Friday, December 30, 2016

මතකයන්,අත්දැකීම් රැසක් රැගෙන 2016 වසර අදින් නික්ම යයි...

ඉතින්,
     සුබ උදෑසනක් මගේ හිතාදර මිතුරනි,අද 2016 දෙසැම්බර් 31 වෙනිදා...දැන් වෙලාව උදේ 10.31යි...

හ්ම්...
     අත්දැකීම්,මතකයන් ගොඩාක් දුන් වසරක් අදින් අවසන් වෙනවා මිත්‍රවරුනි,

කොටි මලයා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඊයෙ රෑ නිකන් ඉන්න වෙලාවේ කල්පනා කරපු දේවල් ගැන හිතලා...ඒ වෙලාවේ මලයා ලොකු තීරණයක් ගත්තා 2016 වසරෙ මලයාට ලැබුනු අත්දැකීම්,දැනුම,මතකයන් ආයෙත් ආවර්ජනය කරලා මේ විදිහේ පෝස්ට් එක ලියන්න...

2016 කියන්නෙ හරිම පුදුම අවුරුද්දක්...මහම මහ පුදුමාකාර දේවල් උනු අවුරුද්දක්...දුක සතුට හැමදේම මිශ්‍ර වුණු අවුරුද්දක්...මලයා තීරණය කළා මේ අවුරුද්දෙ වෙච්ච දේවල් මුල ඉදලම ලිස්ට් එකකින් පටන් ගන්න...

  1. හ්ම්...මලයා ඒ පළවෙනි වාරෙට 9 ශ්‍රේණියෙ ශිෂ්‍යෙයක් වෙලා ඉස්කෝලෙ ගිය දවස...කොට කලිසම් ඇදලා ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද...
  2. වැඩ කරගෙන ගියා...මලයා කොහොමත් ඉස්කෝලෙ යන්න කම්මැලි පොරක් කියල දන්නවනේ...ඒත් වැඩ මගඇරියෙ නෑ...
  3. ඔන්න එක බඩවැල කඩාගෙන ආපු සහෝදරය වගේ හොදම මිතුරා කියපු එකා මලයාගෙ පන්තියටම වැටුනා මොකක් හරි ජල්තරයක් නිසා ඉස්කෝලෙ පටන් අරන් සති 2,3කට පස්සෙ...ඌව ඊට කලින් වෙන පන්තියකට වැටුනා...ඒත් ඊට පස්සෙ ආපහු ඌ මලයාගෙ පන්තියටම වැටුනා...මලයා එදා හුගක් සතුටු උනා යාලුවවත් එකම පන්තියට වැටුන එක ගැන...ඒත් දැන් මලයා දන්නවා ඒ මලයාගේ කරුමයක් කියලා...
  4. වැඩ කරගෙන ගියා...නමුත් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියල ගේම් එකක් මලයා ගැහුවා...ඒක මලයට පුරුදු කළේ අර කලින් කියපු හොදම මිත්‍රයා අහවල් උන්නැහේ...මලයා ඕකට ඇබ්බැහි උනේ 2015 මලයගේ කොම්පියුටර් වැඩ ටික සාර්ථකව කරගෙන එනකොට...මලයා එතකොට ටෙච් බ්ලොග් එක දාලා ඒකේ හුගක් ලිපි ලියලා කොම්පියුටර් ගැන ඉගෙන ගත්තා...ඕකට ඉරිසියාවෙන් අර අහවලා මලයට අර ගේම් එක පුරුදු කළා...මලයා ලෙසටම ඕකට ඇබ්බැහි උනා...ටෙච් බ්ලොග් කැලේ...දැනුම කැලේ...ඔක්කොම ඉවරයි...
  5. මලයාගෙ ගෙදරට ගණන් පන්තියෙ සර් කිවුවා ඔය ගේම නිසා මලයා හුගක් අධ්‍යාපනයෙන් වැටිලා කියල...මලයට සර් පෙනුනෙ යක්ෂයෙක් වගේ...ඒත් මලයා දැන් දන්නවා ඒ සර් දෙවියෙක් වගේ ඒහෙම කිවුව එක කොච්චර හොදද කියලා...
  6. මලයට ඕක ගහන්න තහනමක් ආවා...නමුත් මලයා ඕක හොරෙන් ගැහුවා...නමුත් ටික දවසක් යනකොට මලයට හොරෙන් ගහන එකත් එපා වෙලා ඕක ගැන කලකිරිලම ගියා...ඊට පස්සෙ මලයා ඕක රැපියල් 2000ක ෆෝන් එකකට මාරු කලා...ඔය ෆෝන් එක කොහේ හරි ඇති...ඒත් මලයට ඒක වැඩක් නෑ...මලයා හුගක් ආදරේ කරපු මලයගෙ ප්‍රධාන ඊමේල් ගිනුම kotiya.world@gmail.com  මලයට ඔය සීන් එකෙන් නැති උනා...ඒ වෙනුවට තමා kotimalli12@gmail.com ආවෙ...
  7. ටික දවසක් මලයට ඕකට පොඩ්ඩක් ආසාව තිබ්බා...ඊට පස්සෙ ගේම ගහන්නැතුව ඉන්න කොට තේරුනා කොච්චර කාලකන්නි වැඩක්ද මම කරලා තියෙන්නෙ කියලා...මලයා බුදුහාමුදුරුවන්ටයි ගණදෙවියන්ටයි පොරොන්දු උනා ජීවිතේ තියනකන් ඔය ගේම ගහන්නෑ කියල...
  8. දැන් මලයට තේරෙනවා අර අහවලා බල්ලෙක්ටත් අන්ත එකෙක් කියලා...මලයා පොරව සැක කරනවා...අරූට නොදැනෙන්න...අරූටත් සමහර වෙලාවට අමතක වෙලා මලයා ගැන තියන ඊරිසියාව පිටකරන අවස්තා තිබුනා...මලයාට දැන් අරූගෙ දෙබිඩි ජීවිතය පැහැදිලියි...
  9. මලයාට මලයා අවුරුදු 9ක් තිස්සෙ ආශ්‍රය කරපු එකාට සෙට් වෙනවා දවසක් තනියම...ඊට කලින් අර අහවලා ඌ තොට ඊරිසියයි බං උඹට කියන කතා උඹ දන්නෑ කියල අරූයි මායි තරහ කරෝල තබ්බේ..ඒත් අරූ එක්ක ටෝක දාද්දි තමා අපි දෙන්නටම ඔක්කොම මීටර් උනේ...අහවලා දෙපිටකාට්ටුවා කියලා...ඌ දෙන්නට දෙන්නා කොටෝනවා...ඕකයි වැඩේ...
  10. කොහොමින් හරි වැඩේ දුර ගියා...මලයට ගෙදෙට්ට කියන්න විදිහක් නෑ අහවලා බල්ලා කියල...මොකද ඌව අපෙ අම්මල විශ්වාස කරපු නිසා...
  11. කොහොම හරි අහවලා 2ක්ට කියලා මට ගස්සවන්න ප්ලෑන් කළා..මලයා වැඩේ තේරුම් ගත්තා...ඔක්කොම ගෙදෙට්ට කිවුවා...වලිය නැවතුනා...නමුත් අහවලා බේරුනා...හේතුව ඌ කොහොම හරි උගේ වාසියට වැඩේ කරගන්නවා...ඌ උගෙ වැරදි එකක්වත් පිලිගන්නෙ නෑ...ඒත් ඌ දන්නෙ නෑ දැන් ඔක්කොම උගෙ දෙපිටකාට්ටු සෙල්ලං දන්නවා කියල...
  12. හතුරු මිතුරු සන්තෑසිය ඔහොමම ඉවර උනා කිවුවට උනේ නෑ...මලයා රෙඩි පිට ඉන්නවා ඕනි දේකට...
  13. ඊට පස්සෙ අප්‍රෙල් මාසෙ 12 අවුරුදු කුමාරයා විදිහට 13ශ්‍රී 6127 ආවෙ...ඒ කවුද කියලා අවුරුදු කුමාරයා පොස්ට් එකේ ඇති...ඒක තමා මලයව වෙනස් කලේ...ඒ වගේම කම්පියුටර් වලට තිබුනු ආසාව වැනිෂ් කරලා සීමා රහිත ක්ලැසික් කාර් පිස්සෙක් බවට මාව පත් කිරීම ගැන carpissuwa.blogspot.com හා එහි ෆේස්බුක් පේජ් එකේ ගරුතර ඇඩ්මින්තුමා ඇතුලු 13ශ්‍රී 6127ට බෙහෙවින් පින්සිද්ධ වෙන්න ඕනේ...ඒ ලෙඩේ නං මට ඉර හද වගේ විශ්වාසයි කවදාවත් මං මැරෙනකන් හොද වෙන්නෙ නෑ...
  14. දැන් මම සීමා රහිත කාර් පිස්සෙක්...ජීවිතේ වෙච්ච පොඩි පොඩි දේවල් කෙටියෙන් කියලා දාන්න වෙලාව හරි...
  • ඩෙස්ක්ටොප් කම්පියුටරය ලැබුනා...
  • සතුරා මිතුරා හරියටම අදුන ගත්තා...
  • මගේ දුර්වලතා ගොඩක් හරියටම දැන ගත්තා
  • තමාට කවුරු නැතත් අම්මා තාත්තා ඕනි වෙලාවක ඉන්නවා කියලා දැනගත්තා
  • අනාගතය ගැන ප්ලෑන් එකක් හරියටම හදා ගත්තා..(මේ ගැන පෝසට් එකේ පොඩි විස්තරයක් අන්තිමට දාන්නං)
මලයා මේ දෙසැම්බර් නිවාඩුවෙ හුගක් දේ ඉගෙන ගත්තා...ඒ වගේම මලයා දැනගත්ත වැදගත්ම දේ තමයි තම හිසට තම අතමය සෙවනැල්ල කියන දේ සම්පූර්ණ ඇත්ත බව...මලයා ඔයාලට දෙන පණිවුඩය දැන්,

