මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
මම KOTIYAWORLD....
හැම දේටම ඉස්සර වෙලා මගේ පර්සනල් බ්ලොග් එකේ මම ගැන විස්තරයක් දාන්න ඕනි...නැත්තං ඒක පර්සනල් බ්ලොග් එකක් නෙවේ.....
මාව ඉන්ටනෙට් එකේ කවුරුත් දන්නෙ KOTIYAWORLD කියලා...නැත්තං PCKOTIYA කියලා....මම කොච්චර උනත් ඉන්ටනෙට් එකේදි කවදාවත් මගේ ඇත්ත නම හෙලි කරන්නෙ නෑ.හොරකමට නෙවේ.ඒක මගේම සිතුවිල්ලක් නිසා.මට වයස අවුරුදු 13යි.හී හී...තාම මම පොඩි ළමයෙක්....
මම PCKOTIYA පරිගණක ලෝකය බ්ලොග් එක පටන් ගන්නකොට වයස අවුරුදු 12යි.ඒ 2014 අවුරුද්දෙ.මම ඒ කාලෙ හිතුවෙ මම හැදුවෙ වෙබ් සයිට් එකක් කියලා...මොකද මම එතකොට බ්ලොග්කරණය තියා බ්ලොග් කියන එක අහලවත් තිබුනෙ නෑ.බලද්දි මම හදල තියෙන්නෙ බ්ලොග් එකක්.
මගේ බ්ලොග් කරණයට අඩිතාලම දැම්මෙ පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඒ කාලෙ ගොඩාක් දේ ඉගෙන ගත්තා.නමුත් අනිතිමට ඒ ෆෝරම් එක ඩවුන් උනා.මේ ලිපිය කියවන ඔයාත් ඒකෙ හිටියා නම් chester1 කියලා පරිගණකලෝකයෙ හිටියේ මම කියලා තේරෙයි.
මම කොටියා කෑල්ල අල්ල ගත්ත එකත් පිස්සුවක්.කොටියා කෑල්ල ආවෙ 2013 වසරෙ.ඉන්ටනෙට් හරහා සම්බන්ධ උනේ 2014 අවුරුද්දෙ.කොටියා කෑල්ල ආවෙ කොහොමද කියලා මම කියන්නම්...
මෙහෙමයි.අපේ පුංචිගෙ නෑයෙක්ගෙ ගෙදර පර්ෂියන් පූසො ගොඩක් හිටියා.දන්නවනෙ.අර මයිල් පිරුනු පූසො.ඔයින් එකෙක් අපිට නොමිලේ දුන්නා කැමති නං ගන්න කියලා...එකෙක් අපිට අනික් එකා පුංචිට.ඊට පස්සෙ අර පූසා අපේ ගෙදර ආවා.
ගත වුනේ මාසයයි.ඒ ගෙදර අනිත් පූසො දෙන්නත් තියාගන්න බෑ කියලා නිකන්ම දෙනවා කිවුවා.මුං පැටවු හදාගත්තොත් විකුණන්න පුලුවන් කියලා අනිත් පූසො දෙන්නත් ගෙනාවා.
අපි ළග හිටියෙ අලුපාට පූසෙක්.පුංචිල ගාව හිටියෙ අලු පාට පූසියක්.අපි අලුතෙන් ගෙනාවෙ සුදු පාට පූසෙකුයි අලුපාට පූසියෙකුයි.ඒ මෙයාලගෙ අම්මයි තාත්තයි.
ඔන්න බොලේ දැන් මුං අපේ ගෙදර ඉන්නව.මුංගෙ මූණු නිකන් කොටියන්ගෙ වගේ.ඉතින් මුංට නමක් දැම්මා මම කොටි පූසෝ කියල...ටික කාලයක් යද්දි පුංචිලාගෙ පූසිත් අපේ ගෙදර පදිංචියට ආවා.දැන් පූසො 4යි.ඉතින්...දන්නැද්ද...ළමා මනස ක්‍රියාත්මක වෙනවා...පූසො 4 දෙනා සංගමයක් වගේ...කොටිපූසා වර්ල්ඩ් කියල මම හදපු සංගමේ නායකයා සුදු පූසා..කොටිපූසා කියන එක හරි නැති නිසා ඒක කොටියා වෙලා කොටියාවර්ල්ඩ් උනේ නිකන්ම.බලද්දි ඒකත් පිස්සුවක් නේද?ඔහොම තමා ළමා මනස.එක එක දේ හිතෙනව.මේ වෙද්දි වයස 11යි.
