Skip to main content

Posts

Showing posts from December, 2015

ඉස්කෝලෙන් පැනපු දවසක වුනු බය....

ඔන්න ඉතින්...කම්මැලිකම යන්නත් එක්ක විබාග කාලෙ ඉස්කෝලෙ වුනු සන්තෑසි වලින් එකක් ඇදල ගන්නයි මේ ලෑස්ති වෙන්නෙ....ඒ 2015 නොවැම්බර් අන්තිම.... සුපුරුදු විදිහට විභාගෙ ඉවරයි...ලකුණුත් බාගයක් විතර දීලා....මේ කාලෙ ඉතින් අපි කවුරුත් බලන්නෙ ඉස්කෝලෙ ඇරෙන වෙලාව 1.30 උනත් 12.30 විතර ඉස්කෝලෙන් ගිහින් ස්කූල් වෑන් එකට ගිහින් ආතල් එකේ ඉන්න... ඔන්න ඉතින් සුපුරුදු ලෙස මමත් මගේ හොදම මිතුරා පමොදුත් 12.30ට විතර ප්‍රයිමරි ගේට් එක ලගට ආවා...සුපුරුදු ලෙස....එය වහලා....ඉතින් අපිත් පොඩ්ඩක් වෙලා එතන ඉදගෙන හිටියා පනින්න ක්‍රමයක් හොය හොය....ඉතුරු ටික කියවන්න කලින් පහත දල සිතියම වෙත අවධානය යොමු කරන්න...එතකොට කතාව ඉතා හොදින් තේරුම් ගන්න පුලුවන්.... ඉතින්...මේ වෙලාවෙ අපේ ස්විමින් පූල් එකේ තරගයක්...බාලිකා පාසලකින් ඇවිත්...අර නැරඹුම් පඩි වල ළමයි පිරිලා...කොහොම හරි අපි වාඩි වෙලා ඉන්නකොට තරගය ඉවර වෙලා එයාලා ගියා....අපි ගියා සිතියමේ 2 ගේට්ටුව ළගට....ඔතනින් ගිහින් ස්විම් පූල් එක අයිනෙන් ගිහින් එහා පැත්තේ නැරඹුම් පඩි වලින් නැගලා 3 ගේට්ටුවෙන් ගිහින් ආපන ශාලා හරහා ගිහින් 4 ගේට්ටුව හරහා පනින්න පුලුවන්...මෙතන බොහෝ ...

වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කරපු හැටි....

හලෝ ඉතින් කොහොමද?...ජීවිතේ මල්ද?.....මම හිතන්නෙ මේක වෙන්නැති මම 2015 දෙසැම්බර් නිවාඩු කාලෙ ලියපු පළවෙනි බ්ලොග් පෝස්ට් එක....නිවාඩුවත් තිබුනට තිබුනා කියල දැනුනෙවත් නෑ....ඒ තරම්ම කම්මැලිකමෙන් පිරුණු නිවාඩුවක්.... ටෙච් බ්ලොග් එකට ලියන්න අලුත් දේවල් ටිකක් හොයන්න ඕනි උනාට මේකට ලියන්න නං ඕනි තරං ලිපි තියනවා....පහුගිය විබාග කාලෙ ගැන මම ලියන්න හිටපු පෝස්ට් ගාණ 20කට වැඩි ඇති....ඒත් වෙලාව තිබුනත් කම්මැලිකම නිසා ලියන්න බැරි උනා...මම ඒ කාලෙ ගැන පෝස්ට් පස්සෙ ලියන්නං.....මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙත් නිකන් ඉන්න වෙලාවෙ වෙන කරන්න දෙයක් නොතිබුනු නිසා... දිනය-2015.12.18 ඔන්න බොලේ හා හා පුරා කියල මම උදේ 6.30 ඇහැරුනා...නිවාඩු කාලෙ අනිත් ලමයි 9 විතර වෙනකන් නිදා ගත්තට මම එහෙම නෑ...ඒකට හේතුව මගේ කොම්පියුටර් පිස්සුව...කෙටියෙන් කියතොත් උදේ 9 වෙනකන් තමයි මගේ හච් ඩේටා පැකේජ් එකේ නයිට් ටයිම් එක තියෙන්නෙ.ඒකෙ ඩේ ටයිම් ගිගාබයිට් 3කුත් නයිට් ටයිම් ගිගාබයිට් 9කුත් ලැබෙනවා....ඉතින් මම කරන්නෙ ඩේ ටයිම් ගිගාබයිට් 3 දවල් සර්ච් කරන්න තියාගෙන උදේ 9 වෙනකන් නයිට් ටයිම් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක.... ටික කාලෙක ඉදලා මට වින...