Friday, March 31, 2017

ගිලිහී යන ඒ විදුහලේ මතකයන් ගිලිහී නොයන්නට....

හ්ම්.....

පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ඉගෙන ගන්නා මට සෙවන දෙන කොලඹ ආනන්ද විද්‍යාලයයි...අනෙක...මට පස් වසරක් පුරා සෙවන දී මා ආනන්ද විද්‍යාලයට එවීමට උපරිම ශක්තිය ධෛර්යය ලබා දී මග විවර කල ඒ විද්‍යාලය...හොරණ රාජකීය විද්‍යාලයයි...

පස්වසරකට පෙර මා හැර ගිය එම විදුහල ගැන ටයිප් කර ලියන්නට මගේ දෑතේ ඇගිලි යතුරුපුවරුව පුරා දිව යන්නේ ඇයි දැයි මාහට නොවැටහේ.එහෙත් කුමන හෝ හේතුවක් නිසා යතුරුපුවරුව මත දිව යන ඒ ඇගිලි වලකන්නට මා සිත නොදේ...

එම අතීතය තැනින් තැනින් විටෙක පැහැදිලි චිත්‍රපටියක් සේද විටෙක අපැහැදිලි ඡායාවක් ලෙසද මගේ සිහියට නැගේ.මගේ මිතුරුමිතුරියෝ,ගුරුවරගුරුවරියෝ,පන්තිකාමර,ගොඩනැගිලි,එහි තිබූ වාහන,ක්‍රීඩාපිට්ටනි,ශිෂ්‍යනායකයන්ගෙන් බේරී පැනීමට තිබූ හොර පාරවල් සියල්ලම විටෙක චිත්‍රපටියක් ලෙසද විටෙක ඡායාවක් ලෙසද මගේ සිහියට නගා ගත හැකිය...එහි ගොඩනැගිලිවල බිත්තිවල පාට වල ඉදන් දැන් වෙනස් වී ඇති අයුරු මගේ අම්මා විටින් විට විස්තර කරයි.එමෙන්ම එම පාරේ යන විට පාසලේ තාප්පයට උඩින් පෙනෙන ඒ ගොඩනැගිලි එම විස්තර සත්‍ය බව මට අවබෝධ කරවයි...තවමත් මගේ නංගී මගේ පරණ පාසලට යන නිසා ඇයට එහි වෙනසක් නොදැනෙනවා ඇතිය යන්න මගේ හැගීමයි.මන්දයත් ඇය එම පාසලට 1 ශ්‍රේණියේ සිසුවියක් ලෙස පියනැංගේ මා 7 ශ්‍රේණියේ සිසුවකු ලෙස ආනන්ද විද්‍යාලයේ 2වැනි අවුරුද්ද ගතකරන කාලයේය.

ශිෂ්‍යත්වයෙන් සමත්වී ආනන්ද විද්‍යාලයට යෑමට එම විදුහලින් අස්වීමේ ලිපිය ලබා ගැනීමට අම්මාත් සමග ඒ විදුහලට අවසන් වරට පැමිණි දිනය අපැහැදිලි ඡායාවක් ලෙස මගේ මතකයේ තැන්පත් වී ඇත.ඒ මා එම පාසලේ පය ගැසූ අවසන් අවස්ථාවම විය.එදායින් පසු තවමත් මට ඒ විදුහල් බිම ස්පර්ශ කිරීමට හැකියාවක් ලැබුනේ නැත...වසර 5ක් ගතවී ඇතත් එදායින් පසු මට ඒ විදුහල් බිම නැවතත් දැක ගැනීමට හැකි වූයේ නැත...

ඒ කාලයේ එම විදුහලේ පාසල් ගීතය පාඩම් නැති එකම එකා සමහරවිට හෝ බොහෝවිට මා වීමට ඉඩ ඇත...එයට හේතු වශයෙන් අද මට හේතු 3ක් මගේ මනසට නගා ගත හැකිය...
1.උදේ පාසල් ගීය ගයන විට එහි ලවුඩ්ස්පීකර් වල ඇති අවුල් නිසා ගීතය පැහැදිලිව නොඇසීම.
2.එම ගීතය පාසලේ කොතැනකවත් බෝඩ් එකක හෝ ලියා නොමැති වීම.
3.එය පාඩම් කරගැනීමට තියා එය එක පාරක් කියවීමටවත් මට උනන්දුවක් හෝ උවමනාවක් නොතිබීම.

දැනට වසර 2කට පමණ පෙර මා 8 ශ්‍රේණියේ පමණ සිටියදී මම එම පාසලට යාබදව ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනක දෙමළ පන්ති ගියෙමි.එම ආයතනයේ ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ පන්තිය පිහිටියෙන් එම පන්තියේ කවුලුවේ සිට බැලූ විට පාසලේ ප්‍රධාන ක්‍රීඩා පිටිය,බුදු මැදුර,හා මා එහි සිටි 5වසරටම සෙවන ලබා දුන් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉදිරිපස ගොඩනැගිලි දර්ශනය කල හැකිය.විටෙක මම ඒවා දෙස බලා අතීතය සිහිකරවීමට උත්සාහ ගත්තත් ඒ මොහොතකට පමණි.අද තරම් අතීතය සිහිකොට එක්කෝ සන්තෝෂ වීම,එක්කෝ දුක්වීම,එක්කෝ සතුටු හෝ දුක් නොවීම ඒ සැමදේම සිතන්නට තරම් සිතක් මට තිබුනේ නැත...නමුත් අද මෙම බ්ලොග් අඩවිය හරහා මට ඒ අතීතය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ලෙස සුරක්ෂිතව තබා ගත හැකිය...

