Monday, February 13, 2017

කොත්තු කතාවක්...


හලෝ....හැමෝටම ඉතින් සුබ දවසක් වේවා...!!!

කාලෙකට පස්සෙ තමා මේ වගේ ආතල් එකක් ගන්න වැඩක් සෙට් උනේ...

ඊයෙ 2017.02.12 නේ...උඹලා දන්නව ඇතිනෙ මම ගණන් පන්ති යන්නෙ අපේ මිත්‍රයා විශ්වයාගෙ ගෙදර කියලා...පොරගෙ ගෙදෙට්ට සර් කෙනෙක් ඇවිත් උගන්නනව...මායි විශ්වයයි පමෝද් කාරයයි තමා ඕකට යන්නේ...ඉතින් ඊයෙත් අපි 2න්නා අරූගෙ ගෙදට්ට ගියා...කොහොම හරි පන්ති 6.30ට විතර පටන් ගන්නව ඒත් 7 වෙනකනුත් සර් ආවෙ නෑ...අපි 3න් දෙනා ගෙට්ටුව ලගට වෙලා කයියක් දාගෙන උන්නේ...ඊට පස්සෙ කෝල් කරලා බැලුවම සර් කාරයට උණ හැදිලා අද පන්ති නෑ...අපිත් ඉතින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...විශ්වයා හැපි එකටමද කොහෙද පාරෙ කන්ද පැත්තට යන්න පටන් ගත්තා...උගෙ ගේ තිබුනෙ පාර අයිනෙනේ...මායි පමෝදුයිත් අරූ පස්සෙන් ගියා...

අපි ඉතින් හෙන හැපී එකේ කයියක් දාගෙන කන්දෙ කඩ පැත්තට ගියා...ටික දුරක් යනකොට මට මතක් උනා මගෙ සාක්කුවෙ රැපියක් 120ක් තියනව...ඒක එදා දවල් ගෙදර කවුරුත් හිටියෙ නෑ...මං විතරයි උන්නේ...අර මොකක්ද කොල ජාතියක් තියනව ඒක සැරසිලි වලට ගන්නව මිනිස්සු වගයක් ඇවිත් ඔය කොල ටිකක් කපාගෙන තමා මට ඔය රුපියල් 120 දුන්නේ...මම ඒක ගෙනාවෙ කන්න නෙවේ...මට අරුන් දෙන්න ලග  පවර් සප්ලයි යුනිට් එකක් තිබ්බොත් ඒක ගන්න ඇඩ්වාන්ස් එකක් දෙන්න ගෙනාවෙ...ඊට පස්සෙ ඉතින් මටත් විකාර සිතුවිල්ලක් ආව නිකන් හම්බෙච්ච 120 නේ...මම නිකමට ඇහුව මචන් අපි මොනා හරි කමුද කියල...

උඹ ගාව සල්ලි තියනවැයි?...ඔව් බං 120ක් තියනව...එහෙනං ඉතින් මොකක් හරි කමු ඉතින් උඹ කැමති නං...

අරුන් දෙන්න එච්චර සීරියස් විදිහට හිතුවෙ නෑ ඒ වෙලාවෙ කොහොමහරි මං කෑම ගනියි කියල...කොහොමහරි මං කිවුවා ඔන්න ඔහේ ගමු කියල...ඊට පස්සෙ අපි තුන් දෙනා එතන තිබ්බ කොත්තු කඩේට ගොඩ වැදුනා...

මම - මොනවද බං ගන්නේ?කොත්තුවක් කීයක් වෙයිද බං?
විශ්ව-කොත්තුවක් වෙයි ඉතින් 150ක් විතර.
මම-පොඩ්ඩක් අහල බලපන්කො
අරූ ඊට පස්සෙ ගාණ අහල වෙජිටබල් කොත්තුවක් නෝමල් එක 120යි...මොකද කරන්නෙ ගමුද?...
මම ඉතින් ටිකක් විතර කුණානේ...මම බැලුවෙ ටිකක් අඩුවට...ඊට පස්සෙ මම අර ෂෝ කේස් එකක ‍තිබ්බ රොටි ටිකක් දැකල ඒව ගමුද කියල ඇහුව..

