Skip to main content

ඒලෙවලුත් ඉවර උනා කොම්ලෝ...

 වෙලාව පාන්දර 4.36යි... 

බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා කලේ තීම් එකේ වෙනස්කම් ටිකක් කරපු එක... දැන් හරි...


මචෝ...

ඒලෙවලුත් ඉවර උනා... ඉවර උනා කිවුවට ඉවරමත් නෑ තාම ET ප්‍රැක්ටිකල් ඉවර නැති නිසා... කොහොම උනත් ප්‍රධාන මිෂන් එක හෙවත් ලියන විභාගෙ ඉවර වෙලා දැන් මාස 2ක්...

2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි කොටි මලයා අපොස උසස්පෙල හෙවත් ඒලෙවල් ලියන්න නියමවෙලා තිබ්බෙ 2021 අවුරුද්දෙ අගෝස්තු මාසෙ උනාට කොරෝනා වසංගතේ නිසා විභාග කල්ගිහින් ඒලෙවල් ලියන්න උනේ 2022 පෙබරවාරි මාසෙ. මාසෙ පුරාවටම විභාගෙ තිබ්බා. ප්‍රායෝගික පරීක්ෂණ මේ එන ජුනි මාසෙ පැවැත්වෙන්න නියමිතයි(ලු).

2018 ඕලෙවල් ලියලා කොටිමලයා හෙවත් මම සමාජයට ආවෙ අමුතුම මනුස්සයෙක් වෙලා. විශ්වාස කරපු ගොඩක් අය මගෙ විශ්වාසෙ බින්ඳ නිසාත්, මට වටිනාකමක් තිබුනෙ නැති තැන් වල වටිනාකම් හොයන්න ගිහින් එක එකා සොමි දාන වෙලාවට උන්ගෙ බයිට් එක වීමේ ගොන්කම් තේරුම් යාම නිසාත් මං සමාජ ආශ්‍රයෙන් ඈත් වෙලා තනියෙන් ජීවත් වෙන්න හුරු උනා. 

ඒක එකපාරම කරගන්න බැරි උනත්, 2021 මැයි මාසෙන් පස්සෙ වගේ මං ඇත්තටම අතුරුදන් උන චරිතයක් වෙන්න පටන් ගත්තා (කියලා මට හිතෙනවා). සමාජෙන් කිවුවට මුලු සමාජෙන්ම නෙවේ.... මට වටිනාකමක් දීපු නැති සමාජයෙන්...

2019දි ඒලෙවල් පන්තියට එද්දි මං තනි මිනිහෙක් කවුරුවත් විශ්වාස නොකරපු. ජීවිතේ ටාගට් එකක් නොතිබුනු. ජීවිතේ ඉස්සරහට යන්න ඕනි පාත් එක, මගේ ඇඟේ තියන ස්කිල් එකවත් අඳුරගත්තෙ නැති.

2019 ජුනි මාසෙ විතර ඒලෙවල් පන්තියට ආවට පස්සෙ මගේ ජීවිතේ මට වටිනාකමක් දීපු මුල්ම පුරුක් ටික උනේ ඒලෙවල් වලට ආනන්දෙට ඇවිත් මාත් එක්ක ෆිට් උනු මගේ කොල්ලො ටික. එතනින් ටීම් විත් පන්තිනායක ගෘප් එකේ අපි හය හත් දෙනා. දිනෙයා, රංදිම, නෙත්ම, සනියා, වල්ලනායක සහ බාචියා... 

කොරෝනා ඇවිත් 2020 මාර්තු නිවාඩු දුන්නම ඊට සති 2,3කට කලින් චාරක ෂමින්ද ඉලංගසිංහ අයියා ෆේස්බුක් එකේ ෂ්‍යොර් කරලා තිබ්බ බ්ලෙන්ඩර් පාවිච්චි කරලා හදපු ඒජන්ට් 327 ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලලා බ්ලෙන්ඩර් ඉගෙන ගන්න පටන් ගත්ත එක ජීවිතේ මම කරන්න ඕනි මොකක්ද කියන එක තීරණය කලා...

ඒත් එක්කම මට වටිනාකම් දීපු තවත් පිරිසක් වෙනම එකතු උනා... !

 

ඒ වගේම 2020 පෙබරිවාරි මාසෙන් පටන් අරන් 2020 2021 ඉවර වෙනකන්ම වගේ මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් උනු, ජීවිතේ ගොඩක් දේවල් මට උගන්නපු දුෂ්ඨ පොඩි කෙල්ලෙකුත් හිටියා... ! 

එයා වෙනම කතාවක් මචෝ! ඒ කතාව ලියන්න මේක වෙලාවක් නෙමේ නිසා දැනට මෙතනින් එයා ගැන කතාව නවත්තමු!

ඒලෙවල් ලියන එක අතෑරලා හිටියා කාලයක් මම... ඒ 3ඩී සයිඩ් එකෙන් ඉස්සරහට යන්න ඕනි කියලා ඒක අතෑරලා... නමුත් ඒකත් වෙනම කතාවක් සහ ඒ කාලෙ ගොන්කම් ගැන තවම පොඩි පසුතැවීමක් තියන නිසා ඒකත් මෙතන කියන්නෙ නෑ...

කොහොම උනත්,

කොරෝනා නිසා මට, අපිට ජීවිතේ ලස්සනම කාලයක් නැති උනා මචෝ... ලැබුනු දේවල් තිබ්බා... අද මම මගේ ෆීල්ඩ් එකේ ඉන්න තැනට හයිවේ එකක් උනා කොරෝනා... ඒත් ඕවරෝල් ගත්තම අපිට නැතිවෙච්ච දේ වැඩියි... 

කොහොම හරි අපි 2022 පෙබරවාරි ඒලෙවල් ලිවුවා... ප්‍රැක්ටිකල් ඉදිරි මාස වල තියෙයි... රිසල්ට් ගැන මම දන්නෙ නෑ... මට අදාලත් නෑ...

කොහොමහරි...

කොටි මලයා ඒලෙවල් ලිවුවා...

නෑ...

SNOW KOTIYA ඒලෙවල් ලිවුවා!

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...