Skip to main content

මතකයන්,අත්දැකීම් රැසක් රැගෙන 2016 වසර අදින් නික්ම යයි...

ඉතින්,
     සුබ උදෑසනක් මගේ හිතාදර මිතුරනි,අද 2016 දෙසැම්බර් 31 වෙනිදා...දැන් වෙලාව උදේ 10.31යි...

හ්ම්...
     අත්දැකීම්,මතකයන් ගොඩාක් දුන් වසරක් අදින් අවසන් වෙනවා මිත්‍රවරුනි,

කොටි මලයා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඊයෙ රෑ නිකන් ඉන්න වෙලාවේ කල්පනා කරපු දේවල් ගැන හිතලා...ඒ වෙලාවේ මලයා ලොකු තීරණයක් ගත්තා 2016 වසරෙ මලයාට ලැබුනු අත්දැකීම්,දැනුම,මතකයන් ආයෙත් ආවර්ජනය කරලා මේ විදිහේ පෝස්ට් එක ලියන්න...

2016 කියන්නෙ හරිම පුදුම අවුරුද්දක්...මහම මහ පුදුමාකාර දේවල් උනු අවුරුද්දක්...දුක සතුට හැමදේම මිශ්‍ර වුණු අවුරුද්දක්...මලයා තීරණය කළා මේ අවුරුද්දෙ වෙච්ච දේවල් මුල ඉදලම ලිස්ට් එකකින් පටන් ගන්න...

