Friday, December 30, 2022

2019 - 2022 පසුවදන

 වෙලාව රෑ 2.28යි... අද 2022 දෙසැම්බර් 31 වෙනිදා... අවුරුද්දෙ අන්තිම දවසෙත් පැය දෙකහමාරක් ගෙවිල ඉවරයි...

මං හිතන්නෙ මචෝ... කොටිමලයා/ස්නෝ කොටියා හෙවත් මගේ ජීවිතයේ 2018 ඔිලෙවල් ඉවර වෙලා පටන් ගත්ත අමුතුම ගුප්ත යුගයෙ අවසානය මේක... ජීවිතයේ බල්ටියක් ගහලා වෙනස් කරපු ගමනක ගමනාන්තයක්... කිසිම prediction එකක් කරන්න බැරි අලුත්ම අලුත් ගමනක ගමනාරම්භයක්...

අද මේ පෝස්ට් එක ලියන්න බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකට ලොග් උන ගමන් කලේ මේ අවුරුද්දෙ මැයි මාසෙ දාල තිබ්බ එක්තරා පෝස්ට් එකක් ඩිලිට් කරපු එක... 

මගේ හිතේ මම තනියෙන් ගොඩ ගහගෙන, කිසිම තේරුමක් නැතුව, ගොන් විදිහට ගොඩ ගහගෙන හිටපු කුණු ගොඩක් අයින් කලා මම... කාලය එක්ක උන දේවල් බලද්දි මට මං ගැන පෞද්ගලිකව ලැජ්ජාවක් තියනවා අවුරුදු 4ක් විතර තිස්සෙ හිත ඇතුලෙ ගොඩගහන් හිටපු කුණු ගොඩ ගැන...

කුණුගොඩ ගැන එච්චරයි... කුණු ඉවත් කලා... දැන් හරි... දැන් ආයෙත් කතාවට... 

2018 ඔිලෙවල් ලියලා ඉවර උනාට පස්සෙ පටන් ගත්තු ගුප්ත යුගය ගැන කලින් පෝස්ට් වල මම කියල තියනවා... නමුත් මට හිතෙනවා වෙච්ච දේවල් ලිස්ට් එකක් විදිහට ලියන්න...

1.)

මම තනි උනා සහෝ... 2019දි මුලදි මම ජීවිතයේ වැදගත් තීරණයක් ගන්නවා... ඒලෙවල් වලට Engineering Technology කරන්න... මට ඒකෙන් ඒ කාලෙ හිටපු ළඟ යාලුවො හැමෝම මිස් වෙනවා... ඒ වගේම ඒකෙන් යාලුවො කියල ආශ්‍රය කරපු සත්තුන්ගෙනුත් මට ඈත් වෙන්න පුලුවන් වෙනවා... සහ ඒ ඒ කාල වලදි ඇති උන හිත් රිදීම් නිසා ගොඩක් දේවල් ගැන කලකිරුණු මං සමාජයෙන් ටිකක් ඈත් වෙලා තනියම ඉන්න උත්සාහ කරනවා... තනිකම කියන ෆීලිං එකට මම අකමැති උනත් මම ඒකට හුරු වෙන්න, ඇබ්බැහි වෙන්න උත්සාහ කරනවා... සම්පූර්ණ Introvert කෙනෙක් වෙනවා...

2.) 

2019 අගදි ආනන්දෙ ටෙක් එකේදි මට හම්බෙන කොල්ලො ටිකක් මගෙ ජීවිතයේ අලුත් කතාවක් ලියන්න පටන් ගන්නවා... ඒ ටීම් විත් පන්තිනායක අපේ ගෲප් එකේ අපේ කොල්ලො හත්දෙනා... දිනෙයා, රංදිම, බාචි, සනියා, නෙත්ම, වල්ලේ, ජනා...

3.) 

2019 දි මම ෆයිවර් එකේ පොඩි දුරකට යාගන්න පුලුවන් උනා... ග්‍රැෆික් ඩිසයින් සයිඩ් එකෙන්... ලෙවල් 1 සෙලර් කෙනෙක්... මාසෙට පොඩි මට සෑහෙන සපෝට් එකක් උනු ආදායමක්... ගොඩක් දේවල් කරගත්ත ඒකෙන්... පලවෙනි ලොකු උචක්කුව නොකියා 3 එක ගත්තෙ ඒ කාලෙ...

4.) 

