Skip to main content

Posts

Showing posts from June, 2016

බස් එකේ යන අය බස් එකේ ඉස්සරහම හිර වෙලා යන්නෙ ඇයි?

ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ තමා කොටි මලයට බ්ලොග් එක පැත්තේ එන්ඩ විවේකයක් සෙට් උනේ...කරන්න දෙයක් තිබුන්නැති නිසාත් අද කෙකර ගාල කෙකර ගාලා ඉංග්ලිෂ් පන්ති නොගිය නිසාත් මේ මල්ලිට පොඩි විවේකයක් හම්බ උනා...ඒ නිසා තමා මලයා හැම සෙනසුරාදා වගේම විදින කරදරයක් ගැන කියන්ඩ හිතුනේ... මේ මලයා ජීවත් වෙන්නෙ හොරණ ප්‍රෙද්ශේ කියලා හැමෝම දන්නවනේ...මේ මලයා විද්‍යා පන්ති යන්නෙ සෙනසුරාදා හොරන පොකුණුවිට තියන පන්තියකට...ඉතින් මේ කොල්ලාගෙ දයාබර පියාණෝ සෙනසුරාදා වැඩට යන ගමන් උදේට මේ කොටි මලයවත් විද්යා පන්තියට දාගෙන යනවා.ඊට පස්සෙ දවල් වෙලා මේ මලයා බස් එකේ තමා ගෙදර එන්නේ... ඔන්න ඉතින් විද්‍යා පන්තියේ ඉදන් ගෙදර එන්න මලයට බස් 2කට මාරු වෙන්ඩ සිද්ද වෙනවා...මුලින්ම විද්යා පන්තිය ලගින් හොරන කොළඹ 120 බස් එකේ නැගී හොරණ ටවුමට යන්ඩ ඕනෑ...ඊට පස්සෙ තවත් බසයක නැගි මලයා ජීවත් වන හොරණ දික්හේනපුර හංදියෙන් බහින්ට ඕනැ..එතන ඉදන් ගෙදෙට්ට තියන මිටර් 500 දුර මලයා පයින් තමා යන්නෙ... ඕන්න ඉතින් විද්යා පන්තිය ලගින් හොරණ කොළඹ (මාර්ග අංක 120)බස් එකේ නැග්ගා කියමුකෝ...120 බස් කාරයා යන යෑම ගැන කියන්ඩ නෙවේ අද පෝස්ට් එක ලියන්නේ...හොරණ ටවුමෙන් ද...