Skip to main content

ඕලෙවල්...

හ්ම්...
     ටීවි එකේ අපි ආස ප්‍රෝග්‍රෑම් එකක් බලන්න ඉන්නකොට ඒක පටන් ගන්න විනාඩි 2ක් පරක්කු උනත් පැය 2ක් වගේ දැනුනට, කම්මැලි කමින් පාඩම අහන් ඉන්න පන්තියක් ඉවර වෙන්න පැය 2ක් විතර තිබුනම ඒක භද්‍ර කල්පයක් වගේ දැනුනට...අැත්තටම ගිය කාලෙ ගැන නිවිසැනසිල්ලෙ හිතල බැලුවම හිතෙනව කාලය ගිහින් තියෙන්නෙ ආලෝකය ගමන් කරන වේගෙටත් වඩා වේගෙකින් කියල...

මට ඒ සිතුවිල්ල ආවෙ අද දැන් ටිකකට කලින් 10,11 අච්චු පොත් ටිකේ පිට කවර ටික ගලවන වෙලාවෙ...

10,11 ශ්‍රේණිවල පාවිච්චි කරපු අච්චු පොත් ටික නැවත භාරදෙන්න කියල ඉස්කෝලෙන් ලියුම ඇවිල්ලත් සති දෙක තුනක් ගිහින්...හෙට තමා අපේ පන්තියට පොත් භාරදෙන්න එන්න කියල තියෙන්නෙ...
ඉතින් මාත් අද දවසම නිකන් ඉදලා දැන් ටිකකට කලින් තමා පොත් ටික හොයල පිට කවර ටික ගැලෙවුවෙ...
පොත් 2ක් මිසිං...11 ගණිතය 2වෙනි කොටස මිසිං උනේ මතක හැටියට තුන් වෙන වාරෙ ඉස්කෝලෙ පටන් ගත්ත කාලෙ වගේ...11 කොමස් පොත ගෙදරම තිබුනා කොහේට හරි වෙලා ඇති තව ටිකකින් අම්මා හොයල දෙන්නං කිවුව...

පොත් ටිකේ පිට කවර ගලවන්න කලින් පොත් ටික සුපුරුදු ලෙස මේසය උඩ නොව ඇද උඩ එලලා...මං විනාඩියක් ඒ දිහා බලන් හිටියා...
ඒ වෙලාවෙ ඒ පොත් සමග මං වැඩ කරපු හැටි එක එක පොතට පුංචි චිත්‍රපටිය ගානෙ වගේ මගේ හිතේ තියන ප්ලේයර් එකේ ප්ලේ උනා...
10 වසරෙ පොත් ටික ගැන නං 10 වසරෙ වැඩ කරපු හැටි ගැන මතකයක් නෑ...හැබැයි 11 පොත් ටික සහ 10 පොත් ටිකත් අන්තිම මාස 3 වැඩ කරපු හැටි නං චිත්‍රපටිය වගේ මගේ මනසෙ ගලාගෙන ගියා...
10/11 ශ්‍රේණි 2ටම තිබුන සිංහල සාහිත්‍ය පොත,බුද්ධාගම අච්චු පොත් දෙක,ඉතිහාස අච්චු පොත්, කීපාරක් නං පාඩං කරන්න ඇද්ද...
ගණන් අච්චු පොත් ඔක්කොම 5යි 10/11 දෙකටම...
අභ්‍යාස කීයක් කරන්න ඇද්ද...
විද්‍යාව,ඉංග්‍රීසි,කොමස්,අයිසීටී අච්චු පොත් අමතක නෑ...

කොහොම වුනත්...හැමදේටම සමුදෙන්න කාලයක් එනව වගේ...මේවටත් සමුදෙන්න වෙනවා...හෙට පොත් ටික ඉස්කෝලෙට දෙනවා...හෙටින් පස්සෙ මගේ පොත් ටික ආයෙ මට කවදාවත් හම්බෙන්නෙත් නෑ...
එයාලා මට සමු දෙනවා මාත් එයාලට සමුදෙනවා...ඕලෙවල් කරගන්න මට ශක්තිය වුනු ඕලෙවල් වලට දැනුම දීපු ඒ පොත් ටිකට මං හදවතින් පිං දෙනවා...!!!

අච්චු පොත් වලින් පටන් ගත්තට ඇත්තටම මට ඕනි මුළු ඕලෙවල් ගැනම කතා කරන්න...අච්චු පොත් ගැන කතා කළේ අද පිට කවර ගලවද්දි ඇත්තටම හදවතට දැනුනු අමුතු හැගීම නිසා...ඒ පොත් ටිකේ වටිනාකම ඇත්තටම හිතට දැනුනු නිසා...සමුදෙන්න මොහොතකට කලින් හරි ඒක දැනුනු එක කොච්චර දෙයක්ද...

