Skip to main content

අලුත් අවුරුද්දත් ඉවරයි...ඊලග සතියෙ ඉස්කෝලේ...

හ්ම්...

අලුත් අවුරුද්දත් ඉවර උනා කියාංකො ඉතින්...

හැමදාම වගේ...

සති 2ක් වැනි අති කුජීත අවුරුදු නිවාඩුවෙත් සම්පූර්ණයෙන්ම නිවාඩු කියන්න පුලුවනුත් ඉතින් දවස් 5ක් 6ක් වගේ තමයි...

මොකද අනිත් දවස් ටික ටියුෂන් පාතාලයේ ටියුෂන් මැරයන් විසින් කාලා දාලනේ...

කරුමෙ තමා මිත්‍රවරුනි...කරුමේ...

ඔය දැන් ඔය මහාචාර්යවරු එහෙම දාගෙන පත්තර වලට ලියනවා,ටීවී වල කතා කරනවා අවුරුදු නිවාඩුව කියන්නෙ පාසල් දරුවන්ට තියන ප්‍රීතිමත්ම කාලෙ කියලා...

බයිලා...

අඩේ පාසල් දරුවොනෙ දන්නෙ අවුරුදු නිවාඩුවෙ හැටි...

කොටි මලයාගෙ අවුරුදු නිවාඩුව ගෙවුනෙත් හරිම අවිවේකීව...

ප්‍රධාන වශයෙන්ම කාර් එක නිසා කටු කෑමේ අධික ආශාවෙන් පෙලුන නිසා ලෙසටම නිවාඩුව කන්න දාපු ටියුෂන් පන්ති 2ක් කට් කරගන්න මලයා සමත් වුනා...

ඒ වගේම ඒ කාපු කටු ටිකත් ලෙසටම කෑවා...අවුවෙ පන දාගෙන ස්කූටරයකින් හොරණ ඉදල දෙහිවලට ට්‍රැෆික් එකේ හිල් වෙච්ච ටයරයක් රැගෙන යාම, සහ හිල් නොවුනු ටයරයක් රැගෙන ආපහු ගෙදර ඒම, ඊට කලින් ටයරයක් පිපිරීම ආදී ටයර් නිසාම සුපිරි කට්ට කාපු ටයර් කටු වකවානුවක් මේ...

අවුරුදු නිවාඩුව නිසා ඉතින් මගේ යාලු මාලුවො දෙන්නා සෙට් වෙන්න ලැබුනෙත් නෑ වැඩිය...

ඒත් එදා 12 වැනිද විශ්වයාගෙ ගෙදර උදේ ගණන් පන්තියක් ලෑස්ති කරල තිබුනා...ඉතින් සෑර් එනවා කිවුවෙ 10ට නිසා  මාත් 9.50ට වගේ විශ්වයාගෙ ගෙදෙට්ට ගියා...යද්දි පමෝද් කාරයක් ඇවිල්ලා...කොහොමින් කොහොමින් හරි සෑර් එන්නෑ වගේ ලයින් එකක් තිබුන නිසා අපි තුන් දෙනාත් අද පන්ති නැති වෙයි යන සුන්දර බලාපොරොත්තුව ඇතිව වත්තට වෙලා හිටියා...

මගෙ සාක්කුවෙ රුපියල් 100ක් තිබුනා...ඒක මගෙ සාක්කුවෙන්ම නොදන්නා තැනකින් මතුවෙච්ච එකක්.මං ඒක තියන් හිටියෙ අහස්කූරු ටිකක් ගන්න.මොකද මං රතිඤ්ඤා සහ අනිත් ඒව පත්තු කලාට කවදාවත් අහස්කූරු පත්තු කරල නෑ.අර එස්ලෝන් බටේකට අහස්කූර සෙට් කරලා යනව ටෙක්නික් එක තමා මාත් අත්හදා බලන්න ආසාවෙන් හිටියේ.

ඒත් අරුන් දෙන්නත් එක්ක ඉන්න කොට මට පොඩි ආතල් එකක් ආවා.විශ්වලෑ ගෙදෙට්ට අල්ලපු කඩේ.ඔක්කොම අහස්කූරු ඒව තියනව.

අපි 3දෙනාත් ඉතින් ඕකට ගියා.මං බැලුවෙ මොනවද ගන්නෙ කියල.ඒ පාර මං තීරණය කලා ගිණිකෙලි භාණ්ඩ ටිකක් ගන්න.මං රුපියල් දහසෙ අහස්කූරු 5කුයි රුපියල් පහේ බඹර චක්කර 10කුයි ගත්තා.ඒ අස්සෙ අරුන් දෙන්නත් කොහෙන් කොහෙන් හරි රුපියල් 10ක්ද විස්සක්ද සෙට් කරගෙන පොඩි බයිට් පැකට් 1ක් හරි 2ක් හරි ගත්තා...

මුලින් මං හිතන් හිටියත් අහස්කූරු අපේ ගෙදර ගිහින් මං තනියෙන් පත්තු කරනව කියල අරුන් දෙන්න ඉන්නකොට මගෙ අදහස වෙනස් උනා...
මං තීරණය කලා මෙහෙදිම මුං දෙන්නත් එක්ක ඕව පත්තු කරල ආතල් එකක් ගන්න...

ඉතින් කොහොම හරි අපි අහස්කූරු පත්තු කරන සීන් එකට බැස්සා...

