Skip to main content

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කරලද...?මගේ අදහසට අනුව


නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය...වෙනස් කරලාද...?...මගේ අදහසට අනුව...

හ්ම්...හුග දවසක ඉදලා ලියන්න ඉදපු ලිපියක්...මම මගේ කලින් ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව කියන ලිපියෙ මේක ගැන යමක් සදහන් කළා...ඒත් ඒකෙන් මට සෑහීමකට පත්වෙන්න තරම් දෙයක් ලියන්න මට ඉඩක් ලැබුනෙ නෑ...

මම මේකට ප්‍රවේශය ගන්නව මගේ පරිගණක ඉතිහාසය පරිගණකය සහ මගේ බැදීම මම පරිගණකය ඉගෙන ගත් හැටියෙන්...මම ඒක මෙතන ලියන්නෙ නෑ මොකද මගේ කලින් ලිපියෙ ඒ කියන්නෙ ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව ලිපියේ මම ඒ ගැන සදහන් කරල තියනව...

දැන් කාලෙ ගොඩක් අයට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්...

දැන් කාලෙ හැමොටම පාවිච්චි කරන්න කම්පියුටර්,ටැබ්,ෆෝන් වගේ දේවල් තියනව...හැම ගෙදරකම පරිගණකයක් තියනව...බොහොම පිටිසර දුප්පත් පළාත් වලට අයට නැති වුනාට බහුතරයක් අය දැන් පරිගණක පාවිච්චියට හුරුවෙලා තියනව...

මට මතකයි අපේ ගෙදරට මං කලින් ලිපියේ කියලා තිබුනු පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එක ගෙනාපු දවස...ඒ 2009 හෝ 2010 වෙන්න ඇති...ඒ දවස් වල ගෙවල් වල එච්චර කම්පියුටර් පාවිච්චියක් තිබුනෙ නෑ දැන් වගේ...තිබුනා නං ඒක ටිකක් සල්ලි බාගෙ ටිකක් මධ්‍යම පාන්තික වගේ ගෙයක් වෙන්න ඕනේ...මම කිවුවෙ ඔයාලා ඉන්න පැති වල නං කොහොමද දන්නෑ අපි ඉන්න පැත්තෙ මට තේරිච්ච විදිහට ඒ වගේ වාතාවරණයක් තමා තිබුනෙ...අර තිබුනෙත් pentium 4 crt monitor එකක් තියන කම්පියුටර්...ඒ කාලෙ දැන් වගේ dvd භාවිතයක් තිබුනෙ නෑ...තිබුනෙ vcd,cd තමා වැඩි හරියක්ම...ඒ දවස්වල dvd රොම් එකක් තියන මැෂින් එකක් මට නං නිකන් සුපිරිම එකක් තමා...මම lcd monitor එකක් පළවෙනි පාරට දැක්කෙත් 2012 විතර...ඒ වගේම ඉස්සර හුගක් අය dvd වලින් ෆිල්ම් බැලුවෙ dvd ප්ලේයර් එකක් පාවිච්චි කරල...දැන් dvd ප්ලේයර් පාවිච්චි වෙන්නෙම නැති තරමයි...

ඒ වගේම ඒ දවස් වල ස්මාට් ෆෝන් එච්චර තිබුනෙත් නෑ...නොකියා බට්න් ෆෝන් එකක් ගන්නවා කියන්නෙත් හෙන ලොකු දෙයක්...ඒ වගේම අද අයිෆෝන් 6 වලට තියනවා වගේ තැනක් තමා ඒ දවස් වල නොකියා කැමරා බට්න් ෆෝන් වලට තිබුනෙ...ඒවල මිල ගණන් නං මට ඒ කාලෙ මතක නෑ...කොහොම හරි අද වගේ හැමෝම ලග ෆෝන් තිබුනෙත් නෑ...අද හැමෝම ළග ස්මාට් ෆෝන් තියනව...බට්න් ෆෝන් දැන් දකින්නත් අමාරුයි...ෆේස්බුක් ගැන නං මං ඇහුවෙ 2012 විතර...ජොයින් උනේ 2014 විතර...ඒ ජොයින් උනාට ගියෙ නෑ...ආයිත් ෆේස්බුක් පටන් ගත්තෙ 2014 තමා...ඊට පස්සෙ අද වෙනකන් ඉන්නවා ඉතින්...

