Skip to main content

Posts

Showing posts from 2016

මතකයන්,අත්දැකීම් රැසක් රැගෙන 2016 වසර අදින් නික්ම යයි...

ඉතින්,      සුබ උදෑසනක් මගේ හිතාදර මිතුරනි,අද 2016 දෙසැම්බර් 31 වෙනිදා...දැන් වෙලාව උදේ 10.31යි... හ්ම්...      අත්දැකීම්,මතකයන් ගොඩාක් දුන් වසරක් අදින් අවසන් වෙනවා මිත්‍රවරුනි, කොටි මලයා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඊයෙ රෑ නිකන් ඉන්න වෙලාවේ කල්පනා කරපු දේවල් ගැන හිතලා...ඒ වෙලාවේ මලයා ලොකු තීරණයක් ගත්තා 2016 වසරෙ මලයාට ලැබුනු අත්දැකීම්,දැනුම,මතකයන් ආයෙත් ආවර්ජනය කරලා මේ විදිහේ පෝස්ට් එක ලියන්න... 2016 කියන්නෙ හරිම පුදුම අවුරුද්දක්...මහම මහ පුදුමාකාර දේවල් උනු අවුරුද්දක්...දුක සතුට හැමදේම මිශ්‍ර වුණු අවුරුද්දක්...මලයා තීරණය කළා මේ අවුරුද්දෙ වෙච්ච දේවල් මුල ඉදලම ලිස්ට් එකකින් පටන් ගන්න... හ්ම්...මලයා ඒ පළවෙනි වාරෙට 9 ශ්‍රේණියෙ ශිෂ්‍යෙයක් වෙලා ඉස්කෝලෙ ගිය දවස...කොට කලිසම් ඇදලා ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද... වැඩ කරගෙන ගියා...මලයා කොහොමත් ඉස්කෝලෙ යන්න කම්මැලි පොරක් කියල දන්නවනේ...ඒත් වැඩ මගඇරියෙ නෑ... ඔන්න එක බඩවැල කඩාගෙන ආපු සහෝදරය වගේ හොදම මිතුරා කියපු එකා මලයාගෙ පන්තියටම වැටුනා මොකක් හරි ජල්තරයක් නිසා ඉස්කෝලෙ පටන් අරන් සති 2,3කට පස්සෙ...ඌව ...

පරණ කාර්වලින් එන සතුට හයිබ්‍රිට් කාර් එකේ නැත...

හලෝ මිත්‍රවරුනි,           ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍රහස්පතින්දා... ----------------------------------------------------------------------------------------------------------- ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ අද අපේ නංගිගෙ උපන්දිනේ...ඒ නිසා මුලින්ම එයාට සුබ පතලා ලිපිය පටන් ගන්නවා... ----------------------------------------------------------------------------------------------------------- කොටි මලයාට ක්ලැසික් කාර් පිස්සුව නම් රෝගය වැලදුනාට පස්සෙ තමයි කොටි මලයාට ජීවිතේ රසවිදින්න අවස්ථාව ලැබෙන්නේ....ඉතින් මලයා දැන් වෙනදට වඩා වාහන ගැන පෝස්ට් දාන්න තමා හදන්නේ... මේ ලිපියට පාදක උනේ දැඩි හයිබ්‍රිඩ්වාදියෙකු වන යාලුවෙක් කියන්නත් බැරි සතුරෙක් කියන්නත් බැරි දෙකටම නැති එකෙක් එක්ක මලයා දාපු සාකච්ඡාවක්...ඌ මලයට හෙන ටෝකක් දාලා අලුත් කාර් සහ පරණ කාර් ගැන වෙනස ගැන....ඉතින් යාලුවා ගැන හිතලා මලයා ඒ ගැන මලයාගේ හැගීම ඒ වෙලාවෙ පිට නොකර බ්ලොග් එක පැත්තට ඇවිත් හැමෝටම කියන්න හිතාගත්තා... බ්ලොග් එක කිය...

අවුරුදු කුමාරයා...