කවදාවත් තමන්ට බොක්ක දෙන්න උනත් ඉන්න එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...හැම කෙනා දිහාම ඔහුව විශ්වාස වෙනකන් සැකෙන් බලන්න...එකපාරටම කෙනෙක් විශ්වාස කරන්න එපා...ඒ වගේම ඔය අම්මපල්ලා,දෙවියො පල්ලා,බුදුහාමුදුරුවො පල්ලා කියල දිවුරණ එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...උන් තමා ඔක්කොටම වැඩිය බොරු කරන්නෙ...ඒ වගේම නිතරම තනියෙන් දෙයක් කරන්න...තනියෙන් දියුණු වෙන්න උත්සාහ කරන්න...ඔබ දියුණු උනාට පස්සෙ පුලුවන් අනිත් අය ගැන හිතන්න...ඒත් මුල අමතක කරන්න එපා...ඒ වගේම ඔබේ අනාගත බලපොරොත්තු,අධිෂ්ටාන ගැන කා එක්කවත් කියන්න එපා...කියනවනං අම්ම තාත්ත එක්ක විතරක් කියන්න..මොකද ඔවුන් විතරයි ඔබට අවංකව ඒ ගමන යන්න උපකාර,අවවාද කරන්නේ...විශේෂයෙන් ඔය බොක්ක දෙන එවුන්ට වචනයක්වත් ඒවා ගැන කියන්න එපා...උන් එක්ක කතා කරනකොට පුලුවන් තරං මට බෑ බං වගේ නෙගටිව් විදිහටම ඒවා ගැන කතා කරන්න...ඊට පස්සේ ඔයා ශේප් එකේ යටින්ම ගේම දීලා ඉහලට යන්න...

ඔයා ඉස්කෝලෙ යනවනං ඒ වගේ කෙනෙක් නං එක එක සිද්ධි නිසා මානසිකවට වැටුනු කෙනෙක් නං ඔබට උත්සහය,ධෛර්්‍යය තියේ නං ඔබට දියුණු වෙන්න පුලුවන්...ඔබට පුලුවන් මං කලින් කිවුව වගේ අනාගතය ගැන ප්ලෑන් එකක් හදාගන්න...හිතන්න ඔබ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ශිෂ්‍යෙයක් තව අවුරුදු 2කින්...වාර විභාග ලකුණු එහෙම පට්ට අඩුයි...පාඩං කරන්න කම්මැලියි...ඒ නිසයි ලකුණු නැත්තේ...ඒත් ඔබ දක්ෂයෙක්...ඔබ දන්නවා...ඒත් ඔබේ ලග ඉන්න පාපතරයො ඔබට දුර්වල කරලා...ඔබට පුලුවන් ඔබ දැන් ඉන්න තත්ත්වය ගැන හිතලා ප්ලෑන් එකක් හදාගන්න...මුලින්ම ඔබේ දක්ෂතාවය හදුනා ගන්න...ඒක මුලින්ම කරන්න ඕනි දේ...ඔබේ දක්ෂතාවය අදුනා ගෙන ඒකෙන් දියුණු වෙන්න පුලුවන් හැටි මුලින්ම හිතලා බලන්න...දැන් බලමු...ඔයාට ෆොටොෂොප් වැඩ හොදින් පුලුවන්...හිතන්න...දැන් තත්ත්වය උඩ ඔයා හිතනවා ඔයා ඕලෙවල් ලිවුවොත් ෆේල් වෙනවා කියල...ෆේල් උනා කියලා හිතාගත්තා...ඔයා මොකද කරන්නේ...?සැගවුනූ දක්ෂතාවය ප්‍රෙයා්ජන ගත්තා...ඔයාට පුලුවන් ඉන්ටනෙට් ජොබ්ස් වගේ දේවල් වලින් ෆොටෝෂොප් වැඩ වලින් සල්ලි හොයන්න...නැත්තං ග්‍රැෆික් ඩිසයින් ආයතනක වැඩට යන්න...ඊට පස්සෙ දියුණු වෙලා ඔබේම ව්‍යාපරයක් අරඹන්න...ඕලෙවල් පාස් උනොත් එතනින් එහාට ඔබට පුලුවන් ඒලෙවල් ගැන හිතලා ජවීතේ ජයගන්න...

ඕක තමා මිත්‍රවරුනි මලයා දෙන පනිවුඩේ...ඉතින්...කාල වෙලාව හරි 2016 වසරේ අන්තිම ලිපියට සමුදෙන්න..ගොඩක් දේවල් ලියන්න හිටියත් ඒක මම සාරාංශ කරලා අර පණිවුඩේ ඇතුළත් කළා...
ඉතින් 2016 ඉවරයි මිතුරනි...2017 වසරේ නැවත හමුවෙමු...!!!

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!











































Wednesday, November 9, 2016

පරණ කාර්වලින් එන සතුට හයිබ්‍රිට් කාර් එකේ නැත...

හලෝ මිත්‍රවරුනි,
          ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍රහස්පතින්දා...
-----------------------------------------------------------------------------------------------------------
ඔක්කොටම කලින් කියන්ඩ ඕනෙ අද අපේ නංගිගෙ උපන්දිනේ...ඒ නිසා මුලින්ම එයාට සුබ පතලා ලිපිය පටන් ගන්නවා...
-----------------------------------------------------------------------------------------------------------

කොටි මලයාට ක්ලැසික් කාර් පිස්සුව නම් රෝගය වැලදුනාට පස්සෙ තමයි කොටි මලයාට ජීවිතේ රසවිදින්න අවස්ථාව ලැබෙන්නේ....ඉතින් මලයා දැන් වෙනදට වඩා වාහන ගැන පෝස්ට් දාන්න තමා හදන්නේ...

මේ ලිපියට පාදක උනේ දැඩි හයිබ්‍රිඩ්වාදියෙකු වන යාලුවෙක් කියන්නත් බැරි සතුරෙක් කියන්නත් බැරි දෙකටම නැති එකෙක් එක්ක මලයා දාපු සාකච්ඡාවක්...ඌ මලයට හෙන ටෝකක් දාලා අලුත් කාර් සහ පරණ කාර් ගැන වෙනස ගැන....ඉතින් යාලුවා ගැන හිතලා මලයා ඒ ගැන මලයාගේ හැගීම ඒ වෙලාවෙ පිට නොකර බ්ලොග් එක පැත්තට ඇවිත් හැමෝටම කියන්න හිතාගත්තා...

බ්ලොග් එක කියවන ඔයාලා දන්නවා මලයලාට තියෙන්නේ 1983 හදපු 13ශ්‍රී ලාන්සර් වැගන් එකක් කියලා...ඉතින් මලයා ඒකට දක්වන ආදරය ගැන හැමෝම දන්නවනේ...
පරණ කාර්වල තියන සතුට ඔය අලුත් කාර් වල නෑ කියලා මලයට තේරුනේ මලයට විදින්න ලැබුනු මේ අත්දැකීම නිසා...

    දවසක් මලයා සහ පවුලේ උදවියට පොඩි ට්‍රිප් එකකට ආරාධනාවක් ආවා නෑයෙකුගෙන්...බ්ලා බ්ලා....ට්‍රිප් එකේ විස්තර නොකියා මලයාට හිතිච්ච දේවල් කියන්න මලයා තීරණයා කළා..ඒ නිසා ට්‍රිප් එක ගැන කතා කරන්නෑ හොදේ...
 ඉතින් දැන් ට්‍රිප් එක ගියේ අලුත් වාහනයකින්...ඒක මලයාගේ ලාන්සර් එකට වඩා අවුරුදු 25ක් විතර අලුත් කියන්න පුලුවන්...ඉතින් මලයා ඇතුලු පිරිස වාහනේ හයිවේ එකට දාලා පිටත් උනා...මලයා හයිවේ යන්න හුගක් කැමති නිසා මලයා හුගක් සතුටෙන් තමා හිටියේ...මලයා හිටියේ පිටිපස්ස සීට් එකේ...පිටිපස්ස සීට් එක දෙපැත්තේ ෂටර්ස් ටින්ට් කරලා නිසා හෙන අදුරු විදිහට තමා එලිය පේන්නෙ...ඒක මලයා මහ මූසල කරුණක් හැටියට දකිනවා...ඒ මදිවට අත පය ගල් වෙන්න ඒසී එක...හරිම ඒකාකාරීයි...වෙනදට මලයාගෙ ලාන්සර් එකේ ෂටර්ස් ඇරගෙන හුලං වැදීගෙන වටපිට බල බල යනකොට දැනෙන සතුට මේ අලුත් වාහනේ නැහැ...ඒ මදිවට එංජිමෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ...නිකන් හෝ හෝ ගානවා වගේ මහ ගූ සද්දයක් ඒකෙන් ඇහුනේ...වෙනදට මලයාගේ ලාන්සර් එක පිකප් වෙනකොට මාර ගැම්මක් මලයගෙ හිතට දැනෙනවා..ඒ සතුට මෙදා මලයට දැනුනෙ නෑ...ලාන්සර් එ‍කේ යනකොට මිට්සුබිෂි ඔරියන්ට් එන්ජිමෙන් ඇහෙන තියුණු ගැඹුරු සෞම්‍ය හඩ කොච්චර ලස්සනද කියලා මලයට හිතුනා...ටිකක් දුර යද්දි මලයා බැලුවා මොකද යකෝ මේ කොට කොට යන්නෙ මේ හයිවේ නේද කියලා..එහෙම හිතලා මලයා පොඩ්ඩක් ඉස්සිලා මීටරේ දිහා බැලුවා...අනේ දෙයියනෝ...140ට යනවා බොල...ඒත් මලයට ඒක දැනෙන්නෙ නෑනේ...නිකන් 20ට විතර යනවා වගේ ෆීලින් එකක් තිබුනේ...වෙනවදට මලයාගෙ ලාන්සරේ 80 90 පනිනකොට මාර ගැම්මක්,සතුටක් මලයගෙ හිතට දැනෙනවා...ඒත් අද 140ට ගිහිල්ලත් ඒ සතුට නැහැ...ඊට පස්සෙ මලයාලා ට්‍රිප් එක ගිහින් වාහනේ කාර් පාක් එකක නතර කලා පොඩ්ඩකට...වාහනෙන් බැහැලා යද්දි දෙපාරක් තුන්පාරක් හැරි හැරි බලන එක මලයාගෙ පුරුද්දක්...වෙනදට ලාන්සරේ මෙහෙම නවත්තලා හැරිලා බලද්දි අමුතු ලස්සනක් ඒකෙ තියනවා...දහසක් අලුත් වාහන එක්ක බලද්දි ඒක හරි ලස්සනට කැපිලා පේනවා..ඒත් මෙදා ඒ සුන්දරත්වය නැහැ..ඒ කාර් පාක් එකේ ඒ ජාතියේ වාහන හෙන තොගයක් නවත්තලා තිබුනා...ඉතින් අලුතෙන් බලන්න දෙයක් නෑ...කිසි විශේෂත්වයක් සුන්දරත්වයක් නෑ...මලයගෙ හිතට හරිම දුක්බර ෆීලින් එකක් ආවේ...