මගේ මිතුරු මිතුරියන් ගැන මට මතක ගොන්නක් ඇතත් මේ ඔවුන් ගැන අකුරෙන් අකුර පිටුගනන් ලියවෙන කතා ලියන්නට අවස්ථාව නොවේ...මිශ්‍රපාසලක් වූ එහි අද මෙන් නොව ගැහැනු පිරිමි දෙපක්ෂයම ඉගෙනුම ලබන පාසලක් විය.අදටත් මගේ අතිජාත මිත්‍රයන් එසේ නැති නම් මගේ හොදම යාලු මාලුවන් දෙදෙනා වන පමෝද් ෂෙහාන් සහ විශ්ව දිවන්ත එදා හොරණ රාජකීය විදුහලෙන් සිප්සතර හදාරා ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ආනන්ද විද්‍යාලයට සහ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගොස් එහි සිප් සතර හදාරන්නෝ වෙති.එහෙත් පාසල් වලට සීමා නොවී ඒ මිතුදම තාමත් නොඅඩුව තිබීම මගේ සැනසීමට හේතුවකි.අපගේ පරණ පාසල ගැන ඔවුන් සමග සාකච්ඡා කර ඒ අතීතයන් නැවත සිහිපත් කරන්නට මට විටින් විට සිතුනත් මා එසේ නොකලේ අතීතය යලි මෙනෙහි කිරීම ඔවුන්ගෙන් මා දැක නොතිබූ හෙයිනි.
පමෝද් ෂෙහාන් සමග වැඩි ඇසුරක් මා හට එම විදුහලේ සිටියදී නොලැබුනේ 1 හා 2 ශ්‍රේණිවල එක පන්තිවල සිටියාට 3,4,5 යන ශ්‍රේණිවල මා ඔහුගේ පන්තිවලට ඇතුලත් නොවූ බැවිනි.එහෙත් එකල 1 හා 2 ශ්‍රේණිවලදීද ඔහුගේ ක්‍රියාකාරකම් මට තාමත් චිත්‍රපටියක් සේ මතකය.පන්තියේ මැරයන්ගේ පොරක් වූ ඔහු එකල මැරයෙක් වුවත් ඉගෙනීමට දක්ෂ පොරකි.පන්තියේ සාමාන්‍ය දඩිබිඩිස් වැඩ වලදී ඔහු ඒවාට බොහෝ විට සම්බන්ධ වූ අතර ඒවායේදී ඔහුට උපකාරී වූයේ හෂාන් ඇතුලු ඔහුගේ ගැන්සියයි.කොට ඩයල් එකක් වූ හෂාන් එකල පමෝද්ගේ දකුණු අත වූ අතර අනෙක් පන්ති හා වලි,සටන් දාගෙන වලි වලට නොබියව පෙරට ගියේ හෂාන් ඇතුලු පමෝද්ගේ ගැන්සියයි.කෙසේ වෙතත් හෂාන් ගැන මතකයක්වත් දැන් ඔහුට ඇත්දැයි මම නොදනිමි.එමෙන්ම පන්තියේ වේගය අතින්ම ඉහලින්ම සිටියේද පමෝද් ෂෙහාන්ය.ස්පෝර්ට්මීට් කාලයට ප්‍රාථමික අංශයේ මීටර් 50 දිවීමේ ශූරයා වූයේද පමෝද් ෂෙහාන්ය.එකල අපගේ පන්තිය වූ 1 අරලිය පන්තියේ පන්තිභාර ගුරුතුමිය වූ අභාවප්‍රාත කල්‍යාණි ඇඹුල්දෙණිය ගුරුමෑණියන් ඔහු දිවීමේ තරග වලට පුහුණු කරන ආකාරය අදටත් මගේ මතකයේ හොදින් තැන්පත් වී ඇත...කෙසේ වෙතත් ඔහුත් සමග ඇරගත් අවස්ථාවක්ද මගේ මතකයේ අපැහැදිලි ඡායාවක් ලෙස ඇදී ඇත...මා හා විශ්ව දිවන්ත සමග ඇතිකරගත් වලියක් හෝ ඒ වගේ මොකක් හරි එකක ප්‍රතිඵලයක් හා ඔහු ඒවා ගෙදරට පැමිණි කරද කොහේද ඔහුගේ පියා පැමිණ මාගෙන් ප්‍රශ්න කල ආකාරයක් මගේ මතකයේ අපැහැදිලිව රැදී ඇත.
විශ්ව දිවන්ත මාගේ මිතුරෙකු වූයේ කෙසේ දැයි මම නොදනිමි.නමුත් මා ඔහු හදුනා ගත්තේ ඔහුගේ කෛරාටික වැඩකට ගුරුතුමිය ඔහුට පහර දෙන වගේ අවස්ථාවක යැයි අපැහැදිලි මතකයක් ඇත.කෙසේ වෙතත් ඉන්පසු ඔහුගේ දකුණු අත වූයේ මාය...පමෝද් ඇතුලු පිරිස මෙන් මැරයන් නොවූ අප දෙදෙනා වලියකට සෙට් උනා නං ඒ කලාතුරකිනි.ඒත් කටින් පමණි.ඒ නමුත් පමෝද් ෂෙහාන්ලට වඩා බිහිසුනු අපරාද වලට අප දෙදෙනා සෙට් උනු බව නං පැවසිය යුතුමය.හොල්මන් බැලීමට යාම,වතුර බෝතල් වලට වස දැමීම ආදී බිහිසුනු ක්‍රියා අප දෙදෙනා සිදු කල අතර ඒවාට සුපිරි ෂොට්ද අප දෙදෙනාට ගුරුවරුන්ගෙන් ලැබිණ.
විශ්වයා මා කෙරෙන් යම් පමණකට ඈත් වුනා නම් ඒ 3 වසරේදී පමණි.පෙර පන්තිවල මිතුරන් නැති වුනත් මා සතුටින් පන්තිභාර ගුරුතුමිය වූ අශෝකා ගුරුමෑණියන් යටතේ අධ්‍යාපනය ලැබූ වකවානුවයි ඒ.එම පන්තිය ගැන මට මතකයක් ඇත්තේ පොත් කියවීමට මා තදින්ම ඇබ්බැහි වූ කාලය ලෙසයි.එම නිසා හොද රචනා ලියනවා කියා ගුරුතුමියගෙන් නිතර ප්‍රශංසා ලැබූ බවත් මගේ මතකයේ ඇත.එයින් එපිටට ගියා නං ඒ පන්තියේ එහා පැත්තේ වූ මිදුල අතුගෑම පමණකි.එම මිදුල අතුගෑම අපේ පන්තියේ ළමුන්ට භාරව තිබූ රාජකාරියක් වුවත් එය සිදු කලා නං ඒ මා පමණි.මා එය පටන් ගත්තේත් ජොලියට උනත් පසු කාලීනව එයට මා ඇබ්බැහි වූ බවක් මට සිහිකල හැකිය.
මා 4 ශ්‍රේණියට පැමිණෙන්නේ 4 (පන්තියේ නම නං මට මතක නැත.)කීර්තිරත්න ගුරුතුමාගේ පන්තියේ සිසුවකු ලෙසය.මට නැවතත් විශ්ව දිවන්ත සෙට් වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.1හා 2 ශ්‍රේණිවලට වඩා බැදීමක් ඇති වන්නේ එම පන්තියේදීය.කීර්තිරත්න ගුරුතුමාගේ සැරපරුෂ භාවය,ළමුන් ඔහු ගැසීමට පෙරම හඩන ආකාරය,විශ්වයා ගුටි කන විට ඔහු කෑගැසූ ආකාරය ඒ හඩ එහෙන් පිටින්ම පන්තියේ කෙලවරකට වී භයින් තැතිගෙන ඉතිපිසෝ ගාථාව මතුරමින් සිටි මා හට තාමත් මතකය...කීර්ති සර් ගෙන් ගුටිකෑ අවස්ථාද මට හොදින් චිත්‍රපටියක් සේ මතකය.එහි පන්ති නායකයා ලෙස කටයුතු කල ආකාරයත් ලාවට මතකය.
අවසානයේ 5වසරටත් අපේ පන්තිය එහෙම් පිටින්ම ළමයින් මාරු නොවී ගිය අතර වෙනස් වූයේ පන්තිභාර ගුරුතුමිය පමණි.5 ශ්‍රේණියේ අපට ශිල්ප ලබා දුන්නේ දැන් විශ්‍රාමලත් ගුණතිලක ගුරු මෑණියන් විසිනි.කිසි දිනෙක අපට තරවටු නොකල එතුමිය දවසක් මා හා විශ්වයා කල කුප්ප වැඩක් මාට්ටු වී "මුංට උගන්වන්න මං එන්නෑ"කියා පන්තියෙන් පිටව ගිය අතර වටේ සිටි ඉගෙන ගන්න හරිම ආසා කෙල්ලෙක් අපිට ඉගෙන ගන්න වෙන්නෑ කියා කදුලු වක්කරමින් හඩන්නට වූ අතර එයට උල්පන්දම් දුන් අනෙක් කෙල්ලෝ සෙට් එකද අප දෙදෙනාට බැනීමට පටන් ගත් නමුත් කොල්ලන්ගෙන් එකෙක්වත් අපිට බැන්නේ නැතිව අපිට සප් එක දීගෙන සිටි බැවින් එයින් ධෛර්යමත් වූ අප දෙදෙනා කෙල්ලන්ගේ අවලාද ගණන් නොගෙන සිටියෙමු.කෙසේ වෙතත් පැය බාගයක් යෑමටද මත්තෙන් නැවත පන්තියට ආ ගුරුතුමිය පෙර පරිදි ඉගැන්වීමේ කටයුතු කරගෙන ගියාය.
මගේ රාජකීය විදුහලේ ගෙවුනු වසරෙ 5දීම මට අමතක නොවෙන වසර 5 ශ්‍රේණියේ සිටි කාලයයි.ඒ 2012 වර්ෂයයි.මගේ ඒ පන්තියේ මිතුරන්ගෙන් මට අද බොහෝ දෙනෙකුගේ නම් මතක් කල හැකි නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු මට මේ දක්වා මුණ ගැසී නැත.නවිදු රසාංජන,එෂාර උද්දීපන,ඉසුරු පසන්,මෙනුර,ඉෂාර,තුරුණු,කවිදු,කමිදු,කලන,අකිල ඔය සෙට් එකේම නම් මට මතකය.නවිදු,ඉසුරු නං දෙපාරක් විතර දැක අත වනාගෙන ගිය අතර අනෙක් අයට නම් මගේ ඡායාවක් වත් මතකදැයි මම නොදනිමි.සමහර විට ඔවුන්ගෙන් කෙනෙකු මේ බ්ලොග් අඩවිය කියවනවා නං ඒ කාලයේ මැක්කුයීන් පිස්සා,කාර් පිස්සා,හැමවෙලේම ඩ්‍රෝවින් පොතක් අරගෙන කාර් අදින කාර් පිස්සා ගැන යන්තම් හරි මතක් වෙන්නට පුලුවන.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි දින සිට ඒ පාසලේ සිදුවූ සෑම දිනයක්ම මගේ මනසේ HD චිත්‍රපටයක් සේ වෙනසක් නැතුව මතකයේ තිබුනත් ඒ සියල්ල ලියන්නට මට මේ මොහොතේ වෙලාවක් නැත.නුදුරු අනාගතයේ එම කතාවත් මගේ දෑතේ ඇගිලි වලින් මෙම බ්ලොග් අඩවියේ ටයිප් වී පබ්ලිෂ් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ඉතින්...එක්වරම වුවත් කාල වේලාව අවසන් නිසා මෙම ලිපියට තිත තියන්නට වෙලාවයි මේ...එබැවින්...සම්පූර්ණයෙන් පාඩම් නැති පාසල් ගීයේ පාඩම් ඇති එකම පද පේළියෙන් මෙම ලිපිය අවසන් කරමි...සමහර විට මෙම කොටසත් වැරදි විය හැකියි...එය නිවැරදි කිරීම ඔබට භාර කරමි...