විශ්වයා ගත්ත එස්ලෝන් බටයක්...හයිකලා මිදුලේ...අහස්කූර සෙට් කලා...මායි පමෝදයි ගෙයි දොරකඩ...

පමෝදයා මචාන් අපි පොඩ්ඩක් ඇතුලට වෙලා ඉමු ඕක ෂුවර් නෑ පස්සෙන් ආවොත් කියල අපි දෙන්නත් පොඩ්ඩක් ඇතුලට ගියා...විශ්වයත් ටක් ගාලා අරක පත්තු කලා...

ෂූ සද්දයක් ආවා...අහස්කූර උඩ ගියා...

ම්..ඒ මොකුත් සද්දයක් නෑනෙ බං...කෝ...

එහෙම කියපු අපි පොඩ්ඩක් එලියට ගිහින් බැලුවා...

ඒ සෙනිකව අහස්කූර අල්ලපු ගෙදර වහලට වැදිල ඩෝන් ගෑවා...

අපි යකෝ ගේ ඇතුලට ගිහින් හිනා වුනු තරම තමයි...

ඊට පස්සෙ අපි එක එක පත්තු කලා...මාත් එකක් පත්තු කලා...එකක් විශ්වලෑ ගෙදරම උඩ තට්ටුවට වැදිලා ඩෝන් ගෑවා...තව එකක් තව ගෙදරක බිත්තියකට වැදිලා ඩෝන් ගෑවා...තව එකක් කොහේ ගියාද දන්නෑ ඇහුනෙ ඩෝන් ගානව විතරයි.

බඹර චක්කර සීන් එක නං ඉතින් අවුලක් නෑ සාමාන්‍ය විදිහට පත්තු වුනා...

මලයාගෙ අවුරුදු කාලෙ ඉතින් අවිවේකී වුනත් අවුලක් නෑ...මලයාගෙ අම්මා රෑ වෙනකන් මහන නිසා මලයා මේ දවස් ටිකේ නිදාගත්තෙ පාන්දර 2.30ත් පහුවෙලා...එදා 14 වෙනිද පාන්දරත් 3 වෙනකන් ඇහැරලා හිටියා...ආයෙත් ලිප ගිනි මොලවන නැකතට විනාඩි 5ක් විතර තියලා නැගිටලා රතිඤ්ඤා පත්තු කිරීමේ මෙහෙය ඉටු කලා...

ඊට පස්සෙ ඉතින් නැකැත් ඉවර උනාට පස්සෙ හවස කිරිඅම්මලෑ ගමේ ගියා...ඊට පස්සෙ හිස තෙල් ගෑමේ නැකතෙන් පස්සේ තෑගි බෝග බෙදා ගෙන එදාත් එහෙ ඉදලා පහු වෙනිද තමයි ගෙදර ආවෙ...

ඉතින් 15න් පස්සෙ ඉතින් අවුරුද්ද ඉවරයි...

කරන්න දේකුත් නෑ...මේ සතියෙ ඉතින් ගෙදර ඉදපු නිසා දවසම කම්පියුටරේ දාගෙන ඉන්න එකත් මගෙ හිතට මදි නිසා ගෙදර වැඩකුත් කරන්න ඕනි නිසා මේ පාර මම තනියම ගේ බිම පොලිෂ් කලා...දවස් 3ක් යන්න කලින් වැඩත් ඉවරයි.
ඊට පස්සෙ පෙරේදා පමෝද් කාරයත් ඇවිත් ඉදලා කරලා ගියා...පොරවත් ආවෙ නැත්තං තනිකමේම ඉදලා නිවාඩුව තවත් මූසල වෙන්න තිබුනා...

ඉතින් බහුතරයක් ලමයින්ගෙ අප්‍රේල් නිවාඩුව මෙන්න මේ වගේ තමයි...සමහර අයට මෙහෙමවත් නෑ...අපේ පමෝද්කාරයාටත් අවුරුදු සතියෙ 12 වැනිද වෙනක්ම පන්ති...හිතවත් බ්ලොග් සහෘදයා රන්වන් මකරාත් අප්‍රේල් නිවාඩුවෙ කුජීත බව,ටියුෂන් මැරයන් ගැන පෝස්ට් එකක් අවුරුද්දට කලින්ම දාල තිබුන...ඔව් අපි ඔක්කොටම එකවගෙ තමයි මේ නිවාඩුව...

අගෝස්තු නිවාඩුව ගැන මං මොකූත් කියන්නෑ ඉස්කෝලෙන් දෙන අවුරුදු 2ක පැවරුම් කලාම ඒකත් හරි...

දැන් ඉතින් නිවාඩුව ඉවරයි ඊලග බදාදා ඉස්කෝලෙ යන්න ඕනේ...

අනේ මංදා ඉතින්... ඉතින් ළමයි පොතින් අධ්‍යාපනය ලබයි...ඒත් නිදහසේ ඉදලා දුවලා පැනලා ගන්න අධ්‍යාපනය ළමයි ලබයිද?...අත්දැකීමෙන් දෙයක් ළමයි ඉගෙන ගනියිද?...දැවෙන ප්‍රශ්න බං මෙව්වා...

Comments

  1. හ්ම්..හ්ම්... කම්මැලිකම තියලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුණානම් හොඳයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උදේට නැගිටින්න අමාරුයි දුමී අයියේ...උදේ 4.30ට නැගිටින්න ඕනෙ මම...

      Delete

Post a Comment

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...