Thursday, December 7, 2017

නිහඩව සතියක් ගෙවෙන්න දෙමු...

හොදයි එහෙනං..

විභාගෙ ලකුණුත් ආවා කියමුකො...

ගෙදර මිනිස්සුන්ගෙ මූණෙ දැලි ගාපු පරයා මම වෙලා තමයි ඉන්නෙ.

නිදහසට කරුණු තියනවද?... නෑ... ඒව ඕනි නෑ...

හොදම නිදහසට කරුණ නිහඩතාවය කියල මං කල්පනා කලා... බැන්නත් ගැහුවත් මැරුවත් හූම් සද්දයක් නැතුව තමා ඉන්න බලාපොරොත්තුව.... දැන් නට නටා මොනවා කලත් තව සතියකින් ඔය විභාග ආතත්ය,උණුසුම,ඔක්කොම ඉවරයි.

ඒ නිසා සතියක් ගේ මුල්ලට වෙලා හැංගිලා ඉදලා සතියකට පස්සෙ එලියට එන්නං බලාපොරොත්තුව.ඒ සතිය ඇතුලෙ පුලුවන් එලියට ආවම ගහන ගේම් ටික ප්ලෑන් කරගන්න...

දාහක් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියනවා නිවාඩුවේ.ටික ටික හරි කරගන්න වෙයි.රෑට නින්ද යන්නෙ නැති නිසා ඒ වෙලාවට තමා කල්පනා කරන්නෙ මොනවද කරන්නෙ නොකරන්නෙ කියල... සීන් එක කියන්නෙ රෑට ප්ලෑන් කරගත්ත දේවල් උදේ නැගිට්ටට පස්සෙ මතක නැති වෙන සීන් එක.

බලමු නේද ඉතින්... එහෙනං නිහඩ සතිය පටන් ගත්තා...

5 comments:

  1. මතක් වෙන දේවල් ලියලා නිදාගන්න..

    මාත් නිවාඩුවේ ගොඩක් දේවල් කරන්න කියලා තමයි හිටියේ.
    ප්ලෑන් කරන් හිටපු ලොකුම දේ තමයි රොබෝ කාර් එකක් හදන එක.
    අද 23. නිවාඩුවත් ඉවරයි ලගදිම.
    මාසෙම වෙන වැඩ කලා.
    ප්ලෑන් කරපු එකක්වත් කරන්න හම්බ උනේ නෑ. :(
    ඒටික ලබන නිවාඩුවටවත් කරවා කියලා හිත හදාගත්තා.. ;)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මාත් ප්ලෑන් කරපු කිසි දෙයක් කරන්න හම්බුන්නෙ නෑ... 2018 නිවාඩුවක් මට නං හම්බෙන එකක් නෑ බං මට සාපෙ තියනවනෙ.

      Delete
  2. ලගදිම මගෙන් රොබෝ කෙනෙක් බලාපොරොත්තු වෙන්න..
    (රොබෝ කෙනෙක් කිව්වට ස්වයන්ක්‍රීය කාර් එකක් හරිද..)
    ආඩුඊනෝ වලින්..

    ReplyDelete

Tusker Infinity Studios සමග මගේ මතක

 මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...