහෙම ගොඩාක් වටිනවා ලොකු ලොකු වැඩ දාද්දි ඉතින්...

ඉතින් ඇත්තටම...ඕලෙවල් වලින් පස්සෙ මගේ ජීවිතේ පරණ තිබ්බ තත්ත්වෙට ආවා මං හිතන්නේ...ඉතින් ආයෙ ඉතින් අතට සල්ලි එන වෙලාවට මැෂින් එක පුලු පුලුවන් විදිහට තව අප්ග්‍රේ්ඩ් කරන්න ඕනි...

මං ලිපිය ලියන්න ගත්තෙ උදේ 8.30ට විතර...දැන් 10.15යි...දැන් පැය 1යි විනාඩි 45ක් ටයිප් කරලා...මහන්සිත් නිසා සහ ලියන්න තිබ්බ ටික ලිව්ව හින්දා මෙතනින් නවතින්නයි සූදානම...එහෙනං...අප්ග්‍රේඩ් වෙන සුබ අනාගතයක් වේවා...!!!

කොටිමල්ලි...
2019.06.15

ප.ලි - උඩ ෆොටෝ එකේ තියෙන්නෙ මගේ මැෂින් දෙක තමා ඉතින්...පොඩි මොනිටරේ එක්ක වමේ පරණ මැෂින් එක...ලොකු මොනිටරේ එක්ක තොරණ වගේ ලයිට් ගහල දකුණෙ තියෙන්නෙ අලුත් එක...ඔය නං ගෙනාපු දවසෙම ගහපු ෆොටෝ එකක්...දැන් ආයෙ ෆෝන් එක අල්ල අල්ල ෆොටෝ ගන්න කම්මැලි හිතුන නිසා ඕක දැම්මා...කොහොමත් ඇතුලෙන් වෙනස් උනාට බාහිර පෙනුම ඔහොමම තමයි...

2019.11.27 UPDATE
2019 සැප්තැම්බර් අග භාගයේ ( දිනය මතක නැත ) අලුත් කම්පියුටර් එකේ මොනිටර් එකේ කලර්ස් අවුට් ගිහින් වැඩ කළ නොහැකි තත්ත්වයට පත්වූ බැවින් 20 Wide Screen LED monitor එකක් රුපියල් 6900කට හොරණ පීසී පැලස් වෙතින් මිලදී ගෙන භාවිතයට ගන්නා ලදී.

Sunday, April 21, 2019

උචක්කුවේ කතන්දරේ...

හ්ම්....

ගොඩ කාලෙක ඉදන් දාන්න හිටපු නමුත් මොකක් හරි හේතුවක් නිසා පස්සට ගිය පෝස්ට් එකක්...
පෝස්ට් එකක් දාන්න නිදහස් වෙලාවක් ලැබෙන්නෙ කලාතුරකින්...ඒ නිසා මේ වෙලාවෙවත් මේක ලියපාන් කියල මගේ හිත කියනව...ඇත්තටම මේක බොක්කෙන් ලියන්න ඕනි පෝස්ට් එකක්...ඒත් බොක්කෙන් ලියන්න ආයෙ වෙලාවක් සෙට් වෙයිද දන්නෑ මේ කතාව...අනිවා ලියන්න ඕනි දෙයක් නිසා ලියමු...

                  
 හ්ම්...
           ජංගම දුරකතනය නැත්තං ෆෝන් එක අපේ ජීවිතේ වැදගත්ම දෙයක්.මං ෆෝන් ගැන කතා කරන්නෙ මගේ වයසත් සහ මගේ ජීවිතේ සම්බන්ධ කාල සීමාව ගැන සලකල.මොකද ඊට කලින් ආපු ෆෝන්,ෆෝන් වල අතීතය ඒවා ගැන මං දන්නෙ නෑ...මට අදාලත් නෑනෙ...

කාල සීමා ගැන මගේ මතකය අවිනිශ්චිතයි.ඒ නිසා අනුමානයෙන් කියන්නං.අපි 2007 හා ඒ ආසන්න වසර වලට යමු.මම 2002 ඉපදිච්ච එකෙක්.මම මොන්ටිසෝරි ගියෙ 2007 අවුරුද්දෙදි.2008 තමා ඉස්කෝලෙ 1 වසරට ගියෙ.ඒ ආසන්න කාලෙ ගැන තමා මම මේ කියන්නේ....

