Friday, December 18, 2015

ඉස්කෝලෙන් පැනපු දවසක වුනු බය....

ඔන්න ඉතින්...කම්මැලිකම යන්නත් එක්ක විබාග කාලෙ ඉස්කෝලෙ වුනු සන්තෑසි වලින් එකක් ඇදල ගන්නයි මේ ලෑස්ති වෙන්නෙ....ඒ 2015 නොවැම්බර් අන්තිම....

සුපුරුදු විදිහට විභාගෙ ඉවරයි...ලකුණුත් බාගයක් විතර දීලා....මේ කාලෙ ඉතින් අපි කවුරුත් බලන්නෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාව 1.30 උනත් 12.30 විතර ඉස්කෝලෙන් ගිහින් ස්කූල් වෑන් එකට ගිහින් ආතල් එකේ ඉන්න...

ඔන්න ඉතින් සුපුරුදු ලෙස මමත් මගේ හොදම මිතුරා පමොදුත් 12.30ට විතර ප්‍රයිමරි ගේට් එක ලගට ආවා...සුපුරුදු ලෙස....එය වහලා....ඉතින් අපිත් පොඩ්ඩක් වෙලා එතන ඉදගෙන හිටියා පනින්න ක්‍රමයක් හොය හොය....ඉතුරු ටික කියවන්න කලින් පහත දල සිතියම වෙත අවධානය යොමු කරන්න...එතකොට කතාව ඉතා හොදින් තේරුම් ගන්න පුලුවන්....


ඉතින්...මේ වෙලාවෙ අපේ ස්විමින් පූල් එකේ තරගයක්...බාලිකා පාසලකින් ඇවිත්...අර නැරඹුම් පඩි වල ළමයි පිරිලා...කොහොම හරි අපි වාඩි වෙලා ඉන්නකොට තරගය ඉවර වෙලා එයාලා ගියා....අපි ගියා සිතියමේ 2 ගේට්ටුව ළගට....ඔතනින් ගිහින් ස්විම් පූල් එක අයිනෙන් ගිහින් එහා පැත්තේ නැරඹුම් පඩි වලින් නැගලා 3 ගේට්ටුවෙන් ගිහින් ආපන ශාලා හරහා ගිහින් 4 ගේට්ටුව හරහා පනින්න පුලුවන්...මෙතන බොහෝ විට ගේට්ටු වහල තියෙන්නෙ...ඒත් අර බාලිකා පාසලේ ළමයිට බාධාවක් වෙයි කියල ඒව වහල තිබුනෙ නෑ..අනික අර ආපන ශාලාවලටත් ඒ ළමයි යන්න ඕනි නිසා....

කොහොම හරි....මේ වෙලාවට ප්‍රයිමර් ගේට් එකෙන් පනින්න හදන 6,7,8,9 ශ්‍රේණි වල ළමයි ගැන අවදානය යොමු කරන්න ප්‍රිෙෆ්ක්ට්ලා එනවා....ඒත් අතන බාලිකා පාසලේ ගැහැනු ළමයි ඉන්න හින්දා ප්‍රිෆෙක්ට්ලා(ශිශ්‍ය නායකයො)ගේට්ටුව ළගට ඇවිත් අපිට පාට් දාන්න ආවෙ නෑ...අපි හිටපු තැනට මීටර් 50ක් විතර ඈතින් තමයි හිටියෙ.

අර ගැනු ළමයි ගියාට පස්සෙ අපි(මම සහ පමෝද්)ශේප් එකේ 2 ගේට්ටුව ළගට ගියා....දැන් පනින්නත් බයයි...ප්‍රිෆේකට්ලා සෙට් එක ඈතින් බර කතාවක...අපිට පනින්නත් හිතෙනව පනින්නෙ නැතුව ඉන්නත් හිතෙනව....පැනලා මාට්ටු උනොත් නං ගස්ම තමයි....කොහොම හරි මේ වෙලාවෙ මහත දෙහෙත තියෙන ටෙනිත් ආවා....අපි උගෙන් ඇහුවා පනිමුද නැත්තං නිකන් ඉමුද අතන ප්‍රිෆෙක්ට් ලා ඉන්නවා කියලා....ටෙනිතට ඕනි උනේ නෑ අතන උගෙ මහත ඇගත් තියාගෙන 1.30 වෙනකන් ගේට් එක ළග හිට ගෙන ඉන්න...අනේ මම නං යනවා බං කියපු එයා ගේට් එකෙන් යන්න ගියා...

