Skip to main content

Posts

Showing posts from October, 2015

ලැප් එක කැඩුනෝ....

කියන්න තරං දෙයක් නෑ ලැප් එකේ ස්ක්‍රීන් එක අරින වහන අර ලොක් එක වගේ එක පැලුනා.දැන් ස්ක්‍රීන් එක නවල වහන්න බෑ.මොකක් හරි අවුලක් වෙයිද දන්නෙත් නෑ...ඒ මදිවට බැටරිය ඉවරයි.වැඩ නැහැ.ඒක කැඩිලා දැන් මාසයක් විතර වෙනවා.චාර්ජර් එක ගහල ප්ලග් එකෙන් පාවිච්චි කළා.ඒ නිසා ගාණක් නෑ.දැන් අලුත්ම වැඩේ දැන් cd rom එකත් වැඩ නැහැ.සීඩී එකක් දැම්මම බර බර ගාලා සද්දයක් එනවා.එතනින් එහාම හුලං...දැන් හදා ගන්න ට්‍රයි කරනවා... හදිසියේ ආවෙ වැඩකට යනවා හොදේ...

බ්ලොග් වල Guest Post ලිවීම සම්බන්ධයෙන්......

ඇත්තටම මම මේ දවස් ටිකේ බ්ලොග් දෙකක ගෙස්ට් පෝස්ට් කිහිපයක් ලිවුවා.ඇත්තටම ඒක නං ලස්සන අත්දැකීමක්.මොකද හොදට ට්‍රැෆික් තියන සයිට් එකක දෙකක ඇඩ් ලින්ක එහෙම දාලා පෝස්ට් තුන හතරක් ලිවුවාම මට මාර සතුටක් එනවා.කොහොමත් බ්ලොග් පෝස්ට් එකක් ලිවුවාම හැමෝටම ලොකු සතුටක් එනවානේ.අරක අමුතුම අත්දැකීමක්.වෙන කෙනෙකුගෙ බ්ලොග් එකක ලිපි ලියන්න ලැබීම.ගෙස්ට් පෝස්ට් ලියනවා නං හොදට SEO වෙලා හොදට ට්‍රැෆික් තියන බ්ලොග් වල ලියන්න.ඒවාට ads link දාන්නත් අවසර ලැබෙනවා.මම මේ දවස් ටිකේ short.st,adf.ly,adlk වගේ ඒවලින් ලින්ක් ෂෝර්ට් කරලා දැම්මා.මේ දවස් 2කට සැලකිය යුතු ඉපයීමක් මං ඒ වලින් කරලා තිබුනා.දැනට මං එහෙම ලියන සයිට් තමා SinhalaZone.info,AluthTricks.com කියන්නේ.ඉතින් මම ඔයාලාටත් ආරාධනා කරනවා එහෙම ගෙස්ට් පෝස්ට් ලියන්න එන්න කියලා.මොකද ගොඩාක් අය තමන්ගෙ බ්ලොග් කරනවා විතරයි.වෙන බ්ලොග් වල ගෙස්ට් පෝස්ට් ලියන්නෙ නෑ.හැම විදිහකින්ම බ්ලොග්කරණයේ අලුත් අත්දැකීම් විදගන්න අපි පුරුදු වෙන්න ඕනි.

පූස් පැටියාගෙ වීඩියෝවක්.

අපේ ගෙදර පූසි මුලින්ම දාපු පූස් පැටවු දෙන්න තමා චෙස්ටර් සහ බස්ටර්.හරී ලස්සනයි.මයිල් පිරිලා සුදු පාටට.බස්ටර් නං ලෙඩ ගතියෙම තමා හිටියෙ.මාස තුන හතරකින් මැරුනා.චෙස්ටර්ටත් ලෙඩක් හැදුනා.බෙහෙත් ගන්න ගියා.බඩේ ගෑස් කියල කිවුවෙ.බෙහෙතක් විද්දා.මට හිතෙන්නෙ ඩොක්ටර්ට ලෙඩේ අදුරගන්න බැරි උනා.දිගින් දිගටම උෟට වමනෙ ගියා.කොහොම හරි අපේ ගෙදර හිටපු ලස්සනම පූසාත් මැරුනා.මේ තියෙන්නෙ එයාගෙ වීඩියෝ එකක්.

අපේ අලුත් Persian පූස් පැටව්.

