Skip to main content

Posts

Showing posts from 2022

2019 - 2022 පසුවදන

 වෙලාව රෑ 2.28යි... අද 2022 දෙසැම්බර් 31 වෙනිදා... අවුරුද්දෙ අන්තිම දවසෙත් පැය දෙකහමාරක් ගෙවිල ඉවරයි... මං හිතන්නෙ මචෝ... කොටිමලයා/ස්නෝ කොටියා හෙවත් මගේ ජීවිතයේ 2018 ඔිලෙවල් ඉවර වෙලා පටන් ගත්ත අමුතුම ගුප්ත යුගයෙ අවසානය මේක... ජීවිතයේ බල්ටියක් ගහලා වෙනස් කරපු ගමනක ගමනාන්තයක්... කිසිම prediction එකක් කරන්න බැරි අලුත්ම අලුත් ගමනක ගමනාරම්භයක්... අද මේ පෝස්ට් එක ලියන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකට ලොග් උන ගමන් කලේ මේ අවුරුද්දෙ මැයි මාසෙ දාල තිබ්බ එක්තරා පෝස්ට් එකක් ඩිලිට් කරපු එක...  මගේ හිතේ මම තනියෙන් ගොඩ ගහගෙන, කිසිම තේරුමක් නැතුව, ගොන් විදිහට ගොඩ ගහගෙන හිටපු කුණු ගොඩක් අයින් කලා මම... කාලය එක්ක උන දේවල් බලද්දි මට මං ගැන පෞද්ගලිකව ලැජ්ජාවක් තියනවා අවුරුදු 4ක් විතර තිස්සෙ හිත ඇතුලෙ ගොඩගහන් හිටපු කුණු ගොඩ ගැන... කුණුගොඩ ගැන එච්චරයි... කුණු ඉවත් කලා... දැන් හරි... දැන් ආයෙත් කතාවට...  2018 ඔිලෙවල් ලියලා ඉවර උනාට පස්සෙ පටන් ගත්තු ගුප්ත යුගය ගැන කලින් පෝස්ට් වල මම කියල තියනවා... නමුත් මට හිතෙනවා වෙච්ච දේවල් ලිස්ට් එකක් විදිහට ලියන්න... 1.) මම තනි උනා සහෝ... 2019දි මුලදි මම ජීවිතයේ වැදග...

ඒලෙවලුත් ඉවර උනා කොම්ලෝ...

 වෙලාව පාන්දර 4.36යි...  බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා කලේ තීම් එකේ වෙනස්කම් ටිකක් කරපු එක... දැන් හරි... මචෝ... ඒලෙවලුත් ඉවර උනා... ඉවර උනා කිවුවට ඉවරමත් නෑ තාම ET ප්‍රැක්ටිකල් ඉවර නැති නිසා... කොහොම උනත් ප්‍රධාන මිෂන් එක හෙවත් ලියන විභාගෙ ඉවර වෙලා දැන් මාස 2ක්... 2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි කොටි මලයා අපොස උසස්පෙල හෙවත් ඒලෙවල් ලියන්න නියමවෙලා තිබ්බෙ 2021 අවුරුද්දෙ අගෝස්තු මාසෙ උනාට කොරෝනා වසංගතේ නිසා විභාග කල්ගිහින් ඒලෙවල් ලියන්න උනේ 2022 පෙබරවාරි මාසෙ. මාසෙ පුරාවටම විභාගෙ තිබ්බා. ප්‍රායෝගික පරීක්ෂණ මේ එන ජුනි මාසෙ පැවැත්වෙන්න නියමිතයි(ලු). 2018 ඕලෙවල් ලියලා කොටිමලයා හෙවත් මම සමාජයට ආවෙ අමුතුම මනුස්සයෙක් වෙලා. විශ්වාස කරපු ගොඩක් අය මගෙ විශ්වාසෙ බින්ඳ නිසාත්, මට වටිනාකමක් තිබුනෙ නැති තැන් වල වටිනාකම් හොයන්න ගිහින් එක එකා සොමි දාන වෙලාවට උන්ගෙ බයිට් එක වීමේ ගොන්කම් තේරුම් යාම නිසාත් මං සමාජ ආශ්‍රයෙන් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙන්න හුරු උනා.  ඒක එකපාරම කරගන්න බැරි උනත්, 2021 මැයි මාසෙන් පස්සෙ වගේ මං ඇත්තටම අතුරුදන් උන චරිතයක් වෙන්න පටන් ගත්තා (කියලා මට හිතෙනවා). සමාජෙන් කිවුව...