හ්ම්...
මුළු ඕලෙවල් ගැනම කතා කරන්න...
මැරිල ඉවර වෙලා හොල්මනක් වෙලා ආයෙත් ලියන්න පුලුවන් දෙයක්...

ඒ තරම් කතා ගොඩයි අත්දැකීම් ගොඩයි...

     පරණ අයට සාමාන්‍ය පෙළ අලුත් විදිහට අපිට නං ඕලෙවල්...එහෙමත් නැත්තං හැමෝම කියන්න වගේ සාපෙ...
ඇත්තටම සාපයක්ද?...අනේ මංදා...රිසල්ට් කොහොම ආවත් ඒක ඇත්තටම සුන්දර කාලයක්...
මං දන්නවා මං වෙන්නැති මේ ලෝකෙ එකෙන්ම ඕලෙවල් සුන්දරයක් කියල කියපු එකම එකා...උඹලා කියයි මට පිස්සු කියලා...ඇත්ත වෙන්නැති...කොහොමත් උඩින්ම දාලත් තියනවනෙ කොටි මලයා කියන්නෙ මන්ද බුද්ධික ජීවියෙක් කියලා... :D

ඒ අවුරුදු දෙක ඇත්තටම හිතලා බැලුවොත්,
10 වසරෙන් ඒ අවුරුදු දෙක පටන් ගත්තට ඇත්තටම ඕලෙවල් ජීවිතේ පටන් ගන්නෙ 11 වසරෙදි...
10 වසරෙදි දිග කලිසම ඇදලා ඉස්කෝලෙ ගිය අපට ලොකු පන්තිය නුහුරුයි...වැඩ අල්ලනවා විතරයි...අලුතින් මොන්ටිසෝරි ගියා වගේ...
11 වසර වෙද්දි අපි පදං වෙලා...ලෝකෙ කාලා වතුර බීපු ලෝක ඇම්ඩො...
එකම පන්තිය වෙනස් නොවී එකම යාලුවො ටික අවුරුදු 2ක්...ආදරෙයි 2018 අවුරුද්දෙ කොළඹ ආනන්දෙ 11-6 පන්තිය...ආදෙරයි මගෙ යාලුවො...යාලුවො නෙවෙයි සහෝදරයො උඹලා...ආදරෙයි අහස තරං කොල්ලනේ...ඒ වගේම අපේ මැඩම්... නයෝමි මැඩම් අපිට ඇත්තටම අම්මා කෙනෙක් වගේ...ආදරෙයි මැඩම් අහස තරම්...
2017/2018 අවුරුදු දෙක මගේ ජීවිතේ සුන්දරම කාලෙ...ආදරෙයි 11-6 පන්තියෙ මැඩම් ඇතුලු මගේ සහෝදර පිස්සෝ ටික ඒ සුන්දර ජීවිතේ දුන්නට...

 2018 අවුරුද්දෙ 11-6 ට්‍රිප් එක ත්‍රිකුණාමලේට දවස් 2ක්, අම්මේ ඉතින් එදා මෙදා තුර හොදම ට්‍රිප් එක...පිස්සු වගේ...
පිස්සො වගේ මගේ කොල්ලනේ...උඹලගෙ අමුතුම පිස්සු චරිත ගැන එක එකා ගැන විස්තර කරන්න වෙලාවක් නෙවෙයි මේක...ඒත් අමතක වෙන්නෙ නෑ කොල්ලනේ...
මගේ හොදම බොක්කලා ප්ලෙන් මල්ලි එහෙම නැත්තං තෙවිදුවා, සොත්ති හෙවත් සවින්ද්‍ය, අපේ පලංචියා මානෙත් පන්තියෙ මොනිටරේ සහ ඊබෝඩ් මාස්ටර්...ආදරෙයි වස්තුලා...
අනිත් උන් අමතක නෑ...

සිංදු කියපුවා,එකෙක්ගෙ වැරැද්දට සෙට් එකම කාපුවා,ඊබෝඩ් එකේ පිස්සු නටපුවා,කොමස් මැඩම්ට ආතල් දීපුවා,සත්තු වගේ එක එකාගෙ බත් එක කාපුවා, අමතක වෙයිද කවදාවත්...

ඒ වගේම අපේ ආනන්දෙ හොරණ සෙට් එක...උඹලවත් අනිවා මතක් කරන්න ඕනි...

ඒ කාලෙ ගැන ලියන්න ගියොත් කලිනුත් කිවුවා වගේ මැරිලා හොල්මනක් වෙලා ඇවිල්ලත් ලියා ගෙන ලියාගෙන යන්න පුලුවන්...

