Thursday, December 13, 2018

කොටි මලයා....ඊස් බැක්....

ඉතින් මිත්‍රවරුනි....
             
              ආරම්භය කොහොම ගන්නද කියල මටවත් හිතාගන්න බැරි අවස්ථාවක්...
2018 දෙසැම්බර් මාසෙ 14 වෙනිද අද.
2002 අවුරුද්දෙ ලංකාවෙ ඉපදිච්ච එකෙක්ට 2018 ආදරේ හිතෙන කුජීත පජාත අවුරුද්දක් වෙන්නෙ අපොස සාපෙ කියල අලංකෘත සුකොමල අසිරිමත් විභාගය හින්දා...
ඉතින් 2002 ඉපදිච්ච බුවෙක් වෙච්චි මටත් 2018 අවුරුද්දෙ බලු හිනාව දාගෙන මුහුණ දෙන්න සිද්ධ උනා...

2018 කියන්නෙ කොටි මල්ලියාගෙ බ්ලොග් පිටුවට එක පෝස්ට් එකක්වත් වැටුන්නැති අවුරුද්දක්...අහස උසට කියාගන්න බැරි දේවල් නවකතා කෙටි කතා පිටු ගණන් ලියන්න තරං දේවල් වෙච්ච අවුරුද්දක්...
අමුතුම ආසාවල් අමුතුම පිස්සු ගහපු අවුරුද්දක්...අමුතුම සිතුවිලි අමුතුම දේවල් හිතුනු මහ අමුතුම අවුරුද්දක්...
ඒ වගේම වැදගත්ම දේ...
2018 තමයි ඇත්තටම යාලුවො කවුද ඇත්තටම ඕනි දේකට අපිට ලගින් ඉන්නෙ අපිට ශක්තිය වෙන්නෙ කවුද කියල හරියටම අදුරගත්ත අවුරුද්ද...

ඕලෙවල් පටන් ගත්තෙ 2018 දෙසැම්බර් 3 වෙනිදා...දවස් 9ක් විභාගෙ.එක දවසක් යන්තං නිවාඩුවක් සෙට් උනා ගණන් පේපරේට කලින් දවසෙ.ඔක්කොම දවස් දහයයි.ගිය 12 වෙනිදා උදේ 11.45 වෙද්දි ඔක්කොම කුරුල්ලො වෙලා....

12 වෙනිදා තිබුනෙ 1 වෙනි බාස්කට් සබ්ජෙක්ට් එක...කොමස් කරන උන් හැර අනිත් විෂයන් කරන උන් ඔක්කොම විභාගෙ පටන් ගන්නත් කලින් කුරුල්ලො වෙලා හිටියේ.පුරවැසි අධ්‍යාපනය එහෙම කරන උන් හදේ ඉන්න තරමට සැපේ හිටියේ...

කොහොමින් කොහොම හරි මලයාගෙ හිත විභාගෙ ඉවරවෙලත් කුරුලු ෆීලින් එක නැතුව අමුතුම ෆීලින් එකක් අරක්ගෙන තිබුනෙ මේ තවත් ආරම්භයක් මිස අවසානයක් නොවෙන නිසා වෙන්නැති.ඒ වගේම දවසක් හීන හැබෑ කරන්න තියන අනාගතේ ගැන හිතන්න තියන නිසා වෙන්නැති...

ගොඩාක් දේ කරන්න තියනවා ඉදිරි කාලෙ...මේ ලිපිය මට මෙතනින් නවත්තන්න හිතෙන්නෙ තව ලියන්න පුලුවන් වුනත් ලියලා ඉවරකරගන්න බැරි නිසා...
හීන ගොඩක් තියනවා හැබෑ කරගන්න...කොටි මලයාගෙ ජීවිත කතාව ඉදිරියටම ලියවේවි කොහොමහරි...
එතෙක් රැදෙන්න මා එක්ක...

ඉතින් සාපෙ නිසා නැවතිච්ච වැඩ ගොඩායි...ඒව පටන් ගන්න ඕනි...සාපෙ නිසා ලැබුනු අත්දැකීම් ඉදිරිකාලෙ අනිවාර්යයෙන්ම ලියවේවි...
කොටි මලයා එහෙනං මෙතනින් දැනට කැපුනා...බුදු සරණයි! දෙවි පිහිටයි! සැමට ජයම වේවා!


No comments:

Post a Comment

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...