හ්ම්.... ගොඩ කාලෙක ඉදන් දාන්න හිටපු නමුත් මොකක් හරි හේතුවක් නිසා පස්සට ගිය පෝස්ට් එකක්... පෝස්ට් එකක් දාන්න නිදහස් වෙලාවක් ලැබෙන්නෙ කලාතුරකින්...ඒ නිසා මේ වෙලාවෙවත් මේක ලියපාන් කියල මගේ හිත කියනව...ඇත්තටම මේක බොක්කෙන් ලියන්න ඕනි පෝස්ට් එකක්...ඒත් බොක්කෙන් ලියන්න ආයෙ වෙලාවක් සෙට් වෙයිද දන්නෑ මේ කතාව...අනිවා ලියන්න ඕනි දෙයක් නිසා ලියමු... හ්ම්... ජංගම දුරකතනය නැත්තං ෆෝන් එක අපේ ජීවිතේ වැදගත්ම දෙයක්.මං ෆෝන් ගැන කතා කරන්නෙ මගේ වයසත් සහ මගේ ජීවිතේ සම්බන්ධ කාල සීමාව ගැන සලකල.මොකද ඊට කලින් ආපු ෆෝන්,ෆෝන් වල අතීතය ඒවා ගැන මං දන්නෙ නෑ...මට අදාලත් නෑනෙ... කාල සීමා ගැන මගේ මතකය අවිනිශ්චිතයි.ඒ නිසා අනුමානයෙන් කියන්නං.අපි 2007 හා ඒ ආසන්න වසර වලට යමු.මම 2002 ඉපදිච්ච එකෙක්.මම මොන්ටිසෝරි ගියෙ 2007 අවුරුද්දෙදි.2008 තමා ඉස්කෝලෙ 1 වසරට ගියෙ.ඒ ආසන්න කාලෙ ගැන තමා මම මේ කියන්නේ.... අපේ ගෙදර අම්මට හෝ තාත්තට ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.