ට්‍රිප් එක ගිහින් ඇවිත් මලයා කල්පනා කලෙත් මේ ගැන...තනියෙන් ඉන්න වෙලාවක මේ ගැන බ්ලොගියේ කොටන්න ඕනි කියලා හිතපු නිසා තමයි අද මේක කොටන්න වෙලාවක් සෙට් කරගත්තේ...

මේ ලිපිය ලියන වෙලාවෙත් මලයලාගෙ ආදරණීය අවුරුදු කුමාරයා 13ශ්‍රී ලාන්සර් වැගන් එක වත්තේ ගරාජ් එකේ ඉන්නවා නේද කියලා මතක් වෙනකොට මලයට දැනෙන ෆීලින් එක තේරුම් ගන්න පුලුවන් කවදාහරි වාහනේකට ආදරය කරපු කාර් පිස්සෙක්ටම තමයි...

එහෙනං මලයා මෙතනින් නවතිනවා...
2016.11.10  

Thursday, October 13, 2016

අවුරුදු කුමාරයා...

හලෝ මිත්‍රවරුනි,
    අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න...
2016.10.12
------------------------------------------------------------------------------------------------------------

ඉතින් මිත්‍රවරුනි,

        මිත්‍රවරුනි මේක කොහෙන් පටන් ගන්නද කියල මට හිතාගන්න ආමාරුයි...මෙහෙම මං කෙටියෙන් ආරම්බය ගන්නං...

ඉතින් යාලුවනේ හැමෝටම වගේ මමත් පොඩි කාලෙ ඉදන්ම වාහන වලට ආසයි...මට මතකයි මට ඉස්සර ඔය ජේසීබී,ට්‍රක්,බස්,බැකෝ පිස්සුව තමා තිබුනෙ...ඒ වගේම පොඩි කාලෙ ඉදලම රේසින් කාර් පිස්සුවත් තිබුන...හැමෝටම වගේ මටත් තිබුනෙ ඔය අලුත් අලුත් වාහන පිස්සුව තමයි...ඔය ලැම්බෝගිනි,ෆෙරාරි කාර් වලට තමා ආසාව තිබුනෙ...මට මතකයි ඉස්සර කවුරු හරි ඇහුවම මොකක්ද පුතා ලොකු වෙලා ගන්න වාහනේ කියල මම කියන්නෙ ford mustang එකක් කියල...ඒ 2008 ගිය knight rider 2 tv serious එක බලලද කොහෙද...ඒ මිසක් වෙන වාහන පිස්සුවක් තිබුන් නෑ...මම හිතන් හිටියෙ අලුත් කාර් පිස්සුව තමා කාර් පිස්සුව කියන්නෙ කියල...ඒත් මට පස්සෙයි තේරුනේ කාර් පිස්සුව කියන්නෙ ඒ අලුත් වාහන වල තාක්ෂණය ගැන උනන්දුව නොව(සමහර විට ඒක කාර් පිස්සුවේ කොටසක් වෙන්නැති)ඊට එහා ගිය දෙයක් කියල...කාර් වලට ආදරය කරනවා කියල දෙයක් මගේ හිතේ තිබුනෙ නෑ...ඔහේ හිටියා තමා...ඒකාලෙ මම හීන මැවුවෙත් ඔය හැමෝම වගේ අලුත් හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න තමයි...toyota alion එකක් වගේ ගන්න තමා මම හිතන් හිටියෙ...ඒ වගේම මම හැමදාම ලහිපිට පත්තරේ බලනවා...මාර වාහන පිස්සුවක් තමයි ඒකත්...ඒ දවස් වල මං පොඩි නිසා කම්පියුටර්,ඉක්මන් වෙබ් සයිට් තිබුනෙ නෑ...ඒත් ලහිපිට පත්තර බලන පිස්සුව නිසා මට වාහන මිල ගණන් ගැන හොද අවබෝධයක් තිබුනා...

                      මට කවදාවත් පරණ වාහන ගැන අල්පමාත්‍රයක හැගීමක් තිබුනෙ නෑ...ඒත් මට පරණ වාහන ගැන ආසාව එන්න මූලිකම උනේ අපේ මාමා පරණ 9ශ්‍රී බටුසනි(Nissan Dutsun B110)කාර් එකක් ගෙනාවට පස්සේ...මට මාර ආසාවක් ආවෙ ඒකට...මට මතකයි මාමා ඕක එදා ගත්ත දවසෙ අපේ ගෙදර තමා ගෙනල්ලා රෑ නවත්තලා තිබ්බේ...ඒක තමා දෙයියනේ කියල අපේ වත්තෙ නවත්තපු අපේ පවුලෙ කෙනෙක්ගෙ වාහනේ...මට මතකයි එදා රෑ ඕක දිහා මම ආසාවෙන් බලන් හිටියා...ඊට පස්සෙ පහුවෙනිද මම උදේ අම්මට කියලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න හුගක් කලින් නැගිට්ටා...ඊට පස්සෙ ඕකට නැගල ස්ටියරිං වීල් එක කරකව කරකව හිටියෙ ලොකු ආසාවකින්...ඒ බටු සනිය තමා මගේ හිතේ පරණ වාහන ගැන මෙව්වා එකක් ඇති කරගන්න ඇතිවුනු ප්‍රධානම සාධකය...ඒ මෙව්වා එක මෙච්චර පිස්සුවක් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ...
මොනවා උනත් ඒ බටුසනිය තාමත් මාමා ගාව තියනවා...ඒත් තත්ත්වය ශෝචනීයයි පිංවතුනි...දැන් අවුරුදු 4ක් විතර තිස්සෙ එකතැන...මාමා නං කියනවා හදනවා මේ හදනවා කියලා...ඒත් හදන පාටක් පේන්න නැහැ...මං ගාව ඒකෙ ෆොටෝ වගයක් තිබුනා ලගදි ගත්තු...මට දැන් ඒවා කොහෙ දාලද මංද හොයා ගන්න බෑ හොයාගත්ත ගමන් ඉක්මනටම කාර් පිස්සුවට එවන්නම්...

                     කොහොමින් කොහොමින් හරි පරණ කාර් ගැන මෙව්වා එකක් හිතේ පත්තු උන නිසා මම පරණ කාර් එකකුත් ගන්න හීන මැවුවා...ඒත් වැඩි ආසාව අලුත් කාර් වලට තමා...කොහොමින් කොහොමින් හරි කාලය ගෙවිලා ගියා ඉක්මනට....විබාගයි අරවයි මේවයි එක්ක ඔහේ ජීවිතය ගෙවිලා ගිහින් මාමා බටු සනිය අරගෙනත් අවුරුදු 5ක් විතර ගෙවිලා ගියා...මට වාහන සිහියක් තිබුනෙත් නෑ...ඔන්න ඔහොම 2016 අවුරුද්දත් පාවෙලා ආවා...

