Tuesday, January 24, 2017

බ්ලොග්..?බ්ලොග් එකක් ඔයාලට ප්‍රශ්නයක්ද...?රසවිදින්න බැරිද...?

මේ ලිපිය ලියන්න මට එච්චර විශේෂයක් තිබුනෙ නෑ...

නමුත් මම තීරණය කළා මේ අවුරුද්දෙ ඉදන් ටිකක් බ්ලොග් එක දිහා වැඩියෙන් හොයල බලන්න...ඒකට හේතුව පස්සෙ කියන්නම්...

මේ ලිපිය ලියන්න පාදක වුනේ වෙනම සිද්ධියක්...

මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ උවමනාවට...මගේ අත්දැකීම්,මට හිතෙන දේවල් සිංහලෙන් ලියන්න...මොකද අපි මේ අන්තර්ජාලයේ ගුණාත්මක ලෙස සිංහල භාෂාව පතුරවන්න ඕනෙ...මං දැක්කා හුගක් නැගලා යන සිංහල බ්ලොග්කරුවන් මේ සංකල්පය මත තමා බ්ලොග් කරන්නෙ...ඇත්තටම මාත් ඒ සංකල්පයට ලොකු සපෝට් එකක් දෙන්න තමයි මේ විදිහට බ්ලොග් එකක් ලියන්නෙ...ඒ වගේම මගේ දේවල් මගේ ආසාවට ලියන්නත් මං මේක පාවිච්චි කරනව...ඉතින් ඇත්තටම මගේ අදහසට අනුව අපි බ්ලොග් ලියලා විතරක් මදි...බ්ලොග් කියවන්නත් කට්ටිය ඉන්න ඕනි...දැන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන අය විශේෂයෙන් බුද්ධිමත් අය බ්ලොග් කියවීමට යොමු වෙලා තියනව...ඒ වගේම ලියන්නත් යොමුවෙලා තියනව...බුද්ධිමත් නැති මෝඩයො නං කරන්නෙ දවසම ෆේස්බුක් යනඑකයි යූටියුබ් වීඩියෝ බලන එකයි බව ඇත්ත...ඒ වුනාට සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බ්ලොග්කරණයට යොමු වෙලා තියනව...අපිට බ්ලොග් සින්ඩිකේටර් ටිකක් බැලුවොත් අපිට දකින්න පුලුවන් විශාල ප්‍රමාණයක් බ්ලොග් දකින්න ලැබෙනව...හැබැයි විශේෂයෙන්ම ඔය සල්ලි හොයන්න ලියන ටෙච් බ්ලොග්,ඊමනි බ්ලොග් මම බ්ලොග් එකක් හැටියට සලකන්නත් කැමති නෑ...මොකද ඒවල මොකක් හරි බොරුවක් කොටල ඇඩ් ටිකක් දාල රෙෆ්ල හොයාගෙන සල්ලි හොයන්නයි උන්ට ඕනෙ...වැදගත් හොද අන්තර්ගතයන් තියන බ්ලොග් අපිට දකින්න පුලුවන්...

මම මේ බ්ලොග් එක කිසිම ආකාරයකින් සල්ලි හොයන්න පාවිච්චි කරන්නෙ නෑ...ඒ වගේම මේකට ලොකු ප්‍රසිද්ධියක්වත් ඕනෙත් නෑ...ප්‍රසිද්ධියක් තිබුනත් නැතත් මං මේක ලියනව...මේක කියවන්න කවුරුත් නැති වුනත් මං මේක ලියනව...මොකද මං මේක ලියලා ලොකු මානසික සතුටක් ලබනව...මං සමහර වෙලාවට පැය එකහමාර දෙක මේක ටයිප් කරල ලියල තියනව...මට කිසි මහන්සියක් දැනෙන්නෙත් නෑ...ඒ වගේම මේක මම මහාලොකුවට මේක සින්ඩිකේටර් වලට ඇඩ් කරලත් නෑ...ඔය සින්ඩි 2කට 3කට තමා ඇඩ් කරල තියෙන්නෙ...නැතුව මේක මම නැගලා යන්න බලාගෙන මාව ප්‍රසිද්ධ වෙන්න බලාගෙන ලියන්නෙත් නෑ...