හලෝ මිත්‍රවරුනි,     අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 ------------------------------------------------------------------------------------------------------------ ඉතින් මිත්‍රවරුනි,         මිත්‍රවරුනි මේක කොහෙන් පටන් ගන්නද කියල මට හිතාගන්න ආමාරුයි...මෙහෙම මං කෙටියෙන් ආරම්බය ගන්නං... ඉතින් යාලුවනේ හැමෝටම වගේ මමත් පොඩි කාලෙ ඉදන්ම වාහන වලට ආසයි...මට මතකයි මට ඉස්සර ඔය ජේසීබී,ට්‍රක්,බස්,බැකෝ පිස්සුව තමා තිබුනෙ...ඒ වගේම පොඩි කාලෙ ඉදලම රේසින් කාර් පිස්සුවත් තිබුන...හැමෝටම වගේ මටත් තිබුනෙ ඔය අලුත් අලුත් වාහන පිස්සුව තමයි...ඔය ලැම්බෝගිනි,ෆෙරාරි කාර් වලට තමා ආසාව තිබුනෙ...මට මතකයි ඉස්සර කවුරු හරි ඇහුවම මොකක්ද පුතා ලොකු වෙලා ගන්න වාහනේ කියල මම කියන්නෙ ford mustang එකක් කියල...ඒ 2008 ගිය knight rider 2 tv serious එක බලලද කොහෙද...ඒ මිසක් වෙන වාහන පිස්සුවක් තිබුන් නෑ...මම හිතන් හිටියෙ අලුත් කාර් පිස්සුව තමා කාර් පිස්සුව කියන්නෙ කියල...ඒත් මට පස්සෙයි තේරුනේ කාර් පිස්සුව කියන්නෙ ඒ අලුත් වාහන වල තාක්ෂණය ගැන උනන...

දහසක් hybrid පරදා මා සිත් ගත් මෝටර් රථය...

2016.09.23    එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි...රැස්වීමේ වැඩ කටයුතු වලින් අනතුරුව ළමයින් පන්තිවලට විසුරුවීමට මොහොතකට පෙර ළමයි පෝලිමේ ඉන්දවනු ලබයි...මමද එසේ හිදගෙන සිටින අතර තුර මගේ නෙත අහම්බෙන් දිව ගියේ විද්‍යාලයේ රථගාල දෙසටයි...         ගුරුවරුන්ගේ වාහන විශාල සංඛ්‍යාවක් එහි නවතා තිබුනි.එයින් 90%ක්ම පාහේ නවතම hybrid මෝටර් රථය..ඒ අතර ඇල්ටෝ වැනි වාහනද බහුල විය...ඒවා සියල්ලම පාහේ නවීන පහසුකම් වලින් යුතු සුපිරි සුඛෝපබෝගී වාහනය...සාමාන්‍යෙයන් මගේ නෙත මෙම රථ ගාල වෙත නොයන්නේ එම නවීන රථවාහන වල වෙනසක් මට නොදැනෙන බැවිනි...නමුත් මෙදින රථගාල දෙස මට බැලුනේ ඇයි?       නවීන toyota aqua හා prius රථයක් මැදින් නවතා තිබුනේ volkswagen beetle වර්ගයේ පැරණි කාරයකි...එය 8 ශ්‍රී අංක තහඩු සහිත කාරයක් විය...තද නිල්පාට පේන්ට් කර තිබූ එය ඉතා චාම් මෝටර් රථයක් විය...පැරණි මෝටර් රථවලට අසීමිත ආදරයක් දක්වන මට මෙය ඉතා කන්කලු දර්ශනයක් විය...එම මෝටර් රථය මා දෙස බලා සිනා සෙන්නාක් මෙන් ...

මගේ ඩෙස්ක්ටොප් කම්පියුටරේ...

හාලෝ ඉතින් කොහොමද?.........උඹල හිතුවෙ මං මැරිල කියල නේහ්...අනේ අම්මප...මාස 3,4ක් පොස්ට් දැම්මෙ නැත්තෙ කම්මැලිකමට බං...එපා වෙලා ඉන්නෙ...හා හා අද මම බඩුවක් කියන්ඩ යන්නෙ මම Desktop Computer එකක් ගත්තා... හම්මේ ඔය තියෙන්නෙ ඒක තමා ඔය එහාපැත්තෙ තියෙන්නෙ මෙච්චර කල් දුකට සැපට හිටපු ලැප් එක තමා ඒ යෝදයත් හොදට වැඩ තාම. කොහොමද මගේ මැෂින් එක බ්‍රෑන්ඩ් නිව් කේසින් දාලා එල නේහ්...ඊරිසියා කරන්න එපා ඉතින් අමාරුවෙන් ගත්තෙ‍ මේක මචන්ලා Intel Pentium Dual E2220 2.4GHz Processor එකකින් බලගැන්වෙන පරිගණකයක්.ඒ වගේම 3GB DDR2 Ram එකකින් සහ Nvidia Geforce 9500GT vga එකකින් සමන්විතයි. මේ ඔක්කොම ටිකට මට රු.17100ක් ගියා...ගන්නකොට තිබ්බෙ 1GB ram එකක් මම පස්සෙ තම 2GB ram card එකක් දැම්මා...ඒ වගේම Geforce 9500GT vga එකත් මම පස්සෙ දැම්මෙ. මේක ඉතින් සුපුරුදු ලෙස ගත්තේ අපේ හිතවත් ඇන්ඩ්රූ අයියාගෙන් තමා... දැන් ඉතින් දෙයියනේ කියල හොදට මැෂින් එක හදාගෙන ඉන්නෙ...ඇත්තටම මම මේකට vga එකක් එහෙම දැම්මෙ ගේම් ගහන බලාපොරොත්තුව ඇතිව තමයි ඒ වගේම මම හුගාක් කල් ආසාවෙන් ඉදල කවදහරි ගහනවා කියල හිතාගෙන ඉදපු nfs run වගේ ගේම් එහෙමත...

