Skip to main content

ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව සහ දැනුම...මගේ අදහසට අනුව...

2017.01.18

           හ්ම්,

      ආයුබෝවන් මිත්‍රවරුනි,

මං හිතන්නෙ මේක තමා මං 2017 අවුරුද්දෙ දාන පළවෙනි ලිපිය...අද 2017.01.18...වෙලාව හවස 6.42යි

හ්ම්...කොහෙන් පටන් ගන්නද කියලා තමයි හිතාගන්න බැරි.....

හ්ම්...ඔයාලා දන්නවනේ මිත්‍රවරුනි කොටි මලයාට මේ අවුරුද්දෙ තමා අවුරුදු 15 වෙන්නෙ...මේ 2017 අවුරුද්දෙ මාර්තු වලට තමා...ඉතින්...ආපසු කාලයක් හැරිල බලද්දි මට හිතෙනව දැන් මම කොච්චර වෙනස් වෙලාද කොච්චර දැනුමක් මට ලැබිලද මම මොනවද දන්නෙ කියල...

මේ ලිපියෙ මාතෘකාව කම්පියුටර් කෙරුවාව නිසා මං කෙලින්ම ඒකෙන් වැඩේට බහින්නං...මලයට මුලින්ම කම්පියුටරයක් සෙට් වෙන්නෙ මලයා 3 ශ්‍රේණියෙදි...පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එකක්...මට නෙවෙයි...අපේ චූටි අම්මා ඒ කාලෙ කම්පියුටර් වැඩ පුරුදු වෙනකොට එයාගෙ වැඩ වලට...ඒත් පාවිච්චි කලේ මම...ගේම් ගහ ගහ හිටියා...ඒ කාලෙ ඉතින් මලයා බබානේ...ගේම් ගැහුවට කවුරු හරි දාපු එකක් තමයි...හැබෑ මොනා උනත් මම මයික්‍රොසොෆ්ට් පේන්ට් එකයි වර්ඩ් එකෙයි එක්ස්පර්ට් වෙලා හිටිය...මට හොදට සිංහල යුනිකෝඩ් ටයිපින් පුලුවන්...වෙන දෙයක් දන්නෙ නෑ...ඉන්ටනෙට් දැකල තියා අහලවත් නෑ...මට ඒ අතීතය මතක් කරන්න එච්චර පුලුවන් කමක් නෑ...මතක් කරන්න දේකුත් නෑ...මතක් කරන්න අකමැත්තක්වත් උවමනාවක්වත් මට නෑ...දැන් මම මගේ Dual core 3.0GHz ඩෙස්ක්ටොප් එකේ LCD මොනිටර් එක ඉස්සරහ වාඩි වෙලා මෙහෙම කොටනකොට මට මතකයි ඉස්සර මම ඒ කම්පියුටර් එකේ මේ විදිහටම මගේ අලුත් ඩෙස්ක්ටොප් එක තියන මේසෙ උඩම පරණ CRT monitor එකෙන් මේ තැනම මේ පුටුවෙම වාඩි වෙලා කොටපු හැටි...චිත්‍ර ඇදපු හැටි...ගේම් ගැහුව හැටි...ඒ වගේම මම දැන් ඉන්න පුටුවෙන් ඔලුව හරවලා පිටිපස්ස බැලුවොත් මට පේනව ඒ ඩෙස්ක්ටොප් එකේ පරණ සුදුපාට යකඩ කේසින් එක(දැන් ඒක මලකඩත් කාල)පොඩි බංකුවක් උඩ තියන හැටි...

ජීවිතේ පුදුමාකාරයි...කාලය මැවූ වෙනසක අරුමේ කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවක තමා...

ඊට පස්සෙ...මං 4 වසරෙදි අර ඩෙස්ක්ටොප් එක කැඩුනා...නැති උනා...ආයෙත් මට පරිගණකයක් ලැබුනේ 2012 ඔක්තෝබර් විතර...මං ශිෂ්‍යත්වෙ පාස් වෙලා මට ලැබුන කිරි අම්මගෙන් Samsung Sense R55 ලැප් එකක්...බ්‍රෑන්ඩ් නිව් නෙවේ...යූසඩ්...25000කට කොහෙද...core 2 duo කියල කිවුවේ...කොහොමහරි...මම ඒක ගේම් ගහල කඩා ගත්තා...ඊට පස්සෙ හෙන ගානක් දීල හැදුවා...කැඩෙන්න හේතුව ගේම් ගහන එකලු...මිනිගේම් එකක්වත් ගහන්න එපාලු...මම අද කම්පියුටර් පැත්තෙන් යම් දියුණුවක් ලබල තියනව නං ඒකට ඒ ලැප් එකට වගේම මට වැටුනු ගේම් ගහන්න බැරි තහනමට මං ගොඩක් ස්තූතිවන්ත වෙනව...නැත්තං මම ජීමේල් එකක පාස්වර්ඩ් එකක්වත් වෙනස්කරගන්න දන්නැති මෝඩ බූරුවෙක් වෙන්න තිබුන...