අපේ ගෙදර අම්මට හෝ තාත්තට ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් එකක් තිබුන්නෑ.මට මතක හැටියට අපේ පුංචි තමා මුලින්ම හෑන්ඩ් ෆෝන් එකක් ගත්තේ.ඒ කාලෙ එයාලා බැදලා නැති නිසා අපේ ගෙදර හිටියේ. අර ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැති නොකියා ෆෝන් එකක්.ඒ කාලෙ නං මට ඒක අල්ලපු දවසක්වත් මතක නෑ.නිකන් විශේෂ උනන්දුවකුත් ඒවා ගැන තිබ්බෙ නෑ මතක හැටියට.ඊට පස්සෙ අපේ මාමා ගෙනාවා මොටරෝලා එකක්. කොහොම හරි ඊටත් අවුරුදු දෙක තුනකින් තමා අපේ තාත්තා ෆෝන් එකක් ගත්තේ.මොටරෝලා බට්න් එකක්....ඊට අවුරුදු දෙක තුනකට පස්සෙ Sony Ericson කැමරා ෆෝන් එකක්.ඒ කාලෙ මහමෙරක් වගේ කැමරා ෆෝන්...VGA camera එක...128MB ‍ෙමමරිය...කොහොමද...දැන් කාලෙ අපිට 16GB මෙමරියත් මදි නෙවැ...(සහ ඒ කාලෙ ඒ ෆෝන් එක ගැන මේ විස්තර දැනන් හිටියෙ නෑ.දැන් තමා ඉතින් ඒවා දන්නේ)
කොහොම හරි තාත්තා ඒක ගත්තට පස්සෙ අම්මට තාත්තගෙ පරණ මොටරෝලා එක හම්බුනා.ඊට පස්සෙ තාත්තා Nokia තව ෆෝන් එකක් ගත්තා.ඒකෙ කැමරාව මෙගාපික්සල් 2යි.අදටත් තාත්තා පාවිච්චි කරන එක.මට මතක හැටියට 2015 අවුරුද්දෙ ඒක ගත්තේ.
ඊට පස්සෙ මං මුලින් කිවුව පුංචිගෙ පරණ නොකියා එක අම්මට ලැබුනා.(මොටරෝලාවට මොකක් උනාද කියලා මතක නැත) තාත්තගෙ Sony Ericson එක භාවිතයෙන් අත්හැර දැමුනා ඒක බැටරිය,චාජරය සහ අනෙකුත් කොටස් කැඩිලා තිබුනු නිසා.කොහොම උනත් අතාරින්න කලින් මාත් මාසයක් විතර පාවිච්චි කළා මතකයි.හැබැයි මගේ පළවෙනි ෆෝන් එක කියල ඒක පිළිගන්න මම කැමති නෑ....හේතුව ඉදිරියට කියමු....

කොහොම හරි අපේ අම්මට 2015 අවුරුද්දෙම වගේ අපේ චූටි අම්මගෙ පරණ ෆෝන් එක ලැබුනා.මෙගාපික්සල් 2ක කැමරාවක් සහ ටච් සහ බට්න් 2ම තිබූ නොකියා ෆෝන් එකක්.ආයෙ මොනා උනත් පට්ටම කැමරාව ඒක නං...( මං ෆෝන් කැමරාව ගැන මෙච්චර කියන්නෙ අපේ ගෙදර ෆෝන් කොලිටිය මනින ප්‍රධානම සාධකේ කැමරාව...මාත් මගේ තාත්තාත් ෆොටෝ ගන්නවා කියනදේට හරි උනන්දුයි...ඒ නිසා ගෙදර වෙනම කැමරාවක් නැති නිසා ෆෝන් එකේ කැමරාව තමා පාවිච්චි කරන්නේ )

කොහොම හරි අම්මා ඒක නොකියා එක භාවිතයට ගත්තට පස්සේ මට පරණ ෆෝන් එක...සරලව කිවුවොත් අපේ පුංචිගෙ පරණම ෆෝන් එක...අපේ ගෙදර පළමු ෆෝන් එක...මගේ පාවිච්චියට ලැබුනා...
ඒක තමා මගේ මුල්ම පෞද්ගලික ෆෝන් එක හැටියට සලකන්නේ...මොකද මම වෙනම මගේ පාවිච්චියට මොබිටෙල් සිම් එක දාගෙන පාවිච්චි කලේ ඒක...ඒ 2017 අවුරුද්ද මං හිතන්නේ...ඒ කියන්නෙ මං 10 වසරෙ...ඉතින් මේ වයසෙදි ෆෝන් එකක් තිබ්බොත් ඇත්තටම ගෙදර අයට එහෙමත් පහසුයිනේ...(දැන් තොපි කියයි කෙල්ලො ටෝක් කරන්න කියලා...නෑ බං අවංකවම මට කෙල්ලො සීන් තිබිල නෑ...ප්‍රථම ප්‍රේමය තිබ්බා සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් කියලා...එච්චරමයි බ්‍රෝ...ඒ කතාව මං තම මාස 6කට විතර පස්සෙ ලියන්නං...)

කොහොම හරි...2018 අවුරුද්දෙ...මගේ උපන් දිනේ තුන් වෙනි මාසෙනේ...ඉතින් අපේ රත්තරං( ඇත්තටම රත්තරං) නෑදෑයොන්ගෙන් මට රුපියල් 4000ක් විතර සෙට් උනා...එතනින් තමා මං මුලින්ම ස්මාට් ෆෝන් එකකට යන්න තීරණේ කරන්නෙ...

2018 මං ඕලෙවල්...ඒ අස්සෙ ස්මාට් ෆෝන්...අහන්න දෙයක් නෑනෙ බ්‍රෝ...දෙමාපියන්ට සහ අපිටත් අනුව කෙලවෙයි...නමුත් මගේ තීරණේ වෙනස් උන්නෑ...ගෙදර උන්ට කිවුවෙත් නෑ...පමෝදයට විතරයි කිවුවේ...ඌ තමා සපෝටර්ට ආවේ...

ඉස්කෝලෙ ගිහින් එනගමන් ස්කූල් වෑන් එකෙන් අපි හොරණ ටටුමෙන් බැස්සා.අපි කලින් ගෙදරට කියල ආවෙ අපි අද හොරණ ඉදන් බස් එකේ එන්නෙ ටවුමෙදි අපි යාලුවොත් එක්ක කෑම කාලා කියල.මොකද එහෙම අපි යාලුවො සෙට් වෙලා කන්න යනව සමහර වෙලාවට. මං සල්ලි 4000ක් අරන් ආවා.