හරිම සුන්දරයි...යාලුවො එක්ක ආතල් ගත්ත හැටි,පීරියඩ් කට් කිරිලි,ක්ලාස් කට් කිරිලි,කැන්ටිමේ එකට කෑම කාපු හැටි,පුංචි පුංචි ආදර කතා... හරිම සුන්දරයි...

ඕලෙවල් සෙල්ලම 11 වසරෙන් හරියටම පටන් ගත්තට සීරියස් විදිහට සීන් එකට බහින්නෙ 2 වාර විභාගෙන් පස්සේ...සැප්තැම්බර් අන්තිම වගේ වෙද්දි නං අම්මේ ඉතින්...
නොවැම්බර් මාසෙ වෙද්දි හතර අතේ ක්ලාස් අමතර පන්ති,පදුරකට ගැහුවත් විසි වෙන්න සෙමිනා...
ටියුෂන් ගැන කතා කරොත් ගණන් ක්ලාස් ගිය කපිල සර්, ICT ක්ලාස් ගිය ධනේෂ් සර්,සිංහල ක්ලාස් ගිය අනුරාධ සර් සහ පොලේගොඩ මිස්,විද්‍යාව ක්ලාස් ගිය නමිදු සර්,ඉංග්‍රීසි ක්ලාස් ගිය ප්‍රභාත් සර්, අමතක කරන්න බෑ...
හැම පන්තියක්ම වගේ ඉවර වෙද්දි දැනෙන ෆීලින් එක මට කවදාවත් තේරුං ගන්න බැරි වෙච්ච දෙයක්...
මෙතනින් මං 7 වසරෙ ඉදන් ගිය මගේ ජීවිතේ අමතක නොවෙන විද්‍යා පන්තිය නමිදු සර් පන්තිය අවසන් කරපු දවස,

පුතේ ලොකු මිනිහෙක් වෙන්නෙපා හොද මිනිහෙක් වෙන්න...

ඒකයි සර් අන්තිමට කියපු දේ...

ඒ වගේම ICT පන්තියෙ ධනේෂ් සර්, අමතක නෑ...මං දැකපු හොදම වැඩසටහනක් කරපු සර් කෙනෙක්...ICT ඉගැන්නුවා විතරක් නෙවෙයි ආගමට දහමට සිරිත් විරිතුත් එදා සර්ගෙ රුවල්වැලි සෑයට ගිය ගමනෙන් ඉගෙන ගත්තා...

ඉතිරි ගුරුවරු ගැන කියන්න ගියොත් මේක කියලා නවත්තන්න බෑ...ඒත් ඒ ගුරුවරු කවදාවත් අමතක කරන්නෙත් නෑ...

මේ හැමදේකින්ම පස්සේ,
2018 දෙසැම්බර් 12 න් ඕලෙවල් අපි ලියා ඉවර කළා...

රිසල්ට් එක කවදා එයිද කොහොම එයිද දන්නෑ...ඒක කොහොම ආවත්...පාස් වුනත් ෆේල් වුනත්...ඇත්තටම ඕලෙවල් හරිම සුන්දරයි්‍...

ඒ හැමදේකින්ම පස්සේ හිතට එන එකම හැගීම...

අනේ ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන් නම්.....

කොටි මල්ලි...
2019.02.05 

Comments

Popular posts from this blog

රැකියාව සමග මම

2025 සිංහල අලුත් අවුරුද්දු නිවාඩුවෙ පලවෙනි දවසෙ, බ්ලොග් එකේ සටහනක් තියල යන්නයි අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් උනේ...ඒ් සති 2කට විතර කලින් කිවුව විදිහටම ලියන්න පටන් ගන්න එකේ පලවෙනි පියවර විදිහට...  ඉතින් මගේ ආදරණීය මිත්‍රවරුනි, පසුගිය 2024 අවුරුද්ද කොටි මලයාගෙ ජීවිතේ සෑහෙන බල්ටි ගහපු අවුරුද්දක් වුනා.. වයඹ කැම්පස් එකට නොගිහින්, ඊට පස්සෙ කරන්න හදපුවත් හරි නොගිහින් නන්නත්තාර වෙලා හිටපු වෙලාවෙ උසස් අධ්‍යාපනය පැත්තෙන් සාධනීය පියවරක් විදිහට මහරාජා ඉන්ස්ටිටියුට් එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඩිප්ලෝමා එක කරන්න ගත්ත එක මගේ ජීවිතේ අලුත් පිටුවක් ලියන්න සමත් උනා... මහරාජා එකේ මගේ ජීවිතය, සිරසෙන් ලැබුනු අත්දැකීම්, මයෙ රත්තරං බැච් මේට්ලා ටික ගැන ලියන්න වෙනම පෝස්ට් එකක් ඔිනෙ නිසා දැනට මම ඒ් ගැන කතා කරන්නෙ නෑ... මහරාජා එකේදි උනේ චමින්ද ජයවර්ධන සර්ගෙ මුණ ගැසීම සහ 2024 නොවැම්බර් වල සර්ගේ ආරාධනාවෙන් Tusker Infinity Studios එක්ක එකතු වීම මගෙ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක්... මීට කලින් පර්මනන්ට් ජොබ් 2ක් කරලා තිබ්බත් ඒ් දෙකම රිමෝට්ලි කරපු ඒ්වා නිසා ටස්කර් එකේදි,ඔෆිස් එකට ගිහින් ටීම් එකක් එක්ක එකට වැඩ කරනෙ...