අපේ ගෙදර අලුත් Persian පූස් පැටවුන්ට දැන් වයස මාසයයි.දැන් හරි හුරතල්.සෙල්ලම් කරනවා.අපි මහත අනුව හුරතලේට නමකුත් දැම්මා.මහත වැඩිම එකා බතල.ටිකක් මහත එකා අල.හීනිම එකා ඉන්නල. අල,බතල,ඉන්නල....හේ හේ.....මේ බලන්නකෝ එයාලගෙ පින්තූර.... තව එකක් මේ පාර නං මුංව තියාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මොකද විකුණන්න හදනවා.ගිය පාරත් තියාගෙන මාස තුන හතරෙන් මැරුණ ලෙඩක් හැදිලා.ඒ නිසා මට බැනුම් අහන්න උනා පොඩි කාලෙම දීල දැම්මා නං කරදරයක් නෑනෙ කියලා.ෆුල් ට්‍රයි එක දෙනවා තියාගන්න.ඔයාලත් පුලුවන් නං දෙන්න එපා කියල කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

බ්ලොග් එකක් කරල ඇති වැඩේ මොකක්ද?

මේක මට ගොඩාක් වෙලාවට එන ප්‍රශ්නයක්.ඇයි අපි බ්ලොග් එකක් කරන්නේ?ඒකෙන් අපිට ඇති වැඩේ මොකක්ද?මේකට ඇත්තටම තේරුමක් මම දන්නෙත් නෑ.මට හිතෙන දේ කියල දානවා..... ගොඩක් අය කියනව බ්ලොග් එකක් කිරීමෙන් හිතන ලොකු සහනයක් ලැබෙනවලු .ඒක නං ඇත්ත කියල මටත් පෞද්ගලිකවට හිතිල තියනව. බ්ලොග් එකෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා කරනවාලු .මේකත් ඇත්ත.සල්ලි හොයන්න පුලුවන්.ඇඩ් නෙට්වර්ක් හරහා...නමුත් මම මගේ ටෙච් බ්ලොග් එකට දාල තියනවා.ට්‍රැෆික් ආවොත් සල්ලි එන්න.ඒත්...මම වගකීමෙන් කියනව මම කවදාවත් සල්ලි හොයන්න බ්ලොග් කරන්නෙ නෑ.මම අරකට ඇඩ් දාල තියනව ඒක ඇත්ත.ඒ සල්ලි ආවොත් ගන්නව නැත්තං නිකන් ඉන්නව කියල හිතාගෙන...කොහොමත් වින්ඩිගේ අඩවියට මම ඇඩ් දාන්නෙ නෑ.. දැන් සිංහල බ්ලොග්කරණය විනාස වෙලාලු .මේක නං ඇත්ත කියල මට හිතෙනව මොකද පරණ බ්ලොග් 2006-2009 කාලෙ ආපු බ්ලොග් දිහා බැලුවට දැන් තියෙන්නෙ මොනවද කියල හිතෙනව.හොර සොෆ්ට්වෙයා පීටීසී ඊමනි ගැනමයි තියෙන්නෙ.පෝස්ට් එකක read more බට්න් එකක් ක්ලික් කරල ඉතිරි ටික කියවන්න බෑ adf.ly,short.st වලින් තියාගෙන තත්පර 5ක් චාටර් කරනව ඒ මදිවට පොප් අප් ඇඩ්ස් එපා වෙනව ආයිත් මිනිහෙක් යයිද ඔහොම බ්ලොග් එ...

TAB.LK වලින් Tablets ගන්න බලනව නම් දෙවරක් සිතන්න

මේක මගේ අත්දැකීමක් නෙවේ.නමුත් මගේ යාලුවෙක්ගෙ එකක්.එයා ෆෝරුම් එකක එයාට වෙච්ච අකරතැබ්බය මෙසේ විස්තර කර තිබුනා. ----------------------------------------------------------------------------------------------------------- Tab.lk  නැත්තම්  Extreme Technologies Lanka (Pvt) Ltd  ලංකාවෙ තියෙන ටැබ් විකුණන සමාගමක්, වෙබ් අඩ්වියක්. මොවුන්ගේ වංචාවක් ගැන කියන්නයි මම ලෑස්ති වෙන්නෙ. මම මොවුන්ගේ වෙබ් අඩවියෙන් ටැබ්ලට් එකක් මිලට ගත්ත 16/09/2015, රු.55900කට. එවෙලෙම කතා කරල සල්ලි ටිකත් bank transfer කළා. පැය 12කින් ටැබ් එක ලැබෙයි කිව්ව. දවස් 2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව courier service එකෙන් පැකේජ් එක නැති කරල එයාල ආපහු එවන්නම් කියල. තව දවස්2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව ඒක එව්වෙ නෑ ස්ටොක් නෑ කියල. 62000කට තියෙන එකක් ගන්න කිව්ව. තවත් 6000ක් වියදම් කරන්න බැරි නිසා මම කිව්ව මට සල්ලි ආපහු දෙන්න කියල.  අදට එහෙම කියල දවස් 12ක් වෙනව තාම සල්ලි හම්බුනේ නෑ. චෙක් එකක් පෝස්ට් කළාලු registered post එකේ දවස් 4ක් තිස්සෙ මට තාම ඒක ආවෙ නෑ.  බැංකු ගිණුමට දවස් දෙකක් තිස්සෙ සල්ලි දානව ක...