           මේ කාලෙ තමා අපිටත් වාහනයක අවශ්‍යතාව හුගක් දැනිච්ච අවධිය...මොකද දැන් මායි නංගියි ලොකු නිසා අපේ තාත්තගෙ මෝටර් බයිසිකලේ මටයි නංගිටයි අම්මටයි යන්න බෑනේ...ඒ හින්දා තාත්තගේ හිතේ ලාවට අදහසක් තිබුනා වාහනේ ගන්න...එහෙමයි කියලා හොද අලුත් වාහනයක් ගන්න අපිට සල්ලි නැහැ...තියන ණය ඒව මේව එක්ක ලීසිං දාල වාහනයක් ගන්නත් බැහැ...ඒත් ලක්ෂ 3කට විතර අඩුවෙන් වාහනයක් ගන්න තාත්තට හිතිල තිබුන...ඒ නිසා 2016 පෙබරවාරි අන්තිම වගේ වෙද්දි අපි ඉක්මන් එකේ වාහන බලන්න පටන් ගත්තා...තාත්තාට හිතගිය වාහනයක් වුනු B211 එකක් වගේ ගන්න තමා අපි බැලුවේ...පත්තරත් බැලුවා...ඉක්මන් එක පීර පීර අපි B211 හෙව්වා...මටත් තියන පිස්සුවට ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් කරන්නෙ කම්පියුටරේ දාගෙන ඉක්මන් එකේ වාහන විකුණන්න දාල තියන ඒව හොයනවා...තාත්තාවත් තව තව වාහන ගන්න වැඩේට උනන්දු කරගෙන අපි තිබ්බ ඇඩ්ස් වලට කෝල් දිදී එහෙම බැලුවා...ඊට පස්සෙ කොහොමහරි මාර්තු මාසෙ මැද වගේ වෙනකොට තමා වැඩේ නැගලා ගියේ...ඒ අතරෙ තාත්තා එයාලගෙ ඔෆිස් එකේ ඉන්න වාහන බිස්නස් කරන අයගෙන් උපදෙස් අරන් තිබුන...එයාල තමා කියල දීල තිබුනෙ වාහනයක් ගන්න කොට මූලිකම වශයෙන් බලන්න ඕනි මොනවදයි අනිත් විස්තරයි...
කොහොම කොහොම හරි අපි ඊට පස්සෙ අපි ඉන්නෙ හොරණ නිසා හොරණ අවට B211 කාර් බලන්න ගියා...ගෝනපල,බණ්ඩාරගම ඔය ලයින් එකේ වාහන කිහිපයක් බලන්න ගියා...අවුලක් නෑ...පස්සේ තව වාහන වගයක් තාත්තා වැඩ ඇරිලා එන ගමන් බලන්නත් ගිහින් තිබුනා...ඔය විදිහට වාහන බලන්න යනකොට මාත් පැනලා යනවා කොහොමහරි...තාත්තත් එන්න කියන නිසා අවුලක් නෑ...කොහොම හරි B211 එකට අමතරව තාත්තා Lancer wagon එකට ආස නිසා ඒවත් පොඩ්ඩක් බලන්න කියලා මට කිවුවට මම නං ලාන්සර් වැගන් එකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...හර්ස් එක වගේ කිය කිය හිටියා...ලාන්සර් වැගන් සර්ච් කරලා බලන්න කියනකොට මම හෙන අකමැත්තෙන් තමා ඉක්මන් එකේ සර්ච් කරලා බලන්නේ...මොකද මම ඉත සිතින් B211 එකට හිත දීල ඉන්නේ...කොහොම හරි දවසක් නෙට් එකේ ලාන්සර් වැගන් එකක් දාල තිබුන බණ්ඩාරගම පැත්තෙ අන්න ඒකට තමා පලවෙනි පාරට ලාන්සර් වැගන් එකට හිතගියේ...අලුපාට බොකු ඇලෝවීල් ගහපු ලස්සන වාහනයක්...අන්න ඒකට නං මට හිතගියා...එයා මිලක් දාල තිබුනෙ නෑ...ඒත් ඒකෙ පෙනුමෙන් ඕකට අනිවා ලක්ෂ 3 පන්නල කියයි කියල...ලක්ෂ 3 පන්නල කිවුවොත් නං වැඩේ අමාරුයි...මොකද අපිට ලක්ෂ 3ක් දක්වා වියදම් කරන්න හැකියාවක් තිබුනෙ නෑ ලක්ෂ 2.5කට වගේ තමා වාහනයක් උපරිම හෙවුවෙ...ඒත් මම තාත්තට කෝල් එකක් දීල අර වාහනේ නම්බර් එක දුන්න තාත්තා කිවුවා එනගමන් රෑ පුලුවන් උනොත් බලාගෙන එන්නං කියල...
කොහොම හරි තාත්ත එනගමන් රෑ වාහනේ බලන් ඇවිත් තිබුන...වාහනේ තාත්තට හොදටම හිත ගිහින්...a/c එහෙම වැඩ කරනවලු ටොප් එකටම...ඩෑෂ්බෝඩ් එහෙම සුපිරි කන්ඩිෂන් එකෙන් තිබුනලු...ඒත් මිල...ලක්ෂ 3.20ක් කියල 2.90කට දෙන්නං කිවුවලු...2.90ක් නං අමාරුයි... ඒත් අපි බලාපොරොත්තු අත් ඇරියෙ නෑ...ඒත් එක්කම මේ වෙනකන් ලාන්සර් වැගන් පෙන්නන්න බැරුව හිටපු මට ලාන්සර් වැගන් ගැන අමුතුම මෙව්වා එකක් හිතේ ඇතිවුනා...ඒ නිසා මම ලාන්සර් වැගනුත් පට පට ගාලා ඉක්මන් එකේ බලන්න පටන් ගත්තා...තාත්තත් ඒ නිසා ලාන්සර් වැගන් ගැන ඔෆිස් එකේ කාර් ඔස්තාර්ලගෙන අහල තිබ්බ...එයාලා කියල තිබ්බ ගන්නවා නං ලාන්සර් වැගන් එකක් ඔරියන්ට් එංජිම තියන වාහනයක්ම ගන්න කියල...අනිත් එංජිම තියන ඒව ගන්න තියා හිතන්නවත් එපා කියල...ඒ වගේම ගන්න කොට GL සහ EL කියල මොඩ්ල් 2ක් තියනව GL එකට තමා වැඩි මාකට් එක තියෙන්නෙ ඒ උනත් වාහනේ හොද නං EL එකත් අවුලක් නෑ කියල...මොකද අපි හෙව්වෙ අපි ගත්තොත් කවදහරි අපිට අමාරු කාලයක් ආවොත් ආපහු විකුණගන්න පුලුවන් මාකට් එකක් තියන වාහනයක්...මේ විදිහට අපිට වාහන ගැන හුගක් දේ දැන ගන්න පුලුවන් උනා...ඒ වගේම දෙවැනි පොත සහ ඔරිජිනල් පොත අතර මාකට් එකේ වෙනසත් අපි දැනගත්තා...

කොහොමහරි අපි දැන් B211 එක පැත්තකට දාල ලාන්සර් වැගන් එක පස්සෙ පන්නන්න ගත්ත...ඒ වගේම අපේ අම්ම එහෙමත් ගොඩක් කැමති උනා වැගන් එකට මොකද B211 එකට වැඩි වැගන් එකේ ප්‍රෙයා්ජන වැඩියි හුගක් බඩු එහෙම දාගෙන යන්න පුලුවන් නිසා...ඉතින් අපි වැගන් හොයන්න පටන් ගත්තා...ඔහොම ඔහොම දවසක් ඉරිදා මායි තාත්තයි පරණ වාහන හුගක් විකුණන්න තියන නිසා වාහන හොයාගෙන ගම්පහ පැත්තට යන්න පිටත් උනා...පිස්සුව වැඩි නිසා මම එදා ගණන් පන්තිත් යන්නැතුවයි වාහන හොයන්න ගියේ...අපි හොරණින් උදේ 7ට විතර ගෙදරින් පිටත් උනා...යන ගමන් තාත්තා එකපාරටම බයිසිකලේ පාර අයිනෙ තිබ්බ ගෙයක් ලගින් නවත්තල කිවුව අපි පොඩ්ඩක් මේ ගෙදර මහත්තයගෙන් අහගෙන යමු වැගන් එකේ මොනවද බලන්න ඕන එහෙම කියල එයාගෙ වැගන් එක නං විකුණන්නෙ නෑ ඒත් පොඩ්ඩක් බලා ගෙන යමු කියල ගියා...අප්පට බොල....
            ඒ ගෙදර ඉස්සරහ නවත්තල තිබ්බ ලාන්සර් වැගන් එකක් ගේට්ටුව පැත්තට ඉස්සරහ මූණ දාල දඩ වීල් සෙට් එකක් දාල පට්ට උසයි...නිකන් ජීප් එකක් වගේ...මං වශී වෙලා වගේ ඒක දිහා බලන් හිටිය ඒත් ඒක විකුණන්නැති නිසා ඉතින් කරන්න දෙයක් නෑ...ඒ නිසා අපි ඒක අයිතිකාර මහත්මයගෙන් අවශ්‍ය උපදෙස් අරගෙන පිටත් උනා...ඒ ගමන් තාත්තා කිවුවා බණ්ඩාරගමට ගිහින් අර වාහනෙත් පොඩ්ඩක් ආපහු බලාගෙන යමු එදා රෑ හින්ද එච්චර හොදට බලාගන්න බැරි උනා කියල...ඉතින් අපි බණ්ඩාරගමටත් ගියා...

වාහනේ නං පට්ට ලස්සනයි...ඒත් අයිතිකාරය හිටියෙ නෑ එයාගෙ මල්ලි හිටියෙ එයා කිවුව වාහනේ ස්ටාට් කරල බලන්න කියල...වාහනේ ලස්සනයි...ඒත් වාහනේ තව ටිකක් හොදට බලපු තාත්තාගෙ මූණ නරක් උනා...ඒක හරියන්නෙ නෑ පුතේ ඒකෙ දිරුම් තියනව ඔක්කොම පේන්ට් එකෙන් වහලා තියෙන්නේ අපි වෙන එකක් බලමු කියලා...ඊට පස්සෙ අපි ගම්පහ පැත්තට ගමන් කළා...

ඒ ගමන නං ඇත්තටම ලස්සන උනාට දුෂ්කරයි ගිනි කාෂ්ට අව්ව අපි දවල්ට කන්නෙත් නැතුව වාහන හෙවුවා...ඉක්මන් එකෙන් ඔක්කොම ෆෝන් නම්බර්ස් ලියපු කොලයක් අරගෙන අපි වාහන හෙවුවා...ඒ ගමනෙදි අපිට එක එක ජාතියෙ වාහන හම්බුනා...අපි මුලින්ම අතුරුගිරියෙන් වාහන දෙකක් බැලුවා...මුලින්ම වයසක අංකල් කෙනෙක්ගේ එකක් බැලුවා...අංකල් හොද උනාට වාහනේ හරි නෑ...අනිත් එක...වරදක් නෑ මට අවුලක් නැති උනාට තාත්තට හරි නෑ...ඔක්කොටම වඩා ඔරියන්ට් එංජිම...ඔරියන්ට් එංජිම නැතුව අනිත් එංජිම තියන වාහනයක් ගන්න හිතන්නවත් එපා කියල තාත්තට කියල තිබුනු නිසා අපි ඒව තමා හෙවුවෙ...ඊට පස්සෙ ජාඇල ඒකල වාහන බැලුවා...අවුලක් නෑ...හුගක් වාහනවලට දිරුම් පේන්ට් එකෙන් වහලා...කොහොම හරි ඒ ගමනෙදි නං හොද වාහනයක් අපිට හම්බ උනේ නෑ...ඉතින් අපි හිස් අතින් දුකින් තමා එදා රෑ ගෙදර ආවෙ...

