Monday, September 28, 2026

මට ඉරිසියයි යකෝ....

 මං මේ පොඩි දෙයක් කල්පනා කලා මචං... මං ලගදි වීඩියෝ එකක් දැක්කා ටියුෂන් සර් කෙනෙක් GTR එකක් අරන්. පොර  ඒකෙන් ක්ලාස් එකට එද්දි ළමයි ටික වට වෙලා හුරේ දානව බං... පට්ට ක්‍රින්ජ්!

මං කල්පනා කලේ බං, එයාලා අපිට ක්ලාස් එකේදි GTR හීන පෙන්නනලා කියනවා කැම්පස් ගිහින් ඉගෙනගත්තම ඔක්කොම හරි ඊට පස්සෙ අපිටත් ඒ ලෙවල් එකට එන්න පුලුවන් කියලා... ඒත් බං යතාර්තයෙදි ඔය ක්ලාස් එකට ගිහින් ඒලෙවලුත් ගොඩ දාගෙන කැම්පස් ගිහින් හොඳ ජොබ් එකක් හොයාගත්තත්, ඔය වයස වෙද්දි (ඔය ටියුෂන් සර්ට වයස 30ක් නෑ තාම) GTR එකක් තියා Vezel එකක්, ඇලියොන් එකක් ගන්න පුලුවන්ද? වැඩිය ඔිනෙ නෑ... WagonR එකක් නැත්තං ලක්ෂ 80ක් 100ක් වටින ඉන්දියන් බඩකඩිත්තුවක් ෆිනෑන්ස් කරලා ගන්නත් කොච්චර කට්ටක් කන්න ඔිනෙද...

මේක හෙන කුහක ඉරිසියාකාර පෝස්ට් එකක් මචං... මම නං ප්‍රසිද්දියෙම කියනව, "මට ඉරිසියයි යකෝ" කියල...

දැන් බලපන් ඔය ට්‍රේඩිං ක්ලාස් කරන එවුන්... උන් බං සල්ලි හොයන හැටි උගන්නලයි ඔය වාහන ගේන්නෙ.. ටියුෂන් සර්ලත් ඒකයි කරන්නෙ... එයාලා අපිට හඳට යන පාර පෙන්නලා ඒකෙන් හොඳට හම්බකරනව. අපි ඒකෙන් ඉගෙනගෙන හඳටත් ගියා කියමුකො. අපිට ඒත් බෑනෙ අර තරං හම්බකරන්න.

දැන් බලපන් අපි ඒ කාලෙ ටියුෂන් ක්ලාස් ගිය සර් ප්‍රාඩො එකක් පදිනව. දැන් මම, උඹලා, සහ පොරගෙ ක්ලාස් ගිය අය කැම්පස් ගිහින් අවුට් වෙන්නත් ළඟයි (මං පොඩි වංගු ටිකක් මැදදි ගැහුවත් මමත් කැම්පස් සහ ජොබ් එහෙමත් කලානෙ... ඉතින් ලොකු වෙනසක් නෑ උඹලගෙයි මගෙයි)

මං නිකන් අහන්නෙ... කැම්පස් අවුට් වෙලා අවුරුදු 5ක් ගියාට පස්සෙවත්, ෆිනෑන්ස් එකක් දාලා හරි ප්‍රාඩෝ එකක් පදින්න පුලුවන් ලෙවල් එකකට ඉන්කම් එකකට යන්න උඹලට මේ සාම්ප්‍රදායික කැම්පස් සහ ඊට පස්සෙ ජොබ් කරන සිස්ටම් එකෙන් පුලුවන් වෙයිද? 
ප්‍රාඩො එකක් දැන් අඩුම කෝටි 4ක් විතර වෙනවා. අවුරුදු 5කට ෆිනෑන්ස් කලත් මාසෙට ලක්ෂ 4 හමාරක් වගේ සෙට් වෙනව. තව ඩවුන්පේමන්ට් දාන්න ඔි‌නෙ කෝටි 1 හමාරක් විතර.
පෙට්‍රල්, නඩත්තු වියදං සහ පවුලෙ වියදම් එහෙමත් ගත්තම පවුලත් නඩත්තු කරලා ඒ වගේ වාහනයක් එහෙම හරි ගන්නව නං ලක්ෂ 10ක්වත් මාසෙ ඉන්කම් එක තියෙන්න ඔිනෙ. තව ඩවුන්පේමන්ට් දාන කෝටි 1 හමාර හදාගන්නත් එපැයි. 

 අපි මේ දැන් අධ්‍යාපනය පැත්තෙන් කරගෙන යන දේවල් වලින් ඩිග්‍රිත් අරන් අවුරුදු 5කට පස්සෙත් එහෙම ඉන්කම් එකකට යන්න පුලුවන් කියල උඹ හිතනවද මචං? සරලවම ටියුෂන් සර්ලා ඒලෙවල් ගොඩදාගත්තම ඔක්කොම හරි කියල සුරංගනා කතාවක් ඒ් පෙන්නන පාත් එකෙන් අපිට ඒක කරගන්න පුලුවන්ද?

ඒක කරන්න බෑ බං සිරාවටම...