ආ... කියන්න අමතක උනානේ... ikman.lk එකෙන් Galaxy Ace එකක් බලලා සෙට් කරන් තිබුනෙ ටවුමට ගේන්න...අයිය කෙනෙක් ඒලෙවල්...උට පන්ති කියල උගෙ මල්ලි අතේ එවනවා කිවුවෙ. අවංකව කියන්නං...වැඩි විස්තර ඇහුවෙ නෑ...කැමරා රැම් ඒව ඇහුවෙ නෑ මං...මං පමෝදයට කතා කලෙත් ඔක්කොම සෙට් කලාට පස්සෙ...පස්සෙ එදා Galaxy Ace කියල නෙට් එකේ සරච් කලාම ආවෙ 5MP camera,256MB ram,256MB internal memory තියන 2012 හෝ 11 ෆෝන් එකක්.මං Galaxy Ace කිවුවම හිතුවෙ J1 ace කියල.ඉක්මන් එකේ ෆොටෝ වල තිබ්බ ෆොටෝත් ටිකක් ඒ වගේ.කොහොම හරි මං කෝල් කරල අහද්දි
J1 ace ද කියලත් ඇහුවෙ නෑ බ්‍රෝ...(කොහොමද ගොං කම)

කොහොම හරි කිවුව විදිහට ටවුමෙන් බැස්සා.අරූ එනකන් කාලෙ යවා ගන්නයි බඩගින්නයි නිසා දිනුසර එකෙන් 180 බත් එක( දැන් 200 උනාට ඒ දවස් වල 180යි බං) කෑවා..ඊට පස්සෙ සීඅයිබී එක ඉස්සරහ හිටගෙන හිටියා...අරූ කිවුව වෙලාවට භද්‍ර කල්පයකට පස්සෙ 7 වසරෙ විතර පොඩි බටු කොල්ලෙක් ෆෝන් එක අරන් ආවා...J1 ace නෙමෙයි...අර හුචක්කුව තමා...මොනා කරන්නද ඉතින්...ඒවා හිතන්නැතුව කැමරාව බැලුවා...ක්‍රැක් තියේද බැලුවා...ඒව නෑ...ෆෝන් එක විතරයි...රුපියල් 4000ක් දීල අපි ඒක අරන් ආවා...

ඒ ගමන්ම මාතෘකාවෙ උචක්කුවේ කතන්දරේ කියන නම දැම්මෙ මොකද කියල කියන්නං.කෙටියෙන් මෙහෙම...

මචන් මං ෆෝන් කියන වචනෙට කැමති නෑ...ඔව් phone කියන වචනෙට කැමති නෑ...මේක අනිත් එක ආතල් එකට කිවුවොත් මල හුචක්කුවක්...ඒ නිසා හු යන්න භාවිතයෙන් ඉවත් කරලා මම උචක්කුව ලෙස මේක භාවිත කරන්න තීරණය කළා...ඔව් මේකට විතරක්ම නෙවේ...මේ ලෝකෙ හැම ෆෝන් එකක්ම මට අනුව උචක්කුවක්...

දැන් දැනගත්තනේ...දැන් තොපි කියයිනෙ මට පිස්සු කියලා...යකෝ බ්ලොග් එකේ උඩින්ම තියනවා කොටිමලයා නැමති මන්දබුද්ධිකයා කියල...ඔයාලා මේ කියවන්නෙ මන්ද බුද්ධිකයෙක්ගෙ බ්ලොග් එකක් බ්‍රෝහ්...

Samsung Galaxy Ace GT-S5830i ඒ තමා මගේ වගේම අපේ ගෙදර පළමු ස්මාට් ෆෝනය...මීට කලින් අපේ පුංචිලා මාමලා ස්මාට් ෆෝන් අරන් තිබුනත් පසුව එයාලා බැදලා අපේ ගෙදර පදිංචියෙන් ඉවත් උන නිසා ඒක අපේ ගෙදර පළමු ස්මාට් ෆෝන් කියන්න බෑ...

එදා හිතුවත් රුපියල් 2500ක විතර ෆෝන් 4000ක් දීලා පට්ට ගොන්කමක් කලා කියලා...අද මම වගකීමෙන් කියනවා...මගේ ජීවිතේ හරිම තීරණයක්...අදටත් මගේ ප්‍රධාන ෆෝන් එක ප්‍රධාන උචක්කුව...බැට්‍රිය දවස් 2යි...කැමරා පට්ට...ඉන්ටනෙට් දැන් ඒවා තරමට යන්න බැරි උනත් යූටියුබ් ෆේස්බුක් වයිබර් වට්ස්ඇප් ලෙසටම වැඩ...සිංදු අහන්නද ඕනි එකකට මෙන්න ෆෝන් එක...වැටුනත් ලේසියට ක්‍රැක් වෙන්නෑ...(ඒක ෂුවර් දැන් ඒවා එක්ක බලද්දි...නමුත් මං අතින් ඕක 5 පාරකට වඩා වැටිලා නැතුව ඇති ෂුවර් එකට...)
ඒ වගේම දැන් ඒක මගේ ජීවිතේ කොටසක් වෙලා...මං දරුවෙක් වගේ රකින මගේ උචක්කුව....