  1. හ්ම්...මලයා ඒ පළවෙනි වාරෙට 9 ශ්‍රේණියෙ ශිෂ්‍යෙයක් වෙලා ඉස්කෝලෙ ගිය දවස...කොට කලිසම් ඇදලා ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද...
  2. වැඩ කරගෙන ගියා...මලයා කොහොමත් ඉස්කෝලෙ යන්න කම්මැලි පොරක් කියල දන්නවනේ...ඒත් වැඩ මගඇරියෙ නෑ...
  3. ඔන්න එක බඩවැල කඩාගෙන ආපු සහෝදරය වගේ හොදම මිතුරා කියපු එකා මලයාගෙ පන්තියටම වැටුනා මොකක් හරි ජල්තරයක් නිසා ඉස්කෝලෙ පටන් අරන් සති 2,3කට පස්සෙ...ඌව ඊට කලින් වෙන පන්තියකට වැටුනා...ඒත් ඊට පස්සෙ ආපහු ඌ මලයාගෙ පන්තියටම වැටුනා...මලයා එදා හුගක් සතුටු උනා යාලුවවත් එකම පන්තියට වැටුන එක ගැන...ඒත් දැන් මලයා දන්නවා ඒ මලයාගේ කරුමයක් කියලා...
  4. වැඩ කරගෙන ගියා...නමුත් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියල ගේම් එකක් මලයා ගැහුවා...ඒක මලයට පුරුදු කළේ අර කලින් කියපු හොදම මිත්‍රයා අහවල් උන්නැහේ...මලයා ඕකට ඇබ්බැහි උනේ 2015 මලයගේ කොම්පියුටර් වැඩ ටික සාර්ථකව කරගෙන එනකොට...මලයා එතකොට ටෙච් බ්ලොග් එක දාලා ඒකේ හුගක් ලිපි ලියලා කොම්පියුටර් ගැන ඉගෙන ගත්තා...ඕකට ඉරිසියාවෙන් අර අහවලා මලයට අර ගේම් එක පුරුදු කළා...මලයා ලෙසටම ඕකට ඇබ්බැහි උනා...ටෙච් බ්ලොග් කැලේ...දැනුම කැලේ...ඔක්කොම ඉවරයි...
  5. මලයාගෙ ගෙදරට ගණන් පන්තියෙ සර් කිවුවා ඔය ගේම නිසා මලයා හුගක් අධ්‍යාපනයෙන් වැටිලා කියල...මලයට සර් පෙනුනෙ යක්ෂයෙක් වගේ...ඒත් මලයා දැන් දන්නවා ඒ සර් දෙවියෙක් වගේ ඒහෙම කිවුව එක කොච්චර හොදද කියලා...
  6. මලයට ඕක ගහන්න තහනමක් ආවා...නමුත් මලයා ඕක හොරෙන් ගැහුවා...නමුත් ටික දවසක් යනකොට මලයට හොරෙන් ගහන එකත් එපා වෙලා ඕක ගැන කලකිරිලම ගියා...ඊට පස්සෙ මලයා ඕක රැපියල් 2000ක ෆෝන් එකකට මාරු කලා...ඔය ෆෝන් එක කොහේ හරි ඇති...ඒත් මලයට ඒක වැඩක් නෑ...මලයා හුගක් ආදරේ කරපු මලයගෙ ප්‍රධාන ඊමේල් ගිනුම kotiya.world@gmail.com  මලයට ඔය සීන් එකෙන් නැති උනා...ඒ වෙනුවට තමා kotimalli12@gmail.com ආවෙ...
  7. ටික දවසක් මලයට ඕකට පොඩ්ඩක් ආසාව තිබ්බා...ඊට පස්සෙ ගේම ගහන්නැතුව ඉන්න කොට තේරුනා කොච්චර කාලකන්නි වැඩක්ද මම කරලා තියෙන්නෙ කියලා...මලයා බුදුහාමුදුරුවන්ටයි ගණදෙවියන්ටයි පොරොන්දු උනා ජීවිතේ තියනකන් ඔය ගේම ගහන්නෑ කියල...
  8. දැන් මලයට තේරෙනවා අර අහවලා බල්ලෙක්ටත් අන්ත එකෙක් කියලා...මලයා පොරව සැක කරනවා...අරූට නොදැනෙන්න...අරූටත් සමහර වෙලාවට අමතක වෙලා මලයා ගැන තියන ඊරිසියාව පිටකරන අවස්තා තිබුනා...මලයාට දැන් අරූගෙ දෙබිඩි ජීවිතය පැහැදිලියි...
  9. මලයාට මලයා අවුරුදු 9ක් තිස්සෙ ආශ්‍රය කරපු එකාට සෙට් වෙනවා දවසක් තනියම...ඊට කලින් අර අහවලා ඌ තොට ඊරිසියයි බං උඹට කියන කතා උඹ දන්නෑ කියල අරූයි මායි තරහ කරෝල තබ්බේ..ඒත් අරූ එක්ක ටෝක දාද්දි තමා අපි දෙන්නටම ඔක්කොම මීටර් උනේ...අහවලා දෙපිටකාට්ටුවා කියලා...ඌ දෙන්නට දෙන්නා කොටෝනවා...ඕකයි වැඩේ...
  10. කොහොමින් හරි වැඩේ දුර ගියා...මලයට ගෙදෙට්ට කියන්න විදිහක් නෑ අහවලා බල්ලා කියල...මොකද ඌව අපෙ අම්මල විශ්වාස කරපු නිසා...
  11. කොහොම හරි අහවලා 2ක්ට කියලා මට ගස්සවන්න ප්ලෑන් කළා..මලයා වැඩේ තේරුම් ගත්තා...ඔක්කොම ගෙදෙට්ට කිවුවා...වලිය නැවතුනා...නමුත් අහවලා බේරුනා...හේතුව ඌ කොහොම හරි උගේ වාසියට වැඩේ කරගන්නවා...ඌ උගෙ වැරදි එකක්වත් පිලිගන්නෙ නෑ...ඒත් ඌ දන්නෙ නෑ දැන් ඔක්කොම උගෙ දෙපිටකාට්ටු සෙල්ලං දන්නවා කියල...
  12. හතුරු මිතුරු සන්තෑසිය ඔහොමම ඉවර උනා කිවුවට උනේ නෑ...මලයා රෙඩි පිට ඉන්නවා ඕනි දේකට...
  13. ඊට පස්සෙ අප්‍රෙල් මාසෙ 12 අවුරුදු කුමාරයා විදිහට 13ශ්‍රී 6127 ආවෙ...ඒ කවුද කියලා අවුරුදු කුමාරයා පොස්ට් එකේ ඇති...ඒක තමා මලයව වෙනස් කලේ...ඒ වගේම කම්පියුටර් වලට තිබුනු ආසාව වැනිෂ් කරලා සීමා රහිත ක්ලැසික් කාර් පිස්සෙක් බවට මාව පත් කිරීම ගැන carpissuwa.blogspot.com හා එහි ෆේස්බුක් පේජ් එකේ ගරුතර ඇඩ්මින්තුමා ඇතුලු 13ශ්‍රී 6127ට බෙහෙවින් පින්සිද්ධ වෙන්න ඕනේ...ඒ ලෙඩේ නං මට ඉර හද වගේ විශ්වාසයි කවදාවත් මං මැරෙනකන් හොද වෙන්නෙ නෑ...
  14. දැන් මම සීමා රහිත කාර් පිස්සෙක්...ජීවිතේ වෙච්ච පොඩි පොඩි දේවල් කෙටියෙන් කියලා දාන්න වෙලාව හරි...
  • ඩෙස්ක්ටොප් කම්පියුටරය ලැබුනා...
  • සතුරා මිතුරා හරියටම අදුන ගත්තා...
  • මගේ දුර්වලතා ගොඩක් හරියටම දැන ගත්තා
  • තමාට කවුරු නැතත් අම්මා තාත්තා ඕනි වෙලාවක ඉන්නවා කියලා දැනගත්තා
  • අනාගතය ගැන ප්ලෑන් එකක් හරියටම හදා ගත්තා..(මේ ගැන පෝසට් එකේ පොඩි විස්තරයක් අන්තිමට දාන්නං)
මලයා මේ දෙසැම්බර් නිවාඩුවෙ හුගක් දේ ඉගෙන ගත්තා...ඒ වගේම මලයා දැනගත්ත වැදගත්ම දේ තමයි තම හිසට තම අතමය සෙවනැල්ල කියන දේ සම්පූර්ණ ඇත්ත බව...මලයා ඔයාලට දෙන පණිවුඩය දැන්,

