මේ Snow Kotiya නැමති මන්දබුද්ධික ජීවියාගේ ස්වයංචරිතාපදාන බ්ලොග් අඩවියයි...කැමති නං කියවලා බලන්න..
Saturday, March 18, 2017
VGA හංටින් ග්‍රැෆික් කාඩ් හංටින්...
මම පයින් ඇවිද ගෙන ටවුන් එක පැත්තට යන ගමන් කල්පනා කලේ මේක අනිවා බ්ලොග් එකට ලියනව කියල...
මම ඒ වෙලාවෙ හිටියෙ හොරණ සිංගර් එක කිට්ටුව මතක හැටියට...
මම එදා විද්‍යා පන්ති ආවෙ අමාරුවෙන් උපන්දිනේට නෑදෑයන්ගෙන් ලැබුනු රුපියල් 2700ක විතර සල්ලි ටික සාක්කුවෙ දාගෙන...
පන්ති 10.30ට ඉවර වෙලා හොරණ කොලඹ බස්එකේ නැග්ගා...ඊට පස්සෙ අද අයිටී පන්ති යන්න කලින් දවසෙ තිබුනු අසනීප ගතිය පොඩ්ඩක් පෙන්නලා කරලා ගෙදරින් අයිටී පන්ති යන්නැතුව ගෙදර එන්න අවසර ගත්තා...
කොහොමහරි අයිටී පන්ති යන්න බහින තැනින් විශ්වයත් එක්කම බස් එකෙන් බැහැලා බඩගින්නක් ආපු නිසා සෝස් එක්ක පේස්ට්‍රියක් කාලා මම මගේ මිෂන් එකට බැස්සා...
මිෂන් එක තමයි හොරණ පීරලා හරි මගේ ගාණට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක...
මම මුලින්ම ගියේ හැමදාම මං ගණන් විතරක් අහලා ආපහු එන පොට් එකට...එතන පොඩි අයියලා දෙන්නෙක් ඉන්නෙ.එයාලා එතන වැඩ කරන අය...
මං ගිහින් උංගෙන් ඇහුවා 2500කට විතර 512 ග්‍රැෆික් කාඩ් තියනවද කියල...
උන් කිවුවා 3500ට තියෙන්නෙ කියලා...කිසිම හැගීමක් දැනීමක් නැති එකෙකු සේ මං එතනින් පාවෙලා අයිටී පන්තිය පහුකරගෙන යන (උඩවත්ත පාරෙ)කොට හම්බෙන ෂොප් 2ක් තියනව.ඒ පලවෙනි ෂොප් එකෙන් තමයි මං හෙඩ් සෙට් එකක් ගත්තෙ.අනික මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මට 2වෙනියට අඩුම ඩීල් එක දුන්නෙත් එයාලා...මං එතනට ගිහින් හිටපු තඩියාගෙන් ඇහුවා 512,1 ජීබී ග්‍රැෆික් කාඩ් තියේද කියලා...
ඌ නිකන් ඌරු මස් ටිකක් කාලා ගුඩුස් අරින ඩයල් එකක් වගේ මූසල හිනාවක් දාල 1ජීබී එකක් නං ඔයාට 6000කට මෙහා හොයන්න බැහ්...512 දෙන්නං 3500කට...
ඒ අයියටත් 512 ග්‍රැෆික් කාඩ් 3500ටම ගන්න ලැබේවා කියල මං උඩවත්ත පාරෙ 2වෙනි ෂොප් එකට ගියා...
මං ඒකට ගියේ මේ පලවෙනි වතාවට...ඒක ඒසී කරපු ෂොප් එකක්.මං යනකොට පෙම් යුවලක් වගේ දෙන්නෙක්(කොල්ලෙකුයි කෙල්ලෙකුයි බං) සෝෆාවෙ වාඩි වෙලා හිටියා...උන් මං දිහාට දැම්මෙ පලවෙනි වතාවට කම්පියුටර් ෂොප් එකකට එන හුරතල් පොඩි එකෙක්ව දැකලා ඌව හුරතල් කරන්න දාන හිනාවක්...මට ඉතින් කින්ඩිය...මං හිතන්නෙ උන් කම්පියුටර් එකක් රෙපයාර් කරගන්න ආපු අය...එහෙම හිතලා මං ඉස්සරහ කම්පියුටර් 2 ඉස්සරහ ඉන්න උන් දෙන්න ලගට ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?2500කට විතර...