ඊට ටික දවසකට පස්සෙ අපේ තාත්තා Huawei Y3 2017 එකක් ගෙනාවා...හුවාවි මගේ ආස බ්‍රෑන්ඩ් එකක් නොවුනත් මං හරියට අගය කරන ගරු කරන ෆෝන් එකක් තාත්තගෙ Huawei Y3 2017 එක...ඒක තමා අපේ ගෙදර පළමු නවීනම ස්මාට් ෆෝන් එක...ඊට පස්සෙ ට්‍රිප් ගෙනියද්දි මං මගේ උචක්කුව වගේම තාත්තගෙ Huawei Y3 2017 එකත් අරන් ගියා සෙල්ෆි එහෙම ගන්න ඕනි නිසා...මගේ උචක්කුවෙ සෙල්ෆි කැමරාව නෑනෙ මචෝ...

ඒ වගේම Huawei Y3 2017 එකත් අරන් ටික දවසකට පස්සෙ අපෙ අම්මාට පුංචිගෙ පරණ ස්මාට් ෆෝන් එක Nokia Lumia 520 එකක් ලැබුනා...

කොහොම හරි ඕලෙවල් ඉවර වෙලා ඒ කියන්නෙ 2019 පෙබරවාරි මතක හැටියට මම ලොගෝ ඩිසයින් කරලා හොයා ගත්ත රුපියල් 9000න් මම Nokia 3 එකක් ගත්තා...ඒක හොයාගත්තෙ ෆේස්බුක් ගෘෘප් එකක මං ෆෝන් එකක් හොයලා දාපු පෝස්ට් එකකින්....

දැන් මගේ ප්‍රධාන උචක්කුව තාම Samsung Galaxy Ace GT-S5830i එකම තමයි.ඒක තරං පාවිච්චියට හුරු අතට පහසු බැටරි පට්ට එකක් තවත් නෑ...Nokia 3 එක මගේ දෙවනි උචක්කුව...Galaxy Ace එකේ වැඩි බරක් එයා ගත්තා...වට්ස්ඇප් ඉන්ස්ටග්‍රෑම් වගේ බර ඇප්ස් එයාට දුන්නා...දෙවැනි උචක්කුව තමා දැන් මගේ කැමරාව...සෙල්ෆි නං සෙල්ෆි...ෆොටෝ නං ෆොටෝ ඉතින්...

ඉතින්...අතීතයේ සිට දැන් වෙනතුරු මගේ සහ අපේ ගෙදර උචක්කුවෙ කතන්දරේ ඕක තමා...අනාගතයේ ඒව කොහොම වෙනස් වෙයිද කියන්න බෑ...ඇපල් අය්ෆෝන් එකක් ගන්නත් ආසාවක් මගේ හිතේ තියනවා...කවදා හරි සැබෑ කරගන්න ඕනි ඉතින් ඒ හීනත්...

එහෙනං මෙතිනින් සමු ගන්නවා...ඒ සමගම දැන් මගේ උචක්කු දෙකේ ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරනවා...
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

කොටිමල්ලි,
2019.04.21
මගේ උචක්කු දෙක...වගේ Nokia 3...දකුණේ Galaxy Ace







































Sunday, March 3, 2019

උනුත් ආසයි මචන්...

කිටී....

කිටී ඉපදිනු කාලෙ ගැන නං මට පොඩි මතකයක්වත් නෑ.හැබැයි මං හිතන්නෙ මං 1,2,3 වසරවල හිටපු කාලෙ වෙන්නැති.නැත්තං ඊටත් කලින් වෙන්නැති.කොහොම උනත් මං හිතන්නෙ දැන් කිටීට අවුරුදු 10කට පොඩ්ඩක් අඩු හො වැඩි ඇති.මිනිසෙක්ගෙ ජීවිත කාලෙ මුල් අවුරුදු 10 ඉතින් පොඩි ළමයෙක්.ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකෙක්ගෙ වයස.ඒත් පූසෙක්ගෙ ජීවිතේ ඒක ජීවිතේ මහලු විය.හැත්තෑව පැන්න සීය කෙනෙක් වගේ.

දැන් කිටී වයසයි.

කිටී කියන්නෙ අපේ ගෙදර ඉස්සර ඉදන්ම හිටපු පූසා.කිටී පර්ෂියන් කෙනෙක් නෙවේ.නෝමල් පූසෙක්.අපේ විදිහට කිවුවොත් වල් පූසෙක්.
මට කිටීගෙ පොඩි කාලෙ ගැන නං කිසිම මතකයක් නෑ.ලාවට මතකයි කිටී මාස 6ක් 7ක් වගේ තරමකට හැදිච්ච කාලෙ.මාස 6,7ක් කියන්නෙ ඉතින් පූසෙක්ගෙ ජීවිත කාලෙ නාඹර තරුණ විය වගේනෙ.කිටී කට්ට කලු පූසෙක්.ලාවට යටින් සුදු පාටත් තියනව.ඒ කාලෙ මට මතකයි කිටීට දිලිසෙන කලු පාටක් තිබුනේ.

කිටීට පොඩි කාලෙම මවු සෙනෙහස අහිමි උනාලු.එයාගෙ අම්මා එයාව දාලා ගියාලු.කිටීව දැක්කම දුවන්න ගත්තලු.ඒත් කිටී අපේ පවුලේ කෙනෙක් වගේ පවුලේ පූසා විදිහට හැදුනා.