ලැප් එක කොහොම හරි මම ගේම් ගහල කඩා ගත්තා.ඉතින්...ගේම් ගහද්දි ලැප් එකේ මදර්බෝඩ් එක අධිකව රත් වෙනවා.ඉතින්...මදර්බෝඩ් එකේ චිප් එකක් ගියා...අමාරුවෙන් ඒක රු.5000ගාණක් දීල හදාගත්තා..ඒත් ගේම් ගහන්න සම්පූර්ණයෙන්ම තහනම්.ඉතින්.....කාලයක් ගේම් ගහල ටිකක් නොමගට වගේ ගිය මම පරිගණකයේ අධ්‍යාපනික පැත්ත ගැන හිතන්න පටන් ගත්තා.වින්ඩෝස් කන්ට්‍රෝල් පැනල් එකේ ඔබපු නැති දෙයක් තරම්.සමහර වෙලාවට අවුල් ගියාම ටිකක් බයත් හිතුනා.ඊට පස්සෙ ආපහු ඔබල ඔබල ඒක හදා ගත්තා...වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කළා.සොෆ්ට්වෙයා අත්හදා බැලුවා.දැන් තරමක සොෆ්ට්වෙයා දැනුමකුත් තියනවා.මේ වෙද්දි ඉන්ටනෙට් තියනව.මොකද කළේ?සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරපු එකයි ෆොටෝස් ඩවුන්ලෝඩ් කරපු එකයි විතරයි කලේ.ඊමේල් එකක්වත් නෑ.
දැන් 2014 වසර.දැන් මම 7 ශ්‍රේණියෙ.ටිකක් ටිකක් සොෆ්ට්වෙයා දැනුම වැඩි වෙද්දි ඉන්ටනෙට් භාවිතය ඉහල ගියා..ඔය අතරෙ විශේෂ දෙයක් උනා.මම අලුත් ලැප් එකක් මිලදී ගත්තා.අලුත් කිවුවට පාවිච්චි කරපු core 2 due එකක්.තිබුනෙත් core 2 due එකක්.මම තවත් processor,ram,vga ගැන දැනගෙන හිටියෙ නෑ.මම බැලුවෙ ලැප් එකේ වර්ගය,ලස්සන සහ මෙහෙයුම් පද්ධතිය විතරයි.කලින් ලැප් එකේ තිබුනෙ වින්ඩෝස් xp මෙහෙයුම් පද්ධතිය.අලුත් එකේ තිබුනෙ වින්ඩෝස් 8.පරණ මෙහෙයුම් පද්ධතිය එපා වෙලා හිටපු මට මේක ලොකු සතුටක් උනා.
ඊට පස්සෙ....ඒකෙත් සොෆ්ට්වෙයා රන් කළා....ඒකෙදි vga,ram,processor බලන්න ඉගෙන ගත්තා.ඊට පස්සෙ අලුත් එකෙත් ශේප් එකේ ගේමක් 2ක් ගැහුවා.අවුලක් නෑ.
කොහොම හරි මටත් කොටියාවර්ල්ඩ් එකට වෙබ් සයිට් එකක් හදන්න ඕනි උනා.අන්න ඒක තමා මගේ බ්ලොග් ගමන් මගේ ආරම්භය.මම wix.com වගේ සයිට් වල පැය ගණන් වෙබ් සයිට් හැදුවා.පස්සෙ ඒක පබ්ලිෂ් කලාමයි දැක්කෙ ඒ හැම එකකටම මුදල් ගෙවන්න ඕනි කියලා...ඒ නිසා ඒක අත් ඇරියා...