අද තියන ස්මාට් ෆෝන් එක මම දකින්නෙ පොෂ් බව පෙන්වන දෙයක් විදිහට...මේක හුගක් ළමයින්ට වඩා වැඩිහිටි අය ගාව මම දැකල තියනව...ඉස්සර මිනිස්සු ෆෝන් පාවිච්චි කළාට ඒක මහාලොකුවට ඔලුවට අරන් හිටියෙ නෑ...ෆෝන් එකට කෝල් එකක් ආවා හෝ ගත්තා...වැඩේ ඉවරයි...ඊට පස්සෙ ෆෝන් එක බෑග් එකට හෝ සාක්කුවට දැම්මා එච්චරයි...දැන් වගේ ඒ කාලෙ කැමරා ෆෝන් භාවිතය ජනප්‍රිය නෑ...කැමරා එක තියන ෆෝන් ටිකක් ලොකු උනත් ඒක එච්චර පාවිච්චි උනේ නෑ...ඒ කාලෙ පාවිච්චි උනේ කැමරා...ඒවත් දැන් වගේ මෙමරි චිප් තියන අඩුයි...කැමරා රීල් එහෙම තමා පාවිච්චි උනේ...ඕවා නං දැන් කාලෙ ඉන්න උන් දන්නෙවත් නැතුව ඇති...

ඉස්සර ෆේස්බුක් ජනප්‍රිය නෑ...ඒකට ඕනි තැනක ඉදන් ජොයින් වෙන්න උපාංග,වයිෆයි තිබුනෙ නෑ...ඉතින් අද වගේ මිනිස්සු මොකාද එවුන් වගේ ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එක ටච් කර කර වගේ පිටේ වෙන දේවල් ගැන මෙලෝ සිහියක් නැතුව ෆේස්බුක් ගියේ නෑ...අද වගේ ෆේස්බුක් නැති එක ලොකු අඩුවක් කියලා හිතපු එවුන් හිටියෙ නෑ...අද වගේ දවසම ෆේස්බුක් එකේ කාලෙ කන අය හිටියෙ නෑ...ඒ කාලෙ මිනිස්සු ෆේස්බුක් ගියේ සතියකට පාරක්,දවස් 2කට වරක් වගේ...ඒකට ටිකක් වැඩියෙන් ගියපු අයත් දවසට විනාඩි 10ක් 15ක් තමා ගියේ...ඒකට දැන් පැය 24ම මිනිස්සු ඕකෙනෙ...

ඒ වගේම අද වගේ සෙල්ෆි මේනියාවක් ඉස්සර තිබුනෙ නෑ...ඉන්ස්ටග්‍රෑම් ෆොටෝ ෂෙයා කරන පිස්සුවක් ඒ කාලෙ තිබුනෙ නෑ...අද වගේ ෆෝන් එකක් අතේ තියාගෙන කාලෙ කන අයට වැඩිය අත පය වෙහෙසල වැඩ කරල දියුණු වෙන මිනිස්සු ඒ දවස් වල හිටියා...ඒ වගේම මුලු දවසෙම ෆෝන් එකෙන් ටැබ් එකෙන් ගේම් ගහන ළමයින්ට වැඩිය ක්‍රිකට් පාරක් ගහලා බයිසිකලයක් පැදලා ගමේ කොල්ලො ටිකත් එක්ක රැල්ලටත් පොඩ්ඩක් වැටිලා පොඩි වලියක් ඇදලා හිටපු ළමයි හිටියා...

මම දැන් ඒ අතීතය ටිකක් හැගීම්බරව සිහි කළානම් මට ලාවට ඇඩෙන්නත් තිබුනා...

