මේ පෝස්ට් එක ලියන්නෙ මචං, සිරාවටම මගෙ හිතේ අපේ අනාගතය ගැන මේ මොහොතෙ මට දැනෙන insecurity එක ගැන ලියන්න... මේක සුබවාදී පෝස්ට් එකක් නෙවේ, ඒ වගේම මේකෙ තියෙන්නෙ ප්‍රශ්න ගොඩක් විතරයි. මම මේක ලියන්නෙ, පණ පිටින් හිටියොත් තව අවුරුදු 10කින් අපි මොන තැන් වල හිටියත්, අද අපි හිටියෙ මෙහෙමයි කියල මට ආයෙ මතක් වෙන්න... මට මේ බ්ලොග් එකේ පරණ පෝස්ට් කියවද්දි දැන් ගොඩක්ම හෙන ක්‍රින්ජ් ෆීලිං එකක් දැනුනත්, අවුරුදු 10කට කලින් පොඩි ළමයෙක් විදිහට ගෙව්ව ජීවිතේ තිබ්බ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස සහ අහිංසක බව, මම දැන් ගෙවන ජීවිතේ තියන හැමදේටම වඩා වටිනවා කියල හිතෙනවා. ඒ කාලෙ ඇත්තටම තිබ්බෙ පූසොන්ගෙ ප්‍රශ්නයි, කම්පියුටරේ ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි විතරයි. ඒත් අද, බොන වතුර එකේ ඉඳන් හැමදේම ප්‍රශ්නයක්. මීට අවුරුදු 10කට කලින් මගෙ ළඟින් ඇසුරු කරපු, මම ආදරය කරපු ගොඩක් අය මගෙ ළඟ නෑ. සමහරු ජීවතුන් අතර නෑ. බහුතරයක් තව සෑහෙන කාලයක් යනකන් මට ආයෙ හම්බෙන එකකුත් නෑ. අවුරුදු 10කට කලින් මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියවිච්ච නම් තිබ්බා...ඒ අය එක්ක සෑහෙන කාලෙකින් මම කතා කරල නෑ, දැකල නෑ... 2019න් පස්සෙ මගෙ ජීවිතේ සෑහෙන පිටුව ...
ඉතින් මිත්‍රවරුනි, පොඩියට ලියන්න පටන් ගත්ත මෝටිවේසන් එකෙන් පස්සෙ, පොඩි පෝස්ට් 2,3කුත් වැටුනට පස්සෙ, දිග පෝස්ට් එකක් ලියවෙන්න ඔිනෑ කරන හිත, ගත, වටපිටාව හැමදේම සන්සුන් උන ඒ දුර්ලබ මංගල නැකතක් 2026 මාර්තු 7 වන අද දින, දවල් 1 වගේ වෙන මේ මොහොත වෙද්දි උදා වෙලා තියනවාය කියල කොටි මලයාගෙ හදවතට දැනෙන්න පටන් ගත්ත නිසා සෑහෙන කාලයක් තිස්සෙ බ්ලොග් එකේ ලියවෙන්න නියමිත වෙලා තිබ්බ කොටි මලයගෙ ජීවිතේ සිරා කතාවක්, ජීවිතයේ එක්තරා කොටසක් ගැන ලියන්නයි මේ සූදානම.. මීට කලින් පෝස්ට් වල කොටි මලයාගේ කාර් පිස්සුව ගැන ඇති වෙන්ඩ ලියලා තිබ්බ උනත් බයික් පිස්සුවක් ගැන සඳහන් කරල තිබුනෙ මිට වසර 9කට කලින් ලියවෙච්ච හිරු බැස යන සැන්දෑවක චැලි බට්ටා සොයා ගියෙමි පෝස්ට් එකේ. ඉතින් ඒ් පෝස්ට් එකේ දිගුවක් සහ ඊටත් කලින් කොටි මලයගෙ බයික් පිස්සුවේ අල ගිය මුල තැන් ඉඳන් සියල්ලම දිගාරින්න තමා කොටි මලයා ලැප් එක උකුලට අරන්, ඇඳට වෙලා සැපේ ඉඳගෙන, කිරි කෝපි එකකුත් පැත්තකින් තියාගෙන සෙට් වෙන්නෙ... මගෙ බයික් පිස්සුව පටන් ගන්නෙ අවුරුදු 10කට විතර කලින් 2016 විතර... ඊට කලින් මට සිරාවටම බයික් පිස්සුවක් කියල දෙයක් තිබුනෙ නෑ ...