බස් එකේ යන අය බස් එකේ ඉස්සරහම හිර වෙලා යන්නෙ ඇයි?

ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ තමා කොටි මලයට බ්ලොග් එක පැත්තේ එන්ඩ විවේකයක් සෙට් උනේ...කරන්න දෙයක් තිබුන්නැති නිසාත් අද කෙකර ගාල කෙකර ගාලා ඉංග්ලිෂ් පන්ති නොගිය නිසාත් මේ මල්ලිට පොඩි විවේකයක් හම්බ උනා...ඒ නිසා තමා මලයා හැම සෙනසුරාදා වගේම විදින කරදරයක් ගැන කියන්ඩ හිතුනේ... මේ මලයා ජීවත් වෙන්නෙ හොරණ ප්‍රෙද්ශේ කියලා හැමෝම දන්නවනේ...මේ මලයා විද්‍යා පන්ති යන්නෙ සෙනසුරාදා හොරන පොකුණුවිට තියන පන්තියකට...ඉතින් මේ කොල්ලාගෙ දයාබර පියාණෝ සෙනසුරාදා වැඩට යන ගමන් උදේට මේ කොටි මලයවත් විද්යා පන්තියට දාගෙන යනවා.ඊට පස්සෙ දවල් වෙලා මේ මලයා බස් එකේ තමා ගෙදර එන්නේ... ඔන්න ඉතින් විද්‍යා පන්තියේ ඉදන් ගෙදර එන්න මලයට බස් 2කට මාරු වෙන්ඩ සිද්ද වෙනවා...මුලින්ම විද්යා පන්තිය ලගින් හොරන කොළඹ 120 බස් එකේ නැගී හොරණ ටවුමට යන්ඩ ඕනෑ...ඊට පස්සෙ තවත් බසයක නැගි මලයා ජීවත් වන හොරණ දික්හේනපුර හංදියෙන් බහින්ට ඕනැ..එතන ඉදන් ගෙදෙට්ට තියන මිටර් 500 දුර මලයා පයින් තමා යන්නෙ... ඕන්න ඉතින් විද්යා පන්තිය ලගින් හොරණ කොළඹ (මාර්ග අංක 120)බස් එකේ නැග්ගා කියමුකෝ...120 බස් කාරයා යන යෑම ගැන කියන්ඩ නෙවේ අද පෝස්ට් එක ලියන්නේ...හොරණ ටවුමෙන් ද...

ගණුදෙනුව...

හලෝ ඉතින් කොහොමද...සතුටින් ඉන්නවා නේද හැමෝම?....අපිට නං ඉතින් දුකයි සැපයි දෙකම තියනවා...ඉතින් ඇත්තම කිවුවොත් මට මාස ගාණකින් බ්ලොග් 2න් එකක්වත් ලියන්න බැරි උනා.කොටින්ම කිවුවොත් මම මගේ ටෙච් බ්ලොග් එකටවත් මාස 2කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.හේතුව කම්මැලිකම සහ ලියන්න දෙයක් නොමැති වීම.අද නං පෝස්ට් එකක් නොලියාම ඉන්න හුගක් අමාරු උනා.මොකද මගේ ඉන්ටනෙට් සෙල්ලං වල සම්පූර්ණ වෙනසක් අද උන නිසා.ඉතින් කතාව කියවලා බලමු නේහ්... අද නං මහ පුදුමාකාර දවසක්...හීනෙකින් වත් හිතපු නැති දෙයක් තමා උනේ... ඔන්න අද දවස 2016.05.06 සිකුරාදා...ඔයාලා දන්නවා ඇති ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එක ගැන සහ ඔයාලා ඒක ප්ලේ කරනවාත් ඇති...ඉතින් ලෙසටම මටත් ඒකේ ටවුන් හෝල් ලෙවල් 8 බේස් එකක් තිබුනා.ඒ වගේම මට දැන් දැන් ඒක ගහන්න තහංචි වැටිලා තිබුන මම ඒකට ඇබ්බැහි වෙලා කියලා...ඒ වගේම මට ඒක බාගෙට එපා වෙලා තිබුනෙ...ඒකට හේතුව මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් පමෝද් උගෙ බේස් එක රු.220කට මගෙ පරම සතුරාට විකිණීම.ඒ වගේම මට දැන් ගේම් එක ගහන්න අම්මා දෙන්නෙ නැති නිසා හොරෙන් තමා ගැහුවෙ.හොරෙන් ගැහිල්ලත් එපා වෙලා තිබුනෙ.ඉතින් මම මේක නවත්තන්න හිතුවා.ඒත් හිතට මොකක්ද වගේ ම...