රාජකීය විදුහල් මවුනී...සැරදේවා පතමූ බැතිනී...සැරදේවා පතමූ...!!!

කොටි මල්ලියා,
2017.03.31




2019.02.05 UPDATE
මෙහි නම් සදහන් කර ඇති මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙක් 2018 වසරේ මා සාමාන්‍ය පෙළ අමතර පන්ති යන විටදී නැවත මට හමුවිය.සමීප ඇසුරක් පවත්වන්නට නම් නොහැකි වූ අතර යම් තරමට එසේ ඇසුරක් පැවැත්වූයේ ඉසුරු පසන් සමග පමණි.අනෙකුත් අය නම් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ වලදී,මගතොටේදී,බස් එකේදී මුණගැසී වචන කිහිපයක් කතා කළා පමණි.නමුත් ඔවුන්ට මා මතක තිබීමත් ඇත්තටම මා හට විශාල සතුටකි.

Monday, March 27, 2017

පේජ් එකක් විදිහට සේව් කරල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය දැක්කද?

හම්මේ ඉතින්...දැන් බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ ඉන්නකොට තමයි මේක දැක්කෙ.මීට අවුරුදු 2කට විතර කලින් දාපු කොටි මල්ලි බ්ලොග් එක ඇරඹුවෙ වින්ඩිගේ අඩවිය නමින්...ඒ දාල දාපු පිලිගැනීමේ ලිපියත් මේකෙ තාම තියනව.ඕනි නං blog archive එකේ බලන්න 2015 අගෝස්තු මාසෙ තමා දාල තියෙන්නෙ.ඒකාලෙ ටෙච් බ්ලොග් පිස්සුවනේ...ඒක නං දැන් මට හිතෙනව මගෙ ටෙච් බ්ලොග් එක මමත් රැල්ලට කලේ කියල.ඒකාලෙ බලන බලන තැන ටෙච් බ්ලොග්.ඒකම ලිපි තියෙන්නෙ.දැන් මගෙ ටෙච් බ්ලොග් එකේ ඩොමේන් එක්ස්පයර් වෙලා දැන් කරල වැඩකුත් නෑ කරන්නත් කම්මැලියි.මේ තියෙන්නෙ පේජ් එකක් විදිහට මම හදලා දාල තිබුනු මගේ හැදින්වීමේ ලිපිය.පෝස්ට් එකක් විදිහට දැම්මොත් පහලට යන නිසා පේජ් එකක් විදිහට දැම්මත් ඒකෙන් එච්චර වැඩක් උනේ නෑ.බ්ලොග් එකේ ආරම්භය මතක් කිරීමක් විදිහට මෙතන ආපහු දාන්න හිතුවා.

ලින්ක් එක - http://kotimalli.blogspot.com/p/kotiyaworld.html

මේ තියෙන්නෙ ලිපිය...

මම KOTIYAWORLD....


හැම දේටම ඉස්සර වෙලා මගේ පර්සනල් බ්ලොග් එකේ මම ගැන විස්තරයක් දාන්න ඕනි...නැත්තං ඒක පර්සනල් බ්ලොග් එකක් නෙවේ.....

මාව ඉන්ටනෙට් එකේ කවුරුත් දන්නෙ KOTIYAWORLD කියලා...නැත්තං PCKOTIYA කියලා....මම කොච්චර උනත් ඉන්ටනෙට් එකේදි කවදාවත් මගේ ඇත්ත නම හෙලි කරන්නෙ නෑ.හොරකමට නෙවේ.ඒක මගේම සිතුවිල්ලක් නිසා.මට වයස අවුරුදු 13යි.හී හී...තාම මම පොඩි ළමයෙක්....

මම PCKOTIYA පරිගණක ලෝකය බ්ලොග් එක පටන් ගන්නකොට වයස අවුරුදු 12යි.ඒ 2014 අවුරුද්දෙ.මම ඒ කාලෙ හිතුවෙ මම හැදුවෙ වෙබ් සයිට් එකක් කියලා...මොකද මම එතකොට බ්ලොග්කරණය තියා බ්ලොග් කියන එක අහලවත් තිබුනෙ නෑ.බලද්දි මම හදල තියෙන්නෙ බ්ලොග් එකක්.

මගේ බ්ලොග් කරණයට අඩිතාලම දැම්මෙ පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඒ කාලෙ ගොඩාක් දේ ඉගෙන ගත්තා.නමුත් අනිතිමට ඒ ෆෝරම් එක ඩවුන් උනා.මේ ලිපිය කියවන ඔයාත් ඒකෙ හිටියා නම් chester1 කියලා පරිගණකලෝකයෙ හිටියේ මම කියලා තේරෙයි.

මම කොටියා කෑල්ල අල්ල ගත්ත එකත් පිස්සුවක්.කොටියා කෑල්ල ආවෙ 2013 වසරෙ.ඉන්ටනෙට් හරහා සම්බන්ධ උනේ 2014 අවුරුද්දෙ.කොටියා කෑල්ල ආවෙ කොහොමද කියලා මම කියන්නම්...

මෙහෙමයි.අපේ පුංචිගෙ නෑයෙක්ගෙ ගෙදර පර්ෂියන් පූසො ගොඩක් හිටියා.දන්නවනෙ.අර මයිල් පිරුනු පූසො.ඔයින් එකෙක් අපිට නොමිලේ දුන්නා කැමති නං ගන්න කියලා...එකෙක් අපිට අනික් එකා පුංචිට.ඊට පස්සෙ අර පූසා අපේ ගෙදර ආවා.

ගත වුනේ මාසයයි.ඒ ගෙදර අනිත් පූසො දෙන්නත් තියාගන්න බෑ කියලා නිකන්ම දෙනවා කිවුවා.මුං පැටවු හදාගත්තොත් විකුණන්න පුලුවන් කියලා අනිත් පූසො දෙන්නත් ගෙනාවා.

