Skip to main content

Posts

අපිට සිරාවටම ඉස්සරහට මොනව වෙයිද මචං?

 මේ පෝස්ට් එක ලියන්නෙ මචං, සිරාවටම මගෙ හිතේ අපේ අනාගතය ගැන මේ මොහොතෙ මට දැනෙන insecurity එක ගැන ලියන්න... මේක සුබවාදී පෝස්ට් එකක් නෙවේ, ඒ වගේම මේකෙ තියෙන්නෙ ප්‍රශ්න ගොඩක් විතරයි. මම මේක ලියන්නෙ, පණ පිටින් හිටියොත් තව අවුරුදු 10කින් අපි මොන තැන් වල හිටියත්, අද අපි හිටියෙ මෙහෙමයි කියල මට ආයෙ මතක් වෙන්න... මට මේ බ්ලොග් එකේ පරණ පෝස්ට් කියවද්දි දැන් ගොඩක්ම හෙන ක්‍රින්ජ් ෆීලිං එකක් දැනුනත්, අවුරුදු 10කට කලින් පොඩි ළමයෙක් විදිහට ගෙව්ව ජීවිතේ තිබ්බ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස සහ අහිංසක බව, මම දැන් ගෙවන ජීවිතේ තියන හැමදේටම වඩා වටිනවා කියල හිතෙනවා.  ඒ කාලෙ ඇත්තටම තිබ්බෙ පූසොන්ගෙ ප්‍රශ්නයි, කම්පියුටරේ ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි විතරයි. ඒත් අද, බොන වතුර එකේ ඉඳන් හැමදේම ප්‍රශ්නයක්. මීට අවුරුදු 10කට කලින් මගෙ ළඟින් ඇසුරු කරපු, මම ආදරය කරපු ගොඩක් අය මගෙ ළඟ නෑ. සමහරු ජීවතුන් අතර නෑ. බහුතරයක් තව සෑහෙන කාලයක් යනකන් මට ආයෙ හම්බෙන එකකුත් නෑ. අවුරුදු 10කට කලින් මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියවිච්ච නම් තිබ්බා...ඒ අය එක්ක සෑහෙන කාලෙකින් මම කතා කරල නෑ, දැකල නෑ... 2019න් පස්සෙ මගෙ ජීවිතේ සෑහෙන පිටුව ...
Recent posts

මගේ මොටෝ බයිසිකල් කෙරුවාව...

 ඉතින් මිත්‍රවරුනි, පොඩියට ලියන්න පටන් ගත්ත මෝටිවේසන් එකෙන් පස්සෙ, පොඩි පෝස්ට් 2,3කුත් වැටුනට පස්සෙ, දිග පෝස්ට් එකක් ලියවෙන්න ඔිනෑ කරන හිත, ගත, වටපිටාව හැමදේම සන්සුන් උන ඒ දුර්ලබ මංගල නැකතක් 2026 මාර්තු 7 වන අද දින, දවල් 1 වගේ වෙන මේ මොහොත වෙද්දි උදා වෙලා තියනවාය කියල කොටි මලයාගෙ හදවතට දැනෙන්න පටන් ගත්ත නිසා සෑහෙන කාලයක් තිස්සෙ බ්ලොග් එකේ ලියවෙන්න නියමිත වෙලා තිබ්බ කොටි මලයගෙ ජීවිතේ සිරා කතාවක්, ජීවිතයේ එක්තරා කොටසක් ගැන ලියන්නයි මේ සූදානම.. මීට කලින් පෝස්ට් වල කොටි මලයාගේ කාර් පිස්සුව ගැන ඇති වෙන්ඩ ලියලා තිබ්බ උනත් බයික් පිස්සුවක් ගැන සඳහන් කරල තිබුනෙ මිට වසර 9කට කලින් ලියවෙච්ච  හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි   පෝස්ට් එකේ. ඉතින් ඒ් පෝස්ට් එකේ දිගුවක් සහ ඊටත් කලින් කොටි මලයගෙ බයික් පිස්සුවේ අල ගිය මුල තැන් ඉඳන් සියල්ලම දිගාරින්න තමා කොටි මලයා ලැප් එක උකුලට අරන්, ඇඳට වෙලා සැපේ ඉඳගෙන, කිරි කෝපි එකකුත් පැත්තකින් තියාගෙන සෙට් වෙන්නෙ...  මගෙ බයික් පිස්සුව පටන් ගන්නෙ අවුරුදු 10කට විතර කලින් 2016 විතර... ඊට කලින් මට සිරාවටම බයික් පිස්සුවක් කියල දෙයක් තිබුනෙ නෑ ...

මං පොඩියට හරි, එක දිගට ලියන්න ගන්නවා...