විශ්ව-ඒව නිකන් පුස් කාල වගේ නේද බං?
මම-එද්දකින් විතරක්...මොකද බං කරන්නෙ කොත්තුවක් ගමුද?අපි 3දෙනාට ඇති වෙයිද?
විශ්ව-ඇති වෙයි බං මං හිතන්නේ...

මං හැතැප්ම තිස්දෙකයි දශම නවයක විතර හුස්මක් රුපියල් 120ට තිබුනු තණ්හාව එක්ක පිට කරලා ඔන්න ඔහේ ගමු බං කියල සල්ලි දුන්නා...

කොහොම හරි ඒ කඩේ එක්කෙනා විශ්වයගෙ යාලුවෙක්...එයා අපි ගැන අනුකම්පා කරල ෆුල් එකක්ම දුන්නා පස්සෙ රුපියල් 20ක් ගෙනත් දෙන්න කියල...

අපි ඉතින් ෆුල් හැපි එකේ විශ්වයාගෙ ගෙදෙට්ට ඇවිත් කොත්තුව කාලා පට්ට ආතල් එකක් ගත්තා...ඇත්ත වශයෙන්ම කිවුවොත් අපි ඒ වගේ ආතල් එකක් කවදාවත් අරන්ම නෑ...ඉස්කෝලෙ එවුන් එක්ක ඒ වගේ නිදහස් ආතල් එකක් ගන්නත් බෑ...ඇත්තටම...ඉදලා හිටලා හරි යාලුවො තුන් හතර දෙනෙක් එක්ක මේ වගේ ආතල් එකක් ගන්න ඕනි බං මම නං කියන්නෙ...වැඩිය ඕන්නෑ 3ක් හොදටම ඇති...වැඩි උනාමත් කරදරයි නෙ...කොහොමත් අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන්ම යාලු මාලුවෝ වෙලා හිටපු පොරවල්නේ...ඒ ආතල් එක නං කවදාවත් අමතක වෙන්නෙ නෑ...කොත්තුව කෑවට පස්සේ විශ්වලෑ අම්මා අපිට තේ හදලා දුන්නා...ඒක බීලා අපි මිදුලට වෙලා පොඩි පොඩි දුවන සෙල්ලං පැනිලි සෙල්ලං කර කර ආතල් එකක් ගත්තා...ඊට පස්සෙ ගේට්ටුව ලග වාඩි වෙලා පොඩි කයියකුත් දාගත්තා...

මම දැනට යාලුවොත් එක්ක එකට විනෝද වෙලා තියනව නං මේකෙන් තමා මං ලොකුම සතුටක් ලැබුවෙ...අරුන් දෙන්නටත් හොදට විනෝද උනා...උනුත් පලවෙනි පාරනෙ...උන් කොහොමත් අද බලන් ඉන්නෙ මම මේක බ්ලොග් එකේ ලියනකන් උන් දන්නව මේක මම ලියනව කියල...අඩෝ උඹල දෙන්න මේක කියෙවුව නං කමෙන්ට් එකක් දාල පලයල්ල ඈ ලෝබ නොවී...උඹල දෙන්න නිසාමයි මේක මෙච්චර ඉක්මනට ලිවුවෙත් නැත්තං මාස හය හතක් පහුවෙලා තමා ලියන්නෙ...ඒ වගේම මේක කියවන ඔයාලටත් මම කියනව ඔයාලත් මේ වගේ යාලුවො තුන් හතර දෙනෙක් එක්ක ගත්ත අහිංසක ආතල් තියේ නං කමෙන්ට් එකක් විදිහට දාන්න කියල...ඒ වගේම බ්ලොග් එකට කමෙන්ට් කරලා දිරිමත් කිරීමටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මං ගියෝ...
ඔබ සැමට සුබ දවසක් වේවා...