මේ වෙද්දි අලුත් අවුරුද්දට දවස් කීපයයි...අපි බැලුවෙ කොහොම හරි අවුරුද්දට කලින් වාහනයක් අලුත් අවුරුද්දට ආඩම්බරේට අපේ කිරිඅම්මලෑ ගමේ යන්න...ඒත් වාහන නෑ...ඒ වගේම අවුරුද්දට වාහන වල ගනන් වැඩි කරලා විකුණන්න හදන නිසා වාහන අඩුවට හොයන්න අමාරුයි...ඉතින් අපි බුදු පහන් තියල ගණදෙවියන්ට කියල ප්‍රාර්ථනා කළා අපිට අවුරුද්දට කලින් වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියල...ඔහොම ඔහොම කොහොම හරි අප්‍රේල් 12...අවුරුද්දට කලින් ගන්නවා නං අද දවස ඇතුලත වාහනයක් ගන්න ඕනෙ...ඒත් දෙයියනේ කොහෙන්ද වාහන?...උදේම තාත්තා තාත්තගෙ යාලු මාමා එක්ක ගිහින් ඉංගිරියේ වාහනයක් බලලා ඒක හරිනෑ කියලා ඇවිත් හිටියා...ඉතින් මොනවා කරන්නද...තාත්තා කියනවා අවුරුද්ද නිසා මිනිස්සු වාහන ගනන් වැඩි කරලා විකුණනන්නේ අවුරුද්දට පස්සෙ බලමු කියලා...මට හීනියට කදුලු පාරකුත් ගියා කොහොම හරි...කොහොම හරි තාත්තගෙ යාලු මාමා කිවුවා නුවර වාහනයක් තියනවා ගිහින් බලමු ඒක නං සුපිරිලු කියලා...තාත්තා අදිමදි කලා මේ හදිසියෙ නුවර යන්න?කොහොම හරි මගෙයි අම්මගෙයි කංකෙදිරිය නිසා තාත්ත අපිට බැන බැන කොහොම හරි ගියා...ගියාට පස්සෙ අපිටත් බයයි යන කොට මොකක් හරි උනොත් බයිසිකලේ කිලෝ මීටර් 120ක් විතර යන්න ඕනෙදැන් ඊට පස්සෙ කෝල් කරන්නත් හිතුන ආපහු එන්න කියල පස්සෙ ඒකටත් බනියි කියල හිතල කෝල් කලේ නෑ...ඔය වාහනෙත් හරි ගියෙ නැත්තං ඒත් ඉවරයි බලෙන්මනෙ යැවුවෙ...ඊට පස්සෙ දෙවියන්ට කිය කිය හිටිය...මම ඊට පස්සෙ කාලෙ යවා ගන්න කියල පොඩ්ඩක් නිදා ගත්තා...ඊට පස්සෙ හවස නැගිටල ටීවී බල බල ඉදිද්දි හවස 6.45ට විතර කෝල් එකක් ආවා...කෝල් එක ගත්ත අම්මා ආවේ ලොකු සතුටකින්...අරගෙනලු අරගෙනලු කිය කිය ආවෙ...මටයි නංගිටයි දැනිච්ච හැපි එක කොච්චරද කියනව නං එවෙලෙ අපි මිදුලෙ රතිඥ්ඥත් පත්තු කළා...

කොහොම හරි තව පැය කිහිපයක් ගෙවිලා ගියා...එතකොට රෑ 11.30ට විතර ඇති...තාත්තගෙ යාලු මාමගෙ මෝටර් බයිසිකලේ සද්දෙ ඇහුනා...අපි ෆුල් හැපි එකේ දොර ඇරලා බලාගෙන හිටියා...තාත්තා බයිසිකලෙත් ඇවිත් කලබලකාරී මුහුණක් සහිතව බැස්සා...තාත්තට දුර ඩ්‍රයිව් කරන්න තාම අමාරු නිසා අර මාමා තමා වාහනේ අරන් එන්නේ...ඔන්න ඔන්න මෝටර් රියක් එන හඩක් ඇහෙනවා...ඔන්න ඒකේ ලයිට් එලිය අපිට පේනවා...ඔන්න වාහනයක් එනවා...ඔන්න...අපේ පවුලේ පළමු කාර් එකේ රෝද අපේ මිදුලේ පොළොව ස්පර්ෂ කළ වගයි...ඒ වාහනේ හිමින් හිමින් වත්තට ඇතුලු උනා...අප්පට මේකෙ දිග...මාර ඩීසල් පෙනුමක් ඒ ලාන්සර් වැගන් එකට තිබුනා...මායි නංගියි හිමීට හිමීට ළගට ගියා...ඊට පස්සෙ වාහනේ අතගාල බලල පිටිපස්සේ දොරෙන් නැග්ගා...අප්පා...මේකෙ පට්ට ඉඩක්නෙ තියෙන්නෙ...ඩිකියෙ ඕන්නං පොඩි එවුන් තුන් හතර දෙනෙක් දාගෙන යන්න පුලුවන්...අපේ නංගි පිටිපස්සෙ සීට් එකට උඩින් ඩිකියට පැනල එහෙම බැලුවා...අපි දෙන්නට මාර හැපී...අර මාමා අපේ තාත්තට මේකෙ කෑලි බෑලි එව කියල දීල පොත් ටික දීල යන්න ගියා...අපි ඒ මාමට ගොඩාක් ස්තූති කළා...මොකද කවුරුත් එන ගමනක් නෙවේ ඒ මාමා ආවේ...ඒ මාමාට අපි හුගාක් ස්තූති කලා...ඊට පස්සෙ එයා ගියාට පස්සෙත් අපි වාහනේ මහරෑ ඉදගෙන හිටියා...
ඒක නිදි නැති රැයක්...ජීවිතේ කවදාවත් නැති රැයක්...

ඊට පස්සේ කොහොම හරි අම්මා කියල මායි නංගියි ගෙට ආවට පස්සෙ තමා තාත්තා විස්තරේ කිවුවෙ...ඒක අවුරුදු 83ක් වයස අංකල් කෙනෙක් අවුරුදු 17ක් පැදපු වාහනයක්...කවදාවත් එයාලට කරදරයක් කරපු නැති වාහනයක්ලු...හුගක් ආදරෙන් බලාගෙන තියෙන්නේ...වයස වැඩි නිසා සහ එයාලා අලුත් වාහනයක් අරන් නිසා මේක විකුණලා තියෙන්නේ...ලක්ෂ 2.85ට තාත්තා වාහනේ අරන් තියෙන්නේ...

දැන් ඉතින් මේක තමයි අපේ වාහනේ...මේකට අපි හුගාක් ආදරෙයි...ඒ වගේම ක්ලැසික් කාර් වලට මම පණ ඇරල ආදරේ කරන්න පටන් ගත්තෙ මෙයා නිසා තමයි...ඒ වගේම අපේ කාර් පිස්සුව බ්ලොග් එක වගේම කාර් පිස්සුව පේජ් එක මට හම්බුනේ මගේ වාසනාවට කියලයි මම හිතන්නේ...මම ඉස්සර ආස නැති බීට්ල් වගේ කාර් වලටත් මම ආදරේ කරන්න පටන් ගත්තේ කාර් පිස්සුව නිසයි...කාර් පිස්සුව නිසා මගේ ක්ලැසික් කාර් පිස්සුව යහමින් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ....ඉස්සර අලුත් කාර් වාදියෙක් වෙච්ච මට දැන් අලුත් කාර් අදාලම නෑ...ඉස්සර අලුත් ෆෝඩ් මස්ටෑන්ග් එකක් ගන්නවා කියපු මම දැන් ක්ලැසික් 1969 ෆෝඩ් මස්ටෑන්ග් එකට ආසයි...දැන් ඔය හයිබ්‍රිඩ් කාර් පෙන්නන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ...

මේක තමා මගේ කාර් කතන්දරේ...මේ කතාවට එන විවේචන චෝදනා එහෙමත් බාරගන්න මම ලැහැස්තියි...
------------------------------------------------------------------------------------------------------------
කොටි මලයාගේ දිවියේ සත්‍ය කතාවකි...කාර් පිස්සුව පේජ් එක සහ ඒ බ්ලොග් වල ලින්ක් යටින් තියනවා...
www.facebook.com/CarPissuwa/
carpissuwa.blogspot.com/

2017.10.16 ක්ෂණික යාවත්කාලීන කිරීම...

මට පරණ කාර් පිස්සුව සෑදූ බටු සනිය පසු කාලීනව මාමා විසින් විකුණන ලදින් එය ගත් තැනැත්තා එය අලුත්වැඩියා කර අද දින රියසෙවන ඩොට් කොම් වෙබ් අඩවියේ විකිණීමට දමා තිබෙනු දුටුවෙමි... නැවතත් පණ ගසා නැගී සිටින බටු සනිය... ජය වේවා බටු සනී පැටියෝ... ඔබ නොසිටින්නට කිසිදා මා සිත් තුල පරණ කාර් කෙරෙහි ඇල්මක් ඇති නොවනු ඇත...

කොටි මල්ලියා...

Friday, September 23, 2016

දහසක් hybrid පරදා මා සිත් ගත් මෝටර් රථය...

2016.09.23

   එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි...රැස්වීමේ වැඩ කටයුතු වලින් අනතුරුව ළමයින් පන්තිවලට විසුරුවීමට මොහොතකට පෙර ළමයි පෝලිමේ ඉන්දවනු ලබයි...මමද එසේ හිදගෙන සිටින අතර තුර මගේ නෙත අහම්බෙන් දිව ගියේ විද්‍යාලයේ රථගාල දෙසටයි...

        ගුරුවරුන්ගේ වාහන විශාල සංඛ්‍යාවක් එහි නවතා තිබුනි.එයින් 90%ක්ම පාහේ නවතම hybrid මෝටර් රථය..ඒ අතර ඇල්ටෝ වැනි වාහනද බහුල විය...ඒවා සියල්ලම පාහේ නවීන පහසුකම් වලින් යුතු සුපිරි සුඛෝපබෝගී වාහනය...සාමාන්‍යෙයන් මගේ නෙත මෙම රථ ගාල වෙත නොයන්නේ එම නවීන රථවාහන වල වෙනසක් මට නොදැනෙන බැවිනි...නමුත් මෙදින රථගාල දෙස මට බැලුනේ ඇයි?

      නවීන toyota aqua හා prius රථයක් මැදින් නවතා තිබුනේ volkswagen beetle වර්ගයේ පැරණි කාරයකි...එය 8 ශ්‍රී අංක තහඩු සහිත කාරයක් විය...තද නිල්පාට පේන්ට් කර තිබූ එය ඉතා චාම් මෝටර් රථයක් විය...පැරණි මෝටර් රථවලට අසීමිත ආදරයක් දක්වන මට මෙය ඉතා කන්කලු දර්ශනයක් විය...එම මෝටර් රථය මා දෙස බලා සිනා සෙන්නාක් මෙන් මට දැනින...

