මේ ලිපිය ලියන්න මට එච්චර විශේෂයක් තිබුනෙ නෑ...
නමුත් මම තීරණය කළා මේ අවුරුද්දෙ ඉදන් ටිකක් බ්ලොග් එක දිහා වැඩියෙන් හොයල බලන්න...ඒකට හේතුව පස්සෙ කියන්නම්...
මේ ලිපිය ලියන්න පාදක වුනේ වෙනම සිද්ධියක්...
මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ උවමනාවට...මගේ අත්දැකීම්,මට හිතෙන දේවල් සිංහලෙන් ලියන්න...මොකද අපි මේ අන්තර්ජාලයේ ගුණාත්මක ලෙස සිංහල භාෂාව පතුරවන්න ඕනෙ...මං දැක්කා හුගක් නැගලා යන සිංහල බ්ලොග්කරුවන් මේ සංකල්පය මත තමා බ්ලොග් කරන්නෙ...ඇත්තටම මාත් ඒ සංකල්පයට ලොකු සපෝට් එකක් දෙන්න තමයි මේ විදිහට බ්ලොග් එකක් ලියන්නෙ...ඒ වගේම මගේ දේවල් මගේ ආසාවට ලියන්නත් මං මේක පාවිච්චි කරනව...ඉතින් ඇත්තටම මගේ අදහසට අනුව අපි බ්ලොග් ලියලා විතරක් මදි...බ්ලොග් කියවන්නත් කට්ටිය ඉන්න ඕනි...දැන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන අය විශේෂයෙන් බුද්ධිමත් අය බ්ලොග් කියවීමට යොමු වෙලා තියනව...ඒ වගේම ලියන්නත් යොමුවෙලා තියනව...බුද්ධිමත් නැති මෝඩයො නං කරන්නෙ දවසම ෆේස්බුක් යනඑකයි යූටියුබ් වීඩියෝ බලන එකයි බව ඇත්ත...ඒ වුනාට සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බ්ලොග්කරණයට යොමු වෙලා තියනව...අපිට බ්ලොග් සින්ඩිකේටර් ටිකක් බැලුවොත් අපිට දකින්න පුලුවන් විශාල ප්‍රමාණයක් බ්ලොග් දකින්න ලැබෙනව...හැබැයි විශේෂයෙන්ම ඔය සල්ලි හොයන්න ලියන ටෙච් බ්ලොග්,ඊමනි බ්ලොග් මම බ්ලොග් එකක් හැටියට සලකන්නත් කැමති නෑ...මොකද ඒවල මොකක් හරි බොරුවක් කොටල ඇඩ් ටිකක් දාල රෙෆ්ල හොයාගෙන සල්ලි හොයන්නයි උන්ට ඕනෙ...වැදගත් හොද අන්තර්ගතයන් තියන බ්ලොග් අපිට දකින්න පුලුවන්...
මම මේ බ්ලොග් එක කිසිම ආකාරයකින් සල්ලි හොයන්න පාවිච්චි කරන්නෙ නෑ...ඒ වගේම මේකට ලොකු ප්‍රසිද්ධියක්වත් ඕනෙත් නෑ...ප්‍රසිද්ධියක් තිබුනත් නැතත් මං මේක ලියනව...මේක කියවන්න කවුරුත් නැති වුනත් මං මේක ලියනව...මොකද මං මේක ලියලා ලොකු මානසික සතුටක් ලබනව...මං සමහර වෙලාවට පැය එකහමාර දෙක මේක ටයිප් කරල ලියල තියනව...මට කිසි මහන්සියක් දැනෙන්නෙත් නෑ...ඒ වගේම මේක මම මහාලොකුවට මේක සින්ඩිකේටර් වලට ඇඩ් කරලත් නෑ...ඔය සින්ඩි 2කට 3කට තමා ඇඩ් කරල තියෙන්නෙ...නැතුව මේක මම නැගලා යන්න බලාගෙන මාව ප්‍රසිද්ධ වෙන්න බලාගෙන ලියන්නෙත් නෑ...
මම මේ බ්ලොග් එක මගේ යාලුවන්ට,නෑයන්ට කාටවත් කියන්නෙ නෑ...කියන්න උවමනාවකුත් නෑ...දවසක් ඔය ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් යාලුවෙක්ට පෙන්නුවා මේක...උට නිකන් කලන්තෙ වගේ ඌ අහනව කොහොමද යකෝ ඔච්චර ටයිප් කරන්නෙ කියල...ඔය ඒ වගේ එවුන් තමා දවසම ගේම් ගහල,දවසම ෆේස්බුක්,යූටියුබ් ගිහින් ඩේට කාල ඉන්නෙ...ඔය වගේ එවුන්ට බ්ලොග් එකක් කියවලා එහෙම නැත්තං ලියලා එහෙම නැත්තං ඒ දෙකම කරලා ඒවා රසවිදලා දෙයක් ඉගෙන ගන්න පිනක් නෑ...ඉන්ටනෙට් ලෝකයේ කාලකණ්ණි කියන්නෙ ඔය වගේ එවුන්ට තමා ඉතින්...
අපි ඉන්ටනෙට් පාවිච්චි කරන්න ඕනි වැදගත් විදිහට...එහෙම නැතුව කාලකණ්නි වෙන්න නෙමේ...ෆේස්බුක් ගියා යූටියුබ් ගියා කියල කාලකන්නි වෙන්නෙ නෑ...කාලකන්නි වෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ අනුව...බ්ලොග් වගේ දේවල් වලින් අන්තර්ජාලය අර්ථවත් කරන්න ලොකු මෙහෙයක් කරනව...ඒ වගේම අන්තර්ජාලය තුළ ගුණාත්මක ලෙස සිංහල භාෂාව ඉදිරියට ගෙනයාමටත් අපේ සිංහල බ්ලොග් කරුවන් ලොකු මෙහෙයක් ඉටු කරනව...ඉතින් අන්න ඒ සංකල්පය වගේම අපේ මානසික තෘප්තියත් ලබා ගන්න තමා අපි මෙහෙම බ්ලොග් ලියන්නෙ...
එහෙනම් මේක මෙතනින් නිමා කරන්න මම අදහස් කරනව...ඔයාලට මම ආයෙත් කියනව බ්ලොග් ලිවුවෙ නැති වුනාට කමක් නෑ ඒත් රසවිදින්න ඉගෙන ගන්න...ඊට පස්සෙ ආසාවක් ආවොත් ලියන්නත් පටන් ගන්න...
එහෙනං මම ගියා...ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Subscribe to:
Post Comments (Atom)
ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්
" ඒයි අන්න අරූව පොලීසියෙන් අල්ලලු... දෝණිගෙ දුක සැප පොඩ්ඩක් බලපන්." උදේ පාන්දරම දිනේෂ් මට වොයිස් මැසේජ් එකක් එවලා තිබ්බා. (දිනේෂ් ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...

No comments:
Post a Comment