මම මේ බ්ලොග් එක මගේ යාලුවන්ට,නෑයන්ට කාටවත් කියන්නෙ නෑ...කියන්න උවමනාවකුත් නෑ...දවසක් ඔය ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් යාලුවෙක්ට පෙන්නුවා මේක...උට නිකන් කලන්තෙ වගේ ඌ අහනව කොහොමද යකෝ ඔච්චර ටයිප් කරන්නෙ කියල...ඔය ඒ වගේ එවුන් තමා දවසම ගේම් ගහල,දවසම ෆේස්බුක්,යූටියුබ් ගිහින් ඩේට කාල ඉන්නෙ...ඔය වගේ එවුන්ට බ්ලොග් එකක් කියවලා එහෙම නැත්තං ලියලා එහෙම නැත්තං ඒ දෙකම කරලා ඒවා රසවිදලා දෙයක් ඉගෙන ගන්න පිනක් නෑ...ඉන්ටනෙට් ලෝකයේ කාලකණ්ණි කියන්නෙ ඔය වගේ එවුන්ට තමා ඉතින්...

අපි ඉන්ටනෙට් පාවිච්චි කරන්න ඕනි වැදගත් විදිහට...එහෙම නැතුව කාලකණ්නි වෙන්න නෙමේ...ෆේස්බුක් ගියා යූටියුබ් ගියා කියල කාලකන්නි වෙන්නෙ නෑ...කාලකන්නි වෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ අනුව...බ්ලොග් වගේ දේවල් වලින් අන්තර්ජාලය අර්ථවත් කරන්න ලොකු මෙහෙයක් කරනව...ඒ වගේම අන්තර්ජාලය තුළ ගුණාත්මක ලෙස සිංහල භාෂාව ඉදිරියට ගෙනයාමටත් අපේ සිංහල බ්ලොග් කරුවන් ලොකු මෙහෙයක් ඉටු කරනව...ඉතින් අන්න ඒ සංකල්පය වගේම අපේ මානසික තෘප්තියත් ලබා ගන්න තමා අපි මෙහෙම බ්ලොග් ලියන්නෙ...

එහෙනම් මේක මෙතනින් නිමා කරන්න මම අදහස් කරනව...ඔයාලට මම ආයෙත් කියනව බ්ලොග් ලිවුවෙ නැති වුනාට කමක් නෑ ඒත් රසවිදින්න ඉගෙන ගන්න...ඊට පස්සෙ ආසාවක් ආවොත් ලියන්නත් පටන් ගන්න...

එහෙනං මම ගියා...ඔබ සැමට ජයෙන් ජයම වේවා...!!!

Monday, January 23, 2017

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කරලද...?මගේ අදහසට අනුව


නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය...වෙනස් කරලාද...?...මගේ අදහසට අනුව...

හ්ම්...හුග දවසක ඉදලා ලියන්න ඉදපු ලිපියක්...මම මගේ කලින් ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව කියන ලිපියෙ මේක ගැන යමක් සදහන් කළා...ඒත් ඒකෙන් මට සෑහීමකට පත්වෙන්න තරම් දෙයක් ලියන්න මට ඉඩක් ලැබුනෙ නෑ...

මම මේකට ප්‍රවේශය ගන්නව මගේ පරිගණක ඉතිහාසය පරිගණකය සහ මගේ බැදීම මම පරිගණකය ඉගෙන ගත් හැටියෙන්...මම ඒක මෙතන ලියන්නෙ නෑ මොකද මගේ කලින් ලිපියෙ ඒ කියන්නෙ ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව ලිපියේ මම ඒ ගැන සදහන් කරල තියනව...

දැන් කාලෙ ගොඩක් අයට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්...

දැන් කාලෙ හැමොටම පාවිච්චි කරන්න කම්පියුටර්,ටැබ්,ෆෝන් වගේ දේවල් තියනව...හැම ගෙදරකම පරිගණකයක් තියනව...බොහොම පිටිසර දුප්පත් පළාත් වලට අයට නැති වුනාට බහුතරයක් අය දැන් පරිගණක පාවිච්චියට හුරුවෙලා තියනව...