කිටීගෙ අවාසනාව ආවෙ 2013 අවුරුද්දෙ මගෙ හිතේ.ඒ අවුරුද්දෙ තමා අපි පර්ෂියන්ලා අපේ ගෙදරට ගෙනාවේ.අපේ සුදු පර්ෂියන් එකා කිටීව දුටු තැන පෙරළගෙන රණ්ඩු වෙන්න ගත්තට පස්සෙ කිටීට අපේ ගෙදර අපායක් උනා.කිටී ඊට පස්සෙ ගෙදරින් ගියා.දවස් 2,3 ට වගේ ගෙදරට ඇවිත් ගියා.ලෙඩක් දුකක් උනාම නං අනිවා අපේ ගෙදර.මොකද දන්නවා අපෙ අම්මා බෙහෙත් කරනවා තමා කියලා.

ඉතින් කොහොම හරි අපේ ආදරෙත් ඉතින් කිටීට අහිමිවෙලා ගියා කියන්න පුලුවන්.මොකද අපිට ලස්සන පර්ෂියන්ලා සෙට් උනානෙ.මයිල් දිග,හුරතල් කරන්න පුලුවන් උන් ටිකක් සෙට් උනානෙ.අරූව වල් පූසා උනා.මටත් ඌව පෙන්නන්න බැරුව ගියා.මාත් දැක්කම ඌව එලෙව්වා.ඇත්ත...මොකද මං මගේ කලු තැන් වහන්නේ?...මං කවදාවත් මේ බ්ලොග් එකේ මගේ කලු තැන් වහල නෑ මොකද කොහොම කිවුවත් අපේ හෘද සාක්ෂිය කියන එක දන්නවා ඇත්ත...

අපි ආදරේ පෙනුමෙන් ලස්සන උන්ට විතරයි...

ඒක තමා ලෝකෙ හැටි.අපි ආදරේ පෙනුමෙන් ලස්සන උන්ට.බල්ලෙක් හැදුවොත් අපිට පාරෙ වත්ත පිටියෙ ඉන්න වල් බල්ලොන්ව පෙන්නන්න බෑ.ඒත් ජර්මන් ෂෙපඩ් එකෙක්,රොට් වයලර්,ලැබ්‍රඩෝර් කොහෙදි දැක්කත් අනා ස්වීට්...

ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි...

ආයෙත් කිටී ගැන....

කිටී පසුකාලෙ මන් දන්නෑ මොනව උනාද කියල...කිටී අපේ ගෙදරට ආවම එහෙම හදිසියෙවත් අපි ළගින් වැරදිලා හරි ගියොත් පැනලා හූරල යනව.අපේ අම්මට නං නැති උනාට මම,තාත්තා,නංගිව එහෙම හුගක් කිටී හූරල තුවාල කරල තියේ.මහලොකු තුවාල නෙවෙ.නමුත් ජලභීතිකාවට සෑහෙන තුවාල.කිටීට බෙහෙත් විදලත් නැති නිසා ඒ වෙලාවට ඉතින් බය හිතෙනව තුවාලෙ හෝදල සති 2ක් යනකන් අරූ ඉන්නවද කියල බලන් ඉන්නව.දෙතුන් පාරක් අපිටත් බෙහෙත් විදින්නත් උනා...

කොහොම හරි ඔය වගේ සීන් නිසා මට කිටීව පෙන්නන්නම බැරුව ගියා.දුටු තැන එලෙව්වා.
ඒත් කිටී අපේ අම්මට තිබ්බ ගෞරවය හින්දද කොහෙද කන්න ඕනි උනාම ලෙඩ උනාම අපේ ගෙදර ආවා...

ඒ කතා ගියාවේ...

අදත් කිටී අපේ ගෙදරට ඇවිත් හිටියා.කාලයත් එක්ක කොහොමහරි කිටීව එලවන ගතිය මගේ ටිකක් අඩුවෙලා තිබුනේ.කිටී ගේ පිටිපස්සෙ මිදුලෙ ඉදිද්දි මං කිටී දිහා ටිකක් බලන් හිටියා....

කිටීගෙ කලු පාට දැන් මෙරූන් වගේ පාටකට හැරිලා.කිටී මයිල්වලට ටින්ට් පාරක් ගහලා වගේ.කෙට්ටු වෙලා...ඇග දුර්වලයි...කිටීගෙ සද්දෙ එහෙම නං ඉස්සර වගේම කොහොමත් තාම සැරට තියනවා...ඒත් ටිකක් කැඩි කැඩී වගේ සද්දෙත් පිට වෙන්නේ...

කිටී වයසට ගිහින්...

මං හිමීට හිමීට ගිහින් මූ ඉස්සර වගේ පැනලා හූරලා යයිද කියලා බයෙන් බයෙන් ගිහින් හිමීට ඔලුව අත ගෑවා...කිටී මුකූත් කලේ නෑ...
ටිකක් වෙලා ඔලුවයි පිටයි අතගෑවා...ෂුවර් කියලා තේරුනාට පස්සෙ වඩාත් ගත්තා...
කිටීගෙ මයිල් එහෙම දිරලා ගිහින්...
ආයෙ කිටීව බිමින් තියලා බෙල්ලයි ඔලුවයි පිටයි අතගෑවා...කිටීට හරී සතුටුයි...