අරුන් දෙන්නා මං පොඩි එකාය කියලා හිතාගෙනද කොහෙද කින්ඩි හිනාවක් දාලා පොඩි එකා පවු නිසා අනේ අර මැෂින් එකේ එක්සෙල් ෂීට් එකක් හරි මොකක් හරි ඕපන් කරගෙන හොයනවා හොයනවා 2500ට ග්‍රැෆික් කාඩ් තියේද කියල...ඒ අස්සෙ එකෙක් බොස්ට කෝල් එක දෙනවා තියනවද තියෙනවද අහන්න...කෝල් 4ක් 5ක් ගත්තට පස්සෙ තමයි ලොක්කා ආන්සර් කලේ...ඌ 2500යි හරි ඔහොම ගාණක්ද කොහෙද කිවුවෙ.
කොහොම හරි දැන් අරුන් දෙන්නා දාගෙන උන්ගාව තියන ග්‍රැෆික් කාඩ් ටික තෝරනවා තෝරනවා සැරින් සැරේට මං දිහා අහිංසක හිනාවල් දදා...
මල්ලි දැන් ඔයාට මේක ඕනිද?...උන්ට හරි කාඩ් එක හොයාගන්න බෑ...
ඔව් අයියෙ අද මට ඕනෙ...
බැරිම තැන අරුන්,
මල්ලි 3000ට තමා තියෙන්නෙ...
මං බුවා-2700කට වගේ දෙන්න බැයිද?
අර අයියලා-මල්ලි මේක 3300යි ඉතින් 300කුත් අඩු කරලා තමයි දෙන්නෙ...
හා කමක් නෑ අයියෙ...
මං අරුන් දෙන්න පැය ගාණක් ග්‍රැෆික් කාඩ් තෝර තෝර මාව බොරුවට චාටර් කරපු එකට ඒ අහිංසකයන්ගෙ පරම්පරාවටම පින් දෙමින් ආයෙත් පැය බාගයක් විතර උඩවත්ත පාරෙ කකුල් ගාල ආපහු මං කලින් මගේ පිච්චුනු ග්‍රැෆික් කාඩ් එක ගත්ත පොට් එක එහෙමත් නැත්තං මොනර පැලස් එකට ගියා...
මොනර පැලස් කිවුවට කම්පියුටර් නමක් දාල අගට පැලස් කියල තියෙන්නෙ ඒත් අයිතිකාරය මොනර වගේ ආඩම්බර ඩෑල් එකක් නිසා මං මොනර පැලස් කියල කියන්නෙ.
මං ඔන්න ඔහේ කියල මේකෙන් වල් එකක් දෙයි කියල දැන දැනම ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියේද?...
ගේමින් එක තියෙන්නෙ මල්ලි නෝමල් එක නෑ...ගේමින් එක දෙන්නං 4500කට කොහෙද කිවුවෙ...ඌට ගේමින් වීජීඒ එක එයාගෙ පස්ස පැත්තට සෙට් කරගෙන මේ දක්වා ආපු සුපිරිම ගේම් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මං එතනින් ගියා...
ඊට පස්සෙ ආපහු කකුල් ගාලා ගාලා ඒ ගාන ගමන් තමයි හිතුවෙ මේක බ්ලොග් එකේ ලියනව කියල...
ඊට පස්සෙ මං ගේම් ඩීවීඩී ගන්න හොරණ බස් ස්ටෑන්ඩ් එක උඩ පොට් එකට ගියා...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
දන්නෑ මල්ලි ඒව අහන්න නං අපේ මල්ලි එනකන් ඉන්න වෙනව.
එයාටත් කම්පියුටර් විකුණන්න එයාගෙ හත්මුතුපරම්පරාවම එකට ඉන්න නැකතක් සෙට් වේවා කියල ප්‍රාර්ථනා කරලා බස්ස්ටෑන්ඩ් එක ඉස්සර තට්ටු 2කේ බිල්ඩින් එකේ 2වෙන තට්ටුවෙ ෂොප් එකට ගියා...
