මේ පෝස්ට් එක ලියන්නෙ මචං, සිරාවටම මගෙ හිතේ අපේ අනාගතය ගැන මේ මොහොතෙ මට දැනෙන insecurity එක ගැන ලියන්න... මේක සුබවාදී පෝස්ට් එකක් නෙවේ, ඒ වගේම මේකෙ තියෙන්නෙ ප්‍රශ්න ගොඩක් විතරයි. මම මේක ලියන්නෙ, පණ පිටින් හිටියොත් තව අවුරුදු 10කින් අපි මොන තැන් වල හිටියත්, අද අපි හිටියෙ මෙහෙමයි කියල මට ආයෙ මතක් වෙන්න... මට මේ බ්ලොග් එකේ පරණ පෝස්ට් කියවද්දි දැන් ගොඩක්ම හෙන ක්‍රින්ජ් ෆීලිං එකක් දැනුනත්, අවුරුදු 10කට කලින් පොඩි ළමයෙක් විදිහට ගෙව්ව ජීවිතේ තිබ්බ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස සහ අහිංසක බව, මම දැන් ගෙවන ජීවිතේ තියන හැමදේටම වඩා වටිනවා කියල හිතෙනවා. ඒ කාලෙ ඇත්තටම තිබ්බෙ පූසොන්ගෙ ප්‍රශ්නයි, කම්පියුටරේ ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි විතරයි. ඒත් අද, බොන වතුර එකේ ඉඳන් හැමදේම ප්‍රශ්නයක්. මීට අවුරුදු 10කට කලින් මගෙ ළඟින් ඇසුරු කරපු, මම ආදරය කරපු ගොඩක් අය මගෙ ළඟ නෑ. සමහරු ජීවතුන් අතර නෑ. බහුතරයක් තව සෑහෙන කාලයක් යනකන් මට ආයෙ හම්බෙන එකකුත් නෑ. අවුරුදු 10කට කලින් මේ බ්ලොග් එකේ සෑහෙන්න ලියවිච්ච නම් තිබ්බා...ඒ අය එක්ක සෑහෙන කාලෙකින් මම කතා කරල නෑ, දැකල නෑ... 2019න් පස්සෙ මගෙ ජීවිතේ සෑහෙන පිටුව ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.