මා නැවත පන්තියට යද්දී මා අසලින් ගිය මගේ මිතුරා අර බලහං බං කොහොමද ඇක්ව එක?...2016 එකක් බං...පට්ට කියනු මට ඇසින...නමුත් මට ඒ ඇක්වා එක අදාලම නැත...දහසක් Hybrid රථ අතරින් මා සිත සොරාගෙන තිබුනේ ඒ ඉබ්බා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ඒ 8 ශ්‍රී ෆොක්ස්වැගන් බීට්ල් රථය පමණි...

පෙරදින රැස්වීමට ගොස් රථගාල දෙස එක ඇහැකින් නොබලන මා අද යන්නේ රථගාල බැලීමටමය...වෙනකක් නිසා නොව ඒ බීට්ල් රථය දැක ගැනීමටය...

------------------------------------------------------------------------------------------------------------
මේක කොටි මලයාගේ ජීවිතයේ ඇත්තම කතාවක්...

කොටි මලයා කියන්නෙ පරණ වාහන ලෝලියෙක්... ලෝලියෙක් කිවුවට ඒවට ආදරය කරනවා කිවුවොත් ඇත්තෙන්ම නිවැරදියි ...ඒ නිසා මට ඔය පොෂ් හයිබ්‍රිඩ් අදාලම නෑ...දවසක් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියා ගන්න එකා මට හෙන ටෝක් එකක් දැම්මා පරණ වාහන වැඩක් නෑ ඒ වල තියන ඔප්ෂන් මොනවාද කියල හෙන බයිලයක් ගහල...තව හයිබ්‍රිඩ් ගැන හෙන පම්පෝරියකුත් ගූ පඩේ වගේ ඇරියා...ඌ හෙන හයිබ්‍රිඩ්වාදියා...යාලුකමට එදා නොදුන්න රිප්ලයි එක මම ඉක්මනට මේකෙන් අරිනවා...ඔන්න බලාගෙන ඉන්නකෝ....

එහෙනං අපි ගියා...හැමෝටම ජයෙන් ජයම වේවා...!!!

2016.09.23

ප.ලි - 2016.10.12
අර බීට්ල් කාර් එක මට එදා විතරයි දකින්න ලැබුනේ...මගේ යාලුවා කිවුවා පස්සෙ දවසෙ ඒක ඉස්සරහ තියන කාර් පාක් එකේ නැවැත්තුවා කියල...කොහොමහරි මම දැක්කෙ එදා විතරයි...ඒක හරිම දුක හිතෙන කරුණක්...

Monday, August 29, 2016

මගේ ඩෙස්ක්ටොප් කම්පියුටරේ...

හාලෝ ඉතින් කොහොමද?.........උඹල හිතුවෙ මං මැරිල කියල නේහ්...අනේ අම්මප...මාස 3,4ක් පොස්ට් දැම්මෙ නැත්තෙ කම්මැලිකමට බං...එපා වෙලා ඉන්නෙ...හා හා අද මම බඩුවක් කියන්ඩ යන්නෙ මම Desktop Computer එකක් ගත්තා...

හම්මේ ඔය තියෙන්නෙ ඒක තමා ඔය එහාපැත්තෙ තියෙන්නෙ මෙච්චර කල් දුකට සැපට හිටපු ලැප් එක තමා ඒ යෝදයත් හොදට වැඩ තාම.

කොහොමද මගේ මැෂින් එක බ්‍රෑන්ඩ් නිව් කේසින් දාලා එල නේහ්...ඊරිසියා කරන්න එපා ඉතින් අමාරුවෙන් ගත්තෙ‍
මේක මචන්ලා
Intel Pentium Dual E2220 2.4GHz Processor
එකකින් බලගැන්වෙන පරිගණකයක්.ඒ වගේම 3GB DDR2 Ram එකකින් සහ Nvidia Geforce 9500GT vga එකකින් සමන්විතයි.
මේ ඔක්කොම ටිකට මට රු.17100ක් ගියා...ගන්නකොට තිබ්බෙ 1GB ram එකක් මම පස්සෙ තම 2GB ram card එකක් දැම්මා...ඒ වගේම Geforce 9500GT vga එකත් මම පස්සෙ දැම්මෙ.

මේක ඉතින් සුපුරුදු ලෙස ගත්තේ අපේ හිතවත් ඇන්ඩ්රූ අයියාගෙන් තමා...
දැන් ඉතින් දෙයියනේ කියල හොදට මැෂින් එක හදාගෙන ඉන්නෙ...ඇත්තටම මම මේකට vga එකක් එහෙම දැම්මෙ ගේම් ගහන බලාපොරොත්තුව ඇතිව තමයි ඒ වගේම මම හුගාක් කල් ආසාවෙන් ඉදල කවදහරි ගහනවා කියල හිතාගෙන ඉදපු nfs run වගේ ගේම් එහෙමත් ප්ලේ කරන්න මට පුලුවන් උනා...

එහෙනං මම යනෝ...

2017.04.13 14 UPDATE (2.58 a.m.)

පසුකාලීනව ඇතිවූ ජල්තරයක් හේතුවෙන් Intel Pentium Dual E2220 2.4GHz ප්‍රොසෙසරයක් වෙනුවට Intel Pentium Dual E5700 3.0GHz ප්‍රොසෙසරයක් බවට මාරු වන ලදී...

මීට,
13ශ්‍රී6127

Saturday, June 25, 2016

බස් එකේ යන අය බස් එකේ ඉස්සරහම හිර වෙලා යන්නෙ ඇයි?

ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ තමා කොටි මලයට බ්ලොග් එක පැත්තේ එන්ඩ විවේකයක් සෙට් උනේ...කරන්න දෙයක් තිබුන්නැති නිසාත් අද කෙකර ගාල කෙකර ගාලා ඉංග්ලිෂ් පන්ති නොගිය නිසාත් මේ මල්ලිට පොඩි විවේකයක් හම්බ උනා...ඒ නිසා තමා මලයා හැම සෙනසුරාදා වගේම විදින කරදරයක් ගැන කියන්ඩ හිතුනේ...

මේ මලයා ජීවත් වෙන්නෙ හොරණ ප්‍රෙද්ශේ කියලා හැමෝම දන්නවනේ...මේ මලයා විද්‍යා පන්ති යන්නෙ සෙනසුරාදා හොරන පොකුණුවිට තියන පන්තියකට...ඉතින් මේ කොල්ලාගෙ දයාබර පියාණෝ සෙනසුරාදා වැඩට යන ගමන් උදේට මේ කොටි මලයවත් විද්යා පන්තියට දාගෙන යනවා.ඊට පස්සෙ දවල් වෙලා මේ මලයා බස් එකේ තමා ගෙදර එන්නේ...

ඔන්න ඉතින් විද්‍යා පන්තියේ ඉදන් ගෙදර එන්න මලයට බස් 2කට මාරු වෙන්ඩ සිද්ද වෙනවා...මුලින්ම විද්යා පන්තිය ලගින් හොරන කොළඹ 120 බස් එකේ නැගී හොරණ ටවුමට යන්ඩ ඕනෑ...ඊට පස්සෙ තවත් බසයක නැගි මලයා ජීවත් වන හොරණ දික්හේනපුර හංදියෙන් බහින්ට ඕනැ..එතන ඉදන් ගෙදෙට්ට තියන මිටර් 500 දුර මලයා පයින් තමා යන්නෙ...

ඕන්න ඉතින් විද්යා පන්තිය ලගින් හොරණ කොළඹ (මාර්ග අංක 120)බස් එකේ නැග්ගා කියමුකෝ...120 බස් කාරයා යන යෑම ගැන කියන්ඩ නෙවේ අද පෝස්ට් එක ලියන්නේ...හොරණ ටවුමෙන් දික්හේන හංදියට යන බස් ගැන තමා අද කියන්නේ...ඒ නිසා අපි 120 බස් එකේ නැගී හොරණ ප්‍රධාන බස් ස්ටෑන්ඩ් එකටම එමුකෝ...

ඔන්න ඉතින් මලයා හොරණ ටවුමට ඇවිත් සල්ලි ඩිංගක් ඉතුරු උනොත් sds pastry shop එකෙන් සොසේජ් බන් එකක් සෝස් එක්ක කාලා තමා ගෙදර යන්න බස් එකට නගින්නේ...

ඔන්න ඉතින් මලයට යන්න ගොඩක් වෙලාවට තියෙන්නෙ ඉංගිරිය-හොරණ බස් තමයි.ඒක තමා මලයාගේ සිතුවිලි වලට අනුව හොරණ බස් ස්ටෑන්ඩ් එකේ චාටර්ම බස් ටික...හේතුව මොකක්ද?

මේ යක්කු බස් එක අද්දන්නෙ පැය ගාණක් ගියාට පස්සෙ.මුලින්ම බස් එක ස්ටාට් කරල ඊට පස්සෙ ටවුමටම ඇහෙන්ඩ රේස් කරනවා...ග්රං ග්රං ග්රං ගාල...රේස් කලාට මිනිස්සු වැඩිය බස් එකට නැග්ගෙ නැත්තං මුං බස් එකේ රෝද ටික අගල් 5ක් විතර ඉස්සරහට ගන්නව.ඒක දැකල ඉතින් මිනිස්සුත් දැන් යන බස් එක කියල නගිනව.මුං මොකද කරන්නෙ නැවතත් අර ඉස්සරහට ගත්තෙ අගල් 5ක් නං අගල් 6ක් ආපහු පිටිපස්සට යනව.මුං පැය ගානක් ඔය වැඩේ කරල අන්තිමට හෙන වෙලාවක් ගියාට පස්සෙ තමා බස් එක අද්දන්නෙ.
ඉතින් අපේ කොටි මලයාට පැය ගානක් චාටර් වෙලා තමා ගෙදර තියා බස් ස්ටැන්ඩ් එකෙන් එලියට හරි බස් එකේ යන්නෙ...