අපි දෙන්නටත් ඉවසන් ඉන්න බෑ...අපිත් ශේපට 2 ගේට්ටුවෙන් ආවා....ඊට පස්සෙ 3 ගේට්ටුවෙන් ගිහින් ආපන ශාලා හරහා ශේපට හිමීට යන්න පටන් ගත්තා....ඊට පස්සෙ අපිට සද්දයක් ඇහුනා පිටිපස්සෙන් ළමයි කෑ ගහන සද්දයක්...මේ වෙද්දි අපි 4 ගේටුටවට හොදටම ළං වෙලා...අර කෑගැහුවෙ අපි වගේම අර ගේට්ටුවෙන් පැනපු ළමයි වගයක් කෑගහනෙග දුවන්න පටන් ගත්තා....JP(Junior Prifects)ලා එනෝ....කියල උන් දුවන්න පටන් ගත්තා....

අපි දෙන්නත් පස්ස හැරිල බැලුවෙ නෑ....දිවුවා දිවිල්ලක් කියල වැඩක් නෑ....ප්‍රිෆෙක්ට්ලාට අහුවුනොත් එල්ලුම් ගහට අහුවුනා වගේ හැගීමක් අපිට තිබුනෙ...ඉතින් අපි පාර එහාපැත්තෙ තියන ග්‍රවුන්ඩ් එකට උඩින් නවත්තල තියන අපේ ස්කූල් බස්(රෝසා බස් එකක්)එකට දිවුවා...අපි යද්දි ඇපල්(7 වසරෙ ඉගෙන ගන්න අපේ වෑණ් එකේ යන කොල්ලෙක්)එයාගෙ යාලුව කවිෂ්ක එක්ක වෑණ් එක අස්සෙ කෑම කනව...උන් අපිට කලින් මොන ක්‍රමෙන් හරි ඉස්කෝලෙන් පැනලා....ඔය 6,7 ශ්‍රේනි වල ඉන්න උන් තමයි ඉස්කෝලෙන් පනින්න හොර පාරවල් හොයාගන්න විශේෂඥයො....වැඩිපුරම ගාය තියෙන්නෙත් උන්ට....

ඊට පස්සෙ අපි වෑණ් එකේ ජනෙල් වලින් දැක්කාම අපි දැක්කා කිවුව විදිහටම ප්‍රිෆෙක්ට්ලා ගේටුටවෙන් ඇවිත් පාර බල බල පැනපු එවුන් හොයනවා....

අපිත් ටක් ගාලා වෑණ් එකේ අරල තිබුන ජනෙල්/දොර ඔක්කොම වහල බෑග් සීට් යට හංගලා අපි සීට් අස්සෙ හැංගිලා දිගා වෙලා හිටිය....ශේප් එකේ....මොකද අරුන් වෑණ් ළගට ඇවිත් සෝදිසි කලොත් ආයිත් ඉස්කෝලෙ එන්න හම්බෙන්නෙ නෑ....

කොහොම හරි ටික වෙලාවකින් උන් යන්න ගියා...පැනපු එකෙක්වත් අල්ල ගන්න උණ්ට පුලුවන් වෙලා නෑ....උන් රවාගෙන යනවා අපි දැක්කා....

මේ දිගා වෙලා හිටිය වෙලාවෙම මම බය උණු තරමක් ඔයාල දන්නෙ නෑ....

මේකත් එක කතාවක්...ඉස්කෝලෙන් පැනලි ගැන කතා බොහොමයි....ඒවත් ඉඩ ඇති වෙලා වල පස්සෙ දාන්නම්.... 

වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කරපු හැටි....

හලෝ ඉතින් කොහොමද?...ජීවිතේ මල්ද?.....මම හිතන්නෙ මේක වෙන්නැති මම 2015 දෙසැම්බර් නිවාඩු කාලෙ ලියපු පළවෙනි බ්ලොග් පෝස්ට් එක....නිවාඩුවත් තිබුනට තිබුනා කියල දැනුනෙවත් නෑ....ඒ තරම්ම කම්මැලිකමෙන් පිරුණු නිවාඩුවක්....

ටෙච් බ්ලොග් එකට ලියන්න අලුත් දේවල් ටිකක් හොයන්න ඕනි උනාට මේකට ලියන්න නං ඕනි තරං ලිපි තියනවා....පහුගිය විබාග කාලෙ ගැන මම ලියන්න හිටපු පෝස්ට් ගාණ 20කට වැඩි ඇති....ඒත් වෙලාව තිබුනත් කම්මැලිකම නිසා ලියන්න බැරි උනා...මම ඒ කාලෙ ගැන පෝස්ට් පස්සෙ ලියන්නං.....මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙත් නිකන් ඉන්න වෙලාවෙ වෙන කරන්න දෙයක් නොතිබුනු නිසා...