2017.02.13

Friday, February 10, 2017

කට් කට් කොණ්ඩ කට් මොකටද?

දැන් සති දෙක තුනකට කලින්,
                     මම සැලුන් එකට ගියා කොණ්ඩෙ කපා ගන්න...එච්චර කොණ්ඩෙ වැඩි වෙලා තිබ්බෙ නෑ...ඉස්කොලෙ නායකයො ටික කිවුවෙත් නෑ දැන්ම කපන්න කියල...කෝකටත් කියල මම ගියා කොණ්ඩෙ කපන්න...

හම්මේ...අද නං 2යි ඉන්නෙ කොණ්ඩෙ කපන්න...එකෙක් කපලා ඉවර වෙන්න ළගයි...තව 7 වසරෙ විතර පොඩි එකෙක් හිටිය ඌත් කොණ්ඩෙ කපන්න ඇවිත්...මම ඉතින් එතන පුටුවක වාඩි වෙලා මම තිබුනු පත්තරයක් කියවන්න පටන් ගත්තා...ඒ වගේම මට අද ටිකක් හැපී...මොකද මගේ කරුමයක් තියනව හැම‍දාම කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගියාම මොකෙක් හරි එකෙක් පැය ගාණක් කට් ගහනව...මං හිතුව අද නං අවුලක් නෑ කවුරුත් නෑ පොඩි එකත් ඉක්මනට කපා ගෙන යයි කියල...මොකද මට සැලුන් එකට යන්න හංදියට යන එක මල වධයක්...ඒ වගේම මගේ වාරෙ එනකන් පැය ගානක් එතන බකන්නිලා ගෙන ඉන්න එක ඊටත් වඩා වදයක්...ඉතින් මොකෙක් හරි එකෙක් ඇවිත් පැය ගානක් බාබරයට එක එක ඒව කිය කිය කට් ගහනකොට මට එපාම වෙලා යනව....

කොහොමින් කොහොමින් හරි ටිකකින් ඇන්ටි කෙනෙකුත් ඇවිත් වාඩි උනා...බලද්දි එයා අර පොඩි එකාගෙ අම්මා...කොහොම හරි කොණ්ඩෙ කප කපා හිටපු එක්කෙනා ගියා...ඊට පස්සෙ පොඩි එකා...ඊට පස්සෙ මම...මමත් ඉතින් දැන් අරූත් ඉක්මනින් කපා ගෙන යයි කියලා හැපි එකේ හිටියා...

අර පොඩි එකා පුටුවෙ වාඩි වෙලා බාබරයට කිවුවා මොකක්ද එකක්...

බාබරයා-එහෙම ඕන්නෑ ඉස්කූල් කට් එක ගහමු
අරූ-බෑ බෑ අරම කපන්න
අරූගෙ අම්මා-යසයි මං නං දන්නෑ ඉස්කෝලෙන් බැන්නොත්...ඉස්කෝලෙ විදියට කපමු
අරූ-අනේ අම්මා...(ඌ මූණ බෙරි කරලා කට ඇදලා කිවුව විදිහට මට මේ ජීවිතේ මොකටද කියල හිතුන ඒපාර)
අරූගෙ අම්මා-ඕනි විදිහකට කපා ගන්න ඔන්න ඉස්කෝලෙන් බැන්නොත් මම නං පැත්ත පලාගෙ එන්නෑ

කොහොම හරි දැන් අරූ කට් එක කපනව...මටත් යකා නැග්ග හිතාගන්න පුලුවන්නෙ මට ආපු ෆීලින් එක...මුංට බයක් නැති හැටි...එහෙම නැත්තං ගොන්කම...එහෙම නැත්තං ඒ ඉස්කෝල නීති ක්‍රියාත්මක වෙන්නැති කම...අනික අම්මල ළමයින්ට ඕනවට වඩා පිස්සු වැඩ කරන්න ඉඩදීම...