2020 මාර්තු වල දරුණු turning point එකක් වෙනවා කොරෝනා ආපු එක සහ මම බ්ලෙන්ඩර් වලින් 3ඩී ග්‍රැෆික්ස් වලට ආපු එක... ඒකෙන් මම මගේ ඇඟේ තියන දේ අඳුරගත්තා... ඉතින් අනාගතයේ මම කරන්න ඔිනි දේ මොකක්ද කියලා ඒක තීරණය කලා... 

5.) 

2020 අගෝස්තු මාසෙ අතිශය දරුණු turning point එකක් වෙනවා... මම එක්තරා ගෑනු ළමයෙක්ට, දුෂ්ට පොඩි කෙල්ලෙක්ට ආදරේ කරලා එයාගෙ පස්සෙන් යන්න පටන් ගන්නවා... මේ ගුප්ත යුගයෙ මගේ හිත සම්පූර්ණයෙන් බල්ටි ගස්සපු වැදගත්ම දේ තමා එයා... හැබැයි කවදාවත් එයාට බැරි වෙනවා මට පෙරලා වටිනාකමක් දෙන්න...

6.) 

2020 මැද මම ඒලෙවල් කරන එක අතාරින්න තීරණය කරනවා... 3ඩී වලින් වෙනම ගේමක් ගහලා ඉස්සරහට යන්න මට උවමනාවක් එන නිසා... ගෙදරත් එක්කත් වලි දාගෙන, ‌ඩ්‍රොප්ෂිපිනුත් හදාගෙන එක විකාරයක් උන කාලයක්... 

7.) 2020 අග මම මගේ ෆයිවර් එකවුන්ට් එක විකුණනවා... 

8.) 2020 මැද සහ 2021 මුල කාලෙදි මට මැශින් එක i5 වලටත් GTX 960කටත්, 16GB රැම් එකකටත් අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වෙනවා... 

9.) 2021 දි මම අලුත් විනෝදාංශයක් පටන් ගන්නවා මොඩ්ල් කාර් එකතු කරන්න...

10.) 2021 මැයි මාසෙ මගෙ ලොකු උචක්කුව උන නොකියා 3 එක නැතිවෙනවා... ඒකෙන් මැසේජ් එකක් දාන්න හරි තියාගෙන හිටපු කන්ටැක්ට් සම්පූර්ණයෙන් මට නැති වෙනවා...

11.) 2021 මම සෑහෙන වැඩ ටිකක් කලා 3ඩී සයිඩ් එකේ... දුලිත (Dceej) ගෙ වැඩි මල් මිටක් සිංදුවෙ 3ඩී ලිරික්ස් ඇනිමේෂන් කරන්න පුලුවන් උනා සහ සෑහෙන ආට් චැලේන්ජ් වලට ගිහින් මගෙ portfolio එක සහ මගෙ ස්කිල්ස් හදාගන්න පුලුවන් උනා...

12.) ඒලෙවල් 2022 පෙබරවාරි වලට කල් ගියා... මම ආයෙ ඒලෙවල් කරන්න හිතනවා... එකක් මට බැකප් එකක් ඔිනි නිසා සහ, අවුරුදු 13ක් ඉගෙන ගෙන ඔික කරගත්තෙ නැත්තං අපරාදෙ කියල මටම හිතෙන නිසා... ඒ 2021 මැයි මාසෙ... මම ආයෙ ක්ලාස් යන්න පටන් ගන්නවා... අලුතෙන් ඔන්ලයින් ක්ලාස් ටිකක් හොයාගෙන ඒවට යන්න පටන් ගත්තා...

13.) 2021 අන්තිම මාස ටිකේ ඉඳන් සීරියස් වැඩ කරලා 2022 පෙබරවාරි මම ඒලෙවල් ලියනවා...

14.) ඒලෙවල් ලියලා ඉවර උන ගමන් හොඳ යාලුවෙක්ගෙ හදිසි වියෝවක් නිසා සහ විභාග මහන්සියත් එක්කමද මංදා මම මාර්තු අප්‍රේල් මාස වල සෑහෙන අසනීප සහ ගෙදරටම වෙලා හිටියා... ඒ අතරෙ ආයෙ පරණ 3ඩී වැඩ පටන් ගත්තා... ඒ අතරෙ ජොබ් වලට ඇප්ලයි කලා...

15.) 2022 ජුනි වල මට ඇනිමික් එකේ paid internship එක ලැබෙනවා Multimedia Designer විදිහට... 2022 අවුරුද්දට ඒක සෑහෙන සපෝට් එකක් උනා ඒක...

16.) 2022 ජුලි වල සීයා තාත්තා අපෙන් වියෝ වෙනවා... මට ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කිහිප දෙනාගෙන් කෙනෙක් ඒ විදිහට සමුගන්නවා... මං දන්නෙ නෑ ආයෙ කවුරු අලුත් අවුරුද්දට අපේ හිස තෙල් ගායිද කියලා...