ඔන්න ඕක තමා බස් එකේ ඩැයිවර් උන්දැගෙ පැටිකිරිය...ඌ විතරක් නං කියාංකො...දැන් කියන්න යන්නෙ බස් එකේ ඉන්න යක්ස කොන්දොස්තර ලොක්කා ගැන...

මු ගැන නං ඉතින් කතා කරන්න දෙයක් නැ...බස් කොන්දොස්තරලා ගත්තොත් 80-90%ක් මහා බලු විදිහට තමා මගීන්ට කතා කරන්නෙ.ඒත් මිහිපිට දෙවිවරු වගේ කොන්දොස්තර මහත්තු නැතුව නෙවෙයි.ඒ වගේ මහතෙක් කොටි මලයාගේ බස් ජීවිතයේදී 120 බස් එකකදි මුණ ගැසි තියනවා.ඒ මහතා ගැන ලිවිම මලයා අනාගතේට බාර කරල ආපහු යනවා කතාවට...

අපි කොතනද නැවැත්තුවේ?ආ...ඉංගිරිය බස් එකේ කොන්දොස්තර ලොක්කා ගැන නේද?

කතා කරල වැඩක් නැ මලයට හොරණ ටවුමෙ ඉදන් දික්හේන හංදියට රු.8යි...දැන් කාලෙ මාරු නැති නිසා මලයා ගොඩක් වෙලාවට රු.20 කොලේ තමා කොන්දොස්තර ලොක්කට දෙන්නෙ.දන්නවනෙ කතාව...නෝ ඉතුරු සල්ලි...සමහරු නං දෙනවා...බොහෝ අය නෑ...කතා කරන්න දන්නෙ නෑ...දවසක් එකෙක් කොටි මලයට හෙන ටෝක් එකක් දුන්නා මාරු සල්ලි වලින් සල්ලි දෙන්නෙ නැ කියල...මාරු තියෙන්ඩ එපෑ යකෝ මාරු සල්ලි දෙන්න...අනික මාරු සල්ලි දුන්නැ කියල මැරෙනවද?...අනික බනිනව කියල එහෙමත් බනිනවද?...ඒ වගේ උන් ගැන නං කතා කරල වැඩක් නෑ...

දැන් ඉතින් කොන්දොස්තර ලොක්කා ගැනයි ඩැයිවර් උන්දෑ ගැනයි කිවුවනේ...දැන් කියන්නෙ අන්තිම වරිගයා ගැන...ඇ...බස් කොන්දයි ඩැයිවරුයි ඇරුනම තව කවුද බං බලු විදිහට බස් වල යන්නේ?...නැ බං ඒ තමයි ප්‍රධානම එවුන් ටික...බස් මගීන්

කොටි මලයාට බස් මගීන් ගැන තියන ලොකුම චෝදනාව තමා ඉඩ දෙන්නෙ නැති කම...ඒ වගේම ඉංගිරිය බස් මගින් මහා බලු වැඩක් කරනවා...මොකක්ද දන්නවද?

දැන් කියන්නකො බස් එකේ සිට් ඔක්කකොම පිරිල...ඊට පස්සෙ ඉතින් මිනිස්සු හිටගෙනනෙ යන්නෙ.මුං මොකද කරන්නේ?ඔක්කොම බස් එකේ දොරවල් 2 විශේෂයෙන් ඉස්සර දොර ළගමයි හිටගෙන හිර වෙලා යන්නෙ.බස් එකේ මැද කොටසේ අම්බානෙකට ඉඩ තියනව.ඇයි මුං හැමෝම ඉස්සර දොර ළගම හිර වෙලා යන්නේ?මේක කොටි මලයට මාරම ප්‍රශ්නයක්...පොඩ්ඩක් හිතමුකො ළග බහින උන් නං එහෙම හිටියත් කමක් නෑ කියල බහින්න ලේසි නිසා.කොටි මලයත් ලග බහින කෙනෙක්.ඒත් මේ දුර බහින අය මොකද කරන්නේ?උනුත් දොර ලගම හිර වෙලා සක්කෙ ගහගෙන ඉන්නව.සමහර කොන්දොස්තර අයියල ගිරිය යටින් කැගහනව එහාට යන්න එහාට යන්න මැද ඉඩ තියනවනෙ කිය කිය...ඒත් මුං එකෙක් හෙල්ලෙන්නෙ නැනෙ...වැඩිම උනොත් අගලක් යයි.මැද හොදටම ඉඩ තියනව.ඇයි එහෙම කරන්නෙ?කොටි මලයා නං කියන්නෙ මිනිස්සුන්ගෙ බලුකම නැත්තං ගොන්කම...ඉතින් මේ විදිහට කලාම අර ළග බහින අහිංසකයොන්ට බස් එකෙන් බහින්න වෙන්නෙ අම්බානෙකට හිර වෙලා තැලිල...මොකද අර දුර බහින එකෙක්වත් බහින එකාට බහින්නවත් අගලක් එහා මෙහා වෙන්නෙ නෑ.ඇයි එහෙම කරන්නෙ?ළග බහින එකාට බහින්න දීල දුර බහින එකා පොඩ්ඩක් එහාට උනාම ඌ මැරෙනවද?පිලිතුර ඔබට බාරයි.

..................................................................................................................................................................

අද ලිපියෙන් කිවුවෙ ඇත්තටම මම(කොටි මල්ලි)බස් එකේ යද්දි විදින දුක ගැන...ඔයාලා අතරත් අර මං කිවුවා වගේ අය ඇති...ඉතින් එහෙම අය ඉන්නවා නං ආත්මාර්ථකාමී නොවී ඒ වැරදි හදා ගන්න කියල මං කරුණාවෙන් ඉල්ලා සිටිනව...එහෙනං හැමෝටම සුබම වේවා!!!...ජයම වේවා!!!

                                                                                                                                   2016.06.25

2016.07.26 UPDATE...

පොඩි අප්ඩේට් එකක්...දැන් නං දෙය්යනේ කියල ඉංගිරිය බස් එකේ චාටර් එක ඉවරයි.මොකද දැන් කොටි මලයට විද්‍යා පන්ති ඉවර වෙච්ච ගමන් ICT ක්ලාස් එකක් තියනව.ඒක ඉවර වෙනකොට දික්හේන බස් එකත් එන හින්ද කොටි මලය ගේ ළගින්ම ලේසියෙන් බහිනව.විස්තර අගෝස්තු නිවාඩුවෙදි කියන්නංකෝ...

Friday, May 6, 2016

ගණුදෙනුව...

හලෝ ඉතින් කොහොමද...සතුටින් ඉන්නවා නේද හැමෝම?....අපිට නං ඉතින් දුකයි සැපයි දෙකම තියනවා...ඉතින් ඇත්තම කිවුවොත් මට මාස ගාණකින් බ්ලොග් 2න් එකක්වත් ලියන්න බැරි උනා.කොටින්ම කිවුවොත් මම මගේ ටෙච් බ්ලොග් එකටවත් මාස 2කින් පෝස්ට් එකක් දැම්මෙ නෑ.හේතුව කම්මැලිකම සහ ලියන්න දෙයක් නොමැති වීම.අද නං පෝස්ට් එකක් නොලියාම ඉන්න හුගක් අමාරු උනා.මොකද මගේ ඉන්ටනෙට් සෙල්ලං වල සම්පූර්ණ වෙනසක් අද උන නිසා.ඉතින් කතාව කියවලා බලමු නේහ්...

අද නං මහ පුදුමාකාර දවසක්...හීනෙකින් වත් හිතපු නැති දෙයක් තමා උනේ...

ඔන්න අද දවස 2016.05.06 සිකුරාදා...ඔයාලා දන්නවා ඇති ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එක ගැන සහ ඔයාලා ඒක ප්ලේ කරනවාත් ඇති...ඉතින් ලෙසටම මටත් ඒකේ ටවුන් හෝල් ලෙවල් 8 බේස් එකක් තිබුනා.ඒ වගේම මට දැන් දැන් ඒක ගහන්න තහංචි වැටිලා තිබුන මම ඒකට ඇබ්බැහි වෙලා කියලා...ඒ වගේම මට ඒක බාගෙට එපා වෙලා තිබුනෙ...ඒකට හේතුව මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් පමෝද් උගෙ බේස් එක රු.220කට මගෙ පරම සතුරාට විකිණීම.ඒ වගේම මට දැන් ගේම් එක ගහන්න අම්මා දෙන්නෙ නැති නිසා හොරෙන් තමා ගැහුවෙ.හොරෙන් ගැහිල්ලත් එපා වෙලා තිබුනෙ.ඉතින් මම මේක නවත්තන්න හිතුවා.ඒත් හිතට මොකක්ද වගේ මෙච්චර කාලෙයක් අමාරුවෙන් ආදරෙන් රන් කරපු බේස් එක දෙන්නත්...
කොහොම හරි මේ දවස් ටිකේ මම ඉස්කෝලෙ කිය කිය හිටිය බේස් එක 3000කට දෙනව කියල.එකම එකයි ගන්නං කිවුවෙ ඒ මගේ මිත්‍ර හිමත්.ඌ හරි ආසාවෙන් හිටියෙ ඒකට...යාලුව හින්ද මම ඌට ඒක 2500කට දෙන්නං කියල කිවුවා...පොරත් ඉතින් ෆුල් හෝප්ස් තියාගෙන හා කියල උට සල්ලි එකතු කරගන්න මාසෙ අන්තිම වෙනකන් ඉන්න කිවුව.මාත් කැමති උනා.

කොහොම හරි ඕක කියල ඊලග දවසෙ මම කිවුව කියාංකො බේස් එක විකුණන්න බෑයි කියල.මට දුකයි බං විකුණන්න...හිමතෙයාගෙ හීනත් මං හිතන්නෙ කැඩුනා.ඒත් ඌ මොකුත් කිවුවෙ නෑ.

