Skip to main content

උචක්කුවේ කතන්දරේ...

හ්ම්....

ගොඩ කාලෙක ඉදන් දාන්න හිටපු නමුත් මොකක් හරි හේතුවක් නිසා පස්සට ගිය පෝස්ට් එකක්...
පෝස්ට් එකක් දාන්න නිදහස් වෙලාවක් ලැබෙන්නෙ කලාතුරකින්...ඒ නිසා මේ වෙලාවෙවත් මේක ලියපාන් කියල මගේ හිත කියනව...ඇත්තටම මේක බොක්කෙන් ලියන්න ඕනි පෝස්ට් එකක්...ඒත් බොක්කෙන් ලියන්න ආයෙ වෙලාවක් සෙට් වෙයිද දන්නෑ මේ කතාව...අනිවා ලියන්න ඕනි දෙයක් නිසා ලියමු...

                  
 හ්ම්...
           ජංගම දුරකතනය නැත්තං ෆෝන් එක අපේ ජීවිතේ වැදගත්ම දෙයක්.මං ෆෝන් ගැන කතා කරන්නෙ මගේ වයසත් සහ මගේ ජීවිතේ සම්බන්ධ කාල සීමාව ගැන සලකල.මොකද ඊට කලින් ආපු ෆෝන්,ෆෝන් වල අතීතය ඒවා ගැන මං දන්නෙ නෑ...මට අදාලත් නෑනෙ...

කාල සීමා ගැන මගේ මතකය අවිනිශ්චිතයි.ඒ නිසා අනුමානයෙන් කියන්නං.අපි 2007 හා ඒ ආසන්න වසර වලට යමු.මම 2002 ඉපදිච්ච එකෙක්.මම මොන්ටිසෝරි ගියෙ 2007 අවුරුද්දෙදි.2008 තමා ඉස්කෝලෙ 1 වසරට ගියෙ.ඒ ආසන්න කාලෙ ගැන තමා මම මේ කියන්නේ....

අපේ ගෙදර අම්මට හෝ තාත්තට ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් එකක් තිබුන්නෑ.මට මතක හැටියට අපේ පුංචි තමා මුලින්ම හෑන්ඩ් ෆෝන් එකක් ගත්තේ.ඒ කාලෙ එයාලා බැදලා නැති නිසා අපේ ගෙදර හිටියේ. අර ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැති නොකියා ෆෝන් එකක්.ඒ කාලෙ නං මට ඒක අල්ලපු දවසක්වත් මතක නෑ.නිකන් විශේෂ උනන්දුවකුත් ඒවා ගැන තිබ්බෙ නෑ මතක හැටියට.ඊට පස්සෙ අපේ මාමා ගෙනාවා මොටරෝලා එකක්. කොහොම හරි ඊටත් අවුරුදු දෙක තුනකින් තමා අපේ තාත්තා ෆෝන් එකක් ගත්තේ.මොටරෝලා බට්න් එකක්....ඊට අවුරුදු දෙක තුනකට පස්සෙ Sony Ericson කැමරා ෆෝන් එකක්.ඒ කාලෙ මහමෙරක් වගේ කැමරා ෆෝන්...VGA camera එක...128MB ‍ෙමමරිය...කොහොමද...දැන් කාලෙ අපිට 16GB මෙමරියත් මදි නෙවැ...(සහ ඒ කාලෙ ඒ ෆෝන් එක ගැන මේ විස්තර දැනන් හිටියෙ නෑ.දැන් තමා ඉතින් ඒවා දන්නේ)
කොහොම හරි තාත්තා ඒක ගත්තට පස්සෙ අම්මට තාත්තගෙ පරණ මොටරෝලා එක හම්බුනා.ඊට පස්සෙ තාත්තා Nokia තව ෆෝන් එකක් ගත්තා.ඒකෙ කැමරාව මෙගාපික්සල් 2යි.අදටත් තාත්තා පාවිච්චි කරන එක.මට මතක හැටියට 2015 අවුරුද්දෙ ඒක ගත්තේ.
ඊට පස්සෙ මං මුලින් කිවුව පුංචිගෙ පරණ නොකියා එක අම්මට ලැබුනා.(මොටරෝලාවට මොකක් උනාද කියලා මතක නැත) තාත්තගෙ Sony Ericson එක භාවිතයෙන් අත්හැර දැමුනා ඒක බැටරිය,චාජරය සහ අනෙකුත් කොටස් කැඩිලා තිබුනු නිසා.කොහොම උනත් අතාරින්න කලින් මාත් මාසයක් විතර පාවිච්චි කළා මතකයි.හැබැයි මගේ පළවෙනි ෆෝන් එක කියල ඒක පිළිගන්න මම කැමති නෑ....හේතුව ඉදිරියට කියමු....