පූසො ආදරේ දක්වනකොට දාන පුරු පුරු සද්දෙ අපේ ගෙදර ව්‍යවහාර කරන්නෙ මෝටරේ දානවා කියන නමින්...

කිටී හෙන සද්දෙට මෝටරේ දාලා...බිම පෙරලෙනවා...ඤාව් ගානවා...

මට මං කරපු ඒව ගැන අවංකව පසු තැවීමක් ඇති වුනා....

මට ඇත්ත තේරුම් ගියා...

උනුත් ආසයි ආදරේ විදින්න...කලු සුදු වල් පූසො පර්ෂියන්ලා වල් බල්ලො ජර්මන් ෂෙපඩ්ලා කියල වෙනසක් නෑ...බල්ලො පූසො හරක් එලුවො ඒ වගේම මිනිස්සු කියලත් වෙනසක් නෑ...

හැමෝම ආසයි ආදරය කරුණාව දයාව විදින්න....

ඒත් මිනිස්සු විදිහට අපි ආදරේ ලස්සන කෙනාට විතරයි...

සත්තුන්ට බල්ලො පූසො කියල වෙනසක් නැතුව ලස්සනද කැතද කියල වෙනසක් නැතුව ඕනිම සතෙක්ට ආදරේ කරන මනුස්සෙයක්ට මම ඇස් දෙකට දැකල තියන චරිතෙ අපේ අම්මා විතරයි...මං කියපු දේ හරියටම වැටහෙන්න දවසක් අපේ ගෙදර නැවතිලා ඉදල යන්න ඕනි...

ඒත් කොහොම උනත්...අපි මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමයි...

කොටි මල්ලි.
2019.03.03

ප.ලි - අද මේ සිදුවීම ගැන හිතපු ගමන් මට ලොකු උවමනාවක් ආවා මේක බ්ලොග් එකේ ලියන්න ඕනි කියලා..ඒ වගේම සාමාන්‍යෙයන් නිදහසේ ලිපියක් ලියන්න මට ඕනි කරන වටපිටාව සාමාන්‍යෙයන් ගෙදර හැදෙන්නෙ හුගක් කලාතුරකින්...වාසනවකට අද ඒ වටපිටාව හැදිලා තිබුන නිසා මේක මේ විදිහට ටයිප් කළා...ඒත් එක්කම...මේක ගැන ලියන හින්දම...කිටීගෙ දැන් ටිකකට කලින් ගත්ත ෆොටෝ එකකුත් මේකට මම මෙහෙම අප්ලෝඩ් කරනවා...



2019.11.27 UPDATE
මීට මාසයකට පමණ පෙර (දිනය හරියටම මතක නැත) කිටී වාහනයකට හැපී පාරේ මිය ගිය ලදී. කෙතරම් වයස වුවත් ලෙඩක් දුකක් නොතිබූ බැවින් තවත් කාලයක් ජීවත් වීමට තිබූ කිටී මෙලෙස හදිසියේ රිය අනතුරිකින් අකල් මරණයකට ගොදුරු වීම මගේ සහ අප පවුලේ සියලු දෙනාගේ සිත්වල ඇති කළේ මහත් වූ වේදනාවකි. නමුදු ලෝක ස්වාභාවය මෙයයි. එම යථාර්ථයට අප මුහුණ දිය යුතුය.

කිටී...
ඔබට නිවන් සුව...!!!

Tuesday, February 5, 2019

ඕලෙවල්...

හ්ම්...
     ටීවි එකේ අපි ආස ප්‍රෝග්‍රෑම් එකක් බලන්න ඉන්නකොට ඒක පටන් ගන්න විනාඩි 2ක් පරක්කු උනත් පැය 2ක් වගේ දැනුනට, කම්මැලි කමින් පාඩම අහන් ඉන්න පන්තියක් ඉවර වෙන්න පැය 2ක් විතර තිබුනම ඒක භද්‍ර කල්පයක් වගේ දැනුනට...අැත්තටම ගිය කාලෙ ගැන නිවිසැනසිල්ලෙ හිතල බැලුවම හිතෙනව කාලය ගිහින් තියෙන්නෙ ආලෝකය ගමන් කරන වේගෙටත් වඩා වේගෙකින් කියල...

මට ඒ සිතුවිල්ල ආවෙ අද දැන් ටිකකට කලින් 10,11 අච්චු පොත් ටිකේ පිට කවර ටික ගලවන වෙලාවෙ...

10,11 ශ්‍රේණිවල පාවිච්චි කරපු අච්චු පොත් ටික නැවත භාරදෙන්න කියල ඉස්කෝලෙන් ලියුම ඇවිල්ලත් සති දෙක තුනක් ගිහින්...හෙට තමා අපේ පන්තියට පොත් භාරදෙන්න එන්න කියල තියෙන්නෙ...
ඉතින් මාත් අද දවසම නිකන් ඉදලා දැන් ටිකකට කලින් තමා පොත් ටික හොයල පිට කවර ටික ගැලෙවුවෙ...
පොත් 2ක් මිසිං...11 ගණිතය 2වෙනි කොටස මිසිං උනේ මතක හැටියට තුන් වෙන වාරෙ ඉස්කෝලෙ පටන් ගත්ත කාලෙ වගේ...11 කොමස් පොත ගෙදරම තිබුනා කොහේට හරි වෙලා ඇති තව ටිකකින් අම්මා හොයල දෙන්නං කිවුව...