ආයෙත් බ්ලොග් එකට

 අන්තිම පෝස්ට් එක දාලා අවුරුද්දයි දවස් 5කට පස්සෙ තමා මේ බ්ලොග් එකේ New Post බට්න් එක ආයෙ පාරක් එබෙන්නේ... ජීවිතේ විවිධාකාර උස්පහත් වීම් මැද්දෙන්, සුලිකුණාටු, ඡණ්ඩ මාරුත, සුනාමි, ගිනිකඳු, බූමි කම්පා අතර චූට්ටක් විතර වස්සාන කාල මැදිනුත් යන මේ ගමනේ 2025 මුල්ම පෝස්ට් එක දාන්නයි මේ වෑයම... ඒ් වගේම මේ බ්ලොග් එක ලියන්න අරන් අවුරුදු 10ක් වෙනවා මේකෙන් පස්සෙ... මේක ටයිප් කරන් යද්දි මට මුලින්ම දැනුන දේ තමා දෙයිහාන්දුරුවනේ මගේ ලිවීමේ හැකියාවට කෙලවෙලාම ගිහින් නේද කියනෙක...  ඒ්ත් අද මේ 2025 මාර්තු 26 ඉඳන් මං හැදෙනවා සත්තයි... ඒකට ලොකු හේතුවක් තියනවා...  ඒ්ලෙවල් ලියලා ඉස්කෝලෙන් අවුට් වෙලා 2022 සමාජෙ‌ට වැටිලා නන්නත්තාර උන දවසෙ ඉඳන් මේ දක්වා ජීවිතේ ගොඩක් අමාරු උනා සහෘදයිනි... ඒ්ත් මේ අවුරුද්දෙ ඒ් හැමදේම අමතක කරලා හැමදේම අලුතෙන් ගොඩනගන්නයි මගෙ බලාපොරොත්තුව... මේක වාක්‍ය දෙක තුනක පොඩි පෝස්ට් එකක් උනත්,  මේක අලුත් ආරම්භයක් වේවි...! 2025 - 03 - 26 කොටි මල්ලි (Snow Kotiya)

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නවත්තන තැනදි දැක්කෙ... එතකොටයි දන්නෙ ඔයා දේවි එකේ කියලත්... ඔයාව දැක්ක වෙලාවෙ මට මතක් උනේ Krishna Mukherjee ව... ඔයා ඒ වගේමයි... හරි ලස්සනයි... මං එදා ඉඳන්මයි ඔයාට සුදු මැණිකේ කියල හිතින් කතා කලේ.  මාසයක් විතර ඔයා දිහා බලන් ඉඳලා මාර්තු මාසෙ 20 ගනන් වගේ යද්දි ආපු සෙනසුරාදාවක තමයි මම ඔයාගෙන් මුලින්ම අහන්න හිටියෙ. ඒ්ත් කෙලඋනානෙ ඒ් සතියෙ බදාදද කොහෙද ලංකාවෙ පළවෙනි කොවිඩ් රෝගියා හම්බෙලා ඉස්කෝල වැහුවෙ. මයෙ වාසනාවට ඒ් මගෙ class mate කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.  කොහොම හරි කාලෙ යනකල් බලන් ඉඳලා 2020 අගෝස්තු දිහා ඉස්කෝල පටන් ගත්තා ආයෙ. ආයෙත් මගෙ වාසනාවට කපිලංකලයා ඔයාලව අපේ බස් එකෙත් යැවුවා. ඉතින් ඒ් චාන්ස් එක අරන් තමා මම ඔයා හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටපු වෙලාවක ඔයාට කතා කරලා මුලින්ම කැමතියි කිවුවෙ. ඒ් 2020 අගෝස්තු 13 වෙනිද උදේ. මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් ඒ්ක. මොකද ජීවිතේ පලවෙනියටම කෙල්ලෙක්ට කැමතියි කිවුවෙ එදා. ඒ්කත් ඔයාගෙ මූණටම කෙලින්. මට...