කොහොම හරි අපේ අම්මට 2015 අවුරුද්දෙම වගේ අපේ චූටි අම්මගෙ පරණ ෆෝන් එක ලැබුනා.මෙගාපික්සල් 2ක කැමරාවක් සහ ටච් සහ බට්න් 2ම තිබූ නොකියා ෆෝන් එකක්.ආයෙ මොනා උනත් පට්ටම කැමරාව ඒක නං...( මං ෆෝන් කැමරාව ගැන මෙච්චර කියන්නෙ අපේ ගෙදර ෆෝන් කොලිටිය මනින ප්‍රධානම සාධකේ කැමරාව...මාත් මගේ තාත්තාත් ෆොටෝ ගන්නවා කියනදේට හරි උනන්දුයි...ඒ නිසා ගෙදර වෙනම කැමරාවක් නැති නිසා ෆෝන් එකේ කැමරාව තමා පාවිච්චි කරන්නේ )

කොහොම හරි අම්මා ඒක නොකියා එක භාවිතයට ගත්තට පස්සේ මට පරණ ෆෝන් එක...සරලව කිවුවොත් අපේ පුංචිගෙ පරණම ෆෝන් එක...අපේ ගෙදර පළමු ෆෝන් එක...මගේ පාවිච්චියට ලැබුනා...
ඒක තමා මගේ මුල්ම පෞද්ගලික ෆෝන් එක හැටියට සලකන්නේ...මොකද මම වෙනම මගේ පාවිච්චියට මොබිටෙල් සිම් එක දාගෙන පාවිච්චි කලේ ඒක...ඒ 2017 අවුරුද්ද මං හිතන්නේ...ඒ කියන්නෙ මං 10 වසරෙ...ඉතින් මේ වයසෙදි ෆෝන් එකක් තිබ්බොත් ඇත්තටම ගෙදර අයට එහෙමත් පහසුයිනේ...(දැන් තොපි කියයි කෙල්ලො ටෝක් කරන්න කියලා...නෑ බං අවංකවම මට කෙල්ලො සීන් තිබිල නෑ...ප්‍රථම ප්‍රේමය තිබ්බා සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් කියලා...එච්චරමයි බ්‍රෝ...ඒ කතාව මං තම මාස 6කට විතර පස්සෙ ලියන්නං...)

කොහොම හරි...2018 අවුරුද්දෙ...මගේ උපන් දිනේ තුන් වෙනි මාසෙනේ...ඉතින් අපේ රත්තරං( ඇත්තටම රත්තරං) නෑදෑයොන්ගෙන් මට රුපියල් 4000ක් විතර සෙට් උනා...එතනින් තමා මං මුලින්ම ස්මාට් ෆෝන් එකකට යන්න තීරණේ කරන්නෙ...

2018 මං ඕලෙවල්...ඒ අස්සෙ ස්මාට් ෆෝන්...අහන්න දෙයක් නෑනෙ බ්‍රෝ...දෙමාපියන්ට සහ අපිටත් අනුව කෙලවෙයි...නමුත් මගේ තීරණේ වෙනස් උන්නෑ...ගෙදර උන්ට කිවුවෙත් නෑ...පමෝදයට විතරයි කිවුවේ...ඌ තමා සපෝටර්ට ආවේ...

ඉස්කෝලෙ ගිහින් එනගමන් ස්කූල් වෑන් එකෙන් අපි හොරණ ටටුමෙන් බැස්සා.අපි කලින් ගෙදරට කියල ආවෙ අපි අද හොරණ ඉදන් බස් එකේ එන්නෙ ටවුමෙදි අපි යාලුවොත් එක්ක කෑම කාලා කියල.මොකද එහෙම අපි යාලුවො සෙට් වෙලා කන්න යනව සමහර වෙලාවට. මං සල්ලි 4000ක් අරන් ආවා.