දිනය-2015.12.18

ඔන්න බොලේ හා හා පුරා කියල මම උදේ 6.30 ඇහැරුනා...නිවාඩු කාලෙ අනිත් ලමයි 9 විතර වෙනකන් නිදා ගත්තට මම එහෙම නෑ...ඒකට හේතුව මගේ කොම්පියුටර් පිස්සුව...කෙටියෙන් කියතොත් උදේ 9 වෙනකන් තමයි මගේ හච් ඩේටා පැකේජ් එකේ නයිට් ටයිම් එක තියෙන්නෙ.ඒකෙ ඩේ ටයිම් ගිගාබයිට් 3කුත් නයිට් ටයිම් ගිගාබයිට් 9කුත් ලැබෙනවා....ඉතින් මම කරන්නෙ ඩේ ටයිම් ගිගාබයිට් 3 දවල් සර්ච් කරන්න තියාගෙන උදේ 9 වෙනකන් නයිට් ටයිම් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක....

ටික කාලෙක ඉදලා මට වින්ඩෝස් 10 දාගන්න ඕනි වෙලා හිටියා....ඉතින් මම ටොර්න්ට් එකෙන් උදේ 9 වෙනකන් වින්ඩෝස් 10 දවස් 3ක් විතර ඩවුන්ලෝඩ් කලා....ඊට පස්සෙ අද උදේ තමයි ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනේ...උදේ 8.30ට විතර....

ඊට පස්සෙ මට හිතුනා ඒ වෙලාවෙම ඒක ඉන්ස්ටෝල් කරන්න...ඒත් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන එක මහවදයක්...ඩෙස්ක්ටොප් එකේ එහෙම තියන අත්‍යවශ්‍ය ෆයිල් බැකප් කරන්න ඕනි එපා වෙනවා....ඊට පස්සෙ මම හිතුවා ඒක දවල්ට කල් දාන්න...ඔහොම ඉතින් දවල් නාල පැය ගාණක් බැකප් කරල වින්ඩෝස් සෙටප් එක ඉන්ස්ටෝල් වෙන්න දැම්මා....එතකොට දවල් 1ට විතර ඇති....

මෙන්න බොලේ ටිකක් වෙලා යනකොට සෙටප් එක 2%ක් විතර ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකොට(මේ සෙටප් පට්ට හිමින් ඉන්ස්ටෝල් වෙන්නෙ)අහස කලු කලා...දඩ බඩෝරියන්....මෙන්න බොලේ විනාඩි 2න් දාරානිපාත වරුසාව....

මං ගණන් ගත්තෙ නෑ....වැස්සත් ගෙරෙව්වෙ නැති නිසා....කරුමෙක මහත...සෙටප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ 30%යි...ගොරවන්න පටන් ගත්තා....

හයියෝ.....වැස්සට හැම තැනම සීතලයි ඒත් මගේ ඇගේ උතුරන්න දාඩිය....දැන් මොකැයි කරන්නෙ....ලැප් එක ඕෆ් කරන්නත් බැහැ....ඕෆ් කලොත් ඔක්කොම කෙලියා....බැටරියෙන් ඉන්ස්ටොල් කරන්නත් බෑ....ඒ මූසල බැටරිය පිච්චිලා මාස 2කට වැඩි....ඉතින් චාජරය ගහගෙනයි වැඩ කරන්නෙ....මට ටක් ගාල ඕක වහල ආයිත් අර මං ගාව තියන වින්ඩෝස් 8.1 ඩීවීඩී එකෙන් ලැප් එක බූට් කරගන්න පුලුවන්....කරුමෙක හැටි....ඒ සීඩී රොම් එක කැඩිලා මාසයකට කිට්ටුයි....බැටරිය යකාට ගියාවෙ කියල සීඩී රොම් එක වත් වැඩ නං....කතා කරල වැඩක් නෑ....අම්මට තාත්තට කිවුවට වැඩකුත් නෑ සල්ලි නෑ වෙලාව නෑ...

ඉතින්....මම කරපු වැඩේ ඉතිපිසෝ ගාථාව මතුර මතුර වෙව්ල වෙව්ල හිටියා....කොහොම හරි වාසනාවට සැරින් සැරේ තමයි ගෙරෙව්වෙ....කොහොම හරි 100%ක් ඉන්ස්ටෝල් උනා....

මම ජීවිතේට මෙහෙම බය වෙච්ච දවසක් නෑ....ලැප් එක ඕෆ් කරන්නත් බෑ....ඕෆ් නොකරත් බෑ...කොහෙන් හරි අකුණක් වැදුනත්....ඉවරම තමයිනෙ.....

මේක තමයි ඉතින් වෙච්ච සන්තෑසිය....