Skip to main content

Posts

Showing posts from January, 2017

බ්ලොග්..?බ්ලොග් එකක් ඔයාලට ප්‍රශ්නයක්ද...?රසවිදින්න බැරිද...?

මේ ලිපිය ලියන්න මට එච්චර විශේෂයක් තිබුනෙ නෑ... නමුත් මම තීරණය කළා මේ අවුරුද්දෙ ඉදන් ටිකක් බ්ලොග් එක දිහා වැඩියෙන් හොයල බලන්න...ඒකට හේතුව පස්සෙ කියන්නම්... මේ ලිපිය ලියන්න පාදක වුනේ වෙනම සිද්ධියක්... මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ උවමනාවට...මගේ අත්දැකීම්,මට හිතෙන දේවල් සිංහලෙන් ලියන්න...මොකද අපි මේ අන්තර්ජාලයේ ගුණාත්මක ලෙස සිංහල භාෂාව පතුරවන්න ඕනෙ...මං දැක්කා හුගක් නැගලා යන සිංහල බ්ලොග්කරුවන් මේ සංකල්පය මත තමා බ්ලොග් කරන්නෙ...ඇත්තටම මාත් ඒ සංකල්පයට ලොකු සපෝට් එකක් දෙන්න තමයි මේ විදිහට බ්ලොග් එකක් ලියන්නෙ...ඒ වගේම මගේ දේවල් මගේ ආසාවට ලියන්නත් මං මේක පාවිච්චි කරනව...ඉතින් ඇත්තටම මගේ අදහසට අනුව අපි බ්ලොග් ලියලා විතරක් මදි...බ්ලොග් කියවන්නත් කට්ටිය ඉන්න ඕනි...දැන් ඉන්ටනෙට් එකේ රවුම් ගහන අය විශේෂයෙන් බුද්ධිමත් අය බ්ලොග් කියවීමට යොමු වෙලා තියනව...ඒ වගේම ලියන්නත් යොමුවෙලා තියනව...බුද්ධිමත් නැති මෝඩයො නං කරන්නෙ දවසම ෆේස්බුක් යනඑකයි යූටියුබ් වීඩියෝ බලන එකයි බව ඇත්ත...ඒ වුනාට සැලකිය යුතු ප්‍රමාණයක් දැන් බ්ලොග්කරණයට යොමු වෙලා තියනව...අපිට බ්ලොග් සින්ඩිකේටර් ටිකක් බැලුවොත් අපිට දකින්න පුලුවන් ...

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කරලද...?මගේ අදහසට අනුව

නව තාක්ෂණය මිනිසුන්ගේ මානසිකත්වය...වෙනස් කරලාද...?...මගේ අදහසට අනුව... හ්ම්...හුග දවසක ඉදලා ලියන්න ඉදපු ලිපියක්...මම මගේ කලින් ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව කියන ලිපියෙ මේක ගැන යමක් සදහන් කළා...ඒත් ඒකෙන් මට සෑහීමකට පත්වෙන්න තරම් දෙයක් ලියන්න මට ඉඩක් ලැබුනෙ නෑ... මම මේකට ප්‍රවේශය ගන්නව මගේ පරිගණක ඉතිහාසය පරිගණකය සහ මගේ බැදීම මම පරිගණකය ඉගෙන ගත් හැටියෙන්...මම ඒක මෙතන ලියන්නෙ නෑ මොකද මගේ කලින් ලිපියෙ ඒ කියන්නෙ  ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව   ලිපියේ මම ඒ ගැන සදහන් කරල තියනව... දැන් කාලෙ ගොඩක් අයට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්... දැන් කාලෙ හැමොටම පාවිච්චි කරන්න කම්පියුටර්,ටැබ්,ෆෝන් වගේ දේවල් තියනව...හැම ගෙදරකම පරිගණකයක් තියනව...බොහොම පිටිසර දුප්පත් පළාත් වලට අයට නැති වුනාට බහුතරයක් අය දැන් පරිගණක පාවිච්චියට හුරුවෙලා තියනව... මට මතකයි අපේ ගෙදරට මං කලින් ලිපියේ කියලා තිබුනු පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එක ගෙනාපු දවස...ඒ 2009 හෝ 2010 වෙන්න ඇති...ඒ දවස් වල ගෙවල් වල එච්චර කම්පියුටර් පාවිච්චියක් තිබුනෙ නෑ දැන් වගේ...තිබුනා නං ඒක ටිකක් සල්ලි බාගෙ ටිකක් මධ්‍යම පාන්තික වගේ ගෙයක් වෙන්න...

බ්ලොග් එකට වීව්ස් 1200යි...

ඉතින් යාලුවනේ අද බ්ලොග් එකට වීව්ස් 1200ක් පිරුණ...මම දන්නෙත් නෑ එච්චර ඇවිත් කියල...බ්ලොග් එකට ඇවිත් ගිය හැමෝටම ජය වේවා...!!!  දිගටම මාත් එක්ක රැදිලා ඉන්න...කොටි මලයා ඔබ වෙනුවෙන් ඕනි වෙලාවක ඉන්නවා...මලයාගෙ අත්දැකීම් හැමවිටම ඔයාලා එක්ක බෙදා ගන්න මලයා සූදානම්... ඉතින්...එන්න...අපි හැමෝම එකට යමු... ඔබ සැමට...තෙරුවන් සරණයි...!!!

ළමයින්ගේ කම්පියුටර් කෙරුවාව සහ දැනුම...මගේ අදහසට අනුව...

2017.01.18            හ්ම්,       ආයුබෝවන් මිත්‍රවරුනි, මං හිතන්නෙ මේක තමා මං 2017 අවුරුද්දෙ දාන පළවෙනි ලිපිය...අද 2017.01.18...වෙලාව හවස 6.42යි හ්ම්...කොහෙන් පටන් ගන්නද කියලා තමයි හිතාගන්න බැරි..... හ්ම්...ඔයාලා දන්නවනේ මිත්‍රවරුනි කොටි මලයාට මේ අවුරුද්දෙ තමා අවුරුදු 15 වෙන්නෙ...මේ 2017 අවුරුද්දෙ මාර්තු වලට තමා...ඉතින්...ආපසු කාලයක් හැරිල බලද්දි මට හිතෙනව දැන් මම කොච්චර වෙනස් වෙලාද කොච්චර දැනුමක් මට ලැබිලද මම මොනවද දන්නෙ කියල... මේ ලිපියෙ මාතෘකාව කම්පියුටර් කෙරුවාව නිසා මං කෙලින්ම ඒකෙන් වැඩේට බහින්නං...මලයට මුලින්ම කම්පියුටරයක් සෙට් වෙන්නෙ මලයා 3 ශ්‍රේණියෙදි...පෙන්ටියම් 4 ඩෙස්ක්ටොප් එකක්...මට නෙවෙයි...අපේ චූටි අම්මා ඒ කාලෙ කම්පියුටර් වැඩ පුරුදු වෙනකොට එයාගෙ වැඩ වලට...ඒත් පාවිච්චි කලේ මම...ගේම් ගහ ගහ හිටියා...ඒ කාලෙ ඉතින් මලයා බබානේ...ගේම් ගැහුවට කවුරු හරි දාපු එකක් තමයි...හැබෑ මොනා උනත් මම මයික්‍රොසොෆ්ට් පේන්ට් එකයි වර්ඩ් එකෙයි එක්ස්පර්ට් වෙලා හිටිය...මට හොදට සිංහල යුනිකෝඩ් ටයිපින් පුලුවන්...වෙන දෙයක් දන්නෙ නෑ...ඉන්ටනෙට් දැකල තිය...