අපි ළග හිටියෙ අලුපාට පූසෙක්.පුංචිල ගාව හිටියෙ අලු පාට පූසියක්.අපි අලුතෙන් ගෙනාවෙ සුදු පාට පූසෙකුයි අලුපාට පූසියෙකුයි.ඒ මෙයාලගෙ අම්මයි තාත්තයි.

ඔන්න බොලේ දැන් මුං අපේ ගෙදර ඉන්නව.මුංගෙ මූණු නිකන් කොටියන්ගෙ වගේ.ඉතින් මුංට නමක් දැම්මා මම කොටි පූසෝ කියල...ටික කාලයක් යද්දි පුංචිලාගෙ පූසිත් අපේ ගෙදර පදිංචියට ආවා.දැන් පූසො 4යි.ඉතින්...දන්නැද්ද...ළමා මනස ක්‍රියාත්මක වෙනවා...පූසො 4 දෙනා සංගමයක් වගේ...කොටිපූසා වර්ල්ඩ් කියල මම හදපු සංගමේ නායකයා සුදු පූසා..කොටිපූසා කියන එක හරි නැති නිසා ඒක කොටියා වෙලා කොටියාවර්ල්ඩ් උනේ නිකන්ම.බලද්දි ඒකත් පිස්සුවක් නේද?ඔහොම තමා ළමා මනස.එක එක දේ හිතෙනව.මේ වෙද්දි වයස 11යි.

ලැප් එක කොහොම හරි මම ගේම් ගහල කඩා ගත්තා.ඉතින්...ගේම් ගහද්දි ලැප් එකේ මදර්බෝඩ් එක අධිකව රත් වෙනවා.ඉතින්...මදර්බෝඩ් එකේ චිප් එකක් ගියා...අමාරුවෙන් ඒක රු.5000ගාණක් දීල හදාගත්තා..ඒත් ගේම් ගහන්න සම්පූර්ණයෙන්ම තහනම්.ඉතින්.....කාලයක් ගේම් ගහල ටිකක් නොමගට වගේ ගිය මම පරිගණකයේ අධ්‍යාපනික පැත්ත ගැන හිතන්න පටන් ගත්තා.වින්ඩෝස් කන්ට්‍රෝල් පැනල් එකේ ඔබපු නැති දෙයක් තරම්.සමහර වෙලාවට අවුල් ගියාම ටිකක් බයත් හිතුනා.ඊට පස්සෙ ආපහු ඔබල ඔබල ඒක හදා ගත්තා...වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කළා.සොෆ්ට්වෙයා අත්හදා බැලුවා.දැන් තරමක සොෆ්ට්වෙයා දැනුමකුත් තියනවා.මේ වෙද්දි ඉන්ටනෙට් තියනව.මොකද කළේ?සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරපු එකයි ෆොටෝස් ඩවුන්ලෝඩ් කරපු එකයි විතරයි කලේ.ඊමේල් එකක්වත් නෑ.

දැන් 2014 වසර.දැන් මම 7 ශ්‍රේණියෙ.ටිකක් ටිකක් සොෆ්ට්වෙයා දැනුම වැඩි වෙද්දි ඉන්ටනෙට් භාවිතය ඉහල ගියා..ඔය අතරෙ විශේෂ දෙයක් උනා.මම අලුත් ලැප් එකක් මිලදී ගත්තා.අලුත් කිවුවට පාවිච්චි කරපු core 2 due එකක්.තිබුනෙත් core 2 due එකක්.මම තවත් processor,ram,vga ගැන දැනගෙන හිටියෙ නෑ.මම බැලුවෙ ලැප් එකේ වර්ගය,ලස්සන සහ මෙහෙයුම් පද්ධතිය විතරයි.කලින් ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතිය.අලුත් එකේ තිබුනෙ වින්ඩෝස් 8.පරණ මෙහෙයුම් පද්ධතිය එපා වෙලා හිටපු මට මේක ලොකු සතුටක් උනා.

ඊට පස්සෙ....ඒකෙත් සොෆ්ට්වෙයා රන් කළා....ඒකෙදි vga,ram,processor බලන්න ඉගෙන ගත්තා.ඊට පස්සෙ අලුත් එකෙත් ශේප් එකේ ගේමක් 2ක් ගැහුවා.අවුලක් නෑ.

කොහොම හරි මටත් කොටියාවර්ල්ඩ් එකට වෙබ් සයිට් එකක් හදන්න ඕනි උනා.අන්න ඒක තමා මගේ බ්ලොග් ගමන් මගේ ආරම්භය.මම wix.com වගේ සයිට් වල පැය ගණන් වෙබ් සයිට් හැදුවා.පස්සෙ ඒක පබ්ලිෂ් කලාමයි දැක්කෙ ඒ හැම එකකටම මුදල් ගෙවන්න ඕනි කියලා...ඒ නිසා ඒක අත් ඇරියා...

මට පරිගණක ගැන දන්න දෙයින් ලිපි ලියන්න ඕනි කියල හිතුනෙ ඔය කාලෙ.ඒකට හේතුව පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඉතින්....ඔය කාලෙ තාමත් අර වෙබ් සයිට් හදන්න පුලුවන් සයිට් ගැන හොයනකොට එකපාරට blogger.com හම්බ උනේ අහම්බෙන්.මම ඒකෙන් එකක් හැදුවා.ඒකෙන් කිසිම අවුලක් නැතුව මුදල් ඉල්ලන්නෙ නැතුව බ්ලොග් එක පබ්ලිෂ් වුනා.(මේ කියන කාලෙ මම හිතන් හිටියෙ ඒක වෙබ් සයිට් එකක් කියලා)පස්සෙයි මම දැක්කෙ ඒකෙත් .blogspot.com කියල දැක්කා.මම ගොඩාක් පරිගණක ගැන සිංහලෙන් තියන බ්ලොග් වල ඕක දැකල තිබුනා.ඉතින් මට මාර සතුටුයි.මම වැටිල ඉන්නෙ හරි පාරට කියල මම තේරුම් ගත්තා...

ඊට පස්සෙ ගොඩාක් වෙනස්කම් උනා.පරිගණකලෝකය.com ඩවුන් උනා.ඊට පස්සෙ ජීවිතයේ වෙනස්කමක් ඇති කරපු ෆෝරම් එක කුප්පිය.lk මේක තවත් සාර්ථකව කරගෙන යන ෆෝරම් එකක්.මේකෙදි තමා ජීවිතයේ ප්‍රථම වරට emoney ගැනත් ඉගෙන ගත්තෙ.ඊට පස්සෙ එකතුව,තක්සලාව වගේ ෆෝරම් වලටත් එකතු වුනා.දැන් මම 8 ශ්‍රේණියෙ.දැන් ෆේස්බුක් යන්න අවසරය තියනවා.ටිකක් දැන ඉගෙන ගත්තට පස්සෙ ෆේස්බුක් ඔටෝ පෝස්ටර් එකෙන් පෝස්ට් ෂ්‍යො කරන්නත් පටන් ගත්තා....දැන් මගේ පීසීකොටියා පරිගණක ලෝකය බ්ලොග් එකට අවුරුද්දයි.ඉතින්...මම දැන් වෙබ් සයිට් මොකක්ද බ්ලොග් සයිට් මොකක්ද කියන එක තේරුම් අරගෙන හිටියෙ.ඉතින් මම සතුටු වෙනව අවුරුද්දක් හරි සාර්ථක සිංහල බ්ලොග් කරුවෙක් විදිහට ඉන්න ලැබීම ගැන....

ඉතින්....මගේ බ්ලොග්කරණයේ ඉතිහාසය මෙන්න....මට කියන්න අමතක උන මගේ පෞද්ගලික විස්තර ටිකක් දැන් කියන්නම්....