මට හිතාගන්න බෑ මුං කොහොම එහෙම ඉන්නවද කියල...සාමාන්‍යෙයන් අපේ ඉස්කෝලෙ වගේ එහෙම නං අරූට ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුළට එන්න වෙන්නෑ...සැර සර් කෙනෙක්ට මාට්ටු උනොත් අරූගෙ පස්ස පැත්ත ගැන හිතාගන්න බැරි වෙන්න තිබ්බා...අනික මං නං කියන්නෙ ඒ අම්මලත් වැරදි...ළමයි ඉන්න ඕනෙ ළමයි විදිහටනෙ...මම එහෙම කොණ්ඩෙ කැපුව නං මට ගෙයින් එලියෙ තමා ඉන්න වෙන්නෙ...අනික සාමාන්‍ය විදිහට ළමයෙක් විදිහට ඉස්කෝලෙ යන්න ඕනි එකා නිකන් අවුරුදු විසි පහේ එකෙක් වගේ මහාලොකුවට අනිත් එවුන්ට වැඩේ දාන්න ඉස්කෝලෙ ගියාම කොහොමද?...උගෙ වයසෙ අනිත් එවුන් නං කමක් නෑ කියමු...ඒත් දකින වෙන අය හිතන්නෙ කොහොමද?...ඒ ඉස්කෝලෙ ඉන්නෙ මහ ගොඩේ එවුන් කියල...ඒක මහ ගොඩේ ඉස්කෝලයක් කියල...ඉස්කෝලෙම ඉවරයිනෙ ඉතින්...

මම නං කවදාවත් ඉස්කෝලෙ නිවාඩුවකටවත් කට් ගහපු එකෙක් නෙවේ...මම නිවාඩුව පටන් ගන්න කලින්ම ගිහින් ඉස්කෝලෙ ගානට කොණ්ඩෙ කපන එකෙක්...ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙත් අර විදිහට කට් ගහන්නෑ කියන මතයේ ඉන්න එකෙක්...අපි වැදගත් විදිහට ඉන්නනේ ඉගෙන ගන්න ඕනේ...

මම නං කියන්නෙ ළමයි ප්‍රධාන වශයෙන් ළමයි වගේ ඉන්න ඕනෙ...ඔය නිවාඩු කාලෙට ඉස්කෝලෙන් ගියාට පස්සෙ නං ඉතින් ගැහුවට කමක් නෑ...එහෙම ගහන එක නතර කරන්නත් බෑ...දැන් ළමයින්ගේ මානසිකත්වය වෙනස්...ඉස්සර ටැබ් ෆෝන් නැති කාලෙ ඔය මොනවත් තිබුන්නෑ...දැන් මුංට ඕනි කට් එකක් ගහලා සෙල්ෆියක් ගහලා බුකියට අප්ලෝඩ් කරලා තමා පොරක් කියල පෙන්නගන්න...ඕකනෙ මුංගෙ දේශපාලනේ...ඒත් ඉතින් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් මට නං පේන්නෙ ඒක උන්ගේ පොරත්වය නොව ඒක උන්ගේ මෝඩ නූගත් බවයි...

ඉතින් මම නං කියන්නෙ ඔය කට් ගහන එවුවො තව ටිකක් ඒ ගැන හිතල බලන්න කියල...උඹලා අතරෙත් එහෙම මේක කියවන එවුන් ඉන්නවා නං කමෙන්ට් එකක් දාලා පලයල්ලා ලෝබ නොවී...මොකද මට ආසයි එහෙම එකෙක් එක්ක පොඩි ටෝකක් දාල බලන්න මගෙ බ්ලොග් එක හරහා...ඒ වගේම මේක කියවන හැමෝම පුලුවන් නං වෙලාවක් තියේ නං කමෙන්ට් එකක් දාන්න...ඒක මට ලොකු හයියක්...

එහෙනං මම ගියෝ...
ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!





මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...