ඉතින් මම කරන්න දෙයක් නැති හින්දා සොෆ්ට්වෙයා පැත්තට යොමු උනා...කන්ට්‍රෝල් පැනල් වල රවුම් ගහ ගහ එක එක සෙටිංස් වෙනස් කළා...ෆොටෝෂොප් ඔබ ඔබ ඒක ඉගෙන ගත්තා...ජීවිතේ වෙනස් උනා...

කොහොම හරි මගේ සැම්සුන් ලැප් එක අර කලින් රෝගය ඇවිත් සදහටම මගෙන් වෙන්වුනා...ඒ වෙනුවට තමයි HP Compaq 6510b ලැප් එක ආවෙ...අවුරුදු 3ක් මගේ වැඩ අකුරට ඉටු කරල දැන් දවස් කීපයකට කලින් පවර් එනවා යනවා කේස් එකක් ආපු නිසා දැන් ඒක මිලදී ගත්ත වගේම ඒකේ රෙපයාර් වැඩ කරන මේ දක්වා මට හම්බුනු වැඩ දන්න හිතහොද කම්පියුටර් ඔපරේටර් ඇන්ඩ්රු අයියලෑ ගෙදර ඇති...(පොර ඒක හැදුවද දන්නෑ...)

මම HP ලැප් එක ගත්තත් ඊට පස්සෙ සීමාවක් ඇතුව ඔහේ නිකන් ඉන්න වෙලාවට ගේම් ගැහුවා...ඒත් සොෆ්ට්වෙයා වැඩ අත්ඇරියෙ නෑ...එක එක දේවලින් පුංචි හරි දැනුමක් ලබා ගත්ත...ඉන්ටනෙට් ගියා...ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර්,ආෆ්ටර් ඉෆෙක්ට්,එච්ටීඑම්එල්,සීඑස්එස් හැම දේම අඩුවැඩි විශාල වශයෙන් වෘත්තියකට උනත් බය නැතුව යන්න පුලුවන් වෙන්න තනියම රූ පරිගණක,විජය පරිගණක,ඉන්ටනෙට් වීඩියෝ,සහ ඔබල කරල ඉගෙන ගත්තා...

අද මට බය නැතුව කම්පියුටරයක් එක්ක ඔට්ටු වෙන්න මාව හැදුවෙ HP ලැප් එක තමා...

මං මගේ පරිගණක ඉතිහාසෙ ගැන කිවුවෙ මේ ලිපියට ඒක හොද ආරම්බයක් නිසා...නැත්තං කියවන ඔයාල හිතයි මෙහෙම උපදෙස් දෙන්න උඹ මොනව කරේ කියල...

මම ඉතින් මගේ පරිගණක දැනුම එකතු කරලා ටෙච් බ්ලොග් එකක් පටන් ගත්තා...පෝස්ට් 100ක් විතර දැම්මා..ඊට පස්සෙ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකට ඇබ්බැහි වෙලා ජීවිතේ ලොකු කාලයක් මහඇරගත්තා...දැන් ටෙච් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ...කරන්න දේකුත් නෑ...

මං ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගැන ලගදිම ලිපියක් දානව මොකද ඕක වසංගතයක් හැම එකාම ගහල ඇබ්බැහි වෙනව මම ඕකට ඇබ්බැහි වෙලා හොද පරිප්පු කාල තියන නිසා මම අත්දැකීමෙන් දන්නවා සීන් එක...
ඕක ගැන ලිපියක් මම ඉක්මනට කොටනවා ඉක්මනටම...පොඩ්ඩක් ඉදපල්ලකො...ආයෙ ඇඩෙන්න දෙන්න...

මම මේ ලිපිය හිතන්න හැදුවෙ ප්‍රසිද්ධ **** සගරාවකට (ඒ සගරාවට අපි හදන ටියුටෝරියල් වගේ ඒව යවන්න පුලුවන්...ඊට පස්සෙ එයාලා ඒක සගරාවෙ පළ කරනව.)ඒ සගරාවෙ 9 වසරෙ හෝ 8 වසරෙ කොල්ලෙක් එවල තිබුනු ටියුටෝරියල් එකක් දැකලා...