අක්කෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
අක්කා අර අයියලා වගේම පැය ගාණක් තෝරලා තෝරලා මල්ලි සන් එක තමයි තියෙන්නෙ.
සන් කිවුවෙ අක්කේ?
ati vga එක.
මං දැනගත්තා අමු ජරා බ්‍රෑන්ඩ් එකක් කියල.AMD එකෙන් ඔය චයින වල ගහන බ්‍රෑන්ඩ් එකක් වෙන්නැති සන් කියන්නෙ.ඒ වගේම දැඩි එන්වීඩියාවාදියෙක් වෙච්ච නිසා මම එතනිනුත් ගියා...
දැන් නං එපා වෙලා...ගෙදර මිනිස්සු අම්බානෙකට බය වෙලත් ඇති මං පරක්කුයිනේ...ඕනි එකක් කියල මං ආර්ය විලාස මාවතට හැරෙන තැන ලග අලුතෙන් දාපු ලොකු ෂොප් එකට ගියා...
එතන මං හිතන්නෙ තොග දෙන තැනක්...
අයියෙ 512 ග්‍රැෆික් කාඩ් තියනවද?
ඔව් එන්වීඩියා 512 එක තියනව 2500ට දෙන්නද?
පැය ගාණක් අවුවෙ කකුල් ගාල හෙම්බත් වෙලා හිටපු මම මොකූත් බලන්නැතුව බූරුවෙක් වගේ හා කිවුවා...
අයියා කෙනෙක් ටක් ගාලා උඩ තට්ටුවට ගිහින් දඩ ග්‍රැෆික් කාඩ් එකක් උස්සන් ඇවිත් ඒකෙ දූවිලි ටික පිහිදාලා මෙන්න මල්ලි කියලා මට බලන්න දුන්නා...
අහ්...මේ පාරත් 9500GT එකක්.මගේ පිච්චුනෙත් ඔය ජාතියෙ එකක්.ගත්තෙත් මේක වගේම 2500කට මොනර පැලස් එකෙන්...
ඒත් මේක කලින් එකට වඩා වෙනස්...ලොකු ෆෑන් එකක් තියනවා...ෆෑන් එක වටේටත් ලොකු ප්ලාස්ටික් ගාඩ් එකක් තියනවා.ෆෑන් එකේ මැද එන්වීඩියා ලෝගෝ එක.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකේ තිබුනෙ පොඩි ෆෑන් එකක්.ඒකෙ ෆෑන් එකේ මැද එන්වීඩියා ලොගෝ එක නැතුව තිබුනෙ වෙන ලොගෝවක්.ප්ලාස්ටික් ගාඩ් එකක් නෑ.ඒක නිල් පාට කාඩ් එකක්.මේක කොල පාටයි.කලින් එකේ වගේ බාගෙට ලොම් හැලිච්ච පෙනුමක් තිබුනෙ නෑ.හොද පෙනුමක් තිබුනා.
ඉතින් මං සල්ලි දීලා එක මිලදී ගන්න තීරණය කලා...
මාස 3ක් වොරන්ටි එයාලා දෙනවා...එයාලා බිල ලියනකොට තමයි මම එයාලගෙ බිල් පොත දැක්කෙ...මාව දැක්කම උඩ ගියා...ලංකාවෙ ප්‍රසිද්ධ කම්පියුටර් තොග දෙන තැනක්...මං ඩෙස්ක්ටොප් කම්පියුටර් හොයන කාලෙ මිල ගණන් හොයන්න ඒකෙ ටෙලිෆෝන් නම්බර් එකට කතා කරලත් තිබුනා.එයාලා දුන්න ඩීල් එකට එයාලගෙ කම්පියුටර් එක ලාබ උනත් මං ගාව ඒකට සල්ලි තිබුනෙ නෑ.ඒත් මං එයාලා ගැන දැනගෙන හිටියා...එයාලගෙ කොලඹත් බ්‍රාන්ච් තියනව.හොරණම ඉලිඹෙත් මං හිතන්නෙ එයාලගෙම බ්‍රාන්ච් එකක් තියෙන්නෙ.එතකොට මේ ටවුමෙ එකත් එක්ක හොරණ බ්‍රාන්ච් 2යි.
