හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ඉගෙන ගන්නා මට සෙවන දෙන කොලඹ ආනන්ද විද්‍යාලයයි...අනෙක...මට පස් වසරක් පුරා සෙවන දී මා ආනන්ද විද්‍යාලයට එවීමට උපරිම ශක්තිය ධෛර්යය ලබා දී මග විවර කල ඒ විද්‍යාලය...හොරණ රාජකීය විද්‍යාලයයි... පස්වසරකට පෙර මා හැර ගිය එම විදුහල ගැන ටයිප් කර ලියන්නට මගේ දෑතේ ඇගිලි යතුරුපුවරුව පුරා දිව යන්නේ ඇයි දැයි මාහට නොවැටහේ.එහෙත් කුමන හෝ හේතුවක් නිසා යතුරුපුවරුව මත දිව යන ඒ ඇගිලි වලකන්නට මා සිත නොදේ... එම අතීතය තැනින් තැනින් විටෙක පැහැදිලි චිත්‍රපටියක් සේද විටෙක අපැහැදිලි ඡායාවක් ලෙසද මගේ සිහියට නැගේ.මගේ මිතුරුමිතුරියෝ,ගුරුවරගුරුවරියෝ,පන්තිකාමර,ගොඩනැගිලි,එහි තිබූ වාහන,ක්‍රීඩාපිට්ටනි,ශිෂ්‍යනායකයන්ගෙන් බේරී පැනීමට තිබූ හොර පාරවල් සියල්ලම විටෙක චිත්‍රපටියක් ලෙසද විටෙක ඡායාවක් ලෙසද මගේ සිහියට නගා ගත හැකිය...එහි ගොඩනැගිලිවල බිත්තිවල පාට වල ඉදන් දැන් වෙනස් වී ඇති අයුරු මගේ අම්මා විටින් විට විස්තර කරයි.එමෙන්ම එම පාරේ යන විට පාසලේ තාප්පයට උඩින් පෙනෙන ඒ ගොඩනැගිලි එම විස්තර ...
මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ බ්ලොග් අඩවියයි. උගේ ජීවිත කතාවේ උට විතරක් අදාල දේවල් ගැන මෙහි පළකරනු ලැබේ.