Skip to main content

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි...

මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි

මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින් දනිමි.නමුත් මේ දිනවල මාගේ ආර්ථික තත්ත්වය ඉතා දරුණු ලෙස පිරිහීමකට ලක්ව ඇති බැවින් ඔබලාගේ ප්‍රශ්න සදහා යම් මුදලක් අය කරගැනීමට මා තීරණය කලොත් එය අසාධාරණ ඉල්ලීමක් නොවන බව ඔබ මුලින්ම වටහාගත යුතුය...

එබැවින් පහත ප්‍රශ්න සදහා පහත සදහන් ගාස්තු අය කරනු ලැබේ.

දැන්විය යුතුය...අය කරන ගාස්තු පහත දැක්වේ...
පුතා මේ පාර කී වෙනියදැයි ඇසීමට - රුපියල් 300ක්
එක විෂයක ලකුණු ඇසීමට - රු.50ක්
සියලු විෂයන් එකපාර අසනවා නම් රු.400ක්
"පාඩම් කලා නං ලියන්න තිබ්බා" ආදී වාක්‍ය සදහා එක වාක්‍යයකට රු.300 බැගින්
සියලු ආකාරයේ බැනීම් සදහා බැනීම් වල එක් වචනයකට රුපියල් 200 බැගින්
අය කරනු ලැබේ...

මේවා සියල්ල දැවෙන ප්‍රශ්න බැවින් මෙම ප්‍රශ්නවල වටිනාකම අවමය රු.1000 පසුකලත් ඔබලාගේ යහපත,ඔබලාට සහනයක් ලබා දීම උදෙසා ඉතා සුලු මුදල් ප්‍රමාණ අය කරන බවත් දැන්විය යුතුය.

එමෙන්ම ඔබ සිතෙනවා නම් මෙම ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීමට මුදල් වියදම් කිරීම අනවශ්‍ය යැයි කියා , මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීම හොදම විසදුමයි.ඕපාදූප ඇසීමට ඔබගේ ඇති අධික ආශාව සන්සිදවා ගැනීම මොහොතකට පසෙක තබා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකීමෙන් ඔබගේ සාක්කුවේ ඇති මුදල් ස්වල්පයක් බස් එකේ යන්න හෝ ඉතිරි කරගැනීම ඔබ මෙම අවුරුද්දේ සිදුකරන විශාල ඉතිරිකිරීමක් බව පැවසිය යුතුය.

එමෙන්ම ඔබ මට උපකාරයක් කිරීමට සිතා ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වනවා නම් එයද අනවශ්‍ය බව පැවසිය යුතුය.මට මුදලින් උපකාරයක් කරනවාට වඩා මෙම ප්‍රශ්න ඇසීමෙන් වැලකී ඔබ මුදලක් ඉතිරි කරගනු දැකීම මාගේ සතුටට හේතුවකි.

එසේම ඕපාදූප ඇසීමට හා කට ඇදකර කුණු කතා කීමට ඔබලාට ඇති අධික ආශාව සන්සිදවා ගැනීමට අවශ්‍යම නම් පමණක් ඉහත ගාස්තු ගෙවා මෙම ප්‍රශ්න අසා අවශ්‍ය පිලිතුරු ලබා ගත හැකිය.

ස්තූතියි...!!!

Comments

  1. එල එලම්ම්

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  2. ස්තූතියි ස්තූතියි මකරෝ...

    ReplyDelete
  3. සිදුවාApril 20, 2017 at 2:04 AM

    මොනවා උනත් ඒක නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ...ගොඩාක් ස්තූතියි කමෙන්ට් දාන්න වෙලාවක් වැය කරන එකට...මොකද බ්ලොග් කියෙවුවත් බැනලා හරි කමෙන්ට් දාන්න වෙලාවක් වැය කරන අය අඩුයි...
      මං මෙහෙම දාගෙන මේ බ්ලොග් එක ලියන්නෙ කමෙන්ට් බලාපොරොත්තු වෙන්ම නෙවේ.මගේ ආසාවට.ඒත් කවුරු හරි කෙනෙක් ඇවිත් කමෙන්ට් එකක් දායි කියලා පුංචි ආසාවක් හිතේ තියනවා.ඒ කමෙන්ට් කියවලා රිප්ලයි කරන එක තරං සතුටක් වෙන නෑ.

      Delete
  4. මම මේ ගැන මෙහෙම දෙයක් කියන්නම්, මේ ගාස්තු සියල්ල අතිශය සාධාරණ බව ඔබගේ අසලින් සෑමවිටම සිටි මිතුරෙකු ලෙස මම කියන්නට කැමතී.‍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...