මට මතකයි අපේ ගෙදරට මං කලින් ලිපියේ කියලා තිබුනු පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එක ගෙනාපු දවස...ඒ 2009 හෝ 2010 වෙන්න ඇති...ඒ දවස් වල ගෙවල් වල එච්චර කම්පියුටර් පාවිච්චියක් තිබුනෙ නෑ දැන් වගේ...තිබුනා නං ඒක ටිකක් සල්ලි බාගෙ ටිකක් මධ්‍යම පාන්තික වගේ ගෙයක් වෙන්න ඕනේ...මම කිවුවෙ ඔයාලා ඉන්න පැති වල නං කොහොමද දන්නෑ අපි ඉන්න පැත්තෙ මට තේරිච්ච විදිහට ඒ වගේ වාතාවරණයක් තමා තිබුනෙ...අර තිබුනෙත් pentium 4 crt monitor එකක් තියන කම්පියුටර්...ඒ කාලෙ දැන් වගේ dvd භාවිතයක් තිබුනෙ නෑ...තිබුනෙ vcd,cd තමා වැඩි හරියක්ම...ඒ දවස්වල dvd රොම් එකක් තියන මැෂින් එකක් මට නං නිකන් සුපිරිම එකක් තමා...මම lcd monitor එකක් පළවෙනි පාරට දැක්කෙත් 2012 විතර...ඒ වගේම ඉස්සර හුගක් අය dvd වලින් ෆිල්ම් බැලුවෙ dvd ප්ලේයර් එකක් පාවිච්චි කරල...දැන් dvd ප්ලේයර් පාවිච්චි වෙන්නෙම නැති තරමයි...

ඒ වගේම ඒ දවස් වල ස්මාට් ෆෝන් එච්චර තිබුනෙත් නෑ...නොකියා බට්න් ෆෝන් එකක් ගන්නවා කියන්නෙත් හෙන ලොකු දෙයක්...ඒ වගේම අද අයිෆෝන් 6 වලට තියනවා වගේ තැනක් තමා ඒ දවස් වල නොකියා කැමරා බට්න් ෆෝන් වලට තිබුනෙ...ඒවල මිල ගණන් නං මට ඒ කාලෙ මතක නෑ...කොහොම හරි අද වගේ හැමෝම ලග ෆෝන් තිබුනෙත් නෑ...අද හැමෝම ළග ස්මාට් ෆෝන් තියනව...බට්න් ෆෝන් දැන් දකින්නත් අමාරුයි...ෆේස්බුක් ගැන නං මං ඇහුවෙ 2012 විතර...ජොයින් උනේ 2014 විතර...ඒ ජොයින් උනාට ගියෙ නෑ...ආයිත් ෆේස්බුක් පටන් ගත්තෙ 2014 තමා...ඊට පස්සෙ අද වෙනකන් ඉන්නවා ඉතින්...

අද තියන ස්මාට් ෆෝන් එක මම දකින්නෙ පොෂ් බව පෙන්වන දෙයක් විදිහට...මේක හුගක් ළමයින්ට වඩා වැඩිහිටි අය ගාව මම දැකල තියනව...ඉස්සර මිනිස්සු ෆෝන් පාවිච්චි කළාට ඒක මහාලොකුවට ඔලුවට අරන් හිටියෙ නෑ...ෆෝන් එකට කෝල් එකක් ආවා හෝ ගත්තා...වැඩේ ඉවරයි...ඊට පස්සෙ ෆෝන් එක බෑග් එකට හෝ සාක්කුවට දැම්මා එච්චරයි...දැන් වගේ ඒ කාලෙ කැමරා ෆෝන් භාවිතය ජනප්‍රිය නෑ...කැමරා එක තියන ෆෝන් ටිකක් ලොකු උනත් ඒක එච්චර පාවිච්චි උනේ නෑ...ඒ කාලෙ පාවිච්චි උනේ කැමරා...ඒවත් දැන් වගේ මෙමරි චිප් තියන අඩුයි...කැමරා රීල් එහෙම තමා පාවිච්චි උනේ...ඕවා නං දැන් කාලෙ ඉන්න උන් දන්නෙවත් නැතුව ඇති...

ඉස්සර ෆේස්බුක් ජනප්‍රිය නෑ...ඒකට ඕනි තැනක ඉදන් ජොයින් වෙන්න උපාංග,වයිෆයි තිබුනෙ නෑ...ඉතින් අද වගේ මිනිස්සු මොකාද එවුන් වගේ ෆෝන් එක දිහා බලාගෙන ෆෝන් එක ටච් කර කර වගේ පිටේ වෙන දේවල් ගැන මෙලෝ සිහියක් නැතුව ෆේස්බුක් ගියේ නෑ...අද වගේ ෆේස්බුක් නැති එක ලොකු අඩුවක් කියලා හිතපු එවුන් හිටියෙ නෑ...අද වගේ දවසම ෆේස්බුක් එකේ කාලෙ කන අය හිටියෙ නෑ...ඒ කාලෙ මිනිස්සු ෆේස්බුක් ගියේ සතියකට පාරක්,දවස් 2කට වරක් වගේ...ඒකට ටිකක් වැඩියෙන් ගියපු අයත් දවසට විනාඩි 10ක් 15ක් තමා ගියේ...ඒකට දැන් පැය 24ම මිනිස්සු ඕකෙනෙ...