මම දැන් 8 ශ්‍රේණියේ.මගේ ගම හොරණ.පවුලේ අම්මයි මමයි තාත්තයි නංගියි.මමයි වැඩිමලා.මම ඉගෙන ගත්තෙ හොරණ රාජකීය විද්‍යාලය.අවසානයේ 2012 වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් අරගෙන මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා...මගේ පරිගණක වැඩ වලට උදවු කරන මගේ හොදම යාලුව පමෝද් ෂෙහාන් ගැන කියලම ඉන්න ඕනි.ඒ වගේම විශ්ව වගේ යාලුවොත් අමතක කරල බෑ.

මේක තමා මගේ විස්තරය.දැන් මම ගැන ඔයාලා දන්නවා.

-------------------------------------------------------------------------------------------------

ඒත් එක්කම ගොඩාක් දේ වෙනස් වෙලා...කොටියා වර්ල්ඩ් දැන් නැහැ...පූසො 4 දෙනා ඊට පස්සෙ 13ක් දක්වා වැඩි වෙලා දැන් ආයෙත් අඩුවෙලා දැන් ඉන්නෙ 3යි...ඒ 3ත් කොයි මොහොතෙ යයිද දන්නෙ නෑ...සත්තු ගැන නං මගෙ උනන්දුව දැන් ඇත්තටම හුගක් අඩුයි.ඒ වෙනුවට තමයි ජීවිතේට අලුත් දෙයක් එක්ක 13ශ්‍රී6127 මට කාර් පිස්සුව හැදුවෙ.කොටියා වර්ල්ඩ් එකෙන් මට ඉතිරි වෙච්ච එකම දේ කොටි මල්ලි කියන නම මම දිගටම පාවිච්චි කරනව.
ඇත්තටම දැන් මට 15යි.අවුරුදු 2කට ජීවිතේ කොච්චර වෙනස් වෙලාද?මගේ සිතුම්පැතුම් එහෙමත් එහෙම පිටින්ම වෙනස් වෙලා.මීට අවුරුදු 2කට කලින් හිතපු විදිහට නෙවේ අද මම හිතන්නෙ....බලන්න ඒකෙත් හැටි...

ජීවිතේ ඒකාකාර නෑ...තත්පරයක් තත්පරයක් ගානෙ වෙනස් වෙන්න පුලුවන්...

හිත වාවන්නෑ හත්තිලවුවේ...

ඊයෙ රෑ,
ඒ කියන්නෙ 2017.03.26 රෑ 8.45ට විතර ඇති...අපි ටවුමට ගියේ බඩු වගයක් ගන්න...අපේ අම්මයි තාත්තයි නංගියි මමයි අපේ වැගන් බේබි 13ශ්‍රී6127 එක්ක තමයි ගියේ...අපි බඩු අරගන්නෙ ආනන්ද ෆුඩ් සිටියෙන්...අරගෙන ඉවරවෙලා අපි ගෙදර එන්නෙ හොරණ කලුතර පාරෙ බැල්ලපිටියෙන් දික්හේන පාරට දාලා...
ඉතින් අපි බඩු අරගෙන කලුතර පාරෙ එන ටිකේ එනකොට කෝල් එකක් ආවා...තාත්තා ඒ කෝල් එකට උත්තර දෙන්න කාර් එක පාරෙ අයිනකට කරල නැවැත්තුවා...විනාඩි 2ක් විතර කෝල් එකේ හිටියේ...

එකපාරටම දඩාස් ගෑවා මං දැක්කා සයිඩ් කන්නාඩිය කැරකි කැරකි ගුවනේ පියාසර කරලා ගිහින් තණකොල ගොඩක් උඩට වැටෙනව.ඒත් එක්කම හප්පපු බස් කාරයා කිසිම තැකීමක් නැතුව නවත්තන්නෙ තියා ස්ලෝ කරන්නෙවත් නැතුව ආපු වේගෙන්ම කඩාගෙන ගියා...

තත්පර කිහිපයක් ඇතුලත වෙච්ච දේ නිසා හිතාගන්නවත් බැරුව අපි එහෙමම හිටියා...ඊට පස්සෙ හැමතිස්සෙම කාර් එකට මොකක් හරි වෙච්ච වෙලාවක බැහැලම වැඩ කරන්නෙ මම තමයි...මම ටෝච් එක අරගෙන තමා කාර් එකට වෙලා තියන ආබාධ මොනවද කියල බැලුවේ...

සයිඩ් කන්නාඩිය නං බැලුවෙත් නෑ ඒකට අත්වුනු ඉරණම මං දැනගෙන හිටපු නිසා...
මම මුලින්ම වාහනේ බද බැලුවා...කලුපාට හීරීමක් තිබුනා...ඊට පස්සෙ එහෙමට අවුලක් තිබුනෙ නෑ...ඒත් එක්කම තමා මට මතක් උනේ කාර් එකේ මඩ්ගාඩ් ටිකක් එලියට නෙරලා තියන නිසා ඒවට මොනව හරි වෙලාද කියල බලන්න ඕනි කියලා...

හිතුවා හරි...මඩ් ගාඩ් එක තැලිලා...මට වාවන්න බැරි තරම් දුකයි...පිටිපස්ස මඩ් ගාඩ් එකට නං කලු පාට හීරීම විතරයි ඇතුලට තැලිල නෑ...ඒත් ඉස්සරහ මඩ් ගාඩ් එක තැලිලා...කලු වෙලා හීරිලා...මගෙ ඇග උණු වෙලා ගියා...වාත්තු කලා වගේ තිබුනු කාර් එක කොහේද යන බල්ලෙක් කෑවා...දුකේ බෑ...ඔයාලා දැක්ක නං කියයි අයියෝ පොඩි තැල්මක් කියලා...ඒත් ජීවිතේට එකපාරක් හරි සීරියස් විදිහට වාහනේකට ආදරේ කරන/කරලා තියන එකෙක්ට තේරෙනවා මට ඇති වෙච්ච වේදනාව...නිකන් මාව බස් එකක් හප්පන් ගිහින් ඇටකටු තැලුනා වගේ වේදනාවක් ආවේ...මට පුලුවන් කමක් තිබුන නං අර බස් කාරයා එලවන් ගිහින් 2ක් නෙලන්න අනිවා 2කට 100ක් නෙලනව ඇටකටු කුඩු වෙන්න...

ඕකට හෙන ගහන්න ඕනි වල් බල්ල කොහේද යන බල්ලන්ට ජාතක වෙලා පාරෙ වාහන එලවන්න එන බල්ලන්ගෙ පුතාල චාරයක් නැතුව වාහන එලෝනව උගෙ ඇම්මට උගෙ රේස් එකට ඌ කෙලගෙන වෙට්ටු දාගෙන ගියා තොට හෙනම ගහපිය හෙනම ගහපිය ආත්මයක් ගානෙ තොට වාහන එලවන්නවත් ලැබෙන්න එපා කාලකන්නි බලු පුතා ඔව් ඉතින් බල්ලන්ට ජාතක උන එවුන් එහෙම තමයි බල්ලන්ට කවදද හොද අදහස් ආවෙ මනුස්සකම තියේද පොඩ්ඩක් නවත්තල බලන්නවත් බල්ලන්ට දාව ඉපදිච්ච එවුන්ට.කාලකන්නි හැත්ත...හෙනම ගහපිය වල් බල්ලා...

*****
කොහොම හරි එවෙලේම ගියා අපේ ටින්කර් වැඩ කරන මහත්මයා ලගට...එයා සල්ලිවත් ගන්නෙ නැතුව ටක් ගාලා අතින් ඇදලා පොඩ්ඩක් විතර ඇදේ ඇරලා අර කලුපාට හීරිම් ටික පොලිෂ් එකක් ගහලා මකලා කරලා දුන්නා...එයා නං කියනවා අපි කාර් එක ගැන හිතනවා වැඩියි කියලා...හිතන්නැතුව ඉන්නෙ කොහොමද හත්තිලව්වේ?...අර තැල්ම දකිද්දි එන දුක වචනයෙන් විස්තර කරන්න බෑ...හිත වාවන්නෑ හත්තිලවුවේ...වාවන්නෑ...