ආ... කියන්න අමතක උනානේ... ikman.lk එකෙන් Galaxy Ace එකක් බලලා සෙට් කරන් තිබුනෙ ටවුමට ගේන්න...අයිය කෙනෙක් ඒලෙවල්...උට පන්ති කියල උගෙ මල්ලි අතේ එවනවා කිවුවෙ. අවංකව කියන්නං...වැඩි විස්තර ඇහුවෙ නෑ...කැමරා රැම් ඒව ඇහුවෙ නෑ මං...මං පමෝදයට කතා කලෙත් ඔක්කොම සෙට් කලාට පස්සෙ...පස්සෙ එදා Galaxy Ace කියල නෙට් එකේ සරච් කලාම ආවෙ 5MP camera,256MB ram,256MB internal memory තියන 2012 හෝ 11 ෆෝන් එකක්.මං Galaxy Ace කිවුවම හිතුවෙ J1 ace කියල.ඉක්මන් එකේ ෆොටෝ වල තිබ්බ ෆොටෝත් ටිකක් ඒ වගේ.කොහොම හරි මං කෝල් කරල අහද්දි
J1 ace ද කියලත් ඇහුවෙ නෑ බ්‍රෝ...(කොහොමද ගොං කම)

කොහොම හරි කිවුව විදිහට ටවුමෙන් බැස්සා.අරූ එනකන් කාලෙ යවා ගන්නයි බඩගින්නයි නිසා දිනුසර එකෙන් 180 බත් එක( දැන් 200 උනාට ඒ දවස් වල 180යි බං) කෑවා..ඊට පස්සෙ සීඅයිබී එක ඉස්සරහ හිටගෙන හිටියා...අරූ කිවුව වෙලාවට භද්‍ර කල්පයකට පස්සෙ 7 වසරෙ විතර පොඩි බටු කොල්ලෙක් ෆෝන් එක අරන් ආවා...J1 ace නෙමෙයි...අර හුචක්කුව තමා...මොනා කරන්නද ඉතින්...ඒවා හිතන්නැතුව කැමරාව බැලුවා...ක්‍රැක් තියේද බැලුවා...ඒව නෑ...ෆෝන් එක විතරයි...රුපියල් 4000ක් දීල අපි ඒක අරන් ආවා...

ඒ ගමන්ම මාතෘකාවෙ උචක්කුවේ කතන්දරේ කියන නම දැම්මෙ මොකද කියල කියන්නං.කෙටියෙන් මෙහෙම...

මචන් මං ෆෝන් කියන වචනෙට කැමති නෑ...ඔව් phone කියන වචනෙට කැමති නෑ...මේක අනිත් එක ආතල් එකට කිවුවොත් මල හුචක්කුවක්...ඒ නිසා හු යන්න භාවිතයෙන් ඉවත් කරලා මම උචක්කුව ලෙස මේක භාවිත කරන්න තීරණය කළා...ඔව් මේකට විතරක්ම නෙවේ...මේ ලෝකෙ හැම ෆෝන් එකක්ම මට අනුව උචක්කුවක්...

දැන් දැනගත්තනේ...දැන් තොපි කියයිනෙ මට පිස්සු කියලා...යකෝ බ්ලොග් එකේ උඩින්ම තියනවා කොටිමලයා නැමති මන්දබුද්ධිකයා කියල...ඔයාලා මේ කියවන්නෙ මන්ද බුද්ධිකයෙක්ගෙ බ්ලොග් එකක් බ්‍රෝහ්...

Samsung Galaxy Ace GT-S5830i ඒ තමා මගේ වගේම අපේ ගෙදර පළමු ස්මාට් ෆෝනය...මීට කලින් අපේ පුංචිලා මාමලා ස්මාට් ෆෝන් අරන් තිබුනත් පසුව එයාලා බැදලා අපේ ගෙදර පදිංචියෙන් ඉවත් උන නිසා ඒක අපේ ගෙදර පළමු ස්මාට් ෆෝන් කියන්න බෑ...