ඒ වගේම අද වගේ සෙල්ෆි මේනියාවක් ඉස්සර තිබුනෙ නෑ...ඉන්ස්ටග්‍රෑම් ෆොටෝ ෂෙයා කරන පිස්සුවක් ඒ කාලෙ තිබුනෙ නෑ...අද වගේ ෆෝන් එකක් අතේ තියාගෙන කාලෙ කන අයට වැඩිය අත පය වෙහෙසල වැඩ කරල දියුණු වෙන මිනිස්සු ඒ දවස් වල හිටියා...ඒ වගේම මුලු දවසෙම ෆෝන් එකෙන් ටැබ් එකෙන් ගේම් ගහන ළමයින්ට වැඩිය ක්‍රිකට් පාරක් ගහලා බයිසිකලයක් පැදලා ගමේ කොල්ලො ටිකත් එක්ක රැල්ලටත් පොඩ්ඩක් වැටිලා පොඩි වලියක් ඇදලා හිටපු ළමයි හිටියා...

මම දැන් ඒ අතීතය ටිකක් හැගීම්බරව සිහි කළානම් මට ලාවට ඇඩෙන්නත් තිබුනා...

දැන් කාලෙ අයට මහ අමුතු හැගීම් තියෙන්නෙ...තමන්ගෙ කෙනෙක් කරන දෙයක් අගය කරන්න ඒ අයට හැකියාවක් නෑ පුලුවන් තරං අනිත් අයට වල කපන්න තමා හදන්නෙ...මම දැක්කා මේ ළගදි අපේ ලංකාවෙ ආයතනයක් මේ දක්වා ලංකාවෙන් බිහිකරල නැති ජාත්‍යන්තරේට වුනත් බය නැතුව දෙන්න පුලුවන් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළා...ඔයාලා දන්නවා ඇති ඒ ගැන...එයාලා අවුරුදු 5ක් විතර ඩිසයින් කරල අන්තිමට ගේම් එක නොමිලේමත් දුන්න...මං දැක්ක ෆේස්බුක් එකේ ගේමින් ගෘෘප් වල ඕක නොමිලෙ දෙනවද නැද්ද කියල දන්නෙ නැති දවස්වල ගේම් එක එන්නත් කලින් ගේම් එකට ක්‍රැක් හදන්න කතාවෙනව...ඇයි මෙහෙම කරන්නෙ...?මං අහන්නෙ ලැජ්ජ නැද්ද...?ඔන්න පිටරට උබිසොෆ්ට් එකෙන් වගේ හැදුව නං දාගෙන ගිහින් හදපු එවුන්ගෙ පස්ස පැත්තත් ලෙවකයි...නෙද්දකින් විතරක්...මේ ලංකාවෙ එකට ඔක්කොම වල කැපිලි...මට ඇහුන දවසක් මං බස් එකේ යද්දි එකෙක් කියෝනව ගේම් එක ගැන...මෙලෝ වැඩක් නෑ බං ඒ රෙද්ද ග්‍රැෆික් ටිකක් හොදට තියනව එච්චරයි මෙලෝ රහක් නෑ ලංකාවෙ හැටියට හොදයි...ඔන්න ඔහොම කියනවා මට ඇහුන...මට ඇත්තට හුගක් දුක හිතුන මෙච්චර අමාරුවෙන් අවුරුදු 5ක් ගේම් එකක් ඩිසයින් කරන ඒක ලේසි පාසු වැඩක් නෙවේ...පරිගණක ලෝකෙ ඔය ගේම් ඩිවලොපින් ඒරියා එක ගැනත් පොඩ්ඩක් පොඩ්ඩක් දන්න නිසා මම අත්දැකීමෙන් දන්නව ඕක කොච්චර අමාරු වැඩක්ද කියල...ඒ වගේම ත්‍රීඩි මොඩලින් වලින් ඔය ගේම් එකට අවශ්‍ය මොඩල්ස් වගේ ඒව නිර්මාණය කරන කොච්චර අමාරු දෙයක්ද කියලත් මම අත්දැකීමෙන් දන්නව...එච්චර කැපකිරීමක් කරල ඒ හදන දේත් නොමිලේ දුන්නම කියන කතා මොනවද?අනික මීට කලින් කවුරුත් ඒ ආසන්නයට කළා මිසක් ඔය ගාණට ගිහින් ඒ වගේ නිර්මාණයක් අපිට රසවිදින්න අවස්තාවක් ලැබුනෙ නෑ...අපේ ලංකාවෙ දෙයක් අපි අනිත් ඒවට වඩා කොච්චර පහළින් තිබුනත් අපි ඒක අගය කරන්න ඕනි නේද?...අපි ඒකට අකමැති වුනත් අපේ ලංකාවෙ අපේ දේ අපිට වටින නිසා අපි ඒක අගය කරල ඉදිරියට දියුණු වෙන්න ආශීර්වාද කරන්න ඕනි නේද?...එතකොට නේද එයාලටත් හයියක් ලැබෙන්නෙ ඕනි දේකට බය නැතුව අතගහන්න...?
ලංකාවෙ සිංහලයා අතර එකමුතුකම නෑ කියන දේ සම්පූර්ණ ඇත්ත...මහලොකුවට දේශපාලුවො නං ඉන්නව අපි සහජීවනයෙන් ඉමු කියල කෑගහන්න...නමුත් ඒක ඒ කෑගැහිල්ල ඉවර උනු ගමන් ඉවරයි නේද...?