මට පරිගණක ගැන දන්න දෙයින් ලිපි ලියන්න ඕනි කියල හිතුනෙ ඔය කාලෙ.ඒකට හේතුව පරිගණකලෝකය.com කියන ෆෝරම් අඩවිය.ඉතින්....ඔය කාලෙ තාමත් අර වෙබ් සයිට් හදන්න පුලුවන් සයිට් ගැන හොයනකොට එකපාරට blogger.com හම්බ උනේ අහම්බෙන්.මම ඒකෙන් එකක් හැදුවා.ඒකෙන් කිසිම අවුලක් නැතුව මුදල් ඉල්ලන්නෙ නැතුව බ්ලොග් එක පබ්ලිෂ් වුනා.(මේ කියන කාලෙ මම හිතන් හිටියෙ ඒක වෙබ් සයිට් එකක් කියලා)පස්සෙයි මම දැක්කෙ ඒකෙත් .blogspot.com කියල දැක්කා.මම ගොඩාක් පරිගණක ගැන සිංහලෙන් තියන බ්ලොග් වල ඕක දැකල තිබුනා.ඉතින් මට මාර සතුටුයි.මම වැටිල ඉන්නෙ හරි පාරට කියල මම තේරුම් ගත්තා...
ඊට පස්සෙ ගොඩාක් වෙනස්කම් උනා.පරිගණකලෝකය.com ඩවුන් උනා.ඊට පස්සෙ ජීවිතයේ වෙනස්කමක් ඇති කරපු ෆෝරම් එක කුප්පිය.lk මේක තවත් සාර්ථකව කරගෙන යන ෆෝරම් එකක්.මේකෙදි තමා ජීවිතයේ ප්‍රථම වරට emoney ගැනත් ඉගෙන ගත්තෙ.ඊට පස්සෙ එකතුව,තක්සලාව වගේ ෆෝරම් වලටත් එකතු වුනා.දැන් මම 8 ශ්‍රේණියෙ.දැන් ෆේස්බුක් යන්න අවසරය තියනවා.ටිකක් දැන ඉගෙන ගත්තට පස්සෙ ෆේස්බුක් ඔටෝ පෝස්ටර් එකෙන් පෝස්ට් ෂ්‍යො කරන්නත් පටන් ගත්තා....දැන් මගේ පීසීකොටියා පරිගණක ලෝකය බ්ලොග් එකට අවුරුද්දයි.ඉතින්...මම දැන් වෙබ් සයිට් මොකක්ද බ්ලොග් සයිට් මොකක්ද කියන එක තේරුම් අරගෙන හිටියෙ.ඉතින් මම සතුටු වෙනව අවුරුද්දක් හරි සාර්ථක සිංහල බ්ලොග් කරුවෙක් විදිහට ඉන්න ලැබීම ගැන....
ඉතින්....මගේ බ්ලොග්කරණයේ ඉතිහාසය මෙන්න....මට කියන්න අමතක උන මගේ පෞද්ගලික විස්තර ටිකක් දැන් කියන්නම්....
මම දැන් 8 ශ්‍රේණියේ.මගේ ගම හොරණ.පවුලේ අම්මයි මමයි තාත්තයි නංගියි.මමයි වැඩිමලා.මම ඉගෙන ගත්තෙ හොරණ රාජකීය විද්‍යාලය.අවසානයේ 2012 වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් අරගෙන මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා...මගේ පරිගණක වැඩ වලට උදවු කරන මගේ හොදම යාලුව පමෝද් ෂෙහාන් ගැන කියලම ඉන්න ඕනි.ඒ වගේම විශ්ව වගේ යාලුවොත් අමතක කරල බෑ.
මේක තමා මගේ විස්තරය.දැන් මම ගැන ඔයාලා දන්නවා.
Subscribe to:
Posts (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...

elama malli
ReplyDeleteමගේ පර්සනල් බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක...තෑන්ක්ස් ටෙකා අයියා...
DeleteEla machan.
ReplyDeleteතෑන්ක්ස් බ්‍රෝ...!!!
DeleteGood
ReplyDelete