කවදාවත් තමන්ට බොක්ක දෙන්න උනත් ඉන්න එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...හැම කෙනා දිහාම ඔහුව විශ්වාස වෙනකන් සැකෙන් බලන්න...එකපාරටම කෙනෙක් විශ්වාස කරන්න එපා...ඒ වගේම ඔය අම්මපල්ලා,දෙවියො පල්ලා,බුදුහාමුදුරුවො පල්ලා කියල දිවුරණ එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...උන් තමා ඔක්කොටම වැඩිය බොරු කරන්නෙ...ඒ වගේම නිතරම තනියෙන් දෙයක් කරන්න...තනියෙන් දියුණු වෙන්න උත්සාහ කරන්න...ඔබ දියුණු උනාට පස්සෙ පුලුවන් අනිත් අය ගැන හිතන්න...ඒත් මුල අමතක කරන්න එපා...ඒ වගේම ඔබේ අනාගත බලපොරොත්තු,අධිෂ්ටාන ගැන කා එක්කවත් කියන්න එපා...කියනවනං අම්ම තාත්ත එක්ක විතරක් කියන්න..මොකද ඔවුන් විතරයි ඔබට අවංකව ඒ ගමන යන්න උපකාර,අවවාද කරන්නේ...විශේෂයෙන් ඔය බොක්ක දෙන එවුන්ට වචනයක්වත් ඒවා ගැන කියන්න එපා...උන් එක්ක කතා කරනකොට පුලුවන් තරං මට බෑ බං වගේ නෙගටිව් විදිහටම ඒවා ගැන කතා කරන්න...ඊට පස්සේ ඔයා ශේප් එකේ යටින්ම ගේම දීලා ඉහලට යන්න...

ඔයා ඉස්කෝලෙ යනවනං ඒ වගේ කෙනෙක් නං එක එක සිද්ධි නිසා මානසිකවට වැටුනු කෙනෙක් නං ඔබට උත්සහය,ධෛර්්‍යය තියේ නං ඔබට දියුණු වෙන්න පුලුවන්...ඔබට පුලුවන් මං කලින් කිවුව වගේ අනාගතය ගැන ප්ලෑන් එකක් හදාගන්න...හිතන්න ඔබ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ශිෂ්‍යෙයක් තව අවුරුදු 2කින්...වාර විභාග ලකුණු එහෙම පට්ට අඩුයි...පාඩං කරන්න කම්මැලියි...ඒ නිසයි ලකුණු නැත්තේ...ඒත් ඔබ දක්ෂයෙක්...ඔබ දන්නවා...ඒත් ඔබේ ලග ඉන්න පාපතරයො ඔබට දුර්වල කරලා...ඔබට පුලුවන් ඔබ දැන් ඉන්න තත්ත්වය ගැන හිතලා ප්ලෑන් එකක් හදාගන්න...මුලින්ම ඔබේ දක්ෂතාවය හදුනා ගන්න...ඒක මුලින්ම කරන්න ඕනි දේ...ඔබේ දක්ෂතාවය අදුනා ගෙන ඒකෙන් දියුණු වෙන්න පුලුවන් හැටි මුලින්ම හිතලා බලන්න...දැන් බලමු...ඔයාට ෆොටොෂොප් වැඩ හොදින් පුලුවන්...හිතන්න...දැන් තත්ත්වය උඩ ඔයා හිතනවා ඔයා ඕලෙවල් ලිවුවොත් ෆේල් වෙනවා කියල...ෆේල් උනා කියලා හිතාගත්තා...ඔයා මොකද කරන්නේ...?සැගවුනූ දක්ෂතාවය ප්‍රෙයා්ජන ගත්තා...ඔයාට පුලුවන් ඉන්ටනෙට් ජොබ්ස් වගේ දේවල් වලින් ෆොටෝෂොප් වැඩ වලින් සල්ලි හොයන්න...නැත්තං ග්‍රැෆික් ඩිසයින් ආයතනක වැඩට යන්න...ඊට පස්සෙ දියුණු වෙලා ඔබේම ව්‍යාපරයක් අරඹන්න...ඕලෙවල් පාස් උනොත් එතනින් එහාට ඔබට පුලුවන් ඒලෙවල් ගැන හිතලා ජවීතේ ජයගන්න...

ඕක තමා මිත්‍රවරුනි මලයා දෙන පනිවුඩේ...ඉතින්...කාල වෙලාව හරි 2016 වසරේ අන්තිම ලිපියට සමුදෙන්න..ගොඩක් දේවල් ලියන්න හිටියත් ඒක මම සාරාංශ කරලා අර පණිවුඩේ ඇතුළත් කළා...
ඉතින් 2016 ඉවරයි මිතුරනි...2017 වසරේ නැවත හමුවෙමු...!!!

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!











































Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...