මම අර ගේම් එක මෙතනට ඇදල ගත්තෙ මේකට උදාහරණයක් වශයෙන්...දැන් හිතෙනව මං මාතෘකාවෙන් පිට පැන්නද කියලත්...කමක් නෑ...මම ප්‍රධාන වශයෙන් කියන්න හිටියෙ ඉහත සදහන් දේවල් තමයි...මම මේක පොදුවේ විශේෂයෙන් වැඩිහිටි අය සදහා ලිවුවා කියල කියන්න පුලුවන්...ඊලගට මම ලියන්න හිතන් ඉන්නෙ ලමයි සහ නව තාක්ෂණය ගැන...ඒක මේකට වඩා වෙනස් වෙන්න ඉඩ තියනව...මොකද ළමයින් තාක්ෂණය නිසා නොමග යන්නෙ ළමයින්ගෙ වැරැද්දෙන් නෙවේ...වැඩිහිටියන්ගෙ වැරැද්දෙන්...මම ඒක වගකීමෙන් කියනව...කොහොම හරි මේ ලිපියේ අවසානයට අපි ඇවිත් ඉන්නෙ...

මම දැන් මේ ලිපිය නිමා කරනව...ඊළග ලිපියෙන් ආයෙත් හමුවෙන්න...වැදගත් දෙයක් ලිපියෙ තිබුනා නං ගුණවයලා හරි බැනලා හරි කමෙන්ට් කරලා යන්න...මොනවා කමෙන්ට් කළත් අහිතක් නෑ හිතේ...මොකද මට ඔයාලගෙ අදහස් අවශ්‍ය නිසා...

එහෙනං හැමෝටම සුබම වේවා...ජයම වේවා...!!!


Wednesday, January 18, 2017

බ්ලොග් එකට වීව්ස් 1200යි...

ඉතින් යාලුවනේ අද බ්ලොග් එකට වීව්ස් 1200ක් පිරුණ...මම දන්නෙත් නෑ එච්චර ඇවිත් කියල...බ්ලොග් එකට ඇවිත් ගිය හැමෝටම ජය වේවා...!!! 
දිගටම මාත් එක්ක රැදිලා ඉන්න...කොටි මලයා ඔබ වෙනුවෙන් ඕනි වෙලාවක ඉන්නවා...මලයාගෙ අත්දැකීම් හැමවිටම ඔයාලා එක්ක බෙදා ගන්න මලයා සූදානම්...
ඉතින්...එන්න...අපි හැමෝම එකට යමු...

ඔබ සැමට...තෙරුවන් සරණයි...!!!

ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව සහ දැනුම...මගේ අදහසට අනුව...

2017.01.18

           හ්ම්,

      ආයුබෝවන් මිත්‍රවරුනි,

මං හිතන්නෙ මේක තමා මං 2017 අවුරුද්දෙ දාන පළවෙනි ලිපිය...අද 2017.01.18...වෙලාව හවස 6.42යි

හ්ම්...කොහෙන් පටන් ගන්නද කියලා තමයි හිතාගන්න බැරි.....

හ්ම්...ඔයාලා දන්නවනේ මිත්‍රවරුනි කොටි මලයාට මේ අවුරුද්දෙ තමා අවුරුදු 15 වෙන්නෙ...මේ 2017 අවුරුද්දෙ මාර්තු වලට තමා...ඉතින්...ආපසු කාලයක් හැරිල බලද්දි මට හිතෙනව දැන් මම කොච්චර වෙනස් වෙලාද කොච්චර දැනුමක් මට ලැබිලද මම මොනවද දන්නෙ කියල...