එදා හිතුවත් රුපියල් 2500ක විතර ෆෝන් 4000ක් දීලා පට්ට ගොන්කමක් කලා කියලා...අද මම වගකීමෙන් කියනවා...මගේ ජීවිතේ හරිම තීරණයක්...අදටත් මගේ ප්‍රධාන ෆෝන් එක ප්‍රධාන උචක්කුව...බැට්‍රිය දවස් 2යි...කැමරා පට්ට...ඉන්ටනෙට් දැන් ඒවා තරමට යන්න බැරි උනත් යූටියුබ් ෆේස්බුක් වයිබර් වට්ස්ඇප් ලෙසටම වැඩ...සිංදු අහන්නද ඕනි එකකට මෙන්න ෆෝන් එක...වැටුනත් ලේසියට ක්‍රැක් වෙන්නෑ...(ඒක ෂුවර් දැන් ඒවා එක්ක බලද්දි...නමුත් මං අතින් ඕක 5 පාරකට වඩා වැටිලා නැතුව ඇති ෂුවර් එකට...)
ඒ වගේම දැන් ඒක මගේ ජීවිතේ කොටසක් වෙලා...මං දරුවෙක් වගේ රකින මගේ උචක්කුව....

ඊට ටික දවසකට පස්සෙ අපේ තාත්තා Huawei Y3 2017 එකක් ගෙනාවා...හුවාවි මගේ ආස බ්‍රෑන්ඩ් එකක් නොවුනත් මං හරියට අගය කරන ගරු කරන ෆෝන් එකක් තාත්තගෙ Huawei Y3 2017 එක...ඒක තමා අපේ ගෙදර පළමු නවීනම ස්මාට් ෆෝන් එක...ඊට පස්සෙ ට්‍රිප් ගෙනියද්දි මං මගේ උචක්කුව වගේම තාත්තගෙ Huawei Y3 2017 එකත් අරන් ගියා සෙල්ෆි එහෙම ගන්න ඕනි නිසා...මගේ උචක්කුවෙ සෙල්ෆි කැමරාව නෑනෙ මචෝ...

ඒ වගේම Huawei Y3 2017 එකත් අරන් ටික දවසකට පස්සෙ අපෙ අම්මාට පුංචිගෙ පරණ ස්මාට් ෆෝන් එක Nokia Lumia 520 එකක් ලැබුනා...

කොහොම හරි ඕලෙවල් ඉවර වෙලා ඒ කියන්නෙ 2019 පෙබරවාරි මතක හැටියට මම ලොගෝ ඩිසයින් කරලා හොයා ගත්ත රුපියල් 9000න් මම Nokia 3 එකක් ගත්තා...ඒක හොයාගත්තෙ ෆේස්බුක් ගෘෘප් එකක මං ෆෝන් එකක් හොයලා දාපු පෝස්ට් එකකින්....

දැන් මගේ ප්‍රධාන උචක්කුව තාම Samsung Galaxy Ace GT-S5830i එකම තමයි.ඒක තරං පාවිච්චියට හුරු අතට පහසු බැටරි පට්ට එකක් තවත් නෑ...Nokia 3 එක මගේ දෙවනි උචක්කුව...Galaxy Ace එකේ වැඩි බරක් එයා ගත්තා...වට්ස්ඇප් ඉන්ස්ටග්‍රෑම් වගේ බර ඇප්ස් එයාට දුන්නා...දෙවැනි උචක්කුව තමා දැන් මගේ කැමරාව...සෙල්ෆි නං සෙල්ෆි...ෆොටෝ නං ෆොටෝ ඉතින්...

ඉතින්...අතීතයේ සිට දැන් වෙනතුරු මගේ සහ අපේ ගෙදර උචක්කුවෙ කතන්දරේ ඕක තමා...අනාගතයේ ඒව කොහොම වෙනස් වෙයිද කියන්න බෑ...ඇපල් අය්ෆෝන් එකක් ගන්නත් ආසාවක් මගේ හිතේ තියනවා...කවදා හරි සැබෑ කරගන්න ඕනි ඉතින් ඒ හීනත්...

එහෙනං මෙතිනින් සමු ගන්නවා...ඒ සමගම දැන් මගේ උචක්කු දෙකේ ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරනවා...
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

කොටිමල්ලි,
2019.04.21
මගේ උචක්කු දෙක...වගේ Nokia 3...දකුණේ Galaxy Ace







































Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...