" මම තාම ආසයි බං ලියන්න... ඒ්ත් මට දැන් ලියන්න බෑනෙ මචං ඉස්සර වගේ... " ඉස්සර පිටු ගණන් මේකෙ ලියපුවා මතක් වෙද්දි දැන් පොඩියට ලියන එක හෙන මදිකමක් වගේ බං... එතකොට ආයෙ ලියන්න හිතෙන්නෙම නෑ... ඉස්සර වගේ දැන් වචන එන්නෙත් නෑ... එක දිගට ලියන්න ෆෝකස් එකකුත් නෑ...  ඒ්ත් ආයෙ මගේ ලියන කලාව අලුතෙන් හදාගන්න ඔිනෙ... කලින් තරං බැරි උනත් පොඩියට පටන් අරන් ආයෙ උඩට යමු...  ඉතින් මචංලා ආයෙ පොඩියට ලියන්න අරන් ලොකුවට ලියන එක දක්වා දියුණු වෙන්න ඔිනෙ නිසා තමා මේ ටිකේ  පොඩි පොඩි පෝස්ට් වැටෙන්නෙ... කොහොමත් මං දන්නවා බං මගෙ බ්ලොග් එක මෙලෝ යකෙක් කියවන්නෙ නෑ කියල...ඒ්ත් මං ලියනවා මං ලියන්න ආස නිසා... නැත්තං 2015 ඉඳන් මේ දක්වා අවුරුදු 11ක් විතර තිස්සෙ අතාරින්නැතුව මොකක් හරි මේකෙ කොටල යන්න ඔිනෙ නෑනෙ ... හැබැයි මං එකක් දන්නවා... මං නවත්තන්නෙ නැතුව එක දිගට හැමදාටම ලිවුවොත්, එක කාලයක් එයි මම දාන එක වචනයත් මුලු ලෝකයක් කියවන... මං ඉපදුනේ 2002 මාර්තු 3 වෙනිදා... ඉතින් අදට මට 24ක් මචංලා... ජීවිතේ වැඩිපුරම ගෙදර, යාලුවො හැමෝගෙන්ම ඈතකට ඇවිත් සමරන පළවෙනි උපන්දිනේ අද... ඒ්ත් දුර ඉඳන් හරි ආව එයාලගෙ සුබ පැතුම්,...

මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...

මතකයන් ආදාහනය කොට ඒ භෂ්මාවශේෂ මිහිදන් කිරීම සිදු කළද සිතේ හිර වූ ආදරය ආදාහනය කිරීමට මට තවමත් නොහැකි වී ඇත. ගෙවීගිය වසර 5ක කාලය තුළ නුඹව මතක්නොවූ එකඳු මොහොතක් මට සිහියට නඟාගත නොහැකිය. වැර වෑයමින් ජීවිතයේ සාර්ථකත්වය සොයමින්, පවුලේ සියල්ලන් සතුටු කරමින්, ජීවිතයේ ඉලක්කයන් සපුරමින් කොතරම් ඉදිරියට පැමිණියද නුඹ සිහිවන විට දැනෙන හැඟීම තවමත් මා සිත දරුණුවට රිදවයි. වසර 4කින් නුඹේ රුව දැක නොමැති වුවත්, නුඹේ රුව මතක ඇත්තේ අපැහැදිලි ඡායාවක් මෙන් වුවත් තවමත් මගේ සිත නුඹ මත්තේ එල්ලී සිටින්නේ මන්දැයි මම නොදනිමි. පුරුෂ ආධිපත්‍යයේ කිරුළ හිස මුදුනේ දරාගෙන සිටිනා මගේ බුද්ධිය සහ මා විසින් මා හට කරනා ආදරය,male ego බල්ලට දමමින් මගේ හදවත සිදුකිරීමට තැත් කරන ගොන් වැඩ වලින් මගේ ආත්ම ගෞරවය රැකගෙනසිටීමට මහත් යුද්ධයක් සිදුකරමින් සිටිති.  කෙසේ වෙතත්, නැවත මට නුඹ වෙත පැමිණිය නොහැක. හැකිවුවත් මා එන්නේද නැත.  මා ඔබට කෙතරම් ආදරය කළද මට නැවත කවදාවත් නුඹව උවමනා නැත.  මං ඔයාට තාම ආදරෙයි... ඒ්ත් මට ඔයාව එපා...    2026-01-24 කොටි මල්ලි (Snow Kotiya) 

යුද්ධය ඇරඹී ඇත... මෙතැන් පටන් සාමාන්‍ය ජීවිතයක් නොමැත...

 ඉතින් මිත්‍රවරුනි,  සුපුරුදු ලෙසම මේ අවුරුද්දෙ ලියන්න පටන් ගන්නවා කියා පරසක්වල ගසා නැවතත් කොටි මලයා බ්ලොග් අඩවියට පොල්ල තබා ඇත. නමුත් කලින් සිදුවූ පරිදි ආයෙත් සමාව භජනය කිරීමක් සිදුවන්නේ නැත... වරද පිලිගනිමි, නිදහසට කරුණුත් නොකියමි එසේම සමාවත් නොඅයදිමි.  කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයෙන් පසු කොටි මලයාගේ ජීවිතය තනිකරම යුද පිටියකට යාමට පෙර සිදුකරන ලද අතිදැවැන්ත යුධ පුහුණුවක් බඳු කාලයක් විය. මාස 8කට පසු දැන් කොටි මලයා එම යුධ පෙරමුණට පැමිණ ඇත. දැවැන්ත යුද්ධයක් කොටි මලයාගේ ජීවිතය තුළ ආරම්භ වී ඇත. එය ජීවිත සටනකි. එම සටන කොටි මලයාගේ ජීවිතයේ අභිවෘද්ධිය සඳහා වන්නක් නොවන බව කියනු කැමැත්තෙමි. එම සටන, කොටි මලයාගේ ජීවිතය සෞභාග්‍යයෙන් පිරවීම සඳහා තමාගේ මුළු ජීවිතයම උකස් කර කැපවූවා වූ කොටි මලයාගේ ආදරණීයන් සැමගේ ජීවිත ඔවුන් සැමදා දුටු ඒ් සිහින සැබෑකරවීම සහ ඔවුන්ගේ අනාගතය සෞභාග්‍යවත් කරලීම වෙනුවෙන් සිදුකරන සටනක් බව කියනු කැමැත්තෙමි. ඒ් මිනිසුන් දුටු සිහින එලෙසින්ම සැබෑ කරමි... ඒ් සඳහා කැපවෙමි... කොටි මලයා වන මම ඒ් සඳහා ප්‍රතිඥා දෙමි...!!! ඉතින්.. එම සටන, එම යුද්ධය ඇරඹී ඇත... මෙතැන් පටන් ...

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)