පොත් ටිකේ පිට කවර ගලවන්න කලින් පොත් ටික සුපුරුදු ලෙස මේසය උඩ නොව ඇද උඩ එලලා...මං විනාඩියක් ඒ දිහා බලන් හිටියා...
ඒ වෙලාවෙ ඒ පොත් සමග මං වැඩ කරපු හැටි එක එක පොතට පුංචි චිත්‍රපටිය ගානෙ වගේ මගේ හිතේ තියන ප්ලේයර් එකේ ප්ලේ උනා...
10 වසරෙ පොත් ටික ගැන නං 10 වසරෙ වැඩ කරපු හැටි ගැන මතකයක් නෑ...හැබැයි 11 පොත් ටික සහ 10 පොත් ටිකත් අන්තිම මාස 3 වැඩ කරපු හැටි නං චිත්‍රපටිය වගේ මගේ මනසෙ ගලාගෙන ගියා...
10/11 ශ්‍රේණි 2ටම තිබුන සිංහල සාහිත්‍ය පොත,බුද්ධාගම අච්චු පොත් දෙක,ඉතිහාස අච්චු පොත්, කීපාරක් නං පාඩං කරන්න ඇද්ද...
ගණන් අච්චු පොත් ඔක්කොම 5යි 10/11 දෙකටම...
අභ්‍යාස කීයක් කරන්න ඇද්ද...
විද්‍යාව,ඉංග්‍රීසි,කොමස්,අයිසීටී අච්චු පොත් අමතක නෑ...

කොහොම වුනත්...හැමදේටම සමුදෙන්න කාලයක් එනව වගේ...මේවටත් සමුදෙන්න වෙනවා...හෙට පොත් ටික ඉස්කෝලෙට දෙනවා...හෙටින් පස්සෙ මගේ පොත් ටික ආයෙ මට කවදාවත් හම්බෙන්නෙත් නෑ...
එයාලා මට සමු දෙනවා මාත් එයාලට සමුදෙනවා...ඕලෙවල් කරගන්න මට ශක්තිය වුනු ඕලෙවල් වලට දැනුම දීපු ඒ පොත් ටිකට මං හදවතින් පිං දෙනවා...!!!

අච්චු පොත් වලින් පටන් ගත්තට ඇත්තටම මට ඕනි මුළු ඕලෙවල් ගැනම කතා කරන්න...අච්චු පොත් ගැන කතා කළේ අද පිට කවර ගලවද්දි ඇත්තටම හදවතට දැනුනු අමුතු හැගීම නිසා...ඒ පොත් ටිකේ වටිනාකම ඇත්තටම හිතට දැනුනු නිසා...සමුදෙන්න මොහොතකට කලින් හරි ඒක දැනුනු එක කොච්චර දෙයක්ද...

හ්ම්...
මුළු ඕලෙවල් ගැනම කතා කරන්න...
මැරිල ඉවර වෙලා හොල්මනක් වෙලා ආයෙත් ලියන්න පුලුවන් දෙයක්...

ඒ තරම් කතා ගොඩයි අත්දැකීම් ගොඩයි...

     පරණ අයට සාමාන්‍ය පෙළ අලුත් විදිහට අපිට නං ඕලෙවල්...එහෙමත් නැත්තං හැමෝම කියන්න වගේ සාපෙ...
ඇත්තටම සාපයක්ද?...අනේ මංදා...රිසල්ට් කොහොම ආවත් ඒක ඇත්තටම සුන්දර කාලයක්...
මං දන්නවා මං වෙන්නැති මේ ලෝකෙ එකෙන්ම ඕලෙවල් සුන්දරයක් කියල කියපු එකම එකා...උඹලා කියයි මට පිස්සු කියලා...ඇත්ත වෙන්නැති...කොහොමත් උඩින්ම දාලත් තියනවනෙ කොටි මලයා කියන්නෙ මන්ද බුද්ධික ජීවියෙක් කියලා... :D

ඒ අවුරුදු දෙක ඇත්තටම හිතලා බැලුවොත්,
10 වසරෙන් ඒ අවුරුදු දෙක පටන් ගත්තට ඇත්තටම ඕලෙවල් ජීවිතේ පටන් ගන්නෙ 11 වසරෙදි...
10 වසරෙදි දිග කලිසම ඇදලා ඉස්කෝලෙ ගිය අපට ලොකු පන්තිය නුහුරුයි...වැඩ අල්ලනවා විතරයි...අලුතින් මොන්ටිසෝරි ගියා වගේ...
11 වසර වෙද්දි අපි පදං වෙලා...ලෝකෙ කාලා වතුර බීපු ලෝක ඇම්ඩො...
එකම පන්තිය වෙනස් නොවී එකම යාලුවො ටික අවුරුදු 2ක්...ආදරෙයි 2018 අවුරුද්දෙ කොළඹ ආනන්දෙ 11-6 පන්තිය...ආදෙරයි මගෙ යාලුවො...යාලුවො නෙවෙයි සහෝදරයො උඹලා...ආදරෙයි අහස තරං කොල්ලනේ...ඒ වගේම අපේ මැඩම්... නයෝමි මැඩම් අපිට ඇත්තටම අම්මා කෙනෙක් වගේ...ආදරෙයි මැඩම් අහස තරම්...
2017/2018 අවුරුදු දෙක මගේ ජීවිතේ සුන්දරම කාලෙ...ආදරෙයි 11-6 පන්තියෙ මැඩම් ඇතුලු මගේ සහෝදර පිස්සෝ ටික ඒ සුන්දර ජීවිතේ දුන්නට...

