Skip to main content

Posts

Showing posts from February, 2019

ඕලෙවල්...

හ්ම්...      ටීවි එකේ අපි ආස ප්‍රෝග්‍රෑම් එකක් බලන්න ඉන්නකොට ඒක පටන් ගන්න විනාඩි 2ක් පරක්කු උනත් පැය 2ක් වගේ දැනුනට, කම්මැලි කමින් පාඩම අහන් ඉන්න පන්තියක් ඉවර වෙන්න පැය 2ක් විතර තිබුනම ඒක භද්‍ර කල්පයක් වගේ දැනුනට...අැත්තටම ගිය කාලෙ ගැන නිවිසැනසිල්ලෙ හිතල බැලුවම හිතෙනව කාලය ගිහින් තියෙන්නෙ ආලෝකය ගමන් කරන වේගෙටත් වඩා වේගෙකින් කියල... මට ඒ සිතුවිල්ල ආවෙ අද දැන් ටිකකට කලින් 10,11 අච්චු පොත් ටිකේ පිට කවර ටික ගලවන වෙලාවෙ... 10,11 ශ්‍රේණිවල පාවිච්චි කරපු අච්චු පොත් ටික නැවත භාරදෙන්න කියල ඉස්කෝලෙන් ලියුම ඇවිල්ලත් සති දෙක තුනක් ගිහින්...හෙට තමා අපේ පන්තියට පොත් භාරදෙන්න එන්න කියල තියෙන්නෙ... ඉතින් මාත් අද දවසම නිකන් ඉදලා දැන් ටිකකට කලින් තමා පොත් ටික හොයල පිට කවර ටික ගැලෙවුවෙ... පොත් 2ක් මිසිං...11 ගණිතය 2වෙනි කොටස මිසිං උනේ මතක හැටියට තුන් වෙන වාරෙ ඉස්කෝලෙ පටන් ගත්ත කාලෙ වගේ...11 කොමස් පොත ගෙදරම තිබුනා කොහේට හරි වෙලා ඇති තව ටිකකින් අම්මා හොයල දෙන්නං කිවුව... පොත් ටිකේ පිට කවර ගලවන්න කලින් පොත් ටික සුපුරුදු ලෙස මේසය උඩ නොව ඇද උඩ එලලා...මං විනාඩියක් ඒ දිහා බලන් හිටියා...