අනික මේ දක්වා මට කම්පියුටර් පාට්ස් වලට ලැබුනු දිගටම වොරන්ටිය මාස 3යි.මගෙ කලින් ග්‍රැෆික් කාඩ් එකට මාසයයි.ඔයාල හිතයි මාස 3 මොකක්ද කියල.ඒත් ඇත්තම කිවුවොත් මගෙ මුලු ඩෙස්ක්ටොප් කම්පියුටර් එකටම ලැබුනු වොරන්ටියත් මාස 3යි.ඉතින් මාස 3 මට ලොකු වොරන්ටියක්....
දැන් මගේ කම්පියුටර් එක වැඩ කරද්දි මගෙ ග්‍රැෆික් කාඩ් එක 512MB NVIDIA Geforce 9500GT එකක්...
-----------------------------------------------------------------------------------------------------------
කොටි මල්ලි...
2017.03.18
Subscribe to:
Post Comments (Atom)
Tusker Infinity Studios සමග මගේ මතක
මම 3D Artist කෙනෙක් විදිහට තැන් 3ක වැඩ කරලා තියනවා. පළවෙනියට Animic කියලා මාකටින් ඒජන්සියක. දෙවනියට Visual Arts and Experience නැත්තං VAEG ...
-
හ්ම්... නිහඩ සතියත් ඊයෙ පටන් ගත්තනේ... ඒත් එහෙමයි කියල කොටි මලයගෙ කම්පියුටර් වැඩ නවත්තන්න බෑනේ.ඒ නිසා නයිට් ටයිම් ඩේටා වල උපරිම ප්‍රයෝජනය ගැ...
-
හ්ම්..... පාසල් ඕනෑම කෙනෙකුගේ දිවියේ නොනිමෙන එලියක් ලෙස පවතින දෙයකි...කොටි මලයා හෙවත් මාගේ දිවියේද පාසල 2ක් රැදී තිබේ...එකක් වර්තමානයේ මා ...
-
මාගේ දයාබර නෑදෑයන්ගේ අවධානය පිණිසයි මෙවර අප්‍රේල් පාසල් නිවාඩුවට නෑදෑ ඔබගේ නිවසට පැමිණෙන මාගෙන් ඇසීමට ඔබලාට ඇති දැවෙන ප්‍රශ්න මම හොදින්...
-
ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට ...
-
2016.09.23 එය 2016 වසරේ සැප්තැම්බර් මාසයේ 21 වන දිනය විය යුතුය...සුපුරුදු ලෙස මම පන්සිල් ගැනීම සදහා පාසලේ උදය රැස්වීමට ගොස් සිටියෙමි......
-
හලෝ මිත්‍රවරුනි, අද මම මගේ ජීවිතයේ අමතක නොවෙන කතාවක් ගැන ලියන්නයි යන්නේ...කියවලාම බලන්න... 2016.10.12 -------------------------------...
-
අවුරුදු 4කට කලින් ඒ් කියන්නෙ 2020 පෙබරවාරි මාසෙ වගේ තමා මම ඔයාව මුලින්ම දැක්කෙ... මුලින්ම විදුල එක ළඟදි... ඊට පස්සෙයි විද්‍යාරත්නෙ ළඟ බස් නව...
-
ගොඩ කාලෙකට පස්සෙ තමයි ලිපියක් ලියන්න විවේකයක් ලැබුනෙ.අපෙ අම්මා රෑ වෙනකන් මහනවා.ඉතින් තනියට මාත් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නව.මේ දවස් වල පේපර් ...
-
හලෝ මිත්‍රවරුනි, ඉතින් කාලෙකට පස්සේ තමා කොටි මලයාට බ්ලොග් එක පැත්තේ ඇවිත් ලිපියක් කොටලා යන්න අවස්ථාව සැලසුනේ...අද 2016.11.10 බ්‍ර...
-
මේ ලගදි කුප්පිය.lk එකේ අපේ හිතවත් සාමාජිකයෙක් අහලා තිබ්බා ගන්න හොද ලැප්ටොප්ද ඩෙස්ක්ටාප්ද කියල...මේක ගැන අනිත් අය වගේම මම දාපු රිප්ලයි ග...
No comments:
Post a Comment