දැන් කාලෙ අයට මහ අමුතු හැගීම් තියෙන්නෙ...තමන්ගෙ කෙනෙක් කරන දෙයක් අගය කරන්න ඒ අයට හැකියාවක් නෑ පුලුවන් තරං අනිත් අයට වල කපන්න තමා හදන්නෙ...මම දැක්කා මේ ළගදි අපේ ලංකාවෙ ආයතනයක් මේ දක්වා ලංකාවෙන් බිහිකරල නැති ජාත්‍යන්තරේට වුනත් බය නැතුව දෙන්න පුලුවන් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළා...ඔයාලා දන්නවා ඇති ඒ ගැන...එයාලා අවුරුදු 5ක් විතර ඩිසයින් කරල අන්තිමට ගේම් එක නොමිලේමත් දුන්න...මං දැක්ක ෆේස්බුක් එකේ ගේමින් ගෘෘප් වල ඕක නොමිලෙ දෙනවද නැද්ද කියල දන්නෙ නැති දවස්වල ගේම් එක එන්නත් කලින් ගේම් එකට ක්‍රැක් හදන්න කතාවෙනව...ඇයි මෙහෙම කරන්නෙ...?මං අහන්නෙ ලැජ්ජ නැද්ද...?ඔන්න පිටරට උබිසොෆ්ට් එකෙන් වගේ හැදුව නං දාගෙන ගිහින් හදපු එවුන්ගෙ පස්ස පැත්තත් ලෙවකයි...නෙද්දකින් විතරක්...මේ ලංකාවෙ එකට ඔක්කොම වල කැපිලි...මට ඇහුන දවසක් මං බස් එකේ යද්දි එකෙක් කියෝනව ගේම් එක ගැන...මෙලෝ වැඩක් නෑ බං ඒ රෙද්ද ග්‍රැෆික් ටිකක් හොදට තියනව එච්චරයි මෙලෝ රහක් නෑ ලංකාවෙ හැටියට හොදයි...ඔන්න ඔහොම කියනවා මට ඇහුන...මට ඇත්තට හුගක් දුක හිතුන මෙච්චර අමාරුවෙන් අවුරුදු 5ක් ගේම් එකක් ඩිසයින් කරන ඒක ලේසි පාසු වැඩක් නෙවේ...පරිගණක ලෝකෙ ඔය ගේම් ඩිවලොපින් ඒරියා එක ගැනත් පොඩ්ඩක් පොඩ්ඩක් දන්න නිසා මම අත්දැකීමෙන් දන්නව ඕක කොච්චර අමාරු වැඩක්ද කියල...ඒ වගේම ත්‍රීඩි මොඩලින් වලින් ඔය ගේම් එකට අවශ්‍ය මොඩල්ස් වගේ ඒව නිර්මාණය කරන කොච්චර අමාරු දෙයක්ද කියලත් මම අත්දැකීමෙන් දන්නව...එච්චර කැපකිරීමක් කරල ඒ හදන දේත් නොමිලේ දුන්නම කියන කතා මොනවද?අනික මීට කලින් කවුරුත් ඒ ආසන්නයට කළා මිසක් ඔය ගාණට ගිහින් ඒ වගේ නිර්මාණයක් අපිට රසවිදින්න අවස්තාවක් ලැබුනෙ නෑ...අපේ ලංකාවෙ දෙයක් අපි අනිත් ඒවට වඩා කොච්චර පහළින් තිබුනත් අපි ඒක අගය කරන්න ඕනි නේද?...අපි ඒකට අකමැති වුනත් අපේ ලංකාවෙ අපේ දේ අපිට වටින නිසා අපි ඒක අගය කරල ඉදිරියට දියුණු වෙන්න ආශීර්වාද කරන්න ඕනි නේද?...එතකොට නේද එයාලටත් හයියක් ලැබෙන්නෙ ඕනි දේකට බය නැතුව අතගහන්න...?
ලංකාවෙ සිංහලයා අතර එකමුතුකම නෑ කියන දේ සම්පූර්ණ ඇත්ත...මහලොකුවට දේශපාලුවො නං ඉන්නව අපි සහජීවනයෙන් ඉමු කියල කෑගහන්න...නමුත් ඒක ඒ කෑගැහිල්ල ඉවර උනු ගමන් ඉවරයි නේද...?

මම අර ගේම් එක මෙතනට ඇදල ගත්තෙ මේකට උදාහරණයක් වශයෙන්...දැන් හිතෙනව මං මාතෘකාවෙන් පිට පැන්නද කියලත්...කමක් නෑ...මම ප්‍රධාන වශයෙන් කියන්න හිටියෙ ඉහත සදහන් දේවල් තමයි...මම මේක පොදුවේ විශේෂයෙන් වැඩිහිටි අය සදහා ලිවුවා කියල කියන්න පුලුවන්...ඊලගට මම ලියන්න හිතන් ඉන්නෙ ලමයි සහ නව තාක්ෂණය ගැන...ඒක මේකට වඩා වෙනස් වෙන්න ඉඩ තියනව...මොකද ළමයින් තාක්ෂණය නිසා නොමග යන්නෙ ළමයින්ගෙ වැරැද්දෙන් නෙවේ...වැඩිහිටියන්ගෙ වැරැද්දෙන්...මම ඒක වගකීමෙන් කියනව...කොහොම හරි මේ ලිපියේ අවසානයට අපි ඇවිත් ඉන්නෙ...

මම දැන් මේ ලිපිය නිමා කරනව...ඊළග ලිපියෙන් ආයෙත් හමුවෙන්න...වැදගත් දෙයක් ලිපියෙ තිබුනා නං ගුණවයලා හරි බැනලා හරි කමෙන්ට් කරලා යන්න...මොනවා කමෙන්ට් කළත් අහිතක් නෑ හිතේ...මොකද මට ඔයාලගෙ අදහස් අවශ්‍ය නිසා...

එහෙනං හැමෝටම සුබම වේවා...ජයම වේවා...!!!


Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...