Saturday, March 18, 2017

VGA හංටින් ග්‍රැෆික් කාඩ් හංටින්...


මම පයින් ඇවිද ගෙන ටවුන් එක පැත්තට යන ගමන් කල්පනා කලේ මේක අනිවා බ්ලොග් එකට ලියනව කියල...

මම ඒ වෙලාවෙ හිටියෙ හොරණ සිංගර් එක කිට්ටුව මතක හැටියට...

මම එදා විද්‍යා පන්ති ආවෙ අමාරුවෙන් උපන්දිනේට නෑදෑයන්ගෙන් ලැබුනු රුපියල් 2700ක විතර සල්ලි ටික සාක්කුවෙ දාගෙන...
පන්ති 10.30ට ඉවර වෙලා හොරණ කොලඹ බස්එකේ නැග්ගා...ඊට පස්සෙ අද අයිටී පන්ති යන්න කලින් දවසෙ තිබුනු අසනීප ගතිය පොඩ්ඩක් පෙන්නලා කරලා ගෙදරින් අයිටී පන්ති යන්නැතුව ගෙදර එන්න අවසර ගත්තා...

කොහොමහරි අයිටී පන්ති යන්න බහින තැනින් විශ්වයත් එක්කම බස් එකෙන් බැහැලා බඩගින්නක් ආපු නිසා සෝස් එක්ක පේස්ට්‍රියක් කාලා මම මගේ මිෂන් එකට බැස්සා...

මිෂන් එක තමයි හොරණ පීරලා හරි මගේ ගාණට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක...

මම මුලින්ම ගියේ හැමදාම මං ගණන් විතරක් අහලා ආපහු එන පොට් එකට...එතන පොඩි අයියලා දෙන්නෙක් ඉන්නෙ.එයාලා එතන වැඩ කරන අය...

මං ගිහින් උංගෙන් ඇහුවා 2500කට විතර 512 ග්‍රැෆික් කාඩ් තියනවද කියල...

උන් කිවුවා 3500ට තියෙන්නෙ කියලා...කිසිම හැගීමක් දැනීමක් නැති එකෙකු සේ මං එතනින් පාවෙලා අයිටී පන්තිය පහුකරගෙන යන (උඩවත්ත පාරෙ)කොට හම්බෙන ෂොප් 2ක් තියනව.ඒ පලවෙනි ෂොප් එකෙන් තමයි මං හෙඩ් සෙට් එකක් ගත්තෙ.අනික මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මට 2වෙනියට අඩුම ඩීල් එක දුන්නෙත් එයාලා...මං එතනට ගිහින් හිටපු තඩියාගෙන් ඇහුවා 512,1 ජීබී ග්‍රැෆික් කාඩ් තියේද කියලා...
ඌ නිකන් ඌරු මස් ටිකක් කාලා ගුඩුස් අරින ඩයල් එකක් වගේ මූසල හිනාවක් දාල 1ජීබී එකක් නං ඔයාට 6000කට මෙහා හොයන්න බැහ්...512 දෙන්නං 3500කට...
ඒ අයියටත් 512 ග්‍රැෆික් කාඩ් 3500ටම ගන්න ලැබේවා කියල මං උඩවත්ත පාරෙ 2වෙනි ෂොප් එකට ගියා...

මං ඒකට ගියේ මේ පලවෙනි වතාවට...ඒක ඒසී කරපු ෂොප් එකක්.මං යනකොට පෙම් යුවලක් වගේ දෙන්නෙක්(කොල්ලෙකුයි කෙල්ලෙකුයි බං) සෝෆාවෙ වාඩි වෙලා හිටියා...උන් මං දිහාට දැම්මෙ පලවෙනි වතාවට කම්පියුටර් ෂොප් එකකට එන හුරතල් පොඩි එකෙක්ව දැකලා ඌව හුරතල් කරන්න දාන හිනාවක්...මට ඉතින් කින්ඩිය...මං හිතන්නෙ උන් කම්පියුටර් එකක් රෙපයාර් කරගන්න ආපු අය...එහෙම හිතලා මං ඉස්සරහ කම්පියුටර් 2 ඉස්සරහ ඉන්න උන් දෙන්න ලගට ගියා...

අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?2500කට විතර...

අරුන් දෙන්නා මං පොඩි එකාය කියලා හිතාගෙනද කොහෙද කින්ඩි හිනාවක් දාලා පොඩි එකා පවු නිසා අනේ අර මැෂින් එකේ එක්සෙල් ෂීට් එකක් හරි මොකක් හරි ඕපන් කරගෙන හොයනවා හොයනවා 2500ට ග්‍රැෆික් කාඩ් තියේද කියල...ඒ අස්සෙ එකෙක් බොස්ට කෝල් එක දෙනවා තියනවද තියෙනවද අහන්න...කෝල් 4ක් 5ක් ගත්තට පස්සෙ තමයි ලොක්කා ආන්සර් කලේ...ඌ 2500යි හරි ඔහොම ගාණක්ද කොහෙද කිවුවෙ.
කොහොම හරි දැන් අරුන් දෙන්නා දාගෙන උන්ගාව තියන ග්‍රැෆික් කාඩ් ටික තෝරනවා තෝරනවා සැරින් සැරේට මං දිහා අහිංසක හිනාවල් දදා...
මල්ලි දැන් ඔයාට මේක ඕනිද?...උන්ට හරි කාඩ් එක හොයාගන්න බෑ...
ඔව් අයියෙ අද මට ඕනෙ...
බැරිම තැන අරුන්,
මල්ලි 3000ට තමා තියෙන්නෙ...
මං බුවා-2700කට වගේ දෙන්න බැයිද?
අර අයියලා-මල්ලි මේක 3300යි ඉතින් 300කුත් අඩු කරලා තමයි දෙන්නෙ...
හා කමක් නෑ අයියෙ...
මං අරුන් දෙන්න පැය ගාණක් ග්‍රැෆික් කාඩ් තෝර තෝර මාව බොරුවට චාටර් කරපු එකට ඒ අහිංසකයන්ගෙ පරම්පරාවටම පින් දෙමින් ආයෙත් පැය බාගයක් විතර උඩවත්ත පාරෙ කකුල් ගාල ආපහු මං කලින් මගේ පිච්චුනු ග්‍රැෆික් කාඩ් එක ගත්ත පොට් එක එහෙමත් නැත්තං මොනර පැලස් එකට ගියා...
මොනර පැලස් කිවුවට කම්පියුටර් නමක් දාල අගට පැලස් කියල තියෙන්නෙ ඒත් අයිතිකාරය මොනර වගේ ආඩම්බර ඩෑල් එකක් නිසා මං මොනර පැලස් කියල කියන්නෙ.
මං ඔන්න ඔහේ කියල මේකෙන් වල් එකක් දෙයි කියල දැන දැනම ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියේද?...
ගේමින් එක තියෙන්නෙ මල්ලි නෝමල් එක නෑ...ගේමින් එක දෙන්නං 4500කට කොහෙද කිවුවෙ...ඌට ගේමින් වීජීඒ එක එයාගෙ පස්ස පැත්තට සෙට් කරගෙන මේ දක්වා ආපු සුපිරිම ගේම් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මං එතනින් ගියා...
ඊට පස්සෙ ආපහු කකුල් ගාලා ගාලා ඒ ගාන ගමන් තමයි හිතුවෙ මේක බ්ලොග් එකේ ලියනව කියල...
ඊට පස්සෙ මං ගේම් ඩීවීඩී ගන්න හොරණ බස් ස්ටෑන්ඩ් එක උඩ පොට් එකට ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
දන්නෑ මල්ලි ඒව අහන්න නං අපේ මල්ලි එනකන් ඉන්න වෙනව.
එයාටත් කම්පියුටර් විකුණන්න එයාගෙ හත්මුතුපරම්පරාවම එකට ඉන්න නැකතක් සෙට් වේවා කියල ප්‍රාර්ථනා කරලා බස්ස්ටෑන්ඩ් එක ඉස්සර තට්ටු 2කේ බිල්ඩින් එකේ 2වෙන තට්ටුවෙ ෂොප් එකට ගියා...
අක්කෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
අක්කා අර අයියලා වගේම පැය ගාණක් තෝරලා තෝරලා මල්ලි සන් එක තමයි තියෙන්නෙ.
සන් කිවුවෙ අක්කේ?
ati vga එක.
මං දැනගත්තා අමු ජරා බ්‍රෑන්ඩ් එකක් කියල.AMD එකෙන් ඔය චයින වල ගහන බ්‍රෑන්ඩ් එකක් වෙන්නැති සන් කියන්නෙ.ඒ වගේම දැඩි එන්වීඩියාවාදියෙක් වෙච්ච නිසා මම එතනිනුත් ගියා...
දැන් නං එපා වෙලා...ගෙදර මිනිස්සු අම්බානෙකට බය වෙලත් ඇති මං පරක්කුයිනේ...ඕනි එකක් කියල මං ආර්ය විලාස මාවතට හැරෙන තැන ලග අලුතෙන් දාපු ලොකු ෂොප් එකට ගියා...
එතන මං හිතන්නෙ තොග දෙන තැනක්...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
ඔව් එන්වීඩියා 512 එක තියනව 2500ට දෙන්නද?
පැය ගාණක් අවුවෙ කකුල් ගාල හෙම්බත් වෙලා හිටපු මම මොකූත් බලන්නැතුව බූරුවෙක් වගේ හා කිවුවා...
අයියා කෙනෙක් ටක් ගාලා උඩ තට්ටුවට ගිහින් දඩ ග්‍රැෆික් කාඩ් එකක් උස්සන් ඇවිත් ඒකෙ දූවිලි ටික පිහිදාලා මෙන්න මල්ලි කියලා මට බලන්න දුන්නා...

