Skip to main content

Posts

Showing posts from March, 2020

ජීවිතේ වෙනස් වෙලා අවුරුද්දක්....

දිනය 2019 වසරේ පෙබරවාරි මස තුන් වැනි සතියේ බ්‍රහස්පතින්දා විය හැකිය. වෙලාව පස්වරු 4.10 ට පමණ ඇත. නුගේගොඩ දුම්රිය පොළ අසල සුවිශල් අධ්‍යාපන ආයතනයක 2021 වසරේ උසස් පෙළ සිසුන් සදහා රටේ ප්‍රසිද්ධ රසායන විද්‍යා දේශකයෙකු විසින් පවත්වන අමතර පන්තිය නිම වී සිසුන් නිවෙස් බලා යමින් සිටියහ. “ මචන් උඹ එහෙනං අරුන් එකක් වරෙන් මං හිමීට යන්නං ඈ“ යි විශ්වයාට පැවසූ ඔහු හිමින් යනවා යැයි පැවසුවද වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදගෙන යන්නට විය. ඔහු එසේ කලේ විශ්වයා සහ ඔහුගේ නඩය සමග යෑමට සිටියොත් කොහුවල හංදියට යෑමට මහත් වෙලාවක් ගත වන බැවිනි. මංදයත් මෙය කාර්යාල වේලාව බැවින් මාර්ග අංක 120 හොරණ කොළඹ බස් රථවල අධික සෙනගක් ගමන් ගනිති. එබැවින් පන්තිය ඇරුනු පසු සෑමදිනම ඔහුගේ මුල්ම අරමුණ වූයේ හැකි ඉක්මනින් කලින් ගොස් බස් රථයකට ගොඩ වීමයි. ප්‍රමාද වී යන විට සෑම විටම හසුවෙන්නේ සැමන් ටින් වෙන්න සෙනග පැටවූ බස් රථ වේ. එම අරමුණද සහිතව වේගයෙන් කොහුවල හංදිය දෙසට ඇවිදයන ඔහුගේ හිත අවුල් ජාලාවකට මැදිවී සිටියේය. තව දුරටත් මෙම පීඩනය දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණී ඇති බව ඔහුට වැටහේ. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තමා ගත් තීරණය නිවැරදි ...