මමත් Book Fair ගියා.....

ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් මාර්කින් නිසා කොළඹ ඉස්කෝල වලට සති 2ක් නිවාඩු.ඒ නිසා ටිකක් උදේ වෙනකන් නිදා ගන්න පුලුවන්.ඒ නිසා රෑ ඇහැරල ඉන්න ගාණක් නෑ.ලැප් එක ඔන් කරගෙන ඩොංගල් එක ගහගත්තම නින්ද යන්නෙත් නෑ. මේ ලිපිය ලියන්න පාදක උනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2015.සරලව කිවුවොත් බුක් ෆෙයා.පොඩි කාලෙ ඉදන්ම පොත් කියවන පිස්සුවක් මට තිබුනත් මේ වෙනකන් කවදාවත් කොළඹ බුක් ෆෙයා එකට ගිහින් තිබුනෙ නෑ.ආසාවෙන් හිටියා උනත්. එදා අපේ චූටි අම්මා(අපෙ අම්මගෙ නංගි)කිවුවා මාව බුක් ෆෙයා එක්කන් යනවා කියල...හිතාගන්න පුලුවන්නෙ අප්පේ මට තියන සන්තෝසෙ....ඒව ගැන වැඩි විස්තර කියන්නෙ නෑ ඔන්න සෙනසුරාද විද්‍යා පන්තිත් කට් කොරගෙන ඔන්න නැග්ග උදේ පාන්දරින් හොරණ කොළඹ බස් එකක...මායි චූටි අම්මයි අම්මයි විතරයි ගියේ.නංගිව පුංචිලාගෙ ගෙදර දාලා ගියා.... අපි හිතන් හිටියෙ කෑම හොරණින්ම අරන් යන්න.ඒත් කලබලේට අමතක උනා.ඒ පාර ගත්තෙ කොළඹින්.අපෙ අප්පේ....රෝල්ස් එකක් රු.40ක්.මෙහෙ 25යි.කොහොමින් කොහොම හරි අපි BMICH එකටත් ළගා වුනා...

මට අමතක උනා....

හම්මේ....මට අමතක උනා....හිතට එන හැමදේම ලියන්න පර්සනල් බ්ලොග් එකක් හැදුවා කියලා.....දැනුයි මතක් උනේ....මගේ තාක්ෂණික බ්ලොග් අඩවිය  PCKOTIYA පරිගණක ලෝකය  නං නැගලා යනවා.මට දුක ඒකෙ පරිගණක ගැන විතරනෙ ලියන්නේ.ඉතින් මටත් ඕනි වුනා හැම මගුලම ලියන්න පුලුවන් වෙන්න පර්සනල් බ්ලොග් එකක් ලියන්න.ඔහොම තමයි.අදහස් එනවා.බ්ලොග් එකත් හදනවා.ඊට පස්සෙ මාර කම්මැලිකමක් ගහනවා.දැන් බ්ලොග් 8ක් තියනවා.එකකවත් පෝස්ට් නෑ.ඒත් වින්ඩිගේ අඩවිය මං අමතක කරන්නෙ නෑ.ඇයි මගේ පර්සනල් බ්ලොග් එකනෙ. 2017.02.09 UPDATE පසුකාලීනව මෙම බ්ලොග් අඩවියේ නම වින්ඩිගේ අඩවිය ලෙස නොව කොටිමල්ලියාගේ බ්ලොග් පිටුව ලෙස වෙනස් කරන ලදී... තවද අර බ්ලොග් එකක් කිරීමෙන් සැනසීම ලැබෙනවා කියා තාත්තා කියුවා යැයි කියා ඇති කතාව අමු පචයක් බවද සලකන්න...එය ඒ වෙලාවේ පෝස්ට් එක දැමීමේ ආතල් එකට දැමූ කොටසකි... මෙම බ්ලොග් අඩවිය කොටි මලයා පොරගේ ජීවන අත්දැකීම්,නිර්මාණ,පොරට හිතෙන දේවල්,පොරගේ බුද්ධිමත් සහ මන්දබුද්ධික ප්‍රකාශ,සහ ඌගේ මිතුරන්ගේ වැරදි වලට මිතුරන්ට කෙලින් කිව නොහැකි නිසා ඒවාට සියුම් ලෙස බැනීමට ආදී දේවල්වලට යොදා ගන්නා එකකි...ඔබගේ අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්...