මේ සොෆ්ට්වෙයා එක වීඩියෝ එඩිට්/හදන ප්‍රධාන සොෆ්ට්වෙයා එකක්...ඔයාලා දන්න මම කියන සොෆ්ට්වෙයා එක ගැන...මේක ගැන 2012 විතර 9 වසරෙ විතර කෙනෙක් තනියෙන්ම හොයලා ඒ ගැන ඉගෙන ගෙන සිංහල ටියුටෝරියල් වගයක් එයාගෙ බ්ලොග් එකේ දාල තිබුනා..මොකද ඒකෙ සිංහල ටියුට් හුගක් අඩුයි...මමත් ඉගෙන ගත්තෙ ඒකෙන්...මම අර කියපු එකා කරල තිබුනෙ අරූ 2012 හදපු ටියුට් එක ඒ ලෙසටම කොපි කරලා උගෙ එකක් වගේ දාලා...මම වගකීමෙන් කියනව ඕක කොපියක්...මට හොදින් අදුනන්න පුලුවන්...මොකද මමත් ටියුටෝරියල් හදපු එකෙක්...මට වෙලාවකට හිතෙනව උගෙ ෆේස්බුක් එකට ගිහින් ආදරෙන් ජාතිය අමතල එන්න...ඒත් තාම මොකුත් කලේ නෑ...

මම 9 වසරෙ ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ මට 8 වසරෙ පොරක් සෙට් උනා ඌ නං හොද කොල්ලා මං වගේම කම්පියුටර් තනියෙන් ඉගෙන ගෙන ටෙච් බ්ලොග් එහෙම හදලා දැන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහගෙන ඉන්නව...මං උට එපා කිවුව ඒත් තාම ඌ ඇහුවෙ නෑ...ඒක තමා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වල විශේෂත්වය...ඒක ගහන එකාට වෙන එකෙක් ගහන්න එපා කිවුවොත් ඌ ඒක ගනන් ගන්නෑ...ඊට පස්සේ ඕකෙ බොරුව තේරිලා ඕක ගැන කලකිරෙන්නම ඕනෙ ඕක තේරුම් ගන්න...

දැන් වෙලා තියෙන්නෙ තාක්ෂණය ඒ කියන්නෙ කම්පියුටර් ඉගෙන ගන්න ළමයි අඩුයි...බොහෝ ළමයි දැන් පීසී ගේම්වත් ගන්නෑ...හේතුව හැමෝම දැන් ස්මාට් ෆෝන්,ටැබ් ඇන්ඩ්‍රොයිඩ් ගේම් වලට ඇබ්බැහි වෙලා...ඔය ටැබ් වල ඉගෙන ගන්න දෙයක් නෑ...ඒවල ඇප් පවා හදල තියෙන්නෙ පීසී පාවිච්චි කරල...අපි ඉගෙන ගන්න ඕනි ටැබ් නෙවෙයි...ඒක ඩිසයින් කරපු පීසී...මොකද ඒකෙනුයි කෙනෙක්ට දැනුම ගන්න පුලුවන්...

හුගක් කම්පියුටර් පිස්සුව තියන ළමයි මුලින් කම්පියුටර්(ඒ කියන්නෙ ස්මාට් දුරකතන වගේ උපාංග නැති වෙනකොට)වල ඉගෙන ගන්නව...හොදට ඉන්ටනෙට් ඉගෙන ගන්නව...හොද බ්ලොග් ලියනව...ඊට පස්සෙ හෙනහුරා එනව වගේ කවුරු හරි ඌට ස්මාට් ෆෝන් එකක් හරි ටැබක් හරි අරන් දෙනව...මූ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වගේ ගේම් වලට පුරුදු වෙනව...නරකාදිය බලන්න පුරුදු වෙනව...කිසි දෙයක් අලුත් තාක්ෂණය මොකුත් ඉගෙන ගන්නැතුව මෙලෝ සිහියක් නැතුව අර මගුල ටච් කර කර ඉන්නව...ටෙච් බ්ලොග් කැලේ තනියම ගත්තු දැනුම (වෙන කෙනෙක් දෙන දැනුමට වඩා තනියම ගත්ත දැනුම රත්තරන් මිත්‍රවරුනි)ඔක්කොම කැලේ...කොල්ලා පිස්සෙක් වෙනව...ඇයි මෙහෙම වෙන්නේ...?

මම නං කියන්නෙ ළමයි වශයෙන් අපි ස්මාට් උපාංගයක් ගන්න ඕනි උසස් පෙළත් ඉවර උනාට පස්සෙ...ජොබ් එකකට වගේ යනකොට කමක් නෑ...

යාලුවනේ පීසී ගැන ඉගෙන ගන්න...වින්ඩෝස්,ලිනක්ස් ඉගෙන ගන්න...අන්න එතකොට ඔයාලට සතුටු වෙන්න පුලුවන් ඔයාල කම්පියුටර් ගැන යමක් ඉගෙන ගෙන කියල...

එහෙනං කොටි මලයා ගියා...මලයාගේ අත්දැකීම් මලයා මේ බ්ලොගියේ ලියනවා...ඒ වගේම බලාපොරොත්තු වෙන්න...ඔය ඇන්ඩ්‍රොයිඩ් ගේම් ගහන ගෝතයන්ට ඇඩෙන්න ලියනවා ඉක්මනටම...

එහෙනං අපි ගියා...හැමෝටම තෙරුවන් සරණයි!!!

වෙලාව - ප.ව.7.31
දිනය - 2017.01.18











Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...