17.) 2022 ජුලි වල ඒලෙවල් ප්‍රැක්ටිකල් ඉවර වෙලා 2022 අගෝස්තු වල ඒලෙවල් රිසල්ට් එනවා... මම BBC රිසල්ට් එකක්, 1.34 ක Z එකක් අරන් E Tech වලින් කොළඹින් 172 දෙවෙනියට පාස් වෙනවා...

18.) 2022 ඔක්තෝබර් වල මගෙ දෙවෙනි ලොකු උචක්කුව විදිහට Sony Xperia වක් මගෙ ළඟට එනවා...

19.) 2022 නොවැම්බර් අග මම තීරණය කරනවා 2022 අවසාන වෙද්දි ඇනිමික් එකටත් සමුදෙන්න... ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සෙ මගෙ රැකියාව ස්ථාවර කිරීම සහ වැටුප් වැඩිකිරීමත් ප්‍රතික්ෂේප කරලා මම ඇනිමික් එකට සමුදීමේ මගේ අස්වීමේ ලිපිය යවනවා... ඒ මෙතන comfort zone එකෙන් එහාට ගිහින් මට දෙයක් කරන්න උවමනා වීම, මෙතන හිටියට මගෙ අනාගතයට ලොකු සහයෝගයක් නොමැති වීම සහ මගෙ creativity එක තුල මට කරන්න දෙයක් මෙතන නොමැති වීම සහ 2023 අලුත් අභියෝගයක් බාර ගැනීමට අලුත් පිටුවක් පෙරලීමට මට ඔිනි වීම නිසා...

20.) 2022 දෙසැම්බර් මුල යුනිවර්සිටි කටොෆ් මාක්ස් එනවා... ඒකෙන් මම වයඹ යුනිවර්සිටි එකේ Engineering Technology ඩිග්‍රියට සිලෙක්ට් වෙනවා...

21.) 2022 දෙසැම්බර් මුලම, මම ලෝකයක් සතුටු කරලා ඉන්න දවස් වලම මේ දක්වා මගේ ජීවිතේ හිතේ ලොකුම ලැජ්ජාවක් සහ කලකිරීමක් ඇති කරපු සිදුවීමක් එක්ක මම දුෂ්ට පොඩි කෙල්ල වෙනුවෙන් මම ලියල තිබ්බ කතාව අවසාන කරනවා...

 

ඉතින්...

ගුප්ත යුගයේ සමරිය තමා මේ මචං...

මම සමහර පොඩි දේවල්, පොඩි අජීවී දේවල් ගැන පවා ලිවුවෙ මචෝ... මේ හැමදෙයක්ම මගේ ජීවිතේට අලුතෙන් දෙයක් එකතු කරපු දේවල්... පණ තියන එවුන් මට අමාරු කාලෙ මට නැතුව ඉඳිද්දි තනියම මගේ ජීවිතේ මැච් එක ගහගෙන යන්න සෑහෙන සපෝට් එකක් දීපු දේවල්... හිතට දශම ගානක් හරි සතුටක් ගෙනාපු දේවල්...ඒවට මම ගොඩාක් ආද‌රෙයි...! ඒ වගේම... ගොඩාක් ස්තූතියි...!

අපේ ඒ කාලෙ සෙට් එකම වගේ... විසිරිලා හැම තැනටම ගිහින් සහ යන්න ඉන්නේ... බ්ලොග් එකේ අනන්තවත් මම ලියල තියන මගේ හිතවත් මිත්‍රයා  පමෝද් කොලුවත් රටින් යන්ඩ ඉන්නේ...මම දන්නෙ නෑ ආයෙ කවදා අපි හම්බෙයිද කියලා... ටීම් විත් පන්ති නායක ගෲප් එකේ අපිත් විසිරිච්ච කැම්පස් වලට සිලෙක්ට් උනේ... ගෙවල් ළඟ එකා නිසා රංදිම සෙට් වෙන්න පුලුවන් උනාට ආයෙ කොච්චර කාලෙකට අනිත් සෙට් එකගෙ මූණ බලන් කතා කරන්න වෙයිද කියල මං දන්නෙ නෑ...

අලුත් යාලුවො ලැබුනා... පරණ යාලුකම් අප්ඩේට් උනා... සමහර ඒවා ගැලවිලාම ගියා... ඉතින් මේ අමාරු කාලෙ එකට හිටපු, නොහිටපු, වටිනාකම් දීපු නොදීපු හැමෝටමත් මම ගොඩාක් ආදරෙයි...! ඒ වගේම ගොඩාක් ස්තූතියි...!

