හලෝ මිත්‍රවරුනි,
ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍රහස්පතින්දා...
-----------------------------------------------------------------------------------------------------------
ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ අද අපේ නංගිගෙ උපන්දිනේ...ඒ නිසා මුලින්ම එයාට සුබ පතලා ලිපිය පටන් ගන්නවා...
-----------------------------------------------------------------------------------------------------------
කොටි මලයාට ක්ලැසික් කාර් පිස්සුව නම් රෝගය වැලදුනාට පස්සෙ තමයි කොටි මලයාට ජීවිතේ රසවිදින්න අවස්ථාව ලැබෙන්නේ....ඉතින් මලයා දැන් වෙනදට වඩා වාහන ගැන පෝස්ට් දාන්න තමා හදන්නේ...
මේ ලිපියට පාදක උනේ දැඩි හයිබ්‍රිඩ්වාදියෙකු වන යාලුවෙක් කියන්නත් බැරි සතුරෙක් කියන්නත් බැරි දෙකටම නැති එකෙක් එක්ක මලයා දාපු සාකච්ඡාවක්...ඌ මලයට හෙන ටෝකක් දාලා අලුත් කාර් සහ පරණ කාර් ගැන වෙනස ගැන....ඉතින් යාලුවා ගැන හිතලා මලයා ඒ ගැන මලයාගේ හැගීම ඒ වෙලාවෙ පිට නොකර බ්ලොග් එක පැත්තට ඇවිත් හැමෝටම කියන්න හිතාගත්තා...
බ්ලොග් එක කියවන ඔයාලා දන්නවා මලයලාට තියෙන්නේ 1983 හදපු 13ශ්‍රී ලාන්සර් වැගන් එකක් කියලා...ඉතින් මලයා ඒකට දක්වන ආදරය ගැන හැමෝම දන්නවනේ...
පරණ කාර්වල තියන සතුට ඔය අලුත් කාර් වල නෑ කියලා මලයට තේරුනේ මලයට විදින්න ලැබුනු මේ අත්දැකීම නිසා...
දවසක් මලයා සහ පවුලේ උදවියට පොඩි ට්‍රිප් එකකට ආරාධනාවක් ආවා නෑයෙකුගෙන්...බ්ලා බ්ලා....ට්‍රිප් එකේ විස්තර නොකියා මලයාට හිතිච්ච දේවල් කියන්න මලයා තීරණයා කළා..ඒ නිසා ට්‍රිප් එක ගැන කතා කරන්නෑ හොදේ...
ඉතින් දැන් ට්‍රිප් එක ගියේ අලුත් වාහනයකින්...ඒක මලයාගේ ලාන්සර් එකට වඩා අවුරුදු 25ක් විතර අලුත් කියන්න පුලුවන්...ඉතින් මලයා ඇතුලු පිරිස වාහනේ හයිවේ එකට දාලා පිටත් උනා...මලයා හයිවේ යන්න හුගක් කැමති නිසා මලයා හුගක් සතුටෙන් තමා හිටියේ...මලයා හිටියේ පිටිපස්ස සීට් එකේ...පිටිපස්ස සීට් එක දෙපැත්තේ ෂටර්ස් ටින්ට් කරලා නිසා හෙන අදුරු විදිහට තමා එලිය පේන්නෙ...ඒක මලයා මහ මූසල කරුණක් හැටියට දකිනවා...ඒ මදිවට අත පය ගල් වෙන්න ඒසී එක...හරිම ඒකාකාරීයි...වෙනදට මලයාගෙ ලාන්සර් එකේ ෂටර්ස් ඇරගෙන හුලං වැදීගෙන වටපිට බල බල යනකොට දැනෙන සතුට මේ අලුත් වාහනේ නැහැ...ඒ මදිවට එංජිමෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ...නිකන් හෝ හෝ ගානවා වගේ මහ ගූ සද්දයක් ඒකෙන් ඇහුනේ...වෙනදට මලයාගේ ලාන්සර් එක පිකප් වෙනකොට මාර ගැම්මක් මලයගෙ හිතට දැනෙනවා..ඒ සතුට මෙදා මලයට දැනුනෙ නෑ...ලාන්සර් එකේ යනකොට මිට්සුබිෂි ඔරියන්ට් එන්ජිමෙන් ඇහෙන තියුණු ගැඹුරු සෞම්‍ය හඩ කොච්චර ලස්සනද කියලා මලයට හිතුනා...ටිකක් දුර යද්දි මලයා බැලුවා මොකද යකෝ මේ කොට කොට යන්නෙ මේ හයිවේ නේද කියලා..එහෙම හිතලා මලයා පොඩ්ඩක් ඉස්සිලා මීටරේ දිහා බැලුවා...අනේ දෙයියනෝ...140ට යනවා බොල...ඒත් මලයට ඒක දැනෙන්නෙ නෑනේ...නිකන් 20ට විතර යනවා වගේ ෆීලින් එකක් තිබුනේ...වෙනවදට මලයාගෙ ලාන්සරේ 80 90 පනිනකොට මාර ගැම්මක්,සතුටක් මලයගෙ හිතට දැනෙනවා...ඒත් අද 140ට ගිහිල්ලත් ඒ සතුට නැහැ...ඊට පස්සෙ මලයාලා ට්‍රිප් එක ගිහින් වාහනේ කාර් පාක් එකක නතර කලා පොඩ්ඩකට...වාහනෙන් බැහැලා යද්දි දෙපාරක් තුන්පාරක් හැරි හැරි බලන එක මලයාගෙ පුරුද්දක්...වෙනදට ලාන්සරේ මෙහෙම නවත්තලා හැරිලා බලද්දි අමුතු ලස්සනක් ඒකෙ තියනවා...දහසක් අලුත් වාහන එක්ක බලද්දි ඒක හරි ලස්සනට කැපිලා පේනවා..ඒත් මෙදා ඒ සුන්දරත්වය නැහැ..ඒ කාර් පාක් එකේ ඒ ජාතියේ වාහන හෙන තොගයක් නවත්තලා තිබුනා...ඉතින් අලුතෙන් බලන්න දෙයක් නෑ...කිසි විශේෂත්වයක් සුන්දරත්වයක් නෑ...මලයගෙ හිතට හරිම දුක්බර ෆීලින් එකක් ආවේ...
ට්‍රිප් එක ගිහින් ඇවිත් මලයා කල්පනා කලෙත් මේ ගැන...තනියෙන් ඉන්න වෙලාවක මේ ගැන බ්ලොගියේ කොටන්න ඕනි කියලා හිතපු නිසා තමයි අද මේක කොටන්න වෙලාවක් සෙට් කරගත්තේ...
මේ ලිපිය ලියන වෙලාවෙත් මලයලාගෙ ආදරණීය අවුරුදු කුමාරයා 13ශ්‍රී ලාන්සර් වැගන් එක වත්තේ ගරාජ් එකේ ඉන්නවා නේද කියලා මතක් වෙනකොට මලයට දැනෙන ෆීලින් එක තේරුම් ගන්න පුලුවන් කවදාහරි වාහනේකට ආදරය කරපු කාර් පිස්සෙක්ටම තමයි...
එහෙනං මලයා මෙතනින් නවතිනවා...
2016.11.10
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Wednesday, November 9, 2016
Subscribe to:
Posts (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...