මේ ලිපියෙ මාතෘකාව කම්පියුටර් කෙරුවාව නිසා මං කෙලින්ම ඒකෙන් වැඩේට බහින්නං...මලයට මුලින්ම කම්පියුටරයක් සෙට් වෙන්නෙ මලයා 3 ශ්‍රේණියෙදි...පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එකක්...මට නෙවෙයි...අපේ චූටි අම්මා ඒ කාලෙ කම්පියුටර් වැඩ පුරුදු වෙනකොට එයාගෙ වැඩ වලට...ඒත් පාවිච්චි කලේ මම...ගේම් ගහ ගහ හිටියා...ඒ කාලෙ ඉතින් මලයා බබානේ...ගේම් ගැහුවට කවුරු හරි දාපු එකක් තමයි...හැබෑ මොනා උනත් මම මයික්‍රොසොෆ්ට් පේන්ට් එකයි වර්ඩ් එකෙයි එක්ස්පර්ට් වෙලා හිටිය...මට හොදට සිංහල යුනිකෝඩ් ටයිපින් පුලුවන්...වෙන දෙයක් දන්නෙ නෑ...ඉන්ටනෙට් දැකල තියා අහලවත් නෑ...මට ඒ අතීතය මතක් කරන්න එච්චර පුලුවන් කමක් නෑ...මතක් කරන්න දේකුත් නෑ...මතක් කරන්න අකමැත්තක්වත් උවමනාවක්වත් මට නෑ...දැන් මම මගේ Dual core 3.0GHz ඩෙස්ක්ටොප් එකේ LCD මොනිටර් එක ඉස්සරහ වාඩි වෙලා මෙහෙම කොටනකොට මට මතකයි ඉස්සර මම ඒ කම්පියුටර් එකේ මේ විදිහටම මගේ අලුත් ඩෙස්ක්ටොප් එක තියන මේසෙ උඩම පරණ CRT monitor එකෙන් මේ තැනම මේ පුටුවෙම වාඩි වෙලා කොටපු හැටි...චිත්‍ර ඇදපු හැටි...ගේම් ගැහුව හැටි...ඒ වගේම මම දැන් ඉන්න පුටුවෙන් ඔලුව හරවලා පිටිපස්ස බැලුවොත් මට පේනව ඒ ඩෙස්ක්ටොප් එකේ පරණ සුදුපාට යකඩ කේසින් එක(දැන් ඒක මලකඩත් කාල)පොඩි බංකුවක් උඩ තියන හැටි...

ජීවිතේ පුදුමාකාරයි...කාලය මැවූ වෙනසක අරුමේ කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවක තමා...

ඊට පස්සෙ...මං 4 වසරෙදි අර ඩෙස්ක්ටොප් එක කැඩුනා...නැති උනා...ආයෙත් මට පරිගණකයක් ලැබුනේ 2012 ඔක්තෝබර් විතර...මං ශිෂ්‍යත්වෙ පාස් වෙලා මට ලැබුන කිරි අම්මගෙන් Samsung Sense R55 ලැප් එකක්...බ්‍රෑන්ඩ් නිව් නෙවේ...යූසඩ්...25000කට කොහෙද...core 2 duo කියල කිවුවේ...කොහොමහරි...මම ඒක ගේම් ගහල කඩා ගත්තා...ඊට පස්සෙ හෙන ගානක් දීල හැදුවා...කැඩෙන්න හේතුව ගේම් ගහන එකලු...මිනිගේම් එකක්වත් ගහන්න එපාලු...මම අද කම්පියුටර් පැත්තෙන් යම් දියුණුවක් ලබල තියනව නං ඒකට ඒ ලැප් එකට වගේම මට වැටුනු ගේම් ගහන්න බැරි තහනමට මං ගොඩක් ස්තූතිවන්ත වෙනව...නැත්තං මම ජීමේල් එකක පාස්වර්ඩ් එකක්වත් වෙනස්කරගන්න දන්නැති මෝඩ බූරුවෙක් වෙන්න තිබුන...

ඉතින් මම කරන්න දෙයක් නැති හින්දා සොෆ්ට්වෙයා පැත්තට යොමු උනා...කන්ට්‍රෝල් පැනල් වල රවුම් ගහ ගහ එක එක සෙටිංස් වෙනස් කළා...ෆොටෝෂොප් ඔබ ඔබ ඒක ඉගෙන ගත්තා...ජීවිතේ වෙනස් උනා...

