Saturday, December 30, 2017

2017 වසර අමුතුම විදිහට ගෙවිලා ගියා....

හ්ම්....

බොහොම කම්මැලි අවසානයක් එක්ක ( මට අනුව ) 2017 අවුරුද්ද දැනුනෙවත් නැති විදිහට ගෙවිල ගියා...
මම කම්මැලි අවසානයක් කිවුවෙ කිසිම විදිහක මතකයක්, ඉගෙන ගන්න දෙයක් දීපු අවුරුද්දක් නෙවෙයි 2017 අවුරුද්ද.

2018 අවුරුද්දෙ මං හිතන්නෑ මට බ්ලොග් එක පැත්තෙ එන්න වෙයි කියල මොකද කොටි මලයට අපොස සාපෙ තියෙන්නෙ 2018 නිසා.අම්මලාගෙ දොල දුක් සන්සිදවන්න මොකක් හරි කරගන්න එපැයි.

අද බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවෙ අවුරුද්දෙ අන්තිම වාක්‍ය ටිකක් හරි කොටල ගියෙ නැත්තං ඒක බ්ලොග් එකටත් අඩුවක් වෙයි කියල හිතපු නිසා.2017 මුල් හරියෙ උනන්දුවෙන් බ්ලොග් එක ලිවුවත් කම්මැලිකම,ලියන්න දෙයක් නැති කම වගේ මොකක් හරි දෙයක් නිසා ඒක මග ඇරිල ගියා... කෙසේ වෙතත් බ්ලොග් එක ලියන එක නවත්තන්න මගේ කිසිම අදහසක් නෑ.අවුරුද්දකට එක පෝස්ට් එකක් හරි දාන්න තමා බලාපොරොත්තුව.

2017 කොච්චර කම්මැලි විදිහට ගෙවිල ගියාද කියනව නං මට 2018 සාපෙ කියල මීටර් උනෙත් 2017 දෙසැම්බර් 31 අද මේ දැන් ටිකකට කලින්.අනේ මංදා...

කියන්න දෙයක් නෑ ඉතින් මට වැඩිපුර... බ්ලොග් එක ලියනව මං මට හිතෙන වෙලාවට... කමෙන්ට් ආවත් එකයි නැතත් එකයි... කවුරු කියෙවුවත් නොකියෙවුවත් මට එකයි... මට හිතුනා ලිවුවා ආයෙ මංම කියෙවුවා... දැන් වුනත් මේ බ්ලොග් එකේ පරණ ලිපි කියවද්දි මට මාර ආසාවක් එනවා...

ඉතින් බලමු... නොකිවුවට 2018 හීන ගොඩාක් තියනව... බලපු කොච්චර හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා... හැබෑ කරගත්තුවා ගැන අනිවා බ්ලොග් එකට වැටෙයි...

එහෙනං කම්මැලි විදිහට,හැමෝම දැන් ප්‍රාර්ථනා කරන නිසා,

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
කියල කොටි මලයා ප්‍රාර්ථනා කරනවා...!!!

ස්තූතියි...!!!
කොටි මල්ලි,
2017.12.31


2 comments:

  1. Happy New Year Bro..
    මේ වැඩ පොඩ්ඩක් පැත්තකින් තියලා ඕලෙවල් විභාගේ පාස්වෙන්න... ඔය විභාගේ ඔයාගේ මුළු ජීවතේම තීරණය කරයි..
    මටත් මේක එපාම කරපු අවුරුද්දක්. මම ප්‍රාර්ථනා කරනවා ලබන අවුරුද්ද මීට වඩා සුභ වෙන්න කියලා.. (විශේෂයෙන් අපි දෙන්නට.. ;) )

    ReplyDelete

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...