අහ්...මේ පාරත් 9500GT එකක්.මගේ පිච්චුනෙත් ඔය ජාතියෙ එකක්.ගත්තෙත් මේක වගේම 2500කට මොනර පැලස් එකෙන්...
ඒත් මේක කලින් එකට වඩා වෙනස්...ලොකු ෆෑන් එකක් තියනවා...ෆෑන් එක වටේටත් ලොකු ප්ලාස්ටික් ගාඩ් එකක් තියනවා.ෆෑන් එකේ මැද එන්වීඩියා ලෝගෝ එක.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකේ තිබුනෙ පොඩි ෆෑන් එකක්.ඒකෙ ෆෑන් එකේ මැද එන්වීඩියා ලොගෝ එක නැතුව තිබුනෙ වෙන ලොගෝවක්.ප්ලාස්ටික් ගාඩ් එකක් නෑ.ඒක නිල් පාට කාඩ් එකක්.මේක කොල පාටයි.කලින් එකේ වගේ බාගෙට ලොම් හැලිච්ච පෙනුමක් තිබුනෙ නෑ.හොද පෙනුමක් තිබුනා.
ඉතින් මං සල්ලි දීලා එක මිලදී ගන්න තීරණය කලා...
මාස 3ක් වොරන්ටි එයාලා දෙනවා...එයාලා බිල ලියනකොට තමයි මම එයාලගෙ බිල් පොත දැක්කෙ...මාව දැක්කම උඩ ගියා...ලංකාවෙ ප්‍රසිද්ධ කම්පියුටර් තොග දෙන තැනක්...මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මිල ගණන් හොයන්න ඒකෙ ටෙලිෆෝන් නම්බර් එකට කතා කරලත් තිබුනා.එයාලා දුන්න ඩීල් එකට එයාලගෙ කම්පියුටර් එක ලාබ උනත් මං ගාව ඒකට සල්ලි තිබුනෙ නෑ.ඒත් මං එයාලා ගැන දැනගෙන හිටියා...එයාලගෙ කොලඹත් බ්‍රාන්ච් තියනව.හොරණම ඉලිඹෙත් මං හිතන්නෙ එයාලගෙම බ්‍රාන්ච් එකක් තියෙන්නෙ.එතකොට මේ ටවුමෙ එකත් එක්ක හොරණ බ්‍රාන්ච් 2යි.
අනික මේ දක්වා මට කම්පියුටර් පාට්ස් වලට ලැබුනු දිගටම වොරන්ටිය මාස 3යි.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකට මාසයයි.ඔයාල හිතයි මාස 3 මොකක්ද කියල.ඒත් ඇත්තම කිවුවොත් මගෙ මුලු ඩෙස්ක්ටොප් කම්පියුටර් එකටම ලැබුනු වොරන්ටියත් මාස 3යි.ඉතින් මාස 3 මට ලොකු වොරන්ටියක්....

දැන් මගේ කම්පියුටර් එක වැඩ කරද්දි මගෙ ග්‍රැෆික් කාඩ් එක 512MB NVIDIA Geforce 9500GT එකක්...

-----------------------------------------------------------------------------------------------------------
කොටි මල්ලි...
2017.03.18

Wednesday, March 1, 2017

ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද???මගේ අදහසට අනුව


මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ගැනත් සලකලා මට හිතුනා මේක ගැන මගේ පෞද්ගලික අදහස ගැන බ්ලොග් එකට ලිපියකුත් දැම්මොත් හොදයි කියල...

පහත ලින්ක් එකෙන් ඔයාලට ඒ ත්‍රෙඩ් එක බලන්න පුලුවන්.
https://kuppiya.lk/threads/%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3-%E0%B6%BD%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF.9780/

ගොඩක් අය කියල තිබුනා අවශ්‍යතාවය වෙනස් වෙනව කියල...ඒක සම්පූර්ණ ඇත්ත...මං මේක දිහා බැලුවෙ මිලත් එක්ක සංසන්දනය කරල.මොකද එයා මේකට යොදවන්න බලාපොරොත්තු වෙන මුදල ගැන අදහසක් දාල තිබුනෙ නෑ.මේ වගේ දෙයක් බලද්දි සාමාන්‍යෙයන් අපිට මිල ගැන දල අදහසක් හරි තිබුනොත් හුගක් වටිනව.මොකද දැන් කාලෙ හැමෝටම ආර්ථික ප්‍රශ්න තියනවනෙ.ඉතින් මම මේකට මිලත් අවශ්‍යතාවයත් සලකලා පොඩි ලිපියක් ලියන්න හිතුවා.මෙතන මං වැඩිපුරම කතා කරන්නෙ අඩු මිලට හොද උපාංගයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්...

මෙහෙමනෙ ඉතින්...කලින් කිවුවා වගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනව...
අපි මුලින් ඩෙස්ක්ටොප් වලට බහිමු.

ඔයා ගේමින්, වෘත්තීය විදිහට ග්රැෆික්,වීඩියෝ එඩිටින් කරනවා නං ඉතින් ඩෙස්ක්ටොප් එකකට යනවා නං හොදයි ඉතින්...විශේෂයෙන්ම ගේමින් වලට.ඩෙසක්ටොප් එකක ඔයාට ඒවාට ගැලපෙන විදිහට වෙනස්කම් කරගන්න පුලුවන් ලේසියෙන්.අර සමහරු කියනවානේ ගේමින් නං කම්පියුටරයක් තනියම assemble කරනකොට ගතියක් තියනව කියල.ඒ වගේ තමා.ඒවා නං ඉතින් එක එක්කෙනාට වෙනස් වෙනව.හැමෝටම එක විදිහෙ සිතුම් පැතුම් නෙවේනෙ තියෙන්නෙ...