ජොබ් එක පැත්තෙන් විතරක් ඉන්කම් එකක් ගැන හිතනව නං ඔය ලෙවල් එකේ සැලරියකට යන්න අඩුම අවුරුදු 10ක්වත් ටොප් ලෙවල් කම්පැනි එකක ටොප් ලෙවල් පොසිෂන් එකක ඉන්න වෙනව. ඒත් එහෙම කම්පැනි ලංකාවෙ තියෙන්නෙත් හෙන අඩුවෙන්. 
නැත්තං හොඳම ඔප්ෂන් එක රට පනින එක. රට ගිහින් ජොබ් එකකට ගියාම තව ටිකක් අඩු කාලෙකින් වැඩේ ගොඩදාත හැකි.

නැත්තං ලංකාවෙ ඉඳන්ම වැඩේ කරනවා නං බිස්නස් තමා මචං...

කොහොමත් මචං ආස වාහනයක් පදින්න ඔිනෙ ලංකාවෙ ඉඳන් බං...මට පිටරටක ඉඳන් ලැම්බොගිනි කාර් එකක් පැද්දත් ඒක හිතට දැනෙන්නෑ... මට ඒ වාහනේ පොරත්වෙ දැනෙන්න නං ඒක ලංකාවෙ ඉඳන්, මට නැති බැරි කාලෙ මට කෙලපු උන්ගෙ මූණු බලන් පදින්න ඔිනෙ...

අපි ඇන්දුනා බං ටියුෂන් සර්ලගෙයි පොඩි කාලෙ ඉඳන් සමාජෙන් දාපු බයිල වලටයි.. al/ol කරගෙන කැම්පස් ගියාම හරි කිවුවා... එයාලා අපිට උගන්නලා ගොඩ ගියා... අපිත් ගොඩ ගියා කියල හිතුනට එයාලා තරං ගොඩයෑමක් අපිට පේනතෙක් මානෙක නෑ... අපි ඉගෙනගෙනත් හැමදාම රෝල...

මම ඔිලෙවල් කරන කාලෙ මට තිබ්බ එකම හීනෙ හොනට් එකක් ගන්නෙක. ලක්ෂ 4ක් එකතු කරගත්ත නං ඒ දවස් වල හොනට් එකක් ගන්න තිබ්බා ගින්නක් නැතුව. ඒ 2018-2019 කාලෙ. ඒත් මට අන්තිමට හිත හදාගන්න හීනෙ අන්තිම අඩියට downgrade කරලා චැලියක් ගන්නවා කියල හිතුවා ඒකවත් කරගන්න බැරි වුනා බං. අඩුගානෙ ඒකට සල්ලි හොයාගෙනත් ඒක කරගන්න බැරි වුනා. 

හොනට් එකක් ගන්න ඔිලෙවල් ඉවර වෙලා මම ෆයිවර් කලා. යූඨියුබ් කලා. වෙබ් ඩිවලොපින් කලා. ඇඩ්සෙන්ස් කලා. අරවා කලා මේවා කලා. මාසෙකට සොච්චමක් ආවා. ඒත් කවදාවත් මට හොනට් එකක් ගන්න ලක්ෂ 4ක් එකතු කරගන්න බැරි වුනා මචං.

අන්තිමට කොවිඩ් ආවා උද්ධමනෙ ආවා අරගලේ ආවා හැමරෙද්දම ගණන් ගියා.  මම දැන් ලක්ෂ 4ක් තියන් හිටියත් හොනට් එක ලක්ෂ 12ක් වෙලා.

 මට අඩුම ගානෙ වයස 30 වෙද්දි නිසාන් පැට්‍රොල් එකක්වත් පදින්න බැරි වුනොත්, එහෙමත් නැත්තං පරණ ටොයොටා Mark II එකක් අරන් රෑක පාරෙ වංගුවක් අල්ලලා Drift එකක් ගහන්න බැරි වුනොත් මේ මනුස්ස ජීවිතෙනුත් වැඩක් නෑ මචං... හොනට් එක මිස් වුනා... ඒත් මට අනිත් දේවල් මිස් වෙන්න දෙන්න බෑ එහෙම...

මේ වාහන හීන මගේ හිත රිදෝනව බං...

පොඩි කාලෙ ඉඳන් අම්මලා තාත්තලා, ගුරුවරු හැමෝම කියන දේ අහලා ඉගෙනගෙන විභාගත් පාස් වෙලා, අමාරුවෙන් තනියම ඉගෙනගෙන skill හදාගෙන, කාටවත් හොරයක් වංචාවක් නොකර වැඩ කරගෙන ගිහිල්ලත් මං ආස වාහනයක් ගන්න බැරි වෙලා ඉද්දි ඔිලෙවල්වත් හරියට පාස් නැතුව එක්කො පිරමීඩ ප්‍රමෝට් කරලා නැත්තං ට්‍රේඩිං කෝස් කරලා ඒ වාහන අරන් රඟන එවුන් දැක්කම මට ඉරිසියා හිතෙන එක අසාධාරණයිද මචං?...

 

කොටි මල්ලි (Snow Kotiya)
2026-09-29 

 

මට ඉරිසියයි යකෝ....

 මං මේ පොඩි දෙයක් කල්පනා කලා මචං... මං ලගදි වීඩියෝ එකක් දැක්කා ටියුෂන් සර් කෙනෙක් GTR එකක් අරන්. පොර  ඒකෙන් ක්ලාස් එකට එද්දි ළමයි ටික වට වෙල...