හ්ම්...වෙසක් මාසෙ පලවෙනි ලිපිය මං හිතන්නේ...
හැබැයි ලියන්න වෙන්නෙ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන්න පුලුවන් ලිපියක් වෙන්නත් පුලුවන්...සමහර විට මට දැන් වෙනත් බෞද්ධයො හුගාක් බනියි.මාත් බෞද්ධයෙක්.ඒත් කොච්චර බැන්නත් මේක තිත්ත ඇත්ත වෙන්න පුලුවන්...අවධානමක් අරගෙන හරි ලියන්න හිතුවෙ ඒ නිසයි...
මගේ බ්ලොග් එක දැකලම ආසාවට බ්ලොග්කරණයට එකතු වුන ප්ලේන් මල්ලි ත් එදාම මේක ගැන හීනියට ඡේදෙට හරි කොටල තිබුනා...
ඉතින් යාලුවනේ මේ වෙසක් මාසෙ වෙසක් උත්සවයට සමගාමීව බෞද්ධ පාසල් හැම එකක්ම මේ සීල ව්‍යාපාරය පවත්වනව.පන්ති මට්ටමින් දෙමාපියන්ගෙ දායකත්වයෙන් එහෙම තමා මේක කරන්නෙ.ඉතින් කොටි මලයාගෙ පාසලෙත් මේ සීල ව්‍යාපාරය පසුගිය දා පැවැත් වුනා...අලුත් බ්ලොග් සහෘදයා ප්ලේන් මල්ලි ත් එදා මාත් එක්කම මේකට සහභාගි උනා...
අපි කෙලින්ම කතා කරමු...මං කියන්නං...මේව මගෙ අත්දැකීම්...
මම දැන් 10 ශ්‍රේණියෙ...මම මුලින්ම මේ පාසල් සීල ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ 4 ශ්‍රේණියෙදි...ඒ මගෙ කලින් ශිෂ්‍යත්වයට පෙර ගිය පාසලේ ඉදන්.එදා ඉදන් අද දක්වා අවුරුදු 7ක් මේ විදිහට පාසල් සීල ව්‍යාපාරයට සහභාගි වුනා...
ඒත් වගකීමෙන් කියන්නෙ...මේ අවුරුදු හතේදිම එක ලමෙක් සිල් ගත්තෙ නෑ...
මොකක්ද මම මේ කියන්නේ...?
මගේ ලගම අත්දැකීම...
දැන් එදා...මේ අවුරුද්දෙ සිල් ව්‍යාපාරයෙ ඔන්න දැන් අපි ශාලාවට වෙලා වාඩි වෙලා ඉන්නව...ඉඩ කඩත් මදි...මං හිටියෙ මැද ඉදන් ටිකක් විතර පස්සට වෙන්න...දැන් හාමුදුරුවො බණ දේශනා කරනව...
ඒත් මට පිටිපස්සෙන් ඇහෙන්නෙ...
මොකද හු%*#
පලයන් කැ&*$%
සිංහල භාෂාවේ සුද්ද සිංහල වචන හෝඩියම වගේ මගෙ පිටිපස්සෙන් ඇහෙනව...
ඒ අතරෙ තව සමහර නිදි...
තව සමහරු කකුල් තියාගන්න ඉඩ මදි නිසා හරියට සැපට කකුල් තියාගන්න දගලනව.
තව සමහරු උතුරු සලු වල ගහල තියන අල්පෙනෙති ගලෝල වටේ ඉන්න උන්ට ඇන ඇන ආතල් ගන්නව.
ඊට පස්සෙ හාමුදුරුවො සාදු කියන්න කිවුව ගමන් මහා හයියෙන් සාදු!!! කියල බෙරිහන් දෙනව.
මේ අවුරුදු හතේම උනේ ඕක...7 ශ්‍රේණියට විතර එනකන් කුණුහරුප භාවිතය නොතිබ්බට මේ හා සමාන දේමයි වුනේ...
දානෙ බෙදද්දි අපේ උන් හිතන් ඉන්නෙ උන්ට කෑම දෙන්නෑ කියල...අනේ ඇන්ටී...අනේ අංකල් මෙහෙ මෙහේ...අතුරුපසට අයිස්ක්‍රීම් හරි මොනා හරි දෙනකන් මුංට ඉන්න බෑ...අත් උස්සල වන වන ඉල්ලනව...සංසාරේ භවේ දුකා කිවුවලු...
ඊට පස්සෙ දානෙ වලදලා ඉවර වෙලා ආයෙ බණ පටන් ගන්න කන් සමහර උපාසකයො දානෙ බෙදන්න ආපු අම්මලගෙ ෆෝන් අරන් සෙල්ෆි ගහනව...ගේම් ගහනව...
මේව දකින කොට ඇත්තටම අපිටවත් ඇත්තටම මොකුත් කරගන්න බෑ...මට බනියි හැමෝම...ඒත් ඒකයි ඇත්ත...මං බලාගෙන හිටියෙ කොයි වෙලේ මේ මගුල ඉවර වෙනවද කියල...අර මල ඉලවු සරං කොටයක් ගහගෙන ඇවිද ගන්නත් බෑ අපේ එවුන් හිටියෙ සරම උස්සගෙන අර ගමේ චණ්ඩියො වගේ...
ඉතුරුව කියන්න අවශ්‍යත් නෑ මං හිතන්නේ...
දැන් ඉතින් මේක කියෝන බෞද්ධයො ඇත්තටම මට බනියි...අපේ ඉස්කෝලවල ඔහොම නෑ කියයි...ඒත් මේ අත්දැකීම මම ඉස්කෝල 2ක වින්දා...ඇත්ත කිවුවොත් බහුතරයක් ඉස්කෝල වල මෙහෙමයි...හැබැයි සාමාන්‍යෙයන් පහසුකම් අඩු දුෂ්කර පලාත් වල ඉස්කෝල වල සාමාන්‍යෙයන් මීට වඩා හොද හැදියාවක් බෞද්ධකමක් තියනව මගේ දැනුමට අනුව...මෙච්චර පහසුකම්,මෙච්චර නාගරික ඉස්කෝල,ලොකූ ඉස්කෝල කියන ඉස්කෝල වල තත්ත්වය මෙහෙමයි කියන්න මම පසුබට වෙන්නෙ නෑ...මම ඉන්නෙ එහෙම ඉස්කෝලෙක වුනත් මම ඒක බය නැතුව කියනව...
හ්ම්...කියන්න දේවල් ගොඩාක් තිබුනත් කාල වෙලාව මදි නිසා මෙතනින් නවතින්න තීරණය කරනව...
කොටි මල්ලී,
2017.05.06
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Saturday, May 6, 2017
Subscribe to:
Posts (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...