හැබැයි ඉතින් ඔයා ඉගෙන ගන්න ග්රැෆික් වගේ ඒව කරනව මගේ අදහසට අනුව නං රු.7500 ඩුවෙල් කෝර් මැෂින් එකක් ගත්තත් අවුලක් නෑ.සාමාන්‍යෙයන් එන්නෙ dual core 2.4 processor,1GB ram,160HDD එකයිනෙ.ෆුල් සෙට් නං ඔක්කොම අඩුම ‍13500ක් විතර යනව 15 lcd මොනිටරේ දාල.හැබැයි රැම් එක වැඩි කරගත්තොත් වඩා හොදයි.රුපියල් 1000ක් යයිනෙ 1GB ram එකකට..අරන් සෙට් කරගන්නනෙ තියෙන්නෙ.ඕවල කිසි අවුලක් නෑ.මං 3ds max 2011,adobe illustrator cs6,photoshop cs6,adobe after effects cs6(මේක විතරයි පොඩ්ඩක් වාත උනේ.හදන වීඩියෝ රෙන්ඩර් වෙන්න යන වෙලාව සාමාන්‍යෙයන් වැඩියි)ඔය ඔක්කොම රන් කලා...මැෂින් එක පොඩ්ඩක්වත් ස්ලෝ නෑ.පස්සෙ ඉතින් පොඩි ගේමක් ගහන්න අඩුවට ගහන්න ආසාවක් වගේ අවොත් 512mb 9500GT වගේ vga එකක් රු.2000-2500කට ගැහුවත් ඇති.gta iv,nfs mw2,cod ඔය වගේ ටිකක් ගැහුවත් මදෑ සාමාන්‍ය අඩු මුදලට හොයනවා නං...

ගෙදර දොරේ වැඩ වලට නං ඉතින් ඔය අබාන්ස්,සිංගර් වල රු.50000ට 40000ට තියන ඩුවෙල් කෝර්,i3 ඩෙස්ක්ටොප් අරගන්න එක මගේ අදහසට අනුව ඇත්තටම වැඩක් නෑ...මොකද ඒ ගනන් වලට assemble කරපු හොද i5 ගේමින් ඩෙස්ක්ටොප් එකක් ගන්න පුලුවන් අවුලක් නැතුව...අනික අරව බ්‍රෑන්ඩඩ් ඒව නිසා ඒවල කේසින් වලට එහෙම ගැලපෙන විදිහට තමා පාර්ට්ස් එහෙම හදල තියෙන්නෙ.ඉතින් ඩෙස්ක්ටොප් වල අපිට උවමනා විදිහට රැම්,වීජීඒ වැඩි කරන්න පුලුවන් හැකියාව වැඩියෙන් තියෙන්න ඕනි.ඉතින් අර විදිහට තියන ඒවල අප්ග්‍රේඩ් කරන්න ගියාම වාත වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි.හුගක් වෙලාවට ඕව නං ගන්නෙ මං දන්න තරමින් කම්පැනි වලට,ඉස්කෝල වල ලැබ් වලට වගේ ආයතනික දේවල් වලට තමා...මොකද ඒවට වගකීමක් දෙනවනෙ.අනික එයාල ලොකු මුදලකුත් ඒවට වැය කරන නිසා ඒකෙ ගැටලුවක් නෑ.මං කිවුවෙ ගෙදර පාවිච්චියට ඇසෙම්බල් කරපු මැෂින් එකක් හොදයි කියල.මොකද ඇසෙම්බල් කරපු ඒවට වොරන්ටි දෙන්නෙ නැතුව යැ...අනික මිලත් අඩුයි බලයත් වැඩියි ඉතින් හොදයි...

මං ඉහත කිවුවෙ අඩු මුදලට ගෙදර දොරේ ඉගෙන ගන්න ගමන් ගේමක් ගහලා අවුලක් නැතුව ඉන්න පුලුවන් ඩෙස්ක්ටොප් එකක් ගැන.
වෘත්තීය විදිහට ලොකුවට ග්රැෆික්,වීඩියෝ කරනවා නං තමා දඩ ප්රොසෙසර්,රැම්,vga,පත led monitor දාලා කරන්න ඕනි..ඒකත් ඉතින් අත්‍යාවශ්‍ය නෑ.උවමනා නං විතරයි.

ඩෙස්ක්ටොප් ගැන ඔය ටික කිවුවෙ දැනට මං ඩෙස්ක්ටොප් එක්ක වැඩ කරලා තියන අත්දැකීම් අනුව...දැන් ලැප්ටොප් වලට බහිමු.
ලැප්ටොප් ගැන කියනව නං ඉතින් ඔය මහාලොකුවට පත්තරේ ඇඩ් දාල තියෙන්නෙ ඔය i3 එහෙම ලැප් විකුණන්න...මගේ පෞද්ගලික අදහස අනුව කියනව නං...ඔයා ඕක වෙන කොහෙවත් වැඩිය ගෙනියන්නෙ නැත්තං,ගේම් ගහන්නෙ නැත්තං,කරන්නෙ ඉන්ටනෙට්,යූටියුබ් ෆේස්බුක් යනඑකයි ෆිල්ම් බලන එකයි,සිංදු අහන එකයි වගේ විතරක් නං ඔයාට රු.60000ක් 70000ක් දීල එක්කො මාසෙකට රු.4000ක් 5000ක් ගෙවන්න ගන්නවනං එහෙම ගන්නවට වඩා ලාබයි රු.25000කට විතර සෙකන්ඩ් හෑන්ඩ් core 2 duo ලැප් එකක් ගන්න එක.ඒකාලෙ මං HP සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගත්තා 25000කට 2014 අවුරුද්දෙ ජනවාරි වල.තාමත් අවුලක් නැතුව ඒක වැඩනෙ.මං ඒක අවුරුදු 2ක් තිස්සෙ අවුලක් නැතුව පාවිච්චි කරනවනෙ.බොරු කියන්න ඕනි නෑ දැන් බ්රෑන්ඩ් නිව් එක ලැප්ටොප් ඇත්තටම මල ජරාවල්.අවුරුදු 1 හමාර 2පනිද්දි බඩු ඉවරයි.කීබෝඩ් වැඩ නෑ ඔය වගේ කේස් වලින් පටන් ගන්නව.දැන් අවුල තියෙන්නෙ ඒ නිසාම සෙකන්ඩ් හෑන්ඩ් ලැප් මාකට් එකත් ඉවරයි.ඇයි දැන් ඔය 30000ට විතර තියෙන්නෙ ඔය කේස් ඇවිත් විකුණපු ඒවනෙ.දැන් core 2 duo හොද තත්වයෙ ලැප් හොයන්නත් නෑ.මං පොඩ්ඩක් මේ දිනවල හොයල බැලුව වෙලදපොලේ.30000ට තියන i3 එහෙම පිටින්ම මල ජරාවල්.කියල වැඩක් නෑ.ඉතින් දැන් බලනකොට මගේ පෞද්ගලික අදහසට අනුව සාමාන්‍ය පාවිච්චියට ලැප් වලට වඩා අඩුවට ඩෙස්ක්ටොප් එකක් ඇත්තටම ලාබයි.

ඔය මං කිවුවෙ ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටොප්ද කියන එක ගැන මගේ පෞද්ගලික අදහසට අනුව...ඒ නිසා ලිපිය උඩින් පල්ලෙන් කියවලා විකාර කියවන්න එන්න එපා...ලිපිය මුල සිට අගට කියවලා ඔයාලගෙ යෝජනා,චෝදනා,අදහස් උදහස් පහල කමෙන්ට් කරන්න...ඒ වගේම දිරිමත් කරලා කමෙන්ට් දාන අයටත් ගොඩාක් ස්තූතියි...

එහෙනං මම ගියා...ආයෙත් හම්බ වෙමු ඉක්මනටම...
ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා...!!!

මේ අන්තිම වතාව ඔයාට සුදු මැණිකේ කියල කතා කරන...

අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...