ඊට පස්සෙ දවසෙ හිමත් උගෙ ස්මාට් වොච්(smart watch)එක ගෙනල්ල තිබුන යාලුවෙක්ට දවසකට දෙන්නද මොකක්ද එකකට...ඒක නං පට්ටයි බං.මටත් ඉතින් ආසාව තිබුනට මොකුත් කිවුවෙ නෑ.හිමත් අහනවා උඹ කැමතිද මගේ වොච් එක උඹෙ බේස් එකට මාරු කරන්න කියලා මාත් හා කිවුවා.ඒත් එතකොටම පමෝද් කාරය නහයෙන් අඩන්න පටන් ගත්තා මොකද ඌ මට කලින් ඒක සල්ලි වලට ඉල්ලලා තිබුනෙ.ඉතින් ඌ ඒක අහපු හැටියට මටත් දුක හිතුනා බං.මගේ යාලුවනේ උගෙ හිත කඩන්නත් බෑ ඒ වගේම හිමත් අරක කියල තියෙන්නෙ විහිලුවට...ඊට පස්සෙ මං කිවුවා මං මගේ බේස් එක විකුණන්නෙ නෑ ඒත් හොද කැමරාවක් තියන බට්න් ෆෝන් එකකට හරි(මට කෙලින්ම කියන්න තිබුනා ස්මාට් ෆොන් එකකට මාරු කරනවා කියලා.ඒත් ස්මාට් ෆෝන් එකකට මාරු කරල ඒක ගෙදර ගෙනිච්ච ගමන් අම්මා ඒක පොලේ ගහයි.)ස්මාට් වොච් එකකට හරි මාරු කරනවා කියලා.සල්ලි නං ගන්න බෑ බං.මොකද සල්ලි ගත්තොත් නැති කරදර.මොකද අපි පොඩි ළමයි.ඉතින් මං බේස් එකට අඩුම 2500ක් වත් කියනවා.ඉතින් ගේම් එකක් ගහන්න ළමයෙකුට රු.2500ක් දෙන්නෙ මොන අම්ම තාත්තද බං?ඒත් මොකකට හරි මාරු කරද්දි ඒ කේස් එක නෑ.මං ඔහොම කිය කියා ඉන්නකොට පමෝද් කිවුවා උඹ මට බේස් එක දියන් මං මගේ ජාවා බට්න් ෆෝන් එක දෙන්නං කියලා.ඒක හොද ෆෝන් එකක්.කැමරා ඔක්කොම තියනවා.ඉතින් මාත් කැමති උනා.අරූ මුලින් හිතලා තිබුනෙ බොරුවට හා කිවුවා කියල.මොකද ඌ දන්නවා මම කොහොම කිවුවත් බේස් එක දෙන්න කැමැත්තෙන් නෙවේ හිටියෙ කියලා.හැබැයි මම ඇත්තටම කිවුවා බේස් එක දෙනවා කියල.අරුත් කැමති උනා.ඌ ඒක ගත්තෙ උටත් ඒක ඊට පස්සෙ අඩුම 2000කට දෙන්න පුලුවන්.උට ඒ ෆෝන් එක වැඩක් නෑ ඌ ඒක පාවිච්චි කරන්නෙ නෑ ඉතින් උට ඒක දීල රු.2000ක් ගන්න එක ඇත්තටම ලාබයි.මං කිවුවා ගැනුම් කරුවෙකුත් හොයලා දෙන්නං කියලා.ඒ නිසා පමොද් කාරය විශ්වාස නිසා පොල්ල තියයි කියලා බයක් නැති නිසා උට මං බේස් එකේ මගෙ gmail එක kotiya.world@gmail.com එකයි ඒකෙ පාස්වර්ඩ් එකයි ලියලා දුන්නා සදුදට ෆෝන් එකයි චාර්ජර් එකයි හෑන්ඩ්ස්ෆ්‍රී එකයි ගෙන්න කියලා.මුලින්ම කිවුවා පමෝද් ඒක විකුණන්න ගත්තෙ.ඉතින් මූ මොකක්ද කලේ හිමත් කාරයට කිවුවා මේ බේස් එකයි තව රු.2000කුයි උට දෙනවා ස්මාට් වොච් එක දියන් කියල.හිමත් කොහොමත් බේස් එකට පිස්සු වැටිල හිටියා වගේම ඒක මිලදී ගන්න හිටියෙ.ඌ කෙලින්ම වැඩේට කැමති උනා.පමෝද් කාරයා මම ඊමේල් පාස්වර්ඩ් ලියල දීපු කොලේ හිමත්ට දුන්නා ඊළග දවසෙ ඉතුරු රු.2000ත් දෙන්නං කියල.හිමතත් ඒ ගමන්ම පමෝද්ට වොච් එක දුන්නා ඊළග දවසෙ ඒකෙ මෙමරි කාඩ් එකයි ඒ ටික දෙන්නං කියල...ඉතින් මම හිමත්ගෙන් දවසක් කල් ගත්තා මම මගේ ඊමේල් එක ඇඩ් කරපු මගේ ටෙච් බ්ලොග් එකයි මේ බ්ලොග් එකයි වෙන ඊමේල් එකකට මාරු කරගන්න.

ඉතින් ඔය විදිහට ගනුදෙනුව සිදුවුනා...ගනුදෙනුවේ පාර්ශ්ව තුනටම කිසිම පාඩුවක් නැතිව ගනුදෙනුව උනා...ඇත්තටම මේක වෙච්ච වේගෙට මට මොකුත් හිතාගන්න බැරි උනා.මම ආදරයෙන් රන් කරපු මගේ බේස් එක මට නැති උනා.මට අලුත් ෆෝන් එකක් ලැබුනා.පමෝද් කාරයට ඌ ආසාවෙන් ගන්න හිටපු ස්මාට් වොච් එක ලැබුනා.හිමත්ට ඌ ආසාවෙන් පැනි හල හල හිටපු ටවුන්හෝල් 8 බේස් එකකුයි රු.2000කුයි ලැබුනා.

ඒ වගේම මගේ ඉන්ටනෙට් එකේ මම බය නැතුව ලොග් වෙලා සෙල්ලං කරපු මගේ kotiya.world@gmail.com ඊමේල් එක මට නැති උනා.ඉතින් ඒ අඩුව පුරවන්න අලුතෙන් එන මගේ නව ඊමේල් එක kotimalli12@gmail.com ඉතින් මාව සම්බන්ධ කරගන්න දැන් ඔයාලා ඊමේල් එවන්න ඕනි මගේ kotimalli12@gmail.com ඊමේල් එකට...

ඉතින් මම මගේ ලිපියෙන් සමු ගන්නවා...ඒ වගේම ඉදිරියටත් මොන ක්‍රමයෙන් හරි මම ඉන්ටනෙට් එකේ ඔයාලා වෙනුවෙන් ඉන්නවා...ඔයාලාගෙ පරිගණක ගැටලු විසද ගන්න එහෙම තියනවා නං මට කියන්න...මම දන්න දෙයක් තියේ නං අනිවා ඒකට ඔයාලට කියලා දෙනවා...

එහෙනං අදට මම සමු ගන්නවා...ඉදිරියටත් මගේ බ්ලොග් මගින් හැමදාම මාත් එක්ක එකතු වෙලා හැමදාම ඉන්න...එහෙනං ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

                                                                                                                   මම,
                                                                                                                   කොටි මල්ලියා...
2016.02.11 UPDATE

කොටි මලයාගේ බ්ලොග් පිටුවේ ඔහු ලියා ඇති ලිපි වලින් අපට දැන් තිබෙන තත්ත්වය ඔබට පැවසීමට මෙම ලිපි වල පොඩි අප්ඩේට් දැමීමට ඔහු විසින්  13ශ්‍රී 6127ට භාර දී ඇත...එබැවින් Popular Post තීරුවේ උඩම තිබූ මෙම ලිපියේ දැන් තත්ත්වය ගැන අප්ඩේට් එකක් දැමීමට මට සිතුනි.
මෙම ලිපිය මෙන්ම මෙම සිදුවීමද වී මාස 9ක් පමණ වී ඇත...කාලය මෙතරම් වේගෙන් ගොස් ඇත්තේ කෙසේද යන්න මටවත් කොටි මල්ලියාටත් සිතාගත නොහැක.ඒ කෙසේ වෙතත් කාලය ගොස් ඇත.
දැන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වලට ඇබ්බැහි වන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතී.වලපල්ලට යන ළමුන් පිරිස ඉතා වැඩි වී ඇත.කරන්නට දෙයක් නැත.ඒ කෙසේ වෙතද දැන් කොටි මලයා සත්‍ය තේරුම් ගෙන සිටී.ඔහු දැන් මලාට ඕක ගහන්නේ නැත.ඔහුගෙන් බේස් එක මිලදී ගත් හිමත් දැන් පිස්සෙක් පිස්සෙක් පිස්සෙක් සේ ඔහුගේ බේස් එක ඇතුලුව බේස් 5ක් රන් කරයි.එමෙන්ම මලයාගේ බේස් එක දැන් ටවුන්හෝල් 9 බවද අපට දැනගන්නට ලැබී ඇත.මලයා ආදරයෙන් රන් කළ සිංහලයෝ ක්ලෑන් එක මලයා විනාශ වී ඇතැයි සිදුවද එහි පරණ සාමාජිකයින් විසින් එය තිබුනාටත් වඩා හොදට රන් කර ඇත.මම මේ විස්තරය ඉදිරිපත් කලේ කාලයක් අපේ එකාද ඉතාමත් ආදරයෙන් වැරැද්දක් වුවද කළ බැවිනි.එමෙන්ම පමෝද්කාරයාද ඉදහිට උගේ බේස් එක මිලදී ගත් එකා ගෙන් ඉල්ලගෙන නිවාඩු කාල වල යයි.එසේම මලයා මිලදී ගත් අර ෆෝන් එක දැන් භාවිතයක් නැතුව ලාච්චුවක තිබෙනු මට සිහි කල හැකිය.අර ස්මාට් වොච් එක නං පමෝද් කාරයා තවම පාවිච්චි කරයි.

ඉදින්...විස්තර මෙසේය...වත්මන් තත්ත්වය දැන් ඔබ දන්නවා ඇතැයි සිතමි...මෙතතින් අප්ඩේට් එක නිම කරමි...

                                                                                                                                  මීට,
                                                                                                                                  13ශ්‍රී 6127

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...