කොහොම හරි මගේ සැම්සුන් ලැප් එක අර කලින් රෝගය ඇවිත් සදහටම මගෙන් වෙන්වුනා...ඒ වෙනුවට තමයි HP Compaq 6510b ලැප් එක ආවෙ...අවුරුදු 3ක් මගේ වැඩ අකුරට ඉටු කරල දැන් දවස් කීපයකට කලින් පවර් එනවා යනවා කේස් එකක් ආපු නිසා දැන් ඒක මිලදී ගත්ත වගේම ඒකේ රෙපයාර් වැඩ කරන මේ දක්වා මට හම්බුනු වැඩ දන්න හිතහොද කම්පියුටර් ඔපරේටර් ඇන්ඩ්රු අයියලෑ ගෙදර ඇති...(පොර ඒක හැදුවද දන්නෑ...)

මම HP ලැප් එක ගත්තත් ඊට පස්සෙ සීමාවක් ඇතුව ඔහේ නිකන් ඉන්න වෙලාවට ගේම් ගැහුවා...ඒත් සොෆ්ට්වෙයා වැඩ අත්ඇරියෙ නෑ...එක එක දේවලින් පුංචි හරි දැනුමක් ලබා ගත්ත...ඉන්ටනෙට් ගියා...ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර්,ආෆ්ටර් ඉෆෙක්ට්,එච්ටීඑම්එල්,සීඑස්එස් හැම දේම අඩුවැඩි විශාල වශයෙන් වෘත්තියකට උනත් බය නැතුව යන්න පුලුවන් වෙන්න තනියම රූ පරිගණක,විජය පරිගණක,ඉන්ටනෙට් වීඩියෝ,සහ ඔබල කරල ඉගෙන ගත්තා...

අද මට බය නැතුව කම්පියුටරයක් එක්ක ඔට්ටු වෙන්න මාව හැදුවෙ HP ලැප් එක තමා...

මං මගේ පරිගණක ඉතිහාසෙ ගැන කිවුවෙ මේ ලිපියට ඒක හොද ආරම්බයක් නිසා...නැත්තං කියවන ඔයාල හිතයි මෙහෙම උපදෙස් දෙන්න උඹ මොනව කරේ කියල...

මම ඉතින් මගේ පරිගණක දැනුම එකතු කරලා ටෙච් බ්ලොග් එකක් පටන් ගත්තා...පෝස්ට් 100ක් විතර දැම්මා..ඊට පස්සෙ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකට ඇබ්බැහි වෙලා ජීවිතේ ලොකු කාලයක් මහඇරගත්තා...දැන් ටෙච් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ...කරන්න දේකුත් නෑ...

මං ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගැන ලගදිම ලිපියක් දානව මොකද ඕක වසංගතයක් හැම එකාම ගහල ඇබ්බැහි වෙනව මම ඕකට ඇබ්බැහි වෙලා හොද පරිප්පු කාල තියන නිසා මම අත්දැකීමෙන් දන්නවා සීන් එක...
ඕක ගැන ලිපියක් මම ඉක්මනට කොටනවා ඉක්මනටම...පොඩ්ඩක් ඉදපල්ලකො...ආයෙ ඇඩෙන්න දෙන්න...

මම මේ ලිපිය හිතන්න හැදුවෙ ප්‍රසිද්ධ **** සගරාවකට (ඒ සගරාවට අපි හදන ටියුටෝරියල් වගේ ඒව යවන්න පුලුවන්...ඊට පස්සෙ එයාලා ඒක සගරාවෙ පළ කරනව.)ඒ සගරාවෙ 9 වසරෙ හෝ 8 වසරෙ කොල්ලෙක් එවල තිබුනු ටියුටෝරියල් එකක් දැකලා...

මේ සොෆ්ට්වෙයා එක වීඩියෝ එඩිට්/හදන ප්‍රධාන සොෆ්ට්වෙයා එකක්...ඔයාලා දන්න මම කියන සොෆ්ට්වෙයා එක ගැන...මේක ගැන 2012 විතර 9 වසරෙ විතර කෙනෙක් තනියෙන්ම හොයලා ඒ ගැන ඉගෙන ගෙන සිංහල ටියුටෝරියල් වගයක් එයාගෙ බ්ලොග් එකේ දාල තිබුනා..මොකද ඒකෙ සිංහල ටියුට් හුගක් අඩුයි...මමත් ඉගෙන ගත්තෙ ඒකෙන්...මම අර කියපු එකා කරල තිබුනෙ අරූ 2012 හදපු ටියුට් එක ඒ ලෙසටම කොපි කරලා උගෙ එකක් වගේ දාලා...මම වගකීමෙන් කියනව ඕක කොපියක්...මට හොදින් අදුනන්න පුලුවන්...මොකද මමත් ටියුටෝරියල් හදපු එකෙක්...මට වෙලාවකට හිතෙනව උගෙ ෆේස්බුක් එකට ගිහින් ආදරෙන් ජාතිය අමතල එන්න...ඒත් තාම මොකුත් කලේ නෑ...