කාලය විසින් හැමදේම වෙනස් කරනව සහෝ... ඒ ඒ අය කරපු දේවල් වල ප්‍රතිඵල කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ විදිහට ලැබිලා තියනවා... අපි එක එක කුණුගොඩවල් අපේ හිත් ඇතුලෙ ගොඩ ගහගත්තට ජීවිතේ හැමදාම අපිට අලුත් අවස්ථාවක් දීල තියනවා... අපි පරණ කුණුගොඩවල් හිත් අස්සෙ හංගන් ඒ අවස්ථා වලට ඉඩ නොදී හිටියට... 

මේක මහ අමුතු කාලයක් මචෝ... කවදාවත් ආස දෙයක් ඉක්මනින් ලේසියෙන් ලැබුනෙ නැති, හැමදේම සෑහෙන මහන්සි වෙලා, සෑහෙන කල් ගිහින් ලබා ගන්න උන කාලයක්... 

ආස දේවල් ඉක්මනින් ලේසියෙන් ලැබෙන්නෙ නැති එක ගැන ඒ ඒ වෙලාවට දුක හිතුනට... ඇත්තටම ඒ වෙලා තියෙන්නෙ වෙන්න පුලුවන් හොඳම දේ, වෙන්න පුලුවන් හොඳම විදිහට, වෙන්න පුලුවන් හොඳම වෙලාවට...

ජීවිතේ වැඩිකාලයක් තනි ෆැන්ටසි ලෝකෙක ගත කරපු මට මේ වෙලාවෙ දැනෙන හැඟීම හරි අමුතුයි මචෝ... ඒක වචන කරන්න මට තේරෙන්නෑ... 

සතුටත් දුකත් අතරමැද තියන, අලුත් දෙයක් දකින්න තියන කුතුහලයත්, පරණ දේවල් අතෑරෙද්දි දැනෙන වේදනාවත් එකපාර දැනෙන, පාලුවත් පාලුවක් නැති කමත් (පාලුව වචනෙ විරුද්ධ පදේ දන්නෙ නෑ) අතර මැද දෙයක් දැනෙන අමුතුම හැඟීමක්...

මගේ ඔෆීෂියල් ඔ්ඩියෝ ප්ලේයර් එක උන Virtual DJ එකේ ඩෙක් 2කට තරිඳු දම්සරගෙ රොබරෝසියන් සිංදුවයි, රැඩිකල් පත්තිනි සිංදුවයි දාගෙන මාරුවෙන් මාරුවට අහන ගමන් මේක ටයිප් කරන්නෙ... සිංදු 2ම තේරුම් මේ කතාවට කිසිම අදාලත්වයක් නැති උනත්, ඒ මියුසික් එක ටෝන් එක ඒ වයිබ් එක මගේ හැඟීම් වලට හරියටම ගැලපෙනවා...

ඉතින් මචෝ...

වෙලාව උදේ 5.07යි... 

2023 දි ආයෙ හම්බෙමු...!








Wednesday, May 4, 2022

ඒලෙවලුත් ඉවර උනා කොම්ලෝ...

 වෙලාව පාන්දර 4.36යි... 

බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා කලේ තීම් එකේ වෙනස්කම් ටිකක් කරපු එක... දැන් හරි...


මචෝ...

ඒලෙවලුත් ඉවර උනා... ඉවර උනා කිවුවට ඉවරමත් නෑ තාම ET ප්‍රැක්ටිකල් ඉවර නැති නිසා... කොහොම උනත් ප්‍රධාන මිෂන් එක හෙවත් ලියන විභාගෙ ඉවර වෙලා දැන් මාස 2ක්...

2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි කොටි මලයා අපොස උසස්පෙල හෙවත් ඒලෙවල් ලියන්න නියමවෙලා තිබ්බෙ 2021 අවුරුද්දෙ අගෝස්තු මාසෙ උනාට කොරෝනා වසංගතේ නිසා විභාග කල්ගිහින් ඒලෙවල් ලියන්න උනේ 2022 පෙබරවාරි මාසෙ. මාසෙ පුරාවටම විභාගෙ තිබ්බා. ප්‍රායෝගික පරීක්ෂණ මේ එන ජුනි මාසෙ පැවැත්වෙන්න නියමිතයි(ලු).