 2018 අවුරුද්දෙ 11-6 ට්‍රිප් එක ත්‍රිකුණාමලේට දවස් 2ක්, අම්මේ ඉතින් එදා මෙදා තුර හොදම ට්‍රිප් එක...පිස්සු වගේ...
පිස්සො වගේ මගේ කොල්ලනේ...උඹලගෙ අමුතුම පිස්සු චරිත ගැන එක එකා ගැන විස්තර කරන්න වෙලාවක් නෙවෙයි මේක...ඒත් අමතක වෙන්නෙ නෑ කොල්ලනේ...
මගේ හොදම බොක්කලා ප්ලෙන් මල්ලි එහෙම නැත්තං තෙවිදුවා, සොත්ති හෙවත් සවින්ද්‍ය, අපේ පලංචියා මානෙත් පන්තියෙ මොනිටරේ සහ ඊබෝඩ් මාස්ටර්...ආදරෙයි වස්තුලා...
අනිත් උන් අමතක නෑ...

සිංදු කියපුවා,එකෙක්ගෙ වැරැද්දට සෙට් එකම කාපුවා,ඊබෝඩ් එකේ පිස්සු නටපුවා,කොමස් මැඩම්ට ආතල් දීපුවා,සත්තු වගේ එක එකාගෙ බත් එක කාපුවා, අමතක වෙයිද කවදාවත්...

ඒ වගේම අපේ ආනන්දෙ හොරණ සෙට් එක...උඹලවත් අනිවා මතක් කරන්න ඕනි...

ඒ කාලෙ ගැන ලියන්න ගියොත් කලිනුත් කිවුවා වගේ මැරිලා හොල්මනක් වෙලා ඇවිල්ලත් ලියා ගෙන ලියාගෙන යන්න පුලුවන්...

හරිම සුන්දරයි...යාලුවො එක්ක ආතල් ගත්ත හැටි,පීරියඩ් කට් කිරිලි,ක්ලාස් කට් කිරිලි,කැන්ටිමේ එකට කෑම කාපු හැටි,පුංචි පුංචි ආදර කතා... හරිම සුන්දරයි...

ඕලෙවල් සෙල්ලම 11 වසරෙන් හරියටම පටන් ගත්තට සීරියස් විදිහට සීන් එකට බහින්නෙ 2 වාර විභාගෙන් පස්සේ...සැප්තැම්බර් අන්තිම වගේ වෙද්දි නං අම්මේ ඉතින්...
නොවැම්බර් මාසෙ වෙද්දි හතර අතේ ක්ලාස් අමතර පන්ති,පදුරකට ගැහුවත් විසි වෙන්න සෙමිනා...
ටියුෂන් ගැන කතා කරොත් ගණන් ක්ලාස් ගිය කපිල සර්, ICT ක්ලාස් ගිය ධනේෂ් සර්,සිංහල ක්ලාස් ගිය අනුරාධ සර් සහ පොලේගොඩ මිස්,විද්‍යාව ක්ලාස් ගිය නමිදු සර්,ඉංග්‍රීසි ක්ලාස් ගිය ප්‍රභාත් සර්, අමතක කරන්න බෑ...
හැම පන්තියක්ම වගේ ඉවර වෙද්දි දැනෙන ෆීලින් එක මට කවදාවත් තේරුං ගන්න බැරි වෙච්ච දෙයක්...
මෙතනින් මං 7 වසරෙ ඉදන් ගිය මගේ ජීවිතේ අමතක නොවෙන විද්‍යා පන්තිය නමිදු සර් පන්තිය අවසන් කරපු දවස,

පුතේ ලොකු මිනිහෙක් වෙන්නෙපා හොද මිනිහෙක් වෙන්න...

ඒකයි සර් අන්තිමට කියපු දේ...

ඒ වගේම ICT පන්තියෙ ධනේෂ් සර්, අමතක නෑ...මං දැකපු හොදම වැඩසටහනක් කරපු සර් කෙනෙක්...ICT ඉගැන්නුවා විතරක් නෙවෙයි ආගමට දහමට සිරිත් විරිතුත් එදා සර්ගෙ රුවල්වැලි සෑයට ගිය ගමනෙන් ඉගෙන ගත්තා...

ඉතිරි ගුරුවරු ගැන කියන්න ගියොත් මේක කියලා නවත්තන්න බෑ...ඒත් ඒ ගුරුවරු කවදාවත් අමතක කරන්නෙත් නෑ...

මේ හැමදේකින්ම පස්සේ,
2018 දෙසැම්බර් 12 න් ඕලෙවල් අපි ලියා ඉවර කළා...

රිසල්ට් එක කවදා එයිද කොහොම එයිද දන්නෑ...ඒක කොහොම ආවත්...පාස් වුනත් ෆේල් වුනත්...ඇත්තටම ඕලෙවල් හරිම සුන්දරයි්‍...

ඒ හැමදේකින්ම පස්සේ හිතට එන එකම හැගීම...

අනේ ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන් නම්.....

කොටි මල්ලි...
2019.02.05 

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...