මම 9 වසරෙ ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ මට 8 වසරෙ පොරක් සෙට් උනා ඌ නං හොද කොල්ලා මං වගේම කම්පියුටර් තනියෙන් ඉගෙන ගෙන ටෙච් බ්ලොග් එහෙම හදලා දැන් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහගෙන ඉන්නව...මං උට එපා කිවුව ඒත් තාම ඌ ඇහුවෙ නෑ...ඒක තමා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වල විශේෂත්වය...ඒක ගහන එකාට වෙන එකෙක් ගහන්න එපා කිවුවොත් ඌ ඒක ගනන් ගන්නෑ...ඊට පස්සේ ඕකෙ බොරුව තේරිලා ඕක ගැන කලකිරෙන්නම ඕනෙ ඕක තේරුම් ගන්න...

දැන් වෙලා තියෙන්නෙ තාක්ෂණය ඒ කියන්නෙ කම්පියුටර් ඉගෙන ගන්න ළමයි අඩුයි...බොහෝ ළමයි දැන් පීසී ගේම්වත් ගන්නෑ...හේතුව හැමෝම දැන් ස්මාට් ෆෝන්,ටැබ් ඇන්ඩ්‍රොයිඩ් ගේම් වලට ඇබ්බැහි වෙලා...ඔය ටැබ් වල ඉගෙන ගන්න දෙයක් නෑ...ඒවල ඇප් පවා හදල තියෙන්නෙ පීසී පාවිච්චි කරල...අපි ඉගෙන ගන්න ඕනි ටැබ් නෙවෙයි...ඒක ඩිසයින් කරපු පීසී...මොකද ඒකෙනුයි කෙනෙක්ට දැනුම ගන්න පුලුවන්...

හුගක් කම්පියුටර් පිස්සුව තියන ළමයි මුලින් කම්පියුටර්(ඒ කියන්නෙ ස්මාට් දුරකතන වගේ උපාංග නැති වෙනකොට)වල ඉගෙන ගන්නව...හොදට ඉන්ටනෙට් ඉගෙන ගන්නව...හොද බ්ලොග් ලියනව...ඊට පස්සෙ හෙනහුරා එනව වගේ කවුරු හරි ඌට ස්මාට් ෆෝන් එකක් හරි ටැබක් හරි අරන් දෙනව...මූ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වගේ ගේම් වලට පුරුදු වෙනව...නරකාදිය බලන්න පුරුදු වෙනව...කිසි දෙයක් අලුත් තාක්ෂණය මොකුත් ඉගෙන ගන්නැතුව මෙලෝ සිහියක් නැතුව අර මගුල ටච් කර කර ඉන්නව...ටෙච් බ්ලොග් කැලේ තනියම ගත්තු දැනුම (වෙන කෙනෙක් දෙන දැනුමට වඩා තනියම ගත්ත දැනුම රත්තරන් මිත්‍රවරුනි)ඔක්කොම කැලේ...කොල්ලා පිස්සෙක් වෙනව...ඇයි මෙහෙම වෙන්නේ...?

මම නං කියන්නෙ ළමයි වශයෙන් අපි ස්මාට් උපාංගයක් ගන්න ඕනි උසස් පෙළත් ඉවර උනාට පස්සෙ...ජොබ් එකකට වගේ යනකොට කමක් නෑ...

යාලුවනේ පීසී ගැන ඉගෙන ගන්න...වින්ඩෝස්,ලිනක්ස් ඉගෙන ගන්න...අන්න එතකොට ඔයාලට සතුටු වෙන්න පුලුවන් ඔයාල කම්පියුටර් ගැන යමක් ඉගෙන ගෙන කියල...

එහෙනං කොටි මලයා ගියා...මලයාගේ අත්දැකීම් මලයා මේ බ්ලොගියේ ලියනවා...ඒ වගේම බලාපොරොත්තු වෙන්න...ඔය ඇන්ඩ්‍රොයිඩ් ගේම් ගහන ගෝතයන්ට ඇඩෙන්න ලියනවා ඉක්මනටම...

එහෙනං අපි ගියා...හැමෝටම තෙරුවන් සරණයි!!!

වෙලාව - ප.ව.7.31
දිනය - 2017.01.18











මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...