2018 ඕලෙවල් ලියලා කොටිමලයා හෙවත් මම සමාජයට ආවෙ අමුතුම මනුස්සයෙක් වෙලා. විශ්වාස කරපු ගොඩක් අය මගෙ විශ්වාසෙ බින්ඳ නිසාත්, මට වටිනාකමක් තිබුනෙ නැති තැන් වල වටිනාකම් හොයන්න ගිහින් එක එකා සොමි දාන වෙලාවට උන්ගෙ බයිට් එක වීමේ ගොන්කම් තේරුම් යාම නිසාත් මං සමාජ ආශ්‍රයෙන් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙන්න හුරු උනා. 

ඒක එකපාරම කරගන්න බැරි උනත්, 2021 මැයි මාසෙන් පස්සෙ වගේ මං ඇත්තටම අතුරුදන් උන චරිතයක් වෙන්න පටන් ගත්තා (කියලා මට හිතෙනවා). සමාජෙන් කිවුවට මුලු සමාජෙන්ම නෙවේ.... මට වටිනාකමක් දීපු නැති සමාජයෙන්...

2019දි ඒලෙවල් පන්තියට එද්දි මං තනි මිනිහෙක් කවුරුවත් විශ්වාස නොකරපු. ජීවිතේ ටාගට් එකක් නොතිබුනු. ජීවිතේ ඉස්සරහට යන්න ඕනි පාත් එක, මගේ ඇඟේ තියන ස්කිල් එකවත් අඳුරගත්තෙ නැති.

2019 ජුනි මාසෙ විතර ඒලෙවල් පන්තියට ආවට පස්සෙ මගේ ජීවිතේ මට වටිනාකමක් දීපු මුල්ම පුරුක් ටික උනේ ඒලෙවල් වලට ආනන්දෙට ඇවිත් මාත් එක්ක ෆිට් උනු මගේ කොල්ලො ටික. එතනින් ටීම් විත් පන්තිනායක ගෘප් එකේ අපි හය හත් දෙනා. දිනෙයා, රංදිම, නෙත්ම, සනියා, වල්ලනායක සහ බාචියා... 

කොරෝනා ඇවිත් 2020 මාර්තු නිවාඩු දුන්නම ඊට සති 2,3කට කලින් චාරක ෂමින්ද ඉලංගසිංහ අයියා ෆේස්බුක් එකේ ෂ්‍යොර් කරලා තිබ්බ බ්ලෙන්ඩර් පාවිච්චි කරලා හදපු ඒජන්ට් 327 ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලලා බ්ලෙන්ඩර් ඉගෙන ගන්න පටන් ගත්ත එක ජීවිතේ මම කරන්න ඕනි මොකක්ද කියන එක තීරණය කලා...

ඒත් එක්කම මට වටිනාකම් දීපු තවත් පිරිසක් වෙනම එකතු උනා... !

 

ඒ වගේම 2020 පෙබරිවාරි මාසෙන් පටන් අරන් 2020 2021 ඉවර වෙනකන්ම වගේ මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් උනු, ජීවිතේ ගොඩක් දේවල් මට උගන්නපු දුෂ්ඨ පොඩි කෙල්ලෙකුත් හිටියා... ! 

එයා වෙනම කතාවක් මචෝ! ඒ කතාව ලියන්න මේක වෙලාවක් නෙමේ නිසා දැනට මෙතනින් එයා ගැන කතාව නවත්තමු!

ඒලෙවල් ලියන එක අතෑරලා හිටියා කාලයක් මම... ඒ 3ඩී සයිඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනි කියලා ඒක අතෑරලා... නමුත් ඒකත් වෙනම කතාවක් සහ ඒ කාලෙ ගොන්කම් ගැන තවම පොඩි පසුතැවීමක් තියන නිසා ඒකත් මෙතන කියන්නෙ නෑ...

කොහොම උනත්,

කොරෝනා නිසා මට, අපිට ජීවිතේ ලස්සනම කාලයක් නැති උනා මචෝ... ලැබුනු දේවල් තිබ්බා... අද මම මගේ ෆීල්ඩ් එකේ ඉන්න තැනට හයිවේ එකක් උනා කොරෝනා... ඒත් ඕවරෝල් ගත්තම අපිට නැතිවෙච්ච දේ වැඩියි... 

කොහොම හරි අපි 2022 පෙබරවාරි ඒලෙවල් ලිවුවා... ප්‍රැක්ටිකල් ඉදිරි මාස වල තියෙයි... රිසල්ට් ගැන මම දන්නෙ නෑ... මට අදාලත් නෑ...

කොහොමහරි...

කොටි මලයා ඒලෙවල් ලිවුවා...

නෑ...

SNOW KOTIYA ඒලෙවල් ලිවුවා!

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...